කොවිඩ් එන්නත විදින්න යනව නම් ලෑස්ති වෙන්න ඕන මෙහෙමයි!.

මේ වෙද්දි ලංකාවේ ගොඩක් තැන්වල කොවිඩ් – 19 එන්නත ලබා දෙන මධ්‍යස්ථාන පිහිටවලා තියනවා. සමහරු දැනටමත් එන්නත ලබාගෙන ඇති. තවත් සමහර උදවිය එන්නත ලබාගන්න බලාපොරොත්තුවෙන් ඇති. කොහොම වුණත් දැනට කොවිඩ් – 19  වසංගතය පාලනයට තියන එක ම උත්තරේ එන්නත්කරණය විතරයි. ඒ නිසා කවුරු කවුරුත් හැකි ඉක්මනින් එන්නත ලබාගත්තොත් මේ රෝගය පාලනය කරගන්න එක ඉක්මන් වේවි.

අපි මේ කියන්න යන්නෙ එන්නත ලබාගන්න බලාපොරොත්තුවෙන් ඉන්න අයට වැදගත් වෙන කරුණක් ගැන. ඔබ කොවිඩ් – 19 එන්නත විදින්න යනවා නම්, ලෑස්ති වෙන්න ඕන මෙන්න මෙහෙමයි.

දිග පෝලිමක ඉන්න ලෑස්ති වෙන්න

ඔබ දැනටමත් දන්න විදිහට එන්නතට තියන ඉල්ලුම අතිවිශාලයි. ඒත් ඒ තරමට සැපයුම කාර්යක්ෂම නෑ. ඒ නිසා ඔබේ වැක්සිනේෂන් සෙන්ටර් එකෙත් දිග ම දිග පෝලිමක් තියෙන්න පුළුවන්. ඒ නිසා පෝලිමේ ඉන්න ලෑස්ති වෙලා යන්න වෙනවා. වඩාත් ම කනගාටුදායක කාරණය තමයි කොච්චර දිග පෝලිමක හිටියත් සමහර විට අන්තිමේ එන්නත විදගන්නෙ නැතුව ගෙදර යන්නත් සිද්ධ වෙන්න පුළුවන්.

පෝලිම පනින්න එපා

කලින් ගිහින් පෝලිමට එකතු වෙලා ඉන්න අය ලවා ඔබට තැනක් වෙන් කරවගන්න එපා. පහු වෙලා ඇවිත් පෝලිම් පනින එක අපි නිතර අත්දකින නරක පුරුද්දක්. පැය ගණන් පෝලිමේ හිටගෙන හිටපු අයගෙ අවස්ථාව අහිමි කරලා පහු වෙලා ඇවිත් පෝලිමේ ඉස්සරහට එකතු වෙන එක ආචාරධර්ම විරෝධී බව කාටවත් තේරුම් ගන්න අමාරු නෑනේ. ඒ නිසා පෝලිමේ ඉස්සරහ අල්ලගන්න ඕන නම් පුළුවන් තරම් කලින් යන්න.

මීටරයක් දුරින් ඉන්න

වැක්සින් එක ගන්න කට්ටියගෙ කලබලේ කොච්චර ද කියනව නං, තාම අපි ඉන්නෙ වසංගතේ මධ්‍යයේ කියලත් කට්ටියට අමතකයි. කොයි තරම් සෙනඟ හිටියත් පෝලිමේ තෙරපෙන්න එපා. හැම වෙලේ ම තමන්ගෙ ඉදිරියේ සහ පසුපස ඉන්න අයගෙන් මීටරයක් දුරින් ඉන්න මතක තියාගන්න.

මාස්ක් / ෂීල්ඩ් පාවිච්චි කරන්න

මුව ආවරණ (ෆේස් මාස්ක් / ෆේස් ෂීල්ඩ්) පැලඳගෙන යන්න අමතක කරන්න එපා. මේ වෙද්දි වැඩි ආරක්ෂාව සඳහා මාස්ක් දෙකක් පලඳින්න කියල සෞඛ්‍ය අංශ නිර්දේශ කරලා තියනවා.

කුඩයක් ගෙනියන්න

මේ දවස්වල කාලගුණේ අවිනිශ්චිතයි නේ. හිටපු ගමන් තද පෑවිල්ල. හිටපු ගමන් මහ වැස්ස. ඔබ එන්නත විදින්න ගිහින් පෝලිමේ ඉන්නකොට තද අව්වට නිරාවරණය වීමෙන් හෝ වැස්සට තෙමීමෙන් වළකින්න, කෝකටත් කියල කුඩයක් අරගෙන යන්න.

වතුර බෝතලයක් / ස්නැක් එකක් ගෙනියන්න

ඔබ පෝලිමේ ඉද්දි තද අව්වෙ ඉන්න සිද්ධ වුණොත් දාඩිය දාල උගුර කට වේලෙන්න, කලන්තේ දාන්න ඉඩ තියනවා. ඒ නිසා වතුර බෝතලයක් ගෙන යෑම වැදගත්. පෝලිමේ හුඟක් වෙලා ඉන්න වුණොත් බඩගිනි වෙන්නත් පුළුවන්. ඉතින් පොඩි බිස්කට් පැකට් එකක්/ චිප්ස් ටිකක් වගේ ස්නැක් එකකුත් බෑග් එකේ දාගෙන ම යන්න.

බර බෑග් ගෙනියන්න එපා

උඩ කියපු දේවල් ඇරෙන්න වෙන මුකුත් ම ගෙනියන්න එපා. හුඟක් බර හෑන්ඩ්බෑග්, ලැප්ටොප් බෑග්, බැක්පැක් අරං යන්න එපා. හිතන්නකො පැය ගාණක් පෝලිමේ හිටගෙන ඉන්නවා මදිවට තව බෑග් එකකුත් උස්සගෙන ඉන්න වුණාම!

ජාතික හැඳුනුම්පත: අනිවාර්යයෙන්

ඔබේ අනන්‍යතාව සහ වයස තහවුරු කිරීම සඳහා එන්නත් මධ්‍යස්ථානයට ඔබේ ජාතික හැඳුනුම්පත ඉදිරිපත් කිරීම අනිවාර්යයි. ඒ නිසා අමතක නොකර ඒක අරගෙන යන්න.

පහසු ඇඳුමක් අඳින්න

අව්වෙ හිටගෙන ඉන්නකොට, ඇඳගෙන ඉන්නෙ ඇඟට අපහසු ඇඳුමක් නම් ඒක ඇඟට වගේ ම හිතටත් හිරිහැරයක්. ඔබට පුරුදු, සුවපහසු, සැහැල්ලු ඇඳුමක් ඇඳගෙන යන්න. තද පාටවල් ඇඳගෙන ගියොත් අව්රශ්මිය උරාගන්න නිසා දාඩිය දානවා වැඩියි. ඒ වගේ ම ඔබ ඇඳගෙන යන උඩුකය ඇඳුම, අතේ උඩු කොටස නිරාවරණය කරගන්න පුළුවන් විදිහේ එකක් ද කියලත් සැලකිලිමත් වෙන්න. ඇඟට හිර සාරි හැට්ට වගේ ඇඳුම් ඇඳගෙන ගියොත් එන්නත විදින්න අපහසු වෙලා ලොකු කරදරේකට මූණ පාන්න වෙයි.

පෑනක් ගෙනියන්න

එන්නත් මධ්‍යස්ථානයට ඇතුළු වුණාම ඔබේ තොරතුරු ඇතුළත් කරලා ෆෝම් එකක් පුරවන්න ඕනේ. එතන තියන හැමෝම අල්ලපු පෑන පාවිච්චි කරලා ෆෝම් එක පුරවන එක ටිකක් භයානක වැඩක්. එතන තියෙන්නෙ කොරෝනා ආසාදිතයෙක් අල්ලපු පෑනක් වෙන්නත් පුළුවන්. ඒ නිසා ගෙදරින් පෑනක් ගෙනියන්න. ඒ වගේ ම ෆෝම් එක පුරවල භාර දුන්නට පස්සෙ අත් දෙක සැනිටයිස් කරගන්නත් අමතක කරන්න එපා.

Share on facebook
Share on twitter
Share on whatsapp

Highlights.

Latest.

KAMU.

Brunch at ITC Ratnadipa – Review

By Ranugi Thihansa If you’re looking for a Sunday brunch that brings together incredible food,

Highlights Kamu Yamu Guide

Harpo’s Pizza and Pasta: Review

We dropped by Harpo’s Pizza and Pasta the other day, and it turns out it’s

Highlights Kamu

The Fort Café by Tasty Caterers – Review

By Linara Wimalaweera The Fort Café by Tasty Caterers offers a refreshing escape from the

Highlights Kamu Yamu Guide

Nihonbashi by Dharshan – Review

Written by Linara Wimalaweera When it comes to Japanese fine dining in Colombo, few names

Highlights Kamu

Yoroko at Cinnamon Life: An Unforgettable Sky-High Japanese Experience

Our visit to Yoroko was one for the books — and your bucket list. It’s

Highlights Kamu

The Chinwag- Review

By Sharon Nonis Chinwag has always been a crowd favorite, and now with their new

Highlights Kamu

Trending.

ITC Ratnadipa Presents ‘An Italian Affair’ in Partnership with the Italian Embassy, Sri Lanka

ITC Ratnadipa, Colombo in collaboration with the Embassy of Italy in Sri Lanka will host

Trending

Browns Hotels & Resorts Unwraps the Festive Season with Joyful Cake Mixing Celebrations

Browns Hotels & Resorts officially unwrapped the festive story for 2025 with grand cake mixing

Trending

The Best Cities for Food in the World — Readers’ Choice Awards 2025

By Fathima Rukaiya, As travel and dining experiences evolve, food-savvy travelers are looking beyond just

Trending Yamu Guide

ITC Ratnadipa Celebrates the Spirit of the Season with its 2nd Annual Cake Mixing Ceremony

ITC Ratnadipa, the jewel in Colombo’s skyline, heralded the start of the festive season with

Trending

The Kingsbury, Colombo, Crowned Sri Lanka’s Leading Hotel 2025 at World Travel Awards

The Kingsbury, Colombo, is honoured to have been awarded Sri Lanka’s Leading Hotel 2025 at

Trending

8 Thai Restaurants to try in Sri Lanka

You can ask around – but it’s rare to find someone who doesn’t love Thai

Highlights Trending Yamu Guide

Yamu Guide.

Sip, Slurp and Savour : 9 Ramen Spots to try in Colombo

If you’re food curious and always looking for your next Instagram-worthy bite, this ramen route

Highlights Yamu Guide

Brunch at ITC Ratnadipa – Review

By Ranugi Thihansa If you’re looking for a Sunday brunch that brings together incredible food,

Highlights Kamu Yamu Guide

Top Affordable Countries in Asia : Budget Destinations 

Sitting at your office desk wishing you’d have a little getaway for yourself - but

Highlights Yamu Guide

Baked with Love – Meet 9 of Sri Lanka’s sweetest home bakers

There’s something undeniably magical about home-bakes that café and bakery chains just cannot get right.

Highlights Yamu Guide

The Best Cities for Food in the World — Readers’ Choice Awards 2025

By Fathima Rukaiya, As travel and dining experiences evolve, food-savvy travelers are looking beyond just

Trending Yamu Guide

The Fort Café by Tasty Caterers – Review

By Linara Wimalaweera The Fort Café by Tasty Caterers offers a refreshing escape from the

Highlights Kamu Yamu Guide