නිර්මාංශද? අතේ ගාණට හිතේ හැටියට වෙජි කෑම කන්න කියාපු කඩ 7ක්.

හැමදාම ඉතින් අපි කිව්වොත් එක්කො මසක් මාළුවක්, නැත්නම් ඉස්සෙක් දැල්ලෙක්, එහෙමත් නැත්නම් බාබකියු මොනවහරි..

හරියන්නෙ නෑනෙ යාළු මේක. මේ වැඩෙන් අපේ වෙජි, වීගන් යාළුවො තනිකරම තනි වෙනවනෙ.

ඇත්තටම හිතට එකඟව ඒක වෙන්න දෙන්න බෑ.

ඒ නිසාමයි..

හොඳහැටි හොයල බලල පොඩි ගාණෙ ඉඳන් ලොකු ගණන් වෙනකම්ම වෙජි කෑම කන්න කියාපුම කඩ ටිකක් අපි ඔයාලට කියන්න කල්පනා කලේ. වැඩේ කියන්නේ.. එහෙම තෝරද්දි අපිට එකතු වුනේ නම් කඩ 7ක් වගේ. ඒත් ඔයාලා දන්න ටිකත් එකතු කරල එද්දි, ලැයිස්තුව ලොකු වෙලා එන්නෙ නැතෑ නේ..!

1. Moksha Vegetarian

පිළියන්දල තියෙන මේ අපූරු රෙස්ටුරන්ට් එක පියෝ වෙජි නිසයි ඇත්තටම අපි ලැයිස්තුවෙ මුලටම ගත්තෙ. හැරත් මෙතන කෑම බීම, ඩෙසට් අඩුම කුඩුම ටිකත් පංකාදු පහටම තියෙනවනෙ. විශේෂයෙන්ම.. තෝසෙ වර්ග, වඩේ, බිරියානි, තාලි එහෙමත් ටොප්ම කියල තමයි නිතර යන එන අය කියන්නෙ. ඒ හැරුනාම මෙයාලගෙ කුල්ෆි එකත් සෑහෙන රසයිලු. කෑමවල ගණනුත්.. උපරිමය රු. 400, 500 වගේ නිසා.. මං හිතන්නෙ මේ තැන, කාගෙ කාගෙ වුනත් පොකට් එකටත් ටිකක් වාසියි වගේ නේ.

2. Hotel Suvai

බත්තරමුල්ල හන්දියෙ තියෙන සුපිරිම උතුරු ඉන්දියානු කෑම කඩයක්. කඩේ සැප පහසුකම් නම් ඒ හැටි නෑ. හැබැයි සේවාවෙ ඉඳන් කෑමවල රසය වෙනකම්ම ටොප් එකටම තියෙනව යාළු. වැඩිය ඕන නෑ, මෙයාලගෙ තෝසෙ, චපාති, පූරි වගේ කෑම ටිකක් තියෙනවා.. හොදි ජාතිත් 4, 5ක් එක්කම රස බලන්න, ආයෙ පංකාදු පහයි! අනික එයින් එකක්, එක්කෙනෙක්ට බඩකට පිරෙන්නම තියෙනවනෙ. වැඩේ කියන්නෙ එච්චර රසට, එච්චර ලොකුවට හදන ඒ කෑමවල මිල ගණන්.. රු. 300, 400 වගේ. ඉතින් අතේ හොඳහැටි ඇති දවසක සෙට්වුනොත් නම්.. රඹටි හැලෙයි තමයි.

3. Sri Rudra Vegetarian Restaurant

විශේෂයෙන්ම එක එක ජාතියෙ බතුයි, තෝසෙ, රොටි වගේ ජාතියි රස බලන්න.. පිටකොටුව මේන් ස්ට්‍රීට් එකේ තියෙන රුද්‍රා තමයි හොඳම. ඇත්තටම මෙතනත් ගණන් සෑහෙන්න අඩුවෙන් යන තැනක්. ඒ හැරුනාම මෙයාලගෙ ගොඩක්ම ප්‍රසිද්ධ මසාලා ටී එක. එතකොට.. ඉඩ්ලි, පිට්ටු වගේ ජාති කන්නත් ගොඩ දෙනෙක් මෙතනට එනව. මොකද මෙයාලගෙ එක එක රසට හැදෙන හොදි ජාති ටිකක් තියෙනවනෙ, ගලපගෙන හිතේ හැටියට රස බලන්න. හැරත් පෝෂන්වල සයිස් එකත් එක්ක බැලුවාම.. දෙන්නෙක්ට වුනත් ඇති වෙන්න පුලුවන් ගානකුත් තියෙනව ඇත්තටම

4. The Vegan Kitchen by Sulo

ඔම්ලට් එකක්, බිත්තර නැති. චීස් එකක්, කිරි නැති!

කොහොමද? හිතාගන්න බෑනේ.

අන්න ඒ හිතාගන්න බැරි කෑම, ඕවා විතරක් නෙවෙයි තව තොගයක් කන්න යන්න බොරලැස්ගමුව වීගන් කිචන් එකට. කිව්වට විශ්වාස කරන්න යාළු මෙතන තියෙනව මස් මාළු, කිරි බිත්තර වලින් අපි හදන ගොඩක් කෑම, ඒ රසටම වගේ එළවලු ආශ්‍රිත දේවල් වලින් හදල. හැබැයි.. ලංකාවෙ නම් නෙවෙයි, පිටරටින් ගෙන්නපුව. ඒත් මොකද ඉතින්. අපේ.. මස් මාළු නොකන යාළුවොන්ට බය නැතුව ගිහින් රස බලන්න පුලුවන් නම්, නේ..

5. Piyoran

තලවතුගොඩ, පන්නිපිටිය පාරෙ තියෙන මේ වෙජිටේරියන් ප්ල්ස් එකත් නොම්මර එකයි. මෙතනත් තෝසෙ, වඩේ, පිට්ටු වගේ කෑම තමයි ගොඩක්ම තියෙන්නෙ. හැබැයි.. විශේෂයෙන් තියෙනව, කුරක්කන් තෝසෙ, කුරක්කන් පිට්ටු, වෙජි සුප් වගේ දේවලුත්. ඒ හැරුනාම තරු 5ට රස තියෙන සාම්බාරුවකුයි, සම්බල් එකකුයිත් වරදින්නෙ නෑ මෙයාලගෙ. ඔක්කොමත් හරි මෙතන කෑමවල ගණන් ඇහුවාමෙන. අර හෙළබොජුන්වල වගේ. රු. 200ට කන්න පුලුවන් දෙන්නෙක්ට විතර බඩකට දෙදරන්න. ඕ.. බොරු නම් ගිහිල්ල බලන්න.

6. Sri Suryas Hotel

මේකත් පිටකොටුවෙන්ම තමයි. හැබැයි ටිකක් හයිෆයි. ඒ කිව්වේ.. ඒසී කරල එහෙම හොඳ සුවපහසුට හදපු ප්ලේස් එකක්. ඒ වගේම තමයි මෙයාලගෙ කෑමත් ටිකක් ගණන්. සාමාන්‍යයෙන් තෝසෙ එකක් රු. 300න් එහා පැත්තෙ. එතකොට බත් වර්ග, කරි වර්ගත් තියෙනව රු. 400, 700 වගේ අතර යන. ඒත්.. පාඩු නම් නෑ, මොකද පෝෂන්වල සයිස් එක ලොකුයිනෙ. කොටින්ම දෙන්නෙක්ටත් ඇතිවෙන ගානට වගේම තියෙනව. ඊටත්.. කෑමවල රස අතිනුත් පංකාදු පහයිනේ..!

7. Thalis Restaurant

කොළඹ කිට්ටුවෙන්, වෙජි කෑමවලට ප්‍රසිද්ධම තැනක් කිව්වොත් හරි. තියෙන්නෙ පාර්ක් රෝඩ් එකේ. වැඩේ කියන්නෙ ඒක නෙවෙයි, මෙතනට ගිහිල්ල කෑම තෝරන්න ගියාම තමයි පිස්සු හැදෙන්නෙ. ඇයි අප්පේ.. වෙජි වුනාට තියෙන ජාති තොගයක්. මං හිතන්නෙ ඉන්දියාවෙ තියෙන සියළුම වෙජි කෑම මෙතන තියෙනවද මන්දා. ඔක්කොමත් මෙයාලගෙ තාලි එක! ෂැහ්, පිස්සු හැදෙනව ඈ.. එළවළු ජාති 4ක් පැහැදිලිවම. එතකොට රසම් එකයි, අර මීකිරි දාලා හදන සැලඩ් එකයි, ඒව වගේ තව මොනවදෝ හොදි ජාති 2, 3කුයි වඩෙයි, පපඩමුයි..

කියල ඉවරයක් කරන්න බෑ යාළු.

ලේසිම වැඩේ තමයි අතේ පොඩි ගාණක් සෙට්වෙච්ච වෙලාවක මෙතනට ගිහිල්ල බලන්න.

අන්න එතකොට ඔයාලට තේරේවි. මෙතන විතරක් නෙවෙයි, ඔය උඩින් කියපු හැම තැනක්ම වගේ..

ඔහොම්මම තමයි යාළු. අතේ තියෙන්නෙ කීයද, ඒ ගාණට කාලා ඉවර කරනව කියන්නෙ ඉස්මුරුත්තාව ෂුවර්!

Share on facebook
Share on twitter
Share on whatsapp

Highlights.

Latest.

KAMU.

Welcoming the Year of the Horse at Yue Chuan, The Kingsbury

Yue Chuan, the award-winning Chinese restaurant at The Kingsbury, Colombo, invites guests to usher in the

Highlights Kamu

Soho Hospitality Charts First Expansion into South Asia with Charcoal’s Colombo Debut

Bangkok-based international hospitality group selects Sri Lanka for its game- changing dining brand Charcoal Tandoor

Highlights Kamu

Brunch at ITC Ratnadipa – Review

By Ranugi Thihansa If you’re looking for a Sunday brunch that brings together incredible food,

Highlights Kamu Yamu Guide

Harpo’s Pizza and Pasta: Review

We dropped by Harpo’s Pizza and Pasta the other day, and it turns out it’s

Highlights Kamu

The Fort Café by Tasty Caterers – Review

By Linara Wimalaweera The Fort Café by Tasty Caterers offers a refreshing escape from the

Highlights Kamu Yamu Guide

Nihonbashi by Dharshan – Review

Written by Linara Wimalaweera When it comes to Japanese fine dining in Colombo, few names

Highlights Kamu

Trending.

Soul Sounds Returns to the Lionel Wendt with The Pop Era!

Led by internationally acclaimed Music Director Soundarie David Rodrigo, the celebrated ensemble will revisit the

Highlights Trending

Waves of Change: Hospitality Partners Unite for a Cleaner Colombo Coastline

In celebration of World Environment Day and World Oceans Day, Amari Colombo and Granbell Hotel

Highlights Trending

Radisson Hotel Kandy Brings Exclusive Wedding Experiences to Wedding Show 2026 at Kandy City Centre

Radisson Hotel Kandy is set to showcase its signature wedding offerings at the upcoming Wedding

Highlights Trending

The Mystique Nuwara Eliya – Timeless Luxury in the Hills.

Nestled in the heart of Sri Lanka’s picturesque hill country, The Mystique Nuwara Eliya offers

Highlights Trending

ONYX Hospitality Group Celebrates 60th Anniversary, Sets THB 10.33 Billion Revenue Target with THB 5.5 Billion Expansion Plan

ONYX Hospitality Group, a leading hospitality management company in Asia-Pacific, has unveiled its growth strategy

Highlights Trending

Is Your Diamond Actually Real? Why Savvy Sri Lankans are Choosing DINIDU for Non-Negotiable Authenticity

In the fabulous world of heirloom jewellery, the glamour of gemstones can often hide the

Highlights Trending

Yamu Guide.

Shangri-La Colombo Unveils a New Chapter at Tiki Bar

As the sun dips into the Indian Ocean and the city begins to exhale, Tiki

Trending Yamu Guide

DINIDU: Colombo’s Premier Destination for Wedding Anniversary Gifts

Every wedding anniversary is a chapter of a love story that continues to evolve. These

Highlights Yamu Guide

Yazu Set to Make Sri Lankan Debut at Radisson Blu Resort Galle in 2026

Radisson Blu Resort Galle is set to unveil its newest culinary venture in March 2026 with the opening of Yazu by

Highlights Trending Yamu Guide

A Ramadan Feast Awaits at ITC Ratnadipa – Available Till March 19

This Ramadan, ITC Ratnadipa invites guests to celebrate the holy month with ‘A Feast for

Highlights Yamu Guide

Here are the must visit Iftar spots for 2026

Ramadan 2026 brings with it a beautiful season of reflection, gratitude, and shared meals. Across

Highlights Trending Yamu Guide