ෆිල්ම් එකක් නොබලා අමුතු ලෙඩක් වගේද? එහෙනං අමුතු දොස්තරව බලමුද?.

මාවල් සිනමා ෆැක්ටරියේ අලුත්ම නිෂ්පාදනය වෙන ඩොක්ටර් ස්ට්‍රේන්ජ් දැන් ලංකාවේ තිරගත වෙන්න පටන් අරං. පුර්ව ප්‍රචාරක පට (තේරෙන සිංහලෙන් කිව්වොත් “ට්‍රේලර්” ) බලපු කෙනෙක් නං දන්නවා මේක ටිකක් වෙනස් පෙනුමක් ගත්ත චිත්‍රපටියක් කියල. එහෙම බැලුවේ නැතත් චිත්‍රපටියේ පළවෙනි ජවනිකාවෙන්ම චිත්‍රපටියේ හැටි තේරුම්ගන්න පුළුවන්.

පටන් ගන්නෙම වලියකින්. කතාවේ දුෂ්ටයයි, එයාගේ ගෝලයෝ ටිකකුයි. ඒගොල්ලන්ට විරුද්ධ වෙන විරයෙකුයි. හැබැයි මේ අය පොළොවේ පය ගහල ඉන්න මිනිස්සු නෙමෙයි; මන්තරකාරයෝ. ඉතින් ඊළඟ විනාඩි කිහිපය පුරාම අතින් පයින් විතරක් නෙමෙයි, එළි, ගිනි පුපුරු, ආලෝක කදම්බ විසිවෙන අතරතුර, සමතලා පොළොව නැවෙනවා, ඇඹරෙනවා, උඩු යටිකුරු වෙනවා. ලන්ඩන් නගරේ පාරවල් අහස පැත්තට කැරකෙන කොට කට්ටිය ගුටි කෙලගන්නේ දෙපැත්තේ ගොඩනැගිලිවල බිත්තිවල අඩිය තියල. ඒ බිත්තිත් නිකං ඉන්නේ නැහැ, කැරකෙන ඔරලෝසුවක ඇතුළේ වගේ බිල්ඩිමේ කෑලි කැරකෙනවා, තැන් මාරුවෙනවා. රුබික් කැටයක් වගේ හැඩතල වෙනස් වෙන්නේ බලං ඉඳිද්දී. මේ ඔක්කොම එක පාර ඇහැට වැටෙන්නේ නැහැ. අන්තිමේ සටන නැවතිලා සන්සුන් මොහොතක් චිත්‍රපටියෙන් දුන්නම තමයි හුස්මක් වැටිලා මොකද්ද යකෝ මේ බැලුවේ කියල හිතෙන්නේ.

කතාව

මං අර කලින් කිව්වනේ මාවල් සිනමා ෆැක්ටරිය කියල. ඒ කිව්වේ හේතුවක් ඇතිව. අතින් හදන භාණ්ඩ වගේ නෙමෙයි, ෆැක්ටරියක් ඇතුළෙන් හැදිලා එන භාණ්ඩ ඒකාකාරියි. භාණ්ඩේ කොච්චර හොඳ වුණත් ඒක වළක්වන්න බැහැ. මාවල් සමාගමේ චිත්‍රපටවලත් ඒ ගතිය තියෙනවා. ඔක්කොම බැලුවනං එකම පෙනුම, එකම රටාව තියෙන හැටි පැහැදිලිව පේනවා. විශේෂයෙන් සුපිරි විරයොන්ගේ උත්පත්ති කතාවල. දෙව්ලොවක කුමාරයෙක්ව හිටපු තෝර් අහංකාරකම් නිසා පිටුවහල් වෙලා නැවත හොඳ කෙනෙක් වෙන්න ඉගෙන ගන්නවා, ඈන්ට්-මෑන්, ගාඩියන්ස්ල සිරබත් කාල අලුත් තැනකදී අරමුණක් ලබාගෙන වීරයෝ වෙනවා. යකඩ මිනිසා ටෝනි ස්ටාර්ක් ඇෆ්ගනිස්ථානේ ත්‍රස්තවාදී සිරකරුවෙක් වෙලා හිටියට පස්සේ තමයි තමන්ගේ රත්තරන් කුඩුවෙන් එළියට බහින්නේ. මෙතනත් එහෙම එකක් තමයි.

ස්ටීවන් ස්ට්‍රේන්ජ් කියන්නේ වෛද්‍ය වෘත්තියේ හිනිපෙත්තටම නැගපු දක්ෂයින්ගෙත් දක්ෂයෙක් වුණු ශල්‍ය වෛද්‍යවරයෙක්. වෙන කාටවත්ම කරන්න බැරි සැත්කම් කරන එක මෙයාට මහ ලොකු දෙයක් නෙමයි. හැබැයි මෙයාගේ දක්ෂතාවේ සයිස් එකටම හරියන්න මාන්නේකුත් මෙයාට තියෙනවා. කොයි වෙලාවෙත් අනිත් මිනිස්සු පහතට දාල කතාකරනවා මදිවට, සමහර ලෙඩ්ඩු පවා හරවල අරින්නේ හදවත පොඩ්ඩක්වත් උනුවෙන්නේ නැතුව. මෙහෙම ඉන්නකොට තමයි මෙයා දරුණු රිය අනතුරකට භාජනය වෙන්නේ. අනතුරෙන් මෙයාගේ අත් දෙක දරුණුවට හානි වෙනවා. ඊට පස්සේ ශල්‍යකර්ම තියා නම වත් ලියාගන්න බැරි තැනකට ස්ටීවන් ඇද වැටෙනවා. ඉතින් හම්බකරපු අති විශාල සේසතම වියදං කරලා , යාළුවොත් තරහ කරගෙන, ලෝකේ පුරා හොයල අන්තිමේ නේපාලේ ආරණ්‍යයකට එනවා ගුප්ත සස්තරෙකින්වත් අත් සුව කරගන්න.

මෙතනදී The Ancient One කියන ගුරුතුමිය මෙයාට මනසේ බලයෙන් කොච්චර දෙයක් කරන්න පුළුවන්ද කියල පෙන්වනවා. ඒකෙන් පස්සේ ස්ටීවන් තමන්ගේ මාන්නේ අතහැරලා විශ්වයේ ශක්ති මනසෙන් පාලනය කරන හැටි ඉගෙන ගන්න පටන් ගන්නවා. ඊට පස්සේ තමයි හොඳ හොඳ සෙල්ලං පටන් ගන්නේ.

කෙටියෙන් කිව්වනං පළවෙනි යකඩ මිනිසා (Iron Man) චිත්‍රපටිය, විද්‍යාව වෙනුවට මායාව දාල හැදුව වගෙයි.

පරණ ෆිල්ම් එකක් වගේමනං මේක බලන්න හේතුවක් තියෙනවද?

රඟපෑම

බලන්න පළවෙනි හේතුව තමයි රංගනය. ප්‍රධාන චරිතය වෙන ස්ටීවන් ස්ට්‍රේන්ජ්ට පණ දෙන බෙනඩික්ට් කම්බර්බැච් ෂර්ලොක් ටෙලිය හරහා ඔයාල හුඟදෙනෙක් අඳුරනවා ඇති. ඒ සුපිරි රංගනයට නොදෙවැනි රංගනයක් මෙහිදීත් පෙන්වනවා. ස්ටීවන් ස්ට්‍රේන්ජ්ගේ ආත්මාර්ථකාමී, අහංකාර මුල් කාලයේ සිට පරාර්ථකාමී, ලෝකයේ ආරක්ෂාව කරට ගන්නා අවසානය දක්වා චරිතයේ වෙනස්වීම් ඉතා හොඳින්, සියුම්ව පෙන්වනවා.

ස්ට්‍රේන්ජ්ගේ වෙනස්වන චරිතයට වෙනස්ම ආකාරයකට ඉන්නේ ඔහුගේ සගයින්. ඔහුගේ ගමනට අචල ආධාරක ලෙස ඉන්න චිවීටෙල් එජියොෆොර්ගේ මොර්ඩෝ, බෙනඩික්ට් වොන්ග්ගේ වොන්ග් සහ රේචල් මක්ඇඩම්ස්ගේ ක්‍රිස්ටීන් පාමර් චරිත හොඳින් රඟපෑවා. කයිසිලියස් නම් වූ දුෂ්ටයාට ඉන්න මැඩ්ස් මිකල්සන් ගැනත් ඒකමයි කියන්න තියෙන්නෙ. නපුරුකම් මුණෙන් විතරක් නෙමෙයි, කතාවෙන්, ගමන් විලාසෙන් වුණත් හොඳට පෙන්නුවා.

මේ හැමදෙනාගේම ගුරුතුමිය වන The Ancient One හැටියට රඟපෑ ප්‍රවීණ නිළි ටිල්ඩා ස්වින්ටන් ගැන විශේෂයෙන් කියන්න ඕනේ. අනෙක් අයට පතරංග ජාතක වගේ දෙබස් දීල තිබිච්ච චිත්‍රපටියක වචන කිහිපයකින් සහ අංග චලන වලින් පමණක් ලොකු රඟපෑමක් ඇය සිදුකළා.

දොස් නැතුවාම නෙමෙයි, හැබැයි ඒ අධ්‍යක්ෂකතුමාට. හුඟක් මාවල් චිත්‍රපටිවල වගේ නියම දුෂ්ටයෙක් හිටියට දුෂ්ටයාට දුන්න කාලය හොඳටෝම මදි. අපිට තව ගොඩක් මැඩ්ස් මිකල්සන්ගේ රඟපෑම බලන්න තිබුණා. ඇත්තටම මේ කතාව ටිල්ඩා ස්වින්ටන්ගේ චරිතයටත් අදාළයි. මේ හැම චරිතයක්ම තව හොඳට අඳුරගන්න තව වෙලා දුන්නනං මේක වඩාත් හොඳ චිත්‍රපටියක් වෙනවා. දැනට නං ටිකක් හදිස්සි පාටක් බලනකොට තේරෙනවා. චිත්‍රපටිය ඇතුළේ කොච්චර කාලයක් ගියාද කියල තේරෙන්නේ නැහැ.

අනිත් එක තමයි චිත්‍රපටිය පුරාම තිබුණ කොමඩි කෑලි ටික. ඇත්තටම හිනා යනවා තමයි. මෝඩ ආතල් නෙමෙයි. ඒත් කතාවෙ සීරියස් තැන් කීපයකට අනවශ්‍ය විදියට ඒවා දාල තිබුණා.

සිනමාකරණය

බලන්න දෙවැනි හේතුව තමයි සිනමාකරණය. විශේෂයෙන් කිව්වොත් පරිගණක දෘශ්‍ය ප්‍රයෝග. අද කාලේ සිනමා රසිකයින්ට පරිගණක දෘශ්‍ය ප්‍රයෝග දැකපු ගමන් තේරෙනවා. හුඟක් වෙලාවට ඒවා හරියට යොදාගෙනත් නැහැ. ඒ වුණාට මේ චිත්‍රපටියේ ප්‍රයෝග, ප්‍රයෝග කියල අඳුරගන්න පුළුවන් මෙහෙම ඒවා ඇත්ත ලෝකේ නැහැයි කියල දන්න හින්ද විතරයි. අපි සාමාන්‍යයෙන් දකින ලෝකය කොළ කෑල්ලක් වගේ තුනට හතරට නැවිල පොඩි වෙලා ඉරිලා යන හැටි, මනස විවෘත වෙනකොට පෙනෙන විකාර, අනිත් ලෝකවල අරුමෝසම් පාට ආදී දේ මේ චිත්‍රපටියේ පරිගණක දෘශ්‍ය ප්‍රයෝග කණ්ඩායම පෙන්නන්න පුදුම මහන්සියක් අරගෙන තියෙනවා. ඔස්කාර් එකක් එන අවුරුද්දේ දිනයිද මන්දා.

අවසානයට

මීට කලින් ආපු මාවල් සිනමාපට 13 ඔයාල රසවින්දා නං මේක අනිවාර්යයෙන් බලන්න. මීට කලින් ආපු මාවල් සිනමාපට 13 බලල එපාවෙලා නං ඒත් බලන්න, මොකද මේක ඒ ෆැක්ටරියේම වෙනස් නිෂ්පාදනයක්. මේක බලන්න අනිත් මාවල් චිත්‍රපටි ගැන දැනගෙන ඉන්න ඕනෙත් නැහැ. හොඳම මාවල් චිත්‍රපටිය නං නෙමෙයි. ඒ වුණාට නරක නැහැ. ඉතින් සරල, ජොලි, වෙනස් ක්‍රියාදාම චිත්‍රපටියක් බලන්න ඕනේ නං, ඩොක්ටර් ස්ට්‍රේන්ජ් බලන්න යන්න. ඉංග්‍රීසි ෆිල්ම් සාංකාවක් තියෙනවනං ඒකට බෙහෙත් දෙයි.

ෆිල්ම් එක බලන්න පුළුවන් සිනමා ශාලා

  • කොළඹ – සැවෝයි, එක්සෙල්, මැජස්ටික් ප්ලැටිනම්, මැජස්ටික් සුපීරියර්, එම්පයර් ගෝල්ඩ්
  • ජාඇල  – සිනෙමැක්ස්, විස්ටා ලයිට්
  • ගාල්ල – ක්වීන්ස්
  • කුරුණෑගල – සිනේක්ස්පෝ
  • අනුරාධපුර – විල්මැක්ස්
  • රත්නපුර – ජෝති
  • මාතර – ස්කයි ලයිට්
  • ගල්කිස්ස – සිටි සිනෙමා

පසුබිම් තොරතුරු (වැඩිය හොඳයි ෆිල්ම් එක බලල මේ ටික බැලුවනං. ස්පොයිලර්ස්!)

ස්ටීව් දිට්කෝගේ අතින් ඩොක්ටර් ස්ට්‍රේන්ජ් ඉස්සෙලම කොමික් ලෝකේ එළිය දකින්නේ 1963 ‘ස්ට්‍රේන්ජ් ටේල්ස්’ පොත් මාලාව මගින්. ඒ කතාවල ප්‍රමුඛ ලකුණක් වුණේ ස්ටීව් දිට්කෝගේ අරුම පුදුම චිත්‍ර සෙෙලියයි. ඒක දැකල ඒ කාලේ සමහරු මාවල් කොමික් අය මත්ද්‍රව්‍ය පාවිච්චි කරනවා කියල කියලත් තියෙනවා. හැබැයි ඇත්තටම වුණේ වෙන දෙයක්. පොතේ ස්ටීවන් ස්ට්‍රේන්ජ් පදිංචි වෙලා හිටපු නිව් යෝක් නගරයේ ග්‍රිනිච් විලේජ් පෙදෙස හිපි සංස්කෘතියේ කේන්ද්‍රස්ථානයක් වුණා. ඒ සංස්කෘතියේ අධ්‍යාත්මිකව හෝ මත්ද්‍රව්‍ය නිසා හෝ ඇතිවුණ කලා සෙෙලිවල පිළිබිඹුවක් විදියට තමයි ඩොක්ටර් ස්ට්‍රේන්ජ් චිත්‍ර සෙෙලිය ඇතිවුණේ. චිත්‍රපටියේ පරිගණක දෘශ්‍ය ප්‍රයෝග ඉතාමත් හොඳින් ඒ සෙෙලිය රැකගෙන තියෙනවා.

ඒ ඉතිහාසය ගැන සම්බන්ධයක් චිත්‍රපටියේ තියෙනවා. හැම මාවල් සිනමාපටයකම වගේ මේකෙත් මාවල් කොමික්වල පතාක යෝධයෙක් වන ලේඛක ස්ටෑන් ලී පොඩි චරිතයකට පණ දෙනවා. මෙහිදී ඔහු බස් රථයක පොතක් කියවන මගියෙක්. ඒ පොත තමයි ඇල්ඩුවස් හක්ස්ලිගේ The Doors of Perception ග්‍රන්ථය. මේකේ තියෙන්නේ හක්ස්ලි මෙස්කලින් කියන මත්ද්‍රව්‍ය අරගත්තම තමන්ට වෙච්ච දේ ගැන දර්ශනත්මකව ලියපු පොතක්.

චිත්‍රපටියේ ස්ටීවන් ස්ට්‍රෙන්ජ්ගේ රිය අනතුර වෙන වෙලාවේ කාර් එකේ රේඩියෝ එකේ වාදනය වෙන්නේ Pink Floyd කණ්ඩායමේ Interstellar Overdrive කියන සිංදුව. මේකත් චිත්තවේගී ස්වභාවයක් තියෙන සංගීතයක් කියල ප්‍රකටයි. Pink Floyd කණ්ඩායමේ දෙවැනි ඇල්බමයේ කවරයට ඩොක්ටර් ස්ට්‍රේන්ජ් කොමික් පොතක රුපයක කොටසකුත් යොදාගත්තා.

චිත්‍රපටයේ අවසාන දුෂ්ටයාවන දොරමාමු හැටියට රඟපාන්නෙත් වීරයා වුණ බෙනඩික්ට් කම්බර්බැච්ම තමයි.

මේක බලන්න අනිත් මාවල් චිත්‍රපටි ගැන දැනගෙන ඉන්න ඕනෙ නැහැ කිව්වට අනිත් චිත්‍රපටිවලට සම්බන්ධතා නැතිව නෙමෙයි. මේ චිත්‍රපටිය Iron Man 2 චිත්‍රපටිය කාලේ පටන් අරගෙන Captain America: Civil War චිත්‍රපටිය කාලේ අවසන් වෙන බව අධ්‍යක්ෂක කියල තිබුණා.

ඒ වගේම ඩොක්ටර් ස්ට්‍රෙන්ජ්ට ලෙඩෙක් හැටියට නිර්දේශ කෙරෙන යකඩ ඇඳුමක් ඇඳගත් ගුවන් හමුදා නියමුවා Iron Man 2 වල අනතුරට ලක්වන Hammer සමාගම් නියමුවාවත් Civil War වල අනතුරට ලක්වන ජේම්ස් රෝඩ්ස්වත් නොවන බව අධ්‍යක්ෂක කියල තිබුණා.

ඒ වගේම ස්ට්‍රේන්ජ් පාවිච්චි කරන ඇගමොටෝගේ ඇස නම් වූ මායා බලැති මාණික්‍යය පහුගිය මාවල් සිනමාපටවල ප්‍රධාන තැනක් ගත්තු ඉන්ෆිනිටි මාණික්‍යයවල කාල මාණික්‍යය බව මේ චිත්‍රපටියේ හෙළි වුණා.

ඒ වගේම චිත්‍රපටිය අවසානයේ තියෙන ජවනිකාව මීළඟ තෝර් සිනමාපටයෙන් අරගත්ත දර්ශනයක්.

Share on facebook
Share on twitter
Share on whatsapp

Highlights.

Latest.

KAMU.

Welcoming the Year of the Horse at Yue Chuan, The Kingsbury

Yue Chuan, the award-winning Chinese restaurant at The Kingsbury, Colombo, invites guests to usher in the

Highlights Kamu

Soho Hospitality Charts First Expansion into South Asia with Charcoal’s Colombo Debut

Bangkok-based international hospitality group selects Sri Lanka for its game- changing dining brand Charcoal Tandoor

Highlights Kamu

Brunch at ITC Ratnadipa – Review

By Ranugi Thihansa If you’re looking for a Sunday brunch that brings together incredible food,

Highlights Kamu Yamu Guide

Harpo’s Pizza and Pasta: Review

We dropped by Harpo’s Pizza and Pasta the other day, and it turns out it’s

Highlights Kamu

The Fort Café by Tasty Caterers – Review

By Linara Wimalaweera The Fort Café by Tasty Caterers offers a refreshing escape from the

Highlights Kamu Yamu Guide

Nihonbashi by Dharshan – Review

Written by Linara Wimalaweera When it comes to Japanese fine dining in Colombo, few names

Highlights Kamu

Trending.

Indian Destination Weddings Shift Towards Experience-Led Celebrations, Positioning Sri Lanka as a Rising Luxury Destination

New industry insights reveal Indian couples are spending more, inviting fewer guests and prioritising experiences over extravagance,

Highlights Trending

25% Off Lunch at Harbour Court This September

Make lunch plans worth looking forward to this September at The Kingsbury’s Harbour Court, with

Highlights Trending

Barista Reaches 100 Outlets, Bringing World-Class Coffee Experience Closer Across Sri Lanka

Barista Coffee Lanka marked a significant milestone in its journey on 31 August 2026 with

Highlights Trending

L’Incontro: An Italian Table by the Bentota Coast

There’s something particularly appealing about an Italian restaurant at the beach. Perhaps it’s the shared

Highlights Trending

Yazu at the Beach Brings Galle’s Pan-Asian Flavour to ON14

Colombo, your dinner plans just got a whole lot more interesting. On 28 August, Yazu

Highlights Trending

Gatz at City of Dreams Sri Lanka Brings Live Entertainment to the Heart of Colombo

Gatz Re-imagined brings a fresh take on classic supper club culture, with live entertainment throughout

Highlights Trending

Yamu Guide.

Shangri-La Colombo Unveils a New Chapter at Tiki Bar

As the sun dips into the Indian Ocean and the city begins to exhale, Tiki

Trending Yamu Guide

DINIDU: Colombo’s Premier Destination for Wedding Anniversary Gifts

Every wedding anniversary is a chapter of a love story that continues to evolve. These

Highlights Yamu Guide

Yazu Set to Make Sri Lankan Debut at Radisson Blu Resort Galle in 2026

Radisson Blu Resort Galle is set to unveil its newest culinary venture in March 2026 with the opening of Yazu by

Highlights Trending Yamu Guide

A Ramadan Feast Awaits at ITC Ratnadipa – Available Till March 19

This Ramadan, ITC Ratnadipa invites guests to celebrate the holy month with ‘A Feast for

Highlights Yamu Guide

Here are the must visit Iftar spots for 2026

Ramadan 2026 brings with it a beautiful season of reflection, gratitude, and shared meals. Across

Highlights Trending Yamu Guide