Computex 2024 ප්‍රදර්ශනයට සමගාමීව MSI විසින් නවතම ප්‍රොසෙසර සහිත Business & Productivity Laptop හඳුන්වා දෙයි..

විශේෂාංග ලෙස කෘත්‍රිම බුද්ධියෙන් බලගැන්වෙන නවතම ප්‍රොසෙසර සහ NVIDIA® GeForce RTX™ ග්‍රැෆික් කාඩ් 

මෙවර COMPUTEX 2024 ප්‍රදර්ශනයට සමගාමීව, නවතම ප්‍රොසෙසර සහිත Next-Gen AI+ පරිගණක ක්‍රීඩාකරණ සහ Business & Productivity පරිගණක මාදිලි පෙළක් හඳුන්වා දීම, ලෝකයේ ප්‍රමුඛතම පරිගණක ක්‍රීඩාකරණ, නිර්මාණකරණ හා ව්‍යාපාර සහ ඵලදායිතා ලැප්ටොප් පරිගණක සන්නාමයක් වන MSI හරහා සිදු කෙරුණු බව අප නිවේදනය කරන්නේ අතිශය ආඩම්බරයෙන්. ඒවායේ නවමු විශේෂාංග ලෙස කෘත්‍රිම බුද්ධියෙන් බලගැන්වෙන නවතම ප්‍රොසෙසර සහ NVIDIA® GeForce RTX™ ග්‍රැෆික් කාඩ් එළිදක්වනු ලබනවා. මෙම ලැප්ටොප් පරිගණක ටොප්ස් (TOPS) 100 කට අධික විභවයකින් යුක්ත වන අතර Intel® Core™ අල්ට්‍රා ප්‍රොසෙසර භාවිතයෙන්, AI මොඩල 500කට අධික ප්‍රමාණයකට ප්‍රශස්ත ලෙස ධාවනය වීමට හැකියාව ලබාදෙනවා. එසේම, මෙම ලැප්ටොප් පරිගණක GeForce RTX Laptop GPU සමඟ ඒකාබද්ධ කළ විට ටොප්ස් 542 ක විභවයක් ලබා දෙනවා. ඒ, ඒවායේ උපරිම ක්‍රියාකාරීත්වයට ඉඩ සලසමින් හා කෘත්‍රිම බුද්ධිය හා සබැඳි අසමසම අත්දැකීම් ලබා ගැනීමට ඉඩ සලසමින්.

ඊට අමතරව, Intel® Core™ අල්ට්‍රා ප්‍රොසෙසර (මෙම ප්‍රොසෙසර “Lunar Lake” නමැති කේත නාමයෙන් හැඳින්වේ.) මඟින් බලගැන්වූ නවතම Claw 8 AI+ Windows 11 ගේමිං හෑන්ඩ් හෙල්ඩයක්ද MSI මඟින් එළිදක්වනු ලැබුවා. මෙම උපාංගයේ අඟල් 8 ක දිගින් යුත් සුපැහැදිලි තිරය නිසා පරිශීලකයින්ට ඉතා සුමට හා විශාල පරාසයක පැතිරුණු ගේමිං අත්දැකීමක් ලබා ගැනීමටද අවස්ථාව හිමි වනවා.

MSI හරහා වැඩි දියුණු කරනු ලැබූ එම උපාංග වලට අමතරව සුප්‍රසිද්ධ සුඛෝපභෝගී කාර් රථ සන්නාමයක් වන Mercedes-AMG සමඟ අත්වැල් බැඳගනිමින් Stealth 18 Mercedes-AMG Motorsport සහ Stealth 16 Mercedes-AMG Motorsport යන ලැප්ටොප් පරිගණක සහ මෑතකදී ටෙලි කතා මාලාවකට නැංවූ, ලෝකය පුරා අතිශය පිළිගැනීමට ලක්වුණු “Fallout” පරිගණක ක්‍රීඩා සමාගම සමඟ එක්ව Claw හෑන්ඩ් හෙල්ඩයේ Claw Fallout Limited Edition ඇතුළු සම-සන්නාමික නිෂ්පාදන කිහිපයක්ද වෙළෙඳපොළට නිකුත් කරනු ලැබුවා. මේ සියල්ල ලොව පුරා විහිදී සිටින, ඉහළම ක්‍රියාකාරීත්ව කාර් රථ වල ලෝලීන්ට හා පරිගණක ක්‍රීඩා වල යෙදෙන්නන් සඳහාමයි.

එසේම ලැප්ටොප් පරිගණක වල භාවිතයේ සහ රැගෙන යාමේ පහසුවට ප්‍රමුඛත්වය දෙන ව්‍යාපාරිකයන් සහ සිසුන් වෙනුවෙන්ම විශේෂයෙන්ම නිර්මාණය කරන ලද නවතම මාදිලියේ ලැප්ටොප් පරිගණක පෙළක්ද MSI විසින් එළිදක්වනු ලැබුවා.

නවතම නිපැයුම් වෙළෙඳපොළට නිකුත් කිරීමට අමතරව, 2024 COMPUTEX BC සම්මානය දිනා ගැනීමටද  MSI සන්නාමයට හැකියාවක් ලැබීම ඒ වෙනුවෙන් හිමිවුණු විශාල ගෞරවයක්.  මෙම සම්මානය හිමි වුණේ  MSI සමාගමේම නිපැයුම් වන Prestige 16 AI Evo, අඟල් 16 තිරය සහිත ලැප්ටොප් පරිගණකය හා ගේමිං හෑන්ඩ් හෙල්ඩය සඳහායි. Prestige 16 ලැප්ටොප් පරිගණකය රන් සම්මානය සඳහා තේරී පත් වූයේ එය තැනින් තැන රැගෙන යෑමට එහි ඇති අති සුවීශේෂී පහසුතාව නිසාමයි. ඒ නිසාම එය පරිගණක හා පද්ධති ප්‍රවර්ගයේ හොඳම නිපැයුම ලෙසට ජූරියේ පිළිගැනීමටද පාත්‍ර වුණා.

“MSI ඔබ වෙත ගෙන එන්නෙ මේ නිෂ්පාදන ක්ෂේත්‍රයේ විශාලම පරාසයේ  AI+ PC වල සං‍යෝජන මාලාව විතරක් නෙවෙයි. එයින් ලෝකය පුරා විහිදිලා ඉන්න කාර් ලෝලීන් හා පරිගණක ක්‍රිඩාවල යෙදෙන්නන් වෙනුවෙන්ම නිර්මාණය කරපු අලුත්ම ලැප්ටොප් පරිගණක සහ හෑන්ඩ් හෙල්ඩ් උපාංගත් හඳුන්වලා දෙනවා.” එසේ සඳහන් කළේ MSI සමාගමේ දෙවන විධායක අධ්‍යක්ෂ සහ NB ව්‍යාපාර ඒකකයේ සාමාන්‍යාධිකාරී එරික් ක්වෝ මහතා. “Next-gen AI පරිගණනය සහ උද්වේගකර ගේමිං නිපැයුම් අත් විඳ ගැනීමට MSI කුටියට පැමිණෙන්න කියලා ලෝකය වටෙන්ම පැමිණෙන අමුත්තන්ට අපි ආරාධනා කරනවා.”

Prestige සහ Summit: “Lunar Lake” යන කේත නාමයෙන් හැඳින්වෙන,  Intel® Core™  අල්ට්‍රා ප්‍රොසෙසරය සහිත ප්‍රමුඛතම Next-gen AI+ ව්‍යාපාර සහ ඵලදායිතා ලැප්ටොප් පරිගණක

COMPUTEX 2024 ප්‍රදර්ශනයට සමගාමීව MSI හරහා Intel® Core™ අල්ට්‍රා ප්‍රොසෙසර (මෙම ප්‍රොසෙසර “Lunar Lake” නමැති කේත නාමයෙන් හැඳින්වේ.) මඟින් බල ගැන්වූ, ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම Next-gen AI+ ව්‍යාපාර සහ ඵලදායිතා පරිගණක දෙවර්ගයක් වන Prestige සහ Summit හඳුන්වා එළිදක්වනු ලැබුවා. පෙර generation හා සැසඳීමේදී මෙම නවතම ප්‍රොසෙසරය මඟින් AI ක්‍රියාකාරීත්වය පෙර මෙන් තෙගුණයකින් ඉහළ නංවනු ලබනවා. එසේම අනුකලනය කරන ලද GPU ,CPU, සහ NPU මඟින් ලබා දෙන ටොප්ස් 100 කට අධික AI ක්‍රියාකාරීත්වය හරහා වැඩි AI මෘදුකාංග ගණනාවක් හෝ සේවාවන් ගණනාවක් ක්‍රියා කරවීමට හැකියාව ලැබෙනවා. සියයකට අධික ස්වාධින මෘදුකාංග අලෙවිකරුවන් විසින් හඳුන්වා දී ඇති විශාල පරාසයක වූ මෘදුකාංග හා සේවා සමඟ ඒකාබද්ධ කළ විට එය පරිශීලකයාට ලබා දෙන්නේ වඩා ශීඝ්‍ර හා ආරක්ෂිත අත්දැකීමක්.

ඊට අමතරව එම ප්‍රොසෙසර මඟින් 500කට අධික AI මොඩල ප්‍රශස්තව ක්‍රියා කරවා ඇත්තේ, වැඩි දියුණු වෙමින් පවතින AI සබැඳි සේවා වලට වඩාත්ම යෝග්‍ය තාක්ෂණික පාදම වන්නේ එම ප්‍රොසෙසර බව සනාථ කරමින්. Core™ Ultra ප්‍රොසෙසර වල AI ක්‍රියාකාරීත්වය පමණක් නොවේ, ඒවායේ සුවිශිෂ්ට බලශක්ති කාර්‍යක්ෂමතා අනුපාතයද අමතක කළ නොහැකි කරුණක්. Prestige and Summit, එහි ප්‍රතිඵලයක් ලෙස නිර්මාණය වූ වඩා සිහින් හා සැහැල්ලු ව්‍යාපාර හා ඵලදායිතා ලැප්ටොප් පරිගණක වනවා.

Prestige මාලාවේ ලැප්ටොප් පරිගණක, අඟල් 13, 14 සහ 16 ලෙස ප්‍රමාණ තුනකින් ලබා ගත හැකියි. ඒවායේ භාවිතා වන නවතම ප්‍රොසෙසර වලට අමතරව බරින් ඉතාම අඩු වීම, විශාල බැටරි සහිත වීම සහ බැටරි ආයු කාලය වඩා දීර්ඝ වීම ඒවායෙන් හඳුන්වා දෙන සුවිශේෂි අංගයන්. නිදසුනක් ලෙස Prestige 13 AI+ ලැප්ටොප් පරිගණකයේ බර ප්‍රමාණය 990 g ක් පමණයි. එයට, දිනය පුරාම බාධාවක් රහිතව බලශක්තිය ලබාදෙන 75Wh ක බැටරියත් අයත් වෙනවා. ඊට අමතරව Prestige මාලාවේ ලැප්ටොප් පරිගණක සියල්ලගේම වෙබ්කැම් උපාංගය මෙගාපික්සල් 5 ක වෙබ්කැම් එකක් තෙක් upgrade කිරීමක් සිදුකොට ඇත්තේ ඉහළ තත්ත්වයේ live streaming සහ online meeting සිදු කිරීමට අවැසි හැකියාව ලබා දෙමින්.

නවතම  Intel® Core™ අල්ට්‍රා ප්‍රොසෙසර භාවිතය, බරින් අඩුවීම, පූර්ණ ආරක්ෂාවට අමතරව එම ලැප්ටොප් පරිගණක මාලාවේම තවත් එක් මාදිලියක් වන Summit 13 AI+ Evo හී ඇති  MSI Pen 2 stylus supporting MPP 2.6 එනම් MSI Pen 2 stylus එක භාවිතා කළ හැකි, 2.6 මයික්‍රොසොෆ්ට් පෙන් ප්‍රොටකෝලය නිසා එම ලැප්ටොප් පරිගණකය ඉහළම බහුකාර්‍යතාව සහිත flip ලැප්ටොප් පරිගණකයක් බවට පත් වෙනවා.

Stealth A16 AI+ සහ Creator A16 AI+:AMD Ryzen™ AI 300 ප්‍රොසෙසර මාලාව සහිත ලෝකයේ ප්‍රථම අඟල් 16 තිරය සහිත සැහැල්ලු, Gaming & Creator ලැප්ටොප් පරිගණකය

MSI විසින්, Next-gen AI, පරිගණක ක්‍රීඩාකරණය සහ නිර්මාණකරණය සං‍යෝජනය කරමින්, ලොව ප්‍රථම අඟල් 16 තිරය සහිත සැහැල්ලු, Gaming & Creator ලැප්ටොප් පරිගණකය හඳුන්වා දෙනු ලැබුවා. නව ප්‍රොසෙසර ආකෘ තියක්, NPU සහ අනුකලිත graphic, AMD Ryzen™ AI 300 මාලාවේ ප්‍රොසෙසර විසින් හඳුන්වා දෙනු ලබනවා. එමඟින් ඇති කෙරෙන්නේ සුවිශිෂ්ට ප්‍රොසෙසර ක්‍රියාකාරීත්වයක්, display capabilities මෙන්ම සුවිශිෂ්ට AI පරිගණන විභවයක්.

නවතම XDNA 2 ආකෘතිය මඟින්, AI පරිගණන විභවයට අදාළව පෙර නිෂ්පාදන මෙන් තෙගුණයක ක්‍රියාකාරීත්වයක් ලබා දෙන්නේ generative AI හෝ විශාල language මොඩල වලට සෘ ජුවම ලැප්ටොප් පරිගණකය තුළ ධාවනය වීමට ඉඩ ලබා දෙමින්. එසේම සැහැල්ලු ලැප්ටොප් පරිගණක වලින් සුමට ගේමිං අත්දැකීමක් ලබා දෙන, නවතම integrated Radeon™ 800M මාලාවේ graphics unit, පෙර  generation එකට සාපේක්ෂව 33%කින් graphics cores ඉහළ නැංවීමත් එම පරිගණක වලින් එළිදැක්වෙන විශේෂ අංගයක්. නවතම Zen 5 ආකෘ තියට අනුව නිමවා ඇති ප්‍රොසෙසර ඒකකයෙන්, cores 12 ක ප්‍රමාණයක් සඳහා හැකියාවක් ලබා දෙන අතර පෙර නිපැයුම් වලට සාපේක්ෂව 50%ක අමතර on-chip මෙමරියක් ලබා දීමද සිදු කෙරෙන්නේ වෙළෙඳපොළේ ඇති ප්‍රමුඛතම ප්‍රොසෙසර ක්‍රියාකාරීත්වය ලබා දෙමින්.  

නවතම NVIDIA® GeForce RTX™ 40 graphics වලින් සන්නද්ධ වුණු Stealth A16 AI+ සහ Creator A16 AI+ යන පරිගණක ඉහළම මට්ටමේ AI පරිගණන විභවයක් ලබා දෙනවා. AI යුගය සඳහාම නිර්මාණය කෙරුණු GeForce RTX™ හී ඇති විශේෂණය කළ AI Tensor Cores ඉතාම ඉහළ ක්‍රියාකාරීත්වයක් සේම පෙරළිකාර හැකියාවන්ද ලබා දෙනවා. මෙම අනර්ඝ AI විශේෂාංග තුළින් පරිශීලකයින්ගේ වැඩ කටයුතු වල නිරත වුණු හා පරිගණක ක්‍රීඩාකරණයේ යෙදුණු ආකාරය වෙනස් කෙරෙනවා.

නවතම ප්‍රොසෙසරය හා සුවිශිෂ්ට පරිගණන විභවය මෙන්ම මැග්නීසියම් සහ ඇලුමිනියම් සහිත මිශ්‍ර ලෝහයෙන් සැදුණු සැහැල්ලු බඳ, Cooler Boost 5 හී ප්‍රබල සිසිලනය සහ  ports සමූහය Stealth A16 AI+ සහ Creator A16 AI+  ලැප්ටොප් පරිගණක වල සුවිශේෂී අංග වනවා. ඒවායෙන් මෙම පරිගණක වඩාත් සමබර සහ සැහැල්ලු, අඟල් 16 Gaming and Creator ලැප්ටොප් පරිගණක බවට පත් කරනවා.

පරිගණක ක්‍රීඩාකරණ හා නිර්මාණකරණ මාලා වලට අමතරව, MSI විසින්, AMD Ryzen™ AI 300 Series ප්‍රොසෙසර සහිත Summit A16 AI+ and Prestige A16 AI+  යන ව්‍යාපාර හා ඵලදායිතා ලැප්ටොප් පරිගණක ද්විත්වය එළිදැක්වූවා. 82Wh බැටරිය, සැහැල්ලු බව ආදිය මේවායේ සුවිශේෂී ලක්ෂණ වනවා. ඒ හරහා, මෙම පරිගණක, ඒවා භාවිතයේ හා තැනින් තැනට රැගෙන යාමේ පහසුතාවට ප්‍රමුඛත්වය ලබා දෙන ව්‍යාපාරිකයින්ගේ හොඳම තේරීම වනු ඇති.

Claw 8 AI+: The World’s First Windows 11 Gaming Handheld with Intel® Core™ Ultra processor (codenamed “Lunar Lake”) Intel® Core™ Ultra ප්‍රොසෙසරය (කේතනාමය -“Lunar Lake”) සහිත ලෝකයේ ප්‍රථම වින්ඩෝස් 11 ගේමිං හෑන්ඩ් හෙල්ඩය 

MSI හී ප්‍රථම ගේමිං හෑන්ඩ් හෙල්ඩය, CES, එහි සාර්ථකත්වය ගොඩ නගා ගනිමින් වෙළෙඳපොළේ කැපී පෙනෙන නිපැයුමක් බවට පත්ව තිබෙන අතරේම MSI , Intel® Core™ Ultra ප්‍රොසෙසරයෙන්(කේතනාමය -“Lunar Lake”)  බල ගැන්වූ ලෝකයේ ප්‍රථම වින්ඩෝස් 11 ගේමිං හෑන්ඩ් හෙල්ඩය වන Claw 8 AI+, COMPUTEX ප්‍රදර්ශනයේදී MSI විසින් එළි දක්වනු ලැබූයේ නැවත වරක්, ලෝකය වටා සිටින හේමිං හෑන්ඩ් හෙල්ඩ් රසිකයින්ගේ අවධානය දිනා ගනිමින්.

හෑන්ඩ් හෙල්ඩයේ ඇති Next-gen ප්‍රොසෙසරයේ ඉහළ බලශක්ති කාර්‍යක්ෂමතාවට අමතරව  MSI, එහි පාරිභෝගිකයින්ගේ ප්‍රතිචාර වලට යුහුසුළුව සවන් දී, ඒ අනුව, හෑන්ඩ් හෙල්ඩයට අමතර Thunderbolt 4-supported USB-C port එකක් එක් කිරීම, LB/RB button වල ස්පර්ශ සංවේදනය වැඩි කිරීම, බැටරි ධාරිතාව වැඩි කිරීම, චාජරය, වඩා සැහැල්ලු, wall-mounted චාජරයකින් ආදේශ කිරීම ආදී දෘඪාංග ආශ්‍රිත වෙනස්කම් කිහිපයක් සිදු කළා. Claw 8 AI+ වෙළෙඳපොළේ පවතින වඩාත්ම වැඩි දියුණු කළ අඟල් 8 ක දිග ප්‍රමාණයකින් යුක්ත හෑන්ඩ් හෙල්ඩය බවට පත් වීමයි අපේක්ෂා කෙරෙන්නේ. එය නිල වශයෙන් වෙළෙඳපොළට නිකුත් කිරීමෙන් පසුව, Xbox Game Pass හී එක් මාසයක free trial එකක් ලබා දෙන්නේ, මේ වන විට වඩාත්ම ජනප්‍රිය වී ඇති  AAA games හී පරිශීලකයින්ට නිරත වීමට ඉඩ ලබාදෙමින්.

Stealth 18 Mercedes-AMG Motorsport සහ Stealth 16 Mercedes-AMG Motorsport: සුපිරි ක්‍රියාකාරීත්වයේත්, සුඛෝපභෝගීත්වයෙත් සුසං‍යෝජනය

ලොව පුරා සුප්‍රසිද්ධ සුඛෝපභෝගී කාර් රථ සන්නාමයක් වන Mercedes-AMG සමඟ එහි ප්‍රථම Stealth 16 Mercedes-AMG Motorsport ලැප්ටොප් පරිගණකය සම සන්නාමිකව නිකුත් කිරීමේදී එම සමාගමේ නිල සහකරු බවට පත් වීමට MSI සමාගමට ගෙවී ගිය වසරේදී හැකිවුණා. ඔවුන්ගේ හවුල්කාරීත්වයේ පළමු සංවත්සරය සැමරීම නිමිති කොටගෙන මෙම සමාගම් දෙක යළිත් එක්ව Stealth 18 Mercedes-AMG Motorsport ලැප්ටොප් පරිගණකය සම සන්නාමිකව එළිදැක්වූවා. එසේම ලොව නන්දෙස විසිරුණු කාර් හා පරිගණක ක්‍රීඩා ලෝලීන් වෙනුවෙන් Stealth 16 Mercedes-AMG Motorsport ලැප්ටොප් පරිගණකය upgrade කිරීමද සිදු කරනු ලැබුවා.

එහි අත්ල රැඳවෙන කොටසේ විශාල ප්‍රදේශයක් ආවරණය කරමින් විහිදෙන AMG මෝස්තර රටාව, MSI, AMG ලෝහමය nameplates, සෑම තැනකම විහිදී ගිය Mercedes-AMG Motorsport ලාංඡනය ආදී“වේග සංකේත” ඇතුළත් කරමින් MSI හා Mercedes-AMGහී නිර්මාණකරණ කණ්ඩායම් දෙකම එකතු වී Stealth 18 හී හැඩය නිර්මාණය කෙරුණා. මැග්නීසියම් සහ ඇලුමිනියම් සහිත මිශ්‍ර ලෝහයෙන් සැදුණු සැහැල්ලු බඳත් සමඟ සං‍යෝජනය වූ මෙම හැඩයෙන් පරිශීලකයාට ලබා දෙන්නේ සුඛෝපබෝගීත්වය සහ ඉහළම ක්‍රියාකාරීත්වය සම්මිශ්‍රණය වූ හැඟීමක්.

Stealth 18 හී සැබෑ ක්‍රියාකාරීත්වය, Mercedes-AMG GT2 factory රේස් කාරය තරමට ප්‍රබලතාවෙන් යුතු වනවා. Intel® Core™ 9 185H processor අල්ට්‍රා ප්‍රොසෙසරයත්, NVIDIA® GeForce RTX™ 4080 ග්‍රැෆික් චිපයත් ඒ සබැඳි වාෂ්ප කුටීර සිසිලනයත් එම ලැප්ටොප් පරිගණකයේ ප්‍රබල ක්‍රියාකාරීත්වයකට මඟ සලසන්නේ, පරිගණක ක්‍රීඩාකරණයේ යෙදෙන්නන්ට, Mercedes-AMG GT2 factory සේම පරිගණක ක්‍රීඩාකරණ යුධ බිම ආක්‍රමණය කිරීමට සලස්වමින්.

Claw x Fallout Limited Edition: පශ්චාත්-න්‍යෂ්ටික-ව්‍යසන යුගයට පිළිගනිමු.

COMPUTEX ප්‍රදර්ශනයේදී, කීර්තිමත් පරිගණක නිර්මාණකරණ සමාගමක් වන Bethesda සමග ඒකාබද්ධව, සම සන්නාමිකව Claw ගේමිං හෑන්ඩ් හෙල්ඩයේ limited edition එකක් වන Claw x Fallout එළි දැක්වූවා. එහි පිටත සැලැස්ම නිර්මාණය කිරීම සඳහා මුළුමනින්ම ආභාසය ගෙන තිබුණේ Vault dwellers භාවිත කළ Pip-Boys, රොබෝවරු ආදී, Fallout පරිගණක ක්‍රීඩාවේ Vaults ආශ්‍රයෙන්. ඒ නිසාම එය ලොව පුරා විසිරී සිටින Fallout ලෝලීන්ගේ සිහින උපාංගයක් බවට පත් වෙනවා. හෑන්ඩ් හෙල්ඩය හොඳින් ග්‍රහණය  කර ගැනීමේ හැකියාව, ඒ තුළ වන ව්‍යාපාර ලෝකයේ පවතින විශාලතම බැටරිය, ඉහළ cooling හැකියාව, Hall effect sensors සහිත  joysticks සහ triggers, එහි තවත් සුවිශේෂතාවක් ලෙස Windows 11ඇතුළත් වීම ආදිය හේතුවෙන් Fallout ක්‍රීඩාවේ යෙදෙන්නන්නට, එම ක්‍රීඩාවේ ඇති පශ්චාත්-න්‍යෂ්ටික-ව්‍යසන ස්වාභාවය දැඩිව අත්විඳිමින් ඕනෑම වෙලාවක එම ක්‍රීඩාවේ යෙදීමේ හැකියාව ලැබෙනවා.

නවතම Modern ලැප්ටොප් පරිගණක මාලාව:  ව්‍යාපාර වෘ ත්තිකයන් හා සිසුන් වෙනුවෙන් නිර්මාණය කොට ඇත.

MSI හී නවතම Modern ලැප්ටොප් පරිගණක මාලාව ඒවායේ සැහැල්ලු බව නිසා හා භාවිතයට පහසු යතුරු පුවරුව නිසා එම ලැප්ටොප් පරිගණක වෙළෙඳපොළට හඳුන්වා දීමේ පටන් බෙහෙවින් පැසසුමට ලක් වුණා. මෙම පරිගණකද අඟල් 13, 14 සහ 15 යන ප්‍රමාණ වලින් ලබාගත හැකි බව එම සමාගම ප්‍රකාශ කරන්නේ ඉතාම ආඩම්බරයෙන්.  භාවිතයට පහසු යතුරු පුවරුව, සැහැල්ලු බව සහ ඉහළ connectivity options වලට අමතරව ඒවායේ ඇති RJ-45 wired network port මඟින් ස්ථායි අන්තර්ජාල සැපයුමක් ලබා දෙනවා. මේ නිසා ව්‍යාපාර වෘ ත්තිකයන්ට හා සිසුන්ට ඔවුන්ගේ වැඩ කටයුතු ඉතා කාර්‍යක්ෂමව කර ගැනීමට හැකියාව ලැබෙනවා.

ඉහත සඳහන් සියලුම නිපැයුම් COMPUTEX 2024 ප්‍රදර්ශනයේ ඇති MSI කුටියේදී ප්‍රදර්ශනය කෙරෙනවා. ජාත්‍යාන්තර සමාගම්, ප්‍රචාරණ සමාගම්, මාධ්‍ය ආයතන සහ නරඹන්නන්ට මේ නිපැයුම් සියල්ල දැක බලාගෙන තමාගේ ප්‍රතිචාර අප වෙත ලබා දෙන්නැයි අප ආරාධනා කරනවා. ඒ නිපැයුම් පිළිබඳ ඔබට වැඩි දුර තොරතුරු දැන ගැනීමට අප විවිධ වැඩසටහන් සංවිධානය කොට තිබෙන අතර ඔබේ සහභාගීත්වය අපි අපේක්ෂා කරන්නෙමු. වැඩිදුර විස්තර පහතින්.

කුටියේ පිහිටීම: 4 වන මහල, Taipei Nangang ප්‍රදර්ශන කේන්ද්‍රය, ශාලා අංක 01(TaiNEX 1) 

කුටි අංකය: M0806

කුටි ලිපිනය: නො. 1, Jingmao 2 වන වීදිය, Nangang දිස්ත්‍රික්කය,Taipei.

ප්‍රදර්ශන කාලය: 2024/06/04 – 06/07 9:30 – 17:30 

* සියලු නිෂ්පාදන වල පිරිවිතර, ක්‍රියාකාරකම් සහ බාහිර පෙනුම, මොඩල හා අදාළ රට අනුව වෙනස් විය හැකිය. සියළු පිරිවිතර, පූර්ව දැනුම් දීමකින් තොරව වෙනස් කිරීමට ලක් විය හැකිය.

*Product specification, functions and appearance may vary by models and differ from country to country. All specifications are subject to change without notice.

For high-res images, please visit:  https://msi.gm/SC6DED9F 

MSI Twitch:      twitch.tv/msigaming

MSI GAMING: https://www.msi.com/

MSI Facebook:   https://www.facebook.com/MSIGaming

MSI Instagram: https://www.instagram.com/msigaming/

MSI YouTube:  https://www.youtube.com/user/MSIGamingGlobal

MSI Twitter:      https://twitter.com/msitweets

Subscribe to MSI RSS Feeds via https://www.msi.com/rss for real-time news and more product info.

Share on facebook
Share on twitter
Share on whatsapp

Highlights.

Latest.

KAMU.

Welcoming the Year of the Horse at Yue Chuan, The Kingsbury

Yue Chuan, the award-winning Chinese restaurant at The Kingsbury, Colombo, invites guests to usher in the

Highlights Kamu

Soho Hospitality Charts First Expansion into South Asia with Charcoal’s Colombo Debut

Bangkok-based international hospitality group selects Sri Lanka for its game- changing dining brand Charcoal Tandoor

Highlights Kamu

Brunch at ITC Ratnadipa – Review

By Ranugi Thihansa If you’re looking for a Sunday brunch that brings together incredible food,

Highlights Kamu Yamu Guide

Harpo’s Pizza and Pasta: Review

We dropped by Harpo’s Pizza and Pasta the other day, and it turns out it’s

Highlights Kamu

The Fort Café by Tasty Caterers – Review

By Linara Wimalaweera The Fort Café by Tasty Caterers offers a refreshing escape from the

Highlights Kamu Yamu Guide

Nihonbashi by Dharshan – Review

Written by Linara Wimalaweera When it comes to Japanese fine dining in Colombo, few names

Highlights Kamu

Trending.

Yazu Set to Make Sri Lankan Debut at Radisson Blu Resort Galle in 2026

Radisson Blu Resort Galle is set to unveil its newest culinary venture in March 2026 with the opening of Yazu by

Highlights Trending Yamu Guide

Indiya Enters a New Chapter

Colombo, Sri Lanka – [9th March 2025] — Indiya, the signature Indian restaurant at Cinnamon

Highlights Trending

Here are the must visit Iftar spots for 2026

Ramadan 2026 brings with it a beautiful season of reflection, gratitude, and shared meals. Across

Highlights Trending Yamu Guide

Valentine’s Celebrations Unfolded at NH Collection Colombo

Valentine’s celebrations at NH Collection Colombo concluded on a high note, with guests enjoying an

Highlights Trending

Newburgh Ella: Where Sri Lanka’s Tea Heritage Rises Above the Clouds

A Tea Factory Reimagined High above the emerald hills of Ella, where mist drifts lazily

Highlights Trending

ITC Ratnadipa Presents ‘An Italian Affair’ in Partnership with the Italian Embassy, Sri Lanka

ITC Ratnadipa, Colombo in collaboration with the Embassy of Italy in Sri Lanka will host

Trending

Yamu Guide.

Yazu Set to Make Sri Lankan Debut at Radisson Blu Resort Galle in 2026

Radisson Blu Resort Galle is set to unveil its newest culinary venture in March 2026 with the opening of Yazu by

Highlights Trending Yamu Guide

A Ramadan Feast Awaits at ITC Ratnadipa – Available Till March 19

This Ramadan, ITC Ratnadipa invites guests to celebrate the holy month with ‘A Feast for

Highlights Yamu Guide

Here are the must visit Iftar spots for 2026

Ramadan 2026 brings with it a beautiful season of reflection, gratitude, and shared meals. Across

Highlights Trending Yamu Guide

IFTAR BUFFET LIST – 2026

With Ramadan 2026 now underway, families and friends are gathering in prayer, reflection, and devotion

Highlights Yamu Guide

Break Fast by the Lake: A Meaningful Ramadan at Cinnamon Lakeside Colombo

Colombo, Sri Lanka, 23rd February 2026 - This Ramadan, Cinnamon Lakeside Colombo invites guests to embrace the spirit

Highlights Yamu Guide

A Beautiful Beginning to Ramadan : Iftar at Cinnamon Grand Colombo

Colombo, Sri Lanka – 23rd February 2026 – This Ramadan, Cinnamon Grand Colombo welcomes guests to gather in reflection and

Highlights Yamu Guide