කොරෝනා කාලෙ නිසා වෙඩිං එක කල් දානවද? එහෙනම් ඔබ කළ යුත්තේ මෙයයි...

සියලු ම පොදු සහ පෞද්ගලික උත්සව අවස්ථා සහ ඒකරාශී වීම් නවත්වන්න කියල රජය උපදෙස් දුන්නෙ ලංකාවෙ COVID-19 රෝගීන් ගණන අටක් බවට පත් වුණ ගමන්මයි. දැන් තත්ත්වෙ ඊට වඩා සෑහෙන බරපතලයි කියල ඕගොල්ලො දන්නව නේ. මේ වෙද්දි රෝගීන් 72ක් හොයාගෙන වගේ ම මුළු දිවයිනට ම ඇඳිරි නීතිය පනවලා. ඉතිං කොහොමටත් රටේ වාතාවරණය ඒ තරම් හොඳ නැති බව කවුරු කවුරුත් දන්නවා.

මේ අතරෙ මේ කලබල නිසා අපහසුතාවට පත් වුණ විශේෂ කොටසක් තමයි, ළඟ එන දිනවල විවාහ වෙන්න සැලසුම් කරල තිබුණ පිරිස. තමන්ගේ විවාහ මංගලෝත්සව සම්බන්ධයෙන් අනුගමනය කරන්න ඕන ක්‍රියා පිළිවෙත මොකද්ද කියල, මේ අය මේ වෙලාවේ විපිළිසර වෙලා ඇති.

විවාහ මංගලෝත්සවයක් කියන්නෙ ලොකු පිරිසක් ඒකරාශී වෙන අවස්ථාවක්. මේ වෙද්දි කොරෝනා වැළඳිලා තියෙන්නෙ පිටරට ඉඳන් ආපු අයට විතරක් නෙමෙයි. ඒ නිසා ඕනෑ ම ආකාරයක පිරිස් එක්රැස් වීමක් කියන්නෙ භයානක තත්ත්වයක්. වෛරසය කාට කාට ආසාදනය වෙලා තියනවද කියල අපි දන්නෙ නෑනේ! ඉතිං මේ කාලෙ විවාහ මංගල්‍යයක් පවත්වන එක නුවණට හුරු නැති බව පැහැදිලියි.

දැන් මොකද කරන්නේ!

උත්තර දෙකක් තියනවා. පළවෙනි එක තමයි නිරෝධායන නීති සහ උපදෙස්වලට යටත්ව තමන්ගේ විවාහ මංගල උත්සවය පැවැත්වීම.

දෙවැන්න තමයි උත්සවය කල් දැමීම. දෙන්නත් එක්ක විවාහ උත්සවය කල් දාන්න තීරණය කරනවා නං, ඒක කරන්න ඕන විදිහ ගැන පොඩි පොඩි උපදෙස් ටිකක් තමයි අපි මේ දෙන්න හදන්නේ..

කතා කරන්න

ඔක්කොටෝම කලින්, ඔයාගේ සහකාරයා/ සහකාරිය එක්ක නිවිසැනසිල්ලේ මේක ගැන කතා කරන්න. මොකද ඔය දෙන්නා හීන දැක දැක හිටපු දවස ගැන නේ මේ අර්බුදේ ඇවිත් තියෙන්නේ. ඉතිං ඕගොල්ලො කලබල වීම ස්වාභාවිකයි සහ කලබල වුණ එක ගැන කලබල වෙන්න අවශ්‍ය නෑ.

මේ ඇති වෙලා තියන තත්ත්වය භයානකයි. ඉතින් ඒ තත්ත්වය නිසා තමන්ට මුහුණ දෙන්න සිදු වෙන ඇබැද්දිය ගැන ඔබ හැඟීම්බර වෙන එක ස්වාභාවිකයි. ඒකට කමක් නෑ. ඒ හැඟීම් ඔබේ සහකරු එක්ක බෙදාගන්න. හැබැයි ඒ අතරෙ ම මේ ගැන සිහි බුද්ධියෙන් හිතන්න. ඉස්සරහට එන අභියෝගය ගැන කල්පනාවෙන් වැඩ කරන්න එකිනෙකාට සහය වෙන්න උත්සාහ කරන්න.

ඔය දෙන්නා මේ තත්ත්වය හොඳින් අවබෝධ කරගත්තට පස්සේ, තමන්ගේ ගෙවල්වල/ පවුලේ අය සහ සමීපතමයින් එක්කත් මේ ගැන කතා කරන්න.

කාලය ගැන කල්පනාවෙන්

COVID-19 ලංකාවේ දරුණුවට පැතිරෙන්න අරං තාම වෙන්නෙ දවස් දහයක් එකොළහක් වගේ කාලයක්. හැබැයි මේ වෙද්දිත් රෝගීන් 72ක් ඉන්නව කියන්නෙ මේ යන වේගෙට සංඛ්‍යාව ඉදිරියේදී තවත් ඉහළ යන්න නියමිතයි.

අපි කලින් කිව්ව වගේ, රජය සහ අදාළ බලයලත් නිලධාරීන් විසින් විශේෂ නිවාඩු දින ප්‍රකාශයට පත් කරන්න, ඇඳිරි නීතිය පනවන්න, ගුවන් ගමන් සීමා කරන්න, ඇතැම් පොදු අවකාශ වසා දමන්න තීරණ අරං තියන නිසා, තව මාස කිහිපයක් ඇතුළත මේ තත්ත්වයෙන් සම්පූර්ණයෙන් මිදෙන්න පුළුවන් වෙයි කියල අපි හිතනවා. හැබැයි ඒකට අවම වශයෙන් මාස තුනක්වත් යයි කියල තමයි අපි හිතන්නේ. ඉතින් ඉදිරි මාස තුනක විතර කාලය ඇතුළත ඔයාගේ විවාහ උත්සවේ යෙදිල තියනව නං, කරන්නෙ මොකක්ද කියන එක ගැන ටිකක් හිතන්න වෙනවා.

මාස තුනකින් පස්සෙත් ඇත්තට ම වෙන්නෙ මොකද්ද කියල අපි තාමත් දන්නෙ නෑ. අපිට කරන්න පුළුවන් එක ම දේ, තත්ත්වය හොඳ අතට හැරෙන බවට අපේක්ෂාවෙන් ඉන්න එක විතරයි. ඉතින් ඔයාගේ බලාපොරොත්තු අතහැරලා කඩන් වැටෙන්න එපා.

සම්බන්ධ කරගත් ව්‍යාපාරිකයන් දැනුවත් කරන්න

වෙඩිං එක කල් දාන බව තීරණය කළාට පස්සේ මුලින් ම කරන්න ඕනේ ඔබ සම්බන්ධ කරගත් ව්‍යාපාරිකයන් දැනුවත් කරන එක. ඒ කියන්නෙ ශාලාව, සැරසිලි, කේක්, ඡායාරූපකරණය, ඇඳුම් පැළඳුම් නිර්මාණය ඇතුළු මෙකී නොකී අය. ඒ අය දැනටමත් කල් දැමීම අපේක්ෂාවෙන් ඉන්නව වෙන්නත් පුළුවන්. නොවෙන්නත් පුළුවන්. එහෙම නොවුණත් කලබල වෙන්න එපා. ඒ අය එක්ක ඉවසීමෙන් සාකච්ඡා කරන්න. අලුත් දිනයක් දාගන්න එක ගැන සහ ඊළඟට කරන්න ඕන දේ ගැන ඒ අය ඔයාට කියයි.

කොන්දේසි හොඳින් දැනගන්න

ඔයා ඒ ව්‍යාපාරිකයන් එක්ක එකඟතාවකට එළඹුණාට පස්සේ අත්තිකාරම් මුදල් ගෙවන්න ඇති. ඉතින් ඒක Non Refundable හෙවත් නැවත ලබාගත නොහැකි මුදලක් බව කලින් ඔබ දැනගෙන හිටිය නං, උත්සවය කල් ගියාම ඒ මුදල ඉල්ලලා ඔවුන්ට කරදර කරන එක ආචාර ධාර්මික නෑ. ඔවුන් එක්ක ඔයා එළඹුණ ගිවිසුම් ගැන ඉතා හොඳින් දැනුවත් වෙන්න. දෙපැත්තට ම සාධාරණ පියවර අනුගමනය කරන්න. අපි වගේ ම, ව්‍යාපාරිකයන් වශයෙන් ඔවුනුත් මේ වෙලාවෙ ගෙවන්නේ හොඳ කාලයක් නෙමෙයි.

අමුත්තන්ට දන්වන්න

හුඟක් අය දැන් දැන් වෙඩිංවලට ආරාධනා කරන්නෙ ෆේස්බුක්/ මැසෙන්ජර්/ වට්සැප්වලින්, පෞද්ගලිකව හෝ ග්රූප් මාර්ගයෙන්. ඒ විදිහට ආරාධනා කළාම එන නොඑන බව දැනුම්දීම පවා ලේසියි නේ. හැබැයි ඉතින් විවාහ උත්සවය කල් ගිය බව නම් එහෙම මැසේජ් එකකින් දන්වන එක හොඳ මදි. ඒකට ඊට වඩා ටිකක් සාම්ප්‍රදායික ක්‍රමයක් අනුගමනය කරන්න වෙනවා.

ඔයාගේ පවුලේ අය සහ යාළුවො ඔයා තරමට ම මේ උත්සවයට ලකලෑස්ති වෙන අය නේ. ඉතිං ඒ අයට කෝල් එකක් මාර්ගයෙන් හරි, පිළිවෙළට සකස් කරපු ඊමේල් එකක් මාර්ගයෙන් හරි විවාහය කල් ගිය බව දැනුම් දෙන්න. අනෙක් අමුත්තන් ලැයිස්තුව ඔය දෙන්නා සහ පවුලේ අය අතරෙ බෙදාගන්න. ඒ ඒ අයට ළඟ අයට පුළුවන් ඉක්මනින් ආරංචිය දැනුම් දෙන්න. ඉක්මනින් දන්වන තරමට හැමෝට ම ලේසියි.

කල් තියාගන්න පුළුවන් දේවල්

මතක තියාගන්න, ඔයාගේ මංගල උත්සවයේ වෙනස් වුණේ දිනය විතරයි. ඒ නිසා දැනට සකස් කරපු ආරාධනා පත්‍ර, කේක් පෙට්ටි සහ සැරසිලි වගේ කල් තියාගන්න පුළුවන් දේවල් තියනව නං, ඒවා පරිස්සමට අරං තියන්න. දිනය විතරක් වෙනස් කරල නැවත මුද්‍රණය කරපු ඒ විදිහෙ ම කඩදාසියක් පුංචියට කපලා, ආරාධනා පත්‍ර සහ කේක් පෙට්ටිවල අලවල දිනය වෙනස් කරගන්න පුළුවන්. ඒ වගේ දේවල්වලට අනවශ්‍ය වියදම් කරන්න එපා.

Share on facebook
Share on twitter
Share on whatsapp

Highlights.

Latest.

KAMU.

Brunch at ITC Ratnadipa – Review

By Ranugi Thihansa If you’re looking for a Sunday brunch that brings together incredible food,

Highlights Kamu Yamu Guide

Harpo’s Pizza and Pasta: Review

We dropped by Harpo’s Pizza and Pasta the other day, and it turns out it’s

Highlights Kamu

The Fort Café by Tasty Caterers – Review

By Linara Wimalaweera The Fort Café by Tasty Caterers offers a refreshing escape from the

Highlights Kamu Yamu Guide

Nihonbashi by Dharshan – Review

Written by Linara Wimalaweera When it comes to Japanese fine dining in Colombo, few names

Highlights Kamu

Yoroko at Cinnamon Life: An Unforgettable Sky-High Japanese Experience

Our visit to Yoroko was one for the books — and your bucket list. It’s

Highlights Kamu

The Chinwag- Review

By Sharon Nonis Chinwag has always been a crowd favorite, and now with their new

Highlights Kamu

Trending.

ITC Ratnadipa Presents ‘An Italian Affair’ in Partnership with the Italian Embassy, Sri Lanka

ITC Ratnadipa, Colombo in collaboration with the Embassy of Italy in Sri Lanka will host

Trending

Browns Hotels & Resorts Unwraps the Festive Season with Joyful Cake Mixing Celebrations

Browns Hotels & Resorts officially unwrapped the festive story for 2025 with grand cake mixing

Trending

The Best Cities for Food in the World — Readers’ Choice Awards 2025

By Fathima Rukaiya, As travel and dining experiences evolve, food-savvy travelers are looking beyond just

Trending Yamu Guide

ITC Ratnadipa Celebrates the Spirit of the Season with its 2nd Annual Cake Mixing Ceremony

ITC Ratnadipa, the jewel in Colombo’s skyline, heralded the start of the festive season with

Trending

The Kingsbury, Colombo, Crowned Sri Lanka’s Leading Hotel 2025 at World Travel Awards

The Kingsbury, Colombo, is honoured to have been awarded Sri Lanka’s Leading Hotel 2025 at

Trending

8 Thai Restaurants to try in Sri Lanka

You can ask around – but it’s rare to find someone who doesn’t love Thai

Highlights Trending Yamu Guide

Yamu Guide.

Sip, Slurp and Savour : 9 Ramen Spots to try in Colombo

If you’re food curious and always looking for your next Instagram-worthy bite, this ramen route

Highlights Yamu Guide

Brunch at ITC Ratnadipa – Review

By Ranugi Thihansa If you’re looking for a Sunday brunch that brings together incredible food,

Highlights Kamu Yamu Guide

Top Affordable Countries in Asia : Budget Destinations 

Sitting at your office desk wishing you’d have a little getaway for yourself - but

Highlights Yamu Guide

Baked with Love – Meet 9 of Sri Lanka’s sweetest home bakers

There’s something undeniably magical about home-bakes that café and bakery chains just cannot get right.

Highlights Yamu Guide

The Best Cities for Food in the World — Readers’ Choice Awards 2025

By Fathima Rukaiya, As travel and dining experiences evolve, food-savvy travelers are looking beyond just

Trending Yamu Guide

The Fort Café by Tasty Caterers – Review

By Linara Wimalaweera The Fort Café by Tasty Caterers offers a refreshing escape from the

Highlights Kamu Yamu Guide