කොන්ක්‍රීට් වනාන්තරේ මැද ගිමන්හලක්. මොකක්ද මේ ‘ගෝල්ෆේස් අර්බන් ෆොරෙස්ට් පාක්’?.

අපි කතාවට කියන්නෙ කොළඹ කියන්නෙ කොන්ක්‍රීට් වනාන්තරයක් කියල නේ. මොකද බලන බලන අත තියෙන්නෙ උසට උසේ හැදුණ ගොඩනැඟිලි. මෙන්න මේ කොන්ක්‍රීට් වනාන්තරේ මැද්දෙ මහන්සි නිවාගන්න ගොඩ වෙන්න පුළුවන් පොඩි වන පියසක් මේ ළඟ දි විවෘත කෙරුණා. ‘ගෝල්ෆේස් අර්බන් ෆොරෙස්ට් පාක්’ තමයි මේකෙ නම. බේරේ වැව අද්දර තියන ඕපන් එයාර් රෙස්ටොරන්ට් එකකුත් මේකට සමාන්තරව ම විවෘත කෙරුණා. නාගරික සංවර්ධන අධිකාරිය සහ ශ්‍රී ලංකා ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාව එකතු වෙලා තමයි මේ කටයුත්තට මුල පිරුවේ. විශේෂත්වය වෙන්නෙ මාස හයක් තරම් කෙටි කාලයක් ඇතුළත මෙතන ඉදිකිරීම් කටයුතු අවසන් කිරීම.

කොළඹ නගරය දකුණු ආසියානු කලාපයේ ශීඝ්‍රයෙන් ම දියුණු වන නගරයක් බවට පත් කරන්න වගේ ම, පාරිසරික සහ ආර්ථිකමය වශයෙන් ඉහළ තැනකට ගෙන එන්නත් දරපු ප්‍රයත්නයක් විදිහට මේ අලුත් අර්බන් ෆොරෙස්ට් පාක් එක හඳුන්වන්න පුළුවන්. ඒ ඔක්කොමත් එක්ක මේක කොළඹට යන එන ජනතාවට නැවුම් අත්දැකීමක්.

ඉතින් අපිත් ළඟ දි ගියා මේ අලුතින් විවෘත කරපු අර්බන් ෆොරෙස්ට් පාක් එක පැත්තෙ. මේ තියෙන්නෙ අපි ලබපු අත්දැකීම.

ඉස්ඉස්සෙල්ලා ම..

මුලින් ම කියන්න ඕන අපි මේකට ගොඩ වෙන්න තෝරගෙන තිබුණෙ නරක වෙලාවක්. මේ දවස්වල හැන්දෑකරේට වරුසාව කඩාගෙන වැටෙන නිසා උදේ දහයහමාරට විතර යමු කියල හිතාගෙන අපි කට්ටිය එතෙන්ට ගියා කියමුකෝ. ඉවසන්න බැරි තරං අව්ව සැර! හෙවණක් කියල රූස්ස ගහක්වත් හොයන්න වටපිට බැලුවට තාම මෙතන ඒ තරං ලොකුවට ගස් වැවිලා නෑ.

ඉතින් ඕගොල්ලො මෙතෙන්ට යන්න හිතාගෙන ඉන්නව නං, මතක ඇතිව තදට අව්ව වැටෙන්න කලින් උදේ පාන්දර ම හරි, ඉර බැහැල ගියායින් පස්සෙ හැන්දෑවට හරි යන්න. කොළඹ කොහොමත් වැඩියෙන් ලස්සන වෙන්නෙ අඳුර වැටිලා ලයිට් එහෙම පත්තු වෙලා පරිසරේ කූල් වුණාම නේ. ඒ නිසා හවස් කාලෙ මේ පැත්තෙ යන එක තමයි වඩා හොඳ.

අක්කර දෙකක් පුරා විහිදිලා තියන අර්බන් ෆොරෙස්ට් පාක් එක, ලස්සනට පිළිවෙළට තණකොළ, මල් පඳුරු එහෙම වවපු ඇහැට ප්‍රිය දසුනක්. එන හැමෝගෙම වැඩි අවධානය යොමු වෙන්නෙ පාක් එක මැද තියන මේ රතු පාට ආක්‍ එකට. මේකේ දෙපැත්තේ තියෙන්නෙ ජල තටාක දෙකක්. අපිට ආරංචි වුණ විදිහට රෑට මෙතන නොමිලේ බලන්න පුළුවන් ලස්සන වෝටර් ෂෝ එකක් තියනව ලු.

මේ තියෙන්නෙ ව්‍යායාම කරන අයට ම වෙන් කරපු ජිම් සෙක්ෂන් එක. ව්‍යායාම කරන උපකරණ වගේ ම, වාඩි වෙලා මහන්සි නිවාගන්න සිමෙන්ති මේස බංකු කීපයකුත් මෙතන තියනවා. කොහොමටත් මේ මුළු පාක් එක ම ජොගිං ට්‍රැක් එකක් විදිහට පාවිච්චි කරන්නත් පුළුවන්.

මේක අධි ආරක්‍ෂිත කලාපයක්. ඒ නිසා කැමරා ගෙනියලා ෆොටෝ ගන්න නං විශේෂ අවසරයක් ගන්න ඕනේ. ඒ ඇරෙන්න ෆෝන් එකෙන් ෆොටෝ ගන්න බාධාවක් නෑ.

කලින් කිව්වා වගේ දවල්ට වඩා මෙතන රෑට හුඟක් ලස්සන ඇති කියල අපිට හිතුණා. මොකද මේ තැන් තැන්වල සවි කරලා තියන විදුලි ලාම්පුවලට එහෙම පණ එන්නෙ අඳුර වැටුණාම නේ.

බේරේ වැව ඕපන් එයාර් රෙස්ටොරන්ට් එක

බේරේ වැව ඕපන් එයාර් රෙස්ටොරන්ට් එක පිහිටලා තියෙන්නෙ ගෝල්ෆේස් අර්බන් ෆොරෙස්ට් පාක් එකේ ඉඳන් මීටර 750ක් විතර ඈතින්.

මෙතන ඔක්කොම ඕපන් එයාර් රෙස්ටොරන්ට්ස් 8ක් තියනවා. දුන්හිඳ, රූට්ස්, ග්‍රෑන්ඩ් මොනාක්, ස්ට්‍රීට් වොක්, ලැවීනියා, ස්පයිස් ජන්ක්ෂන් සහ ජියෝවන්නිස් තමයි මෙතන තියන රෙස්ටොරන්ට්ස්. ඊට අමතරව බොක්ස් බාර් කියල බියර් සහ වයින් ස්ටෝර් එකකුත් තියනවා.

වාඩි වෙලා කෑම කන්න වගේ ම රිලැක්ස් එකේ කයියක් ගහන්නත් පුළුවන් වෙන විදිහට මෙතන සිමෙන්ති මේස සහ බංකු ගොඩක් ඇරේන්ජ් කරලා ආසන පහසුකම් සලසලා තියනවා. මේ රෙස්ටොරන්ට්වලින් වැඩි හරියක් විවෘත කරන්නෙ දවල්ට. අපි එතන හිටපු වෙලාවේ විවෘත ව තිබුණේ රෙස්ටොරන්ට්ස් තුනයි. ඉතින් අපිත් ඒවයින් මොනාහරි කන බොන ගමන් කයියක් ගහන්න හරිබරි ගැහුණා.

මේ තියෙන්නෙ අපි ග්‍රෑන්ඩ් මොනාක් එකෙන් ගත්ත චිකන් ටික්කා සැන්ඩ්විච් එකයි (රු. 290), බීෆ් බන් එකයි. (රු. 240) සැන්ඩ්විච් එකට මයොනීස් ගොඩක් දාල නිසා චිකන් ටික්කා එකේ රහ වැහිලා ගිහින්. බීෆ් බන් එකට මස්ටර්ඩ් ක්‍රීම් එහෙම දාල තිබුණට හොඳට ම වේලිලා. ඉතින් ගාණේ හැටියට නං මෙතන කෑම තව වැඩිදියුණු වෙන්න ඕනේ.

අපි මෙතනින් ගත්ත මට්න් රෝල් එක (රු. 180) නං සෑහෙන හොඳයි. අල ලූනු එක්ක මික්ස් වුණ මට්න් කෑලිවලින් පිරිලා හොඳ සැරට තිබුණා. වටේ එහෙමත් ක්‍රිස්පි ගතියයි.

ඒ එක්ක ම අපි රූට්ස් එකෙන් ෆෘට් ජූස් ජාති තුනකුත් ගත්තා.

මැන්ඩරින් (රු. 250), ලයිම් (රු. 180) සහ පැෂන් ෆෘට් (රු. 200). ජූස් ටික නං හොඳ ෆ්‍රෙෂ් ගතියයි. ඒ වගේ ම නියම පලතුරු රස නොඅඩුව තිබුණා. පැණි රස වැඩි කරලත් නෑ. විශේෂයෙන් එතන තිබුණ අව්ව සැරයි දාඩියයි කූල් වෙලා යන්න ෆෘට් ජූස් ටික සෑහෙන උදව් වුණා.

මේ තියෙන්නේ දුන්හිඳ එකෙන් අපි ගත්ත තලබෝලෙයි (රු. 40) මස්කට් කෑල්ලයි (රු. 40). තලබෝලේ අලුත්. ඒ වගේ ම සාමාන්‍යයෙන් කඩේ තියන තලබෝලෙකට වඩා ලොකුයි. පැණි රහත් ගාණට. මස්කට් කෑල්ලෙන් නං ආවෙ කෘත්‍රිම සිරප් රහක්. ඒ වගේ ම මෙතනින් ගත්ත චොක්ලට් කිරි එක (රු. 130) ගැනත් අපේ මනාපයක් නෑ. ඒකෙ චොක්ලට් රහක් ඇත්තෙ ම නැති තරං. දිය ගතිය තමයි වැඩි.

මේක අපි මේ අලුත් තැන කොහොමද කියල බලන්න දාපු පොඩි රවුමක් විතරයි නේ. ෆුල් රිවීව් එකක් අපි පස්සෙ කරනවා. ඒකෙ මීට වඩා වැඩිපුර විස්තර දාන්නත්, වැඩිපුර පින්තූර ඇතුළත් කරන්නත්, ඒ වගේ ම විශේෂයෙන් වැඩිපුර කෑමබීම ගැන කියන්නත් අපි හිතන් ඉන්නවා. බලන් ඉන්නකෝ!

Share on facebook
Share on twitter
Share on whatsapp

Highlights.

Latest.

KAMU.

Welcoming the Year of the Horse at Yue Chuan, The Kingsbury

Yue Chuan, the award-winning Chinese restaurant at The Kingsbury, Colombo, invites guests to usher in the

Highlights Kamu

Soho Hospitality Charts First Expansion into South Asia with Charcoal’s Colombo Debut

Bangkok-based international hospitality group selects Sri Lanka for its game- changing dining brand Charcoal Tandoor

Highlights Kamu

Brunch at ITC Ratnadipa – Review

By Ranugi Thihansa If you’re looking for a Sunday brunch that brings together incredible food,

Highlights Kamu Yamu Guide

Harpo’s Pizza and Pasta: Review

We dropped by Harpo’s Pizza and Pasta the other day, and it turns out it’s

Highlights Kamu

The Fort Café by Tasty Caterers – Review

By Linara Wimalaweera The Fort Café by Tasty Caterers offers a refreshing escape from the

Highlights Kamu Yamu Guide

Nihonbashi by Dharshan – Review

Written by Linara Wimalaweera When it comes to Japanese fine dining in Colombo, few names

Highlights Kamu

Trending.

Goodies at Cinnamon Lakeside Empowers Women with All Female Team

In a significant step towards promoting greater female representation in hospitality, Cinnamon Lakeside Colombo has

Highlights Trending

Cinnamon Colombo Hotels and Royal Colombo Golf Club Tee Off the Inaugural Cinnamon Colombo Golf Classic

Cinnamon Colombo Hotels is proud to announce the launch of the inaugural Cinnamon Colombo Golf

Highlights Trending

ITC Ratnadipa Presents Dim Sum & Co., an Exclusive Dim Sum Experience at Yi Jing

Yi Jing at ITC Ratnadipa introduces Dim Sum & Co., a first-of-its-kind curated series of

Highlights Trending


Anantara Kalutara Resort Unveils a Taste of La Dolce Vita at Acquolina Restaurant & Lounge

Kalutara, Sri Lanka – 22 June 2026 – Anantara Kalutara Resort unveiled a renewed dining

Highlights Trending

Soul Sounds Returns to the Lionel Wendt with The Pop Era!

Led by internationally acclaimed Music Director Soundarie David Rodrigo, the celebrated ensemble will revisit the

Highlights Trending

Waves of Change: Hospitality Partners Unite for a Cleaner Colombo Coastline

In celebration of World Environment Day and World Oceans Day, Amari Colombo and Granbell Hotel

Highlights Trending

Yamu Guide.

Shangri-La Colombo Unveils a New Chapter at Tiki Bar

As the sun dips into the Indian Ocean and the city begins to exhale, Tiki

Trending Yamu Guide

DINIDU: Colombo’s Premier Destination for Wedding Anniversary Gifts

Every wedding anniversary is a chapter of a love story that continues to evolve. These

Highlights Yamu Guide

Yazu Set to Make Sri Lankan Debut at Radisson Blu Resort Galle in 2026

Radisson Blu Resort Galle is set to unveil its newest culinary venture in March 2026 with the opening of Yazu by

Highlights Trending Yamu Guide

A Ramadan Feast Awaits at ITC Ratnadipa – Available Till March 19

This Ramadan, ITC Ratnadipa invites guests to celebrate the holy month with ‘A Feast for

Highlights Yamu Guide

Here are the must visit Iftar spots for 2026

Ramadan 2026 brings with it a beautiful season of reflection, gratitude, and shared meals. Across

Highlights Trending Yamu Guide