කොරෝනා කාලේ විවාහය යෙදෙනවා නම් කරන්න ඕන දේ දන්නවා ද?.

හැකි උපරිමයෙන් සාර්ථක ම විදිහට තමන්ගෙ විවාහ මංගලෝත්සවය පවත්වන්න හැමෝම හීන දකිනවා. හැබැයි අවාසනාවකට මේ උදා වෙලා තියන තත්ත්වයත් එක්ක අපේ ජීවිතේ හැම දෙයක් ම දින නියමයක් නැතුව අවිනිශ්චිතව කල් ගිහින්. විවාහය වුණත් එහෙමයි.

ළඟදි විවාහ වෙන බලාපොරොත්තුවෙන් විවාහ මංගල්‍ය උත්සවයට සූදානම් වෙමින් හිටපු බොහෝ දෙනෙක් මේ වෙද්දි මොකද කරන්නෙ කියල හිතාගන්න බැරුව අතරමං වෙලා ඇති. ඒ නිසා අපි හිතුවා ඒ අයට කරන්න පුළුවන් දේවල් කීපයක් යෝජනා කරන්න..

උත්සවය කල් දාන්න

Image Source: rgd.gov.lk

මේ වෙලාවෙ ගන්න පුළුවන් නුවණට හුරු එක පියවරක් තමයි තත්ත්වය නැවතත් හොඳ අතට හැරෙනකන් මංගලෝත්සවය කල් දාන එක. උත්සවය කල් දාන්න කියන්නෙ විවාහය කල් දාන්න කියන එක නෙමෙයි. පවුලේ ළඟ ම අයගෙ සහභාගිත්වයෙන් නියමිත දවසට විවාහය ලියාපදිංචි කරන්න ඔයාලට පුළුවන්. හැබැයි අමුත්තො ගොඩකට ආරාධනා කරලා පවත්වන වෙඩිං එකක් ගන්න එක මේ වෙලාවෙ හොඳ අදහසක් නෙමෙයි. මේ ක්‍රමය අනුගමනය කරනවා නම් ඔයාල මුලින් ම විවාහය ලියාපදිංචි කරන දිනය, වෙලාව සහ තැන වගේ ම සහභාගි වෙන පුද්ගලයන් ගණන ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයාට දන්වන්න ඕන. එතකොට අනුගමනය කළ යුතු ආරක්‍ෂිත පියවර ගැන ඒ අය ඔයාලව දැනුවත් කරනවා.

අමුත්තන් සංඛ්‍යාව සීමා කරන්න

සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය සේවා අමාත්‍යාංශය විසින් නිකුත් කරන ලද, වැඩ සැකසුම් සඳහා කෝවිඩ්-19 ව්‍යාප්තියට සූදානම් වීම සහ ප්‍රතිචාර දැක්වීම පිළිබඳ මෙහෙයුම් මාර්ගෝපදේශ සංග්‍රහයේ 4.7 කොටසට අනුව විවාහ අවස්ථාවට සහභාගි වෙන අමුත්තන් සෑම විට ම මීටර් 1 ක අවම දුරක් පවත්වාගත යුුතුයි. ඒ නිසා කොහොමටත් විවාහ උත්සවය පවත්වන තැනට/ ශාලාවට විශාල පිරිසක් එක්රැස් කරගැනීමේ හැකියාවක් නෑ.

පිටරට ඉන්න නෑදෑයෝ, යාළුවෝ වගේ අයට මේ වෙලාවෙ ආරාධනා කිරීමෙන් පලක් නැති බව ඕගොල්ලො දන්නව නේ. ලංකාව ඇතුළේ වුණත් හුඟක් දුරබැහැර ඉන්න අයට මේ තත්ත්වය යටතේ ගමන්බිමන් යෑම අවදානම් සහගත වෙන්න පුළුවන්. අමුත්තන් ලැයිස්තුව සකස් කරනකොට මේවා ගැන අවධානය යොමු කරන්න.  මේක දුර ඈතින් නෑදෑ වෙන හැමෝටම කියලා මගුල් කන්න හොඳ කාලයක් නෙමේ!

අමුත්තන්ගේ ලැයිස්තුව සකස් කරද්දි ඔවුන් ඉන්නෙ කොහෙද කියන එක සහ ඔවුන්ගේ දුරකතන අංකත් ලැයිස්තුවට ඇතුළත් කරන්න අමතක කරන්න එපා. මේ ලැයිස්තුවට ඡායාරූප ශිල්පියා, ඩීජේ/ සංගීත කණ්ඩායම, සැරසිලි සපයන අය, රූපලාවන්‍ය ශිල්පියා එහෙමත් අයිතියි. ශාලාව සූදානම් කිරීම සඳහා ලබා දෙන උපදෙස් මාලාව ලබාගන්න නම්, මේ විස්තර සහිත ලැයිස්තුව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයාට භාර දෙන්න ඕන.

එතකොට ඔහු හෝ ඇය අදාළ ස්ථානයට ගිහින් පිරික්සල බලලා, ඉහත කියපු මාර්ගෝපදේශ සංග්‍රහයේ 4.7 කොටසට අනුව ඔයාලට කැඳවන්න පුළුවන් උපරිම අමුත්තන් ගණන සම්බන්ධයෙන් අදහසක් දෙයි. ඒ වගේ ම ආහාරාපන සැපයිය යුතු ආකාරය ගැනත්, සෞඛ්‍යාරක්ෂාව සඳහා අනුගමනය කළ යුතු පිළිවෙත් ගැනත් ඒ අයගෙන් ඔයාලට උපදෙස් ලැබෙයි.

සම්බන්ධ කරගත් ව්‍යාපාරිකයන් සමග කතා කරන්න

මේ ව්‍යාපාරිකයනුත් වසංගතයක් අතරතුර විවාහයන් පවත්වන්න දායක වෙන්නේ පළමු වතාවට වෙන්න පුළුවන්. ඒත් ඔයාගෙ ඔළුවෙ තියන බරෙන් කොටසක් නිදහස් කරගන්න ඒගොල්ලො උදව් කරයි. කොරෝනා තත්ත්වය නිසා උත්සව ශාලාව අනුගමනය කරන්න බලාපොරොත්තු වෙන විශේෂ කොන්දේසි තියනවා නම්, ඒ ගැන මේ ව්‍යාපාරිකයන් දැනුවත් කළ යුතුමයි. එතකොට ඒ අය කොරෝනා කාලේ වුණත් ඔයාගෙ විවාහ දිනය හැකි උපරිමයෙන් සාර්ථක කරගන්න කටයුතු කරයි.

ඒ වගේ ම විශේෂයෙන් මතක තියාගන්න ඕන දෙයක් තියනවා. මේ පිරිස ඔයාල වගේ ම විවාහයට ලෑස්ති වෙන අනික් අයගෙත් ප්‍රශ්න විසඳමින් මේ දිනවල සෑහෙන කාර්යබහුල වෙලයි ඇත්තේ. ඒ නිසා මෙයාල එක්ක ගනුදෙනු කරද්දි ඉවසීමෙන් කටයුතු කරන්න කියලත් මතක් කරන්න ඕන.

ඔන්ලයින් ආරාධනා පත්‍ර යවන්න

ලංකාවේ තැපැල් දෙපාර්තමේන්තුව මේ වෙද්දි නැවත සක්‍රිය වෙලා තිබුණත්, හැකි හැම විට ම විවාහ උත්සවයේ ආරාධනා පත්‍ර ඔන්ලයින් ක්‍රමයකින් යවන්න උත්සාහ කරන්න. සිංහල විවාහයකදි නං බුලත් හෙප්පුවක් අරගෙන අමුත්තන්ගේ ගෙදරට ගිහින් මංගල්‍යයට ආරාධනා කරන එක චාරිත්‍රයක් නේ. හැබැයි ඉතිං මේ උදා වෙලා තියන තත්ත්වය යටතේ ගෙවල්වලට යන්න එන්න පුළුවන්කමක් නෑ.

පුළුවන් හැමෝට ම ෆේස්බුක්, වට්සැප් ඔස්සේ ආරාධනා කරන්න. එහෙම ආරාධනා කරන්න බැරි ම ඔය වැඩිහිටියන් වගේ පිරිසට ආරාධනා පත්‍ර තැපැල් කළාට කමක් නෑ. මොකද ඒ අය සමහරු ඔන්ලයින් ඉන්විටේෂන් එක වලංගු ආරාධනාවක් විදිහට සලකන එකක් නෑ. ඉතිං තැපෑලෙන් ඉන්විටේෂන් එකක් යවල එයාලට කෝල් එකකුත් දෙන්න.

මධුසමය කල් දාන්න

මුළු ලෝකය ම කොවිඩ්-19 නිසා පීඩා විඳින මේ කාලේ, සංචාරය කිරීම සඳහා තව ම එක රටක්වත් 100% ක් ආරක්‍ෂිත නෑ. ලෝක සෞඛ්‍ය සංවිධානයේ හදිසි ආපදා අධ්‍යක්ෂ මයිකල් රයන් කියන විදිහට මේ වෛරසය ඒකදේශීය වෛරසයක් බවට පත් වෙලා ඉතිරි වෙන්න වගේ ම, කවදාවත් තුරන් වෙලා නොයන්නත් ඉඩ තියනවා. ඉතිං එහෙම වුණොත් අවාසනාවකට අපිට සිද්ධ වෙනවා කොච්චර අමාරුවෙන් වුණත් හිත හදාගෙන ඒකට අනුගත වෙන්න.

මධුසමය ගෙවන්න පිටරටකට යන්න හිතාගෙන හිටිය නම්, මේ ඒකට හොඳ වෙලාවක් නම් නෙමෙයි. තාමත් රටවල් අතර ගමනාගමනය සීමාසහිතයි. එය සාමාන්‍ය තත්ත්වයට පත් වුණාට පස්සෙත් සංචාරය කරනවා නම් කරන්න වෙන්නේ සෑහෙන ලොකු අවදානමක් දරාගෙන.

වාසනාවකට සීතල ප්‍රදේශ, රස්නේ ප්‍රදේශ, මුහුදු වෙරළවල්, කඳු තියන ප්‍රදේශ, ඓතිහාසික වටිනාකමකින් යුතු ප්‍රදේශ, කැලෑවල්.. මෙකී නොකී ඕන ම ප්‍රදේශයක් හොයාගන්න අමාරු නැති ලංකාවේ නේ අපි ඉන්නේ. ඒ නිසා හනිමූන් එකට රට යන්න ම ඕන නෑ. තත්ත්වය හොඳ අතට හැරුණට පස්සේ මෙහෙ ඉඳන් ම වුණත් ලස්සන මධුසමයක් ගෙවන්න ඔයාලට පුළුවන්.

ළඟ තියන දෙයින් ප්‍රයෝජන ගන්න

ඔයාගේ/ ඔයාගේ යාළුවන්ගේ/ පවුලේ අයගේ නිර්මාණශීලී හැකියාවලින් උපරිම ප්‍රයෝජන ගන්න කාලේ මේක. ඒ අයගේ උදව්වෙන් ආරාධනා පත්‍ර, කේක් පෙට්ටි, සැරසිලි වගේ දේවල් ගෙදරදිම හදාගන්න උත්සාහ කරන්න. මේවට ක්‍රම සහ විධි ඉන්ටනෙට් එකෙන් ඕන තරම් හොයාගන්නත් පුළුවන්. මෙහෙම ක්‍රමයක් අනුගමනය කළොත් කාලය, මුදල්, කලබලය මේ ඔක්කොම අවම කරගන්න හැකියාව ලැබෙයි.

නීති රෙගුලාසිවලට අවනත වෙන්න

සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය සේවා අමාත්‍යාංශය විසින් නිකුත් කරන ලද, වැඩ සැකසුම් සඳහා කෝවිඩ්-19 ව්‍යාප්තියට සූදානම් වීම සහ ප්‍රතිචාර දැක්වීම පිළිබඳ මෙහෙයුම් මාර්ගෝපදේශ සංග්‍රහයේ 4.7 කොටසට අනුව උත්සව සහ සාමූහික ඒකරාශී වීම්වලදි පහත ආරක්‍ෂිත පියවර අනුගමනය කළ යුතුයි.

  • උත්සවයට පෙර සියලු ගෘහ භාණ්ඩ ඇතුළුව උත්සව ශාලාව පිරිසිදු කර විෂබීජහරණය කළ යුුතුයි.

  • දොරටුවෙන් ඇතුළු වීමේදී පාදයෙන් හෝ වැලමිටෙන් ක්‍රියා කරන ජල කරාමයකින් අත් සේදීමේ පහසුකම් ලබා දී එක් එක් පුද්ගලයා ඇතුළු වීමට පෙර  අත් සේදීමට වග බලා ගත යුතුයි.

  • උත්සව ශාලාවට ඇතුළු වන සියලු ම අමුත්තන්ගේ දේහ උෂ්ණත්වය පරීක්ෂා කළ යුතුයි.

  • අමුත්තන් සෑම විට ම මීටර් 1 ක අවම දුරක් පවත්වාගත යුුතුයි.

  • ශාලාවේ ප්‍රමාණවත් වාතාශ්‍රයක් ඇති බවට සහතික විය යුතුයි. විවෘත ස්ථානයක් වීම වඩාත් සුදුසුයි.

  • කොවිඩ් පාලන පණිවිඩ සහ අමුත්තන්ගේ අපේක්ෂිත ආචාර විධි උත්සව ශාලාවේ ප්‍රවේශ දොරටුවේ ප්‍රදර්ශනය කළ යුතුයි.

  • වැළඳගැනීම සහ අතට අත දීම අධෛර්යමත් කළ යුතු අතර, ස්පර්ශ නොවන සුබ පැතුම් පිරිනැමීමේ ක්‍රම අනුගමනය කළ යුතුයි.

  • නිවැරදි ක්‍රමයට මුව ආවරණයක් පැළඳීම සඳහා සියලු ම අමුත්තන් දිරිගන්වනු ලැබේ.

  • අමුත්තන් වීදුරු, පිඟන්, හැඳි ආදිය හුවමාරු කරගැනීමෙන් වැළකී සිටිය යුතුයි. අමුත්තන් පොදු උපකරණ භාවිත කිරීම වළක්වාගැනීම උදෙසා, බුෆේ ක්‍රමයට සේවා සැපයීමේදී හෝ ස්වයං සේවා ක්‍රමයේදී ආහාර සැපයීම සඳහා නම් කරන ලද කාර්ය මණ්ඩල සාමාජිකයෙකු පත් කළ යුතුයි.

  • කණ්ඩායම් ඡායාරූප ගැනීම අධෛර්යමත් කරනු ලැබේ.

  • උත්සවය අවසානයේ උත්සව ශාලාව පිරිසිදු කර විෂබීජහරණය කළ යුතුයි.

මේ ගැන වැඩි විස්තර මෙතනින්.

Share on facebook
Share on twitter
Share on whatsapp

Highlights.

Latest.

KAMU.

Welcoming the Year of the Horse at Yue Chuan, The Kingsbury

Yue Chuan, the award-winning Chinese restaurant at The Kingsbury, Colombo, invites guests to usher in the

Highlights Kamu

Soho Hospitality Charts First Expansion into South Asia with Charcoal’s Colombo Debut

Bangkok-based international hospitality group selects Sri Lanka for its game- changing dining brand Charcoal Tandoor

Highlights Kamu

Brunch at ITC Ratnadipa – Review

By Ranugi Thihansa If you’re looking for a Sunday brunch that brings together incredible food,

Highlights Kamu Yamu Guide

Harpo’s Pizza and Pasta: Review

We dropped by Harpo’s Pizza and Pasta the other day, and it turns out it’s

Highlights Kamu

The Fort Café by Tasty Caterers – Review

By Linara Wimalaweera The Fort Café by Tasty Caterers offers a refreshing escape from the

Highlights Kamu Yamu Guide

Nihonbashi by Dharshan – Review

Written by Linara Wimalaweera When it comes to Japanese fine dining in Colombo, few names

Highlights Kamu

Trending.

Yazu Set to Make Sri Lankan Debut at Radisson Blu Resort Galle in 2026

Radisson Blu Resort Galle is set to unveil its newest culinary venture in March 2026 with the opening of Yazu by

Highlights Trending Yamu Guide

Indiya Enters a New Chapter

Colombo, Sri Lanka – [9th March 2025] — Indiya, the signature Indian restaurant at Cinnamon

Highlights Trending

Here are the must visit Iftar spots for 2026

Ramadan 2026 brings with it a beautiful season of reflection, gratitude, and shared meals. Across

Highlights Trending Yamu Guide

Valentine’s Celebrations Unfolded at NH Collection Colombo

Valentine’s celebrations at NH Collection Colombo concluded on a high note, with guests enjoying an

Highlights Trending

Newburgh Ella: Where Sri Lanka’s Tea Heritage Rises Above the Clouds

A Tea Factory Reimagined High above the emerald hills of Ella, where mist drifts lazily

Highlights Trending

ITC Ratnadipa Presents ‘An Italian Affair’ in Partnership with the Italian Embassy, Sri Lanka

ITC Ratnadipa, Colombo in collaboration with the Embassy of Italy in Sri Lanka will host

Trending

Yamu Guide.

Yazu Set to Make Sri Lankan Debut at Radisson Blu Resort Galle in 2026

Radisson Blu Resort Galle is set to unveil its newest culinary venture in March 2026 with the opening of Yazu by

Highlights Trending Yamu Guide

A Ramadan Feast Awaits at ITC Ratnadipa – Available Till March 19

This Ramadan, ITC Ratnadipa invites guests to celebrate the holy month with ‘A Feast for

Highlights Yamu Guide

Here are the must visit Iftar spots for 2026

Ramadan 2026 brings with it a beautiful season of reflection, gratitude, and shared meals. Across

Highlights Trending Yamu Guide

IFTAR BUFFET LIST – 2026

With Ramadan 2026 now underway, families and friends are gathering in prayer, reflection, and devotion

Highlights Yamu Guide

Break Fast by the Lake: A Meaningful Ramadan at Cinnamon Lakeside Colombo

Colombo, Sri Lanka, 23rd February 2026 - This Ramadan, Cinnamon Lakeside Colombo invites guests to embrace the spirit

Highlights Yamu Guide

A Beautiful Beginning to Ramadan : Iftar at Cinnamon Grand Colombo

Colombo, Sri Lanka – 23rd February 2026 – This Ramadan, Cinnamon Grand Colombo welcomes guests to gather in reflection and

Highlights Yamu Guide