ඔයාලා මේ සිංහල ටෙලිනාට්‍ය වලට ආසයි නං මේ ඉංග්‍රීසි ටෙලිත් බලන්න.

දැන් කාලේ කව්රුත් පාහේ කියන කතාවක් තමයි ලංකාවේ චැනල්වල බලන්න හොඳ නාට්‍යයක් නැහැයි කියන එක. ඒක වෙන්නැති අපේ පරණ නාට්‍ය ගැන ලියවෙන ලිපි හුඟක් ජනප්‍රිය වෙන්නෙ. අපේම දේ හරියන්නේ නැත්තං පිටරට දෙයක්වත් බලමුද? ඔච්චර සල්ලි දීල ගත්තු ටීවී එකෙන් වැඩක් ගන්නත් එපැයි.

 

දූදරුවෝ

දූදරුවෝ කියන්නේ මොකද්ද කියල අමුතුවෙන් කියන්න ඕනේ නැහැනේ. නිකං අවුරුදු දහයක් පහලවක් ගියා වගේ, ඒවුනාට බලනකොට අවුරුදු පහයි විකාශය වෙලා තියෙන්නෙ. එච්චර මේ ටෙලිය අපේ හිත්වල කාවැදුනා. එක ගෙදරක් මෙච්චර ලොකු පවුලක් එකට ඉන්නකොට වෙන හැල හැප්පීම්, පොඩි පොඩි අමනාපකම් ඉඳල, සහයෝගිකම්, කරුණාව, දයාව ඒ හැම දෙයක්ම දුදරුවෝ තුලින් අපි දැක්කා.

දුදරුවෝ වගේ පිටරට ටෙලියක් බලන්න ඕනේ නං ලඟදි ආපු හොඳ එකක් තමයි Parenthood කියන්නේ. දූදරුවෝ වගේමයි. ආච්චි, සීයාගේ ඉඳල, මුණුබුරු මිණිබිරියෝ දක්වා ලොකු පවුලක් එක ගෙදර, එකට කාල බීල සහයෝගයෙන් ඉන්න හදන හැටි තමයි මේකෙත් තියෙන්නේ. දුදරුවෝ වගේ ඇති වෙනකං අඬන කෑලිත් තියෙනවා. සීයලා මුණුබුරෝ එකතු වෙද්දී අම්මල අමාරුවේ වැටෙන හැටි. පිස්සු කෙලින බඩපිස්සා හදන්න විශ්වාසවන්ත අයියා මහන්සි වෙනවා. ළමයින්ගේ සුරතල් බලලා ආයිත් හැමෝම යාලුවෙනවා. ඔයාලත් බලන්නකෝ. මං හිතන්නේ කැමති වෙයි. අඩුම ගානේ ඔය හෝ ගාල අඬන මල් සිංදුවල විඩියෝ බලන අයටවත් අල්ලලා යන්නෙ නැතැයි.

 

 

දඬුබස්නාමානය

දඬුබස්නාමානය කිව්වම අපිට මතක් වෙන්නෙ අංගම් පොර කලාවයි. ලංකාවේ වියැකෙමින් තිබුණ අපේ මේ පාරම්පරික සටන් කලාව ටිකක් හරි කරලියට ගෙනාවේ මේ ටෙලිනාට්‍යයයි. සටන් ක්‍රමයට නම ගියාට දඬුබස්නාමානය ඇතුලේ ඊට වැඩි දෙයක් තිබුණා. ඒ කාලේ සමාජයේ මිනිස්සු සම්බන්දතා පවත්වාගෙන ගිය හැටි, අධ්‍යාපනය කරගෙන ගිය හැටි, ආදි කාලේ පාලන ක්‍රම වගේ දේවල් ලස්සනට පෙන්නුම් කළා.

දඬුබස්නාමානයට හොඳටම අනුරුප විදේශීය ටෙලිය 1972 තිරගත වුණු Kung Fu කථා මාලාව වෙන්න ඕනේ. මේක රුපවාහිනී සංස්ථාව හරහා ලංකාවෙත් පෙන්නලා සැහෙන්න ප්‍රසිද්ධ වුණා කියල  සමහර විට ඔයාලට මතකත් ඇති. මේකෙන් කියවෙන්නෙ චීනේදී අනාථ වුන ක්වායි චෑං කේන් කියන දරුවා ෂැඔලින් ආරණ්‍යයට ඇතුළු වෙලා, මහණ වී, සටන් කලාව ප්‍රගුණ කරලා, පසුව රාජ උදහසට ලක් වීම නිසා ඇමරිකාවට පැනල ගිහිං තම සොහොයුරාව සොයන කතාවයි. මෙතැනදී ඇමරිකාවේ ”Wild West” කාලය ගැන හොඳට පෙන්නුවා. ඒ වගේම චීන ෂැඔලින් ආරණ්‍යය ගැන, එතන ජීවිතය, එතන උගන්නපු හැටි ආදිය පෙන්නුවා. ෂැඔලින් ගුරුවර හාමුදුරුවන්ගෙන්  හොඳ හොඳ ලස්සන වාක්‍ය එහෙම අහගන්නත් පුළුවන් වුණා. හැබැයි ඉතින් කොච්චර ඇත්ත ඉතිහාසයට සමානද කියල නං අපි දන්නේ නැහැ.

 

යෙස් බොස්

විජය නන්දසිරි කලාකරුවා අපෙන් සමුගෙන ගිය එක මතක් වෙනකොටත් දුක හිතෙන්නේ මේ වගේ නාට්‍ය මතක් වෙනකොට තමයි. කාර්යාලයක වෙන හුටපට අපට දැකල හිනාවෙන්න පුළුවන් විදියට තිරයට ගෙනාපු මේ ටෙලිය සෑහෙන්න ජනප්‍රිය වුණා. ලකී ඩයස්, සේමිණි ඉද්දමල්ගොඩ එහෙම අනිත් ප්‍රධාන චරිතවලට පණ දුන්නා.

ඔෆිස් එකක වෙන පිස්සු වැඩ බලන්න ඕනේ නං බලන්න හොඳම හොලිවුඩ් නාටකය තමයි The Office. මේක හොලිවුඩ් එකක්මත් නෙමෙයි. බ්‍රිතාන්‍ය කොමඩියක ඇමරිකානු අනුවාදයක් තමයි මේක. බ්‍රිතාන්‍ය ඔරිජිනල් එක කොච්චර ජනප්‍රිය වුනාද කියන්නේ මේක ඇමරිකාවේ  විතරක් නෙමෙයි  තව රටවල් හයක  මේකේ අනුවාද හැදුවා. බ්‍රිතාන්‍ය කොමඩිය තිබුනේ සීසන් දෙකයි, ඒත් ඇමරිකන් එක සීසන් හතක්ම දිව්වා. රිකී ජර්වේස්, මාටින් ෆ්‍රිමන්, ස්ටීව් කරෙල්, එලී කෙම්පර්, රෂිදා ජෝන්ස් වගේ දක්ෂ නළු නිලියෝ හුඟක් මේකට දායක වුනා.

 

එතුමා

ආයිත් විජය නන්දසිරි මහතාගේ සුපිරි රංගනයක්. අපේ පාර්ලිමේන්තුව දැක්කම නං අමුතුවෙන් කොමඩියක් හදන්න ඕනේ නැහැ කියලත් හිතෙනවා. ඒ වුනාට එතුමා දැක්කම අපිට හිනාව නවත්තගන්න බැරිවුණා. අපේ මන්ත්‍රීල ගැන අලුත් දෙයක් අපිට තේරුණේ නං නැහැ. ඒ වුනාට ටිකක් උපහාසෙන් බලල හිත හදාගන්න පුළුවන් වුණා.

Yes Minister කියන්නේ 1980 බ්‍රිතාන්‍යයේ BBC එකේ පෙන්නපු නියම කොමඩියක්. ඔයාලට සමහරවිට මතක ඇති මේක හුඟක් ඉස්සර ලංකාවෙත් පෙන්නුවා කියල. මෙතන බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී කෙනෙක්ගේ කාර්යාලය ඇතුලේ තමයි වැඩි හරියක් තියෙන්නෙ. ඒ මන්ත්‍රීතුමා පාර්ලිමේන්තු වැඩ, අනිත් මන්ත්‍රීන්ගේ, ලේකම්වරුන්ගේ කපටි සුත්තර, ඉහලින් එන තීරණ වගේ දේවල්වලට බැරි අමාරුවෙන් මුහුණ දෙන හැටි තමයි මේකේ තිබුනේ. උපහාසෙන් පාර්ලිමේන්තුව දිහා විවේචනාතත්මක දැක්මක් මේකෙන් ලබාදුන්නා. පස්සෙ ඒ මන්ත්‍රීතුමා අගමැති වුනාම වෙච්ච ප්‍රශ්ණ ගැන Yes, Prime Minister බලල හිනාවෙන්න පුළුවන්.

 

නයිට් ලර්නර්ස්

ස්වර්ණවාහිනියේ කාලෙකට කලින් නයිට් ලර්නර්ස් කියල කොමඩියක් ගියා කියල ඔයාලට මතකද? මේක වාහන ධාවන නීති උගන්වන පන්තියක් ඇතුලේ තිබුණ හොඳ කතාවක්. ඇත්තටම ධාවන නීති පොඩ්ඩක් හරි ඒක හරහා දෙන්න හැදුව. හැබැයි  දැන් කාලේ පාරේ එලවන හැටි දැක්කම හුඟක් අය බලල නැතුව ඇති කියල හිතෙනවා. විල්සන් ගුණරත්න මහතා ගුරුතුමා වෙච්ච මේ පන්තියේ ජනකාන්ත නළු නිලියෝ හුඟක් හිටියා.

නයිට් ලර්නර්ස් එක හැඩගැහිලා තියෙන හැටි බලනකොට මේකට හරියටම හරියන්නේ 1977 පෙන්නපු Mind Your Language කියන කොමඩියයි. මේකත් හුඟක් ඉස්සර ලංකාවේ පෙන්නලා තියෙනවා. මෙතනදී පෙන්නුවේ බ්‍රිතාන්‍යයට සංක්‍රමණය වුනු විදේශිකයින් කට්ටියකට ඉංග්‍රීසි උගන්වන්න බැරි අමාරුවෙන් උත්සහ කරන අහිංසක ගුරුවරයෙක් ගැන කතාවක්. තම ශිෂ්‍යයින්ගේ පිස්සු වැඩ සහ  විදුහල්පතිනියගේ කරච්චල් අස්සේ මේ ගුරුතුමා සැහෙන්න කරදර විඳින්නේ අපිට හොඳ හිනාවක් දීලයි. ඒවුනාට ළමයි ටික ගුරුතුමාත් එක්ක ෆිට් හින්ද දුක් වෙන්න දෙයක් නැහැ.

තව නං තියෙනවා. එත් දැනට මේ ඇති නේද? බලල එන්නකෝ. තව ඔයාල දන්නවනං කොමෙන්ට් කරන්නකෝ.

Share on facebook
Share on twitter
Share on whatsapp

Highlights.

Latest.

KAMU.

Welcoming the Year of the Horse at Yue Chuan, The Kingsbury

Yue Chuan, the award-winning Chinese restaurant at The Kingsbury, Colombo, invites guests to usher in the

Highlights Kamu

Soho Hospitality Charts First Expansion into South Asia with Charcoal’s Colombo Debut

Bangkok-based international hospitality group selects Sri Lanka for its game- changing dining brand Charcoal Tandoor

Highlights Kamu

Brunch at ITC Ratnadipa – Review

By Ranugi Thihansa If you’re looking for a Sunday brunch that brings together incredible food,

Highlights Kamu Yamu Guide

Harpo’s Pizza and Pasta: Review

We dropped by Harpo’s Pizza and Pasta the other day, and it turns out it’s

Highlights Kamu

The Fort Café by Tasty Caterers – Review

By Linara Wimalaweera The Fort Café by Tasty Caterers offers a refreshing escape from the

Highlights Kamu Yamu Guide

Nihonbashi by Dharshan – Review

Written by Linara Wimalaweera When it comes to Japanese fine dining in Colombo, few names

Highlights Kamu

Trending.

Indian Destination Weddings Shift Towards Experience-Led Celebrations, Positioning Sri Lanka as a Rising Luxury Destination

New industry insights reveal Indian couples are spending more, inviting fewer guests and prioritising experiences over extravagance,

Highlights Trending

25% Off Lunch at Harbour Court This September

Make lunch plans worth looking forward to this September at The Kingsbury’s Harbour Court, with

Highlights Trending

Barista Reaches 100 Outlets, Bringing World-Class Coffee Experience Closer Across Sri Lanka

Barista Coffee Lanka marked a significant milestone in its journey on 31 August 2026 with

Highlights Trending

L’Incontro: An Italian Table by the Bentota Coast

There’s something particularly appealing about an Italian restaurant at the beach. Perhaps it’s the shared

Highlights Trending

Yazu at the Beach Brings Galle’s Pan-Asian Flavour to ON14

Colombo, your dinner plans just got a whole lot more interesting. On 28 August, Yazu

Highlights Trending

Gatz at City of Dreams Sri Lanka Brings Live Entertainment to the Heart of Colombo

Gatz Re-imagined brings a fresh take on classic supper club culture, with live entertainment throughout

Highlights Trending

Yamu Guide.

Shangri-La Colombo Unveils a New Chapter at Tiki Bar

As the sun dips into the Indian Ocean and the city begins to exhale, Tiki

Trending Yamu Guide

DINIDU: Colombo’s Premier Destination for Wedding Anniversary Gifts

Every wedding anniversary is a chapter of a love story that continues to evolve. These

Highlights Yamu Guide

Yazu Set to Make Sri Lankan Debut at Radisson Blu Resort Galle in 2026

Radisson Blu Resort Galle is set to unveil its newest culinary venture in March 2026 with the opening of Yazu by

Highlights Trending Yamu Guide

A Ramadan Feast Awaits at ITC Ratnadipa – Available Till March 19

This Ramadan, ITC Ratnadipa invites guests to celebrate the holy month with ‘A Feast for

Highlights Yamu Guide

Here are the must visit Iftar spots for 2026

Ramadan 2026 brings with it a beautiful season of reflection, gratitude, and shared meals. Across

Highlights Trending Yamu Guide