ආණ්ඩුවේ සමුපකාරෙන් චිත්‍රපටියක් බලමුද?.

චිත්‍රපටි බෙදාහැරීම ආපහු චිත්‍රපටි සංස්ථාව යටතට ගන්න තීරණය කරලා.  සංස්ථා, දෙපොර්තමේන්තු වගේ රජයේ කන්තෝරු එක්ක ගනුදෙනු කරන්න කාගෙත් වැඩි කැමැත්තක් නැති එකේ චිත්‍රපටි සංස්ථාව කියන්නෙ මොකක්ද කියලවත් ගොඩක් අය දන්නෙ නැතුව ඇති. අනිත් එක භාණ්ඩයක් හෝ සේවාවක් කොහොම ඩිස්ට්‍රිබියුට් කරනවද කියන එක සාමාන්‍ය පාරිභෝගිකයො හැටියට අපට එච්චර අදාළ වෙන්නෙ නෑනෙ. ඉතිං මේ අලුත් තීරණය චිත්‍රපටි බලන අපට අදාළ වෙන්නෙ කොහොමද?

මේ අලුත් වැඩපිළිවෙළ ගැන තොරතුරු දැනගන්න අපි චිත්‍රපටි සංස්ථාවට කතාකළා. ඒත් ඒකේ සභාපතිවත්, සාමාන්‍යාධිකාරිවත් අපි කතාකරන වෙලාවෙ හිටියෙ නෑ. එයාලා එන වෙලාවක් ෆෝන් එකට උත්තර දුන්න අය දැනගෙන හිටියෙත් නෑ. විමර්ශන අංශයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරිට කතාකරන්න කියල කීවත් එයාටත් මේ ගැන කියන්න දෙයක් තිබුණෙ නෑ.

අවුල මොකක්ද?

දැනට ලංකාවේ චිත්‍රපටි බෙදාහැරීම කෙරෙන්නෙ සර්කිට් පහක් හරහා. මේ පහෙන් එකක් දැනටත් චිත්‍රපටි සංස්ථාවට තමයි අයිති. සර්කිට් පහක් තිබුණට ඇත්තට ම මේක ක්‍රියාත්මක වෙන්නෙ සර්කිට් තුනක් විදියට. තනි තනි සර්කිට්වලට තියෙන චිත්‍රපටි හෝල් ගාන මදි නිසා සිනමා එන්ටර්ටේන්මන්ට් සමාගම එක සහ චිත්‍රපටි සංස්ථාවට අයිති රිද්මා එක එකතුවෙලා එක සර්කිට් එකක් හැටියටයි ක්‍රියාත්මක වෙන්නෙ. ඒ කියන්නෙ මාරුවෙන් මාරුවට මේ දෙගොල්ලන්ගෙ චිත්‍රපටි මේ හෝල්වල පෙන්වනවා. ලංකා ෆිල්ම් ඩිස්ට්‍රිබියුටර්ස් සහ මූවි ප්‍රොඩියුසර්ස් ඇන්ඩ් ඉම්පෝටර්ස් කියන සමාගම් දෙකත් මේ විදියට එකතුවෙලා තමයි චිත්‍රපටි පෙන්වන්නෙ. ඊ ඒ පී එක විතරයි තනි සර්කිට් එකක් හැටියට ක්‍රියාත්මක වෙන්නෙ.

මේ විදියට සර්කිට්වලට බෙදිලා තිබුණට පහුගිය කාලෙ වෙද්දි ඒ ඒ සර්කිට් එකට අදාළ ශාලාවල ඒ අයගෙ ෆිල්ම් විතරක් ම පෙන්නනවා කියල එකක් තිබුණෙ නෑ. මොකද මේ ලංකාවේ හැම නගරයක් ම ආවරණය කරන්න තනි සර්කිට් එකකට බෑ. සමහර නගරවල එයාලගේ හෝල් තිබුණත් ඒව මිනිස්සුන්ට යන්න පුළුවන් මට්ටමක නෑ. මේ නිසා ඒ ඒ චිත්‍රපටි බලන ප්‍රෙක්ෂකාගාරයට අනුව ඕනැම හෝල් එකකට ඕනැම චිත්‍රපටියක් පෙන්වන්න පුළුවන්කම තිබුණා. සමහර වෙලාවට දවසේ ෂෝ ටයිම්වලින් කීපයක් එක චිත්‍රපටියකටත් අනිත් ටික වෙන චිත්‍රපටියකටත් වෙන්වුණා. මේ නිසා මිනිස්සු වැඩිපුර බලන චිත්‍රපටි තමන්ට ළගම හෝ කැමතිම හෝල් එකේ දි බලාගන්න ලංකාව පුරා ඉන්න ප්‍රේක්ෂකයන්ට පුළුවන් වුණා. ඒ වගේ ම සීමිත පිරිසක් විතරක් බලන චිත්‍රපටිවලටත් දවසේ ෂෝ ටයිම් එකක් හෝ දෙකක් වෙන්කරගන්න පුළුවන් වුණා. ඒ වගේ ම ඒ ඒ පළාතේ ප්‍රේක්ෂක ඉල්ලුමට අනුව දෙමළ, හින්දි හෝ ඉංග්‍රීසි චිත්‍රපටි විතරක් තෝරගෙන පෙන්නන්නත් චිත්‍රපටි හෝල්වලට ඉඩ ලැබුණා.

හැබැයි එක අවුලක් තිබුණා: මේ දේවල් මේ විදියට වුණාට මේ එකක්වත් නීති පොත්වල තිබුණු ඒවා නෙවෙයි.

පොතේ හැටියට

ලංකාවේ චිත්‍රපටි පෙන්වන එක ගැන තියෙන නීතිය තමයි 1971 චිත්‍රපට සංස්ථා පනත. මේ පනත කීප විටක් සංශෝධනය වෙලා තිබුණත් ඒකේ මූලික හරය වෙනස්වෙලා නෑ. මේ පනතේ හැටියට ලංකාවේ චිත්‍රපටි බෙදාහැරීමේ සම්පූර්ණ එ්කාධිකාරය තියෙන්නෙ චිත්‍රපටි සංස්ථාවට විතරයි.

හාල් පොලු, මිරිස් පොලු එක්ක සතියට දවසක් බත් කන්න තහනම් කරපු, මිනිස්සුන්ට වරු ගණන් සමුපකාර පෝලිම්වල ඉඳලා ආණ්ඩුවෙන් දෙන දෙයක් කන්න වුණු 1970-77 ‘සමාජවාදී’ පාලන ක්‍රමය යටතේ මේ වගේ පනතක් ආපු එක පුදුම වෙන්න දෙයක් නෙවෙයි. තේ, රබර් වගේ කර්මාන්ත විතරක් නෙවෙයි, බුහාරි හෝටලය පවා ‘ජනසතු’ කරපු කාලයක් නෙ මේක.

ඉතිං ඒ කාලෙ චිත්‍රපටි නිෂ්පාදනය, ආනයනය සහ බෙදාහරීම කරපු සමාගම් ඔක්කොම සීන් එකෙන් අයින් කරල දාලා ඒ ඔක්කොම දේවල් ආණ්ඩුවට පවරගන්න ගෙනාපු මේ නීතිය අනුව චිත්‍රපටි බෙදාහැරීම විතරක් නෙවෙයි, චිත්‍රපටි හදන කැමරා වගේ දේවල් ගෙන්වන්න සම්පූර්ණ ඒකාධිකාරය තියෙන්නෙත් චිත්‍රපටි සංස්ථාවට. අද වෙද්දි මොබයිල් ෆෝන්වලිනුත් චිත්‍රපටි හදන නිසා, මේ නීතියේ හැටියට චිත්‍රපටි සංස්ථාවට ඕන නම් පුළුවන් ඔයාගේ ස්මාර්ට් ෆෝන් එක, ලැප්ටොප් එක පවා පවරගන්න. මේ පනත ඒ තරම් දරුණුයි.

හොඳ වෙලාවට ලංකාවේ තියෙන ගොඩක් නීති වගේ මේ නීතියත් ක්‍රියාත්මක වෙන්නෙ නෑ.

ඒ කාලෙ එහෙමයි

ඒ කාලෙ චිත්‍රපටි හදපු සහ පෙන්නපු සමාගම් එක්ක තිබුණු පුද්ගලික තරහ පිරිමහගන්න ඕන වුණු චිත්‍රපටිකාරයො ටිකක් මැදිහත් වෙලා මේ පනත ගෙනාවා කියල කතාවකුත් තියෙනවා. කොහොම වුණත් මේ පනතෙන් මේ සමාගම්වලට කළේ පු* මහලා බඩ යන්න බෙහෙත් දෙනව වගේ වැඩක්. චිත්‍රපටි නිෂ්පාදනය සහ ප්‍රදර්ශනය විතරක් නෙවෙයි, එයාලා පිටරට සමාගම් එක්ක ගහල තිබ්බ ගිවිසුම් පවා ආණ්ඩුවට පවරගන්න මේ පනතෙන් ම මේ සමාගම්වල වැඩකරපු කිසිම සේවකයෙක් කොමසාරිස්ගෙ අවසරයකින් තොර ව අස්කරන්න බැරිවෙන්නත් නීතියක් පනවනවා. ඉතිං බිස්නස් ඔක්කොම ටික ආණ්ඩුවට ගත්තට පස්සෙත් ඒවයෙ වැඩකරපු අයට දිගට ම පඩි ගෙවලා තියාගන්න මේ සමාගම්වලට සිද්ධවෙනවා.

කොහෙම හරි මේ අලුත් පනත යටතේ චිත්‍රපටි සංස්ථාව ලංකාවේ චිත්‍රපටි හෝල් ඔක්කොම තමන්ගෙ යටතට අරන් ඒවා මණ්ඩල පහකට බෙදලා චිත්‍රපටි පෙන්වන්න පටන්ගත්තා. චිත්‍රපටි හදන්න ඕන කරන කැමරා සහ ෆිල්ම් රීල් ගෙන්වන්න බලය තිබුණෙත් චිත්‍රපටි සංස්ථාවට නිසා එයාලගේ අනුදැනුම යටතේ චිතරයි චිත්‍රපටි හදන්න පුළුවන් වුණේ. ඉල්ලුම සැපයුම අනුව එච්චර කල් ක්‍රියාත්මක වුණු චිත්‍රපටි බිස්නස් එක ආණ්ඩුවට අරන්, අවුරුද්දට හැදෙන චිත්‍රපටි ගාන ආණ්ඩුවෙන් තීරණය කරලා, ඒවා හැදුණට පස්සෙ ඒව පෝලිමට තියල පෙන්වන ක්‍රමයක් ආවා.

මේකෙන් වුණු එක “හොඳක්” තමයි අපි අද “සම්භාව්‍ය” කියල කියන වර්ගයේ චිත්‍රපටි වැඩි වැඩියෙන් 1970 දශකයේ හැදුණු එක. මේක සිනමාවේ “ස්වර්ණමය කාලය” කියලත් සමහරු කියන්නෙ මේ නිසයි. මොකද ප්‍රේක්ෂක ඉල්ලුම වෙනුවට චිත්‍රපටි සංස්ථාව විසින් “හොඳයි” කියල තීරණය කරන චිත්‍රපටිවලට විශේෂ වරප්‍රසාද ලැබුණා. ඉතිං පෙන්නන චිත්‍රපටිය තීරණය කරන්නෙ ආණ්ඩුවෙන් නිසා මිනිස්සුන්ට කැමැත්තෙන් හෝ අකැමැත්තෙන් මේ චිත්‍රපටි බලන්න සිද්ධ වුණා.

ඒ කාලේ තිබුණු නිව් ඉම්පීරියල් ටෝකීස් සමාගමේ වර්තමාන සාමාන්‍යාධිකාරී අනුරාධ රැකව සරසවිය පත්තරේට ඒ කාලෙ ගැන කියන්නෙ මෙහෙම:

“1970 වෙනකොට අපිට සාර්ථක සිනමාහල් 10 ක් තිබුණා … සිනමාවේ ස්වර්ණමය කාලය එහෙම ගෙවද්දී අපිට විවිධ ප්‍රශ්න ආවා. ඒ කාලේ ආණ්ඩුව ඉඩම් පවරගන්න තීරණය ගනිද්දී අපේ සමාගමේ සිනමාහල් ඉඩම් රජයට පවරා ගත්තා. ඒ නිසා ගොඩක් සිනමාහල් වැහුණා. පස්සේ බේරුවලයි, කළුතරයි තිබුණු ඉඩම් දෙකත් ආණ්ඩුවට ගත්තා පොදු වැඩකට කියලා. ඒවායේ වන්දි හම්බ වුණෙත් අවුරුදු 10 කට විතර පස්සේ … ඔහොම ව්‍යාපාරය දුර්වල වෙද්දී තමා අපි 1978 න් පස්සේ චිත්‍රපට ආනයනය පටන් ගත්තේ.”

‍1978න් පස්සෙ තමයි ඊළග ප්‍රශ්නෙ එන්නෙ. 1978 ආපු ආණ්ඩුව හාල් පොලු, මිරිස් පොලු අයින් කරලා නිදහස් විවෘත ආර්ථිකයක් ගේනවත් එක්ක ම චිත්‍රපටි සහ ඒකට අදාළ උපකරණ සහ ෆිල්ම් රීල් වගේ දේවල් ආනයනයත් නිදහස් වුණා. පනත මේ විදියට ම තියෙද්දි වුණත් පුද්ගලික සමාගම්වලට ආපහු උපකරණ සහ රීල් ගෙන්වන්න පුළුවන් වීමත් එක්ක ගොඩක් අයට ෆිල්ම් හදන්න පුළුවන් වුණා. කලින් තිබුණු ක්‍රමයේ දි නිෂ්පාදනය කරන ප්‍රමාණය සහ බෙදාහැරීම ආණ්ඩුවෙන් තීරණය වුණු නිසා බෙදාහැරගන්න බැරි තරම් චිත්‍රපටි එකතුවෙලා දිග පෝලිමක් හැදුණේ නෑ. හැබැයි දැන් 1978 ට පස්සෙ ඕන කෙනකුට චිත්‍රපටි හදන්න පුළුවන් වුණත් බෙදාහැරීම සිද්ධ වුණේ අර පරණ පෝලිම් ක්‍රමයට නිසා, මේ ප්‍රදර්ශන පෝලිම එන්න එන්න දික්වෙන්න ගත්තා.

1980 දශකය අග වෙද්දි චිත්‍රපටිය හදලා අවුරුදු හතර පහක් (සමහර විට ඊටත් වැඩියෙන්) පෝලිමේ ඉන්න වෙන තත්ත්වෙට මේක ආවා. 1990 ගණං වෙද්දි මිනිස්සු චිත්‍රපටි බලන ප්‍රමාණය සහ කර්මාන්තයේ ආදායම අඩුවෙලා “චිත්‍රපටි අර්බුදයක්” ගැන හැමෝම කතාකරන්න ගන්නවා. රූපවාහිනිය, ජේවීපී, එල්ටීටීඊ කැරළි වගේ ම මේ දිග චිත්‍රපටි පෝලිමත් මේකට හේතුවුණා කියල එක එක්කනා හේතු දක්වනවා.

මේ කාලෙ තමයි චිත්‍රපටි සංස්ථාව යටතේ තිබුණු චිත්‍රපටි බෙදාහැරීම පුද්ගලික සමාගම්වලට පවරන්න තීරණය වෙන්නෙ. මේකෙ දි කරන්නෙ සංස්ථාව යටතේ තිබුණු මණ්ඩල පහ, සමාගම් පහකට පවරන එක. මේකෙන්වත් චිත්‍රපටි කර්මාන්තයේ කඩාවැටීම නවත්තන්න පුළුවන් වුණේ නෑ. පාඩු ලබන චිත්‍රපටි ශාලා ටිකෙන් ටික වැහෙන එක නැවතුණෙත් නෑ. ඔය තත්ත්වය උඩ තමයි මේ අද තියෙන සර්කිට් තුන දක්වා මේක ආවේ.

මේ කාලේ මෙහෙමයි

හැබැයි පහුගිය අවුරුදු 10-15 ඇතුළත සිනමාව කියන එක ගොඩක් වෙනස් වුණා. ෆිල්ම් රීල් වෙනුවට ඩිජිටල් කැමරා විතරක් නෙවෙයි, අර කලින් කීව වගේ මොබයිල් ෆෝන්වලින් පවා අද ලෝකේ ෆිල්ම් හැදෙනවා. හෝල්වලට අමතර ව ඩීවීඩී, ඔන්ලයින් ස්ට්‍රීමින් වගේ දේවල් හරහා චිත්‍රපටි බලන්න පුළුවන්. ඇමරිකාව වගේ රටවල සමහර ෆිල්ම්, තියටර් එකේ රිලීස් කරනවට වඩා වැඩි ආදායමක් මේ අනිත් ක්‍රම හරහා උපයාගන්නවා.

ලංකාවේ චිත්‍රපටි සම්බන්ධ ව ප්‍රේක්ෂක ඉල්ලුම එන්න එන්න ම අඩුවෙමින් තිබුණු නිසා මේ කර්මාන්තය ඇතුළෙ ලොකු ආයෝජන කරන්න වැඩි පෙළඹවීමක් තිබුණෙ නෑ. විශේෂයෙන් ඩීවීඩී හරහා ලෝකේ හැදෙන හොඳම ෆිල්ම් බලල පුරුදු වුණු ප්‍රෙක්ෂකයන්ට ලංකාවේ හැදෙන ෆිල්ම් වැඩි හරියක් “මෙළෝ රහක් නැති ඒව” කියල තේරෙන්න ගත්ත එකෙන් ඒ චිත්‍රපටි බලන්න තියෙන උනන්දුව එන්න එන්න ම අඩු වුණා. අදටත් සිංහල චිත්‍රපටි පෙන්වන ගොඩක් හෝල්වල ආදායමෙන් සැලකිය යුතු කොටසක් ලැබෙන්නෙ රූම්වලට යන්න බැරි/ අකැමති පෙම්වතුන් චිත්‍රපටි ශාලාවල තියෙන බොක්ස්වලට එන නිසා මිස මේවයේ පෙන්නන චිත්‍රපටි හින්දා නෙවෙයි.

හැබැයි ඉංග්‍රීසි, දෙමළ හෝ හින්දි ෆිල්ම්වලට අදටත් කට කපලා සෙනග! සිංහල චිත්‍රපටි පෙන්නන හෝල් ගරාවැටිලා, පුටුවල මකුණෝ පිරිලා ලයිට් බිල්, වතුර බිලුත් අමාරුවෙන් ගෙවන මට්ටමට වැටිල තිබුණට මොකද පිටරට චිත්‍රපටි විතරක් පෙන්වන එම් සී, ලිබර්ටි වගේ හෝල් ඉහළ තත්ත්වයේ ත්‍රීඩී ප්‍රොජෙක්ෂන් සහ හොඳ පහසුකම් ඇතුව අලුත්වෙලා තියෙනවා. හොඳ ප්‍රේක්ෂක ඉල්ලුමක් තියෙන නිසා කොළඹ අලුතින් හැදෙන කලම්බො සිටි සෙන්ටර් වගේ ෂොපින් මෝල්වලත් ස්ක්‍රීන් කීපයකින් සමන්විත මල්ටිෆ්ලෙක්ස් හදන්න ආයෝජකයෝ පෙළඹිලා.

දැන් දැන් කොළඹින් පිට පවා මේ විදියට හෝල් නවීකරණය වෙනවා, විශේෂයෙන් දෙමළ චිත්‍රපටි පෙන්වන්න.

මේකෙන් අපට හිතන්න වෙන්නෙ හෝල්වලට මිනිස්සු එන එක අඩු වෙලා තිබුණෙ ඒවයේ පෙන්නන චිත්‍රපටි කටේ තියන්න බැරි නිසා මිස මිනිස්සු චිත්‍රපටි බලන්න අකැමති නිසා ම නෙවෙයි කියන එකයි. නිව් ඉම්පීරියල් ටෝකීස් එකේ අනුරාධ රැකව සරසවිය පත්තරේට මේ ගැන කියල තිබුණා:

“මම ඔයාට හොඳ උදාහරණයක් කියන්නම්. ඔයා මේ කතාව විශ්වාස කරන එකකුත් නැහැ. අපේ කුරුණෑගල ඉම්පීරියල් හෝල් එකට කාලෙකට කලින් දැම්මා දෙමළ චිත්‍රපටයක් ‘වේදලම් කියලා. ඒකේ ඉන්නේ අජිත් කුමාර්. දැම්මේ රාත්‍රී දර්ශන වාරයකට. ඔයා විශ්වාස කරන්න හෝල් එකට දරන්න බැරි සෙනඟ ගොඩක් එතැන තෙරපි තෙරපි හිටියා. අන්තිමේදී පෝලිම් දික් ගැස්සිලා සෙනඟ පාරේ පොරකනවා. පොලීසියෙනුත් අපිට බැනුම් අහන්න වුණා අපිට සෙනඟ පාලනය කරන්න බැරි නිසා. අන්තිමේදී දර්ශන වාරය හවුස්ෆුල් වුණා. මේ වැඩි හරියක් තරුණයෝ. සද්ද බද්ද අස්සේ මේගොල්ලො බලලා ගියාට පස්සේ මම ගියා හෝල් එක ඇතුළට. හෝල් එක ගන්න දෙයක් නැහැ. බියර් කෑන් හැම තැනම. කොහොම හරි මේ දෙමළ චිත්‍රපට බලන්න තරුණයෝ පුත්තලමෙන් අනුරාධපුරයෙන් පවා එන්න ගත්තා ලොරිවල එහෙම නැගලා. විජේයිගේ ‘තෙරී’ චිත්‍රපටයටත් ඕකමයි වුණේ. පස්සේ බැරි තැන සෙනඟ පොරකන නිසා වැටක් ගැහුවා සෙනඟ පාලනය කරන්න. ඒක ශාලාවේ පිටත පෙනුමට අවුල්. ඒත් කරන්න දෙයක් නැහැ. ඉතිං චිත්‍රපට සංස්ථාවෙන් ප්‍රශ්නයක් අපිට නැහැ. හොඳ නිර්මාණ විඳින්න මිනිස්සු එනවා. මිනිස්සු වැඩි හරියක් වියදම් කරන්නෙත් කන්න බොන්නයි විනෝද වෙන්නයිනේ. මේ විදිහට නැවත ප්‍රේක්ෂකයෝ පොර කකා එන්න ගත්තේ ඩිජිටල් තාක්ෂණයෙන් අනර්ඝතම රූප ටිකක් දෙන්න පුළුවන් වුණු නිසා.”

එහෙනම් අවුල මොකක්ද?

බණ්ඩාරනායකලගේ ආණ්ඩුවලින් ‘ජනසතු’ කරපු ගොඩක් තර්මාන්තවල ඒකෙන් ඇතිවුණු අවුල් අදටත් සම්පූර්ණයෙන් විසඳිලා නෑ. තේ, පොල් වගේ ම බස් කර්මාන්තයත් ආපහු ගොඩගන්න සෑහෙන අමාරු මට්ටමක තමයි තියෙන්නෙ. මේක සිනමාවටත් පොදුයි. “මැරිලා ඉපදුණු” ලංකාවේ අලුත් සිනමාව තාමත් තියෙන්නෙ ළදරු මට්ටමේ. කොළඹ ආශ්‍රිතව ඉන්න අය සහ අනිත් පළාත්වල දෙමළ කතාකරන අය ඇරෙන්න තාමත් ගොඩක් දෙනෙක් චිත්‍රපටි හෝල්වලට එනවා අඩුයි.

මේ තත්ත්වයත් එක්ක ලංකාවේ චිත්‍රපටි හදන්න කෙරෙන ආයෝජනත් අඩුයි. සමහර චිත්‍රපටි හැදෙන්නෙ සිනමාවට දීල තියෙන බදු සහනවලින් ප්‍රයෝජන ගන්න මිස චිත්‍රපටිය මිනිස්සුන්ට පෙන්නලා ආදායම් ගන්න නොවන නිසා එයාල නිෂ්පාදනයේ කොලිටිය ගැන වැඩිය කරදර වෙන්නෙ නෑ. 1970 දශකය “ස්වර්ණමය යුගය” කියන අදහස චිත්‍රපටි හදන ගොඩක් අය තුල තියෙන නිසා එයාලා කැමති ඒ වගේ චිත්‍රපටි හදන්න. හැබැයි තවදුරටත් චිත්‍රපටි බලෙන් පෙන්වන්න බැරි නිසා සහ අද වෙද්දි චිත්‍රපටිවලට අමතර ව තවත් ඕන තරම් එන්ටර්ටේන්මනට් තියෙන නිසා ඒ වගේ චිත්‍රපටි බලන්න වැඩිය මිනිස්සු එන්නෙ නෑ. කොටින් ම ප්‍රේක්ෂකාගාරය සහ නිෂ්පාදනය කරන අයගෙ අවශ්‍යතා එකකට එකක් ගැළපෙන්නෙ නෑ.

ලංකාවේ අවුරුද්දකට මිලියන 7-8ක් විතර මිනිස්සු චිත්‍රපටි බලනවා. ඒ වුණාට චිත්‍රපටි බලන මිනිස්සු එකතුවෙලා සංවිධාන හදාගෙනව නෑනේ. හැබැයි ලංකාවේ චිත්‍රපටි හදන අය උපරිම ඉන්නෙ සීයක් දෙසීයක් වුණාට එයාලට සහ ඒ අයගේ සංවිධානවලට ලොකු බලපෑම්කිරීමේ හැකියාවක් තියෙනවා. ඉතිං මේ අය දැන් සෑහෙන කාලයක් තිස්සෙ ආණ්ඩුවට බලපෑම් කරනවා චිත්‍රපටි බෙදාහැරීම ආපහු පවරගන්න කියලා. මේ අලුත් තීරණයට මේ බලපෑම් ගොඩක් දුරට හේතුවෙන්න ඇති.

දැනටත් ලංකාවේ චිත්‍රපටි වෙනුවෙන් සෑහෙන ආරක්ෂණවාදී නීති සෑහෙන ප්‍රමාණයක් දාලා තියෙනවා. චිත්‍රපටි සංස්ථා වෙබ්සයිට් එකට අනුව අවුරුද්දකට පිටරටින් ගෙනත් පෙන්නන්න පුළුවන් සීමිත චිත්‍රපටි ගානක් විතරයි. ඒ වගේ ම පිටරට ෆිල්ම් සිංහල හඬකවල හෝ උපසිරැසි දාලා පෙන්වන්න එකත් තහනම්. ලංකාවේ මෙහෙම වුණාට සාමාන්‍යයෙන් රාජ්‍ය ආරක්ෂණවාදය දරුණුවට ක්‍රියාත්මක වෙනව කියන ඉන්දියාවේ පවා මේ වෙද්දි හොලිවුඩ් ෆිල්ම් හින්දි, දෙමළ වගේ භාෂාවලින් ඩබ්කරලා පෙන්වන එකෙන් සෑහෙන ලොකු ආදායමක් උපයනවා.

හැබැයි මෙච්චර ආරක්ෂණවාදී නීති තිබිලත් ලංකාවේ චිත්‍රපටි හදන අය තාමත් බිත්තර කටුවක් හොයනවා, හැංගෙන්න.

මොකක් වෙයිද?

හරියට ම මොකක්ද කරන්න යන්නෙ කියල අහගන්න චිත්‍රපටි සංස්ථාවේ නිසි බලධාරියෙක්ව සම්බන්ධ තරගන්නත් බැරිවුණු නිසා, දැනට කියල තියෙන විදියට අපට හිතාගන්න වෙන්නෙ පරණ විදියට චිත්‍රපටි බෙදාහැරීමේ ඒකාධිකාරිය ආණ්ඩුවට ගනියි කියලා. ඒ කියන්නෙ ආයෙත් පාරක් රටේ හැදෙන හැම චිත්‍රපටියක් ම හැදෙන පිළිවෙළට පෝලිමේ තියලා පෙන්නන සිස්ටම් එකක් ඒවි. ඒ කාලෙ වගේ නෙවෙයි, දැන් පොඩි ෆෝන් එකකින් පවා චිත්‍රපටි හදන්න පුළුවන් නිසා ඒ විදියට හදන හැම චිත්‍රපටියක්මත් මේ පෝලිමට එකතු වුණොත් එහෙම ටික දවසක් යද්දි මේ පෝලිම අම්බානට දික්වේවි. විජය කුමාරතුංග මැරුණේ අපි මොන්ටිසෝරි යන කාලෙ වුණාට, ඒ කාලෙ පෝලිම කොච්චර දිගද කියනව නම් අපි ඕ ලෙවල් කරන කාලෙ වෙනකනුත් එයා රඟපාපු ෆිල්ම් ආවා. ආයෙත් ඒ වගේ කාලයක් ඒවි.

රජයේ කොයි ආයතනෙත් වගේ චිත්‍රපටි සංස්ථාවත් පාලනය වෙන්නෙ ඒ ඒ කාලෙට බලේ ඉන්න දේශපාලකයන්ට ඕන විදියට නෙ. ඉතිං මේ පෝලිම මේ විදියට දික්වෙද්දි ලංකාවේ චිත්‍රපටි හදන අයට පුළුවන් මේ දේශපාලකයන්ට බලපෑම් කරලා පිටරට චිත්‍රපටි පෙන්වන එක අඩුකරලා ලංකාවේ ඒවා වැඩිපුර ඉඩ හදාගන්න. මොකද ලංකාවේ චිත්‍රපටි අධ්‍යක්ෂලයි නළු නිළියොයි මිස  ශාරැක් ඛාන් වත් කරන් ජොහාර්වත්, විජේවත් එන්නෙ නෑනේ ඡන්ද කාලෙට ලංකාවේ දේශපාලනයකයන්ගෙ ස්ටේජ්වලට නගින්න. අනිත් අතට චිත්‍රපටි බලන මිනිස්සු මිලියන 7-8ක් හිටියට ඒ අයගෙ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනීඉන්න කවුරුත් නෑනෙ.

මේකෙන් වෙන්න පුළුවන් අනිත් දේ තමයි අලුත් චිත්‍රපටි හෝල්වලට ආයෝජනය කරන අය අධෛර්යමත් වෙන එක. මොකද මේක තනිකර ම 1970-77 යුගයට ආපහු යාමක්. හරියට නිකං රටේ ම තියෙන සුපර් මාර්කට් ආණ්ඩුවට අරන් ඒව සමුපකාරවලට හරවනව වගේ.

අපි මොකද කරන්නෙ?

අපි ගොඩක් දෙනෙක් දැනටත් වැඩිපුර චිත්‍රපටි බලන්නෙ ඩීවීඩී හෝ ඩවුන්ලෝඩ් කරගෙන නිසා මේක එච්චර දැනෙන එකකුත් නෑ. හැබැයි ඉතිං හොලිවුඩ් බ්ලොක්බස්ටර් ෆිල්ම් එකක්, එහෙම නැත්නම් බාහුබලි වගේ ෆිල්ම් එකක් සරවුන්ඩ් සවුන්ඩ් තියෙන ත්‍රීඩී හෝල් එකක බලල ගන්න ආතල් එක ගෙදර දි ගන්න බෑ.

ඒත් ඉතිං ප්‍රේක්ෂකයෝ හැටියට අපට මේකට ලොකු බලපෑමක් කරන්න අමාරුයි. දැනටත් ලංකාවේ අය හදන චිත්‍රපටි වැඩිය කවුරුත් බලන්නෙ නැති නිසා අමුතුවෙන් මේව වර්ජනය කරනව කියල කරන්න දේකුත් නෑනෙ.

ප්‍රේක්ෂකයො හැටියට කරනව නම් කරන්න තියෙන්නෙ ඔන්ලයින් පෙටිෂන්, සෝෂල් මීඩියා වගේ දේවල් හරහා බලපෑම් කරන එක තමයි. චිත්‍රපටි සංස්ථාවේ කට්ටියට ඕව තේරෙනවද කියල ෂුවර් එකටම කියන්නෙ අපි දන්නෙ නැති වුණත් ඔයාලා ඒ වගේ වැඩක් කරනව නම් ඒවයේ ලින්ක් පහළින් කමෙන්ට් කරගෙන ම යන්න, අනිත් අයටත් වැඩේට සෙට්වෙන්න.

Share on facebook
Share on twitter
Share on whatsapp

Highlights.

Latest.

KAMU.

Welcoming the Year of the Horse at Yue Chuan, The Kingsbury

Yue Chuan, the award-winning Chinese restaurant at The Kingsbury, Colombo, invites guests to usher in the

Highlights Kamu

Soho Hospitality Charts First Expansion into South Asia with Charcoal’s Colombo Debut

Bangkok-based international hospitality group selects Sri Lanka for its game- changing dining brand Charcoal Tandoor

Highlights Kamu

Brunch at ITC Ratnadipa – Review

By Ranugi Thihansa If you’re looking for a Sunday brunch that brings together incredible food,

Highlights Kamu Yamu Guide

Harpo’s Pizza and Pasta: Review

We dropped by Harpo’s Pizza and Pasta the other day, and it turns out it’s

Highlights Kamu

The Fort Café by Tasty Caterers – Review

By Linara Wimalaweera The Fort Café by Tasty Caterers offers a refreshing escape from the

Highlights Kamu Yamu Guide

Nihonbashi by Dharshan – Review

Written by Linara Wimalaweera When it comes to Japanese fine dining in Colombo, few names

Highlights Kamu

Trending.

Waves of Change: Hospitality Partners Unite for a Cleaner Colombo Coastline

In celebration of World Environment Day and World Oceans Day, Amari Colombo and Granbell Hotel

Highlights Trending

Radisson Hotel Kandy Brings Exclusive Wedding Experiences to Wedding Show 2026 at Kandy City Centre

Radisson Hotel Kandy is set to showcase its signature wedding offerings at the upcoming Wedding

Highlights Trending

The Mystique Nuwara Eliya – Timeless Luxury in the Hills.

Nestled in the heart of Sri Lanka’s picturesque hill country, The Mystique Nuwara Eliya offers

Highlights Trending

ONYX Hospitality Group Celebrates 60th Anniversary, Sets THB 10.33 Billion Revenue Target with THB 5.5 Billion Expansion Plan

ONYX Hospitality Group, a leading hospitality management company in Asia-Pacific, has unveiled its growth strategy

Highlights Trending

Is Your Diamond Actually Real? Why Savvy Sri Lankans are Choosing DINIDU for Non-Negotiable Authenticity

In the fabulous world of heirloom jewellery, the glamour of gemstones can often hide the

Highlights Trending

NH Collection Colombo strengthens leadership with Kedar Dighe as General Manager

Colombo, Sri Lanka – NH Collection Colombo welcomes Mr. Kedar Dighe as General Manager, bringing

Highlights Trending

Yamu Guide.

Shangri-La Colombo Unveils a New Chapter at Tiki Bar

As the sun dips into the Indian Ocean and the city begins to exhale, Tiki

Trending Yamu Guide

DINIDU: Colombo’s Premier Destination for Wedding Anniversary Gifts

Every wedding anniversary is a chapter of a love story that continues to evolve. These

Highlights Yamu Guide

Yazu Set to Make Sri Lankan Debut at Radisson Blu Resort Galle in 2026

Radisson Blu Resort Galle is set to unveil its newest culinary venture in March 2026 with the opening of Yazu by

Highlights Trending Yamu Guide

A Ramadan Feast Awaits at ITC Ratnadipa – Available Till March 19

This Ramadan, ITC Ratnadipa invites guests to celebrate the holy month with ‘A Feast for

Highlights Yamu Guide

Here are the must visit Iftar spots for 2026

Ramadan 2026 brings with it a beautiful season of reflection, gratitude, and shared meals. Across

Highlights Trending Yamu Guide