නිදහස් අරගල (1562 – 1948).

1947දී ස්ථාපිත වූ ‍සෝල්බරි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව 1972 දක්වාම ක්‍රියාත්මක වුයේ නම් 1947 ලංකා ස්වාධිනතා පනත මගින් 1948 පෙබරවාරි 4 වන දින ශ්‍රී ලංකාව ලැබූයේ කිනම් නිදහසක් දැයි මා සිත නිරන්තර දෙගිඩියාවකට ලක් කරන්නාවූ පැනයකි.

සැබැවින්ම සිදුවූයේ කැප්පෙටිපොළයන්ගේත් පුරන් අප්පුවන්ගේත් ධර්මපාලයන්ගේත් සා නොවූ විරූ විරුවන්ගේත් ලෙයින් තෙත්ව ගිය හෙළ භූමිය බටහිර ගැති ලාංකිකයන් පිරිසකගේ පෙත්සමකට ඉංග්‍රීසි ආණ්ඩුවෙන් අනුකම්පා සහගත සමාවක් ලැබීම පමණකි.

ආයාචනය හෙළයින්ගේ විරිතක්ව තිබිණි. මව් බිමට කඩා වැද ජාතියත් ආගමත් සංස්කෘතියත් සභ්‍යත්වයත් විනාශ කරන්නවුන් හට හෙළයින්ගෙන් ලැබුණේ දඬුවම්ය. ඊට කදිම නිදසුන් ලෙසින් 1848 ඉංග්‍රීසි පාලනයට එරෙහිව දියත් වූ මාතලේ කැරැල්ලේ සිට 1562 පෘතුගීසි පාලනයට එරෙහිව දියත් වූ මුල්ලේරියා සටන තෙක් වන ලේ වැගිරීම් හැඳින්විය හැකිය.

එබැවින් ඉංග්‍රීසීන් මෙරට හැර ගොස් 68 වන වසර සැමරුමට ගාලු මුවදොර පිටිය සැරසෙන මොහොතක අප ලැබූයේ සැබෑ නිදහස දැයි යලි මතක් කර දීමට හෙළ දිව ආක්‍රමණයට පැමිණියවුන්ට එරෙහිව හෙළයින් දියත් කළ මහා සටන් පිළිබඳ සංක්ෂිප්තයක් ගෙන හැර පෑමට මම සිතුවෙමි.

1562 මුල්ලේරියා සටන

ක්‍රි. ව. 1551 සිට 1597 තෙක් වූ ධර්මපාල රජු ගේ රාජ්‍ය පාලන සමය හෙළයිනට හිතකර නොවූයේ ඔහු ඒ වන විටත් පෘතුගීසීන්ගේ රූකඩයක් බවට පත්ව සිටි නිසාවෙනි. එහෙත් නොසිතූ මොහොතක සිංහල ලේ කුපිත වූයේය. ඒ, එකල මහ සඟ රුවනක් වූ 'බුද්ධ වංශ' තෙරුණ්ගේ රණ හඬින් පිබිද රට දැය සුරැකීමට කටයුතු කළ භික්ෂූණ් වහන්සේලා 30 නමක් පෘතුගීසීන් විසින් ඝාතනය කරනු ලැබූ නිසාවෙනි. ඊට පළි ගැනීමක් වශයෙන් 1562 දී සීතාවක මායා දුන්නේ රජු තම පුත් ටිකිරි කුමරු (සෙන්පති), පනාපිටිය මුදලි, වික්‍රමසිංහ මුදලි ඇතුළුව හමුදා සේනාංක 3කින් ගොස් කෝට්ටේ පෘතුගීසි යටත් ප්‍රදේශ වටලා සටන් කොට මුල්ලේරියා වෙලේදී ‍දොන් ජෝර්ජ් මෙනසස්ගේ නායකත්වයෙන් යුත් පෘතුගීසි හමුදාව සමූල ඝාතනය කරමින් රට එක් සේසත් කළේය.

මෙම සටන රාජාවලියේ මෙසේ සඳහන් වේ:

''රාජසිංහ රජු පෙරමුණ ඉස්සර පාරෙන් ගොස් ප්‍රතිකාල් සේනාව මැදට පැන්නාහ. පස්ස පොරොන්තුවෙන් ගිය හමුදාව යුද්ධ කරනා විට වීරහස්ති ඇතා කොඩියක් ගතිය. ඓරාවණයා කියන ඇතා දම්වැලක් ගතිය. රාජසිංහ රජු අසු පිටට පැන නැඟී මහා සේනාවට පස්සට වෙන්ඩ හැර ප්‍රතිකාලුන් මැදට වැද අසු මෙහෙය වීය. ඇත් අස් සෙනඟ එකට කලබැගෑනිව ප්‍රතිකාලුන්ට තුවක්කුවලට වෙඩි බේත් දමන්ට ඉඩ නොදී කොටන විට පලිස්කාරයෝ ඇතුන්ගේ වල්ගාවල එල්ලී කෙටූහ. තුවක්කුවලින් ගසා ප්‍රතිකානෝ පලිස්කාරයෝ මැරුවාහ. රාජසිංහ රජු අසු විහිදුවා සේනාව වටකර දුවවමින් යුද ගිනි කෙළි කෙළ කොටන බිම දුරුතු මස මිහිදුම් මෙන් වෙඩි දුම් පටලාගෙන සිටින සඳ මුල්ලේරියාවේ වෙල මැද ලේ වතුරු කොට ප්‍රතිකාල් සේනාවට අඩියක්වත් පස්සට යන්න නෑර කොටා ජය ගතිය. එක් දහස් පන්සියයක් ප්‍රතිකාලුන් හා කෝට්ටේ සේනාවෙන් කීප දෙනෙකුත් වෙල මැද වැටුණාහ''

කටේ කිරි සුවඳ යන්නට පවා බැරිවුණා
යුදට උපන් කුමරිදු යයි නමක් ඇතිවුණා
මුලෙරියා වෙලේ වතුර ලෙයට හැරවුණා
ටිකිරි කුමරු රාජසිංහ නමින් රජවුණා (ජන කවි)

Painting of Siege at the Officers' Mess, Regiment of Artillery, Panagoda. Drawn by the immensely talented Prasanna Weerakkody (check out his page!). Note the Kodithuwakku used by the local militia, as well as the Flag of Kotte (Lion holding a whip, signifying justice).

1594 දන්තුරේ සටන

ක්‍රි. ව. 1591 වන විට සීතාවක රාජසිංහ රජුගේ ක්‍රියාකාරකම් නිසා උඩරටට නෑකම් කියූ යමසිංහ බණ්‌ඩාර (දොන් පිලිප්), කොනප්පු බණ්‌ඩාර (දොන් ජෝන්), කුසුමාසන දේවිය (දොන් කැත්‍රිනා) ඇතුළු පිරිසක්‌ බෞතීෂ්මව පෘතුගීසී ආරක්‍ෂාව යටතේ රැකවරණ ලැබීය. නමුදු පෘතුගීසීන් විසින් දොන් පිලිප් කුමාරයාට රජකම දීම පිළිබඳව කිපුණු දොන් ජෝන් කුමාරයා පිලිප් රජු මරා විමලධර්මසූරිය නමින් රජ විය. ඒ හේතුවෙන් පෘතුගීසීහු ‍සහ විමලධර්මසූරිය රජු අතර විටින් විට සටන් ඇවිලෙනු අතර 1594දී දන්තුරේදී ඇතිවූ මහ සටනින් සිංහල හමුදාවන් අතින් පෙඩ්රෝ ලෝපෙස්‌ද සූසා ඇතුළු පෘතුගීසි හමුදාව යළිත් වරක් සමූල ඝාතනය විය.

"වර්ෂ 1594 ක්‌ වූ ඔක්‌තෝබර් මස 06 දින ප්‍රතිකාල් සේනාව බලන අසල ලන්දකට පැමිණියාය. ඒ කණහිම සක්‌හඩද හේවිසි ගැසීමක්‌ද හාත්පස්‌හි පැතිරින. ඒ අසල මාන බලමින් සිටි විමලධර්ම රජුගේ විශාල යුද හමුදාව ප්‍රතිකාලුන්ට පහර දෙන්නට පටන් ගත්තීය. සිංහලයන්ගේ ඊතල සහ වෙඩි උණ්‌ඩ ප්‍රචණ්‌ඩ වාත මේඝයකින් මෙන් ප්‍රතිකාල් සෙන් මත්තෙහි පතිත වන්නට වන" (මහා වංශය)

1603 (බලන සටන)

විමලධර්මසූරිය රජුට වැඩි කලක් සාමකාමීව රාජ්‍යය කරගෙන යාමට පෘතුගීසීහු ඉඩ නොදුන්හ. 1602දී ජෙනරාල් ජෙරනිමෝද අසවේදු නායකත්වයෙන් යුත් පෘතුගීසි හමුදාවෝ බුද්දස්ගොඩ, අළුත්නුවර සහ ගනේතැන්න බලකොටු අල්ලා ගනිමින් යලි යලිත් සටන් දියත් කරන්නට විය. සිංහල හමුදාවන් පසු බසින්නට වූයේ අවස්ථාව එන තුරුය. එදින 1603 ජනවාරි 18 වැනිදායි. දඹදෙණියට හා හාරිස්පත්තුවට සතුරු හමුදා පහර දෙන බැව් සැලවීමත් සමග සේතුපාල බණ්ඩාර සෙනෙවියා මහනුවරින් සේනාංකයක් රැගෙන ගොස් ඊට ප්‍රති ප්‍රහාර දුන්නේය. බලන කොටුවේ සිට තම සේනාංක මෙහෙයවූ විමලධර්මසූරිය රජු යළිත් පසු බැස්සේය. පෘතුගීසීහු උදම් අනන්නට විය. දින කීපයකට පසු 1603 පෙබරවාරි 2වන දින අළුයම බලන කොටුවට නොනවත්වා පහර එල්ල වන්නට විය. කපිතාන් ජෙනරාල් ජෙරනිමෝ ද අස්වේදු කොළඹ කොටුවට පැනගත්තේය. කටුගම්පොල, අට්ටාපිටිය, රක්ගහවත්ත ඇතුළුව පෘතුගීසි යටත් ප්‍රෙද්ශ සිංහල හමුදාවන් ජය ගනිද්දී කාන්ගරආරච්චි සෙනෙවියා මීගමුව බළකොටුවද තම අණසකට යටත් කොට ගෙන තිබිණි.

1630 (රන්දෙනිවල සටන)

විමලධර්මසූරිය රජුගෙන් පසු උඩරට රජ වූයේ ඔහුගේම සොහොයුරෙකු වූ සෙනරත් රජුය. 1617දී සෙනරත් රජු හා පෘතුගීසීන් අතර සාම ගිවිසුමක්‌ ඇති විය. නමුදු 1618දී ජෙනරාල් වශයෙන් පත්ව ආ කොන්ස්‌තන්තතීනු ද සා 1627, 1628 වර්ෂයන් හිදී උඩරට ආක්‍රමණය කොට මහත් හානි සිදු කළේය. 1630 අගෝස්‌තු මස මුල් සතියේ ද සා පෘතුගීසි සොල්දාදුවන් 508කින් සහ සිංහල හේවායන් 5000 කින් සමන්විත හමුදාවක්‌ සමඟ බදුල්ලට ඇතුළු වූහ. පෙර සූදානම්ව සිටි සෙනරත් රජුගේ සිංහල සේනාවන් ගරිල්ලා ප්‍රහාරයන් දියත් කළේය. නොසිතූ මොහාතක එල්ල වූ ප්‍රහාරයන්ගෙන් හෙම්බත් වූ පෘතුගීසී හමුදාවෝ අවසානයේ වැල්ලවාය, රන්දෙණිවලට පැමිණියහ. එදින 1630 අගෝස්‌තු මස 20වැනි දිනයි. සිංහල හේවායිනට ස්වභාවධර්මයේද ආශීර්වාදය ලැබිණි. මහ වැසි ඇද හැලී පෘතුගීසීන්ගේ වෙඩි බෙහෙත් තෙත් වී තුවක්‌කු පාවිච්චි කිරීමට නොහැකි තත්ත්වයක්‌ උදාවිය. සිංහල හමුදාවන් නොනවත්වා දියත් කළ ප්‍රහාර නිසාවෙන් පෘතුග්‍රීසීන් 350ක්‌ පමණ මැරුම් කෑහ. කොන්ස්‌තන්තතීනු ද සා ද වෙඩි වැදී මරුමුවට පත්විය. උඩරට රාජධානිය යළිත් සිංහලයින් සතු විය.

1638 (ගන්නොරුව සටන)

මෙවකට ලක්දිව රජකම හෙබ වූයේ 2 වැනි රාජසිංහ රජුය. එතුමා පෘතුගීසීන් වෙත යැවූ සාම ලිපි තඹ දොයිතුවකට ගණන් නොගත් ඔවුහු යළිත් අප රට ආක්‍රමණය කිරීමට කටයුතු සම්පාදනය කළේය. අවසන් හුස්ම පොද තෙක්ම සටන් කිරීමට සිංහල හමුදාවෝ පෙළ ගැසෙද්දී පන්දහසක ලස්කිරිඤ්ඤ හමුදාවක් පෘතුගීසීන්ට එක්ව සිටියහ. 1638 මාර්තු 26වැනි දින අට්ටාපිටියෙන් තම අවසන් ගමන පිටත් වූ පෘතුගීසි හමුදාවේ කපිතාන් ජෙනරාල් දියෝගුද මේලෝද කැස්ත්‍රෝ ප‍්‍රමුඛ පෘතුගීසි හමුදාව කිසිදු අභියෝගයකින් තොරව මහනුවරට පැමිණියද මුල්ගම්පොල හා දෙයියන්නේවෙලදී ඔවුනට සිංහල හමුදාවන්ට මුහුණ දීමට සිදු විය. සිංහල හමුදාවන්ගේ ප්‍රහාරයන් හමුවේ මහවැලි ගඟ තරණය කර ගැනීමට නොහැකි වූ පෘතුගීසි හමුදාවෝ ගන්නෝරුවෙහි කඳවුරු බැඳ ගත්හ. 1638 මාර්තු මස 28වැනි දින උදාවිය. අළුයමින්ම දියත් වූ සිහල ප්‍රහාරයන්ගේ ප්‍රථිඵලය වූයේ හිරු කිරණ මහ පොළව සිප ගනිද්දී කපිතාන් ජෙනරාල් දියෝගුද මේලොද කැස්ත්‍රෝ සහ කපිතාන් මේජර් දම්යාන් බොතාදු ඇතුළු 2500ක පෘතුගීසි හමුදාවෝ නිරුද්ධ ප්‍රාණයන්ගෙන් යුතුව මහ පොළව සිප ගෙන සිටීමයි.

Another of Prasanna's paintings, depicting the brutal crushing of the Uva Rebellion of 1818.

1818 (වෙල්ලස්ස සටන)

1815 මාර්තු 2වැනිදා ඉංග‍්‍රීසින්ට ලංකාවේ බලය අත්පත් වුවද කෙටි කාලයක් යාමටත් මත්තෙන් ඔවුහු ගිවිසුමේ පොරොන්දු කඩ කරමින්, බදු පනවමින් මෙරට සම්පත් හා ශ‍්‍රමය සූරා කන්නට විය. ඉංග‍්‍රීසින් ක‍්‍රිස්තු භක්තිකයන් බැවින් භික්ෂූන් වහන්සේලා සහ බුදුසසුන දිනෙන් දින අපහාසයට ලක් වන්නට විය. වසර 180කට පසු යළිත් සිංහල ලේ කුපිත වන්නට විය. දොරේසාමි වැදි හමුදාවක් සමඟ වෙල්ලස්සට සමිප‍්‍රාප්ත වූයේය. බූටෑවේ රටේරාල ඇතුළු සිංහල ජන කොටස්ද දොරේසාමි ඇතුළු පිරිස සමඟ එක් වූහ. ඒ අතර තුර මෙම සිංහල පිබිදීමට එරෙහි වන්නට ආ බදුල්ලේ ඒජන්ත වූ විල්සන් ලූතිනන් සිංහල සටන්කරුවන්ගේ හී පහරකින් මරුමුවට පත්විය. වෙල්ලස්සේ සටන ඇවිලිණි. ඉංග්‍රීසීන්ට වැරදුනේ එතැනය. සටන මැඩ පැවැත්වීමට ඔවුහු එවූයේද සිංහලයෙකි. ඔහු නමින් මොණරවිල කැප්පෙටිපොල විය. කැප්පෙටිපොල දිසාවේ හමුවූ බූටෑවේ රටේරාල ඔහුට කරුණු පැහැදිලි කර දුන් අතර එහි ප්‍රථීඵලයක් ලෙසින් තමන් කැටුව ආ ඉංග්‍රීසි හමුදාව යළි හරවා යැවූ කැප්පෙටිපොළ වීරයා 1817 නොවැම්බර් 1වැනි දින අළුපොත දී හෙළයිනගේ කැරැල්ලට එක් විය.

දිගින් දිගටම සටන් ඇවිලෙන්නට විය. සටන්කරුවන්ගේ බරපතල පහරදීම් වලින් බැටකෑ ඉංග‍්‍රීසි හමුදාවෝ වියරුවෙන් මෙන් උඩරට ගම්බිම් වනසන්නට විය. වතුපිටි, ඉඩකඩම් කොල්ල කෑහ. වෙල්ලස්සේ වෙල් එක රැයකින් අළු දූලි බවට පත් කළහ. කුඩා දරුවන්, කාන්තාවන්, තරුණ තරුණියන් කපාකොටා ඝාතනය කරමින් අමානුෂික මෙහෙයුමක් දියත් කළේය. සිවිල් ජනයා නිකරුණේ මරු වැළද ගනු දුටු කැරැල්ලේ නායකයිනට සිදුවූයේ සටන අත්හැර දැමීමටය. නොඑසේ නම් නිවට ඉංග්‍රීසි හමුදාවෝ අතින් තව තවත් සිවිල් ජනයා නිස්කාරණේ ඝාතනය වනු ඇත. සිංහල හමුදාවන් සටන් ලිහිල් කළහ. කැප්පෙටිපොල හා පිළිමතලාවේ 1818 ඔක්තෝබර් 28 වැනිදා නුවර කලාවියේ පරවහගම දී ලූතිනන් වෙනිල් ඇතුළු ඉංග‍්‍රීසි භට පිරිසකගේ අත්තඩංගුවට පත්විය. 1818 නොවැම්බර් 2වන දින උදාවිය. හෝරා කිහිපයක් ප්‍රමාද වීදී හිරු පායද්දී බෝගම්බර පිටිය සිංහල ලෙයින් තෙත්ව ගොස් හමාරය. කැප්පෙටිපොල වීරයාගේ හිස කඳින් වෙන්වූයේ මුළු මහත් ජාතියේම නෙත් අග කදුළු පුරවමිනි.

1848 (මාතලේ සටන)

1848 වන විට මෙරට ආණ්ඩුකාරවරයාව සිටි ටොරිංටන් ස්වාමිවරයා ලෙස ලක්වාසීනට පනවා තිබූ බදු අනිසි ලෙස වැඩි කළේය. කොටින්ම කියතහොත් නිවසේ විසූ සුනඛයිනට පවා බදු ගසන්නට විය. ටොරිංටන්ගේ පාලන ක්‍රියා කලාපය ලක් වාසීනට නොරිස්සමින් පවතිද්දී එක් විශේෂ සිදු වීමක් සිදුවිය. එනම් කළම්බු ඔබ්සවර් පත්‍රයෙහි ලිපියක "අසාධාරණ බදු ගෙවමින් තම බලය නොපෙන්වා සිටීම නිසා සිංහලයා අසාධාරණයට හිස නමන නිවට ජාතියක් ලෙස ලෝ වැසියන් පිළිගනු ඇත" යනුවෙන් පළ වීමයි. ගත වූයේ දින කිහිපයකි. කොළඹ, මහ නුවර, බොරැල්ල ආදී ජනාකීර්ණ නගර තුලින් මතු වන්නට වූයේ සිංහලේ ජන හඬය. නමුදු ඒ වන විටත් ඉංග්‍රීසීන් විසින් හඳුන්වා දී තිබූ පෙත්සම් හෙවත් ඇඟ බේරා ගැනීමේ කලාව මෙරට ජන සමාජය තුල මුල් බැසගෙන තිබිණි. ඒ අනුව යමින් 1848 ජුනි මස 6වැනි දින මහ නුවරට රැස් වූ 4000ක පමණ පිරිසකගේ පෙත්සමක් ඉංග්‍රීසි ආණ්ඩුව වෙත යැවීය.

ඉංග්‍රීසීහු එය අංශු මාත්‍රාවකට ගණන් නොගත් නිසාවෙන් ආයාචනය පසෙකලූ හෙළයින් අරගලයකට එක් රොක් වූහ. කුරුණෑගල අරගලයට හගුරංකෙත ඩිංගිරාල කෝරාළාත්, මාතලේ අරගලයට ගොංගාලේ ගොඩබණ්ඩාත් නායකත්වය දුන්හ. ඒ අතරතුර පුරන් අප්පුද මාතලේ අරගලයට එක් විය. අරගලය සටනකට මුල් පෑදුවේය. දඹුල්ල, මාතලේ, වාරියපොළ, කුරුණෑගල ප්‍රදේශ තුල දරුණු සටන් ඇති විය. ඉංග්‍රීසි හමුදාවෝ දහස් ගාණනක් මැරුම් කෑහ. මහ උසාවිය විනාශ විය. මුඩුබිම් පනත ගිනි තැබුවේය. කුරුණෑගල සිරගේ බින්දේය. අන්ත අසරණවූ ටොරිංටන්ට අවසානයේ යුධ නීතිය ක්‍රියාත්මක කිරීමට සිදුවිය. සිදුවූයේ කිසි කෙනෙකු නොසිතූවකි. නැවත වතාවක් ඉංග්‍රීසි හමුදාවෝ යුධ නීති උල්ලංඝනය කරමින් සිවිල් වාසය වනසන්නට විය. මාතලේ කැරැල්ලට උපකාර කළ කුඩාපොල හිමියන් 1848 අගෝස්තු 26වැනි දින මහ නුවර දළදා මාළිගාව ඉදිරිපිටදී වෙඩි තබා අපවත් කරන නීච ඉංග්‍රීසි හමුදාවෝ 1848 අගෝස්තු 29වැනි දින පුරන් අප්පු වීරයාවත් ඩිංගිරාළ වීරයාවත් වෙඩි තබා ඝාතනය කරමින් මාතලේ සටන තිඹිරි ගෙයිහිම මිහිදන් කළේය.

"මගේ අම්මා මං වගේ තව තුන් දෙනෙක්වත් බිහි කළා නම් ඉංග්‍රීසී පරයින්ව අපේ රටෙන් අතුගාලා දාන්න තිබ්බා" (වීර පුරන් අප්පු)

1948

Rare footage of the 1948 Independence celebrations, from the recently released British Pathe collection

මිගෙට්ටුවත්තේ ගුණානන්ද හිමි පානදුරා වාදයට පණ පොවද්දී විදුදය, විදුලකර ප්‍රධාන කොට රට පුරා පිරිවෙන් අධ්‍යාපනය නැගී එද්දී අනගාරික ධර්මපාල තුමා මහා බෝධි සංගමය හා තරුණ බෞද්ධ සංගමය පිහිටුවමින් අමද්‍යප ව්‍යාපාරය අරඹද්දී හෙන්රි ඕල්කට්තුමාගේ පරමවිඥාර්ථ බෞද්ධ සංගමය කරලියට එද්දී සර් පොන්නම්බලම් රාමනාදන්, සර් පොන්නබලම් අරුනාචලම්, ආරුමුග නාවලර්, සිද්ධිලෙබ්බේ වැනි අරගල කරුවන් හින්දු හා මුස්ලිම් අධ්‍යාපනික ව්‍යාපාර වෙනුවෙන් පෙනී සිටිද්දී බටහිර ගැති ලාංකිකයින් කිහිපදෙනෙකුගේ පෙත්සමකට 1947 දී ‍සෝල්බරි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ 1948 පෙබරවාරි මස 04 වැනි දින ශ්‍රී ලංකාව නිදහස ලැබුනේලු.

මදක් සිතන්න එය 'නුඹලාගේ ගෙදර, අපි කියන විදියට, නුඹලාගේ පාඩුවේ ඉඳපල්ලා' යැයි පැවසීම වැන්නක් නොවන්නේද ?

Share on facebook
Share on twitter
Share on whatsapp

Highlights.

Latest.

KAMU.

Welcoming the Year of the Horse at Yue Chuan, The Kingsbury

Yue Chuan, the award-winning Chinese restaurant at The Kingsbury, Colombo, invites guests to usher in the

Highlights Kamu

Soho Hospitality Charts First Expansion into South Asia with Charcoal’s Colombo Debut

Bangkok-based international hospitality group selects Sri Lanka for its game- changing dining brand Charcoal Tandoor

Highlights Kamu

Brunch at ITC Ratnadipa – Review

By Ranugi Thihansa If you’re looking for a Sunday brunch that brings together incredible food,

Highlights Kamu Yamu Guide

Harpo’s Pizza and Pasta: Review

We dropped by Harpo’s Pizza and Pasta the other day, and it turns out it’s

Highlights Kamu

The Fort Café by Tasty Caterers – Review

By Linara Wimalaweera The Fort Café by Tasty Caterers offers a refreshing escape from the

Highlights Kamu Yamu Guide

Nihonbashi by Dharshan – Review

Written by Linara Wimalaweera When it comes to Japanese fine dining in Colombo, few names

Highlights Kamu

Trending.

Yazu Set to Make Sri Lankan Debut at Radisson Blu Resort Galle in 2026

Radisson Blu Resort Galle is set to unveil its newest culinary venture in March 2026 with the opening of Yazu by

Highlights Trending Yamu Guide

Indiya Enters a New Chapter

Colombo, Sri Lanka – [9th March 2025] — Indiya, the signature Indian restaurant at Cinnamon

Highlights Trending

Here are the must visit Iftar spots for 2026

Ramadan 2026 brings with it a beautiful season of reflection, gratitude, and shared meals. Across

Highlights Trending Yamu Guide

Valentine’s Celebrations Unfolded at NH Collection Colombo

Valentine’s celebrations at NH Collection Colombo concluded on a high note, with guests enjoying an

Highlights Trending

Newburgh Ella: Where Sri Lanka’s Tea Heritage Rises Above the Clouds

A Tea Factory Reimagined High above the emerald hills of Ella, where mist drifts lazily

Highlights Trending

ITC Ratnadipa Presents ‘An Italian Affair’ in Partnership with the Italian Embassy, Sri Lanka

ITC Ratnadipa, Colombo in collaboration with the Embassy of Italy in Sri Lanka will host

Trending

Yamu Guide.

Yazu Set to Make Sri Lankan Debut at Radisson Blu Resort Galle in 2026

Radisson Blu Resort Galle is set to unveil its newest culinary venture in March 2026 with the opening of Yazu by

Highlights Trending Yamu Guide

A Ramadan Feast Awaits at ITC Ratnadipa – Available Till March 19

This Ramadan, ITC Ratnadipa invites guests to celebrate the holy month with ‘A Feast for

Highlights Yamu Guide

Here are the must visit Iftar spots for 2026

Ramadan 2026 brings with it a beautiful season of reflection, gratitude, and shared meals. Across

Highlights Trending Yamu Guide

IFTAR BUFFET LIST – 2026

With Ramadan 2026 now underway, families and friends are gathering in prayer, reflection, and devotion

Highlights Yamu Guide

Break Fast by the Lake: A Meaningful Ramadan at Cinnamon Lakeside Colombo

Colombo, Sri Lanka, 23rd February 2026 - This Ramadan, Cinnamon Lakeside Colombo invites guests to embrace the spirit

Highlights Yamu Guide

A Beautiful Beginning to Ramadan : Iftar at Cinnamon Grand Colombo

Colombo, Sri Lanka – 23rd February 2026 – This Ramadan, Cinnamon Grand Colombo welcomes guests to gather in reflection and

Highlights Yamu Guide