විනෝදයයි ආදායමයි! ගෙදර ඉඳන් නිර්මාණය කරන්න අපූරු වෙළඳ භාණ්ඩ 5ක්.

ආ මෙන්න..

සෑහෙන්න මහන්සිවෙලා ගේමක් ගොඩදාන්න කම්මැලි අයට.

නිකමට හදලා ලොකු ගාණක් හම්බකරගන්න..!

1. ඇන්ටික් බඩු

පට්ට කම්මැලි කෙනෙක්ට වුනත් කරන්න පුලුවන් වැඩක්. මේකට ඇන්ටික් බඩු සල්ලි දීලාම ගන්න ඔ්න නෑ. තියෙන ඒවා තියෙන තැන්වල තියෙද්දි ඒවයෙ ලස්සන ෆොටෝ ටිකකුයි, අදාළ ස්ථානයේ කනෙක්ෂන් එකයි තියාගන්න. ඊට පස්සෙ ඒ ටික ලස්සන ඇල්බම් එකක් හදලා හරි හැටි ගණන් හිලව් එක්ක සමාජ මාධ්‍ය පිටු ටිකක පබ්ලිෂ් කරන්න.

බඩු ලස්සනයි නම්, වටිනවා නම්.. බලන්නකො පළවෙනි එකේ ඉඳන්ම හැදෙන බිස්නස් එක!

2. පත්තර ස්ටූල්

පරණ පත්තර මිටි බැඳල.. දීලා දාන්න බෝතල් පත්තර එකතු කරන එක්කෙනා එනකම් ඉන්නවද? අපරාදෙනේ.. ඒවයින් ලස්සන ස්ටූල් හදන්න පුලුවන්නේ.. කරන්න තියෙන්නෙත් මෙච්චරයිනෙ. ඒ පත්තර ටික වෙන වෙනම අරගෙන ඉස්සෙල්ලම, එකින් එක බලල නැමිච්ච මුලු දිග ඇරල උඩ යට මාරුවෙන් මාරුවට තියෙන්න, උස අතට තියාගන්න. එතකොට ඒකෙ බැලන්ස් එක හරියට සෙට් වෙනව. ඊට පස්සේ.. ඒ ගොඩවල් රෙදි පටි වලින්, නැමි නැතිවෙන්නම බැඳලා.. ගාන්න ට්‍රාන්ස්පේරන්ට් මොනවහරි තීන්න ටිකක් හොඳ ඝනකමට තියෙන්න. තට්ටු 2, 3ක් ගෑවත් කමක් නෑ. කොහොමහරි වේලල අරගත්තට පස්සේ, වාඩි වෙන පැත්තට පරණ ඝනකම රෙදි කෑල්ලකින්ම කවරයක් හදල දැම්ම නම්.. වැඩේ ගොඩ.

3. බෝතල් ලෑම්ප්ෂෙඩ්

පාට පාට, කැඩිච්ච බිඳිච්ච පරණ වීදුරු බෝතල් අරගෙන.. ඔයාට පුලුවන් ඔයාගෙ කාමරේට අමුතුම පෙනුමක් ගන්න පුංචි වැඩක් කරන්න. ඒ කිව්වේ.. දැනට නිකම් එල්ලෙන බල්බ් එක තියෙනව නේ.. අන්න ඒකට හදන්න පොඩි ලෑම්ප්ෂෙඩ් එකක්. කරන්න තියෙන්නෙ ඔයාට හොඳයි කියල හිතෙන පාටක බෝතලයක් හරි නැත්නම් සුදු පාට බෝතලයක් හරි අරගෙන.. ඒක බිඳිල නම් අඩිය කොටස අයින් කරල කට පැත්තෙ ඉඳන් පහලට අඟල් 6ක විතර කොටසක් ඉතුරු කරගන්න එක. ඒත් ඒක කැඩිල නැත්නම්.. පරිස්සමට, වීදුරු කටු විසි නොවෙන්න බෝතලේ කඩලා.. ඒ වගේ කොටසක් හදාගන්න. හදාගෙන අතපය කපාගන්නෙ නැතුව ඒකෙ ලේබල් හරි මොනවහරි පැල්ලම් තියෙනව නම් ඒවා යනකම් හොඳට හෝදලා.. වේල ගන්න. වේලල හිටං. අර හැඩයක් නැතිව කැඩුණු දාර දිගටයි, වටේටයි සීල් වෙන්නම සිලිකන් ගම් ගාන්න. ගාලා වේලුණාට පස්සේ.. ලැම්ප් ෂෙඩ් එකේ වැඩේ නම් හරි. හැබැයි ඕක බල්බ් එකට බර එන විදියට එල්ලන්න එපා. බෝතලේ කටට හීනි ලණුවක් රවුමට ලස්සනට ඔතල ගැටගහලා.. ඒක වයර් එක දිගේ කරකවල උඩට ගෙනිහින් එතනට සෙට් කරන්න.

4. ඇඳුම් රෙදි බෑග්

පරණ වුනාට කාටහරි දෙන්න පුලුවන් ඇඳුම් නෙවෙයි ඉරිච්ච ඇඳුම් තියෙන්නෙ. අන්න ඒවයින් හොඳ හොඳ පාට පාට ඒවා ටිකක් තෝරලා.. ඒවයිත් වැඩිය ඇඟට මැදිච්ච නැති කොටස් තෝරල අරගෙන.. හිතේ හැටියට අතේ හුරුවට එක එක හැඩ වලට කපාගන්න. කපාගෙන සියල්ලම මේසයක් උඩ අතුරලා.. ඒ ඒ හැඩ හැකි උපරිමයෙන් ගැලපෙන විදියට ලංකරලා.. හොඳට මහගන්න. එතනදි ඉතින් ඔයා මහන්න දන්නෙ නැත්නම් වයිෆ්ට හරි, අම්මට හරිවත් දෙන්න බැරියැ. කොහොමහරි මැහුවට පස්සෙ ලොකු රෙද්දක් වගේ සෙට් වෙනවනෙ. ඒකෙ උපරිම ප්‍රයෝජනය එන විදියට, ගෙදර ඉන්න මැහුම් ගෙතුම් වැඩ්ඩගෙ උපදෙසුත් අරගෙන, හැඩයක් කපල.. ඉතිරියෙන්ම පුලුවන් නම් පටි දෙකකුත් හදාගෙන බෑග් එකක් මහගන්න. ආයෙ ඉතින් ඊට පස්සෙ ඔය කඩේට යන වෙලාවට බොරුවට පොලිතින් හොය හොය ඉන්නයි, වක්‍රාකාරව පරිසර දූෂනයට සම්භන්ධ වෙන්නයි ඕන නෑ. 100% ඉකෝ ෆ්‍රෙන්ඩ්ලි.. ඕන්න.

4. ලී හැන්ගර්ස්

පේර තමයි මම හිතන්නෙ ඔයාට හොයාගන්න ලේසිම ඒවයින් මේ වැඩේට හරියනම එක. ඒ නිසා යන්න පේරගහ ලඟට මන්නෙත් අරගෙන. ගිහිල්ලා.. සාමාන්‍යයෙන් කකුලෙ මහපට ඇඟිල්ලෙ විතර සයිස් එකේ ඉඳන් අතේ මහපට ඇඟිල්ලෙ සයිස් එක වෙනකම්, උපරිමයෙන්ම අතු රිකිලි විහිදුණ කොටසක් කපාගන්න. කපාගෙන.. ඒකෙ කැපිච්ච තැන්වල කඩතොලු හෙමින් සැරේ පොඩි පිහියකින් ගාලා.. මුලු අත්තම වැලි කඩදාසියෙන් අල්ලන්න දිස්න දෙනකම්. ඊට පස්සෙ ඒකෙ ඔය වෙදර් සීල් වගේ ටිකක් ගාන්න පුලුවන් ඕන නම්. කොහොමහරි අන්තිමට බිත්තියට මවුන්ට් කරන්නයිත තියෙන්නෙ ගැලපෙන තැනක් බලල. ආයෙ මොකටද ඇඳුම් රැක් වලට ඉඩ නාස්ති කරන්නෙ?

Share on facebook
Share on twitter
Share on whatsapp

Highlights.

Latest.

KAMU.

Iftar delights at The Banyan, Heritance Negombo

Iftar delights at The Banyan, Heritance Negombo Written by Fathima Rukaiya, Mad Dogs Bodega, Banyan

Highlights Kamu

Budget-friendly Iftar spots 2024

Written by Fathima Rukaiya, In our previous article, we highlighted some exquisite and upscale Iftar

Highlights Kamu

Iftar Buffet Round Up 2024

Written by Fathima Rukaiya As Ramadan arrives, a warm feeling of reflection and community fills

Highlights Kamu

Discovering Pasta Paradise: The Pasta Factory, Galle Fort

In the historic Galle Fort, The Pasta Factory brings a taste of Italy to Sri

Highlights Kamu

A Home for Desi Dreams – Bombay Nights by Radisson Colombo

As we stepped into the ‘Dine’ in Radisson Colombo, our senses were immediately tantalized by

Highlights Kamu

Steak Bar: A Grand Sunday Brunch at Kingsbury, Colombo

Written by Shamrina C Welcome to the ultimate brunch experience! Nestled in the heart of

Highlights Kamu Yamu Guide

Trending.

Experience the Elegance and Excitement of RTC Tourism Race Day in Nuwara Eliya

RTC Nuwara Eliya will hold its RTC Tourism Race Day on 30th March 2024 at

Trending

“85th Annual Mount Lavinia 2-Mile Sea Swim” by SLASU held at the Mount Lavinia Hotel Beach

The "85th Annual Mount Lavinia 2-Mile Sea Swim" organized by Sri Lanka Aquatic Sports Union

Trending

Sheraton Colombo Hotel celebrates International Women’s Day with empowering insights

Sheraton Colombo Hotel, part of Marriott Bonvoy’s portfolio of over 30 extraordinary brands, marked International

Trending

Anantara Kalutara Presents an Elevated Gastronomic Journey to Italy

Kalutara, Sri Lanka - March 14, 2024 - Anantara Kalutara Resort is delighted to announce

Trending

List of Party Venues 2024

By Fathima Rukaiya Finding the perfect place to host a party can be a hassle.

Highlights Trending

LCY Unveils Debut ‘LCY for Her’ Collection, Redefining Women’s Polo Wear with Strength, and Sophistication

Thursday, 14, March, 2024, Colombo: LCY, a brand synonymous with manufacturing high-quality men’s polos of

Trending

Yamu Guide.

Steak Bar: A Grand Sunday Brunch at Kingsbury, Colombo

Written by Shamrina C Welcome to the ultimate brunch experience! Nestled in the heart of

Highlights Kamu Yamu Guide

9 Special Valentine’s Day Gift Ideas for Him

By Fathima Rukaiya Are you trying to find the perfect way to show your special

Highlights Yamu Guide

9 Special Valentine’s Day Gift Ideas for Her

Written by Fathima Rukaiya The season of love is upon us once more, and opinions

Highlights Yamu Guide

Romantic Dinner and High Tea date spots for Valentine’s Day  2024

Written by Shamrina C 1. Via Torino Indulge in a fine dining exclusive 3-Course meal

Highlights Yamu Guide

BYOB Bliss: 16 Places to you can Bring Your Own Bottle!

Written by Shamrina C 1. Giovannis Indulge in Italian flavors, grooving music, pet friendly, and

Highlights Yamu Guide

Unveiling Ramada’s Festive Christmas High Tea Extravaganza!

Written by Shamrina C Mark your calendars for the 22nd, 23rd, and 24th of December,

Highlights Yamu Guide