Black Lives Matter නිසා ලෝක ප්‍රසිද්ධ වෙළෙඳ නාම වෙනස් වුණ හැටි!.

පහුගිය දවස්වල ඇමරිකාවෙ සිද්ධ වුණ ජාතිවාදී කලබගෑනිය ගැන හැමෝම දන්නවනේ. ඇමරිකාවේ මිනේපොලිස් නගරයේදී සුදු ජාතික පොලිස් නිලධාරියෙකු විසින් දණහිසින් ගෙල සිර කරලා ජෝජ් ෆ්ලොයිඩ් නම් කළු ජාතිකයා ඝාතනය කිරීමත් සමග ඇමරිකාවෙන් පටන් අරං ලෝකය පුරා ම පැතිර ගිය Black Lives Matter උද්ඝෝෂණ මාලාව නිසා ජාතිවාදයට එරෙහි අලුත් කතිකාවක් ඇති වුණා. ඒ තත්ත්වය බොහෝ දෙනෙකුගේ සිතුම් පැතුම් වෙනස් කරන්නත් දායක වුණා.

Black Lives Matter රැල්ල ලෝකයට කොච්චර බලපෑවා ද කියනව නම්, අපි නොදැනුවත්වම කරමින් හිටපු ජාතිවාදයට, වර්ණවාදයට උඩගෙඩි දෙන ක්‍රියාකාරකම් ගැන අපේ ඇස් අරවන්න එය සමත් වුණා. මේ කියන්න යන කාරණයත් එවැන්නක්.

සුදු කියන්නේ හොඳ සංකේතවත් කරන වර්ණයක්, කළු කියන්නේ නරක සංකේතවත් කරන වර්ණයක් කියල පොඩි කාලෙ ම අපේ ඔළුවලට විෂබීජයක් එන්නත් කෙරෙනවා. මේක සිද්ධ වෙන්නේ දෙමාපියන් සහ වැඩිහිටියන් අතින්. අලුත දරුවෙක් ඉපදුණාම එයාගෙ හම සුදු නැත්තං ආච්චි අම්මලා මූණ එල්ලගෙන ඉන්නවා ඕගොල්ලො ඕන තරම් දැකල ඇති. මේ වැඩිහිටියෝ පුතෙකුට මනමාලියක් හෙව්වත් හොයන්නේ පැහැපත් සමක් තියන කෙනෙක්. මගුල් ගෙදරක මනමාලි කළුයි නං නෑදෑයෝ ඒ ගැන කුටුකුටු ගාල කතා වෙනව ඕගොල්ලන්ට ඇහිලා ඇති.

සුදු ලස්සනයි කළු කැතයි කියන විෂබීජය අපිට එන්නත් වුණේ ලංකාව යටත්විජිතයක් වීමත් එක්ක. හැබැයි අපිව යටත් කරගත් රටවල් ඒ හණමිටි බිමින් තිබ්බට පස්සෙත්, අපි තාමත් හණමිටි කරේ තියාගෙන යනවා. Black Lives Matter විරෝධතා මාලාව මේ වර්ණවාදය ගැන නැවත හිතල බලන්න අපි හැමෝවම පෙළඹෙව්වා. අලුත් ම ආරංචිය තමයි, Black Lives Matter එක්ක එකතු වෙලා වර්ණවාදයට එරෙහි ව පෙනී ඉන්න, ඇතැම් සුප්‍රසිද්ධ වෙළෙඳ නාම කටයුතු කරමින් ඉන්නවා කියන කාරණය.

සාමාන්‍යයෙන් තමන්ගේ භාණ්ඩය විකුණගන්න ඕන ම මාකටිං ට්‍රික් එකක් පාවිච්චි කරන්න බ්‍රෑන්ඩ්ස් ලෑස්තියි කියලයි පොදු ජනතාවගෙ පිළිගැනීම. හැබැයි මේ තොරතුරු ඇහුවම තේරෙන්නේ, සල්ලිවලට වඩා වටින සමාජ වගකීමක් තමන්ට තියන බව වටහාගන්න සමහර වෙළෙඳ නාමවලට හැකියාව ලැබිල තියන බවයි.

නයිකි 

මේ විරෝධතා මාලාවට මුලින් ම සහාය පළ කරපු වෙළෙඳ නාමයක් තමයි නයිකි. මේ සඳහා ඔවුන්ගේ Just do it කියන ටැග්ලයින් එක වෙනස් කරමින් ඔවුන් වෙළෙඳ දැන්වීමක් නිෂ්පාදනය කළා. For once, don’t do it තමයි එහි තේමාව. මේ තියෙන්නේ ඒ දැන්වීම. ජාතිවාදයට උඩගෙඩි දීමෙන් වළකින්න කියන එකයි එහි පණිවිඩය.

එස්කිමෝ පයි අයිස්ක්‍රීම්

අවුරුදු 100ක් විතර පරණ අයිස්ක්‍රීම් බ්‍රෑන්ඩ් එකක් වෙන එස්කිමෝ පයි, තමන් දිගු කාලයක් තිස්සේ ගොඩ නඟා ගත්ත නමට ආයුබෝවන් කියල මේ අවුරුද්ද අග වෙද්දි රීබ්‍රෑන්ඩ් වෙන්න ලු හදන්නේ. ඒකට හේතුවත් ජාතිවාදයට එරෙහිව ඇරඹුණු විරෝධතා. අපි නොදන්නවා වුණාට ‘එස්කිමෝ’ කියන වචනය ඇලස්කාවේ සහ ආක්ටික් කලාපය ආශ්‍රිත ප්‍රදේශවල උපන් ජනතාව හඳුන්වන්න යටත්විජිතවාදීන් විසින් පාවිච්චි කෙරුණු, පරිභවකාරී ස්වභාවයක් සහිත වචනයක් ලු. ඉතින් ඒ නිසා මේ වචනය පාවිච්චි කිරීමෙන් එක්තරා ජන කොටසකට අවනම්බුවක් සිද්ධ වීම කියන කාරණය, මේ අයිස්ක්‍රීම් සමාගම සැලකිල්ලට අරගෙන තියනවා.

අංකල් බෙන්’ස්

අංකල් බෙන්’ස් කියන්නේ සහල් විකුණන වෙළෙඳ නාමයක්. මේකේ පැකට්ටුවේ තියන ලෝගෝ එකේ ඉන්නේ කළු ජාතික පිරිමි පුද්ගලයෙක්. ‘අංකල්’ කියන වචනය ඉතිහාසයේදී වහල්ලු හඳුන්වන්න භාවිත කළ වචනයක්. ඒ නිසා ‘දැන් අපි වෙනස් විය යුතු කාලයයි’ කියල මේ වෙළෙඳ නාමය හිමි තැනැත්තන් ප්‍රකාශ කරලා තියනවා.

ආන්ට් ජෙමීමා

ආන්ට් ජෙමීමා කියන්නේ පෑන්කේක් සහ වොෆල් මිශ්‍රණයක්. මේකෙත් පැකට්ටුවේ තියන ලෝගෝ එකේ ඉන්නේ කළු ජාතික කාන්තාවක්. මේ රූපය සහ වෙළෙඳ නාමයත් වෙනස් කරන්න හිමිකරුවන් කටයුතු කරමින් ඉන්නවා ලු.

ඩාලි

චීනය, පිලිපීනය, තායිලන්තය වගේ රටවල විකුණන ඩාලි නමැති ටූත්පේස්ට් එකක් කොල්ගේට් විසින් නිෂ්පාදනය කරනවා. 1989 දී ඩාලි කියල වෙනස් කරන්න කලින් මේකේ නම වෙලා තියෙන්නේ ඩාකි. ‘බ්ලැක් පර්සන් ටූත්පේස්ට්’ කියල තමයි හඳුන්වල තියෙන්නේ. මොකද මේකේ ලෝගෝ එක වෙලා තියෙන්නේ සුදු දත් දෙපෙළක් සහිත කළු සමක් තියන කෙනෙකුගේ රූපයක්. දැන් මේ අයත් තමන්ගේ නිෂ්පාදනය අලුත් නමකින් සහ ලෝගෝවකින් ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙනවා ලු.

ෆෙයාර් ඇන්ඩ් ලව්ලි

හින්දුස්තාන් යුනිලීවර් ලිමිටඩ් සමාගමට අයත් ඉන්දීය ෆෙයාර් ඇන්ඩ් ලව්ලි බ්‍රෑන්ඩ් එක ගැන නං කවුරුත් දන්නවනේ. ඔවුන් සම්බන්ධයෙන් අද ඉතා ම ආන්දෝලනාත්මක ප්‍රවෘත්තියක් වාර්තා වුණා. ඒ තමයි ෆෙයාර් ඇන්ඩ් ලව්ලි නමෙන් ‘ෆෙයාර්’ කොටස ඉවත් කරලා වෙළෙඳ නාමය රීබ්‍රෑන්ඩ් කරන්න ඔවුන් තීරණය කරලා තියනවා කියන එක.

ඉන්දියාව කියන්නෙත් හමේ වර්ණය ගැන අපි වගේ ම සෑහෙන වද වෙන රටක්. එහෙම පසුබිමක් තුළ මෙවැනි තීරණයක් ගන්න වෙළෙඳ නාමයක් කටයුතු කරනවා කියන්නේ බොහොම ප්‍රගතිශීලී වැඩක්. මේකත් ඔවුන්ගේ මාකටිං ස්ට්‍රැටජි එකක් කියලත් කාටහරි තර්ක කරන්න පුළුවන්. හැබැයි ‘පොලිටිකලි කරෙක්ට්’ වෙන්න හිතාගෙන ඔවුන් මේ තීරණය ගන්නේ බ්‍රෑන්ඩ් එක ලොකු අවදානමකට හෙළමින් කියලත් අමතක කරන්න බෑ.

Share on facebook
Share on twitter
Share on whatsapp

Highlights.

Latest.

KAMU.

Brunch at ITC Ratnadipa – Review

By Ranugi Thihansa If you’re looking for a Sunday brunch that brings together incredible food,

Highlights Kamu Yamu Guide

Harpo’s Pizza and Pasta: Review

We dropped by Harpo’s Pizza and Pasta the other day, and it turns out it’s

Highlights Kamu

The Fort Café by Tasty Caterers – Review

By Linara Wimalaweera The Fort Café by Tasty Caterers offers a refreshing escape from the

Highlights Kamu Yamu Guide

Nihonbashi by Dharshan – Review

Written by Linara Wimalaweera When it comes to Japanese fine dining in Colombo, few names

Highlights Kamu

Yoroko at Cinnamon Life: An Unforgettable Sky-High Japanese Experience

Our visit to Yoroko was one for the books — and your bucket list. It’s

Highlights Kamu

The Chinwag- Review

By Sharon Nonis Chinwag has always been a crowd favorite, and now with their new

Highlights Kamu

Trending.

ITC Ratnadipa Presents ‘An Italian Affair’ in Partnership with the Italian Embassy, Sri Lanka

ITC Ratnadipa, Colombo in collaboration with the Embassy of Italy in Sri Lanka will host

Trending

Browns Hotels & Resorts Unwraps the Festive Season with Joyful Cake Mixing Celebrations

Browns Hotels & Resorts officially unwrapped the festive story for 2025 with grand cake mixing

Trending

The Best Cities for Food in the World — Readers’ Choice Awards 2025

By Fathima Rukaiya, As travel and dining experiences evolve, food-savvy travelers are looking beyond just

Trending Yamu Guide

ITC Ratnadipa Celebrates the Spirit of the Season with its 2nd Annual Cake Mixing Ceremony

ITC Ratnadipa, the jewel in Colombo’s skyline, heralded the start of the festive season with

Trending

The Kingsbury, Colombo, Crowned Sri Lanka’s Leading Hotel 2025 at World Travel Awards

The Kingsbury, Colombo, is honoured to have been awarded Sri Lanka’s Leading Hotel 2025 at

Trending

8 Thai Restaurants to try in Sri Lanka

You can ask around – but it’s rare to find someone who doesn’t love Thai

Highlights Trending Yamu Guide

Yamu Guide.

Sip, Slurp and Savour : 9 Ramen Spots to try in Colombo

If you’re food curious and always looking for your next Instagram-worthy bite, this ramen route

Highlights Yamu Guide

Brunch at ITC Ratnadipa – Review

By Ranugi Thihansa If you’re looking for a Sunday brunch that brings together incredible food,

Highlights Kamu Yamu Guide

Top Affordable Countries in Asia : Budget Destinations 

Sitting at your office desk wishing you’d have a little getaway for yourself - but

Highlights Yamu Guide

Baked with Love – Meet 9 of Sri Lanka’s sweetest home bakers

There’s something undeniably magical about home-bakes that café and bakery chains just cannot get right.

Highlights Yamu Guide

The Best Cities for Food in the World — Readers’ Choice Awards 2025

By Fathima Rukaiya, As travel and dining experiences evolve, food-savvy travelers are looking beyond just

Trending Yamu Guide

The Fort Café by Tasty Caterers – Review

By Linara Wimalaweera The Fort Café by Tasty Caterers offers a refreshing escape from the

Highlights Kamu Yamu Guide