2019 අවුරුද්දේ තිරගත වුණු හොඳම ඉන්දියානු සිනමාපට 10ක්.

පහු වුණ 2019 කියන්නෙ ඉන්දීය සිනමාවට නව්‍යකරණය වුණු අවුරුද්දක්. දියුණු සිනමා කර්මාන්ත පවතින, ලෝකේ අනෙක් රටවල සිනමාපට එක්ක කරට කර තරග කරන්න පුළුවන් අලුත් මාදිලියේ චිත්‍රපට ගොඩක් ගිය අවුරුද්දේ ඉන්දියාවෙන් බිහි වුණා. ඉතින් ෆිල්ම් බලන ඕගොල්ලොත් බලල තියෙන්න ම ඕන කියල හිතෙන, ඒ වගේ ෆිල්ම්ස් 10ක් තියනවා මේ ලිස්ට් එකේ. මෙතන නැති, ඕගොල්ලො බලපු, 2019 අවුරුද්දෙ නිකුත් වුණ තව හොඳ ෆිල්ම්ස් තියනව නම් කමෙන්ට්ස්වලින් අපිට කියන්න.

Aamis

තාමත් බොහෝ දෙනෙක් නොදන්නා ඇසෑම් සිනමාවේ සලකුණක් විදිහට හඳුන්වන්න පුළුවන් මේ ෆිල්ම් එක අධ්‍යක්ෂණය කළේ භාස්කර් හසාරිකා. ලීමා දාස් සහ අර්ගදීප් බාරුවා ප්‍රධාන චරිත සඳහා රංගනයෙන් දායක වෙනවා. 2019 නොවැම්බර් 22 ප්‍රදර්ශනය ආරම්භ කරපු මේක, සම්මතය ඉක්මවා ගිය බැඳීමක් වටා ගෙතෙන කතාවක්.

Super Deluxe

බ්ලැක් කොමඩි ගණයට අයත් වන මේ ෆිල්ම් එක අලුත් පන්නයේ වැඩක්. ස්ත්‍රී පුරුෂ භාවය සහ සදාචාරය සම්බන්ධ පසුබිමක් තමයි මේකෙන් කතා කරන්නේ. මිනිත්තු 176ක් පුරා දිවෙන මේක අධ්‍යක්ෂණය කළේ ත්‍යාගරාජන් කුමරරාජා. දමිළ සිනමාව ප්‍රිය කරන අයට නරඹන්න හොඳ චිත්‍රපටියක් විදිහට නම් කරන්න පුළුවන්. විජේ සේතුපති එහෙමත් රඟපානවා.

Kumbalangi Nights

මධු සී. නාරායනන් අධ්‍යක්ෂණය කරපු කුම්බලන්ගි නයිට්ස් රිලීස් වුණේ 2019 පෙබරවාරි 7 වෙනිදා. කුම්බලන්ගි කියන පුංචි ගමේ ජීවත් වෙන සජී, බොනී, බොබී සහ ෆ්‍රෑන්කි කියන එක කුස නූපන් සහෝදරයෝ හතර දෙනා වටායි කතාව ගෙතෙන්නෙ. මිනිත්තු 135ක් දිග මේ චිත්‍රපටය, මලයාලම් සිනමාවට කැමති රසිකයෝ බලන්න ම ඕන කතාවක්.

The Sky Is Pink

ප්‍රියංකා චොප්රා සහ ෆර්හාන් අක්තාර් ප්‍රධාන චරිත නිරූපණය කරන මේ චිත්‍රපටය අධ්‍යක්ෂණය කළේ ජාත්‍යන්තර සම්මාන දිනූ අධ්‍යක්ෂවරියක් වෙන ෂොනාලි බෝස්. මේක මරණය පෙනි පෙනී ජීවිතය විඳින දැරියක් ඉන්න පවුලක් ගත කරන ජීවිතය ගැන සත්‍ය කතාවක් ඇසුරින් නිර්මාණය වුණු චිත්‍රපටියක්.

Article 15

ආටිකල් ෆිෆ්ටීන් චිත්‍රපටයේ ප්‍රධාන චරිතය නිරූපණය කරන්නේ ආයුෂ්මන් කුරානා. අනුභව් සිංහාගේ අධ්‍යක්ෂණයක්. ඉන්දියාවේ එක්තරා කුඩා ගම්මානයක නව යොවුන් දැරියන් තුන්දෙනෙක් අතුරුදන් වීම වටා සිදු වන පොලිස් විමර්ශනයක් තමයි මේකට පාදක වෙන්නේ. 2019 ජුනි 28 තිරගත වීම ඇරඹු මේ ෆිල්ම් එක මිනිත්තු 130ක් දිගයි.

Asuran

සුප්‍රකට චිත්‍රපට අධ්‍යක්ෂ වෙට්රිමාරන්ගේ අධ්‍යක්ෂණයක් වෙන අසුරන් චිත්‍රපටයේ ප්‍රධාන චරිතයට පණ පොවන්නේ ධනුෂ්. 2019 ඔක්තෝබර් 4 තමයි රිලීස් වුණේ. මිනිත්තු 139ක් පුරා ගලාගෙන යන මේ කතාව 1968 වසරේ තමිල්නාඩුවේ ඇත්තට ම සිදු වුණු සමූල ඝාතනයක් වටා තමයි ගෙතිලා තියෙන්නේ.

Photograph

අවසානය වෙනකන් ම අවසානය මොකද්ද කියල හිතාගන්න බැරි, හෙමින් ගලාගෙන යන අමුතු කතාවක් ෆොටෝග්‍රාෆ්. සුප්‍රකට ද ලන්ච්බොක්ස් ෆිල්ම් එක අධ්‍යක්ෂණය කරපු රිතේෂ් බට්රා තමයි මේකත් අධ්‍යක්ෂණය කළේ. නවාසුදීන් සිද්දිකී සහ සාන්යා මල්හෝත්‍රා ප්‍රධාන චරිතවලට පණ දෙනවා. වීදි ඡායාරූප ශිල්පියෙක් සහ තවමත් ඉගෙනගන්නා තරුණියක් අතර ඇති වන අසාමාන්‍ය සබඳතාවක් මින් නිරූපණය වෙනවා.

Sonchiriya

සොන්චිරියා අධ්‍යක්ෂණය කළේ අභිෂේක් චෞබේ. රඟපාන්නේ සුශාන්ත් සිං රාජ්පුත්, භූමි පෙඩ්නෙකර් සහ මනෝජ් බජ්පායේ. 2019 අවුරුද්දේ මාර්තු පළමු වැනිදා නිකුත් වුණු මේක මිනිත්තු 143ක් දිගයි. කැරලිකරුවන් පිරිසකගේ ජීවිතය කේන්ද්‍ර කර ගනිමින් නිර්මාණය වී තිබෙනවා.

Virus

වෛරස් කියන්නේ 2019 ජුනි 7 වෙනිදා තිරගත වීම ආරම්භ වුණු මලයාලම් සිනමා කෘතියක්. අධ්‍යක්ෂණය කළේ ආෂික් අබූ. 2018 වසරේ කේරළයේ පැතිර ගිය නිපාහ් වසංගතය අළලා හැදුණු කතාවක් මේක. මිනිත්තු 152ක් පුරා චිත්‍රපටය දිවෙනවා.

Gully Boy

සෝයා අක්තාර් අධ්‍යක්ෂණය කරපු ගලී බෝයි 2019 පෙබරවාරි 14 රිලීස් වුණා. රන්වීර් සිං, ආලියා භාත් රඟපාන මේක ෆිල්ම්ෆෙයා සම්මාන උළෙලේ සම්මාන 13ක් දිනාගත්තේ එක අවුරුද්දකදී වැඩි ම සම්මාන ප්‍රමාණයක් දිනාගත්ත චිත්‍රපටය බවට පත්  වෙමින්. සුශාන්ත් සිං රාජ්පුත්ගේ මරණයත් එක්ක බොලිවුඩය හෙල්ලුණාට පස්සේ ගලී බෝයි දිනාගත්ත සම්මාන සංඛ්‍යාව සම්බන්ධයෙනුත් ලොකු ආන්දෝලනයක් පැතිරුණා. කොහොම වුණත් මේක 2019 වසරේ නිර්මාණය වුණු හොඳ වාණිජ චිත්‍රපටයක් බව නම් සැකයක් නෑ.

Share on facebook
Share on twitter
Share on whatsapp

Highlights.

Latest.

KAMU.

Iftar delights at The Banyan, Heritance Negombo

Iftar delights at The Banyan, Heritance Negombo Written by Fathima Rukaiya, Mad Dogs Bodega, Banyan

Highlights Kamu

Budget-friendly Iftar spots 2024

Written by Fathima Rukaiya, In our previous article, we highlighted some exquisite and upscale Iftar

Highlights Kamu

Iftar Buffet Round Up 2024

Written by Fathima Rukaiya As Ramadan arrives, a warm feeling of reflection and community fills

Highlights Kamu

Discovering Pasta Paradise: The Pasta Factory, Galle Fort

In the historic Galle Fort, The Pasta Factory brings a taste of Italy to Sri

Highlights Kamu

A Home for Desi Dreams – Bombay Nights by Radisson Colombo

As we stepped into the ‘Dine’ in Radisson Colombo, our senses were immediately tantalized by

Highlights Kamu

Steak Bar: A Grand Sunday Brunch at Kingsbury, Colombo

Written by Shamrina C Welcome to the ultimate brunch experience! Nestled in the heart of

Highlights Kamu Yamu Guide

Trending.

Experience the Elegance and Excitement of RTC Tourism Race Day in Nuwara Eliya

RTC Nuwara Eliya will hold its RTC Tourism Race Day on 30th March 2024 at

Trending

“85th Annual Mount Lavinia 2-Mile Sea Swim” by SLASU held at the Mount Lavinia Hotel Beach

The "85th Annual Mount Lavinia 2-Mile Sea Swim" organized by Sri Lanka Aquatic Sports Union

Trending

Sheraton Colombo Hotel celebrates International Women’s Day with empowering insights

Sheraton Colombo Hotel, part of Marriott Bonvoy’s portfolio of over 30 extraordinary brands, marked International

Trending

Anantara Kalutara Presents an Elevated Gastronomic Journey to Italy

Kalutara, Sri Lanka - March 14, 2024 - Anantara Kalutara Resort is delighted to announce

Trending

List of Party Venues 2024

By Fathima Rukaiya Finding the perfect place to host a party can be a hassle.

Highlights Trending

LCY Unveils Debut ‘LCY for Her’ Collection, Redefining Women’s Polo Wear with Strength, and Sophistication

Thursday, 14, March, 2024, Colombo: LCY, a brand synonymous with manufacturing high-quality men’s polos of

Trending

Yamu Guide.

Steak Bar: A Grand Sunday Brunch at Kingsbury, Colombo

Written by Shamrina C Welcome to the ultimate brunch experience! Nestled in the heart of

Highlights Kamu Yamu Guide

9 Special Valentine’s Day Gift Ideas for Him

By Fathima Rukaiya Are you trying to find the perfect way to show your special

Highlights Yamu Guide

9 Special Valentine’s Day Gift Ideas for Her

Written by Fathima Rukaiya The season of love is upon us once more, and opinions

Highlights Yamu Guide

Romantic Dinner and High Tea date spots for Valentine’s Day  2024

Written by Shamrina C 1. Via Torino Indulge in a fine dining exclusive 3-Course meal

Highlights Yamu Guide

BYOB Bliss: 16 Places to you can Bring Your Own Bottle!

Written by Shamrina C 1. Giovannis Indulge in Italian flavors, grooving music, pet friendly, and

Highlights Yamu Guide

Unveiling Ramada’s Festive Christmas High Tea Extravaganza!

Written by Shamrina C Mark your calendars for the 22nd, 23rd, and 24th of December,

Highlights Yamu Guide