මෙදා සැරේ බුක් ෆෙයාර් එක ගැන දැනගත යුතුම කාරණා 7ක්.

2018 අවුරුද්දේ සාහිත්‍ය මාසය නිමිත්තෙන් පැවැත්වෙන කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය අද (21) පටන් ගැනුණේ වෙනදා වගේ ම උත්කර්ෂවත් විදියට. පොත් ප්‍රකාශකයන්ගේ සංගමයෙන් විසින් 20වෙනි වරට සංවිධානය කරපු මේ පොත් සල්පිල ලබන 30වෙනිදා දක්වා පැවැත්වෙනවා.

ඉතින් මේ සැරේ පොත් ප්‍රදර්ශනයට උදැහැනැක්කෙම ගියපු අපිට දැක බලාගන්න ලැබුණු තොරතුරු කීපයක් තමයි මේ.

1. වැඩිම වට්ටම 20%

අපට දැනගන්න ලැබුණු විදියට පොත් ප්‍රකාශකයන්ගේ සංගමයෙන් පනවපු මොකක්දෝ තහංචියක් නිසා මෙදා සැරේ ඕනේ ම පොත් කඩේකින් දෙන්න පුළුවන් උපරිම වට්ටම වෙන්නේ 20%. වෙනදට නම් 20%ක් නෙවෙයි, 30% වට්ටම් එහෙමත් අපට ගන්න පුළුවන්නේ. කට්ටිය සඳහන් කරන්නේ මේක පොත් ප්‍රදර්ශනයේ තියෙන ගුණාත්මක බව වැඩි කිරීම කියලයි. ඒත් ඉතින් අවුරුද්දක් තිස්සේ මේ වෙනුවෙන් ම සතෙන් සතේ එකතු කරලා කැටවල්වල එකතු කරපු සල්ලිත් අරගෙන, පොත්වලට ආදරය කරන නිසා ම දුර බැහැර ඉඳලා එන අපේ පොත් ගුල්ලන්ට මේක තරමක අසාධාරණයක් කියලයි අපි නම් හිතන්නේ.

2. කෝ චන්දන මෙන්ඩිස්?

පොත් ප්‍රදර්ශනයට එන ගොඩක් දෙනෙක්ගේ හිතේ අනිවාර්යෙන් ම තියෙන බලාපොරොත්තුවක් තමයි තමයි චන්දන මෙන්ඩිස් මහත්මයාගේ අලුත් පොත ගන්න එක. හැබැයි ගිය සැරේ වගේ ම තමයි, මෙදා සැරෙත් චන්දන මෙන්ඩිස් ප්‍රකාශයන් වෙනුවෙන් වෙන්වුණු වෙළඳ කුටියක් නැහැ. ඒත් මේ අවුරුද්දේ පිට වුණු ඔහුගේ අලුත් ම පොත – “වෙඩි හඬ”, වෙනත් ප්‍රකාශයන්ගේ වෙළඳ කුටිවල බොහොම ජයට අලෙවි වෙනවා. විජිත යාපා, සහන, සංඛ සහ සදීපා ප්‍රකාශන ඒ අතරින් කීපයක්. මේකේ මිල රු. 425ක්. 20% වට්ටම එක්ක එද්දී ඉතින් ඊට අඩුවට ලැබෙනවා.

3. ලිපිද්‍රව්‍ය අඩුවට දෙන Ten

ඉස්කෝලේ යන පොඩ්ඩෝ ඉන්න අම්මලා තාත්තලාට වගේ ම, ලිපිද්‍රව්‍ය තොග පිටින් ගන්න බලාගෙන ඉන්න ඕනේ ම කෙනෙක්ට හරියන තැනක් තමයි Ten එකේ වෙළඳ කුටිය. මේ කට්ටියගේ හරි අපූරු වට්ටම් තොගයක් තිබුණනේ. පොත් 100ක් ගත්තොත් 50ක් නොමිලේ, ඊළඟට පොත් 50ක් ගත්තොත් 25ක් නොමිලේ; බාගෙට බාගයක් වට්ටම්! ගිහින් ම බලන්නකෝ එහෙනම්.

4. අලුත් ම ඉංග්‍රීසි පොත් ගන්න හොඳ තැන්

සාමාන්‍යයෙන් අලුත් ඉංග්‍රීසි පොත් (නවකතා සහ අධ්‍යාපන පොත්) ගන්න හොඳම තැන වෙන්නේ Jeya බුක්ෂොප් එකනේ. ඊළඟට ඕනේ නම් Makeen බුක්ෂොප් එක පැත්තෙන් යන්න ඇහැකි.

හැබැයි ගිය අවුරුද්දේ වගේ ම මේ අවුරුද්දේත් ගුණසේන එකේ හොඳ සහ අලුත් ඉංග්‍රීසි පොත් කට්ටලයක් තිබුණා. 

ඊළඟට විජිත යාපා එකේ තිබුණු මේ ෂර්ලොක් පොත් කට්ටලය ගැනත් සඳහනක් කරන්න ඕනේ. පොත් 12කින් සමන්විත මේ පොත් කට්ටලය රු.10000ක් විතරයි.

ඔය මොනවා නැතත්, ගොඩක් ලාබෙට ඉංග්‍රීසි පොත් ගන්න ඕනේ නම් ඉතින් සෙකන්ඩ් හෑන්ඩ් පොත් තියෙන පැත්තට යන එක තමයි හොඳම වැඩේ. අර අලුත් පොත්වලින් එන සුවඳ නැතත්, අඩු ගාණට ෂේප් කොලිටියේ පොත් තොගයක් ම ගන්න පුළුවන්නේ මේවයින්.

5. බාර්ගේන් වෙළඳ කුටි

මෙදා සැරේ පොත් සල්පිලට ගියොත් නම් බාර්ගේන් වෙළඳ කුටි පැත්තට අනිවාර්යෙන් යන්න. මොකද ප්‍රධාන වෙළඳ කුටිවල වට්ටම 20%ක් වුණාට, මේ බාර්ගේන් කුටිවල 50%ක් දක්වා වට්ටම් ලබා දෙනවා. විජිත යාපා, සරසවි, ගුණසේන, සමුද්‍රා, අකුර වගේ ප්‍රධාන පොත්හල්වල වෙළඳ කුටි මේ අතරේ දැකගන්න ඇහැකි. අනික මේවයේ පොත් රු. 100 සිට ඉහළට විකිණෙනවා.

විජේසූරිය ග්‍රන්ථ කේන්ද්‍රයේ, සහ ෆාස්ට් පබ්ලිෂින් බාර්ගේන් කුටිවල සේරම පොත්වලට වගේ 50%ක වට්ටමක් දීලා තියෙන බවක් තමයි පේන්න තිබුණේ.

6. වෙනත් වට්ටම්

ඔය පරණ වේදිකා නාට්‍යවල ගීත සහිත සීඩී තැටි සහ නාට්‍ය සම්බන්ධ පොත් හොයනවා නම්, සංස්කෘතික අමාත්‍යංශයේ පොත් කුටියට යන්න. මොකද මෙතැන තියෙන මේ සීඩී සහ පොත්වලට 40%ක වට්ටම් ලැබෙනවනේ. ඒ වගේ ම, මධ්‍යම සංස්කෘතික අරමුදලේ වෙළඳ කුටිය පැත්තෙන් ගියොත් 25%ක වට්ටම් සහිතව බුදු පිළිම මිල දී ගන්න පුළුවන්.

සඛිල ප්‍රකාශකයන්ගේ වෙළඳ කුටියේ තියෙන මෙන්න මේ පොඩි බාස්කට් එක වෙන් වෙලා තියෙන්නේ මිල අඩු කරපු නවකතා කීපයකට. ඒවායේ සාමාන්‍ය මිල ගණන්වලට වඩා මේ පොත්වල මිල රු. 100ක් 200ක් වගේ අඩුයි.

aat වෙනුවෙන් ම වෙන් වුණු වෙළද කුටියක් මේ පොත් ප්‍රදර්ශනයේ අපට දැකගන්න ලැබුණා. මෙතැන ඒ සම්බන්ධ පොත් 10%ක වට්ටමක් ඇතිව මිලදී ගන්න පුළුවන්.

7. කවිකාරයන්/කාරියන්ගේ තෝතැන්න

ඔයත් පොතට පතට වගේ ම, කවියට ආදරය කරන කෙනෙක් නම් පොත් ප්‍රදර්ශනයේ J 310 කුටියට යන්න අමතක කරන්න එපා හොඳද. ‘වින්දනයේ නවාතැන අහස’ කියලා හඳුන්වන මේ කුටිය වෙන් වෙලා තියෙන්නේ කවිකාර දූ පුතුන්ටමයි.

වෙන මොනවද?

පුරුද්දට වගේ, ශ්‍රී ලංකා මහ බැංකුවේ වෙළඳ කුටියත් මේ සැරේ තියෙනවා. ඔය 2017 අවුරුද්දේ මහ බැංකු වාර්තාව එහෙම ඕනේ නම් මෙතැනින් ගන්න පුළුවන්. ඒ හැරුණා ම බ්‍රිටිෂ් කවුන්සිල් සහ තවත් උසස් අධ්‍යාපන ආයතන කීපයක වෙළඳ කුටිත් මේ පොත් ප්‍රදර්ශනයේ දැකගන්න ලැබුණා.

බඩගින්න, තිබහ නිවාගන්න ඕනේ නම් වෙනදා වගේ ම කොත්තුමී, මැගී, කොකාකෝලා, නෙස්කැෆේ, නෙස්ටී, කීල්ස් වගේ කෑම ස්ටෝල් මෙදා සැරෙත් මදි නොකියන තරමට BMICH පරිශ්‍රය පුරාවට ම තියෙනවා. අනික ගල්කිස්ස මහ හෝටලයෙන් කරන කෑම කුටියත් මේ අතරේ දැකගන්න පුළුවන්. ඔය රෝස්ට් පාන් එකක්, හැලප කෑල්ලක්, කිතුල් හකුරු කෑල්ලක් කාලා, ප්ලේන්ටියක්, බෙලිමල් උගුරක් බොන්න මේක කියාපු තැන. හැබැයි ඉතින් සර්විස් එක හරි ම ස්ලෝ.

හැබැයි ඉතින් කෑවා බිව්වා කමක් නෑ, ඔය ප්ලාස්ටික්, පොලිතීන් එහෙම තැනතැන දානවා නෙවෙයි ඕං. ඒ වගේ ම මතක ඇතුව කුඩයක් කාරිය අරගෙන යන්න. මොකද මේ දවස්වල කඩින්කඩ වහිනවනේ.

මේ අවුරුද්දේ පොත් සල්පිලේ ඔයාලා දැකපු අලුත් දේවල්, එහෙමත් නැත්තන් වැදගත් වේවි කියලා හිතන තවත් දේවල් තියෙනවද? අපටත් ඒ ගැන කමෙන්ට් එකක් දාලා කියන්නකෝ එහෙනම්.

Share on facebook
Share on twitter
Share on whatsapp

Highlights.

Latest.

KAMU.

Welcoming the Year of the Horse at Yue Chuan, The Kingsbury

Yue Chuan, the award-winning Chinese restaurant at The Kingsbury, Colombo, invites guests to usher in the

Highlights Kamu

Soho Hospitality Charts First Expansion into South Asia with Charcoal’s Colombo Debut

Bangkok-based international hospitality group selects Sri Lanka for its game- changing dining brand Charcoal Tandoor

Highlights Kamu

Brunch at ITC Ratnadipa – Review

By Ranugi Thihansa If you’re looking for a Sunday brunch that brings together incredible food,

Highlights Kamu Yamu Guide

Harpo’s Pizza and Pasta: Review

We dropped by Harpo’s Pizza and Pasta the other day, and it turns out it’s

Highlights Kamu

The Fort Café by Tasty Caterers – Review

By Linara Wimalaweera The Fort Café by Tasty Caterers offers a refreshing escape from the

Highlights Kamu Yamu Guide

Nihonbashi by Dharshan – Review

Written by Linara Wimalaweera When it comes to Japanese fine dining in Colombo, few names

Highlights Kamu

Trending.

Soul Sounds Returns to the Lionel Wendt with The Pop Era!

Led by internationally acclaimed Music Director Soundarie David Rodrigo, the celebrated ensemble will revisit the

Highlights Trending

Waves of Change: Hospitality Partners Unite for a Cleaner Colombo Coastline

In celebration of World Environment Day and World Oceans Day, Amari Colombo and Granbell Hotel

Highlights Trending

Radisson Hotel Kandy Brings Exclusive Wedding Experiences to Wedding Show 2026 at Kandy City Centre

Radisson Hotel Kandy is set to showcase its signature wedding offerings at the upcoming Wedding

Highlights Trending

The Mystique Nuwara Eliya – Timeless Luxury in the Hills.

Nestled in the heart of Sri Lanka’s picturesque hill country, The Mystique Nuwara Eliya offers

Highlights Trending

ONYX Hospitality Group Celebrates 60th Anniversary, Sets THB 10.33 Billion Revenue Target with THB 5.5 Billion Expansion Plan

ONYX Hospitality Group, a leading hospitality management company in Asia-Pacific, has unveiled its growth strategy

Highlights Trending

Is Your Diamond Actually Real? Why Savvy Sri Lankans are Choosing DINIDU for Non-Negotiable Authenticity

In the fabulous world of heirloom jewellery, the glamour of gemstones can often hide the

Highlights Trending

Yamu Guide.

Shangri-La Colombo Unveils a New Chapter at Tiki Bar

As the sun dips into the Indian Ocean and the city begins to exhale, Tiki

Trending Yamu Guide

DINIDU: Colombo’s Premier Destination for Wedding Anniversary Gifts

Every wedding anniversary is a chapter of a love story that continues to evolve. These

Highlights Yamu Guide

Yazu Set to Make Sri Lankan Debut at Radisson Blu Resort Galle in 2026

Radisson Blu Resort Galle is set to unveil its newest culinary venture in March 2026 with the opening of Yazu by

Highlights Trending Yamu Guide

A Ramadan Feast Awaits at ITC Ratnadipa – Available Till March 19

This Ramadan, ITC Ratnadipa invites guests to celebrate the holy month with ‘A Feast for

Highlights Yamu Guide

Here are the must visit Iftar spots for 2026

Ramadan 2026 brings with it a beautiful season of reflection, gratitude, and shared meals. Across

Highlights Trending Yamu Guide