දන්නා එළවලු/පලතුරු 10ක් ගැන නොදන්නා දේවල් තොගයක්.

ඔය කොච්චර ෆාස්ට් ෆුඩ්, ෂෝට් ඊට්ස් තිබුණත්, ලංකාවේ අපේ ගොඩක් අයට තුන්වේල ගෙදරින් කෑවොත් මිසක් බඩ පිරෙන්නේ නැහැ. මේ කෑම වේල් ගොඩක් හැදෙන්නේ එදිනෙදා සිල්ලර කඩෙන්, පොළෙන්, සුපර් මාකට් එකෙන් ගන්න ලැබෙන එළවලු පලතුරුවලින් ම තමයි.

අපි මේවා කෑවේ, කන්නේ බඩගින්න නිවාගැනීමේ පරම බලාපොරොත්තුවෙන් බව හැබෑව. ඒත් අපි පොඩි කාලෙදී අපේ අම්මලා හඳ මාමා ව පෙන්න පෙන්න බත් කැව්වේ, ඒ එළවලු, පලතුරුවල තියෙන නා නා ප්‍රකාර ගුණ දේවල් නිසාමයි. ඒ හින්ද ම තමයි අපි මේ විදියට හයිය හත්තිය ඇතුව, අඩුවක් පාඩුවක් නැතුව කකුල් දෙකෙන් හිටගෙන ඉන්නේ.

ඔය මතකයත් එක්ක, අපි දන්න කියන එළවලු, පලතුරු ටිකක නොදන්නා ගුණ ටිකක් කියන්නයි මේ ලෑස්තිය.

1. කජු

Image Source : food.ndtv.com

කජු කන්න කවුද අකමැති? අපි කතාවටත් කියන්නේ “කජු කන්නා වගේ ලේසි වැඩක්” කියලා. හැබැයි දිනපතා කන කජු අහුරකින් අධි රුධිර පීඩනය අඩු කරන්න පුළුවන් කියලා දැනගෙන හිටියද? කජු කියන්නේ මැග්නීසියම් බහුල කෑමක්. රුධිර නාල ඉහිල් කරලා, ඒවායින් රුධිර ගමනාගමනය පහසුවෙන් කරගෙන යන්න පුළුවන් විදියට සකසන්න මැග්නීසියම් මූලද්‍රව්‍යට පුළුවන්. මේ හේතුව නිසා හෘද ස්පන්දනය සාමාන්‍ය විදියට පවත්වාගන්නත් එයා උදව් කරනවා.

2. සූදුරු

Image Source : spiceparadise.lk

“මාදුරුගේ මල්ලි තමයි සූදුරු”

පොඩි කාලේ අපේ වැඩිහිටියන්ගෙන් අහන්න ලැබුණු මේ කතාව, අපේ මතකයේ තැන්පත් වෙන්නේ ඒ දවස්වල අපි ආසාවෙන් කෑව හූණු බෙටිවල රසත් එක්කමයි. මොකද මේ හූණු බෙටිවල මැද තිබුණේ මාදුරු ඇටයක් නේ.

සූදුරුවල තියෙන ෆයිටොස්ටේරෝල් හරියට මිනිස්සුන්ගේ ඇඟේ තැන්පත් වෙන කොලෙස්ටරෝල් වගේ. එකම වෙනස වෙන්නේ ෆයිටොස්ටේරෝල් ශාකයක හැදීම, සහ  කොලෙස්ටරෝල් වගේ ඇඟට අගුණ ජාතියක් නොවීමයි. ඒ වෙනුවට, ෆයිටොස්ටේරෝල්වලින්, අපේ ආහාර මාර්ගයේ තැනපත් වුණු හානිකර කොලෙස්ටරෝල් වර්ග අයින් කරනවා. ඒ නිසා ඇඟේ බර අඩු කිරීමේ හැකියාවක් සූදුරුවලට තියෙනවා.

තවත් දෙයක් තමයි මේ සූදුරුවල තියෙන ඉහල යකඩ සංචිතය. මේකෙන් අපේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය දියුණු කිරීමක් වෙනවා.

3. මිදි

Image Source : tjcmango.com

නරියා මිදි තිත්තයි කිව්වට, මේවයේ රහ දන්න අපි නම් කීයටවත් ඒ වගේ කතාවක් කියන්නේ නැහැ. රස වගේ ම තමයි මිදිවල ගුණත්.

මොළය ඇතුළු මධ්‍ය ස්නායු පද්ධතිය හොඳ තත්ත්වයෙන් තියාගන්න, මිදිවල ඇති ඇන්තෝසයනින්වලින් ලොකු දායකත්වයක් සැපයෙනවා. වයසට යද්දී ගොඩක් වැඩිහිටියන්ගේ දකින්න ලැබෙන අමතක වීමේ ගතිය අඩු කරවන්නත් මිදිවලට පුළුවන්ලු. සති දොළහක් වගේ කාලයක් දම් පාට මිදිවලින් හදපු ජූස් බිව්වා නම් මේ අසනීපෙ තරමක් මඟ හරවාගන්න පුළුවන් බවයි විද්‍යාඥයෝ කියන්නේ.

4. පැණි කොමඩු

Image Credits : Vera Dinca

ෂහ්! බඩගින්නයි තිබහයි දෙකම යවාගන්න මරු පලතුරක්. කෑලි විදියට කන්න වගේ ම ජූස් කරලා බොන්නත් නියමයි මේක. අනික රස විතරක්යැ, ගුණ!

කොමඩුවල තියෙන දියරමය ගතිය නිසා, මේකෙන් මලබද්ධය ඇතිවීමේ ඉඩ අඩු වෙනවා. අපි ගන්න කෑමවලින් ඇඟට උරා නොගත්ත ඒවා ඇඟෙන් පිටකරන්නේ බහිස්ශ්‍රාවී පද්ධතියෙන් නේ. ඒ වැඩෙත් ලේසි කරන්න කොමඩුවලට පුළුවන්. මේ නිසා ම වකුගඩුවල කාර්යය යහපත් කිරීමකුත් මෙතැනදී සිද්ධවෙනවා. ඒ වගේ ම, වකුගඩුවල ඇතිවෙන ගල්වලටත් මේක විසඳුමක් බව ඔයාලා දැනගෙන හිටියද? කුඩු කරපු කොමඩු ඇට තේ හැන්දක්, උණු කරලා නිවපු වතුර පයින්ට් එකක් එක්ක එකතු කරලා දිනපතා වීදුරු තුනක් බොන්න; වකුගඩු අමාරු සේරම සනීප වෙයි.

5. ලෙමන්  

Image Source : food.ndtv.com

ඇඹුල් රසට තිබුණට මොකද, ලෙමන් කියන්නේ සෑහෙන්න ප්‍රයෝජන තොගයක් තියෙන පලතුරක්. ලෙමන්වල පෙක්ටින් කියන කෙඳි වර්ගය තියෙනවා. ඇඟේ මහත අඩු කරගන්න උදවියට පෙක්ටින් කෙඳිවලින් ලැබෙන්නේ ලොකු අනුබලයක්. මලබද්ධය ඇතිවීම අඩු කරලා, ආහාර ජීර්ණය වැඩි කරන්නත් ලෙමන් වතුරවලට පුළුවන්. ඒ වගේ ම පොටෑසියම් ඉහළ පලතුරක් නිසා, නිරෝගී ස්නායු පද්ධතියක හිමිකාරයෙක් වෙන්නත් ලෙමන් වතුර ඉඩ සළස්වනවා.

සාමාන්‍යයෙන් විෂබීජකාරක බැක්ටීරියා වර්ග ඇඟට ඇතුළත් වුණා ම, හරි වේගයෙන් වැඩීමේ හැකියාවක් ඒවට තියෙනවා. අන්න ඒක වළක්වන්නත් ලෙමන් වතුරවලට පුළුවන්.

ඇඟේ තියෙන ලුණු ප්‍රතිශතයේ අසමානතාවයක් ඇතිවිය හැකි එක විදියක් තමයි ඔය ව්‍යායාම කරන වෙලාව. ඉතින් ඒක යථා තත්ත්වයට පත් කරන්න, ලෙමන් වතුර වීදුරුවක් බිව්වනම් හරි.

6. කෙසෙල්

Image Source : tjcmango.com

කෙසෙල් කියන්නේ දියවැඩියාව වැඩි කරන පලතුරක් විදියටයි ප්‍රසිද්ධ. මේකට හේතුව වෙන්නේ කෙසෙල්වල තියෙන ඉහළ කාබෝහයිඩ්‍රේට ප්‍රමාණයයි. ඉතින් කෙසෙල් ඉදෙන තරමට, මේවයේ තියෙන කාබෝහයිඩ්‍රේට ප්‍රතිශතයත් වැඩිවෙනවා. අපේ ඇඟේ සීනි වැඩි කරන්න කාබෝහයිඩ්‍රේට තරම් ලේසි පෝෂ්‍ය පදාර්ථයක් වෙන නැති තරම්.

හැබැයි ඒකයි කියලා, කෙසෙල් නොකා ඉන්න හෝ අමු කෙසෙල් ගිලින්න යන්න එපා. හොඳ ම දේ තෝරා බේරාගෙන පොඩි ප්‍රමාණවලින් ගන්න එක. ඒ වගේ ම බෙරිවෙන්න ඉදුණු කෙසෙල් කන්නත් එපා. ඉදීගෙන එන කහ, කොළ පාටවල් එකට මුසුවෙලා තියෙන කෙසෙල් කෑමට ගන්න. මොකද කෙසෙල්වල තියෙන කෙඳි, අපේ ගන්න ආහාර ජීර්ණය කරන්න සෑහෙන්න වැදගත්. කාබෝහයිඩ්‍රේට ජීර්ණය කරලා, අනවශ්‍ය කොටස ඇඟෙන් පිටකරන්න මේවට හැකියාව තියෙනවා.  

7. ළූණු

Image Source : newsx.com

ළූණු කපද්දී නම් තනි ඇහැට නෙවෙයි ඇස දෙකට ම ඇඩෙනවා. ඒ වුණාට ඇදුම අඩු කරන්න පුළුවන්කමක් ළූණුවලට තියෙනවා කියලා දැනගෙන හිටියටද? ඒ වගේ ම සමහර පිළිකා වර්ග ඇති නොවෙන්න වග බලාගන්නත් මේ ළූණුවලට පුළුවන්ලු. දවස් පතා අනිත් කෑමත් එක්ක ළූණු ආහාරයට ගැනීමෙන් ස්වරාලයේ, ඩිම්බ කෝෂවල ඇතිවෙන්න පුළුවන් පිළිකා බොහොමයක් මඟ හැරවීමේ හැකියාවක් තියෙනවා. අනික ඔස්ටියෝපොරෝසිස් වගේ අස්ථි රෝගවලින් බේරෙන්නත් මේවා මරු.

8. ගෝවා

Image Source : thecanadianencyclopedia.ca

“අල වගේද ගෝවා"

කතාවට කියන්නේ මෙහෙම වුණත්, ගොඩක් අයට ගෝවා කියන්නේ ‘මෙලෝ රහක් නැති' එළවලුවක්. ගෝවාවල ලොකු සල්ෆර් සංචිතයක් තියෙනවා. ඒ නිසා ම අපේ ලේ පිරිසිදු කරන්නත් ගෝවාවලට පුළුවන්. ඒ වගේ ම විටමින් E බහුල එළවලු කීපයන් එකක් විදියටත් මේක හඳුන්වන්න පුළුවන්. ඒ නිසා හම ලස්සනට තියාගන්න සෑහෙන්න වැදගත් වෙනවා.

9. ලීක්ස්

Image Source : specialtyproduce.com

මේකත් ටිකක් බැනුම් අහන එළවලුවක්. රසක් නැති බව තමයි ගොඩක්දෙනා කියන්නේ. හැබැයි කෑලි මිරිස් දාලා, තෙලෙන් බැදලා ගත්ත ම උණු සුදු බතක් එක්ක කන්න නියම කෑම.  දැක්ක ම නම් හිතෙන්නේ වේලිච්ච ගතියට තියෙන කොළයක් වගේ. ඒ වුණාට මේකේ වතුර ප්‍රතිශතය සෑහෙන්න වැඩියි. ප්‍රතිජීවකයක් විදියටත් ක්‍රියාකරන බවයි කියැවෙන්නේ.

10. බීට්රූට්

Image Source : mirror.co.uk

ඔය බීට් ගහේ මුල නේ අපි බීට්රූට් කියලා කන්නේ. විටමින් ඒ, සී, අයඩීන්, මැන්ගනීස්, සෝඩියම්, පොටෑසියම් වගේ මූලද්‍රව්‍ය ජාතිවලින් පිරුණු බීට්රූට් ගොඩක් ගුණ ඇති කෑමක්. ඇඟේ තියෙන ලේ ඔක්සිජනීකරණය කරන්න, එහෙනම් නැත්තන් රුධිර සෛලවලට ඔක්සිජන් සැපයීමේ හැකියාවක් මේවට තියෙනවා. බීට් ගහේ කෑලිත් කන්න පුළුවන් නම් තමයි වැඩියෙන් ම හොඳ. මේ කොළවල තියෙනවලුනේ හෙන ලොකු යකඩ සංචිතයක්.

තවත් ඔයාලා දන්නා මේ වගේ විස්තර තියෙනවද? දාන්නකෝ එහෙනම් ඒ ගැන කමෙන්ට් එකක්. අපට වගේ ම අපේ යාළුවන්ටත් දැනගන්න පුළුවන්නේ.

Share on facebook
Share on twitter
Share on whatsapp

Highlights.

Latest.

KAMU.

Welcoming the Year of the Horse at Yue Chuan, The Kingsbury

Yue Chuan, the award-winning Chinese restaurant at The Kingsbury, Colombo, invites guests to usher in the

Highlights Kamu

Soho Hospitality Charts First Expansion into South Asia with Charcoal’s Colombo Debut

Bangkok-based international hospitality group selects Sri Lanka for its game- changing dining brand Charcoal Tandoor

Highlights Kamu

Brunch at ITC Ratnadipa – Review

By Ranugi Thihansa If you’re looking for a Sunday brunch that brings together incredible food,

Highlights Kamu Yamu Guide

Harpo’s Pizza and Pasta: Review

We dropped by Harpo’s Pizza and Pasta the other day, and it turns out it’s

Highlights Kamu

The Fort Café by Tasty Caterers – Review

By Linara Wimalaweera The Fort Café by Tasty Caterers offers a refreshing escape from the

Highlights Kamu Yamu Guide

Nihonbashi by Dharshan – Review

Written by Linara Wimalaweera When it comes to Japanese fine dining in Colombo, few names

Highlights Kamu

Trending.

Yazu Set to Make Sri Lankan Debut at Radisson Blu Resort Galle in 2026

Radisson Blu Resort Galle is set to unveil its newest culinary venture in March 2026 with the opening of Yazu by

Highlights Trending Yamu Guide

Indiya Enters a New Chapter

Colombo, Sri Lanka – [9th March 2025] — Indiya, the signature Indian restaurant at Cinnamon

Highlights Trending

Here are the must visit Iftar spots for 2026

Ramadan 2026 brings with it a beautiful season of reflection, gratitude, and shared meals. Across

Highlights Trending Yamu Guide

Valentine’s Celebrations Unfolded at NH Collection Colombo

Valentine’s celebrations at NH Collection Colombo concluded on a high note, with guests enjoying an

Highlights Trending

Newburgh Ella: Where Sri Lanka’s Tea Heritage Rises Above the Clouds

A Tea Factory Reimagined High above the emerald hills of Ella, where mist drifts lazily

Highlights Trending

ITC Ratnadipa Presents ‘An Italian Affair’ in Partnership with the Italian Embassy, Sri Lanka

ITC Ratnadipa, Colombo in collaboration with the Embassy of Italy in Sri Lanka will host

Trending

Yamu Guide.

DINIDU: Colombo’s Premier Destination for Wedding Anniversary Gifts

Every wedding anniversary is a chapter of a love story that continues to evolve. These

Highlights Yamu Guide

Yazu Set to Make Sri Lankan Debut at Radisson Blu Resort Galle in 2026

Radisson Blu Resort Galle is set to unveil its newest culinary venture in March 2026 with the opening of Yazu by

Highlights Trending Yamu Guide

A Ramadan Feast Awaits at ITC Ratnadipa – Available Till March 19

This Ramadan, ITC Ratnadipa invites guests to celebrate the holy month with ‘A Feast for

Highlights Yamu Guide

Here are the must visit Iftar spots for 2026

Ramadan 2026 brings with it a beautiful season of reflection, gratitude, and shared meals. Across

Highlights Trending Yamu Guide

IFTAR BUFFET LIST – 2026

With Ramadan 2026 now underway, families and friends are gathering in prayer, reflection, and devotion

Highlights Yamu Guide

Break Fast by the Lake: A Meaningful Ramadan at Cinnamon Lakeside Colombo

Colombo, Sri Lanka, 23rd February 2026 - This Ramadan, Cinnamon Lakeside Colombo invites guests to embrace the spirit

Highlights Yamu Guide