ආයෙත් ලොක්ඩවුන් එකක් එයි ද? එහෙම වුණොත් කරන්න ඕන මොනවද?.

පහු වුණ මාර්තු මාසේ කොරෝනා නිසා ලංකාව ලොක්ඩවුන් කළාට පස්සෙ නැවත සාමාන්‍ය තත්ත්වයට පත් වෙන්න මාස හතරක් පහක් විතර ගියා. ඒත් මේ සාමාන්‍ය තත්ත්වය කියන්නෙ කලින් තිබුණු තත්ත්වය නෙමෙයි කියල අපි හැමෝම දන්නවා. ඒත් කල් ගත වෙද්දි රෝගීන් වාර්තා වීම අඩු වීමත් එක්ක අපි හිතුවේ අවදානම ටික ටික පහ වෙලා කියලා. ඒත් අවාසනාවකට දැන් ලංකාව කොරෝනා දෙවෙනි රැල්ලට ගහගෙන යන්න පටන් අරං. නැවතත් ලොක්ඩවුන් එකක් අත ළඟ වගේ දැනෙනවා.

දෙවෙනි රැල්ල ගැන මුලින් ම වාර්තා වුණේ මිනුවන්ගොඩ, දිවුලපිටිය පැත්තෙන් වුණත් දැන් දැන් ලංකාව හැම තැනින් ම රෝගීන් එක්කෙනා දෙන්නා හමු වෙනවා. ඒ විදිහට පහු වුණ පැය 30 ඇතුළත හමු වුණ රෝගීන් සංඛ්‍යාව විතරක් 200කට අධිකයි.

නැවතත් රට ලොක්ඩවුන් කරයි ද? එහෙම වුණොත් අපි කරන්න ඕන මොනවද? මේ තත්ත්වය යටතේ අපි හැමෝගෙම හිතේ තියෙන්නේ මේ ප්‍රශ්නේ. 

කලබල වෙන්න එපා

මුලින් ම නවත්තගන්න ඕන දේ තමයි කලබල වෙන එක. ඔබ කළ යුතු එක ම දේ නිල සෞඛ්‍ය අංශවලින් ලබා දෙන ආරක්ෂක උපදෙස් අකුරට ම පිළිපැදීම විතරයි. COVID-19 රෝගය සහ ඒ සඳහා අනුගමනය කළ යුතු නිසි සෞඛ්‍ය පියවර ගැන නිවැරදි, නිල තොරතුරු සපයන මූලාශ්‍ර විතරක් ඇසුරු කරන්න. ඉන්ටනෙට් එකේ හම්බෙන හැම දේ ම විශ්වාස කරන්න හෝ ෂෙයාර් කරන්න යන්න එපා. ඔබේ කලබලය නිසා වැරදි තොරතුරු පැතිරෙන්න සහ ඉන් නැති ප්‍රශ්න ඇති වෙන්න ඉඩ තියන බව මතක තියාගන්න.

අනික් දේ තමයි කලින් සැරේ නම් ලොක්ඩවුන් එකක් කියන්නෙ මොන වගේ අත්දැකීමක් ද කියලා අපිට අවබෝධයක් තිබුණෙ නෑ. ඒත් දැන් අපි දන්නවා කරන්න ඕන මොනවද, නොකරන්න ඕන මොනවද කියලා. කලින් සැරේ වගේ කෑම හදන්න, පැළ හිටවන්න, පොත් කියවන්න, ෆිල්ම් බලන්න, පවුලේ අය එක්ක කාලය ගෙවන්න, විවේක ගන්න මේකත් අවස්ථාවක් කරගමු. එහෙම ධනාත්මකව, ඉවසීමෙන් හිටියොත්, දුෂ්කර කාලය ගෙවිල යනකන් කලබල නොවී අපේ මානසික සෞඛ්‍යය හොඳින් පවත්වාගන්න අපිට පුළුවන්. මොකද ලොක්ඩවුන් එකක් එනව නම් එන්නේ අපේ ම ආරක්ෂාවටයි.

අපහාස නවත්තන්න

කොරෝනා වෛරසය ආසාදනය වුණු අයව විහිළුවට හෝ අපහාසයට ලක් කරන්න එපා! ඒ අය දැනුවත්ව රෝගය බෝ කරගත්තාවත්, කැමැත්තෙන් ඊට ගොදුරු වුණාවත් නෙමෙයි. ඒ නිසා ඔවුන්ව අපරාධකාරයන් විදිහට හඟවන දේවල් සමාජ මාධ්‍යවල පළ කිරීමෙන් වළකින්න. හෙට ඒ තත්ත්වයට පත් වෙන්නෙ අපි හෝ අපේ ළඟ ම කෙනෙක් වෙන්න පුළුවන්. රෝගීන්ට සහ වින්දිතයන්ට අපහාස කරනවා කියන්නෙ සමාජය බොහොම පහත් තැනකට ඇද වැටිලා කියන එක.

පැනික් බයිං

රටේ ම තියන සුපර්මාකට්වලට ගිහින් පොර කාලා එතන තියන රාක්ක ටික ඔක්කොම හූරගෙන එන්න එපා. බඩු හිඟයක් එනව කියල කටකතා පැතිරුණ පලියට සුපර්මාර්කට් හිස් කරන්න කලින්, තමන්ට අත්‍යවශ්‍ය මොනවද, අත්‍යවශ්‍ය නැත්තෙ මොනවද කියල විනාඩියක් නැවතිලා හිතන්න.

ඒ වගේ ම බඩුවක් ගන්න කලින් නිෂ්පාදිත දිනය, බර, මිල, කල් ඉකුත් වන දිනය, නිෂ්පාදකයාගේ තොරතුරු හා එහි අඩංගු ද්‍රව්‍ය පිළිබඳ විස්තර අදාළ ලේබලයේ සටහන්ව තියනවද කියල සැලකිලිමත් වෙන්න ඕනේ. ඉතින් දඩිබිඩියේ බඩු ගන්න කලින් අවම වශයෙන් කල් ඉකුත් වන දිනයවත් චෙක් කරන්න. ඔබ කලබලේට පිස්සුවෙන් අරං ගොඩ ගහ ගන්නෙ තව මිනිස්සු ගොඩකට පරිභෝජනය කරන්න තියන බඩුමුට්ටු බව, ඉවක් බවක් නැතුව බඩු ගන්න කලින් මතක තියාගන්න.

රෝගය ආසාදනය වෙලා ද?

ඔබට හෝ ඔබ දන්නා කෙනෙකුට රෝගය ආසාදනය වෙලා බවට සැකයක් තියනවා නම් හැංගෙන්න හෝ තොරතුරු වසන් කරන්න එපා. එහෙම කිරීමෙන් ඔබ මුළු රට ම අවදානමේ හෙළනවා. මුලින් ම රෝගියා අනෙක් අයගෙන් වෙන් කරන්න. ඔහු පාවිච්චි කළ දේවල් අතපත ගෑමෙන් වළකින්න. උණ, වියළි කැස්ස, සෙම්ප්‍රතිශ්‍යාව, උගුරේ අපහසුතා, වෙහෙස බව වැනි රෝග ලක්ෂණ තියනවද කියලා හඳුනගන්න. 1990 අංකයෙන් සුවසැරිය ගිලන් රථ සේවයට කතා කරල දැනුම් දෙන්න. ඔවුන් රෝගියාව රෝහල්ගත කරයි.

ඔබේ නිවසට අහළ පහළ තියන නිවසක ඉන්න අයෙකුට රෝගය ආසාදනය වෙලා කියලා ඔබට සැකයක් තියනවා නම්, කලබල වෙලා ඒ ගෙදරට දුවන්න එපා. ඒ වගේ ම ඔවුන් එක්ක රණ්ඩුවට යන්නත් එපා. ඔබට පුළුවන් ඔබේ ප්‍රදේශයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරියා, කලාප වසංගත රෝග විශේෂඥයෙකු හෝ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයෙකු (පීඑච්අයි) අමතලා මේ ගැන දැනුම් දෙන්න. නැත්නම් 117 සහ 1999 – කොරෝනා ආශ්‍රිත ගැටලු සඳහා ම වෙන් කළ රජයේ දුරකතන අංකවලට අමතන්න.

රැකියා ප්‍රශ්න

කලින් වතාවෙත් ලොක්ඩවුන් කාලේ පාඩු ලැබුව ආයතන සහ සමාගම් තමන්ගේ සේවකයන් සේවයෙන් ඉවත් කරන්න කටයුතු කළා. දෙවැනි වතාවටත් ලොක්ඩවුන් එකක් ආවොත් තත්ත්වය තවත් භයානකයි. විශේෂයෙන් පෞද්ගලික අංශයේ හැමෝගෙම රැකියා තියෙන්නේ අවදානමක. මේ නිසා රැකියාව සම්බන්ධයෙන් එන ඕනෑ ම තත්ත්වයකට මූණ දෙන්න දැන් ඉඳල ම හිත ශක්තිමත් කරගන්න. ඔබේ ක්ෂේත්‍රයේ ප්‍රවීණයන්, හිත මිතුරන් එක්ක මේ ගැන කතා කරලා අලුත් අවස්ථා හොයාගන්න ඔබට පුළුවන්. හදිසියේ හරි රැකියාව අහිමි වුණොත් ගත යුතු ඊළඟ පියවර ගැන කල් තියා සැලසුම් කරන්න මේ කාලේ යොදාගන්න.

Share on facebook
Share on twitter
Share on whatsapp

Highlights.

Latest.

KAMU.

Brunch at ITC Ratnadipa – Review

By Ranugi Thihansa If you’re looking for a Sunday brunch that brings together incredible food,

Highlights Kamu Yamu Guide

Harpo’s Pizza and Pasta: Review

We dropped by Harpo’s Pizza and Pasta the other day, and it turns out it’s

Highlights Kamu

The Fort Café by Tasty Caterers – Review

By Linara Wimalaweera The Fort Café by Tasty Caterers offers a refreshing escape from the

Highlights Kamu Yamu Guide

Nihonbashi by Dharshan – Review

Written by Linara Wimalaweera When it comes to Japanese fine dining in Colombo, few names

Highlights Kamu

Yoroko at Cinnamon Life: An Unforgettable Sky-High Japanese Experience

Our visit to Yoroko was one for the books — and your bucket list. It’s

Highlights Kamu

The Chinwag- Review

By Sharon Nonis Chinwag has always been a crowd favorite, and now with their new

Highlights Kamu

Trending.

ITC Ratnadipa Presents ‘An Italian Affair’ in Partnership with the Italian Embassy, Sri Lanka

ITC Ratnadipa, Colombo in collaboration with the Embassy of Italy in Sri Lanka will host

Trending

Browns Hotels & Resorts Unwraps the Festive Season with Joyful Cake Mixing Celebrations

Browns Hotels & Resorts officially unwrapped the festive story for 2025 with grand cake mixing

Trending

The Best Cities for Food in the World — Readers’ Choice Awards 2025

By Fathima Rukaiya, As travel and dining experiences evolve, food-savvy travelers are looking beyond just

Trending Yamu Guide

ITC Ratnadipa Celebrates the Spirit of the Season with its 2nd Annual Cake Mixing Ceremony

ITC Ratnadipa, the jewel in Colombo’s skyline, heralded the start of the festive season with

Trending

The Kingsbury, Colombo, Crowned Sri Lanka’s Leading Hotel 2025 at World Travel Awards

The Kingsbury, Colombo, is honoured to have been awarded Sri Lanka’s Leading Hotel 2025 at

Trending

8 Thai Restaurants to try in Sri Lanka

You can ask around – but it’s rare to find someone who doesn’t love Thai

Highlights Trending Yamu Guide

Yamu Guide.

Sip, Slurp and Savour : 9 Ramen Spots to try in Colombo

If you’re food curious and always looking for your next Instagram-worthy bite, this ramen route

Highlights Yamu Guide

Brunch at ITC Ratnadipa – Review

By Ranugi Thihansa If you’re looking for a Sunday brunch that brings together incredible food,

Highlights Kamu Yamu Guide

Top Affordable Countries in Asia : Budget Destinations 

Sitting at your office desk wishing you’d have a little getaway for yourself - but

Highlights Yamu Guide

Baked with Love – Meet 9 of Sri Lanka’s sweetest home bakers

There’s something undeniably magical about home-bakes that café and bakery chains just cannot get right.

Highlights Yamu Guide

The Best Cities for Food in the World — Readers’ Choice Awards 2025

By Fathima Rukaiya, As travel and dining experiences evolve, food-savvy travelers are looking beyond just

Trending Yamu Guide

The Fort Café by Tasty Caterers – Review

By Linara Wimalaweera The Fort Café by Tasty Caterers offers a refreshing escape from the

Highlights Kamu Yamu Guide