ජාත්‍යන්තර තේ දිනය: තේ කඳුවලට යට වුණු කඳුළු කඳු.

ඔබ මේ සටහන කියවන්න පටන්ගන්න මේ වෙලාවේ සමහර විට ඔබේ අතේ තේ කෝප්පයක් ඇති. නැත්තං බීලා ඉවර වුණ තේ කෝප්පයක් අහළ පහළක ඇති. එහෙමත් නැත්තං දැන් නම් තේ එකක් බිව්වොත් හොඳයි කියල හරි හිතෙනවා ඇති.

ලංකාවේ අපේ ජීවිතවලට බත් තරමට ම සමීප තවත් දෙයක් තියනව නම් ඒ තමයි තේ. අපිට එක තේ කෝප්පයක් හෝ නොබී ගෙවෙන දවසක් උදා වෙන්නේ කලාතුරකින්. ඒ වගේ ම ඕන ම වැදගත් අවස්ථාවකදී, සංග්‍රහයකදී ආගන්තුක සත්කාරය වෙනුවෙන් පෙරමුණ ගන්නෙ තේ එකක්. ඉතින් තේ අපේ සංස්කෘතියේ ම කොටසක් වෙලා නිසා ලංකාවයි තේයි අතරෙ තියෙන්නෙ බොහොම ළඟ බැඳීමක්. අපි තේ බොන රටක් විතරක් නොවී, තේ නිෂ්පාදනය සිදු කරන රටක් වීම තමයි ඒකට හේතුව.

ඊයේ, මැයි 21 ජාත්‍යන්තර තේ දිනය.

තේ දිනයක් උත්කර්ෂයෙන් සැමරුවත්, ලංකාවේ තේ කර්මාන්තය කියන්නෙ උත්කර්ෂයෙන් සමරන්න පුළුවන් දෙයක් නෙමෙයි. ඒකට හේතුව, තේ කර්මාන්තය එක්ක බිම් මට්ටමින් සම්බන්ධ මිනිස්සුන්ගේ ජීවිතවල තියන දුක්ඛිත බව. කොරෝනා වසංගතය නිසා නිවී සැනසිල්ලේ ගෙදරට වෙලා ඔබ බොන තේ කෝප්පය ඔබේ අතට ගෙනත් දෙන්න දහඩිය හෙළපු මිනිස්සු, කොරෝනා වසංගතය නිසා ම පත් වෙලා ඉන්න ජීවන තත්ත්වය ගැන ඔබට අදහසක් තියනවා ද?

මේ සටහන ඒ ගැන.

ජාත්‍යන්තර තේ දිනය

තේ කියන්නේ ජලයට පස්සේ ලෝකයේ වැඩිපුර ම පරිභෝජනය කෙරෙන පානය. ජාත්‍යන්තර තේ දිනය මීට පෙර, එනම් 2005 වසරේ සිට සැමරුණේ දෙසැම්බර් 15 වෙනිදා. මේ වසරේ එක්සත් ජාතීන්ගේ මහා සභාව විසින් මැයි 21 වැනිදා ජාත්‍යන්තර තේ දිනය වශයෙන් ප්‍රකාශයට පත් කරනු ලැබීමෙන් අනතුරුව, එක්සත් ජාතීන්ගේ ආහාර සහ කෘෂිකර්ම සංවිධානය විසින් එය උත්කර්ෂයෙන් සැමරුණා. එහි අරමුණ තේ හා බැඳුණු දීර්ඝ ඉතිහාසයත්, ලොව පුරා වන සංස්කෘතික හා ආර්ථික විශේෂතාත් සිහිපත් කිරීමයි. කුසගින්න සහ දිළිඳුකමට එරෙහි සටනේ දී තේ කර්මාන්තයේ කාර්යභාරය ගැන වගේ ම, තිරසාර නිෂ්පාදනය ගැනත් ජාත්‍යන්තර තේ දිනයේදී අවධානය යොමු වුණා.

ඡායාරූපය: www.un.org

ඉන්දියාව, ශ්‍රී ලංකාව, නේපාලය, වියට්නාමය, ඉන්දුනීසියාව, බංග්ලාදේශය, කෙන්යාව, මලාවි, මැලේසියාව, තුර්කිය, මියන්මාරය, ඉරානය, රුවන්ඩාව උගන්ඩාව සහ ටැන්සානියාව වැනි තේ නිෂ්පාදනයේ පුරෝගාමී රටවල පවුල් මිලියන ගණනක ජීවනෝපාය තේ කර්මාන්තයයි. මේ රටවල් බොහොමයක් දියුණු වෙමින් පවතින, නැත්නම් දිළිඳු රටවල් වීම සහ, මේ හැම රටක  ම බිම් මට්ටමින් තේ කර්මාන්තයේ යෙදී ඉන්න ශ්‍රමිකයන්, අන්ත දිළිඳු පිරිසක් වීම විශේෂත්වයක්.

ලංකාවේ තේ කර්මාන්තය 

තේ පැලයක් ඉස්ඉස්සෙල්ලා ම චීනයෙන් ලංකාවට ගේන්නේ බ්‍රිතාන්‍ය ජාතිකයන්. ඔවුන් එය පැල කරන්නේ පේරාදෙණිය උද්භිද උද්‍යානයේ. ඒත් කර්මාන්තයක් විදිහට මුලින් ම ලංකාවේ තේ වගාව ඇරඹෙන්නේ, 1852 දී ලංකාවට පැමිණි ජේම්ස් ටේලර්, 1867 දී මහනුවර දිස්ත්‍රික්කයේ දෙල්තොට ප්‍රදේශයේ අක්කර 19ක භූමි භාගයක තේ වගා කරලා, ලූල්කඳුර වතු යාය පිහිටුවීමත් එක්ක.

ඡායාරූපය: www.lonelyplanet.com

එතැන් සිට මේ දක්වා ගෙවුණු වසර 153ක පමණ කාලයේදී තේ කර්මාන්තය අතුපතර විහිදුණු විශාල ගසක් සේ ඉතා සරුවට වැඩී වර්ධනය වුණා. 1938 දී ප්‍රථම වරට තලවාකැලේ ප්‍රදේශයේ තේ පර්යේෂණ ආයතනයක් ද පිහිටුවනු ලැබුවා. අද වන විට ලංකාව, ලෝකයට තේ අපනයනය කරන රටවල් අතර ප්‍රමුඛස්ථානයක් උසුලනවා.

‘සිලෝන් ටී’ විශේෂ ඇයි?

ලංකාවේ තේ ලොව පුරා ප්‍රචලිත ‘සිලෝන් ටී’ නමින්. බොහෝ විදේශිකයන් ලෝකයේ හොඳ ම තේ ලෙස සිලෝන් ටී හඳුන්වන්නට හේතු කීපයක් තියනවා.

අපේ තේ කර්මාන්ත ශාලාවල විවිධ වර්ගවල තේ නිෂ්පාදනය කෙරෙනවා. සිලෝන් බ්ලැක් ටී, සිලෝන් ග්‍රීන් ටී සහ සිලෝන් සිල්වර් ටිප්ස් ඊට උදාහරණ විදිහට දක්වන්න පුළුවන්. මේ හැම වර්ගයකට ම ඊට ම ආවේණික රසක් සහ සුවඳක් තියනවා.

ඒ වගේ ම, අපේ තේ වගාවේ දලු නෙළීම සිදු කෙරෙන්නේ ලංකාවට සුවිශේෂ ක්‍රමයකට. ලංකාවේ තේවලට විශේෂිත රස සුවඳ ලැබෙන්නේ මේ ක්‍රමයෙන්. ඒ අනුව තේ ගසේ පෙති දෙකක් සහ අංකුරයක් සහිත කොටස තමයි තේ දල්ලක් කියල හැඳින්වෙන්නේ. මේක නෙළන්නේ මිනිස් අතින්. විශාල තේ වතු යායවල පාට පාටින් තැන තැන පුංචියට පේන තේ දලු නෙළන ළඳුන් කඳුකරය පැත්තේ යනකොට ඔබ දැකල ඇති. මේ අය ගැන කවි ගීත එහෙමත් ලියවිලා තිබුණට, ඔවුන්ගේ ඇත්ත ජීවිතේ ඒ තරම් මිහිරි, සුන්දර එකක් නෙමෙයි.

වතු කම්කරුවෝ

ඡායාරූපය: www.dailymirror.lk

වතු ජනතාව කියන්නෙ තේ කර්මාන්තයේ මුදුන් මුල වගේ. මේ අය පරම්පරා ගණනාවක් තිස්සේ යෙදෙන්නේ මේ වෘත්තියේ. ගැහැනු ළමයි අවුරුදු 12ක් විතර වෙද්දිම තමන්ගේ අම්මලා, ආච්චි අම්මලා දිහා බලාගෙන තේ වත්තේ වැඩට හුරු වෙනවා. ඉගෙනීම, හොඳ රැකියාවක්, සැපපහසු ජීවිතයක්.. වගේ හීන ඔවුන්ට තියෙන්නෙ කලාතුරකින්. තිබුණත් ඒවා හැබෑ කරගන්න මාර්ගයක් නෑ. ඒකට මූලික හේතුව ඔවුන්ගේ ජීවන තත්ත්වය සහ ආර්ථික අපහසුතා. මේ වතු කම්කරුවන්ට හරියකට ජලය, විදුලිය, සනීපාරක්ෂක පහසුකම් විතරක් නෙමෙයි, දරුවන්ට නිසි අධ්‍යාපනයක් තබා ආහාරපානවත් නිසි ලෙස ලැබෙන්නෙ නෑ. ඔවුන් මුළු ජීවිත කාලය ම ජීවත් වෙන්නේ වත්තේ ම තියන අඩි දහයයි දහයේ දුප්පත් ලැයිම් කාමරවල.

ඔබේ අතේ තියන, රට රටවල රස පැතිරුණු ඒ තේ කෝප්පය වෙනුවෙන් දහඩිය හෙළපු මිනිස්සුන්ට, දවසකට ලැබෙන්නෙ රු. 550 – 850 අතරෙ වැටුපක් බව ඔබ දැන හිටියද? දිනකට රු. 1000ක් වත් නැතිව පවුල් පිටින් ටකරන් සෙවිලි කරපු ලැයිම් කාමරවල ජීවත් වෙන ඔවුන් ජීවිතය සරි කරගන්නේ කොහොමද කියල හිතාගන්න පුළුවන් ද?

මේ දෛනික වැටුප අවම වශයෙන් රු. 1000 කරල දෙන්න කියල ඔවුන් කාලාන්තරයක් තිස්සෙ අරගල කරනවා. ඒත් තාමත් වතු සමාගම් හෝ රජය ඒ ගැන නිසි අවධානයක් දක්වන්නෙ නෑ. හැබැයි, ඉල්ලීම් ඉල්ලන්න හඬක්වත් නැති මේ මිනිස්සු වෙනුවෙන් පෙරට ආපු ඇතැම් සංවිධාන සහ තනි පුද්ගලයින් විසින් මේ අරගලය දිගින් දිගට ම කරගෙන යමින් ඉන්නවා. වරක් තමන්ව නිව්යෝක් නගරයට රැගෙන යමින් තිබූ කටාර් එයාවේස් ගුවන්යානයකදී තමන්ට ලැබුණු තේ කෝප්පය ‘සිලෝන් ටී’ බව දැනගැනීමෙන් පස්සේ, ලංකාවේ තේ කර්මාන්තය යට සැඟවුණු ජීවිතවල අන්ත දුක්ඛිත භාවය ගැන ගුවන්යානයේ කපිතාන්වරයා ඇතුළු කාර්ය මණ්ඩලය දැනුවත් කරන්නට මාධ්‍යවේදී කසුන් පුස්සෙවෙල ලිපියක් ලියා තිබුණා. මේ ලින්ක් එකෙන් ඔබට ඒ ලිපිය කියවන්න පුළුවන්.

ඡායාරූපය: www.facebook.com/kasun.pussewela

කොරෝනා සමයේ වතු ජනතාව

කොරෝනා වසංගතයත් එක්ක අපිට උදා වෙලා තියන තත්ත්වය ගැන ඔබ කනස්සල්ලෙන් නම්, වතු කම්කරුවන්ගේ මේ දිනවල ජීවිතය කොහොම ඇති ද කියල පොඩ්ඩක් නැවතිලා හිතලා බලන්න. මේ අයට අර කියපු දිනක වැටුප ලැබෙන්නේ වත්තේ වැඩ කරන දවසට විතරයි. මේ දිනවල කොරෝනා නිසා වතු වැඩ නෑ. ඉතින් ඔවුන්ට වැටුපකුත් නෑ. ඒ වගේ කුඩා වැටුපක් හිමි වෙනකොට ඔවුන් අතේ ඉතිරි කරගත් මුදලක් තියෙන්න විදිහකුත් නෑ.

වතු වැඩවලින් ලැබෙන ආදායම මදි වුණාම වතු කම්කරු පිරිමි පාර්ශ්වය කොළඹ ආශ්‍රිත නගරවලට ඇවිත් කුලී වැඩ හොයාගෙන කරමින් හිටියා. මේ ඇඳිරි නීති සහ වසංගත තත්ත්වය නිසා තවදුරටත් ඔවුන්ට කුලී වැඩ ලැබෙන්නෙත් නෑ. ගෙදරට අත්‍යවශ්‍ය බඩු ගන්නත් ලැයිම් කාමරවලට හැතැප්ම ගණනාවකට එහායින් තියන නගරයට ඔවුන් යන්න ඕන. සාමාන්‍යයෙන් ඔවුන් නගරයට යන්නෙ පයින්. ඒත් පයින් යන්නත් බැරි මේ කාලේ ඔවුන්ට කාගෙවත් පිහිටක් නෑ.

ඉතින් මේ කොරෝනා කාලේ තමන් වෙනුවෙන් අවම වශයෙන් මාසෙකට බඩු මල්ලක් හෝ ලබා දෙන්න කියල ඔවුන් වතු අයිතිකරුවන් සහ සමාගම් වෙතින් ඉල්ලා හිටියත් ඒකට යහපත් ප්‍රතිචාරයක් ලැබුණේ නෑ. ඒ තියා, කොරෝනා වසංගත තත්ත්වය හේතුවෙන් ආදායම් අහිමි, අඩු ආදායම්ලාභී පවුල්වලට රජය විසින් ලබා දෙන රු. 5000 දීමනාව වත් මේ අයට නිසි ලෙස ලැබෙන්නේ නෑ.

අවසන් වශයෙන්..

තේ කඳුවලින් වට වුණු කඳුකරය යට කඳුළු කඳු හැංගිලා තියෙන බව බොහෝ දෙනෙක් දන්නෙ නෑ. අපි අතට එන තේ කෝප්පය වෙනුවෙන් වතු ජනතාව විශාල මිනිස් ශ්‍රමයක් හෙළන බව සහ, ඒ වෙනුවෙන් නිසි වේතනයක් වත් නොලබන බව නොදැන ඉඳීම අපේ අත්වැරැද්දක්. හැකි නම් ඔවුන් වෙනුවෙන් යමක් කරන්න උත්සාහ කරමු. නැති නම් අවම වශයෙන් වතු කම්කරුවන්ගේ දහඩිය ලේ කඳුළු වෙනුවෙන් කෘතඥ පූර්වක වෙමු. ඊළඟ තේ කෝප්පය පානය කරන මොහොතේ පටන් මොහොතකට ඔවුන් ගැනත් හිතා බලන්න ඔබට පුළුවන් වේ යැයි අපි හිතනවා.

Share on facebook
Share on twitter
Share on whatsapp

Highlights.

Latest.

KAMU.

Welcoming the Year of the Horse at Yue Chuan, The Kingsbury

Yue Chuan, the award-winning Chinese restaurant at The Kingsbury, Colombo, invites guests to usher in the

Highlights Kamu

Soho Hospitality Charts First Expansion into South Asia with Charcoal’s Colombo Debut

Bangkok-based international hospitality group selects Sri Lanka for its game- changing dining brand Charcoal Tandoor

Highlights Kamu

Brunch at ITC Ratnadipa – Review

By Ranugi Thihansa If you’re looking for a Sunday brunch that brings together incredible food,

Highlights Kamu Yamu Guide

Harpo’s Pizza and Pasta: Review

We dropped by Harpo’s Pizza and Pasta the other day, and it turns out it’s

Highlights Kamu

The Fort Café by Tasty Caterers – Review

By Linara Wimalaweera The Fort Café by Tasty Caterers offers a refreshing escape from the

Highlights Kamu Yamu Guide

Nihonbashi by Dharshan – Review

Written by Linara Wimalaweera When it comes to Japanese fine dining in Colombo, few names

Highlights Kamu

Trending.

Yazu Set to Make Sri Lankan Debut at Radisson Blu Resort Galle in 2026

Radisson Blu Resort Galle is set to unveil its newest culinary venture in March 2026 with the opening of Yazu by

Highlights Trending Yamu Guide

Indiya Enters a New Chapter

Colombo, Sri Lanka – [9th March 2025] — Indiya, the signature Indian restaurant at Cinnamon

Highlights Trending

Here are the must visit Iftar spots for 2026

Ramadan 2026 brings with it a beautiful season of reflection, gratitude, and shared meals. Across

Highlights Trending Yamu Guide

Valentine’s Celebrations Unfolded at NH Collection Colombo

Valentine’s celebrations at NH Collection Colombo concluded on a high note, with guests enjoying an

Highlights Trending

Newburgh Ella: Where Sri Lanka’s Tea Heritage Rises Above the Clouds

A Tea Factory Reimagined High above the emerald hills of Ella, where mist drifts lazily

Highlights Trending

ITC Ratnadipa Presents ‘An Italian Affair’ in Partnership with the Italian Embassy, Sri Lanka

ITC Ratnadipa, Colombo in collaboration with the Embassy of Italy in Sri Lanka will host

Trending

Yamu Guide.

Yazu Set to Make Sri Lankan Debut at Radisson Blu Resort Galle in 2026

Radisson Blu Resort Galle is set to unveil its newest culinary venture in March 2026 with the opening of Yazu by

Highlights Trending Yamu Guide

A Ramadan Feast Awaits at ITC Ratnadipa – Available Till March 19

This Ramadan, ITC Ratnadipa invites guests to celebrate the holy month with ‘A Feast for

Highlights Yamu Guide

Here are the must visit Iftar spots for 2026

Ramadan 2026 brings with it a beautiful season of reflection, gratitude, and shared meals. Across

Highlights Trending Yamu Guide

IFTAR BUFFET LIST – 2026

With Ramadan 2026 now underway, families and friends are gathering in prayer, reflection, and devotion

Highlights Yamu Guide

Break Fast by the Lake: A Meaningful Ramadan at Cinnamon Lakeside Colombo

Colombo, Sri Lanka, 23rd February 2026 - This Ramadan, Cinnamon Lakeside Colombo invites guests to embrace the spirit

Highlights Yamu Guide

A Beautiful Beginning to Ramadan : Iftar at Cinnamon Grand Colombo

Colombo, Sri Lanka – 23rd February 2026 – This Ramadan, Cinnamon Grand Colombo welcomes guests to gather in reflection and

Highlights Yamu Guide