මේ පාර බුක්ෆෙයා යද්දි දැනගෙන ඉන්න ඕන දේවල් 7ක්.

ඔන්න කට්ටිය ඇඟිලි ගැන ගැන බලන් හිටපු පොත් සමය සුපුරුදු පරිදි මේ පාරත් ඇවිත්. හැම අවුරුද්දෙම සාහිත්‍ය මාසෙ හෙවත් සැප්තැම්බර් මාසෙ පැවැත්වෙන කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය මේ අවුරුද්දෙත් අදින් ඇරඹුණා. ඉතිං අද උදේ ඉස් ඉස්සෙල්ලම මේ අවුරුද්දෙ බුක්ෆෙයා එක පැත්තෙ ගිය අපි, ඕගොල්ලො බුක්ෆෙයා යද්දි දැනගෙන ඉන්න ඕන දේවල් 7ක් අඳුනගත්තා.

1. ආරක්ෂාව

මේ අවුරුද්දේ කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය තමයි අප්‍රේල් මාසෙ සිද්ධ වුණ පාස්කු බෝම්බ ප්‍රහාරයෙන් පස්සෙ කොළඹ පැවැත්වෙන විශාලතම ඉවෙන්ට් එක. අපිට ආරංචි වුණ විදිහට පාස්කු ප්‍රහාරයෙන් පස්සෙ මේ වතාවෙ බුක්ෆෙයා එක පැවැත්වීම අවිනිශ්චිතව තමයි තිබිල තියෙන්නෙ. කොහොම වුණත් අන්තිමේ බුක්ෆෙයා එක දැඩි ආරක්ෂාවක් යටතේ පැවැත්වෙනවා. ඉතිං ඒකෙ ප්‍රතිඵලයක් විදිහට වෙන අවුරුදුවල තිබුණේ නැති ආරක්ෂක පියවර කීපයක් මේ පාර අනුගමනය කරල තියනවා. ටිකට් කවුන්ටර්ස්, නැත්තං ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීමේ කුටි පහු කරපු ගමන් පොලිස් නිලධාරීන් කීප දෙනෙක් විසින් අපේ ගමන්මලු විවෘත කරලා පරීක්ෂා කෙරෙනවා. ඒ වගේම මුද්‍රණ, ප්‍රකාශන ආයතනවල, පොත්හල්වල සහ වෙළෙඳ කුටි හිමිකරුවන්ගෙ අවසරලත් වාහනවලට හැර කිසිම වාහනේකට BMICH පරිශ්‍රය ඇතුළට වාහන ඇතුල් කරන්න අවසර නෑ. ඊළඟට විශේෂම දේ තමයි, ලොකු පොත්හල්වලින් දාපු කුටිවල විතරක් නෙමෙයි, පුංචි පුංචි පොත් කුටි බොහොමයකත් CCTV කැමරා ක්‍රියාත්මක කරල තිබුණා.

2. ඩිස්කවුන්ට්

පොත් ප්‍රදර්ශනයේ කුටි විශාල ප්‍රමාණයක් තිබුණත් ඒ සියල්ලේම වගේ ලබා දෙන වට්ටම 20%යි. ඒක පොත් කියවන්නන්ට සෑහීමකට පත් වෙන්න පුළුවන් වට්ටමක් කියල අපිට නං හිතෙන්නෙ නෑ. විශේෂයෙන් මෙච්චර විශාල ප්‍රදර්ශනයක. අනික් අතට මේ දවස්වලම මේ එක් එක් කුටිවලට අදාළ පොත් සාප්පුවලට ගියොත් මීට වැඩි වට්ටම් සහිතව මේ පොත්ම ගන්න පුළුවන්කමකුත් ලැබෙනව. බුක්ෆෙයා එකේ සාමාන්‍යයෙන් 70%ක් දක්වා වැඩිම වට්ටම් ලබා දෙන්නෙ බාගේන් කුටිවල. හැබැයි මේ වතාවෙ ඒ පැත්තෙත් 50%ට වඩා වට්ටම් දෙන්නෙ නැති බවක් තමයි බාගේන් කුටිවලට ගිහින් බලපු අපිට නං පෙනුණේ. ඒත් අඩු මිලට ඉංග්‍රීසි පොත් ගන්න හිතන් ඉන්න අයට බාගේන් කුටි දිහාවෙ යන එක සෑහෙන වටිනව.

3. ස්ටේෂනරි

හුඟක් පාසල් ළමයි සහ අම්මල තාත්තල පොත් ප්‍රදර්ශනේට එන්නෙ පාසල් ලිපිද්‍රව්‍ය, ලබන අවුරුද්දෙ පොත් ලැයිස්තුව වගේ දේවල් ගන්න බලාගෙන. ඉතිං ඒ වගේ විශාල පොත් ලැයිස්තු ගන්න අයට 70%ක් දක්වා විශේෂ වට්ටමක් ලබා දෙන තැන් කීපයක් අපිට හම්බුණා. ඒ ඇරෙන්න හුඟක් කුටි ස්ටේෂනරිවලටත් දෙන්නෙ සාමාන්‍ය පොත්වලට ලබා දෙන 20% වට්ටමම තමයි.

4. පොත් නොවන දේවල්

මේ පාර පොත් කුටිවලට දීල තියන තැනට සමාන වැදගත්කමක් පොත් නොවන කුටිවලටත් දීල තියනවා. විශේෂයෙන් ඇතුල් වෙද්දිම පොඩ්ඩන්ට චිත්‍ර අඳින්න, සෙල්ලම් කරන්න අලුතෙන් ආරම්භ කරල තියන කිඩ්ස් ප්ලේ හවුස් එක, සපත්තු කඩ වගේ දේවල් විශේෂයි. ඒ වගේම පොත් කුටිවලට වඩා මේවා දිහාට මිනිස්සු ඇදිල යන බවකුත් පෙන්න තියනවා. කොහොමත් දැන් පොත් ප්‍රදර්ශනයකින් එහාට ගිහින් මේ උත්සවේට කානිවල් ස්වරූපයක් ඇවිත් තියන නිසා මෙහෙම අලුත් දේවල් එකතු වෙන එකේ වරදකුත් නෑ. හැබැයි ඉස්සරහට පොත්වලට වඩා වෙන වෙන දේවල් කැපිල පේන්න පටන්ගනියි ද දන්නෙත් නෑ.

5. කෑමබීම

පොත් ප්‍රදර්ශනේ පොත්වලටත් වඩා අලෙවි වෙන ප්‍රධානම දේ තමයි කෑමබීම. මැගී, කොත්තුමී නූඩ්ල්ස්, කීල්ස් කුටියෙ ෂෝටීට්ස්, ගල්කිස්ස හෝටලේ ෆුඩ්කෝට් එක වගේ ඒවට අමතරව දේශීය කෑම ජාති, අයිස්ක්‍රීම්, සිසිල් බීම ආදී මෙකී නොකී තැන්වලට පොත් ගන්න ආව මිනිස්සුන්ගෙ අවධානය යොමු වුණා. ඒ වගේම අව්වෙ ඇවිදල එන මහන්සි නිවාගන්න තැන තැන තියන වතුර ෆිල්ටර්ස් සෑහෙන උපකාරී වෙනවා.

6. සම්මාන ලද පොත්

හුඟ දෙනෙක් පොත් ප්‍රදර්ශනේට යද්දි, මේ අවුරුද්දෙ සම්මානයට පාත්‍ර වුණ පොත්පත් තමන්ගෙ පොත් ලැයිස්තුවට එකතු කරගන්නවා. ඒ අයට තමයි මේ ඔත්තුව. මේ පාර ස්වර්ණ පුස්තක සම්මානය හිමි වුණේ සුරස ප්‍රකාශනයක් වන 'අදිසි නදිය' නවකතාවට. පොතේ කතුවරයා කපිල කුමාර කාලිංග. මේ පොතත් එක්ක තව පොත් හතරක් ස්වර්ණ පුස්තක සම්මානයේ අවසන් වටයට නිර්දේශ වුණා. බටුවන්ගල රාහුල හිමිගේ 'ගුම්' (සදීපා ප්‍රකාශන), කත්‍යානා අමරසිංහගේ 'ධරණි' (සූරිය ප්‍රකාශන), දීප්ති මංගලා රාජපක්ෂගේ 'අව පෑළවිය' (ගොඩගේ ප්‍රකාශන) සහ ශමෙල් ජයකොඩිගේ 'වීනස්ගේ උපත' (සරසවි ප්‍රකාශන) තමයි අනෙක් පොත් හතර. මේ අවුරුද්දෙ ගොඩගේ සාහිත්‍ය උළෙලේ හොඳම නවකතාව ලෙස සම්මානයට පාත්‍ර වුණේ එරික් ඉලයප්ආරච්චිගේ 'රතු පලස' (ගොඩගේ ප්‍රකාශන). ඒ වගේම විද්‍යොදය සාහිත්‍ය උළෙලේ දී සහ රාජ්‍ය සාහිත්‍ය උළෙලේ දී හොඳම නවකතාව වශයෙන් පිදුම් ලැබුවේ විරාජිනී තෙන්නකෝන්ගේ 'මකරානන්දය' නවකතාව (සරසවි ප්‍රකාශන).

7. ෂර්ලොක් හෝම්ස්

ෂර්ලොක් හෝම්ස් පොත් පිස්සන්ට සුබ ආරංචියක් මේ. චන්දන මෙන්ඩිස් විසින් පරිවර්තනය කරපු අලුත්ම ෂර්ලොක් හෝම්ස් කෘතිය පෙරේදා වෙළෙඳපොළට නිකුත් වුණා. ඒ තමයි 'සුරූපී නළඟන සහ තවත් ෂර්ලොක් හෝම්ස් කතා' කියන පොත. ප්‍රධාන පෙළේ ස්ටෝල්ස් ගොඩක මේ පොත ඉස්සරහින්ම ප්‍රදර්ශනය කරල තිබුණා. අද හෙටම බුක්ෆෙයා පැත්තෙ ගියොත් මේකත් උණු උණුවෙම ගන්න පුළුවන්.

මේ කියපු කරුණු මේ අවුරුද්දෙ පොත් ප්‍රදර්ශනේ සම්බන්ධයෙන් අපේ අවධානයට ලක් වුණ දේවල්. මේවා ගැනත් කල්පනාවෙන් ඒ පැත්තෙ ගිහින් පොත්පත් අතරෙ සැරිසරලා එන්න!

Share on facebook
Share on twitter
Share on whatsapp

Highlights.

Latest.

KAMU.

Brunch at ITC Ratnadipa – Review

By Ranugi Thihansa If you’re looking for a Sunday brunch that brings together incredible food,

Highlights Kamu Yamu Guide

Harpo’s Pizza and Pasta: Review

We dropped by Harpo’s Pizza and Pasta the other day, and it turns out it’s

Highlights Kamu

The Fort Café by Tasty Caterers – Review

By Linara Wimalaweera The Fort Café by Tasty Caterers offers a refreshing escape from the

Highlights Kamu Yamu Guide

Nihonbashi by Dharshan – Review

Written by Linara Wimalaweera When it comes to Japanese fine dining in Colombo, few names

Highlights Kamu

Yoroko at Cinnamon Life: An Unforgettable Sky-High Japanese Experience

Our visit to Yoroko was one for the books — and your bucket list. It’s

Highlights Kamu

The Chinwag- Review

By Sharon Nonis Chinwag has always been a crowd favorite, and now with their new

Highlights Kamu

Trending.

ITC Ratnadipa Presents ‘An Italian Affair’ in Partnership with the Italian Embassy, Sri Lanka

ITC Ratnadipa, Colombo in collaboration with the Embassy of Italy in Sri Lanka will host

Trending

Browns Hotels & Resorts Unwraps the Festive Season with Joyful Cake Mixing Celebrations

Browns Hotels & Resorts officially unwrapped the festive story for 2025 with grand cake mixing

Trending

The Best Cities for Food in the World — Readers’ Choice Awards 2025

By Fathima Rukaiya, As travel and dining experiences evolve, food-savvy travelers are looking beyond just

Trending Yamu Guide

ITC Ratnadipa Celebrates the Spirit of the Season with its 2nd Annual Cake Mixing Ceremony

ITC Ratnadipa, the jewel in Colombo’s skyline, heralded the start of the festive season with

Trending

The Kingsbury, Colombo, Crowned Sri Lanka’s Leading Hotel 2025 at World Travel Awards

The Kingsbury, Colombo, is honoured to have been awarded Sri Lanka’s Leading Hotel 2025 at

Trending

8 Thai Restaurants to try in Sri Lanka

You can ask around – but it’s rare to find someone who doesn’t love Thai

Highlights Trending Yamu Guide

Yamu Guide.

Sip, Slurp and Savour : 9 Ramen Spots to try in Colombo

If you’re food curious and always looking for your next Instagram-worthy bite, this ramen route

Highlights Yamu Guide

Brunch at ITC Ratnadipa – Review

By Ranugi Thihansa If you’re looking for a Sunday brunch that brings together incredible food,

Highlights Kamu Yamu Guide

Top Affordable Countries in Asia : Budget Destinations 

Sitting at your office desk wishing you’d have a little getaway for yourself - but

Highlights Yamu Guide

Baked with Love – Meet 9 of Sri Lanka’s sweetest home bakers

There’s something undeniably magical about home-bakes that café and bakery chains just cannot get right.

Highlights Yamu Guide

The Best Cities for Food in the World — Readers’ Choice Awards 2025

By Fathima Rukaiya, As travel and dining experiences evolve, food-savvy travelers are looking beyond just

Trending Yamu Guide

The Fort Café by Tasty Caterers – Review

By Linara Wimalaweera The Fort Café by Tasty Caterers offers a refreshing escape from the

Highlights Kamu Yamu Guide