ගංවතුර බැහැගෙන යද්දි….

ගංවතුර දැන් ටිකටික  බැහැගෙන යනවා. ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය නිකුත් කරපු අලුත් ම වාර්තාවට අනුව කැළණි ගගේ ජල මට්ටම සම්පූර්ණයෙන් ම වගේ සාමාන්‍ය තත්ත්වයට ළඟාවෙමින් තියෙනවා. ඒත් ගොඩක් පැතිවල ගංවතුර සම්පූර්ණයෙන් බැහැල යන්න තව දවස් කීපයක් යාවි.

වතුර බැහැල ගියත් ඒ පැතිවල ජීවිත යථා තත්ත්වය පත්වෙන්න තව සති ගාණක කාලයක් වගේ ම කරන්න ඕන දේවලුත් ගොඩක් තියෙනවා.

දැන් උදව්කරන්නෙ කොහොමද?

ගංවතුරේ බැහැගෙන, හරිහමන් කෑමක් බීමක් නැතුව, නිදි මරාගෙන අවතැන් වුණු අයට කෑම බෙදපු ත්‍රාසජනක කාල සීමාව දැන් අවසන් වෙමින් යනවා. දැන් තියෙන්නේ කඳවුරුවල අයට ගෙවල්වලට යන්න පුළුවන් වෙන තුරු හැකිතරම් සාමාන්‍ය ජීවිතයක් ගෙවන්න පුළුවන් විදියට ඇඳුම් පැළඳුම්, සන්නිවේදන පහසුකම් වගේ ම විනෝද වෙන්න, කාලය ගෙවා දමන්න අවශ්‍ය කරන දේවල් හදල දෙන එක.

සමහර තැන්වල සති කීපයක් යන තුරු කඳවුරුවල ඉන්න සිද්ධවෙන නිසා හැකි උපරිමයෙන් පුද්ගලිකත්වය රැකගෙන ජීවත්වෙන්න වටපිටාව හදන එකත් වැදගත්; ඒ වගේම එයාලට ආපහු ගෙවල්වලට යන්න පුළුවන් විදියට පිරිසිදුකිරීම් සහ ප්‍රතිසංස්කරණ වැඩත් කරන්න තියෙනවා. මේ දේවල් අර තරම් ත්‍රාසජනක නෑ. බෝරිං. ඒ නිසාම අර ත්‍රාසජනක කාල සීමාවේ තරම් ජන සහභාගිත්වයක් මේ වැඩවලට බලාපොරොත්තු වෙන්න බැහැ කියන යථාර්ථය පිළිගන්න අපට සිද්ධවෙනවා. ඒ වගේ ම තමන්ගේ එදිනෙදා වැඩ පැත්තකට දාලා මේ වැඩවලට සම්බන්ධ වුණු ගොඩක් අයට ඒ දේ සති ගාණක් තිස්සේ කරන්නත් බැහැ.

ඒ නිසා, ඔයා දොස්තර කෙනෙක් හෝ මේ වගේ වැඩ ගැන පුහුණුවක් තියෙන කෙනෙක් නෙවෙයි නම්, මේ වෙලාවේ කරන්න පුළුවන් හොඳම දේ තමයි රතුකුරුස, සර්වෝදය වගේ පිළිගත් ආයතනවලට මුදල් ආධාර දෙන එක. එතකොට ඒ අයට ඒවා දීර්ඝකාලීන වශයෙන් අවශ්‍ය වෙලාවට අවශ්‍ය තැනට යොදවන්න පුළුවන්. වියළි ආහාර ද්‍රව්‍ය වුණත් තොග වශයෙන් ගද්දි අපි කඩෙන් ගන්න මිලට වඩා ගොඩක් අඩුවෙන් ගන්න පුළුවන් නිසා නාස්තිය අවමයි.

ඒ කොහොම වුණත ද්‍රව්‍යමය ආධාර දෙන්න ඕන කියල හිතනව නම් වැඩිපුර අවශ්‍ය මොන වගෙ දේවල්ද කියල ලැයිස්තුවක් ආපදා කළමණාකරණ මධයස්ථානයෙන් නිකුත්කරල තියෙනවා.

ලෙඩ දාගන්න එපා

ගෙවල් සුද්ධ පවිත්‍රකිරීම් සහ ප්‍රතිසංස්කරණ වැඩවලදී ඒ ගැන අත්දැකීම් සහ පළපුරුද්ද තියෙන ආයතන හෝ සංවිධානවල මැදිහත්වීමෙන් කරන එක තමයි හොඳ. මොකද අසංවිධානාත්මක විදියට ඒ දේවල් කරන්න යන එකෙන් වෙන්න පුළුවන් හානි වැඩියි වගේ ම මේ වගේ අවස්ථාවලින් ප්‍රයෝජන අරන් ‘’ගෙවල් සුද්ද කරන්න” බලන් ඉන්න අයට එහෙමත් ඒකෙන් අවස්ථාව සැලසෙන්න පුළුවන්. කොහොම වුණත් ඒ වගේ වැඩසටහන් වලට උදව්වෙන්න යන්න අදහසක තියෙනවා නම් ගංවතුරෙන් බෝවෙන ලෙඩරෝගවලින් බේරෙන්න අවශ්‍ය දේවල් දැනගෙන යන එක තමයි හොඳ.

අනිත් කාරණය තමයි මේ වගේ අවස්ථාවක දි හැම තිස්සෙම අවතැන් වුණු කෙනාගේ පැත්තෙන් මේ දේවල් දැනෙන්නෙ කොයි විදියට ද කියල කල්පනාකරන්න ඕන. හිතන්න, ඔයාට මේ වගේ දෙයක් වුණොත් ඔයා පත්වෙන මානසික තත්ත්වය. මේ කඳවුරුවල ඉන්න අයත් ඔයා වගේ ම සාමාන්‍ය ජීවිත ගෙවපු අය. ඉතිං රජයෙන් හෝ යම් සංවිධාන හරහා එයාලට උදව්කරනවා මිස සත්තුවත්ත බලන්න යනව වගේ ට්‍රිප් ගිහින් ඔයාලගේ අතින් ම එයාලට කෑම පාර්සල්, ඇඳුම් බෙදන එක ඔයාලට ලොකු පින්කමක් වගේ පෙනුනට එයාලගේ පැත්තෙන් ඒක ඒච්චර හොඳ දෙයක් නෙවෙයි.

පාඩම්

නිසි පෙර සූදානමක් නැතිකම වගේම, රජයේ සහ වෙනත් සහන කණ්ඩායම්වල අය විපතට පත් වුණු අයගෙ පැත්තෙන් ප්‍රශ්නය දිහා නොබැලීම මේ වගේ ප්‍රශ්න තවත් උග්‍ර කරන්න හේතුවෙනවා. උදාහරණයක් හැටියට සුනාමි ආරක්ෂණ වැඩසටහනක දී, ගෙවල් දොරවල්වල ආරක්ෂාවට ආරක්ෂක අංශ දැම්මොත් හදිසි අවස්ථාවක ගෙවල් අතෑරලා ආරක්ෂිත ස්ථානවලට යන එක ප්‍රශ්නයක් නෑ නේද කියල ඇහුවම ගොඩක් අය දීලා තියෙන උත්තරේ තමයි, ‘’එතකොට පොලිසියේ අය අපේ දේවල් හොරකම් කරයි” කියන එක. මේ ගංවතුර වෙලාවෙත් සෑහෙන පිරිසක් තමන් ව බේරාගන්න ආපු බෝට්ටුවලට පවා නොනැග ගෙවල්වල උඩතට්ටුවලට වෙලා ඉන්න තීරණය කරලා තිබුණා. දේපල ආරක්ෂාකරගැනීම වගේ ම කඳවුරුවල දි විශේෂයෙන් කාත්නාවන්ට හා ළමයින්ට ලැබෙන ආරක්ෂාව, පුද්ගලිකත්වය වගේ දේ ගැන විශ්වාසයක් නැතිවීමත් මේ තත්ත්වයට හේතුවෙනවා. රූපවාහිනී චැනල් වගේ ම, තමන්ගේ අතින් ම ආධාර බෙදන්න ඕන කියල හිතන කුඩා ආධාර කණ්ඩායමුත් ගොඩක් වෙලාවට ඒ කටයුතු කරන්නේ ‘අසරණයන්ට පිහිටවෙනවා’ වගේ අදහසකින් මිස ඔවුනුත් තමන් වගේ ම ආත්ම ගරුත්වයක් ඇති මිනිසුන් විදියට සලකලා නෙවෙයි.

යුද්දෙට නැති කඩුව

ෆේස්බුක් සහ ට්විටර් හරහා හැමෝම තමන්ට හැකි විදියට එකතුවෙලා වැඩකරපු එකෙන් වුණු සේවය පොඩි නැහැ. ඒත් ඒක මේ වගේ තත්ත්වයට මුහුණදෙන්න තියෙන හොඳම විදිය නෙවෙයි.

ෆේස්බුක් එකේ පරණ පෝස්ට් නැවත ෂෙයාර් වීම, අසංවිධානාත්මක බව වගේ දේවල් නිසා ගොඩක් ආධාර අපතේ යද්දි, සමහර තැන්වල අයට බඩගින්නේ ඉන්න වුණා. අන්තර්ජාලය හරහා මේ වගේ ආපදා කළමණාකරණය කරන්න මීට වඩා හොඳ ක්‍රම ගොඩක් තියෙනවා. සුනාමියෙන් පස්සෙ ලංකාවෙත් “සහන”  කියලා මේ වගේ එකක් හදලා තියෙනවා කියල මම දැනගත්තේ අපේ ජනිත් කීවට පස්සෙයි. ඒත් කොච්චර හොඳ වුණත් මේ එකක්වත් මේ වෙලාවේ ක්‍රියාත්මක වුණේ නැති නිසා අපට ෆේස්බුක් පිහිට මිස වෙන විකල්පයක් තිබුණේ නෑ.

මේක ලෝකේ සිද්ධවුණ පළමුවෙන ස්වභාවික ආපදාව නෙවෙයි. ලංකාවේ අපි හැම අවුරුද්දක ම වගේ ගංවතුරට මුහුණ දෙනවා. ඒ වගේ ම ආපදා කළමණාකරණය කියන්නේ ලෝකයේ වගේ ම ලංකාවෙත් විශ්වවිද්‍යාල මට්ටමෙන් ඉගැන්වෙන විෂයක්.

ඉතින් මේ හැම දෙයක් ම තියාගෙන මේ වගේ දේකට මීට වඩා පෙර සූදානමක් ඇති ව සංවිධානාත්මක ව මුහුණදෙන්න බැරි වීම අවාසනාවක්. මේ වගකීමෙන් වැඩි කොටසක් රජයට ගියත්, කොහොමත් අකාර්යක්ෂම රාජ්‍ය යාන්ත්‍රණය දිහාම බලා ඉන්නෙ නැතුව රතුකරුස, සර්වෝදයට වගේ සංවිධානත් එක්ක එකතුවෙලා ඉදිරි අවුරුදු සඳහා හෝ මේ වගේ සංවිධානාත්මක වැඩපිළිවෙලක් හදාගන්න අපට පුළුවන් නම් ඒක ලොකු දෙයක්. එහෙම නැති වුණොත් වෙන්නේ ඊළඟ අවුරුද්දෙත් ගංවතුරක් ආවම මේ විදියට ම පිස්සුවෙන් වගේ එහෙ මෙහේ දුවන්න.

මේ ඡායාරූපයත් එක්ක, මේ ලිපියට පදනම් වුණු යුධන්ජයගේ ලිපියේ තියෙන දේකින් ම මේ සටහන ඉවර කරනවා නම්, ගංවතුර, නායයාම් මේ හැලහැප්පිලි හැමදෙයක්ම මැද්දෙත් ජීවිතේ ඉස්සරහට ගලනවා. කිසිදෙයක් නිසා බලාපොරොත්තු අත්හැරගන්න එපා. ජීවිතේ හරි ලස්සනයි.

Share on facebook
Share on twitter
Share on whatsapp

Highlights.

Latest.

KAMU.

Welcoming the Year of the Horse at Yue Chuan, The Kingsbury

Yue Chuan, the award-winning Chinese restaurant at The Kingsbury, Colombo, invites guests to usher in the

Highlights Kamu

Soho Hospitality Charts First Expansion into South Asia with Charcoal’s Colombo Debut

Bangkok-based international hospitality group selects Sri Lanka for its game- changing dining brand Charcoal Tandoor

Highlights Kamu

Brunch at ITC Ratnadipa – Review

By Ranugi Thihansa If you’re looking for a Sunday brunch that brings together incredible food,

Highlights Kamu Yamu Guide

Harpo’s Pizza and Pasta: Review

We dropped by Harpo’s Pizza and Pasta the other day, and it turns out it’s

Highlights Kamu

The Fort Café by Tasty Caterers – Review

By Linara Wimalaweera The Fort Café by Tasty Caterers offers a refreshing escape from the

Highlights Kamu Yamu Guide

Nihonbashi by Dharshan – Review

Written by Linara Wimalaweera When it comes to Japanese fine dining in Colombo, few names

Highlights Kamu

Trending.

Goodies at Cinnamon Lakeside Empowers Women with All Female Team

In a significant step towards promoting greater female representation in hospitality, Cinnamon Lakeside Colombo has

Highlights Trending

Cinnamon Colombo Hotels and Royal Colombo Golf Club Tee Off the Inaugural Cinnamon Colombo Golf Classic

Cinnamon Colombo Hotels is proud to announce the launch of the inaugural Cinnamon Colombo Golf

Highlights Trending

ITC Ratnadipa Presents Dim Sum & Co., an Exclusive Dim Sum Experience at Yi Jing

Yi Jing at ITC Ratnadipa introduces Dim Sum & Co., a first-of-its-kind curated series of

Highlights Trending


Anantara Kalutara Resort Unveils a Taste of La Dolce Vita at Acquolina Restaurant & Lounge

Kalutara, Sri Lanka – 22 June 2026 – Anantara Kalutara Resort unveiled a renewed dining

Highlights Trending

Soul Sounds Returns to the Lionel Wendt with The Pop Era!

Led by internationally acclaimed Music Director Soundarie David Rodrigo, the celebrated ensemble will revisit the

Highlights Trending

Waves of Change: Hospitality Partners Unite for a Cleaner Colombo Coastline

In celebration of World Environment Day and World Oceans Day, Amari Colombo and Granbell Hotel

Highlights Trending

Yamu Guide.

Shangri-La Colombo Unveils a New Chapter at Tiki Bar

As the sun dips into the Indian Ocean and the city begins to exhale, Tiki

Trending Yamu Guide

DINIDU: Colombo’s Premier Destination for Wedding Anniversary Gifts

Every wedding anniversary is a chapter of a love story that continues to evolve. These

Highlights Yamu Guide

Yazu Set to Make Sri Lankan Debut at Radisson Blu Resort Galle in 2026

Radisson Blu Resort Galle is set to unveil its newest culinary venture in March 2026 with the opening of Yazu by

Highlights Trending Yamu Guide

A Ramadan Feast Awaits at ITC Ratnadipa – Available Till March 19

This Ramadan, ITC Ratnadipa invites guests to celebrate the holy month with ‘A Feast for

Highlights Yamu Guide

Here are the must visit Iftar spots for 2026

Ramadan 2026 brings with it a beautiful season of reflection, gratitude, and shared meals. Across

Highlights Trending Yamu Guide