හීන හඹා යන්න බය ද? එහෙනම් මේ හින්දි ෆිල්ම් 12 බලන්න!.

අපි කාට කාටත් අහස උසට තමන්ගෙම කියල බලාපොරොත්තු, හීන තියනව නෙ. හැබැයි ඒව හැබෑ කරගන්න නං දහසක් බාධක වැටකඩොලු පරද්දන්න හයිය තියෙන්න ඕන. වැඩි දෙනෙක් කරන්නෙ බාධකයක් දැක්ක ගමන් වැඩේ අතෑරල දාන එක. එහෙම නැත්තං හීනෙ පස්සට කල් දාල, දැනට හිර වෙලා ඉන්න ජීවිතේ ඇතුළෙ ම සැප පහසුවට ගුලිවෙලා ඉන්න එක.

හීන පස්සෙ දිව්වොත් තමයි හීන පාට කරගන්න පුළුවන් වෙන්නෙ කියල අපිට කියල දෙන ඉන්දියානු සිනමාපට කීපයක් ගැන තමයි අපි මේ කියන්න යන්නෙ. ඔයත් හීන හැබෑ කරගන්න කම්මැලි වෙවී ඉන්න කෙනෙක් නං, අනිවාර්යයෙන් මේ චිත්‍රපටවලින් කීපයක් හරි හොයාගෙන බලන්න!

Wake Up Sid (2009)

අයාන් මුකර්ජි අධ්‍යක්ෂණය කරපු, 2009 අවුරුද්දෙ එළිදැක්ක වේක් අප් සිඩ් ෆිල්ම් එකෙන් කියවෙන්නෙ, දක්ෂකම තියාගෙනත් කම්මැලිකම සහ නොසැලකිලිමත්කම නිසා කිසි දේකට උවමනාවක් නැති, සල්ලි තියන පවුලක ඉපදුණු සිද්ධාර්ත් මෙහ්රා ගැන. රන්බීර් කපූර් තමයි ඒ චරිතෙට පණ දෙන්නෙ. ඉතිං මේ සිඩ්ට හම්බෙන අයිෂා කියන ගෑනු ළමයා (කොන්කොනා සෙන් ශර්මා) සිඩ්ට වගකීම් සහගත මනුස්සයෙක් වෙන්න ටික ටික කියල දීල, එයාගෙ ටැලන්ට් එකෙන් ප්‍රයෝජන අරං හීන ඇත්ත කරගන්න යොමු කරන විදිහ ගැනයි ෆිල්ම් එකෙන් පෙන්නන්නෙ. දශකයකට පස්සෙත් වේක් අප් සිඩ් තාමත් නැවුම් චිත්‍රපටයක් බවයි හුඟක් දෙනාගෙ අදහස.

Chak De! India (2007)

2007 අවුරුද්දෙ රිලීස් වුණ චක් දේ ඉන්ඩියා අධ්‍යක්ෂණය කළේ ශිමිත් අමින්. ඉන්දියාව සහ පකිස්තානය අතර හොකී ලෝක කුසලාන අවසන් තරගයෙන් තමයි ෆිල්ම් එක පටන්ගන්නෙ. ඒ තරගයෙන් ඉන්දියාව පරද්දල පකිස්තානය ජයග්‍රහණය කරනවා. මේ පරාජයට හේතුව ඉන්දියාව වෙනුවෙන් ක්‍රීඩා කරපු මුස්ලිම් ජාතික කබීර් ඛාන් (ශාරුක් ඛාන්) පකිස්තානයට තරගය පාවල දීම කියල රට පුරා මතයක් පැතිරෙනවා. ඉන් පස්සෙ වසර හතක් යනකන් කබීර් ඛාන්ට වෙච්ච දෙයක් කවුරුත් දන්නෙ නෑ. ඒ නිහඬ කාලයෙන් පස්සෙ ඔහු එළියට එන්නෙ ඉන්දීය කාන්තා හොකී පිලේ පුහුණුකරු විදිහට. මේ හම්බුණ අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජන ගන්න කබීර් ඛාන් බාධක කම්කටොලු රාශියක් අබිබවා ගිහින් කාන්තා පිල ජයග්‍රහණය කරා මෙහෙයවන ආකාරය තමයි ෆිල්ම් එකේ අන්තර්ගතය.

3 Idiots (2009)

මේක නම් නොබලපු කෙනෙක් හොයාගන්නත් අමාරුයි. 2009 තිරගත වුණ ත්‍රී ඉඩියට්ස් අධ්‍යක්ෂවරයා රාජ්කුමාර් හිරානි. අමීර් ඛාන්, මාධවන් සහ ශර්මන් ජෝශි මේකේ ප්‍රධාන චරිතවලට රංගනයෙන් දායක වෙනවා. ලෝකෙ පුරා අවධානයට සහ සම්මානයට පාත්‍ර වුණ මේ චිත්‍රපටය ඉන්දීය අධ්‍යාපන ක්‍රමයෙන් සිසුන්ට එල්ල වෙන පීඩනයේ ස්වභාවය සහ පීඩනය පරද්දලා ඔවුන් ජය ගන්න විදිහ පෙන්නල දෙනවා. ඉන්දීය ලේඛක චේතන් භගත්ගේ ෆයිව් පොයින්ට් සම්වන් පොත තමයි  ත්‍රී ඉඩියට්ස් සඳහා පාදක වුණේ.

Gully Boy (2019)

ගලී බෝයි රිලීස් වුණේ ගිය අවුරුද්දෙ. ඒ කියන්නෙ 2019. සත්‍ය කතාවක් පාදක කරගෙන නිර්මාණය වුණු මේකේ ගලී බෝයි විදිහට රංගනයේ යෙදෙන්නෙ රන්වීර් සිං. ඉන්දියාවේ මුඩුක්කු වාසී තරුණයෙක් තමන්ගෙ අප්‍රතිහත ධෛර්යය නිසා රැප් තරගයකින් ජය අරන් රැප් ගායකයෙකු බවට පත් වෙන විදිහ මේකෙන් නිරූපණය වෙනවා. සෝයා අක්තාර් විසින් අධ්‍යක්ෂණය කෙරුණු ගලී බෝයි, තමන්ගෙ ඇත්ත ජීවිතේට හරි යන පොඩි පොඩි හීන දකිනවා වෙනුවට, ලොකු හීනයක් ළඟට ඇත්ත ජීවිතේ ගෙනියන්න කියල දෙනවා.

Bhaag Milkha Bhaag (2013)

රාකේෂ් ඕම්ප්‍රකාශ් මෙහ්රා අධ්‍යක්ෂණය කරපු භාග් මිල්කා භාග් තිරගත වුණේ 2013 වසරෙ. ෆර්හාන් අක්තාර් ප්‍රධාන චරිතයට පණ පොවන මේ කතාව දුක දිනා ජීවිතය ජය ගත්ත විශිෂ්ටයෙකු ගැනයි. ඒ තමයි මිල්කා සිං නම් ඉන්දීය ක්‍රීඩකයා. මේ තිරපිටපත ලියවිලා තියෙන්නෙ මිල්කා සිං සහ ඔහුගේ දියණිය රචනා කරපු ඔහුගේ සැබෑ චරිතාපදානය ඇසුරින්. 

Guru (2007)

සුප්‍රකට ඉන්දීය සිනමාකරු මනිරත්නම් අධ්‍යක්ෂණය කරපු ගුරු සිනමාපටය 2007 තමයි එළිදැක්කේ. අභිෂේක් බච්චන් සමග අයිශ්වර්යා රායි රැඟුමෙන් දායක වෙන මේක ගුරුකාන්ත් නම් ව්‍යාපාරිකයා, බින්දුවෙන් පටන් අරන් තමන්ගෙ ව්‍යාපාරික ජීවිතේ ඉහළටම යන හැටි පෙන්නල දෙනවා. විශේෂත්වය වෙන්නේ, සල්ලි හොයාගෙන ජීවිතයේ ඉහළට නගිනකොට ව්‍යාපාරිකයෙකු අතින් සිදු වන වැරදි සහ නීතිවිරෝධී දේවල් පවා මේ ෆිල්ම් එකෙන් අනාවරණය කරන එකයි.

Dangal (2016)

නිතේෂ් තිවාරිගේ අධ්‍යක්ෂණයක් වුණු දංගල් තිරගත වුණේ 2016 අවුරුද්දෙ. ප්‍රධාන චරිතයට දායක වුණේ අමීර් ඛාන්. තමන්ගෙ එකම හීනය වුණු රෙස්ලිංවලින් තම රට නියෝජනය කිරීම ඉෂ්ට කරගන්න බැරි වුණ මහවීර් සිං පුතෙක් හදල ඔහු ලවා ඒ හීනය ඉටු කරගන්න හීන දකිනවා. හැබැයි ඔහුට ලැබෙන්නෙ දුවලම හතරදෙනෙක්. මේකෙන් බලාපොරොත්තු සුන් වෙලා ඉන්න අතරෙ තමයි දවසක් ඔහුගෙ දුවලාගෙන් දෙන්නෙක් පිරිමි ළමයි දෙන්නෙකුට ගුටිබැට දීල ගෙදර එන්නෙ. ඒ සිදුවීමෙන් පස්සෙ හිත වෙනස් වෙන මහවීර් සිං, බාධක මැද තමන්ගේ දියණියන්ට රෙස්ලිං පුහුණු කරන්න කැප වෙන ආකාරයයි දංගල් තුළින් අපිට පෙන්නන්නෙ.

Karwaan (2018)

2018 මහජන ප්‍රදර්ශනය ඇරඹුණු කැරවෑන්, ආකාශ් කුරානාගේ අධ්‍යක්ෂණයක්. ඉර්ෆාන් ඛාන්, ඩල්කර් සල්මාන් එක්ක මිතිලා පල්කර් රඟපාන මේ ෆිල්ම් එක, තාත්තා නිසා තමන්ගෙ හීන අතෑරලා දාපු අවිනාශ් රාජ්පුරෝහිත් කියන තරුණයාට, තාත්තගෙ මරණය නිසා මූණ දෙන්න සිද්ද වෙන සිදුවීම් පෙළක් වටා තමයි දිවෙන්නෙ. එක්කෙනෙකුට එක්කෙනෙක් නොගැළපෙන තුන්දෙනෙක් එකතු වෙලා යන අමුතු විදිහෙ රෝඩ්ට්‍රිප් එකක් අපිට මේ ෆිල්ම් එකෙන් මුණගැහෙනවා. තාත්තා නිසා තමන්ට අප්පිරිය ජොබ් එකක් කරමින් හිටපු අවිනාශ්, අන්තිමේ ඒ වෙනුවට ෆොටෝග්‍රැෆර් කෙනෙක් වීමේ තමන්ගෙ හීනය හැබෑ කරගන්නවා.

Swades (2004)

ස්වදේස් රිලීස් වුණේ 2004දි. අශුතොෂ් ගොවාරිකර් තමයි අධ්‍යක්ෂවරයා. සත්‍ය කතාවක් පදනම් කරගෙන නිර්මාණය වුණු මේකේ ප්‍රධාන චරිතය හොබවන්නෙ ශාරුක් ඛාන්. ඇමරිකාවේ නාසා ආයතනයේ සේවය කරන ඉන්දියානුවෙක් නැවත සිය රටට ඇවිත් දුප්පත් වැසියන්ට සේවය කරන්න අසීමිතව කැප වෙන ආකාරය තමයි මේ ෆිල්ම් එකෙන් පෙන්නන්නෙ.

Rang De Basanti (2006)

ලෝකය පුරාම විශාල ප්‍රේක්ෂක අවධානයක් දිනා ගනිමින් තිරගත වුණු රංග් දෙ බසන්ති අධ්‍යක්ෂණය කළේ රාකේෂ් ඕම්ප්‍රකාශ් මෙහ්රා. නිදහස දිනාගන්නට සටන් වැදුණු අරගලකරුවන් පිළිබඳව නිර්මාණය වන වාර්තා චිත්‍රපටයකට රංගනයෙන් දායක වෙන්නට ලැබෙන දිල්ලියේ තරුණයන් පස්දෙනෙක්, ඉන්පස්සෙ තමන්ගෙ මිතුරෙකුගේ මරණයට විරුද්ධව අඛණ්ඩව සටන් කරන ආකාරය ගැනයි ෆිල්ම් එකෙන් කියවෙන්නෙ. 2006 තිරගත වුණු මේකේ ප්‍රධාන චරිතය රඟපාන්නෙ අමීර් ඛාන්. 

Udaan (2010)

වික්‍රමාදිත්‍ය මොට්වානි කියන සුප්‍රසිද්ධ ඉන්දීය අධ්‍යක්ෂවරයාගේ නිර්මාණයක් වෙන උදාන් රිලීස් වුණේ 2010 වසරෙයි. කතාවෙ හැටියට ඉස්කෝලෙන් එළියට වැටෙන රොහාන් කියන ශිෂ්‍යයාට නැවත ගෙදර යන්න සිද්ධ වෙනවා. ඒ ගෙදර ඉන්නෙ පරපීඩකයෙක් වෙන ඔහුගේ පියා සහ පියාගෙන් වෙනත් ගැහැනියකට දාව ලැබුණු හය හැවිරිදි දරුවෙක්. පියාගේ බලහත්කාරයන්ට යටත් වෙලා හිටියත් රොහාන්ට අවශ්‍ය ලේඛකයෙක් වෙන්න. ඔහු පියාගේ අඩන්තේට්ටම්වලට මුහුණ දෙන හැටි සහ ඊට විරුද්ධව සටන් කරල ඉන් ගැලවෙන ආකාරය තමයි ෆිල්ම් එකෙන් පෙන්නන්නෙ.

Taare Zameen Par (2007)

අමීර් ඛාන් අධ්‍යක්ෂණය කරපු, 2007 වසරේ එළිදැක්වුණු තාරේ සමීන් පර් කියන්නෙත් ප්‍රේක්ෂකයන් අමන්දානන්දයට පත් කරල සම්මාන රැසක් දිනාගත් සිනමාපටයක්. පාසල් වැඩවලට දුර්වල අට හැවිරිදි පුංචි ඉෂාන් වටා තමයි කතාව ගෙතෙන්නෙ. පවුලේ අයගේ පවා නුරුස්නාවට ලක් වෙන ඉෂාන්ගේ හැකියාවන් අඳුනගෙන ඔහුට ආලෝකයක් වෙන චිත්‍ර ගුරුවරයෙක් නිසා, ඉෂාන්ගේ ජීවිතය වෙනස් පාරකට වැටෙන විදිහ මේ ෆිල්ම් එකෙන් දැක බලාගන්න පුළුවනි. ඉෂාන් විදිහට රඟපාන්නෙ දර්ශීල් සෆාරි.

Share on facebook
Share on twitter
Share on whatsapp

Highlights.

Latest.

KAMU.

Welcoming the Year of the Horse at Yue Chuan, The Kingsbury

Yue Chuan, the award-winning Chinese restaurant at The Kingsbury, Colombo, invites guests to usher in the

Highlights Kamu

Soho Hospitality Charts First Expansion into South Asia with Charcoal’s Colombo Debut

Bangkok-based international hospitality group selects Sri Lanka for its game- changing dining brand Charcoal Tandoor

Highlights Kamu

Brunch at ITC Ratnadipa – Review

By Ranugi Thihansa If you’re looking for a Sunday brunch that brings together incredible food,

Highlights Kamu Yamu Guide

Harpo’s Pizza and Pasta: Review

We dropped by Harpo’s Pizza and Pasta the other day, and it turns out it’s

Highlights Kamu

The Fort Café by Tasty Caterers – Review

By Linara Wimalaweera The Fort Café by Tasty Caterers offers a refreshing escape from the

Highlights Kamu Yamu Guide

Nihonbashi by Dharshan – Review

Written by Linara Wimalaweera When it comes to Japanese fine dining in Colombo, few names

Highlights Kamu

Trending.

Are Men Moving With The Jewellery Trends in Sri Lanka? ‘Yes,’ says DINIDU Colombo

Fine jewellery in Sri Lanka is no longer bound by gender. Accessorising has become an

Highlights Trending

Indian Destination Weddings Shift Towards Experience-Led Celebrations, Positioning Sri Lanka as a Rising Luxury Destination

New industry insights reveal Indian couples are spending more, inviting fewer guests and prioritising experiences over extravagance,

Highlights Trending

25% Off Lunch at Harbour Court This September

Make lunch plans worth looking forward to this September at The Kingsbury’s Harbour Court, with

Highlights Trending

Barista Reaches 100 Outlets, Bringing World-Class Coffee Experience Closer Across Sri Lanka

Barista Coffee Lanka marked a significant milestone in its journey on 31 August 2026 with

Highlights Trending

L’Incontro: An Italian Table by the Bentota Coast

There’s something particularly appealing about an Italian restaurant at the beach. Perhaps it’s the shared

Highlights Trending

Yamu Guide.

Shangri-La Colombo Unveils a New Chapter at Tiki Bar

As the sun dips into the Indian Ocean and the city begins to exhale, Tiki

Trending Yamu Guide

DINIDU: Colombo’s Premier Destination for Wedding Anniversary Gifts

Every wedding anniversary is a chapter of a love story that continues to evolve. These

Highlights Yamu Guide

Yazu Set to Make Sri Lankan Debut at Radisson Blu Resort Galle in 2026

Radisson Blu Resort Galle is set to unveil its newest culinary venture in March 2026 with the opening of Yazu by

Highlights Trending Yamu Guide

A Ramadan Feast Awaits at ITC Ratnadipa – Available Till March 19

This Ramadan, ITC Ratnadipa invites guests to celebrate the holy month with ‘A Feast for

Highlights Yamu Guide

Here are the must visit Iftar spots for 2026

Ramadan 2026 brings with it a beautiful season of reflection, gratitude, and shared meals. Across

Highlights Trending Yamu Guide