තණහාල්, කුරක්කන් වලින් පංකාදු විදෙස් කෑම 6ක්! අපේ දෙයින්, කටට රහට.. I කොටස.

1. තණහාල් කේක්

ඕන කරන්නෙ තණහාල් පිටි ග්‍රෑම් 100ක්, බේකින් පවුඩර් තේ හැඳි 2ක්, පාන් පිටි ග්‍රෑම් 100ක්, වැනිලා ටිකක්, ඇස්ට්‍රා ග්‍රෑම් 200ක්, සීනි ග්‍රෑම් 200ක් හෝ අවශ්‍ය පරිදි, බිත්තර 3ක්.

හදන්නෙ මෙහෙමයි: මුලින්ම තණහාල් පිටි, පාන් පිටි, බේකින් පවුඩර් එකට කවලම් කරලා දෙපාරක් විතර හලාගන්න. ඊට පස්සෙ ඒකට සීනි සහ ඇස්ට්‍රා මිශ්‍ර කරලා හොඳට බීට් කරගන්න. ටික වෙලාවක් බීට් කළාට පස්සෙ අර බිත්තර 3යි, වැනිලා ටිකයිත් දාලා තව බීට් කරන අතරට.. හලාගත්ත පිටිත් දාලා බීට් කරලා, තෙල් කඩදාසි අතුරපු තැටියක සෙල්සියස් 150-170 අතර උෂ්ණත්වයක විනාඩි 30-40 අතර කාලයක් බේක් කරගන්නයි තියෙන්නෙ.

2. තණහාල් පකෝඩා

මේකට ඕන කරන්නෙ තණහාල් පිටි ග්‍රෑම් 50යි, පාන් පිටි ග්‍රෑම් 10යි, උඳු පිටි ග්‍රෑම් 50යි, කරපිංචා, රතුලූනු, ලුණු, අමු මිරිස්, පොල්තෙල්.

හදන්නේ.. මුලින්ම තණහාල් පිටි, පාන් පිටි, උඳු පිටි හොඳට කලවම් කරන අතරට, අමු මිරිස්, රතුලූනු, කරපිංචා හීනියට ලියලා දාලා, ලුණුත් දාලා තව ටිකක් කලවම් කරලා, ඝන මිශ්‍රණයක් හදාගන්න එක. ඊට පස්සෙ ඒකෙන් කෑලි කඩලා අරගෙන කැමති හැඩවලට හදලා ගැඹුරු තෙලේ බැදගන්න පුළුවන්.

3. තණහාල් තෝසේ

අවශ්‍ය ද්‍රව්‍ය: තණහාල් පිටි ග්‍රෑම් 250යි, පාන් පිටි ග්‍රෑම් 10යි, උඳු පිටි ග්‍රෑම් 240යි, පොල් බෑයක පොල් කිරි, යීස්ට් ග්‍රෑම් 5ක්, අවශ්‍ය තරමට ලුණු

හදන ක්‍රමය: තණහාල් පිටි, පාන් පිටි, උඳු පිටි හොඳින් මිශ්‍ර කරන අතරට යීස්ට් ටික වතුර පොඩ්ඩක දියකරලා සහ පොල් කිරි ටිකත් මිශ්‍රණයට එකතු කරලා පිටි මෝලිය හදාගන්න. හදලා ඒක පැය බාගයක් විතර හුමාලයෙන් තම්බන්න. ඊට පස්සෙ පුළුවන් තෝසෙ හදන්න වැඩ පටන් ගන්න..

4. තණහාල් ෆ්‍රයිඩ් රයිස්

අවශ්‍ය ද්‍රව්‍ය: තණහාල් ග්‍රෑම් 300යි. වතුර ලීටර 1.5යි, මාගරින්, ලුණු, හීනියට ලියපු ලීක්ස්, කැරට්, බෝංචි, ගෝවා අවශ්‍ය පමණට, තලාගත් ඉඟුරු, සුදු ලූනු ටිකක්.

හදන්නේ.. මුලින්ම තණහාල් ටික හෝදලා වතුර ලීටර 1.5 දාලා ලිපේ තියලා බත හදාගන්න. ඒ ලිපේ තියද්දි මතක ඇතුව මාගරින් හැන්දකුත් දාන්න. බත තැම්බුණාට පස්සෙ වෙනමම තාච්චියකට, තව මාගරින් හැඳි 3, 4ක් දාලා තෙල් රත්වීගෙන එනකොට ඉඟුරු, සුදුලූනු, කැරට්, බෝංචි, ගෝවා, ලීක්ස්, ලුණු සියල්ල එකතු කරලා තෙම්පරාදුව පදමට එද්දි බත් ටික දාලා කලවම් කරලා උණු උණුවෙම බාන්න පිඟානකට..

5. කුරක්කන් මෆින්

අවශ්‍ය ද්‍රව්‍ය: කුරක්කන් පිටි ග්‍රෑම් 200යි, වැනිලා තේ හැඳි 2යි, පාන් පිටි ග්‍රෑම් 200යි, ලුණු තේ හැඳි 2යි, එළවළු තෙල් මිලි ලීටර් 50යි, දුඹුරු සීනි ග්‍රෑම් 150යි, බටර් මේස හැඳි 2යි, බේකින් පවුඩර් තේ හැඳි 2යි, බිත්තර 2යි, අඹරාගත් වට්ටක්කා ග්‍රෑම් 200යි.

සාදන ආකාරය: භාජනයකට එළවළු තෙල්, දුඹුරු සීනි, බිත්තර, අඹරාගත් වට්ටක්කා එක්ක වැනිලා දාලා, හොඳට මික්ස් කරගන්න. ඊට පස්සෙ තවත් භාජනයකට පාන් පිටි, කුරක්කන් පිටි, ලුණු, බේකින් පවුඩර් එක්ක බටර් දාලා ඒකත් මික්ස් කරගන්න. අන්තිමට මිශ්‍රණ දෙක එක භාජනයකට දාලා හොඳටම මිශ්‍ර කරගෙන.. බටර් ගාපු මෆින් කප්වලට පුරවලා විනාඩි 15-17 අතර කාලයක් සෙල්සියස් 150-170 උෂ්ණත්වයේ බේක් කරගන්න.

6. කුරක්කන් අයිස් ක්‍රීම්

අවශ්‍ය ද්‍රව්‍ය: දිය කරගත් කුරක්කන් කෝප්ප 3ක්, ඇස්ට්‍රා ග්‍රෑම් 200ක්, ලිසිතින් ග්‍රෑම් 2.5ක්, කිරිපිටි ග්‍රෑම් 50ක්, සීනි ග්‍රෑම් 900ක්, ලික්විඩ් ග්ලූකෝස්

හදන්නෙ: කුරක්කන් ග්‍රෑම් 400ක් වතුර ලීටර් 3ක දිය කරලා හොඳට පෙරා ගන්න. පෙරළාා ඒකට සීනි දාලා උණු කරන්න. උණු කරන අතරට කිරිපිටි, ඇස්ට්‍රා, ලික්විඩ් ග්ලූකෝස්, ලිසිතින් එකතු කරන්න. එකකු කරලා උකු මිශ්‍රණයක් එනකම් හැඳි ගාන්න. හැඳි ගාලා පදම ආවට පස්සෙ ඒක බාලා, නිවෙන්න ඇරලා.. සොෆ්ට් වෙනකම් බීට් කරගන්න. ඒ බීට් කරලා හදාගත්ත පේස්ට් එක ෆ්‍රීසින්ග් තැටියකට දාලා රෝල්ඩ් අයිස් ක්‍රීම් කරගන්න පුළුවන්.

Share on facebook
Share on twitter
Share on whatsapp

Highlights.

Latest.

KAMU.

Iftar delights at The Banyan, Heritance Negombo

Iftar delights at The Banyan, Heritance Negombo Written by Fathima Rukaiya, Mad Dogs Bodega, Banyan

Highlights Kamu

Budget-friendly Iftar spots 2024

Written by Fathima Rukaiya, In our previous article, we highlighted some exquisite and upscale Iftar

Highlights Kamu

Iftar Buffet Round Up 2024

Written by Fathima Rukaiya As Ramadan arrives, a warm feeling of reflection and community fills

Highlights Kamu

Discovering Pasta Paradise: The Pasta Factory, Galle Fort

In the historic Galle Fort, The Pasta Factory brings a taste of Italy to Sri

Highlights Kamu

A Home for Desi Dreams – Bombay Nights by Radisson Colombo

As we stepped into the ‘Dine’ in Radisson Colombo, our senses were immediately tantalized by

Highlights Kamu

Steak Bar: A Grand Sunday Brunch at Kingsbury, Colombo

Written by Shamrina C Welcome to the ultimate brunch experience! Nestled in the heart of

Highlights Kamu Yamu Guide

Trending.

Experience the Elegance and Excitement of RTC Tourism Race Day in Nuwara Eliya

RTC Nuwara Eliya will hold its RTC Tourism Race Day on 30th March 2024 at

Trending

“85th Annual Mount Lavinia 2-Mile Sea Swim” by SLASU held at the Mount Lavinia Hotel Beach

The "85th Annual Mount Lavinia 2-Mile Sea Swim" organized by Sri Lanka Aquatic Sports Union

Trending

Sheraton Colombo Hotel celebrates International Women’s Day with empowering insights

Sheraton Colombo Hotel, part of Marriott Bonvoy’s portfolio of over 30 extraordinary brands, marked International

Trending

Anantara Kalutara Presents an Elevated Gastronomic Journey to Italy

Kalutara, Sri Lanka - March 14, 2024 - Anantara Kalutara Resort is delighted to announce

Trending

List of Party Venues 2024

By Fathima Rukaiya Finding the perfect place to host a party can be a hassle.

Highlights Trending

LCY Unveils Debut ‘LCY for Her’ Collection, Redefining Women’s Polo Wear with Strength, and Sophistication

Thursday, 14, March, 2024, Colombo: LCY, a brand synonymous with manufacturing high-quality men’s polos of

Trending

Yamu Guide.

Steak Bar: A Grand Sunday Brunch at Kingsbury, Colombo

Written by Shamrina C Welcome to the ultimate brunch experience! Nestled in the heart of

Highlights Kamu Yamu Guide

9 Special Valentine’s Day Gift Ideas for Him

By Fathima Rukaiya Are you trying to find the perfect way to show your special

Highlights Yamu Guide

9 Special Valentine’s Day Gift Ideas for Her

Written by Fathima Rukaiya The season of love is upon us once more, and opinions

Highlights Yamu Guide

Romantic Dinner and High Tea date spots for Valentine’s Day  2024

Written by Shamrina C 1. Via Torino Indulge in a fine dining exclusive 3-Course meal

Highlights Yamu Guide

BYOB Bliss: 16 Places to you can Bring Your Own Bottle!

Written by Shamrina C 1. Giovannis Indulge in Italian flavors, grooving music, pet friendly, and

Highlights Yamu Guide

Unveiling Ramada’s Festive Christmas High Tea Extravaganza!

Written by Shamrina C Mark your calendars for the 22nd, 23rd, and 24th of December,

Highlights Yamu Guide