මේව ගැන දන්නැත්නම් ඔයාටත් ළගදිම බබා හම්බවෙයි; සෙක්ස්වලට කලින් හිතන්න යමක්!.

ගැබ්ගැනීම කියන්නේ ගොඩක් කාන්තාවන් තමන්ගේ ජීවිත කාලේ මුහුණ දෙන අත්දැකීමක්නේ. වැඩිවිය පත්වෙච්ච ඕනේ ම කෙනෙක්ට (වෙන සෞඛ්‍ය ගැටලුවක් නැත්තන්) මේ හැකියාව තියෙනවා. හැබැයි සංස්කෘතික, සදාචාරාත්මක බැම්මෙන් වටවෙලා ඉන්න රටවල් ගැබ්ගැනීම වගේ ම නොගැනීම දකින්නෙත් වෙනස් ම විදියකට. විවාහ නොවී ගැබ්ගත්තොත් ඒක අකැපයි (ලංකාවේ කට්ටිය ඕකට කියන්නේ තෙල වැඩිවෙලා කියලනේ). විවාහ වෙලා ගැබ් නොගත්තොත් ඒකත් අවුල් (එතකොට කියන්නේ වඳ ගෑනි කියලා). ඒ කොහොම වුණත්, බලාපොරොත්තු නොවුණු වෙලාවක ගැබ්ගන්නවා කියන්නේ සෑහෙන්න බරපතල කාරණයක්.  

අනපේක්ෂිත ගැබ්ගැනීම්වලට ගොඩක් වෙලාවට හේතු වෙන්නේ, උපත් පාලන ක්‍රම අනුගමනය නොකරන එක. ලංකාවේ සාමාන්‍යයෙන් මේ වගේ දේවල් ගැන විවෘත ව කතා කරන්නේ හරි අඩුවෙන්. ඉස්කෝලේ සෞඛ්‍ය පීරියඩ් එකේ ඉගෙනගත්ත හරිය ඇරෙන්න, සමහර අය ඒ ගැන මේ ලෝකේ හසරක් දන්නේ නැහැ.

ඔන්න ඔය නිසා අපි කල්පනා කළා දැනට පිළිගෙන තියෙන, හදිසි ගැබ්ගැනීම් මඟහරින්න පුළුවන් විදියේ ක්‍රම කීපයක් ගැන කතා කරන්න.

1. කොන්ඩම්

පහුගිය දවස්වල මේවා ප්‍රසිද්ධ වුණේ සමහන් පැකට් කියලනේ. ඒ කොහොම වුණත්, ගැබ් නොගෙන ඉන්න විතරක් නෙවෙයි, ලිංගික ඇසුරෙන් බෝවෙන ගොඩක් ලෙඩවලින් බේරෙන්නත් පුළුවන් විදියේ විකල්පයක් තමයි මේක. 98%ක් ම ගැබ්ගැනීම වළක්වන්න චාන්ස් එකක් කොන්ඩම්වලට තියෙනවා. මේවයින් උපත් පාලන පෙති වගේ හෝමෝන්වල වෙනසක් කරන්නෙත් නැහැ.  

රුපියල් 50 (ප්‍රීති) ඉඳන් රුපියල් 230ක් (ඩියුරෙක්ස්) දක්වා ගණන්වලට විකිණෙන මේ කොන්ඩම්, ෆාමසිවලින් ලබාගන්න පුළුවන්. හදිසියක් නැත්තන් ඔන්ලයින් ඕඩර් කරන්නත් බැරියැ.

2. උපත් පාලන පෙති (Oral Contraceptive Pills)

ලංකාවේ දැනට ජනප්‍රිය ම උපත් පාලන පෙති වර්ගය වෙන්නේ “මිතුරි”. හැබැයි මේවා නිෂ්පාදනය වෙන්නේ ජර්මනියේ Bayer Schering කම්පැනියෙන්. රුපියල් 100ක් වගේ මුදලකට ෆාමසිවලින් ගන්නත් පුළුවන්. හැබැයි පාවිච්චිය ගැන නම් දොස්තර මහත්තයෙක්ගේ උපදෙස් ගන්න තරමට හොඳයි. මොකද ගැහැනුන්ගේ ඇඟේ තියෙන ඊස්ට්‍රජන්, ප්‍රොජෙස්ටයින් වගේ හෝමෝන එක්කනේ සෙල්ලම් කරන්නේ.

මේ උපත් පාලන පෙති පැකට් එකක් සාමාන්‍යයෙන් මාසයක් වගේ කාලයක් පාවිච්චි කරන්න පුළුවන්. මේකේ තියෙන පෙති 28න්, 21ක් ම හෝමෝන පෙති. ඉතුරුවා නිකන් පෙති (දන්න සිංහලෙන් කියනවනම් ප්ලේස්බෝ පෙති). හෝමෝන් පෙත්ත බොන එක නවත්තලා, ප්ලේස්බෝ පෙති ගන්න පටන්ගත්ත ගමන් ඔසප් වීම සිද්ධ වෙන්න පුළුවන්. ඔසප් චක්‍රයේ අවුල් තියෙනවනම් ඒවා මඟ හරින්නත් උපත් පාලන පෙතිවලට හැකියාවක් තියෙනවා. ඒ විතරක්යැ, ඔසප් කාලෙට ඇතිවෙන බඩේ කැක්කුම් අනං මනං වළක්වන්නත් මේක හොඳයි. හැබැයි ඔන්න කිව්වත් වගේ දොස්තර උපදෙස් අනූව තමයි ඔය කොයිකත් කරන්න ඕනේ.

3. පැය හැත්තෑ දෙකේ පෙත්ත (Emergency Contraceptive Pills)

නමෙන් ම තේරෙනවනේ? මේක තියෙන්නේ කරගන්න ම දෙයක් නැති වුණොත් ගන්න විතරයි. ලිංගික සංසර්ගයෙන් පස්සේ පැය හැත්තෑ දෙකක් අතරතුර ගන්න ඕනේ කියලා තිබුණට, අන්තිම මොහොත වෙනකම් ඉන්නේ නැතුව පුළුවන් ඉක්මනට බොන්න පුළුවන් නම් තමයි හොඳ. හැබැයි පුරුද්දක් විදියට මේ පෙත්ත පාවිච්චි කරන්න නරකයි. මොකද මේකෙන් ඇඟට හානි වෙන්න ඉඩකඩ තියෙනවා. ඒ විතරක් නෙවෙයි අතුරු ආබාධත් බොහොමයි. දිගට ම ගත්තොත් දරුවෙක් හදාගන්න ඕනේ කාලෙටවත් හදාගන්න බැරිවෙයි.

Emcom, Madonna, Pill72, Postinor 1, Postinor 2, Pregnon; මේ ලංකාවේ මාකට් එකේ ගන්න තියෙන මේ ජාතියේ පෙති වර්ග කීපයක්. විශේෂයෙන් ම Postinor 1, Postinor 2 සහ Pregnon වගේ පෙතිවලට ලෝක සෞඛ්‍ය සංවිධානයේ, යුරෝපීය ඖෂධ අධිකාරියේ, ඇමෙරිකානු ආහාර සහ ඖෂධ පාලනාධිකාරියේ අනුමැතිය ලැබිලා තියෙනවා. Postinor 1, Postinor 2 පෙති වර්ග දෙක ලංකාවේ ෆාමසිවල විකිණෙන්නේ රුපියල් 150, 120 වගේ මිල ගණන්වලට.

4. IUD  

IUD (Intrauterine Device) කියන්නේ තඹවලින් හදපු T අකුරේ හැඩය ගත්ත පොඩි ගැජට් එකකට. මේක ගර්භාෂය ඇතුළේ තැන්පත් කරන්න පුළුවන්. මේක ඉතින් තමන්ට කරගන්න පුළුවන් වැඩක් නෙවෙයි. දොස්තර කෙනෙක් ම ලවා වෙන්න ඕනේ දෙයක්.

සාමාන්‍යයෙන් ගර්භාෂයේ ආගන්තුක දෙයක් තියෙද්දී ගැබ්ගැනීම් වෙන්නේ නැහැ. ඒ වගේ ම තඹ කියන්නේ ශුක්‍රාණුවල ක්‍රියාව නවත්තන්න පුළුවන් දෙයක්. IUD එකක් අවුරුදු දහයක් වගේ කාලයක් ගර්භාෂයේ තියාගන්න පුළුවන්. ඊට වඩා අඩු කාලෙකින් ඒක අයින් කරවගන්න ඕනේ නම්, එකටත් දොස්තර මහත්තයෙක් ළඟට යන්න ඕනේ. මේකෙන් හෝමෝනවලට කිසිම බලපෑමක් වෙන්නේ නැති නිසා, IUD එක අයින් කළාට පස්සේ ගැබ්ගැනීමේ චාන්ස් එකක් තියෙනවා.

ගොඩක් වෛද්‍ය විශේෂඥයෝ කියන්නේ මේක සුදුසු විවාහ වෙලා, දරු මල්ලෝ එහෙම හදපු කාන්තාවන්ට විතරයි කියලා. ඒත් ශ්‍රී ලංකා පවුල් සැලසුම් සංගමය නම් කියන්නේ බැන්ඳා හෝ නැතා හෝ කාට වුණත් කමක් නෑ කියලා. මොකද රුපියල් 400ක් යාවි වැඩි ම වුණොත් මේ IUD එකක් ගන්න.

5. උපත් පාලන එන්නත

උපත් පාලන පෙති ගන්න එක කරදරයි නම්, මාස තුනකට සැරයක් ගන්න පුළුවන් උපත් පාලන එන්නතකුත් තියෙනවා. මේකේ බලපෑම 99%කටත් වඩා වැඩි බවයි කියවෙන්නේ. පෙත්ත බිව්වේ නැති වුණොත් ඔළුව ගිනි අරගෙන වගේ ඉන්න ඕනේ නැති නිසා මේ වැඩේ ලේසියි. ඒත් මේකෙන් ඇතිවෙන්න පුළුවන් අතුරු කතාවලටත් ලෑස්ති වෙලා ඉන්න ඕනේ. මේ එන්නතක් රුපියල් 255ක් වගේ වෙනවා.  

එන්නතේ පවර් එක ගියාට පස්සෙත් ආයේ ඇඟ සාමාන්‍ය තත්ත්වෙට පත්වෙන්න අවුරුද්දක් වගේ කාලයක් ගත වෙන්නත් පුළුවන්. ඒ නිසා උපත් පාලන ක්‍රම නවත්තපු ගමන් ගැබ්ගන්න බලාගෙන ඉන්න අයට මේ විකල්පය හරි යන්නේ නැහැ.

6. සමේ තැන්පත් කරන හෝමෝන කරල්

මේකත් 99%කට වඩා බලපෑමක් ඇති කරන උපත් පාලන ක්‍රමයක්. අවුරුදු පහක් වගේ කාලෙකට ගැබ් නොගෙන ඉඳීමේ චාන්ස් එකක් මේකෙන් ලැබෙනවා. මුලින් ම වෙන්නේ අතේ උඩ කොටසේ කරන පොඩි කැපුම් දෙකක් හදන එක. ඊටපස්සේ ඒ මාර්ගයෙන් සිහින් ප්ලාස්ටික් තන්තු දෙකක් අතේ සමට යටින් තැන්පත් කෙරෙනවා.

මේකෙන් වෙන්නේ ඊටෝනෝජෙස්ට්‍රල් හෝ ලේවෙනෝජෙස්ට්‍රල් ඇඟට නිකුත් කරන එකයි. තමන් තෝරගන්න බ්‍රෑන්ඩ් එකේ හැටියට තමයි නිකුත් වෙන හෝමෝනය තීරණය වෙන්නේ. පවුල් සංවිධාන සංගමය රෙකමදාරු කරන Jadelle (රු.2500), ඒ වගේ බ්‍රෑන්ඩ් අතරින් එකක්. Jadelle කියන මේ හෝමෝන කරල් තැන්පතුව කැමති වෙලාවක අයින් කරලා දාන්නත් පුළුවන්. ඒ නිසා දිගු කාලීන බලපෑමක් ඇත්තෙත් නැහැ.  

උපත් පාලන ක්‍රම ගැන වැඩිදුර තොරතුරු දැනගන්න ඕනේ නම්, එකෙන් ම යන්න පුළුවන් තැන වෙන්නේ කොළඹ හතේ තියෙන ශ්‍රී ලංකා පවුල් සැලසුම් සංගමයයි. බුලර්ස් පාරේ තියෙන මෙයාලගේ ඔෆිස් එකට ගිහින් හරි, 0112 555455 නොම්මරේට කතා කරලා හරි මේ විස්තර දැනගන්න පුළුවන්. ඒ විතරක් නෙවෙයි, මඩකලපුව, මාන්කුලම, අම්පාර, කොග්ගල, නුවරඑළිය, මරදාන ප්‍රදේශවලත් මේ කට්ටියගේ ශාඛා තියෙනවා. ඒ නිසා දුර පළාත්වල ඉන්න අයට වුණත් මේ වගතුග දැනගන්න බාධාවක් නැහැ.

Share on facebook
Share on twitter
Share on whatsapp

Highlights.

Latest.

KAMU.

Welcoming the Year of the Horse at Yue Chuan, The Kingsbury

Yue Chuan, the award-winning Chinese restaurant at The Kingsbury, Colombo, invites guests to usher in the

Highlights Kamu

Soho Hospitality Charts First Expansion into South Asia with Charcoal’s Colombo Debut

Bangkok-based international hospitality group selects Sri Lanka for its game- changing dining brand Charcoal Tandoor

Highlights Kamu

Brunch at ITC Ratnadipa – Review

By Ranugi Thihansa If you’re looking for a Sunday brunch that brings together incredible food,

Highlights Kamu Yamu Guide

Harpo’s Pizza and Pasta: Review

We dropped by Harpo’s Pizza and Pasta the other day, and it turns out it’s

Highlights Kamu

The Fort Café by Tasty Caterers – Review

By Linara Wimalaweera The Fort Café by Tasty Caterers offers a refreshing escape from the

Highlights Kamu Yamu Guide

Nihonbashi by Dharshan – Review

Written by Linara Wimalaweera When it comes to Japanese fine dining in Colombo, few names

Highlights Kamu

Trending.

Waves of Change: Hospitality Partners Unite for a Cleaner Colombo Coastline

In celebration of World Environment Day and World Oceans Day, Amari Colombo and Granbell Hotel

Highlights Trending

Radisson Hotel Kandy Brings Exclusive Wedding Experiences to Wedding Show 2026 at Kandy City Centre

Radisson Hotel Kandy is set to showcase its signature wedding offerings at the upcoming Wedding

Highlights Trending

The Mystique Nuwara Eliya – Timeless Luxury in the Hills.

Nestled in the heart of Sri Lanka’s picturesque hill country, The Mystique Nuwara Eliya offers

Highlights Trending

ONYX Hospitality Group Celebrates 60th Anniversary, Sets THB 10.33 Billion Revenue Target with THB 5.5 Billion Expansion Plan

ONYX Hospitality Group, a leading hospitality management company in Asia-Pacific, has unveiled its growth strategy

Highlights Trending

Is Your Diamond Actually Real? Why Savvy Sri Lankans are Choosing DINIDU for Non-Negotiable Authenticity

In the fabulous world of heirloom jewellery, the glamour of gemstones can often hide the

Highlights Trending

NH Collection Colombo strengthens leadership with Kedar Dighe as General Manager

Colombo, Sri Lanka – NH Collection Colombo welcomes Mr. Kedar Dighe as General Manager, bringing

Highlights Trending

Yamu Guide.

Shangri-La Colombo Unveils a New Chapter at Tiki Bar

As the sun dips into the Indian Ocean and the city begins to exhale, Tiki

Trending Yamu Guide

DINIDU: Colombo’s Premier Destination for Wedding Anniversary Gifts

Every wedding anniversary is a chapter of a love story that continues to evolve. These

Highlights Yamu Guide

Yazu Set to Make Sri Lankan Debut at Radisson Blu Resort Galle in 2026

Radisson Blu Resort Galle is set to unveil its newest culinary venture in March 2026 with the opening of Yazu by

Highlights Trending Yamu Guide

A Ramadan Feast Awaits at ITC Ratnadipa – Available Till March 19

This Ramadan, ITC Ratnadipa invites guests to celebrate the holy month with ‘A Feast for

Highlights Yamu Guide

Here are the must visit Iftar spots for 2026

Ramadan 2026 brings with it a beautiful season of reflection, gratitude, and shared meals. Across

Highlights Trending Yamu Guide