කොළඹ, සුපිරිම බත් කඩ ටික!.

එහෙම කිව්වාම සෙල්ලම් නෑ…නෙ. මොකද හොඳ ඒවයිනුත් හොඳම ඒවා තෝරල කියන්න එපැයි.

දුර බැහැර ඉඳන් ඇවිල්ල බෝඩ් වෙලා රස්සාව කරන අපේ යාළුවන්ට, අඩුම තරමෙ ගෙදර කෑම එකට ළඟින් යන කෑම වේලක් හරි කන්න තියෙන්නෙ ඔය කඩ ටිකනෙ. ඊටත් කොළඹ හයිෆයි උදවියට එහෙම… ගමේ රහට කෑම වේලක් කන්න තියෙන්නෙත් ඔය කඩ ටිකමනෙ. අන්න ඒ නිසයි අපි කල්පනා කළේ, කාට කාටත් උදව්වක් වෙන්න කියල කොළඹ සුපිරි ම බත් කඩ ටික ලැයිස්තුවකට ගන්න. ඒකත් එසේ මෙසේ නෙවෙයි, බත් ජාති කොහොමද තියෙන්නෙ, එළවළු කීයක් තියෙනවද, ඒකෙන් කීයක් බෙදාගන්න පුළුවන්ද, එතකොට මස් මාළු මොනවද තියෙන්නෙ කියල එහෙම හොයල බලල. එ් හැරුණාම කටගැස්මට මිරිස් පපඩම් තියෙනවද, කෑම උණුඋණුවෙන් මේසෙට එනවද, බඩකට පිරෙන්න කෑවට පස්සෙ හොඳ අතුරුපසක් ගන්න තියෙනවද කියලත් එහෙමත් අපි හොයල බැලුව.

එහෙම හොයල බලල හදපු ලැයිස්තුවෙ පළවෙනි කොටස ඕං… පහළින් තියෙනව. බලල මීටරේ තියාගත්ත නම් මගෙ හිතේ බඩගිනි වෙලාවට එහෙ මෙහෙ රස්තියාදු වෙන්න ඕන වෙන එකක් නෑ, නේ!

1. Kala Balan

(රු. 250-350)

ගාලුපාර, රත්මලාන කියන්නෙ කට්ටිය සෑහෙන්න ගැවසෙන තැනක්. ඒ නිසාමයි අපි එතනින් ම පටන්ගන්න හිතුවෙත්.

‘කාලා බලන්’ ඇත්තටම ඒරියල් එකේ තියෙන සුපිරි ම බත් කඩයක්. මෙයාලගෙ කෑම බෙදෙන්නෙ පන් වට්ටියෙ, නෙළුම් කොළේට. රතු බත්, සුදු බත් ජාති දෙකෙන්ම බත් ගන්න වගේ ම මිරිස් තුනපහ, ලුණු ඇඹුල්, කිරි අඩුමකුඩුමත් ගාණට දාපු රස වෑහෙන එළවළු ජාති 8-10කින්හතරක් තෝරගන්නත් මෙතන කියාපු තැන. ඒ විතරක් නෙවෙයි ගමේ රහට, රස පදමට හදපු මාළු කරියක්, ඇඹුල් තියලක්, චිකන් කරියක්, පෝක් කරියක් එහෙම ගන්නව නම් ඒකටත් මෙතනම තමයි ඉතින්. අවුල කියන්නෙ මෙයාලගෙ කටගැස්මට බැදපු මිරිස් නෑනෙ. හැබැයි ඉතින් එහෙමයි කියල බත් එකේ අඩුවක් පාඩුවක් ඇත්තෙත් නෑ. අනික කාලා කන්න හොඳ හොඳ අතුරුපස වර්ගත් තියෙනවනෙ.

2. Ran Bath

(රු. 300)

තුම්මුල්ලෙ තියෙන අපූරු වෙජි ප්ලේස් එකක්. එයාලා පාවිච්චි කරන හැම බතක්, එළවළුවක්මත් බෙහෙත් නොගහ හදන ඒවලු. ඒ නිසා වෙන්න ඕන මෙතන කෑම ටිකක් ගණන්. ඒත් රස අතින් නම් ටොප් එකටම තියෙනව. රතු, සුදු බත් වගේම මිරිස් තුනපහ, ලුණු ඇඹුල් පදමට දාලා හදපු රස වෑහෙන එළවළු ව්‍යංජන 5-6කින් හතරක් තෝරගන්නත් රන් බත් එකට යන ඔයාට පුළුවන්. මැටි පිඟාන නෙළුම් කොලේට බෙදෙන ඒ උණු උණු බත් එක කාලා, සිංහල රස කැවිලි.. කෙසෙල් ගෙඩියක්, කැවුමක්, තල කැරැල්ලක් වගේ අතුරු පසක් රස බැලුව කියන්නේ… ෆුල් තමයි ඉතින්!

3. Mc Curry

(රු. 200-300)

මේක තියෙන්නෙ ගොල් රෝඩ්, මවුන්ට් ලැවනියාවල. සමහරු නම් දන්නවත් ඇති, මේ බ්‍රෑන්ඩ් එකෙන් ඔය කුළුබඩු එහෙමත් තියෙන්නෙ. ඉතින් ඒ රස.. කුළුබඩු දාලා හදන පංකාදු ව්‍යංජන ටිකක් එක්ක උණු උණු කෑම වේලක් රස බලන්න, මෙතනට යන්නම වෙනව. රස වෑහෙන එළවළු ජාති තුනක් එක්ක සුප්ප ඉස්සො, දැල්ලො, මාළු, චිකන්, මට්න්, බීෆ්, බිත්තර… ඕන ජාතියකින් කරියක් අරගෙන පපඩමක් එහෙම කටගැස්මට තියාගත්ත කියන්නේ… දස බස ගාලා බත් බහින්නෙ, හොඳේ.

4. Kamu

(රු. 200-300)

හයිලෙවල් එකේ, හරියටම මහරගම පොලිසිය ඉස්සරහ! උණු උණුවෙම නැතත් හොඳ රහට, හිතේ හැටියට බත් ටිකක් කන්න කියාපු තැනක් තමයි. විශේෂයන්ම කියන්න ඕන, මෙයාල ළඟ තියෙනව එළවළු මාළු ජාති 8-10කට වැඩිය. හැබැයි ඉතින් පිඟානට බෙදෙන්නෙ නම් ජාති හතරක් වගේ. ඒ එක්ක ඉස්සො, දැල්ලො, චිකන්, මාළු මොනව හරි කරියක් ගත්ත නම් බත් එක ෆුල්. අනික පපඩම්, බැදපු මිරිස් කරලුත් එනවනෙ ටේස්ට් එකට. හදිස්සියෙවත් කාට හරි හිතුණොත් බත් කන්න බෑ කියල, එයාලට තියෙනව ෆ්‍රයිඩ් රයිස්, බිරියානි, කොත්තු එහෙම දවල්ට වුණත්. අනික බඩ පැලෙන්න කෑවට පස්සෙ අතුරුපසට කන්න රස වෑහෙන වටලප්පම්, පුඩිම් එහෙමත් තියෙනවනෙ මෙතන.

5. Matara Bath Kade

(රු. 200-300)

බත්තරමුල්ල හංදියෙන් පන්නිපිටියට හැරෙනවත් එක්ක ඇතුළට වෙන්න තියෙන වලව්වෙ තමයි එහේ මාතර බත් කඩේ කරගෙන යන්නෙ. ලයින් එකේ පෝක්වලට ප්‍රසිද්ධ ම ප්ලේස් එකත් ඒක. ඊටත් උණු උණු බත් වේලක් ගමේ රහට, බඩ කට පිරෙන්න රස බලන්නත් කියාපු ම තැනනෙ. වැඩේ කියන්නෙ මෙයාලගෙ බත් එකට සාමාන්‍යයෙන් බෙදන්නෙ එළවළු හතරක් වුණාට රු. 30ක් 40ක් දීලා තව මොනව හරි දාගන්නත් පුළුවන්. ඒ හැරුණාම, මාතර බත් කඩේ තියෙනවා… පෝක්, ඉස්සො, දැල්ලො, මිරිස් මාළු, බැදපු මාළු, චිකන්, බිත්තර, ඔම්ලට්.. ඕන එකක්, ඉල්ලපු සනික පිඟානෙ ආයෙ. ඒවයෙ මිරිස් තුනපහ, ලුණු ඇඹුල් පදම වගේම සයිස් එකත් මදි නොකියන්න තියෙන නිසා… ගොඩ වෙන ඈයොන්ට ආයෙ, අඩුවක් පාඩුවක් නම් කියන්න ඉතුරු වෙන්නෙ නෑ, සත්තයි.

6. Rasa Piyasa

(රු. 200-300)

හයිලෙවල් එකේ හැව්ලොක් ටවුන් බෝගහත් එක්කම උඩට නගින්න තියෙන පඩිපෙළෙන් ඇතුළට යන්නකො. හැබැයි දවල් 2ට කලින්වත් යන්න ඕන. නැත්නම් බතුයි එළවළුයි තමයි කන්න වෙන්නෙ. මොකද මෙයාලගෙ කෑමවලට පුදුම ඉල්ලුමක් තියෙන්නෙ. ඒවයෙ තියෙන රසත් සුප්ප වගේම උණු උණුවෙ ෆ්‍රෙෂ් එකට තියෙන නිසා තමයි වැඩි හරියක්ම. අනික රස පදමට හදාපු පෝක්, චිකන්, ඉස්සො, දැල්ලො කරි… එතකොට බැදපු මාළු, ඔම්ලට් එහෙමත් තියෙනවනෙ මෙතන. මැටි ඇතිලියෙ බුෆේ එකෙන් මිරිස් තුනපහ, කිරි රස නියමෙට තියෙන්න හැදුණු එළවළු ජාති 4කුත් බත් එකට වැටුණ කියන්නෙ, නතින්ග් ඉතින්!

7. Palpatha

(රු. 300-400)

සුපිරි මට්න් කරියක්, නැත්නම් රස වෑහෙන මාළු ඉස්ටුවක්, බ්ලැක් පෝක් එකක් එක්ක බඩ පැලෙන්න බත් කන්න, යන්න කෝට්ටෙ මිරිහාන පාරෙ පැල්පතට. ආයෙ කියල වැඩක් නෑ යාළු, බුෆේ එකෙන් බෙදනව ගමේ රහට හදපු එළවළු ජාති හතරක් ඔයා කැමති කැමති විදියට. ඒ බෙදල පපඩමක් එක්ක මේසෙට එවනව සුවඳේ බෑ. හිතන්නකො ඒ ටික කාගෙන යද්දි මදි පාඩුවක් වුණොත්, ඒක ඉල්ල ගන්නත් පුළුවන්නෙ පොඩි ගාණකට. ඔක්කොමත් හරි බත් කාලා කන්න වටලප්පම්, පුඩිම් එහෙමත් තියෙනව හොඳ රහට හදාපු.

ආයෙ ඉතින් මොනවද නේ… අතේ තියෙන ගාණට හිතේ හැටියට, රස කර කර කෑම වේලක් කන්න තියෙනව කියන්නෙ.

එහෙනම් තව ලැයිස්තුවකින් හමුවෙමු හොඳේ!

Share on facebook
Share on twitter
Share on whatsapp

Highlights.

Latest.

KAMU.

Welcoming the Year of the Horse at Yue Chuan, The Kingsbury

Yue Chuan, the award-winning Chinese restaurant at The Kingsbury, Colombo, invites guests to usher in the

Highlights Kamu

Soho Hospitality Charts First Expansion into South Asia with Charcoal’s Colombo Debut

Bangkok-based international hospitality group selects Sri Lanka for its game- changing dining brand Charcoal Tandoor

Highlights Kamu

Brunch at ITC Ratnadipa – Review

By Ranugi Thihansa If you’re looking for a Sunday brunch that brings together incredible food,

Highlights Kamu Yamu Guide

Harpo’s Pizza and Pasta: Review

We dropped by Harpo’s Pizza and Pasta the other day, and it turns out it’s

Highlights Kamu

The Fort Café by Tasty Caterers – Review

By Linara Wimalaweera The Fort Café by Tasty Caterers offers a refreshing escape from the

Highlights Kamu Yamu Guide

Nihonbashi by Dharshan – Review

Written by Linara Wimalaweera When it comes to Japanese fine dining in Colombo, few names

Highlights Kamu

Trending.

A Spanish Sobremesa at Bistro des Marées

JOK Barcelona's head chef Olga Starnari to present modern Catalan cuisine at Bistro des Marées

Highlights Trending

Christmas Cheer Arrives Early in Kosgoda

Sheraton Kosgoda Turtle Beach Resort Hosts Traditional Cake Mixing Christmas arrived early on the southern

Highlights Trending

Cinnamon Hotels & Resorts introduces Cinnamon DISCOVERY – Dine with D$, a new dining rewards programme for Colombo

Cinnamon Hotels & Resorts has introduced Cinnamon DISCOVERY – Dine with DISCOVERY Dollars (D$), a

Highlights Trending

Heritance Hotels & Resorts and Sara Ali Khan Spotlight Sri Lanka’s Diverse Landscapes, Heritage and Hospitality

The collaboration brings together celebrity-led storytelling and Heritance’s distinctive hospitality to showcase Sri Lanka’s cultural

Highlights Trending

ITC Ratnadipa Welcomes Chef Prakhar Srivastava to Lead the Next Chapter of Avartana in Colombo

ITC Ratnadipa, Colombo welcomes Chef Prakhar Srivastava as Sous Chef to Avartana, marking a new

Highlights Trending

Yamu Guide.

Shangri-La Colombo Unveils a New Chapter at Tiki Bar

As the sun dips into the Indian Ocean and the city begins to exhale, Tiki

Trending Yamu Guide

DINIDU: Colombo’s Premier Destination for Wedding Anniversary Gifts

Every wedding anniversary is a chapter of a love story that continues to evolve. These

Highlights Yamu Guide

Yazu Set to Make Sri Lankan Debut at Radisson Blu Resort Galle in 2026

Radisson Blu Resort Galle is set to unveil its newest culinary venture in March 2026 with the opening of Yazu by

Highlights Trending Yamu Guide

A Ramadan Feast Awaits at ITC Ratnadipa – Available Till March 19

This Ramadan, ITC Ratnadipa invites guests to celebrate the holy month with ‘A Feast for

Highlights Yamu Guide

Here are the must visit Iftar spots for 2026

Ramadan 2026 brings with it a beautiful season of reflection, gratitude, and shared meals. Across

Highlights Trending Yamu Guide