අන්තඃපුරේ ආදරේ සිට ෆේස්බුක් මල් කැඩිල්ල දක්වා; එදා සහ අද ආදරේ සන්නිවේදනය වුණු විදි 8ක්.

“කැස්සයි ආදරෙයි හංගන්න බෑ” කියනවනේ. කොහොමහරි දඟලලා තමන්ගේ හිතේ තියෙන අදහස හිත ගිය කෙල්ලට කියලා එයාව කැමති කරවාගත්තැයි කියමුකෝ. ඊටපස්සේ දෙන්නගේ ආදරේ පවත්වගෙන යන්නත් එපැයි. අදහස් හුවමාරු කරගන්න, දෙන්නා කැමති අකමැති දේවල් කතා කරන්න විදියක් ඕනෙනේ. එදා මෙදාතුර ආදරය කරපු උදවිය කාලෙන් කාලෙට එකඑක විදි මේ වෙනුවෙන් යොදාගත්තා. අන්න ඒ වගේ ක්‍රම කීපයක් ගැන කියන්නයි මේ ලෑස්තිය.

1. රජතුමාගේ අන්තඃපුරේ

Image Source : sirimunasiha.wordpress.com

ඉස්සර රජවරු තමන්ගේ රාජධානියේ ඇවිදින්න යද්දී කවුරුහරි ඇහැට කණට පේන ලමිස්සියක් දැක්කොත්, තමන්ගේ අන්තඃපුරේට ගෙන්නගන්නවලු ( අනේ එහෙමත් වාසනාවක් නේද?). රජතුමාගේ අණට පිටුපෑවේ එහෙමත් කෙනෙක්. මොකද පිටුපෑවොත් ඒ ලමිස්සිට විතරක් නෙවෙයි, එයාගේ පවුලේ අයට පවා කරදර වෙන්න පුළුවන්නේ. ඒ නිසා ඒ ගෑනු ළමයි අකමැත්තෙන් වුණත් අන්තඃපුරේට ගියාලු.

2. ළිඳ ළඟ

ඒ කාලේ දැන් වගේ හිතුමතේට පාරට බැහැලා ගිහින් තමන් ආදරය කරන ගෑණු ළමයා හෝ පිරිමි ළමයා එක්ක කතා කරන්න අවස්ථාවක් ගම්වල උදවියට තිබුණේ නැහැ. මොකද ඔය හැම ගමකම වාගේ ඇවිදින ඕපදූප මල්ලක් (රොයිටර්) හිටියා. මෙයාගේ රේඩාර් එකට නොවැටී ගමේ දෙයක් වෙන්නේ හරි ම අඩුවෙන්. එහෙම වැටුණු නිව්ස් එකක් සෙනිකෙට ගමේ හතර දිග් බාගෙට ම පතුරුවන්නත් මෙයා සමත්. ඒ නිසා අපේ ගම්වල අයියා නගාලා තමතමන්ගේ ආදර කතා කියාගන්න තෝරගත්තේ ගමේ ළිඳ ළඟයි.

දැන් නගා ළිඳ ළඟට යන වෙලාව හොයාගන්නේ කොහොමද? මේක ගැන කියද්දී මට මතක් වෙන්නේ අපි ඒ දවස්වල බලපු අඹුදරුවෝ ටෙලිනාට්‍යයේ සීන් එකක්. ඇවැස්ස නෑනාලා මස්සිනා දෙගොල්ලක් ගෙදරට හොරෙන් ආදරෙන් වෙළිලා ඉන්නවා. නෑනට හිටියේ කාංචනා මෙන්ඩිස්. මස්සිනා ජගත් බෙනරගම. නෑනා ළිඳට යන්නේ මස්සිනාගේ ගෙදර මිදුල උඩින්. පනිට්ටුව මහ සද්දෙන් වනවන තමයි යන්නේ. ඒක තමා මස්සිනාට දෙන සිග්නල් එක. දැන් ඔය දවසේ මස්සිනාට සහලෝල උණ. ඒත් කෙල්ලව හම්බවෙන්න ඕනේ නිසා ම මිනිහා දනිපනි ගාලා ළිඳ ළඟට යනවා. වැඩේ කියන්නේ ගමේ රොයිටර් ගෑනිත් එනවනේ එතැනට. ජෝඩුව කදේ දාගෙන ඉන්නවා මේ ගෑනි දැක්කොත් හවස් වෙද්දී ගමෙන්  විසුමක් නැතිවෙනවනේ. මොනවා කරන්නද? උණ අමතක කරන මස්සිනා ගන්නවා පනිට්ටුව, ඔලුවේ ඉඳන් හලාගන්නවා ළිඳේ වතුර!

3. ඇඩ්රස්

එකදාස් නවසිය අනූ ගණන්වල තිබුණු ලොකු ම ගේම තමයි කෙල්ලට ඇඩ්රස් එක දීගන්න එක. ඒකත් ගෙදර එකක් නෙවෙයි. මොකද පළමුවෙනි ලියුමෙන් ම ගෙදරට අහුවුණොත් කපෝතියිනෙ. ඒ නිසා ගොඩක් වෙලාවට දෙන්නේ තමන්ට ෂුවර් යාලුවෙක්ගෙ ගෙදර ඇඩ්රස් එකක්. ඉස්සර ට්‍රිප් යද්දී, සංගීත බලන්න යද්දී ඇඩ්රස් මිටියක් අරගෙන යන අපේ කොල්ලන්ගේ පුරුද්දක්. ඕවට ලියුම් ආවා නැතා කියලා අවුලක් නෑ. කෙල්ලෙක් ඕක අහුලගන්නවා දැක්කත් ඇති.

4. ලව් ලෙටර්ස්

හප්පේ! පිටු ගණන් තමන්ගේ ආදරේ ලිව්ව සෙනෙහෙ කොළේ කෙල්ලගේ අතට පත් කරන්න කාපු කට්ටක්! ඕකට වැඩි වශයෙන් ම පාවිච්චි වුණේ අතේ තැපෑල. කෙල්ලගේ ගෙවල් ළඟ ඉන්නේ පොඩි එකෙක්, එහෙමත් නැත්තන් කෙල්ලගේ හොඳ ම යාලුවෙක් ලවා ලව් ලෙටර් එක යවලා, එකට උත්තරක් එනකම් ඉන්න එකත් ඉස්පාසුවක් නැති වැඩක්. කාටවත් සැක නොහිතෙන විදියට පොත් අස්සේ දාලා තමයි තැපෑලට දෙන්නෙත්. එක ම ලියමන හිත ගිය ගැහැණු ළමයි කීපදෙනෙක්ට ම දුන්නු වෙලාවලුත් තිබුණා. ඉස්සර ඉස්කෝලේ පන්තිවල හිටියා සෑහෙන්න ලව් ලෙටර්ස් ඕඩර් තියෙන අය. මේ කට්ටියගේ අකුරු හරි ලස්සනයි. ඒ නිසා පන්තියේ කොල්ලෝ සේරම සෙනෙහෙ කොළ ලියාගන්නේ උන් ලවා.

5. ටියුෂන් පන්තිය

ඉස්කෝලේ යන්න කොච්චර අදිමදි කරත්, ඔය කම්මැලිකම් මුකුත් නෑ සති අන්තේ තියෙන ටියුෂන් පන්තිය මතක් වෙද්දී. කාලය ගෙවෙද්දී ඉස්කෝලෙන් පස්සේ වරුවලත් ටියුෂන් ක්ලාස් වැටෙන්න ගත්ත නිසා අපේ අයට ඉස්කෝලේ යන්න තිබුණු කම්මැලිකමත් නැති වුණා. කොහොම වුණත් ඒ කාලේ ඉඳන් අද වෙනකම් ම ආදරය කරන අයට මුණගැහෙන්න තිබුණු ලේසි ම විදිවලින් එකක් විදියට මේක දක්වන්න ඇහැකි. කෙල්ලගේ යාළුවො සෙට් එකයි, කොල්ලගේ යාළුවො සෙට් එකයි පන්තියේ එක ළඟ තියෙන බැංකු පේලිවල වාඩිවෙලා කියවද්දී, වෙලාව ගෙවෙනවා දන්නෙත් නැහැ.

6. ටෙලිෆෝන්

ටෙලිෆෝන්, එහෙමත් නැත්තන් ස්ථාවර දුරකථන ලංකාවට ආවේ මිලේනියම් එක ලබනවත් එක්කමයි. ඇඩ්රස් හුවමාරුව ටෙලිෆෝන් නොම්මර හුවමාරුව බවට පත්වුණේ ඕකෙන් පස්සේ. හැබැයි ඉතින් හැම ගෙදරට ම ටෙලිෆෝන් තිබුණේ නැහැනේ. ඒ නිසා කමියුනිකේෂන්වල ෆෝන්වලින් තමයි මල් කැඩිල්ල ජයට ම වුණේ.

7. වින්ඩෝස් ලයිව් මැසෙන්ජර්

මේ ක්‍රමෙන් ආදරේ කළේ තරමක් යමක් කමක් තිබුණු උදවිය. පරිගණක තාක්ෂණය, අන්තර්ජාල පහසුකම් ලංකාවට ආවට, හැමෝට ම ඕවා ගන්න හැකියාවක් තිබුණේ නැහැනේ. ඒත් ඒවා තිබුණු අයත් හිටියා. ඒ අය ආදරය බෙදාගන්න යොදාගත්ත ක්‍රමයක් විදියට මේක හඳුන්වන්න පුළුවන්.

8. මොබයිල් ෆෝන්

මොබයිල් ෆෝන් එක ආවත් හරි, ආදර සිතුවිලි සන්නිවේදනය කිරිල්ල තවත් ලේසි වුණා. මුලට ම ආවේ අර ගඩොලක් තරම් සයිස් මොබයිල් ෆෝන්. ඒවා ගොඩක් වෙලාවට පාවිච්චි කළේ අපේ බිස්නස් කරන මහත්තුරුයි, දේශපාලනඥයෝයි. අපේ කෙල්ලන්ගේ කොල්ලන්ගේ අතට හරි යන ෆීචර් ෆෝන් ආවේ ඊට අවුරුදු කීපයකට පස්සේ. ඉස්සර ආසාවකට රීලෝඩ් එකක් දාගන්න තැනක් නෑ. ෆෝන් කාඩ් විතරයි තිබුණේ. ඒකත් 400 කාඩ් එක. කෝල් එකක් ඒ දවස්වල හෙන ගණන්. විනාඩියට සල්ලි කැපෙන්නේ. අනික ඉන්කමින් අවුට්ගොයින් දෙකට ම සල්ලි කැපෙන නිසා සුමානයක් යන්නේ නෑ ඔය රුපියල් 400 ඉවර වෙන්න. සිග්නලුත් හොර නිසා ගේ වටේ, වත්ත පුරා ඇවිදින්න වෙනවා පණිවිඩයක් දීගන්නත්. කොහොමින් කොහොමහරි කොට්ටේ යට ඔබාගෙන SMS එකෙන් පටන්ගත්ත මල් කැඩිල්ල, අද වෙද්දී ස්මාට් ෆෝන් එකෙන් යවන WhatsApp, Viber, IMO, ෆේස්බුක් මැසේජ් එක දක්වා දියුණු වෙලා. ඒ විතරක්යැ, ලෝකේ කොහේ හිටියත් ළඟ හිටියා වගේ කතා කරන්න පුළුවන් විදියේ වීඩියෝ කෝල් එහෙමත් තියෙනවනේ.

මේ විස්තර සේරම ලියාගෙන යද්දී මට හිතුණේ මෙන්න මෙහෙම දෙයක්. දැන් මේ තියෙන තාක්ෂණය මීට අවුරුදු දහපහළොවකට උඩදී අපට ලැබුණා නම් කියලා. පොඩ්ඩක් කල්පනා කරලා බලන්න, අපේ ජීවිතේ එහෙනම් කොච්චර වෙනස් වෙන්න තිබුණද?

කවරයේ පින්තූරය (දකුණු පස) : Studio Seyana
Share on facebook
Share on twitter
Share on whatsapp

Highlights.

Latest.

KAMU.

Welcoming the Year of the Horse at Yue Chuan, The Kingsbury

Yue Chuan, the award-winning Chinese restaurant at The Kingsbury, Colombo, invites guests to usher in the

Highlights Kamu

Soho Hospitality Charts First Expansion into South Asia with Charcoal’s Colombo Debut

Bangkok-based international hospitality group selects Sri Lanka for its game- changing dining brand Charcoal Tandoor

Highlights Kamu

Brunch at ITC Ratnadipa – Review

By Ranugi Thihansa If you’re looking for a Sunday brunch that brings together incredible food,

Highlights Kamu Yamu Guide

Harpo’s Pizza and Pasta: Review

We dropped by Harpo’s Pizza and Pasta the other day, and it turns out it’s

Highlights Kamu

The Fort Café by Tasty Caterers – Review

By Linara Wimalaweera The Fort Café by Tasty Caterers offers a refreshing escape from the

Highlights Kamu Yamu Guide

Nihonbashi by Dharshan – Review

Written by Linara Wimalaweera When it comes to Japanese fine dining in Colombo, few names

Highlights Kamu

Trending.

Waves of Change: Hospitality Partners Unite for a Cleaner Colombo Coastline

In celebration of World Environment Day and World Oceans Day, Amari Colombo and Granbell Hotel

Highlights Trending

Radisson Hotel Kandy Brings Exclusive Wedding Experiences to Wedding Show 2026 at Kandy City Centre

Radisson Hotel Kandy is set to showcase its signature wedding offerings at the upcoming Wedding

Highlights Trending

The Mystique Nuwara Eliya – Timeless Luxury in the Hills.

Nestled in the heart of Sri Lanka’s picturesque hill country, The Mystique Nuwara Eliya offers

Highlights Trending

ONYX Hospitality Group Celebrates 60th Anniversary, Sets THB 10.33 Billion Revenue Target with THB 5.5 Billion Expansion Plan

ONYX Hospitality Group, a leading hospitality management company in Asia-Pacific, has unveiled its growth strategy

Highlights Trending

Is Your Diamond Actually Real? Why Savvy Sri Lankans are Choosing DINIDU for Non-Negotiable Authenticity

In the fabulous world of heirloom jewellery, the glamour of gemstones can often hide the

Highlights Trending

NH Collection Colombo strengthens leadership with Kedar Dighe as General Manager

Colombo, Sri Lanka – NH Collection Colombo welcomes Mr. Kedar Dighe as General Manager, bringing

Highlights Trending

Yamu Guide.

Shangri-La Colombo Unveils a New Chapter at Tiki Bar

As the sun dips into the Indian Ocean and the city begins to exhale, Tiki

Trending Yamu Guide

DINIDU: Colombo’s Premier Destination for Wedding Anniversary Gifts

Every wedding anniversary is a chapter of a love story that continues to evolve. These

Highlights Yamu Guide

Yazu Set to Make Sri Lankan Debut at Radisson Blu Resort Galle in 2026

Radisson Blu Resort Galle is set to unveil its newest culinary venture in March 2026 with the opening of Yazu by

Highlights Trending Yamu Guide

A Ramadan Feast Awaits at ITC Ratnadipa – Available Till March 19

This Ramadan, ITC Ratnadipa invites guests to celebrate the holy month with ‘A Feast for

Highlights Yamu Guide

Here are the must visit Iftar spots for 2026

Ramadan 2026 brings with it a beautiful season of reflection, gratitude, and shared meals. Across

Highlights Trending Yamu Guide