පැබ්ලෝ එස්කොබාර් ගැන හැදුණ ‘නාකොස්’ කතා මාලාව යට හැංගුණ අප්‍රකට කතා.

නාකොස් කියන්නෙ ලෝකේ හොල්ලපු මත් රජු විදිහට හඳුන්වන පැබ්ලෝ එස්කොබාර් ගැන නිර්මාණය වුණ ලෝකේ හොල්ලපු සීරීස් එකක්. සීසන්ස් තුනකින් සමන්විත මේක 2015 ඉඳන් 2017 දක්වා කාලය තුළයි නිර්මාණය වුණේ. ලෝකය පුරා ම ප්‍රේක්ෂකයන් ආකර්ෂණය කරගත්ත නාකොස් ගැන වැඩි දෙනෙක් නොදන්න කරුණු කීපයක් කියන්නයි අපි ලෑස්ති වෙන්නෙ.

ප්‍රඩක්ෂන් ඩිසයින්

නාකොස් සීරීස් එකට ම අනන්‍ය වුණු ප්‍රඩක්ෂන් ඩිසයින් බොහෝ දෙනෙක්ගේ පැසසුමට පාත්‍ර වුණා. මේ ප්‍රඩක්ෂන් ඩිසයිනිං කරන්න මුල් වෙලා තියෙන්නෙ පැබ්ලෝ එස්කොබාර් තමන්ගේ ජීවිතයේ විවිධ අවස්ථා පටිගත කරලා තිබුණ ඇත්ත ම වීඩියෝ දර්ශන. ඇඳුම් පැලඳුම්, ගෙවල් දොරවල්, ගොඩනැඟිලි ආදී තමන් අවට තියන හැම දේ ම සහ හැම අවස්ථාවක් ම වගේ එස්කොබාර් රූගත කරල තිබිල තියනවා. ඉතින් අදාළ අවස්ථාවට උචිත පසුබිම නිර්මාණය කරන්න නිෂ්පාදක කණ්ඩායමට මේක සෑහෙන උදව්වක් වෙලා තියනවා.  

සීරීස් එකක් ද ෆිල්ම් එකක් ද?

නිෂ්පාදක එරික් නිව්මන් කියන විදිහට නාකොස් දැවැන්ත හොලිවුඩ් චිත්‍රපටයක් විදිහට එළිදක්වන්න ලු මුලින් නියමිත වෙලා තිබුණේ. ඒත් පිටපත ලියද්දි කලින් නොහිතුව තරං එක එක චරිත කතාවට එකතු වෙලා දීර්ඝ විස්තර සහිත පිටපතක් නිර්මාණය වුණු නිසා මේක පුංචි තිරයට සුදුසු නිර්මාණයක් බවට පත් කළ යුතු බවට ඔවුන් තීරණය කරලා තියනවා. ඒ අනුවයි නාකොස් නෙට්ෆ්ලික්ස් හරහා අපි ළඟට එන්නේ. කොහොමටත් එස්කොබාර්ගේ කතාව පැය දෙකක ෆිල්ම් එකකින් කියලා ඉවර කරන්න පුළුවන් එකක් නෙවෙයි කියලා නාකොස් බලපු අය නං හොඳට ම දන්නවා.

පැබ්ලෝ එස්කොබාර්ට රඟපෑ නළුවා

නාකොස් එකේ එස්කොබාර්ගේ චරිතයට පණ දෙන්නේ බ්‍රසීල ජාතික රංගන ශිල්පියෙක් වෙන වැග්නර් මෞරා. ලෝකය ඔහු හඳුනගන්නේ නාකොස් සීරීස් එකෙන් වුණත්, ඔහු බ්‍රසීලයේ 1996 පටන් රංගනයේ යෙදෙන සුප්‍රසිද්ධ තරුවක්. බ්‍රසීල ෆිල්ම් 27ක සහ ටීවී සීරීස් 7ක ඔහු රඟපාලා තියනවා. බ්‍රසීල චිත්‍රපට ඉතිහාසයේ වැඩි ම ආදායම ඉපයූ, ජනප්‍රිය ම චිත්‍රපටය විදිහට සැලකෙන ‘එලීට් ස්කොඩ්’ ෆිල්ම් එකත් ඒ අතරට අයත්. ඒ විතරක් නෙවෙයි, බ්‍රසීලයේ සංගීතඥයෙක් විදිහටත් ප්‍රසිද්ධ ඔහුට බෑන්ඩ් එකක් එහෙමත් තියනවා ලු.

බ්‍රසීල ජාතිකයෙක් විදිහට වැග්නර් මෞරා කතා කරන්නේ පෘතුගීසි භාෂාව. ඔහු නාකොස් රඟපාන්න කලින් එස්කොබාර් කතා කළ ස්පාඤ‍්ඤ බස පොඩ්ඩක්වත් දැනගෙන හිටියේ නෑ. ඉතින් මේ වෙනුවෙන් ම රූගත කිරීම් පටන්ගන්න මාස හයකට කලින් කොලොම්බියාවේ පදිංචියට ගිය ඔහු, ස්පාඤ‍්ඤ බස සහ කොලොම්බියානු සංස්කෘතිය ප්‍රගුණ කරලා තියනවා. ඔහු ම කියන විදිහට දැන් ඔහුට ඉංග්‍රීසි භාෂාවටත් වඩා හොඳින් ස්පාඤ‍්ඤ භාෂාව හසුරුවන්න පුළුවන් ලු. ඒ වගේ ම හොඳ කඩවසම් සිරුරක් හිමිව හිටපු ඔහු මේ චරිතය සඳහා ම විශාල වශයෙන් සිරුරේ බර වැඩි කරගෙන තියනවා. කොච්චර ද කියනව නම්, නාකොස්හි චරිතය නිම කිරීමෙන් පස්සෙ ශරීරය සාමාන්‍ය ප්‍රමාණයට ගෙන එන්න ඔහුට නිර්මාංශ ඩයට් එකකට යන්නත් සිද්ධ වෙලා.

එස්කොබාර් විදිහට රඟපෑ නළුවා මත්ද්‍රව්‍ය ගැන දරන මතය මොකක්ද කියල දැනගන්න ප්‍රේක්ෂකයෝ කැමතියි නේ. ඉතින් ඒකට උත්තර දෙමින් වැග්නර් මෞරා කියල තියනවා මත්ද්‍රව්‍ය නීතිගත කරනවට ඔහු කැමතියි කියලා. මේකට හේතුව විදිහට ඔහු පෙන්නලා දෙන්නේ, මත්ද්‍රව්‍ය නිසා සිදු වන මරණ ප්‍රමාණයට වඩා මරණ ප්‍රමාණයක් මත්ද්‍රව්‍ය වැටලීම්වලදි සිදු වෙනවා කියන එක. ඒ වගේ ම මත්ද්‍රව්‍ය හා බැඳුණු ප්‍රචණ්ඩත්වය නිමා වෙන්නත් නීතිගත කිරීම හේතුවක් වෙයි කියල ඔහු හිතනවා.

“ඇබ්බැහි වීම ප්‍රශ්නයක් නෙවෙයි කියල මම කියන්නෙ නෑ. ඒක ලොකු ප්‍රශ්නයක් තමයි. හැබැයි ඒකට ප්‍රතිකාර කරන්න ඕන සෞඛ්‍ය ප්‍රශ්නයක් විදිහට මිසක්, පොලිස් හෝ මිලිටරි ප්‍රශ්නයක් විදිහට නෙවෙයි.” වැග්නර් මෞරා කියනවා.

අයිතිය නෙට්ෆ්ලික්ස් එකට විතරක් නෙවෙයි

අපි හැමෝම දන්නේ නාකොස් අයිති නෙට්ෆ්ලික්ස් එකට කියල නේ. හැබැයි නාකොස් නිර්මාණය කළේ නෙට්ෆ්ලික්ස් එක්ක තව සමාගමක් එකතු වෙලා. ඒ තමයි ප්‍රංශ ස්ටුඩියෝ එකක ඇමරිකානු ශාඛාව වෙන ගෝමොන්ට් ඉන්ටනැෂනල් ටෙලිවිෂන්. මීටත් අමතරව යුනිවිෂන් කියන ජනප්‍රිය ස්පාඤ‍්ඤ ටෙලිවිෂනයත් නාකොස් බෙදාහැරීමේ සගයෙක් විදිහට කටයුතු කරලා තියනවා.

ඇත්ත DEA ඒජන්ට්ස්ලා

මේ සීරීස් එකේ මුල් සීසන්ස් දෙකේ නැරේටර්, නැත්තං කතාව කියන්නා වෙන්නේ ඇමරිකානු DEA ඒජන්ත ස්ටීව් මර්ෆි. ඔහු සහ ඔහුගේ සගයා හාවියර් පෙඥා තමයි ඇමරිකාව විසින් එස්කොබාර් අල්ලන්න කොලොම්බියාවට එවන නිල දූතයන් දෙන්නා. මේ දෙන්නා හැබෑවට ම එස්කොබාර් අල්ලන්න ඇමරිකාවෙන් එවපු, තාමත් ජීවතුන් අතර ඉන්න ඇත්ත චරිත දෙකක්. ස්ටීව් මර්ෆිට බොයිඩ් හෝල්බ්රූක් සහ හාවියර් පෙඥාට පේද්රෝ පැස්කලිස් රඟපානවා. හැබැයි දන්නවද? ඇත්ත ම ස්ටීව් සහ හාවියර් දෙන්නත් නාකොස් එකේ එක රූපරාමුවක රඟපානවා. දෙවැනි සීසන් එක අවසන් වෙද්දි එස්කොබාර් මියගිය පුවත අහලා සව්දිය පුරන වියපත් පුද්ගලයින් දෙන්නෙක් විදිහට තමයි ඔවුන් ඉන්නේ. ඇත්තටමත් මේ දෙන්නා දැන් වයස්ගතයි. මේ වෙද්දි ස්ටීව් 63 වැනි වියේ සහ හාවියර් 72 වැනි වියේ පසු වෙනවා.

පැබ්ලෝ එස්කොබාර්ගේ මරණය

නාකොස් දෙවැනි සීසන් එක අවසන් වෙන්නේ එස්කොබාර් අල්ලන්න ඇමරිකානු DEA ඒජන්තයින් සමග කොලොම්බියානු ආරක්ෂක අංශ දියත් කරපු දැවැන්ත මෙහෙයුමක ප්‍රතිඵලය විදිහට ඔහු මරණයට පත් වීමෙන්. මේ අවස්ථාව රූගත කරලා තියෙන්නේ ඇත්තට ම එස්කොබාර්ගේ මරණය සිදු වුණු වහල උඩ කියල දන්නව ද? ඇත්ත ලෝකේ සිදු වුණා වගේ ම මේක සීරීස් එකටත් ඉතා ම තීරණාත්මක මොහොතක් නිසා, මේ අවස්ථාව කිසිම අඩුපාඩුවකින් තොරව රූගත කරන්න නිර්මාණ කණ්ඩායමට අවශ්‍ය වුණා ලු. ඒ නිසා 1993 දෙසැම්බර් දෙවැනිදා, ඇත්ත එස්කොබාර් පලා යමින් ඉඳල අවසන් ගමන් ගිය ස්ථානය ම ඒ සඳහා යොදාගෙන තියනවා.

Share on facebook
Share on twitter
Share on whatsapp

Highlights.

Latest.

KAMU.

Caterers for your events 2024

Written by Fathima Rukaiya, When planning an event, finding the perfect catering spot can be

Highlights Kamu

Top Burger Joints of 2024

Written by Fathima Rukaiya, Who doesn't adore a juicy, mouthwatering burger? But finding the ideal

Highlights Kamu

Ramada Colombo: Break Your Fast in Style with a Luxurious Iftar

Written by Shamrina CIt’s that holy month of the year again for all Muslims around

Highlights Kamu

A blissful evening at The Sheraton Colombo

https://www.tiktok.com/@yamusrilanka/video/7350182026114338050 Nestled in the heart of Colombo, the Sheraton Colombo hotel epitomizes luxury and sophistication.

Highlights Kamu

Iftar delights at The Banyan, Heritance Negombo

Iftar delights at The Banyan, Heritance Negombo Written by Fathima Rukaiya, Mad Dogs Bodega, Banyan

Highlights Kamu

A Culinary Journey Through the Middle East: Ramadan Iftar Buffet at Cinnamon Grand Courtyard 

By Shamindri De Sayrah Embark on a culinary adventure through the Middle East this Ramadan

Kamu

Trending.

Layards Wharf by Food Studio opens its doors with exclusive dining experience for guests

Food Studio proudly introduces its third food court at Havelock City Mall, offering a distinctive

Trending

Royal Turf Club Nuwara Eliya Governor’s Cup showcased exciting wins

The hills of Nuwara Eliya came alive to the cheers as jockeys vied for winning

Trending

Hayleys Leisure Training Academy Celebrates Its Second Graduation Ceremony at Amaya Lake, Dambulla

The Hayleys Leisure Training Academy, a pioneering initiative by Hayleys Leisure, held its second graduation

Trending

RTC GOVERNOR’S CUP RACE RESULTS SHEET

RACE 01 : HPSL SUPER CHALLENGE TROPHY  PLACE HORSE  NAMEOWNER JOCKEY TRAINER1st Place ZULU  FANTASYMr. & Mrs.Edwards Akash Agrawal S.D.Mahesh2nd Place STREET CAT Mr.Hasanga Jayaratne

Trending

Introducing the Claw: MSI’s First Handheld Gaming Device Powered by Intel Core™ Ultra Processor

As AI technology continues to make waves globally, MSI, a leading laptop brand, has adeptly

Trending

MSI’s Innovation Unleashed: The New 18-Inch Gaming Laptop Family and Sleek, High-Performance Productivity Laptops

Written by Fathima Rukaiya, MSI, a premier laptop manufacturer, has unveiled its latest 18-inch gaming

Trending

Yamu Guide.

Steak Bar: A Grand Sunday Brunch at Kingsbury, Colombo

Written by Shamrina C Welcome to the ultimate brunch experience! Nestled in the heart of

Highlights Kamu Yamu Guide

9 Special Valentine’s Day Gift Ideas for Him

By Fathima Rukaiya Are you trying to find the perfect way to show your special

Highlights Yamu Guide

9 Special Valentine’s Day Gift Ideas for Her

Written by Fathima Rukaiya The season of love is upon us once more, and opinions

Highlights Yamu Guide

Romantic Dinner and High Tea date spots for Valentine’s Day  2024

Written by Shamrina C 1. Via Torino Indulge in a fine dining exclusive 3-Course meal

Highlights Yamu Guide

BYOB Bliss: 16 Places to you can Bring Your Own Bottle!

Written by Shamrina C 1. Giovannis Indulge in Italian flavors, grooving music, pet friendly, and

Highlights Yamu Guide

Unveiling Ramada’s Festive Christmas High Tea Extravaganza!

Written by Shamrina C Mark your calendars for the 22nd, 23rd, and 24th of December,

Highlights Yamu Guide