අකාලයේ සමුගත් සොඳුරුත ම මාධ්‍යවේදියා; හේම නලින් කරුණාරත්න.

හේම නලින් කරුණාරත්න; මේ නම ඇහෙද්දී ම අපට මතක් වෙන්නේ සරළ වචනයෙන්, ඔහුට ම අනන්‍ය වුණු කතා විලාසයකින් කතා කරන සොඳුරු ජනමාධ්‍යවේදියෙක් ව. ලංකාව පුරා ඉන්න දසදහස් ගණන් රූපවාහිනී රසික රසිකාවියන්ගේ හිත් දිනාගත් ඔහු, ඊයේ (ජුනි 5 වෙනිදා) කාටත් නොකියම ජීවිතයෙන් සමු අරගෙන ගිහින්. අකාලයේ අපි අතරින් වෙන් වෙලා ගිය ඔහුගෙන්, අපේ රටේ ජනමාධ්‍ය ට සිද්ධ වෙන අඩුව මෙතෙක් කියලා නිම කරන්න බැහැ.

Image source: newsfirst.lk

1962 අවුරුද්දේ අගෝස්තු 27 වෙනිදා උපන්න ඔහු, ප්‍රාථමික අධ්‍යාපනය හැදෑරුවේ මතුගම ශාන්ත මේරි විද්‍යාලයේ. ඊටපස්සේ ඔහු කොළඹ රෝයල් කොලේජ් එකට ඇතුළත් වුණා. ඉස්කෝලේ යන දවස්වල ඉඳලම, ජනමාධ්‍ය ක්ෂේත්‍රයේ රැකියාවකට යන්න ඔහුට තිබුණේ ලොකු ආසාවක්. ඒ නිසා ම, පාසලේ කලා කටයුතුවල අත්දැකීමුත් පෙරදැරි කරගත්ත තරුණ හේම නලින්, ගුවන් විදුලියේ හෝ ප්‍රෙස් එකක රැකියාවකට යන්න තීරණය කළා. මොකද ඒ කාලේ රූපවාහිනිය තිබුණෙත් නැහැනේ.

කොහොමින් කොහොමහරි, 1983 වසරේදී ජාතික රූපවාහිනියට සම්බන්ධ වෙන්න ඔහුට පුළුවන්කම ලැබුණා. එයින් පටන්ගත්ත රූපවාහිනී මාධ්‍ය දිවිය තුළ, අපට රස වින්දනය ලබාදෙන්න ඔහු කරපු මෙහෙය අප්‍රමාණයි. අන්න ඒ නිසා ම, ප්‍රේක්ෂක ජනතාවගේ හිත් ඇද බැඳ තබාගත්ත, හේම නලින් මහත්මයා ඉදිරිපත් කරපු ජනප්‍රිය ම වැඩසටහන් 6ක් ගැන කතා කරන්න අපි කල්පනා කළා.

නමයයි පහ

වාර්තාමය වැඩසටහනක් වුණු "නමයයි පහ", ජාතික රූපවාහිනියෙන් විකාශය වුණු අද්විතීය නිර්මාණයක්. මේ වැඩසටහන ජනප්‍රිය වෙන්න ප්‍රධානම හේතුව වුණෙත් හේම නලින් මහත්මයාගේ සොඳුරු හඬ, ඒ කතා විලාසයමයි. ඔහු මේ වැඩසටහන පටන්ගත්තේ Beyond 2000, Lonely Planet වගේ ජාත්‍යන්තර වශයෙන් ජනප්‍රිය වුණු වාර්තාමය වැඩසටහන් නැරඹීමෙන්, සහ ඒ ගැන ගැඹුරු අධ්‍යනය කිරීමෙන් පස්සෙයි.

එදිනෙදා ජීවිතයේදී අපට දකින්න ලැබෙන අරුම පුදුම දේවල් තමයි ප්‍රධාන වශයෙන්ම නවයයි පහ වැඩසටහනෙන් දකින්න ලැබුණේ. ඉරිදා රාත්‍රියට, බිත්ති ඔරලෝසුවේ 9.05 සනිටුහන් වෙද්දීම, අපි පවුල් පිටින්ම රූපවාහිනිය ඉස්සරහ ඉඳගත්තේ ඒ දේවල් රස විඳින්න.

යාත්‍රා

තුමුළ නමුණුකුල ගිරි හිස – උදුල සඳ මඬල දුටු නෙතරැවටුනා තමයිකිම‍ ද මේ තරම් ඒ ගැන – හිනැහෙන්නට කාරණාමුහුණ රතු වෙලා දෙනෙතින් – කදුළු පනින තුරු එලියටඔහොම හිනා‍වෙනකොට උඹ – ‍ලස්සනයි උමා

මේ ගීතය ඇහෙද්දීම ඔයාලට මතක් වෙයි මේ වැඩසටහන මොකක්ද කියන එක. "යාත්‍රා" ; ඒ කාලේ ජාතික රූපවාහිනියේ විකාශය වෙච්ච ප්‍රාසාංගික වැඩසටහන් අතරින්, හොඳටම ජනප්‍රිය වුණු වැඩසටහනක් විදියට හඳුන්වන්න පුළුවන්. ඇත්ත ම කිව්වොත්, මේක තවත් එක සංගීත වැඩසටහනක් නොවී, රූපමය කාව්‍යක් බවට පත්වුණේ, හේම නලින් මහත්මයාගේ ලයාන්විත ඉදිරිපත් කිරීම නිසයි.

සමන් ජයනාත්ගේ මේ ගීතය විතරක් නෙවෙයි, ඉමාන් පෙරේරාගේ "වසන්තයේ මල්", අප්සරා ද සිල්වාගේ "ඉවාන් පවුලූෂා" වගේ ගීත, ඒවායේ රූප රචනාවන් පවා අදටත් මතක හිටින තරමට, මේ වැඩසටහන අපට සමීප වුණා.

සුන්දර සෙනසුරාදා

ජාතික රූපවාහිනියෙන් පස්සේ හේම නලින් මහත්මයාගේ රූපය අපට ආයෙත් දකින්න ලැබුණේ ස්වර්ණවාහිනියෙන්. නිවේදකයෙක්, මාධ්‍යවේදියෙක් විදියට වගේ ම, වැඩසටහන් අධ්‍යක්ෂවරයෙක් විදියටත් ඔහුගේ දක්ෂතාවයන් අපට දැකගන්න ලැබුණේ මේ කාලයේදී.

ඉතින් බොහෝ දෙනා නිවාඩු පාඩුවේ ගෙදරට වෙලා ඉන්න සෙනසුරාදාව සුන්දර ම දවසක් කරන්න, හේම නලින් මහත්මයා ඉරිදිපත් කරපු සුන්දර සෙනසුරාදා වැඩසටහනට පුළුවන් වුණු බව නිසැකයි.

හතට හිතට හදවතට

වාර්තාමය වැඩසටහන් ගැන හේම නලින් මහත්මයාගේ තියෙන ලැදියාව සහ හැකියාව තවත් වරක් පෙන්නුම් කරපු වැඩසටහනක් තමයි මේ. එදිනෙදා ලංකාවේ වෙන අපූරු සිදුවීම්  මේකෙන් ඉදිරිපත් කෙරුණා.

නමයයි පහ තරමට නැතත්, හැමදාම උදේ හතට විකාශය වුණු මේ “හතට හිතට හදවතට”, 2008 අවුරුද්දේ ස්වර්ණවාහිනියේ විකාශය වුණු හොඳ ම වැඩසටහන් අතරින් එකක්.

හිත ළඟ හත

හේම නලින් මහත්මයාගේ කලාත්මක හඬ විලාසය, සංගීතමය වැඩසටහන් මෙහෙයවන්න ම හදපු එකක් වගේ. ජාතික රූපවාහිනියේ යාත්‍රා, ස්වර්ණවාහිනියේ හංස විලෙන් පස්සේ, ඒ රසාස්වාදය අපට ආයෙත් දැනුණේ ඔහු ඉදිරිපත් කරපු හිත ළඟ හතෙන්. ජාතික රූපවාහිනියේ විකාශය වුණු මේ වැඩසටහන, ඔහු මිය යන්නට කලින් සම්බන්ධ වුණු අවසාන නිර්මාණ අතරින් එකක්.

පිටපත් රචකයෙක්, ජනමාධ්‍යවේදියෙක්, ගවේෂකයෙක්, අධ්‍යක්ෂවරයෙක් වුණු ඔහුගෙන් ගුරුහරුකම් ලබා, මාධ්‍ය ක්ෂේත්‍රයට බිහි වුණු ශිෂ්‍ය ශිෂ්‍යාවනුත් බොහොමයි. පාසල් වෙත ගිහින් මාධ්‍ය උගන්වන්න තරම් ඔහු නිහතමානී වුණා.

නොසිතපු විදියට ජීවිතය හැර ගිය හේම නලින් මහත්මයා, තමන්ගේ අවසාන කාලයේදී රැකියාව කළේ හෙරිටේජ් ටීවී ආයතනයේ ප්‍රධානියා විදියටයි. දශක 3ක් තිස්සේ තමන් එක්කාසු කරගත්ත දැනුම, සහ අත්දැකීම් සමූහය, හෙරිටේජ් ටීවී ඔස්සේත් ඉදිරිපත් කරන්නට ඔහුට හැකි වුණා. ලංකාව පුරා ඇති ගස්කොළන්, සතා සීපාවන්, දිය ඇලි ආදී අපේ උරුමය මිනිස්සු අතරට ගෙනියන්න ඔහු කටයුතු කළේ ඒ විදියට.

ඉදින්, "9.05"න් "යාත්‍රා" කර, "හිත ළඟ හත" නතර කරවූ, අපේ "උරුමය" රූපවාහිනියටද ගෙනා සොඳුරු හිතැත්තාණනි, ඔබට සුබ ගමන්!!

Share on facebook
Share on twitter
Share on whatsapp

Highlights.

Latest.

KAMU.

Welcoming the Year of the Horse at Yue Chuan, The Kingsbury

Yue Chuan, the award-winning Chinese restaurant at The Kingsbury, Colombo, invites guests to usher in the

Highlights Kamu

Soho Hospitality Charts First Expansion into South Asia with Charcoal’s Colombo Debut

Bangkok-based international hospitality group selects Sri Lanka for its game- changing dining brand Charcoal Tandoor

Highlights Kamu

Brunch at ITC Ratnadipa – Review

By Ranugi Thihansa If you’re looking for a Sunday brunch that brings together incredible food,

Highlights Kamu Yamu Guide

Harpo’s Pizza and Pasta: Review

We dropped by Harpo’s Pizza and Pasta the other day, and it turns out it’s

Highlights Kamu

The Fort Café by Tasty Caterers – Review

By Linara Wimalaweera The Fort Café by Tasty Caterers offers a refreshing escape from the

Highlights Kamu Yamu Guide

Nihonbashi by Dharshan – Review

Written by Linara Wimalaweera When it comes to Japanese fine dining in Colombo, few names

Highlights Kamu

Trending.

Yazu Set to Make Sri Lankan Debut at Radisson Blu Resort Galle in 2026

Radisson Blu Resort Galle is set to unveil its newest culinary venture in March 2026 with the opening of Yazu by

Highlights Trending Yamu Guide

Indiya Enters a New Chapter

Colombo, Sri Lanka – [9th March 2025] — Indiya, the signature Indian restaurant at Cinnamon

Highlights Trending

Here are the must visit Iftar spots for 2026

Ramadan 2026 brings with it a beautiful season of reflection, gratitude, and shared meals. Across

Highlights Trending Yamu Guide

Valentine’s Celebrations Unfolded at NH Collection Colombo

Valentine’s celebrations at NH Collection Colombo concluded on a high note, with guests enjoying an

Highlights Trending

Newburgh Ella: Where Sri Lanka’s Tea Heritage Rises Above the Clouds

A Tea Factory Reimagined High above the emerald hills of Ella, where mist drifts lazily

Highlights Trending

ITC Ratnadipa Presents ‘An Italian Affair’ in Partnership with the Italian Embassy, Sri Lanka

ITC Ratnadipa, Colombo in collaboration with the Embassy of Italy in Sri Lanka will host

Trending

Yamu Guide.

Yazu Set to Make Sri Lankan Debut at Radisson Blu Resort Galle in 2026

Radisson Blu Resort Galle is set to unveil its newest culinary venture in March 2026 with the opening of Yazu by

Highlights Trending Yamu Guide

A Ramadan Feast Awaits at ITC Ratnadipa – Available Till March 19

This Ramadan, ITC Ratnadipa invites guests to celebrate the holy month with ‘A Feast for

Highlights Yamu Guide

Here are the must visit Iftar spots for 2026

Ramadan 2026 brings with it a beautiful season of reflection, gratitude, and shared meals. Across

Highlights Trending Yamu Guide

IFTAR BUFFET LIST – 2026

With Ramadan 2026 now underway, families and friends are gathering in prayer, reflection, and devotion

Highlights Yamu Guide

Break Fast by the Lake: A Meaningful Ramadan at Cinnamon Lakeside Colombo

Colombo, Sri Lanka, 23rd February 2026 - This Ramadan, Cinnamon Lakeside Colombo invites guests to embrace the spirit

Highlights Yamu Guide

A Beautiful Beginning to Ramadan : Iftar at Cinnamon Grand Colombo

Colombo, Sri Lanka – 23rd February 2026 – This Ramadan, Cinnamon Grand Colombo welcomes guests to gather in reflection and

Highlights Yamu Guide