කොළඹ තියන හොඳම බුෆේ – 2019.

මගුල් ගෙයක්, බර්ත්ඩේ පාටියක්, සංවත්සර සැමරුමක් වගේ උත්සව අවස්ථාවක විතරක් නෙමෙයි, කොටින් ම දානෙ ගෙයක් වගේ තැනක වුණත් නැතුවම බැරි වැදගත් ම අංගය තමයි බුෆේ එක! එහෙම අවස්ථාවල කට්ටිය ඉතින් සැදී පැහැදී ඉන්නෙ බුෆේ එක ඕපන් කරනකන්…

හැබැයි ඉතින් බුෆේ එකකින් බඩ පිරෙන්න කන්න එහෙම උත්සවයක් එනකන් ම ඉන්න ඕන නෑ! මේ අවුරුද්දේ කොළඹින් හොයාගන්න පුළුවන් වුණ හොඳ ම බුෆේ කීපයක් ගැනයි අපි මේ කියන්න යන්නෙ…

Flow (Hilton Colombo Residencies)

200, යුනියන් පෙදෙස, කොළඹ 2

මිල: රු. 3150 (ඩිනර්), රු. 2800 (ලන්ච්) 

කොළඹ හිල්ටන් රෙසිඩන්සීස්වල තියන ‘ෆ්ලෝ’ බුෆේ එකේ ඩිනර් එකයි ලන්ච් එකයි එකිනෙකට වෙනස්. ඒ මෙන්න මෙහෙමයි. ඩිනර් එකේ අන්ලිමිටඩ් සුෂි එහෙම සෑහෙන හොඳ වුණාට ඩෙසට් බාර් එක නං එච්චර ම අපේ හිතට ඇල්ලුවෙ නෑ. ලන්ච් එකේ සුෂි තිබ්බෙ සීමිත ප්‍රමාණයක්. හැබැයි ඩෙසට් බාර් එක මරු! ඒ වගේ ම නියම නූඩ්ල්ස් සෙක්ෂන් එකකුත් ලන්ච් බුෆේ එකේ තිබුණා. කොහොම වුණත් හුඟක් ම දේවල් නැති වුණත් කෑම ටික හොඳයි. දවල්, රෑ දෙවේලෙ ම හිටපු ස්ටාෆ් එක වුණත් හරි ම හිතවත්.

සැ.යු: ඩිනර් බුෆේ එක තියෙන්නෙ සිකුරාදට විතරයි.

Graze Kitchen (Hilton Colombo)

හිල්ටන් හෝටලය, කොළඹ 01

මිල:

ලන්ච් (සඳුදා-බදාදා) රු. 3388, (බ්‍රහස්පතින්දා-සිකුරාදා) රු. 3588, (ඉරිදා) රු. 3988

ඩිනර් (සඳුදා) රු. 3288, (අඟහරුවාදා-බදාදා) රු. 3888, (බ්‍රහස්පතින්දා-සෙනසුරාදා) රු. 3988

ජපන්, ඉතාලි වගේ හිතාගන්න බැරි තරම් කෑම ජාති ප්‍රමාණයක් තියන එක තමයි මේ බුෆේ එකේ විශේෂත්වය. ඒ නිසා මේ ලිස්ට් එකේ තියන වැඩි ම කෑම වර්ග ගාණ තියෙන්නෙ හිල්ටන් හෝටලේ ග්‍රේස් කිචන් බුෆේ එකේ.

Governor's Restaurant (Mount Lavinia Hotel)

100, හෝටල් පාර, ගල්කිස්ස

මිල: රු. 2300 (ලන්ච්), රු. 3200 (ඩිනර්)

පැණි රහ කන්න ආස කෙනෙක් නං, ඩෙසට් පිස්සෙක් නං, ඔන්න මේක තමයි තැන! ගල්කිස්ස මහ හෝටලේ ගවර්නර්ස් රෙස්ටොරන්ට් එකේ සැලඩ් වගේ ම ඩෙසට් බුෆේ එකත් ලොකු ම ලොකුයි. අපි ගිය දවසෙ ඒෂියන් කෑමවලට වැඩි තැනක් දීල තිබුණා. අපි ට්‍රයි කරපු ස්පයිසි කෑම සෑහෙන හොඳ වුණත් ඩෙසට්වල කොලිටි එකට නම් සම කරන්න බෑ. කොහොම වුණත් ලස්සන වීව් එකකුයි කඩියො වගේ වැඩ කරන ස්ටාෆ් එකකුයි එක්ක ගෙවුණ ගවර්නර්ස් රෙස්ටොරන්ට් එකේ බුෆේ අත්දැකීම සතුටුදායක එකක්…

Latitude (Taj Samudra)

ටාජ් සමුද්‍ර, ගාලු මුවදොර මැද පාර, කොළඹ 03

මිල: රු. 2950 (ලන්ච්), රු. 3400 (ඩිනර්)

ලැටිටියුඩ් බුෆේ එක ගැන අපිට තියෙන්නෙ මිශ්‍ර අදහස්. මේන්ස් අතින් ගත්තම නං වාව් කියන්න හිතෙන්නෙ නැති වුණත්, සැලඩ් සහ ඩෙසට් පැත්තෙන් තෝරගන්න වර්ග සෑහෙන ගොඩක් තියනවා. ටාට්ස්, කේක්, චීස්කේක් වගේ රස අතුරුපස ජාති වගේ ම එක එක විදිහට රහට හදපු මස් ජාති එහෙම තිබුණ හින්දා අවුලක් ම නෑ!

The Dining Room (Cinnamon Lakeside)

සිනමන් ලේක්සයිඩ්, 115, සර් චිත්තම්පලම් ඒ. ගාඩිනර් මාවත, කොළඹ 02

මිල: රු. 3350

ඩිනර්: රු. 3750

අපි ගිහින් තියෙන්නේ ඩයිනිං රූම් එකේ බ්‍රෙක්ෆස්ට් බුෆේ එකට විතරයි. ඒ නිසා එයාලගෙ බ්‍රෙක්ෆස්ට් බුෆේ එක නං සතුටුදායකයි කියල සහතික වෙන්න පුළුවන්. පාන්, සීරියල්, වොෆ්ල්ස් වගේ ජාති විතරක් නෙමෙයි, ශ්‍රී ලංකන් කෑමවලටත් වෙන ම සෙක්ෂන් එකක් තියනවා. බ්‍රෙක්ෆස්ට්වලට ස්මෝක් කරපු තෝර මාළු එකතු කරල තිබුණ එකත් විශේෂත්වයක්. ඉතිං උදේ කෑම ගැන සෑහෙන උනන්දු කෙනෙක් නං මෙතෙන්ට ගිහින් බලන එක වටිනවා.

Cinnamon Red

59, ආනන්ද කුමාරස්වාමි මාවත, කොළඹ 03

මිල: රු. 2400 (ඩිනර්), රු. 1738 (බ්‍රෙක්ෆස්ට්)

කොළඹ තියන උස ම වගේ ම ලස්සන ම රූෆ්ටොප් බාර්ස්වලින් එකක් තියෙන්නෙ සිනමන් රෙඩ් එකේ කියන එක ප්‍රසිද්ධ කාරණයක් නෙ. ඒ වගේ ම තමයි බුෆේ එකත්. තෝරගන්න ඕන තරම් කෑම ජාති තියන නිසා කටට රහට බඩ පිරෙන්න කන්න මෙතන මරු!

Elevate

278/4, යුනියන් පෙදෙස, කොළඹ 02

මිල: රු. 1750 (සතියේ දින), රු. 1950 (සෙනසුරාදා)

ලිස්ට් එකේ අනික් ඒවට සාපේක්ෂව මේක තරමක් අලුත් තැනක් වුණත් මේ වෙද්දි නං හැමෝම මෙතන ගැන දන්නවා. මෙතෙන්ට ගියොත්, තට්ටු 29ක් උඩ මුළු කොළඹ නගරෙ ම පේන තැනක ඉඳන් බුෆේ එකක් අත්විඳින්න හැමෝටම පුළුවන්. තෝරන්න කියල වර්ග මහ ගොඩක් ම නැතත්, තියන ටිකේ කොලිටි එක ඉතා ම සතුටුදායකයි.

Ports of Call (Taj Samudra)

ටාජ් සමුද්‍ර, ගාලු මුවදොර මැද පාර, කොළඹ 03

මිල: ස්පෙෂල් බුෆේ – රු. 4200 (ඉරිදා)

ලන්ච් – රු. 2950, ඩිනර් – රු. 3400

දැන් ටික කාලයක් තිස්සෙ සෑහෙන ජනප්‍රිය තැනක් තමයි මේ. මස්, චීස් වගේ පැතිවලින් හොඳ සිලෙක්ෂන් එකක් මෙයාල ළඟ තියනවා. ඒ වගේ ම මේ බුෆේ එකේ ස්ටාටර්ස් එහෙමත් නියමයි. ඒ විතරක් ද! තව වෙන ම ජැපනීස් කෝනර් එකකුත් තියනවා. මේගොල්ලො මාංශ පැත්තට කොච්චර බර ද කිව්වොත්, තව පොඩ්ඩක් වෙජි පැත්තට බර කෑම ජාති ටිකක් බුෆේ එකට එකතු කළා නම් හොඳයි කියල අපිට හිතුණා. හැබැයි ඉතිං මේන්ස් වුණත් රසකැවිලි වුණත් ලංකාවෙ කෑම හොයන අයට නං මෙතන ෂෝක්!

Tides Restaurant (Marino Beach)

590, මරීන් ඩ්‍රයිව්, කොළඹ 03

මිල: ලන්ච් – රු. 2750 (සතිඅන්තයේ පමණයි), ඩිනර් – රු. 2500

එක එක ජාතියේ රස බර කෑමවලින් පිරුණ ටයිඩ්ස් බුෆේ එකත් ගිහින් බලන්න ම ඕන තැනක්. මුහුද අයිනේ ලස්සන වීව් එක හින්දා මෙතනට කන්න එන අයගේ බඩ වගේ ම හිතත් පිරෙනවා.

මේ ලිස්ට් එක ගොඩක් දිග එකක් නෙමෙයි. ඒ වගේ ම හොඳ ම බුෆේ තියන හැම තැනක් ගැන ම කියවෙන්නෙත් නැති බව ඇත්ත! තවත් හොඳ බුෆේ ගැන දැනගත්ත වහා ම මේ ලිස්ට් එකට අපි ඒවා අනිවාර්යයෙන් එකතු කරනවා.

Share on facebook
Share on twitter
Share on whatsapp

Highlights.

Latest.

KAMU.

Welcoming the Year of the Horse at Yue Chuan, The Kingsbury

Yue Chuan, the award-winning Chinese restaurant at The Kingsbury, Colombo, invites guests to usher in the

Highlights Kamu

Soho Hospitality Charts First Expansion into South Asia with Charcoal’s Colombo Debut

Bangkok-based international hospitality group selects Sri Lanka for its game- changing dining brand Charcoal Tandoor

Highlights Kamu

Brunch at ITC Ratnadipa – Review

By Ranugi Thihansa If you’re looking for a Sunday brunch that brings together incredible food,

Highlights Kamu Yamu Guide

Harpo’s Pizza and Pasta: Review

We dropped by Harpo’s Pizza and Pasta the other day, and it turns out it’s

Highlights Kamu

The Fort Café by Tasty Caterers – Review

By Linara Wimalaweera The Fort Café by Tasty Caterers offers a refreshing escape from the

Highlights Kamu Yamu Guide

Nihonbashi by Dharshan – Review

Written by Linara Wimalaweera When it comes to Japanese fine dining in Colombo, few names

Highlights Kamu

Trending.

Yazu Set to Make Sri Lankan Debut at Radisson Blu Resort Galle in 2026

Radisson Blu Resort Galle is set to unveil its newest culinary venture in March 2026 with the opening of Yazu by

Highlights Trending Yamu Guide

Indiya Enters a New Chapter

Colombo, Sri Lanka – [9th March 2025] — Indiya, the signature Indian restaurant at Cinnamon

Highlights Trending

Here are the must visit Iftar spots for 2026

Ramadan 2026 brings with it a beautiful season of reflection, gratitude, and shared meals. Across

Highlights Trending Yamu Guide

Valentine’s Celebrations Unfolded at NH Collection Colombo

Valentine’s celebrations at NH Collection Colombo concluded on a high note, with guests enjoying an

Highlights Trending

Newburgh Ella: Where Sri Lanka’s Tea Heritage Rises Above the Clouds

A Tea Factory Reimagined High above the emerald hills of Ella, where mist drifts lazily

Highlights Trending

ITC Ratnadipa Presents ‘An Italian Affair’ in Partnership with the Italian Embassy, Sri Lanka

ITC Ratnadipa, Colombo in collaboration with the Embassy of Italy in Sri Lanka will host

Trending

Yamu Guide.

Yazu Set to Make Sri Lankan Debut at Radisson Blu Resort Galle in 2026

Radisson Blu Resort Galle is set to unveil its newest culinary venture in March 2026 with the opening of Yazu by

Highlights Trending Yamu Guide

A Ramadan Feast Awaits at ITC Ratnadipa – Available Till March 19

This Ramadan, ITC Ratnadipa invites guests to celebrate the holy month with ‘A Feast for

Highlights Yamu Guide

Here are the must visit Iftar spots for 2026

Ramadan 2026 brings with it a beautiful season of reflection, gratitude, and shared meals. Across

Highlights Trending Yamu Guide

IFTAR BUFFET LIST – 2026

With Ramadan 2026 now underway, families and friends are gathering in prayer, reflection, and devotion

Highlights Yamu Guide

Break Fast by the Lake: A Meaningful Ramadan at Cinnamon Lakeside Colombo

Colombo, Sri Lanka, 23rd February 2026 - This Ramadan, Cinnamon Lakeside Colombo invites guests to embrace the spirit

Highlights Yamu Guide

A Beautiful Beginning to Ramadan : Iftar at Cinnamon Grand Colombo

Colombo, Sri Lanka – 23rd February 2026 – This Ramadan, Cinnamon Grand Colombo welcomes guests to gather in reflection and

Highlights Yamu Guide