මුද්දරවලින් ලංකාවේ ඉතිහාසය කියවමු?.

පොඩි කාලෙදී අපට තිබුණු විනෝදාංශ අතරින් වැඩියෙන් ම ජනප්‍රිය වුණේ “මුද්දර එකතු කිරීම” කියලා කිව්වොත්, මං හිතන්නේ ඒක වඩාත් නිවැරදියි. පිළිවෙළට පොතක මුද්දර ටික අලවලා, එහෙමත් නැත්තන් ඇල්බම් එකක දාගෙන ගිහින් තමන්ගේ ළඟ ඇති නැති මුද්දර හොයලා, යාළුවොත් එක්ක මාරු කරගත්ත හැටි, අදටත් අපේ මතකයේ තියෙනවා.

ලංකාවේ පළමුවෙනි මුද්දරේට මේ අවුරුද්දට හරියට ම අවුරුදු 160ක් පිරෙනවා. එදා ඉඳන් අද වෙනකම් බිහිවුණු මුද්දර සලකලා බැලුවා ම හොඳින් ම පැහැදිලි වෙන කාරණාවක් තමයි ඒවායේ තියෙන කාලීන බව. හැම මුද්දරේකට ම පසුබිම් වෙලා තියෙන්නේ ඒ ඒ කාලයේ වුණු දේවල්. ඉතින් මේ මුද්දරවලින් ලංකාවේ ඉතිහාසය පොඩ්ඩක් කියවලා බලන්න අද අපි හිතුවා.

මුද්දරේ ඉතිහාසය

Image Source : wikipedia.org

ලෝකේ මුල් ම මුද්දරය නිකුත් වුණේ 1840 අවුරුද්දේ. ඒ එංගලන්තෙදී. ඒ වෙද්දී ඉඳපු බ්‍රිතාන්‍ය මහ රැජින, එහෙමත් නැත්තන් වික්ටෝරියා රැජිනගේ මුහුණ දක්වලා තිබුණු මේ මුද්දරය හැඳින්වුණේ “පෙනී බ්ලැක්" නමින්. පෙනී එකක මිලකට අලෙවි වුණත්, අද වෙද්දී මේකේ වටිනාකම බ්‍රිතාන්‍ය පවුම් 50000ත් ඉක්මනවනවා.

ලංකාවේ මුද්දර ඉතිහාසය ගැන කතා කළොත්, පැහැදිලිව ම යුග දෙකක් දැකගන්න පුළුවන්. ඒ නිදහසට පෙර, සහ නිදහසට පසු වශයෙන්. නිදහසට පෙර බිහිවුණු මුද්දර ටික ආයෙත් කොටස් කීපයකට බෙදෙනවා. ඒ මෙන්න මේ විදියට.

1. වික්ටෝරියා රැජිනගේ රජ සමයේ නිකුත් වුණු මුද්දර

Image Source : wikipedia.org

මේ කතා කරන්නේ 1857 – 1900 කාල වකවානුව ගැන. ලංකාවේ පළමුවෙනි මුද්දරේ බිහිවෙන්නේ 1857දී. ඒක විකිණුනේ පැන්ස 6කට. වික්ටෝරියා රැජිනගේ බලය පැවතුණු කාලයේදී හැදුණු මුද්දරයක් නිසා ම, මේකෙත් තිබුණේ ඇයගේ මුහුණේ පින්තූරයක්. මේ වෙද්දී මේකේ වටිනාකම සැලකෙන්නේ බ්‍රිතාන්‍ය පවුම් 7500ක් විතර වෙනවා.

Image Source : wikipedia.org

1872න් පස්සේ මුද්දරවලට වටිනාකම දුන්නේ පැන්ස, සිලිංවලින් විතරක් නෙවෙයි. රුපියල්, ශතවලින් මිල පෙන්වපු මුද්දරත් බිහිවෙන්න පටන්ගත්තා. මේ විදියට නිර්මාණය වුණු පළමුවෙනි මුද්දර පෙළ විකිණුනේ ශත 2, 4, 16, 24, 32, 36, 48, 64 වගේ ගණන්වලට. අලුත් මුද්දර මුද්‍රණය කරනවා වෙනුවට, පාවිච්චි කරපු මුද්දර ම ආයෙත් භාවිතා කිරීමකුත් මේ කාල සීමාවේ සිද්ධවුණා. එහෙම වුණේ මුද්දරවලට තිබුණු ඉල්ලුම වැඩිවීමයි. නැවත පාවිච්චියට ගත්ත මුද්දර, ඒවයේ මුල් මිලෙන් අඩකට අලෙවි වුණා. කොහොම වුණත්, මේ හැම මුද්දරේ ම තිබුණේ වික්ටෝරියා රැජිනගේ උඩුකය රුවයි (පින්තූරයේ දක්වලා තියෙන මේ මුද්දරය හැඳින්වෙන්නේ “ඩල් රෝස්” නමිනුයි).

2. හත්වෙනි එඩ්වඩ් රජ සමයේ නිකුත් වුණු මුද්දර

Image Source : colnect.com

වික්ටෝරියා රැජිනගෙන් පස්සේ එංගලන්තේ ඔටුන්න ලැබුණේ හත්වෙනි එඩ්වඩ් රජතුමාටයි. 1903න් ඇරඹුණු ඔහුගේ රාජ්‍ය කාලය 1910 වෙනතුරු පැවතුණා. මේ කාලයේ ලංකාවේ නිකුත් වෙච්ච හැම මුද්දරේක ම තිබුණේ ඔහුගේ මුහුණේ පින්තූරයකුයි. මුද්දර 36ක් මේ විදියට නිර්මාණය වුණා.

3. පස්වන ජෝජ් රජ සමයේ නිකුත්වුණු මුද්දර

1910දී බ්‍රිතාන්‍ය ඔටුන්නේ හිමිකාරයා ආයෙත් මාරු වුණා. මේ සැරේ ඒක ලැබුණේ පස්වෙනි ජෝජ් රජතුමාට. ජෝජ් රාජ්‍ය සමයේ මුල් කාලයේ බිහිවුණු හැම මුද්දරයේ ම වගේ තිබුණේ ඒ රජතුමාගේ උඩුකය පින්තූරයයි. ඒත් කාලය ගත වෙද්දී, මෙච්චර කාලයක් පැවතගෙන ආව මුද්දරවල විලාසිතාවේ පැහැදිලි වෙනසක් දැකගන්න ලැබුණා.

රජතුමාගේ උඩුකය රුවෙන්  හැදුණු මුද්දර වෙනුවට, ලංකාවේ කර්මාන්තයක්, ඓතිහාසික වටිනාකමක් ඇති තැනක පින්තූරයක් ඇති මුද්දර මුද්‍රණය වුණා. කිරි කපන කාන්තාවකගේ රූපයත්, දළදා මාළිගාවේ රූපයත් ඇති මේ මුද්දර දෙක ඒකට හොඳ ම නිදසුනක්. හැබැයි බ්‍රිතාන්‍ය රජතුමාගේ රූපය සම්පූර්ණයෙන් ම මේවයින් අයින් වුණේ නැහැ. මේවයේ පැත්තකින් ජෝජ් රජතුමාගේ රූපය ඇති විදියෙන් ඒ බව තහවුරු වෙනවා.

ජෝජ් රජතුමා ඔටුන්න දරපු 1910 – 1935 කාලය ඇතුළේ ලංකාවේ වැදගත් ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණ හතරක් සිද්ධවුණා. ඒ මැකලම් (1910), පළමුවෙනි මැනිං (1920), දෙවැනි මැනිං (1924), සහ ඩොනමෝර් (1931). ලංකාවේ පුද්ගලයන්වත් පාලනයට පත්වුණු මේ ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණ, ඒ කාලේ මුද්‍රණය වුණු මුද්දරවල පෙනුම වෙනස් වෙන්න හේතු වෙන්න ඇති.

ජෝජ් රජතුමාගේ අවුරුදු 25ක රාජ්‍ය කාලය සැමරීම දීලා තිබුණේ 1935 මැයි 6 වෙනිදටයි. මෙන්න මේ වෙනුවෙන් ලංකාවෙත් සිහිවටන මුද්දර පෙළක් නිකුත් වුණා. ශත 6, 09, 20, හා 50 මිල ගණන්වලට අලෙවි වුණු මේ මුද්දර සැලකෙන්නේ ලංකාවේ මුල් ම සිහිවටන මුද්දර පෙළ විදියටයි.

4. හයවෙනි ජෝජ් රජ සමයේ නිකුත් වුණු මුද්දර

1935දී බ්‍රිතාන්‍ය රජකම හයවෙනි ජෝජ් රජතුමාට හිමිවුණා. පස්වෙනි ජෝජ් රජතුමාගේ අන්තිම කාලෙදී හැදුණු මුද්දරවල පෙනුම, මේ කාලෙදී නිකුත් වෙච්ච මුද්දරවලත් දැකගන්න පුළුවන්. ලංකාවේ දර්ශන, කර්මාන්ත මේවයිනුත් නිරූපණය වුණා. හයවෙනි ජෝජ් රජගේ උඩුකය රුවත් මේවයේ පැත්තකින් තිබුණා.

1937 අවුරුද්දේදී, ජෝජ් රජතුමා ධූරයේ වැඩ භාරගැනීම නිමිත්තෙන් සමරු මුද්දරයක් බ්‍රිතාන්‍ය යටත් විජිතවල නිර්මාණය වුණා. ලංකාවත් මේ වැඩේට දායක වුණේ ශත 6, 9 සහ 20 වටිනාකමෙන් යුතු මුද්දර පෙළක් නිකුත් කරලයි.

නිදහසෙන් පස්සේ බිහිවුණු මුද්දර

ලංකාවට නිදහස ලැබුණේ 1948දීනේ. මේ නිසා ම තවදුරටත් බ්‍රිතාන්‍ය රාජ්‍ය නායකයන්ගේ පින්තූර ලංකාවේ මුද්දරවල අඩංගු වුණේ නැහැ. අපට නිදහස ලැබුණු පෙබරවාරි හතරවෙනිදා සනිටුහන් කරන්නත් ශත හතරක මුද්දරයක් නිකුත් කෙරුණා.

නිදහස් ලංකාවේ මුල් කාලේ මුද්දර ගොඩක් ඒවායේ පෙන්වලා තිබුණේ ලංකාවේ ස්වභාව සෞන්දර්යයයි. ලංකාවේ ඉන්න සත්තුන්ගේ, කුරුල්ලන්ගේ පින්තූර, ජාතික වනෝද්‍යාන නිරූපණය කරන පින්තූර මේ මුද්දරවල දැකගන්න ලැබුණා. ඒ වගේ ම නිදහස් සටනට දායක වෙච්ච පුද්ගලයන්ගේ මුද්දරත් මේ අතරේ තිබුණා. ඩී. එස්. සේනානායක මහත්මයාගේ, ටිබෙට් ජාතික එස්. මහින්ද හාමුදුරුවන්ගේ, කැප්පෙටිපොල මහ දිසාවේගේ රුව ඇති මුද්දර ඒ අතරින් විශේෂයි.

සමරු මුද්දරවලට වැඩි අවධානයක් ලැබුණේ පනහ දශකයේ අන්තිම කාලේ ඉඳලයි. අන්තර්ජාතික සන්නිවේදන සංගමයේ ශත සංවස්තරය නිමිති කරගෙන (1865) වගේ ම, ජාත්‍යන්තර ළමා වර්ෂය සැමරීම සනිටුහන් කරන්න (1979) බිහිවුණු මුද්දරය මේකට දක්වන්න පුළුවන් උදාහරණ අතරින් කීපයක්.

අපේ කලාව, සංස්කෘතිය ගැන දැක්වෙන මුද්දර නිකුත් කරන්න පටන් ගැනුණේ හැටේ දශකයේ ආරම්භයත් එක්කමයි. සීගිරි බිතු සිතුවම්, මහනුවර යුගයේ චිත්‍ර, මුරගල් රූප ඇති මුද්දර මේ කාලෙදී නිකුත් වුණා.

ඒ ඒ කාලවල ඉඳපු රාජ්‍ය නායක නායිකාවන්ගේ රුව පෙන්නුම් කරන මුද්දරත් මේ කාලේ තිබුණා. එස්. ඩබ්ලිව්. ආර්. ඩී බණ්ඩාරනායක මහත්මයාගේ රූපය, සිරිමාවෝ බණ්ඩාරනායක මහත්මියගේ රූපය මුද්දරවලට එකතුවුණේ ඔය විදියට.

කලාකරුවන්ගේ, ග්‍රන්ථ රචකයන්ගේ පින්තූර දක්වපු මුද්දර වැඩියෙන් ම ජනප්‍රිය වුණේ 1971න් පස්සෙයි. ලංකාවේ උත්සව අළලා හදපු මුද්දර වගේ ම, ඓතිහාසික වටිනාකමක් ස්ථාන ගැන තියෙන මුද්දරත් අපට ඊටපස්සේ දශකවලදී දැකගන්න ලැබුණා. ශ්‍රී මහා බෝධිය, මැදිරිගිරියේ නටඹුන්, මිහින්තලය, ඉසුරුමුණි පෙම් යුවළ වගේ තැන්වල ඒ කාලේ රූප මුද්දරවල පේන්න තිබුණේ ඒ නිසයි. ඒ විතරක් නෙවෙයි, ලංකාවට ආවේණික මාළුන්ගේ පින්තූරත් මේ මුද්දරවල අඩංගු වුණා. බුලත් හපයා ඉන්න මුද්දරය මේ අතරින් විශේෂයි.

සමහර අන්තර්ජාතික සම්බන්ධතා සැමරීම නිරූපණය කරන්නත් මුද්දර නිකුත් වුණා.  1981 බ්‍රිතාන්‍ය රැජිනගේ චාරිකාව වෙනුවෙන් නිකුත් කළ මුද්දර 2001 ඇමරිකා ශ්‍රී ලංකා මිත්‍රත්වය වෙනුවෙන් නිකුත් කළ මුද්දරය සාක්‌ සමුළුව වෙනුවෙන් නිකුත් කළ මුද්දර, පොදුරාජ්‍ය මණ්‌ඩලීය සමුළුවෙන් නිකුත් කළ මුද්දර මේකට නිදසුන් විදියට දෙන්න පුළුවන්. රටරටවල් එක්ක, ලංකාව දක්වන සබඳතා පෙන්වන්න මේ මුද්දර සමත් වෙනවා.

මුද්දරවලින් පෙන්නපු ලංකාවේ හරස්කඩ

සමස්තයක් විදියට අරගෙන බැලුවොත්, මේ මුද්දරවලින් පිළිඹිබු වෙන වැදගත් කාරණාවක් තියෙනවා. ඒ තමයි ලංකාවේ කලාව, ආගම, සංස්කෘතිය, ඉතිහාසය, දේශපාලනික පසුබිම, අන්තර්ජාතික සම්බන්ධතා, ස්වභාව සෞන්දර්යය වගේ කාරණාවල හරස්කඩක් ජාත්‍යන්තර තලයට පවා ගෙනිහින් පෙන්වන්න මේ පුංචි මුද්දරවලට හැකියාව ලැබුණු බව. මුද්දර එකතු කරන ඕනේ ම කෙනෙක්ට, ලංකාව ගැන දළ අවබෝධයක් ලබාගන්න මේවා ගොඩක් වැදගත් වෙනවා. ඒ විතරක් නෙවෙයි, මේ වගේ පැරණි මුද්දරවලට ලොකු ආර්ථික වටිනාකමක් ඇති බවත් මේ වෙලාවේදී මතක් කරන්න ම ඕනේ.

***මුද්දරවල පින්තූර ලබාදීම සම්බන්ධයෙන් රවීන් එරන්දට අපේ විශේෂ ස්තූතිය හිමිවෙනවා.

Share on facebook
Share on twitter
Share on whatsapp

Highlights.

Latest.

KAMU.

Welcoming the Year of the Horse at Yue Chuan, The Kingsbury

Yue Chuan, the award-winning Chinese restaurant at The Kingsbury, Colombo, invites guests to usher in the

Highlights Kamu

Soho Hospitality Charts First Expansion into South Asia with Charcoal’s Colombo Debut

Bangkok-based international hospitality group selects Sri Lanka for its game- changing dining brand Charcoal Tandoor

Highlights Kamu

Brunch at ITC Ratnadipa – Review

By Ranugi Thihansa If you’re looking for a Sunday brunch that brings together incredible food,

Highlights Kamu Yamu Guide

Harpo’s Pizza and Pasta: Review

We dropped by Harpo’s Pizza and Pasta the other day, and it turns out it’s

Highlights Kamu

The Fort Café by Tasty Caterers – Review

By Linara Wimalaweera The Fort Café by Tasty Caterers offers a refreshing escape from the

Highlights Kamu Yamu Guide

Nihonbashi by Dharshan – Review

Written by Linara Wimalaweera When it comes to Japanese fine dining in Colombo, few names

Highlights Kamu

Trending.

Yazu Set to Make Sri Lankan Debut at Radisson Blu Resort Galle in 2026

Radisson Blu Resort Galle is set to unveil its newest culinary venture in March 2026 with the opening of Yazu by

Highlights Trending Yamu Guide

Indiya Enters a New Chapter

Colombo, Sri Lanka – [9th March 2025] — Indiya, the signature Indian restaurant at Cinnamon

Highlights Trending

Here are the must visit Iftar spots for 2026

Ramadan 2026 brings with it a beautiful season of reflection, gratitude, and shared meals. Across

Highlights Trending Yamu Guide

Valentine’s Celebrations Unfolded at NH Collection Colombo

Valentine’s celebrations at NH Collection Colombo concluded on a high note, with guests enjoying an

Highlights Trending

Newburgh Ella: Where Sri Lanka’s Tea Heritage Rises Above the Clouds

A Tea Factory Reimagined High above the emerald hills of Ella, where mist drifts lazily

Highlights Trending

ITC Ratnadipa Presents ‘An Italian Affair’ in Partnership with the Italian Embassy, Sri Lanka

ITC Ratnadipa, Colombo in collaboration with the Embassy of Italy in Sri Lanka will host

Trending

Yamu Guide.

DINIDU: Colombo’s Premier Destination for Wedding Anniversary Gifts

Every wedding anniversary is a chapter of a love story that continues to evolve. These

Highlights Yamu Guide

Yazu Set to Make Sri Lankan Debut at Radisson Blu Resort Galle in 2026

Radisson Blu Resort Galle is set to unveil its newest culinary venture in March 2026 with the opening of Yazu by

Highlights Trending Yamu Guide

A Ramadan Feast Awaits at ITC Ratnadipa – Available Till March 19

This Ramadan, ITC Ratnadipa invites guests to celebrate the holy month with ‘A Feast for

Highlights Yamu Guide

Here are the must visit Iftar spots for 2026

Ramadan 2026 brings with it a beautiful season of reflection, gratitude, and shared meals. Across

Highlights Trending Yamu Guide

IFTAR BUFFET LIST – 2026

With Ramadan 2026 now underway, families and friends are gathering in prayer, reflection, and devotion

Highlights Yamu Guide

Break Fast by the Lake: A Meaningful Ramadan at Cinnamon Lakeside Colombo

Colombo, Sri Lanka, 23rd February 2026 - This Ramadan, Cinnamon Lakeside Colombo invites guests to embrace the spirit

Highlights Yamu Guide