එලොව පොල් පේනව කියල කතාවට කිව්වට ඇත්තටම අඟහරු බලන්න පුළුවන් වෙයිද?.

ලංකාවේ අපිට එලොවත් එක්ක ගනුදෙනු කරන එක එදිනෙදා දෙයක්. අත හරි කේන්දරේ හරි බලන සාස්තරකාරයාගේ ඉඳන්, පොඩ්ඩ බයවෙච්ච ගමන් එලොව පොල් පේන වෙලාව වෙනකං අපි එලොව ගිහින් මෙලොව එනවා. හැබැයි අපි කතාවෙන් එලොව ගියාට හැබැහින් එලොව යන්න හදන කට්ටිය මෙලොව ඉන්නවා.

ඔයාල ඊලෝන් මස්ක් ගැන අහල තියෙනවද? අහල නැතිවෙන්න විදියක් නැහැ. එත් වැරදිලාවත් අහල නැත්තං එයා දායක වෙච්ච නිර්මාණ ගැන අහල තියෙනව ඇති. අර ලස්සන ටෙස්ලා විදුලි කාර්? එහෙම නැත්තං අපේ කට්ටිය හැමදාම ලංකාවට අරං දෙන්න කියල ඉල්ලන පේපෑල් එක? අන්න ඒවාට මුල පිරුවේ මෙයයි. ඒවයේ සහ තවත් ඒවගේ අලුත් අදහස් නිසා මෙයා දැන් බිලියන ගානක වත්කමක් ලබාගෙන ලෝකෙ ධනවත්ම පුද්ගලයින්ගේ ලයිස්තුවේ 83වෙනියට ඉන්නව. මෙයාට සමහර අය කියන්නේ සැබෑ ලෝකෙ ටෝනි ස්ටාර්ක් කෙනෙක් වගේ කියල. මොකද ඒ වගේ විකාර කියල හිතෙන අදහස් නිර්මාණය කරන්න උත්සහ කරන හින්ද.

ඊලෝන් මස්ක් ලඟදි එයාගේ ලොකු සිහිනයකට මුල පුරන සැලැස්මක් ලෝකයාට  පෙන්නුවා. ඒ අඟහරු මත මින්ස්සු පදිංචි කරවන්න. මේක නිකං කට කහනවට කිව්වා නෙමෙයි. එයාගේ Space X අභ්‍යවකාශ සමාගම යොදාගෙන ඉතා විශාල සැලැස්මක් හදල තියෙන්නෙ. ඒක දැක්කම කරන්න පුළුවන් වෙයි කියලත් හිතෙනවා.

 

හඳට ගිය අපිට අඟහරුවලට යන්න බැරි ඇයි?

ලොකුම ගැටලුව තමයි වියදම. මෙච්චර කාලෙකට අඟහරුවලට මිනිස්සු අරින්න ඇමරිකානු ඩොලර් බිලියන 500ක් වත් යයි කියල තමයි ඇස්තමේන්තු කරලා තිබුනේ. ඉතින් එච්චර වියදමක් දරන්න පුළුවන් කාටද? හඳට ගිය කාලේ වගේ ඉතින් රටවල් අතර තරඟයක් නැහැනේ සල්ලි වියදං කරවන්න.

තව එකක් තමයි ගමනේ අමාරුව. දීර්ඝ කාලයක් යානයක් ඇතුලෙ හිරවෙලා ඉන්න එක ලේසී දෙයක් නෙමයි. යන්න වෙන තැනකුත් නැහැනේ. අනික එකට ඉන්න මිනිස්සු ටික එපා කරගෙනත් බැහැනේ. පෘථිවියට යන්න තියා කතාකරන්නටත් වෙලා ගතවෙනවා. අඟහරු ඉන්න දුර කොතරම්ද කියන්නේ විශ්වයේ වේගවත්ම දේ වන ආලෝකයටත් එහෙ ඉඳල මෙහෙට එන්න අඩුම ගානේ විනාඩි 3කුත් වැඩිම වුනොත් විනාඩි 22කුත් ගතවෙනවා. ඉතින් පණිවිඩ හුවමාරු කරන්න වෙන්නෙ ටෙලිග්‍රෑම් වගේ. එකම වෙලාවේ කතාකරන්න විදියක් නැහැ. ඕව ඔක්කොම අවුරුදු ගාණක් තිස්සේ විඳ දරාගෙන ඉන්නත් වෙනවා.

අවුරුදු ගාණක් තිස්සේ ගුරුත්වාකර්ෂණය රහිත පරිසරයක ඉන්නකොට මිනිස් ශරීරයට වෙන දේවල් ගැනත් අපි හරියට දන්නේ නැහැනේ. අස්ථි දිරාපත් වෙනවා, ඇස් පෙනීමට බලපෑම් වෙනවා වගේ දේවල් අපි දැනටම දන්නවා. ඒවගේම ශරීරය ඇතුලේ තියෙන ද්‍රව බෙදාහැරෙන විදිය ගුරුත්වාකර්ෂණය නැතුව ටිකක් අවුල් යනවා.

අභ්‍යවකාශ විකිරණ වලිනුත් මිනිස්සුන්ට හුඟක් හානි වෙන්න පුළුවන්. 2013 අඟහරු වෙත යවපු යානයකින් ගත්තු දත්ත වලින් නාසා ආයතනයට දැනගන්න ලැබුණා ගගනගාමියෙක්ට ජිවිත කාලයටම නාසා ආයතනයේ දෙන විකිරණ සීමාවට ආසන්න විකිරණ ප්‍රමාණයක් ඒ ගමනේදී යානයට වැදුණා.

ඔය කොහොමහරි ගියයි කියමුකෝ. ගිහිල්ල එතන ඉන්න තැනක් හදාගන්න එපැයි. එකත් ඉතින් හරියට හදාගන්න ඕනේ. අඟහරුවල මින්ස්සුන්ට කන්න තියා හුස්මගන්නවත් බෑ නේ. වාසස්ථානය හරියට නැත්තං මලා

 

අඟහරු යන්න ප්ලෑන්

අර කියපු ඔක්කොම ප්‍රශ්ණ තිබුණට මේ අඟහරු වලට යන්න ඕනේ කියල කවුරුහරි කියපු පලවෙනි අවස්තාව නෙමෙයි. ඈත ඉතිහාසය ඉඳල අඟහරු ගැන මිනිස්සු උනන්දු වෙලා තියෙනවා. මිත්‍යා, පුරාවෘත්ත, ජ්‍යෝතිෂ්‍ය ආදියේ අඟහරු සැහෙන්න වැදගත්. විද්‍යාවේ වුනත් අඟහරු ආන්දෝලන ඇතිකළේ මුල් කාලේ ඉඳල. 1800 ගණන්වල පර්සිවල් ලොවල් දුරේක්ෂයකින් අඟහරු දිහා බැලුවම හිතුවේ එහෙ දියුණු ජීවි විශේෂයක් හදපු වැව් අමුණු තියෙනවා කියල. පස්සෙ ඒක එහෙම නෙමයි කියල තේරුම් ගියාට ඒකෙන් අඟහරු තවත් මිනිස්සුන්ගේ හිතට කාවැදුනා. 1950 විතර නවීන රොකට් තාක්ෂණයේ පුරෝගාමියෙකු වුණ ජර්මනියේ වර්නර් වොන් බ්‍රාහ්න් පොතක්ම ලිව්වා රොකට් 1000ක් පාවිච්චි කරන අභ්‍යවකාශ යානා 10ක් යොදාගෙන 70 දෙනෙක් අඟහරුවලට යවන අදහසක් ගැන. ඊට පස්සෙ විද්‍යාඥයින් විතරක් නෙමෙයි සාමාන්‍ය ජනවහරෙත් මේ ගැන කියවුනා. අඟහරුවල පදිංචියට යන, පදිංචි වෙච්ච ආදී කතා, පොත්, චිත්‍රපට කොච්චර නං ලියල තියෙනවද.

දැනට අඟහරු සම්බන්ධව තියෙන විද්‍යාත්මක පර්යේෂණ ඔක්කොම නිරීක්ෂණ චාරිකා පමණයි. ඒවට අත ගහන්න තරං වත්කමක් තිබුනේ ලෝකයේ පෝසත්ම රටවල් වලට නැත්තං පෝසත්ම රටවල් කිහිපයක් එකතු වීමෙන් විතරයි. ඒ මැරිනර්, වයිකින්ග්, පාත්ෆයින්ඩර්, රොසෙටා, මංගල්යාන් වගේ ඒවා. අඟහරුවලට මිනිස්සු යවන්න අදහස් තිබුණට ඒවාත් නිරීක්ෂණ චාරිකා පමණයි. ඒවත් තව අවුරුදු 20, 30 අනාගතේට තමයි තියෙන්නෙ. නාසා ආයතනයේ ඔරායන් යානාව එක්ක ගිය කොන්ස්ටලේෂන් ව්‍යාපෘතියේ එක ඉලක්කයක් මේක. ඒවගේම යුරෝපා අභ්‍යවකාශ ආයතනයේ ඔරෝරා ව්‍යාපෘතිය තියෙනවා. චිනෙත් අඟහරු වලට යන්න සැලසුමක් තියෙනවා 2033 වෙනකොට.

මේ ඔක්කොම සැලසුම් තිබුණත් කව්රුවත් හුඟක් බරපතල විදියට හිතුවේ නැහැ ඉක්මනට අඟහරු වලට යන්න. මේ වගේ පරිසරයක තමයි ඊලෝන් මස්ක් එයාගේ සැලසුම ඊයේ පෙරේදා ඉදිරිපත් කලේ.

 

Interplanetary Transport System

ස්පේස් එක්ස් ආයතනයේ මේ ව්‍යාපෘතිය විද්‍යාත්මක ගවේෂණයකට වැඩිය සංචාරක ගමනකට කිට්ටුයි. ඇත්තෙන්ම මුලදි වැඩි විද්‍යාත්මක පැත්තට බර වුනත් සංචාරක චාරිකා මට්ටමකට අඟහරු ගමන පහසු කරන්න තමයි මේ අයගේ බලාපොරොත්තුව. මෙහෙම වියදම අඩු කරන්න හදන්නේ යානා හුඟක් නැවත පාවිච්චි කරන්න පුළුවන් වෙන විදියට සැලසුම් කරල තියෙන හින්ද.

ඉස්සෙල්ලම තියෙන්නෙ නැවත භාවිතා කරන්න පුළුවන් දියත්කිරීමේ යානය. මේකට කොටස් දෙකක් තියෙනවා. ඒකෙ පළවෙනි කොටස තමයි බුස්ටර් කොටස. අඩි 39ක විෂ්කම්භයක්  තියෙන, අඩි 238 උස මේ යෝධ රොකට්ටුවට ස්පේස් එක්ස් ආයතනයේ රැප්ටර් රොකට් එන්ජින් 42ක් සවිකරලා තියෙනවා. මේකෙන් මෙට්‍රික් නිව්ටන් 130ක තල්ලුවක් ලබාදෙනවා. මේකෙ තරම තේරෙන්නේ ඇපොලෝ ව්‍යාපෘතියට පාවිච්චි කරපු සැටර්න් පහ රොකට්ටු වලින් ගන්න පුළුවන් මෙට්‍රික් නිව්ටන් 36ක තල්ලුවක් විතරයි කියල දැනගත්තමයි.

මේකට උඩින් තමයි අභ්‍යවකාශ යානාව සවිවෙන්නේ. ඒක අඩි 162 දිගයි, අඩි 56ක විශ්කම්භයක් තියෙනවා. මෙට්‍රික් ටොන් 450ක් විතර උස්සං යන්න පුළුවන්. මෙහෙම කරන්න පුළුවන් වෙන්නෙ රැප්ටර් එන්ජින් 6ක් භාවිතයෙන්. බුස්ටර් කොටස භාවිතයෙන් මේ අභ්‍යවකාශ යානය පහළ පෘථිවි කක්‌ෂය වෙත අරං ගියාට පස්සෙ බුස්ටර් එක නැවත පෘථිවියට ගොඩබානව. මිට කලින් යානාවල බුස්ටර් වගේ නිකං පොලවට කඩාගෙන වැටෙන්නේ නැහැ. මේක රොකට් එන්ජින් ආධාරයෙන් විද්‍යා ප්‍රබන්ධයක යානයක් වගේ ලස්සනට තිබුණ විදියටම ගොඩබාන්න පුළුවන් විදියට තමයි සැලසුම් කරලා තියෙන්නෙ. මේ තාක්ෂනය දැන්ම බලාගන්න පුළුවන් ස්පේස් එක්ස් ආයතනයේ ෆල්කන් 9 රොකට් වල. මේකේ විකිරණ වලින් ආරක්ෂා වෙන්න ජල තට්ටුවක් යානයේ සමට එකතු කරලා තියෙනවා. ඒවගේම පෘථිවි වායුගෝලයට වඩා දෙගුණයක ඔක්සිජන් සාන්ද්‍රණයක් ඇතුලේ වායුගෝලයේ තියෙනවා.

බුස්ටර් එක ආපහු පොලවට ආවට පස්සෙ ඒකට නැවත සවිකරනව විශාල ඉන්ධන ටැංකියක්. මේ ටැංකිය දල වශයෙන් අර කලින් අරං ගිය අභ්‍යවකාශ යානයේ ප්‍රමාණයමයි. නමුත් මේකෙ මිනිස්සු සහ භාණ්ඩ වෙනුවට ද්‍රව මීතේන් සහ ද්‍රව ඔක්සිජන් ගෙනියනවා. ඊට පස්සෙ ආයි බුස්ටර් එක ආධාරයෙන් මේ ටැංකිය පහළ පෘථිවි කක්‌ෂයට ගෙනියනවා. එතැනදී මෙච්චර වෙලා පහළ පෘථිවි කක්‌ෂයේ නැවතිලා තිබුණා යානයත් එක්ක සම්බන්ධ වෙලා ඒකට ඉන්ධන ලබාදෙනවා. අඟහරු ගමනකට අවශ්‍ය ඉන්ධන ප්‍රමාණය දෙන්න ගමන් කිහිපයක් කරන්න වෙයි.

මෙහෙම ඉන්ධන ලබාදුන්නට පස්සෙ අභ්‍යවකාශ යානය තම ගමන ආරම්භ කරනවා. ගමන අතරමගදී අවශ්‍ය බලශක්ති උත්පාදනයට සුර්ය පැනල යොදාගැනීමට බලාපොරොත්තු වෙනවා. මේ ගමනට දින 150ක් විතර යයි කියල ඇස්තමේන්තු කරල තියෙනවා. අඟහරු වෙත ලඟා වුනාට පස්සෙ මේ යානය අඟහරු වායුගෝලයට ඇතුළු වෙලා අනිත් යානා වගේ රොකට් ආධාරයෙන් සිරස්ව ගොඩබානවා.

මුලින්ම අඟහරු වෙත දහ දෙනෙක් වගේ පොඩි ප්‍රමාණයක් තමයි යවන්න අදහස තියෙන්නෙ. ධාරිතාවයෙන් වැඩි ප්‍රමාණයක් උපකරණවලට තමයි වැය වෙන්නෙ. ජනපදයකට අවශ්‍ය වාතය, ඉන්ධන, පොහොර, නවාතැන් අඟහරුවල අමුද්‍රව්‍ය වලින් නිපදවන්න තමයි මේ උපකරණ ඕනේ.

 

අනාගතේ

මේගොල්ලෝ කියන්නේ අවශ්‍ය මුල්‍ය ප්‍රතිපාදන ලැබුණොත් අවරුදු 8ක් වගේ කාලයකින් යානාවක් අරින්න පුළුවන් කියල. එහෙම තත්වයකට එන්න ඩොලර් බිලියන 10ක් විතර ඕනේ වෙනවයි කියල තමයි කියන්නේ. එකත් දිගු කාලීන ආයෝජනයක් වෙනවා. කොහොමහරි අඟහරුවලට යන්න ටිකට් එකක් ඇමරිකාවේ මධ්‍යස්ත ප්‍රමාණයේ නිවසක වියදමකට වගේ අඩුකරගන්න තමයි උවමනාව තියෙන්නෙ. ඉතින් මෙච්චර සල්ලි ස්පේස් එක්ස් ආයතනයට තනියම දරන්න දැනට බැහැ. පිටින් ආයෝජන ඕනේ. හැබැයි ඒවා පෞද්ගලික මුදල් වෙයි. මොකද හුඟක් අභ්‍යවකාශ ව්‍යාපෘති කරන ආණ්ඩු මේකට එච්චර කැමැත්තක් දැක්වුවේ නැහැ.

කොහොම වුණත් අඟහරු ගමන කල් දැම්මත් මේ රොකට් සහ ඒ තාක්ෂණය අපතේ යන එකක් නැහැ. පෘථිවි කක්‌ෂයට චන්ද්‍රිකා ගෙනියන එක සල්ලි ගොඩක් තියෙන බිස්නස් එකක්. ඉතින් එකට මේ රොකට් යොදාගන්න පුළුවන්. ඇත්තටම ස්පේස් එක්ස් කියන හැටියට මේ යානවලින් දවසක මුළු සෞරග්‍රහ මණ්ඩලයම සැරි සරන්න පුළුවන් කියල.

 

අවසාන වශයෙන්

අපි ඉන්න මහ පොළොවේ ප්‍රශ්ණ ඕන තරං තියෙද්දී අහසට යන්න මෙච්චර වියදං කරන එකේ තේරුම මොකද්ද කියල අහන එක අසාධාරණ නැහැ. එත් මිනිස්සු වැඩකරන හැටියට අපිට මේ ඉන්න ලෝකෙ ඉන්න ඉඩ, සම්පත් මදි වෙයි. ඉතින් වෙන ලෝකවලට යන එක එක අතකින් නොකර ඉන්න පුළුවන් දේකුත් නෙමයි. කවදාහරි අපි උපන් ගෙයින් පිට වෙන්නත් එපැයි. ඒ දිනේ අපි හිතන තරං ඈතක නොවෙන්න පුළුවන්.

රුප: SpaceX සහ wikimedia.org වෙතින්

Share on facebook
Share on twitter
Share on whatsapp

Highlights.

Latest.

KAMU.

Welcoming the Year of the Horse at Yue Chuan, The Kingsbury

Yue Chuan, the award-winning Chinese restaurant at The Kingsbury, Colombo, invites guests to usher in the

Highlights Kamu

Soho Hospitality Charts First Expansion into South Asia with Charcoal’s Colombo Debut

Bangkok-based international hospitality group selects Sri Lanka for its game- changing dining brand Charcoal Tandoor

Highlights Kamu

Brunch at ITC Ratnadipa – Review

By Ranugi Thihansa If you’re looking for a Sunday brunch that brings together incredible food,

Highlights Kamu Yamu Guide

Harpo’s Pizza and Pasta: Review

We dropped by Harpo’s Pizza and Pasta the other day, and it turns out it’s

Highlights Kamu

The Fort Café by Tasty Caterers – Review

By Linara Wimalaweera The Fort Café by Tasty Caterers offers a refreshing escape from the

Highlights Kamu Yamu Guide

Nihonbashi by Dharshan – Review

Written by Linara Wimalaweera When it comes to Japanese fine dining in Colombo, few names

Highlights Kamu

Trending.

Indian Destination Weddings Shift Towards Experience-Led Celebrations, Positioning Sri Lanka as a Rising Luxury Destination

New industry insights reveal Indian couples are spending more, inviting fewer guests and prioritising experiences over extravagance,

Highlights Trending

25% Off Lunch at Harbour Court This September

Make lunch plans worth looking forward to this September at The Kingsbury’s Harbour Court, with

Highlights Trending

Barista Reaches 100 Outlets, Bringing World-Class Coffee Experience Closer Across Sri Lanka

Barista Coffee Lanka marked a significant milestone in its journey on 31 August 2026 with

Highlights Trending

L’Incontro: An Italian Table by the Bentota Coast

There’s something particularly appealing about an Italian restaurant at the beach. Perhaps it’s the shared

Highlights Trending

Yazu at the Beach Brings Galle’s Pan-Asian Flavour to ON14

Colombo, your dinner plans just got a whole lot more interesting. On 28 August, Yazu

Highlights Trending

Gatz at City of Dreams Sri Lanka Brings Live Entertainment to the Heart of Colombo

Gatz Re-imagined brings a fresh take on classic supper club culture, with live entertainment throughout

Highlights Trending

Yamu Guide.

Shangri-La Colombo Unveils a New Chapter at Tiki Bar

As the sun dips into the Indian Ocean and the city begins to exhale, Tiki

Trending Yamu Guide

DINIDU: Colombo’s Premier Destination for Wedding Anniversary Gifts

Every wedding anniversary is a chapter of a love story that continues to evolve. These

Highlights Yamu Guide

Yazu Set to Make Sri Lankan Debut at Radisson Blu Resort Galle in 2026

Radisson Blu Resort Galle is set to unveil its newest culinary venture in March 2026 with the opening of Yazu by

Highlights Trending Yamu Guide

A Ramadan Feast Awaits at ITC Ratnadipa – Available Till March 19

This Ramadan, ITC Ratnadipa invites guests to celebrate the holy month with ‘A Feast for

Highlights Yamu Guide

Here are the must visit Iftar spots for 2026

Ramadan 2026 brings with it a beautiful season of reflection, gratitude, and shared meals. Across

Highlights Trending Yamu Guide