සිරි ලංකාවේ තැපෑල ගැන ගොඩක් අය නොදන්න අපූරු කාරණා 10ක්.

ලංකාව කියන්නේ අවුරුදු 2500කටත් වඩා පරණ අතීතයක් තියෙන රටක්නේ. ලංකාවේ තියෙන කෞතුකාගාර ටික ම ඇති මේ ඉතිහාසෙට සාක්කි කියන්න. මේ කෞතුකාගාර පේළියට ම දැනට අවුරුදු හතකට වගේ කලින් එකතු වුණු එකක් තමයි කොළඹ තැපැල් කෞතුකාගාරය. මේකේ තියෙන්නේ ලංකාවේ තැපැල් සේවයේ ඉතිහාසයට සම්බන්ධ කරුණු කාරණායි.

ඉතින් මේ වෙද්දී ජාතික සම්පතක් විදියට සැලකෙන තැපැල් කෞතුකාගාරයයි, ඒකෙ ඉතිහාසයයි එක්ක බැඳිලා තියෙන විශේෂ කාරණා 10ක් ගැන කියන්නයි මේ ලෑස්තිය.

1. වැඩේ පටන් ගත්තේ ලන්දේසි

Image Source :   slpost.gov.lk

ලංකාවේ තැපැල් සේවය පටන් ගැනුණේ ලන්දේසි පාලන කාලෙදීයි. හරියට ම කිව්වොත් 1798 අවුරුද්දේ (ඒ කියන්නේ දැනට අවුරුදු 219කට කලින්). මුහුදුබඩ පාලනය විතරක් කරපු ලන්දේසි, තමන්ගේ පාලන ප්‍රදේශයේ තැන් පහක තැපැල් කාර්යාල පහක් ඉදි කරන්න කටයුතු කළා. තැපැල් රෙගුලාසි හා ඒ ගාස්තු සම්බන්ධ කාරණා හඳුන්වා දුන්නේ ඊට අවුරුද්දකට වගේ පස්සේ.

2. රාජකාරි ලියුම් විතරයි

ඒ කාලේ තැපැල් සේවය මහජන පාවිච්චියට සඳහා විවෘත වුණේ නැහැ. රාජකාරි කටයුතුවලට විතරයි පාවිච්චි කෙරුණේ. ලන්දේසි කට්ටිය හදපු දකුණු ඉන්දීය වෙළඳ සමාගම තමයි මේකේ වැඩ සේරම බලා කියා ගත්තේ. ආණ්‌ඩුකාරවරයා ඇතුළු රජයේ උසස් නිලධාරීන්ගේ අත්සන සහිත සහ ඔවුන්ට ලැබෙන රජයේ සේවයට අදාළ සේරම ලියුම්, තැපැල් ගාස්තුවෙන් නිදහස් වුණා. හැබැයි අනිත් සේරම ලිපිවලට ගාස්තු අය වුණා.

3. පළමුවෙනි තැපැල් ජෙනරාල් සුද්දෙක්

තැපැල් සේවය ආරම්භ කළේ ලන්දේසි වුණාට, ඒක තවදුරටත් දියුණු වුණේ 1815න් පස්සේ. එතකොට ලංකාව ඉංග්‍රීසින්ගේ යටත් විජිතයක් බවට පත්වෙලා. ලංකාවේ පළමුවෙනි තැපැල් ජෙනරාල්වරයා වුණේ කැප්ටන් කෙනඩියි. ඔහුගේ නමට මුලින් කැප්ටන් පට්ටම ලැබිලා තිබුණේ ඔහු හමුදාවේ ප්‍රධාන නිලධාරියෙක් විදියට වැඩ කරපු නිසයි.

4. පළමුවෙනි තැපැල් කරත්තෙත් අපේ

Image Source : sundayobserver.lk

ආසියාවේ රටක අශ්ව කරත්තෙන් (Mail coach) මුලට ම ලියුම් අරගෙන යන වැඩේ පටන්ගත්තේ ලංකාවෙන්. ඒ 1832 අවුරුද්දේදී. මේ අශ්ව කරත්තේ දිව්වේ කොළඹ – නුවර නගර දෙක අතරෙයි. 1838දී තවත් අශ්ව කරත්තයක් තමන්ගේ වැඩ ආරම්භ කළා. ඒක පාවිච්චි වුණේ කොළඹ – ගාල්ල නගර දෙක අතරේ දුවන්නයි.

5. පවුම් 7500ක් වටින මුද්දරේ  

Image Source : wikipedia.org

අපි පහුගිය දවසක මුද්දරවලින් ලංකාවේ ඉතිහාසේ  කියවපු හැටි ඔයාලට මතකත් ඇති. ලංකාවේ මුල් ම මුද්දරේ බිහිවුණේ 1857දී. ඒක විකිණුනේ පැන්ස 6කට. වික්ටෝරියා රැජිනගේ බලය පැවතුණු කාලයේදී හැදුණු මුද්දරයක් නිසා ම, මේකෙත් තිබුණේ ඇයගේ මුහුණේ පින්තූරයක්. මේ වෙද්දී මේකේ වටිනාකම බ්‍රිතාන්‍ය පවුම් 7500ක් විතර වෙනවා.

6. පරණ මුද්දරේ ආයේ පාවිච්චියට

Image Source : wikipedia.org

1872න් පස්සේ පවුම්, සිලිං ගණන්වලට විතරක් නෙවෙයි රුපියල් ශතවලටත් විකිණෙන මුද්දර බිහිවුණා. ඒ වගේ ම අලුත් මුද්දර මුද්‍රණය කරනවා වෙනුවට, පාවිච්චි කරපු මුද්දර ම ආයෙත් භාවිතා කිරීමකුත් මේ කාල සීමාවේ සිද්ධවුණා. එහෙම වුණේ මුද්දරවලට තිබුණු ඉල්ලුම වැඩිවීමයි. නැවත පාවිච්චියට ගත්ත මුද්දර, ඒවයේ මුල් මිලෙන් අඩකට අලෙවි වුණා. කොහොම වුණත්, මේ හැම මුද්දරේ ම තිබුණේ වික්ටෝරියා රැජිනගේ උඩුකය රුවයි (පින්තූරයේ දක්වලා තියෙන මේ මුද්දරය හැඳින්වෙන්නේ “ඩල් රෝස්” නමිනුයි).

7. ඇවිදින තැපැල් කන්තෝරුව

1892 වසරත් තැපැල් ඉතිහාසයට ගොඩක් වැදගත්කමක් ඇති එකක්. මේ අවුරුද්දේදී තමයි පළමුවෙනි ඇවිදින තැපැල් කන්තෝරුව (ජංගම තැපැල් කාර්යාලය), එහෙමත් නැත්තන් කෝච්චියෙන් ලියුම් ගෙනියන එක ඇරඹුණේ. කොළඹ – පේරාදෙණිය අතරේ මේ කෝච්චිය ධාවනය වුණා.

8. ලංකාවේ ලියුම් ගෙනියන එංගලන්ත වාහනේ

Image Source : Robert

70 දශකය වෙද්දී අපේ තැපැල් මළු ප්‍රවාහනය කරන්න අලුත් වෑන් ජාතියක් ආවා. Bedford විදියට හැඳින්වෙන මේ වෑන් ලංකාවට ලැබුණේ එංගලන්තයෙන්. අද වෙද්දී මේ වැඩේට පාවිච්චි වෙන්නේ හොඳ ජපන් වාහනයි.

ගෙවල්වලට ලියුම් බෙදන්න පියුම් මහත්තුරු ගියේ පයිනුයි. හැබැයි හැට ගණන්වලදී මේ වැඩේට බැන්ටම් මෝටර් සයිකල් යොදා ගැනුණා. ගමින් ගමට තැපැල් කන්තෝරු බිහිවෙද්දී, ලියුම් බෙදන්න තියෙන දුර අඩු වුණු නිසා ම, මෝටර් සයිකල් පාවිච්චිය ටිකෙන් ටික අඩුවෙන්න ගත්තා. ඊටපස්සේ තමයි සාමාන්‍ය බයිසිකලය මේ වැඩේට යොදා ගැනීම පටන් ගැනුණේ. බයිසිකලය වියදම් අඩු වාහනයක් වීමත් මේකට හේතුවක්. අදටත් ගෙයින් ගෙට ගිහින් බෙල් එක ගහලා ලියුම් බෙදන පියුම් මහත්තුරු අපට දැකගන්න ලැබෙන්නේ මේ නිසයි.

9. සුද්දගේ තැපෑලෙන් සුද්දාට ම ලියුම් යැවීම  

ලංකාවේ මනුස්සයෙක් මුලට ම පිටරටකට ලියමනක් යැව්වේ 1928දී. ගුවන් තැපැල් සේවයෙන් යවපු මේ ලියුම ගියේ ඉන්දියාවට. ලංකාවේ ගුවන් තැපෑල හරියට ම පටන්ගත්තේ මෙයින් අවුරුදු අටකට වගේ පස්සෙයි.

10. කෞතුකාගාරේ හැදුණු හැටි

Image Source : lankapura.com

ඒ කාලේ රජයේ කන්තෝරු, බැංකු, විශාල සමාගම්වල ප්‍රධාන කාර්යාල සේරම තිබුණේ කොළඹ කොටුවේ. කොළඹ කන්තෝරුවල වැඩ කරපු අය ලියුම්, මනිඕඩර් යවන්න, මුද්දර ගන්න වගේ දේවල්වලට ගියේ “ජී පී ඕ” එකට. “ජනරල් පෝස්ට් ඔෆිස්" කියන එක කෙටි කරලා තමයි මේ “ජී පී ඕ” නම් හැදුණේ.

1895දී හැදුණු මේ ගොඩනැගිල්ල හැදීමේ වගකීම ගත්තේ වෝකර්ස් පෞද්ගලික ඉංජිනේරු සමාගමයි. රජයේ කම්හල තමයි මේකේ බර යකඩ කාප්ප, යකඩ රාමු සහ වැද්දීම් එහෙම කළේ. ගොඩනැගිල්ලේ පඩිපෙළ හදන්න මුල් ම ගල් තොගය ගෙන්නුවේ පානදුරේ ගල් වළකින්. ඊට පස්සේ රත්නපුර, රුවන්වැල්ල පැතිවලින් ගල් ගෙන්වා ගැනුණා. මේ ගල් කොළඹට ගෙනාවේ කැලණි ගඟ දිගේ බේරේ වැව දක්වා පාරුවලින්.

Image Source : roystonellis.com

උතුරේ කලබල වැඩිවෙද්දී කොටුව අධි ආරක්‍ෂිත කලාපයක් බවට පත් කළා. ඒ නිසා මේ තැපැල් කන්තෝරු බිල්ඩිම වහලා දාලා, මහ තැපැල් කාර්යාලය කොළඹ බ්‍රිස්ටල් වීදියට ගෙනියන්න කටයුතු සිද්ධ වුණා. අද අපි දකින තැපැල් කෞතුකාගාරය, ඉස්සර තිබුණු මේ මධ්‍යම තැපැල් කාර්යාලයයි.

Share on facebook
Share on twitter
Share on whatsapp

Highlights.

Latest.

KAMU.

Welcoming the Year of the Horse at Yue Chuan, The Kingsbury

Yue Chuan, the award-winning Chinese restaurant at The Kingsbury, Colombo, invites guests to usher in the

Highlights Kamu

Soho Hospitality Charts First Expansion into South Asia with Charcoal’s Colombo Debut

Bangkok-based international hospitality group selects Sri Lanka for its game- changing dining brand Charcoal Tandoor

Highlights Kamu

Brunch at ITC Ratnadipa – Review

By Ranugi Thihansa If you’re looking for a Sunday brunch that brings together incredible food,

Highlights Kamu Yamu Guide

Harpo’s Pizza and Pasta: Review

We dropped by Harpo’s Pizza and Pasta the other day, and it turns out it’s

Highlights Kamu

The Fort Café by Tasty Caterers – Review

By Linara Wimalaweera The Fort Café by Tasty Caterers offers a refreshing escape from the

Highlights Kamu Yamu Guide

Nihonbashi by Dharshan – Review

Written by Linara Wimalaweera When it comes to Japanese fine dining in Colombo, few names

Highlights Kamu

Trending.

Goodies at Cinnamon Lakeside Empowers Women with All Female Team

In a significant step towards promoting greater female representation in hospitality, Cinnamon Lakeside Colombo has

Highlights Trending

Cinnamon Colombo Hotels and Royal Colombo Golf Club Tee Off the Inaugural Cinnamon Colombo Golf Classic

Cinnamon Colombo Hotels is proud to announce the launch of the inaugural Cinnamon Colombo Golf

Highlights Trending

ITC Ratnadipa Presents Dim Sum & Co., an Exclusive Dim Sum Experience at Yi Jing

Yi Jing at ITC Ratnadipa introduces Dim Sum & Co., a first-of-its-kind curated series of

Highlights Trending


Anantara Kalutara Resort Unveils a Taste of La Dolce Vita at Acquolina Restaurant & Lounge

Kalutara, Sri Lanka – 22 June 2026 – Anantara Kalutara Resort unveiled a renewed dining

Highlights Trending

Soul Sounds Returns to the Lionel Wendt with The Pop Era!

Led by internationally acclaimed Music Director Soundarie David Rodrigo, the celebrated ensemble will revisit the

Highlights Trending

Waves of Change: Hospitality Partners Unite for a Cleaner Colombo Coastline

In celebration of World Environment Day and World Oceans Day, Amari Colombo and Granbell Hotel

Highlights Trending

Yamu Guide.

Shangri-La Colombo Unveils a New Chapter at Tiki Bar

As the sun dips into the Indian Ocean and the city begins to exhale, Tiki

Trending Yamu Guide

DINIDU: Colombo’s Premier Destination for Wedding Anniversary Gifts

Every wedding anniversary is a chapter of a love story that continues to evolve. These

Highlights Yamu Guide

Yazu Set to Make Sri Lankan Debut at Radisson Blu Resort Galle in 2026

Radisson Blu Resort Galle is set to unveil its newest culinary venture in March 2026 with the opening of Yazu by

Highlights Trending Yamu Guide

A Ramadan Feast Awaits at ITC Ratnadipa – Available Till March 19

This Ramadan, ITC Ratnadipa invites guests to celebrate the holy month with ‘A Feast for

Highlights Yamu Guide

Here are the must visit Iftar spots for 2026

Ramadan 2026 brings with it a beautiful season of reflection, gratitude, and shared meals. Across

Highlights Trending Yamu Guide