හයිස්ට්! ලෝකෙ සිද්ධ වුණ මහා පරිමාණ හොරකම් ගැන ඇත්ත කතා 3ක්!.

හයිස්ට් කියන වචනෙ ඇහුණ ගමන් ‘මනී හයිස්ට්’ මතක් වෙන තරමට මනී හයිස්ට් කතා මාලාව අපේ ඔළුවෙ දැන් ගබඩා වෙලා. මේ ළඟදි නෙට්ෆ්ලික්ස් එකට ආවා තවත් ‘හයිස්ට්’ එකක්. හැබැයි මේක මනී හයිස්ට් වගේ ගොතපු කතාවක් නෙමේ. ඇත්ත ලෝකේ සිද්ධ වුණ මහා පරිමාණ හොරකම් තුනක් ගැන ඇත්ත සිද්ධි ඇතුළත් ක්‍රයිම් ඩොකියුමන්ට්‍රි සීරීස් එකක් මේ!

මේකේ ඇතුළත් කතා තුන මෙහෙමයි.

  1. සෙක්ස් මැජික් මනී 

  2. ද මනී ප්ලේන් 

  3. ද බර්බන් කිං

මේ හැම කතාවකින් ම එපිසෝඩ් දෙක ගාණේ ඔක්කොම එපිසෝඩ් හයක් ‘හයිස්ට්’ ක්‍රයිම් සීරීස් එකේ තියනවා. ඇත්ත ලෝකේ සිදු වුණු මේ අපරාධවලට දායක වුණු ඇත්ත මිනිස්සු, ඔවුන්ගේ පවුලේ උදවිය, ළඟ ම ඥාතීන්, හිතමිතුරන් සහ, අදාළ සිදු වීම්වලට මැදිහත් වුණු සාක්ෂිකරුවන්, නීතිවේදීන් වගේ ම ඒ පුවත් වාර්තා කරපු මාධ්‍යවේදීන් එහෙමත් කැමරාව ඉදිරියට ඇවිත්, තමන්ගෙ හැබෑ අත්දැකීම, හැබෑ හැඟීම් සහ හැබෑ සිදු වීම් එළි කරමින් කතා කිරීම තමයි මේ ඩොකියුසීරීස් එකේ ෆෝමැට් එක. ඒ අතරින් පතර නළු නිළියන් පාවිච්චි කරලා අදාළ සිදු වීම රීමේක් එකක් විදිහට පෙන්නන්නත් ඔවුන් කටයුතු කරනවා. ඒ නිසා ම එක සිදු වීමක් දිහා බලන්න ප්‍රේක්ෂකයන්ට විවිධ දෘෂ්ටිකෝණ ලැබෙනවා. 

සෙක්ස් මැජික් මනී

1993 වසරේදි ලාස් වේගාස් කැසිනෝවකට යන මුදල් රැගත් ට්‍රක් රථයකින් ඩොලර් මිලියන තුනක් හොරකම් කරගෙන පලා ගිය හෙතර් ටෝල්චීෆ් නම් 21 වියැති තරුණියක් මේ කතාවේ ප්‍රධාන චරිතය. ඇගේ පිටිපස්සෙ තමයි ඇත්ත අපරාධකාරයා ඉන්නෙ. ඒ මිනීමැරුම් ඇතුළු අපරාධ රාශියකට සම්බන්ධ රොබර්ටෝ සෝලිස් නම් ඇගේ පෙම්වතා. පෙම්වතිය පාවිච්චි කරලා සල්ලි ටික තමන් අතට ගත්තට පස්සෙ සල්ලි ටික නොබෙදී යන්න පෙම්වතිය ඝාතනය කරන්න පුළුවන්කම තිබිලත් ඔහු එය කරන්නේ නෑ. ඒත් පස්සෙ ඔහු ඇය ඉද්දි තවත් ප්‍රේම සබඳතා රාශියක් පවත්වනවා. අන්තිමේ දරුවෙකුත් එක්ක තනි වෙන මේ කාන්තාව තමන්ගෙ හැබෑ අනන්‍යතාව සඟවාගෙන ඉඳීම ඇති වුණ තැන, අවුරුදු එකොළහකට පස්සේ නීතියට භාර වෙන්න තීරණය කරනවා. එදා ඇයට නෛතික දඬුවම් එක්ක ම මානසික නිදහසත් හිමි වෙනවා.

ද මනී ප්ලේන්

තමන්ට සහ බිරිඳට දරුවන් නැති නිසා තමන් ආස කරපු පවුල ගොඩ නගාගන්න බැරුව ගිය කියුබානු ජාතික කාල්ස් මොන්සොන් තීරණය කරනවා ඩොලර් මිලියන සියයක් අරගෙන මයාමි ගුවන් තොටුපළට එන ගුවන් යානයක් මංකොල්ල කන්න. ඔහු ඒ උත්සාහ කරන්නෙ තමන්ගේ පවුල සම්පූර්ණ කරගන්න දරුවෙක් අරං හදාගන්න තරම් වත්කමක් හොයාගන්නයි. ඒ විශාල මුදල් සම්භාරයෙන් ඩොලර් මිලියන 7.4ක් මංකොල්ල කන්න ඔහුටයි ඔහුගේ සගයන්ටයි පුළුවන් වෙනවා. ඒත් අන්තිමේ නොහිතන කෙනෙකුගේ ඔත්තුවක් නිසා ඔවුන් නීතියට කොටු වෙනවා.

ද බර්බන් කිං

නීත්‍යනුකූල නොවන ක්‍රමයකට මත්පැන් විකිණීම නිසා, හැබෑ වැරදිකරු පැත්තක ඉද්දි මහා පරිමාණ මත්පැන් ජාවාරමක මහ මොළකරු බවට අච්චු වෙන ගිල්බර්ට් කර්ට්සිංගර් ගැනයි අවසන් කතාව. ඔහු ඇත්තට ම හසු වෙන්නේ තමන් කරපු වැරැද්දට නෙමෙයි, නොකළ වැරැද්දකට. හැබෑ වැරදිකාරයා නීතිය ඉදිරියට පැමිණවෙන්නේ නෑ. ඒ වෙලාවේ සමාජය ඇතුළේ මේ ප්‍රවෘත්තියට තිබුණු වටිනාකම නිසා ජනමාධ්‍යයට සහ පොලීසියට ඕන වෙනවා ප්‍රශ්නය කොහොම හරි විසඳන්න. ඊට ගොදුරු වෙන මේ පුද්ගලයාට ඒ කළු පැල්ලම නිසා ජීවිතයේ තමන් උපයාගත් සියල්ල නැති කරගන්න සිද්ධ වෙනවා.

ලංකාවෙ අපිට හුඟක් වෙලාවට ෆිල්ම්ස්වල, ටෙලිනාට්‍යවල දකින්න ලැබෙන්නෙ තනි සුදු හෝ තනි කළු චරිත. ඒත් ඇත්තට ම එහෙම සම්පූර්ණයෙන් හොඳ මිනිස්සුවත් සම්පූර්ණයෙන් නරක මිනිස්සුවත් මේ ලෝකෙ නෑනෙ. ප්‍රබන්ධ කතාවකටත් වඩා හොඳින් ඒ බව මිනිස්සුන්ට වටහලා දෙන්න හොඳ මාධ්‍යයක් තමයි මං හිතන්නෙ වාර්තා චිත්‍රපටකරණය කියන්නෙ. මොකද ඒවයෙ තියෙන්නෙ ගොතපු කතා නෙමෙයි ඇත්තට ම මහ පොළොවෙ සිද්ධ වුණු දේවල්. ඉතින් ‘හයිස්ට්’ සීරීස් එකේදි නිර්මාණකරුවන් ඒ අවස්ථාව ඉතා ම හොඳින් ප්‍රයෝජනයට ගන්නවා කියල කියන්න පුළුවන්.

කිසියම් ගැටලුවක් දිහා විවිධ කෝණවලින් බලන්න පුළුවන් වෙන තරමට මනස විශාල කරගැනීම, වඩා යහපත් ජීවිතයක් ගෙවන්න මිනිස්සු විදිහට අපි හැමෝටම වැදගත්. නැත්නම් බිහි වෙන්නෙ අනෙකාව තේරුම් ගැනීමෙන් තොර ව එක පාරට ම විනිශ්චය කරන්න ඉක්මන් වෙන සමාජයක්. අපි අතරේ ඉන්න හොඳ නරක දෙක ම මිශ්‍ර වුණු මිනිස් ජීවිත අඳුනගන්නත්, වැරදියි කියල සම්මත යම් යම් දේවලට මිනිස්සු යොමු වෙන්න බලපාන හේතු මොන වගේ ද කියන එක වටහාගන්නත්, මේ සීරීස් එක ඉතා ම හොඳ මැදිහත් වීමක්.

Share on facebook
Share on twitter
Share on whatsapp

Highlights.

Latest.

KAMU.

Welcoming the Year of the Horse at Yue Chuan, The Kingsbury

Yue Chuan, the award-winning Chinese restaurant at The Kingsbury, Colombo, invites guests to usher in the

Highlights Kamu

Soho Hospitality Charts First Expansion into South Asia with Charcoal’s Colombo Debut

Bangkok-based international hospitality group selects Sri Lanka for its game- changing dining brand Charcoal Tandoor

Highlights Kamu

Brunch at ITC Ratnadipa – Review

By Ranugi Thihansa If you’re looking for a Sunday brunch that brings together incredible food,

Highlights Kamu Yamu Guide

Harpo’s Pizza and Pasta: Review

We dropped by Harpo’s Pizza and Pasta the other day, and it turns out it’s

Highlights Kamu

The Fort Café by Tasty Caterers – Review

By Linara Wimalaweera The Fort Café by Tasty Caterers offers a refreshing escape from the

Highlights Kamu Yamu Guide

Nihonbashi by Dharshan – Review

Written by Linara Wimalaweera When it comes to Japanese fine dining in Colombo, few names

Highlights Kamu

Trending.

What is the DINIDU Lanka Pendant & Is It Sri Lanka’s Most Recognisable Modern Jewellery Icon?

Few gold pendants crafted in Sri Lanka carry the weight of identity quite like the DINIDU Lanka Pendant. Shaped after

Highlights Trending

Radisson Hotel Kandy Welcomes Global Travel Influencers to Showcase Sri Lanka’s Hill Capital and Island Experiences

Radisson Hotel Kandy recently welcomed a group of eight global travel and lifestyle influencers as

Highlights Trending

A Taste of the Swiss Alps comes to Colombo

High in the Swiss Alps, where mountain landscapes shape both life and cuisine, Chef Heinz

Highlights Trending

Sheraton Colombo Unveils a New Chapter for Ceylon Bake Shop with a Fresh Home in the Hotel Lobby

Sheraton Colombo Hotel is delighted to announce the relocation of its beloved Ceylon Bake Shop

Highlights Trending

ITC Ratnadipa Introduces Rūhāniyat, an Indian Heritage Dining Experience, Available Until 16 August

ITC Ratnadipa introduces Rūhāniyat, an Indian heritage dining experience that invites diners to discover the

Highlights Trending

Anantara Peace Haven Tangalle Resort Introduces Panoramic Ocean View Rooms, Elevating Luxury on Sri Lanka’s Southern Coast

Set along Sri Lanka’s southern shores, Anantara Peace Haven Tangalle Resort announces the introduction of

Highlights Trending

Yamu Guide.

Shangri-La Colombo Unveils a New Chapter at Tiki Bar

As the sun dips into the Indian Ocean and the city begins to exhale, Tiki

Trending Yamu Guide

DINIDU: Colombo’s Premier Destination for Wedding Anniversary Gifts

Every wedding anniversary is a chapter of a love story that continues to evolve. These

Highlights Yamu Guide

Yazu Set to Make Sri Lankan Debut at Radisson Blu Resort Galle in 2026

Radisson Blu Resort Galle is set to unveil its newest culinary venture in March 2026 with the opening of Yazu by

Highlights Trending Yamu Guide

A Ramadan Feast Awaits at ITC Ratnadipa – Available Till March 19

This Ramadan, ITC Ratnadipa invites guests to celebrate the holy month with ‘A Feast for

Highlights Yamu Guide

Here are the must visit Iftar spots for 2026

Ramadan 2026 brings with it a beautiful season of reflection, gratitude, and shared meals. Across

Highlights Trending Yamu Guide