ලංකාවෙ අපි ගැඹුරින් නොහිතා මඟ අරින මාතෘකා 7ක්.

අපේ රට අපි දන්න කාලෙ ඉඳලත්, අපේ අම්මල තාත්තලා දන්න කාලෙ ඉඳලත්, අපේ සීයල ආච්චිලා දන්න කාලෙ ඉඳලත් සංවර්ධනය වෙමින් පවතින රටක්. අපේ රට සංවර්ධනය වෙලා ඉවර වෙන්නෙ නැද්ද? මේ පසුබෑමට හේතු මොනවද කියල පොඩ්ඩක් කල්පනා කරල බැලුවම, අපිට දියුණු වෙන්න බැරි මුල්ම හේතුව විදිහට පේන්නේ අපේ රටේ මිනිස්සුන්ගේ පසුගාමී ආකල්ප. අපි සීරියස් ගන්න ඕන හුඟක් වැදගත් දේවල් ජෝක් කරල බැහැර කරන ගමන්ම, සමහර කල් ඉකුත් වුණ නොවැදගත් දේවල් අනවශ්‍ය විදිහට සීරියස් ගන්නවා. මේ හින්ද අපිට ලෝකය දියුණු වන වේගයට සමපාත වෙන්න බැරි වෙනවා. ඒ විදිහට ලංකාවෙ අපි ගැඹුරින් නොහිතා මඟ අරින මාතෘකා කීපයක් ගැන මතක් කරල දෙන්නයි මේ ලෑස්ති වෙන්නෙ.

මත්ද්‍රව්‍ය

අපි මත්ද්‍රව්‍ය කියන වචනෙ දැක්ක ගමන්ම බය වෙන සමාජයක්. හැබැයි මත්ද්‍රව්‍ය කියන්නෙ මොනවද, මත්ද්‍රව්‍ය වර්ග මොනවද, ඒවයේ ඉතිහාසය මොන වගේ ද, මත්ද්‍රව්‍ය මිනිස්සුන්ට හානිකරයි කියන්නෙ ඇයි, හානිකර බව දැන දැනත් මිනිස්සු මත්ද්‍රව්‍ය පාවිච්චි කරන්න පෙළඹෙන්නේ ඇයි, කියන තරම් විනාශකාරී නම් සමහර මත්ද්‍රව්‍ය නීතිගත ඇයි, වග කිව යුතු අය ඒවා සහමුලින්ම තුරන් කරල දාන්නෙ නැත්තෙ ඇයි, අපෙ රටේ තහනම් කරල තියන මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් පවා ලිහිල් ප්‍රතිපත්ති අනුගමනය කරන ඇතැම් රටවල් අපිට වඩා දියුණු ඇයි, වගේ කරුණු ගැන ගැඹුරට හොයන්නවත්, විචාරශීලී වෙන්නවත් කවුරුත් කරදර වෙන්නේ නෑ. ඒ වෙනුවට මත් වෙන දේවල් සම්පූර්ණයෙන්ම එපා! කියන අදහස විතරක් කාලාන්තරයක් තිස්සෙම අපේ ඔළුවෙ පැළ වෙලා.

ලිංගික අධ්‍යාපනය

පාසල් විෂය නිර්දේශයට පවා ඇතුළත් කරල තියෙද්දිත් නොතකා හැරෙන බරපතල මාතෘකාවක් මේ. ලිංගිකත්වය ප්‍රසිද්ධියේ කතා නොකළ යුතු කරුණක් විදිහට අපේ සමාජයේ සම්මත වෙලා තියන නිසා හුඟක් ගුරුවරු වගේම දෙමාපියොත් ළමයින්ට ලිංගික අධ්‍යාපනය දීම මඟ අරිනවා. මේ නිසා පරම්පරා ගාණක් තිස්සෙ බිහි වෙලා තියෙන්නෙ තමන්ගෙ ලිංගික සෞඛ්‍යය ගැන මෙලෝ හසරක් නොදන්නා, නොදැනුවත් ලාංකිකයන් පිරිසක්. සෙක්ස් කියන වචනේ ගූගල් සර්ච් කරල කප් ගහන්නෙත්, ලංකාව පුරාම ස්ත්‍රී දූෂණ, ළමා අපචාර වගේ අපරාධ වර්ධනය වෙන්නෙත් මේ නොදැනුවත්කමේ ප්‍රතිඵල විදිහට තමයි. ඒ හින්ද ළමයින්ට විතරක් නෙමෙයි ලංකාවෙ වැඩිහිටියන්ටත් ලිංගික අධ්‍යාපනය ලබා දීම අත්‍යවශ්‍යයි.

ගබ්සාව

මේකත් වාදවිවාද කරන්න තියා නිකමට කතා කරන්නවත් අපි බය මාතෘකාවක්. ඇත්තටම ගබ්සාව සම්බන්ධයෙන් මුළු ලෝකය පුරාම හැමදාම තියනවා නිම නොවන කතිකාවක්. එක පිරිසක් කියන්නෙ අනවශ්‍ය ගැබ් ගැනීම් වළක්වා ගැනීම අදාළ කාන්තාවට වගේම මුළු ලෝකයේම මිනිස් ප්‍රජාවට කරන උදව්වක් කියල. ස්ත්‍රී දූෂණයකදී සිදු වෙන ගැබ් ගැනීමක් ගබ්සා කිරීම, කළලය කිසියම් රෝගී තත්ත්වයකින් නම් ගබ්සා කිරීම, තමන්ගෙ ශරීරය ගැන තීරණ ගැනීමේ අයිතිය කාන්තාවට ලබා දීම ඉතා වැදගත් බවයි ඔවුන්ගේ අදහස.

අනෙක් පිරිස කියන්නෙ ජීවියෙකුගේ ජීවිතය නැති කරන්න කාටවත් අයිතියක් නෑ කියල. ඒ පිරිසට ආගම්වලිනුත් ලොකු සහයක් ලැබෙනවා. කොහොම වුණත්, බොහෝ දියුණු රටවල් යම් යම් කොන්දේසි යටතේ පවා ගබ්සාව නීතිගත කරල තිබීමෙන් පෙනී යන්නෙ, තාමත් පුද්ගලභාවය ලබා නැති කළලයකට වඩා ඔවුන් මිනිස් අයිතිවාසිකම් උසස් කොට සලකන බවකුයි.

මානසික සෞඛ්‍යය

නානාප්‍රකාර ලෙඩවලට බෙහෙත් ගන්න ආපු මිනිස්සුන්ගෙන් කොයි වෙලේ බැලුවත් අපේ රටේ ඉස්පිරිතාල පිරිලා. කායික සෞඛ්‍යය ගැන මිනිස්සු සෑහෙන වද වෙනවා. හැබැයි මානසික සෞඛ්‍යය ගැන ඒ තරම්ම සැලකිලිමත් ද?

මානසික ආතතිය, විශාදය වගේ මානසික රෝග ලෝකය පුරාම සාමාන්‍යකරණය වෙලා තියන පසුබිමක අපි තවමත් ඒ ගැන සලකන්නෙ ලැජ්ජා විය යුතු, සැඟවිය යුතු කරුණක් විදිහට. පවුලක මානසික රෝගයක් සහිත සාමාජිකයෙක් ඉඳීමම පවුලේ ‘සායම සේදෙන’ වැඩක් විදිහට තමයි ගණන් ගන්නෙ. ඒ වගේම බොහෝ විට දෙමාපියන් පවා දරුවන්ගේ කායික ප්‍රශ්න ගැන කලබල වෙන තරම් අවධානයක් ඔවුන්ගේ මානසික තත්ත්වය යහපත් ද යන්නට ලබා දෙන්නේ නෑ.

ගණිකා වෘත්තිය

මේ ගැනත් ලෝකෙ පුරාම විවිධ අදහස් තියනවා. දුටු පමණින් අපි මේ මාතෘකාව ප්‍රතික්ෂේප කළාට, ඔවුන් මීට පක්ෂ සහ විපක්ෂ අදහස් ගැන ගැඹුරින් සාකච්ඡා කරනවා. ගණිකා වෘත්තිය නීතිගත විය යුතු බවට සහ එසේ නොවිය යුතු බවට විවිධ අය අදහස් දරනවා. මෙය නීතිගත විය යුතුයි කියන අය එසේ වීමෙන් ලිංගික අපරාධ අවම වෙන බවට තර්ක කරනවා. ඒ බව ප්‍රතික්ෂේප කරන්නන් අනෙක් අතට තර්ක කරන්නෙ එය නීතිගත කිරීමම ලිංගික අපරාධයක් බවයි. මේ වගේ සාධක රැසක් මේ දෙපිරිසම ඉදිරිපත් කරනවා. එහි ප්‍රතිඵලයක් විදිහට ලොව ඇතැම් රටවල ගණිකා වෘත්තිය නීතිගතයි. ඇතැම් රටවල එසේ නෑ. අපේ රටේ නම් අඩු ගානේ මෙවැනි සංවාදයක් ඇති වෙන්නවත් සදාචාරවාදීන් ඉඩ දීල නෑ.

සමලිංගිකත්වය

LGBTQ ප්‍රජාව සම්බන්ධයෙන් දැන් දැන් ලෝකයේ හුඟක් රටවල් ඉතාම දියුණු තීරණ ගනිමින් ඉන්නවා. ඔවුන්ට විරුද්ධ නීති ලිහිල් කරන්න හෝ අහෝසි කරන්න ඔවුන් පියවර ගන්න විදිහ මෑත කාලෙදි නිතරම දකින්න ලැබුණා. හැබැයි අපේ රටේ නම් තාමත් ඔවුන්ට හිමි වෙන්නෙ හරිම ශෝචනීය ඉරණමක්. මිනිසුන්ට විවිධ ලිංගික දිශානති දරන්න අයිතියක් තියන බව පිළිගන්න අපි තාමත් ලෑස්ති නෑ කියන එකෙන් පේන්නෙම අපි කොච්චර නොදියුණුයි ද කියන එක. අපේ රටේ වග කිව යුතු අයත් සියවස් ගණන් පරණ නීති රෙගුලාසි තවමත් නඩත්තු කරමින්, ඒ ගැන ආඩම්බර වෙමින්, මිනිස් අයිතිවාසිකම් නොතකා හරින්න සැදී පැහැදී ඉන්නවා. 

දේශපාලනය

අපි සීරියස් ගන්නවා කියල හිතන, ඒත් ඇත්තටම සීරියස් නොගන්න ටොපික් එකක් මේක. ඇයි කිව්වොත්, අපි දේශපාලනය ගැන කාගෙන් හරි අහපු ගමන්ම අපිට ලැබෙන උත්තරේ තමයි, ‘අපෝ පොලිටික්ස් ගැන නම් කතා කරන්න එපා’ කියන එක. හදිස්සියෙවත් මේ ගැන කතා කළොත් කතා කරන්නෙ දේශපාලකයන් ගැන ඕපාදූප. නැත්තං විහිළු කතා. මේ ඇරෙන්න, අපේ ජීවිතවලට අනිවාර්යයෙන් බලපාන දේශපාලනේ ගැන සීරියස් විදිහට අපි හිතනවා ද? අවුරුදු හැත්තෑවකට වඩා අපි ඡන්දෙ දීල පත් කරගත්ත ආණ්ඩු ගැන හිතුවම අපි දේශපාලනේ සීරියස් අරං ද නැද්ද කියන එක ගැන සරලවම හිතාගන්න පුළුවන්.

මේ උඩ කියපු මාතෘකා ගැන ගැඹුරින් නොහිතා මඟ අරින්න අපි පුරුදු වෙලා ඉන්නෙ ඇයි කියල නිකමට හිතල බලන්නකො. ඒ වගේම ඒව ගැන සීරියස් හිතුවොත්, වෙනස් විදිහකට බැලුවොත්, අපිට පේනවට වඩා ලෝකය ලොකුයි කියලත් අවබෝධ වෙනවා. ඕන දෙයක් ගැන නොහිතා ඉන්න එක ලේසියි. හැබැයි දේවල් ගැන හිතුවොත් තමයි අපි ඉන්න තැනින් තව අඩියක් හරි ඉස්සරහට යන්නෙ!

 

Share on facebook
Share on twitter
Share on whatsapp

Highlights.

Latest.

KAMU.

Welcoming the Year of the Horse at Yue Chuan, The Kingsbury

Yue Chuan, the award-winning Chinese restaurant at The Kingsbury, Colombo, invites guests to usher in the

Highlights Kamu

Soho Hospitality Charts First Expansion into South Asia with Charcoal’s Colombo Debut

Bangkok-based international hospitality group selects Sri Lanka for its game- changing dining brand Charcoal Tandoor

Highlights Kamu

Brunch at ITC Ratnadipa – Review

By Ranugi Thihansa If you’re looking for a Sunday brunch that brings together incredible food,

Highlights Kamu Yamu Guide

Harpo’s Pizza and Pasta: Review

We dropped by Harpo’s Pizza and Pasta the other day, and it turns out it’s

Highlights Kamu

The Fort Café by Tasty Caterers – Review

By Linara Wimalaweera The Fort Café by Tasty Caterers offers a refreshing escape from the

Highlights Kamu Yamu Guide

Nihonbashi by Dharshan – Review

Written by Linara Wimalaweera When it comes to Japanese fine dining in Colombo, few names

Highlights Kamu

Trending.

A Spanish Sobremesa at Bistro des Marées

JOK Barcelona's head chef Olga Starnari to present modern Catalan cuisine at Bistro des Marées

Highlights Trending

Christmas Cheer Arrives Early in Kosgoda

Sheraton Kosgoda Turtle Beach Resort Hosts Traditional Cake Mixing Christmas arrived early on the southern

Highlights Trending

Cinnamon Hotels & Resorts introduces Cinnamon DISCOVERY – Dine with D$, a new dining rewards programme for Colombo

Cinnamon Hotels & Resorts has introduced Cinnamon DISCOVERY – Dine with DISCOVERY Dollars (D$), a

Highlights Trending

Heritance Hotels & Resorts and Sara Ali Khan Spotlight Sri Lanka’s Diverse Landscapes, Heritage and Hospitality

The collaboration brings together celebrity-led storytelling and Heritance’s distinctive hospitality to showcase Sri Lanka’s cultural

Highlights Trending

ITC Ratnadipa Welcomes Chef Prakhar Srivastava to Lead the Next Chapter of Avartana in Colombo

ITC Ratnadipa, Colombo welcomes Chef Prakhar Srivastava as Sous Chef to Avartana, marking a new

Highlights Trending

Yamu Guide.

Shangri-La Colombo Unveils a New Chapter at Tiki Bar

As the sun dips into the Indian Ocean and the city begins to exhale, Tiki

Trending Yamu Guide

DINIDU: Colombo’s Premier Destination for Wedding Anniversary Gifts

Every wedding anniversary is a chapter of a love story that continues to evolve. These

Highlights Yamu Guide

Yazu Set to Make Sri Lankan Debut at Radisson Blu Resort Galle in 2026

Radisson Blu Resort Galle is set to unveil its newest culinary venture in March 2026 with the opening of Yazu by

Highlights Trending Yamu Guide

A Ramadan Feast Awaits at ITC Ratnadipa – Available Till March 19

This Ramadan, ITC Ratnadipa invites guests to celebrate the holy month with ‘A Feast for

Highlights Yamu Guide

Here are the must visit Iftar spots for 2026

Ramadan 2026 brings with it a beautiful season of reflection, gratitude, and shared meals. Across

Highlights Trending Yamu Guide