ඔබ මිලදී ගන්න කෑම ඇත්තටම අලුත්ද? මෙහෙමයි දැනගන්න පුළුවන්.

දැන් කාලේ එළවළු ගන්න ගිහිං ඒවයේ ගණන් දැක්කම බඩගිනි වෙනව නෙමයි බඩ යනවා. පළතුරු ගණන් දැක්කම තරු පේනවා. ඒ මදිවට ඔච්චර දීලත් මුදලාලි හොඳ එළවලු පළතුරු දෙනවයි කියල විශ්වාසද? කොහොම වුණත් හැමදාම කඩෙන් කාල බැහැනේ. ඒක හින්ද ගෙවන මිලට වැඩිය වටින විදියට ඇත්තටම හොඳ එළවලු පළතුරු තෝරගන්නෙ කොහොමද කියල පොඩ්ඩක් බලමු.

 

පළතුරු

සාමාන්‍යයෙන් ඕන පළතුරක් හොඳද බලන්න අතට අරන් බලන්න කන්න පුළුවන් ප්‍රමාණයට මෙලෙක් වෙලාද කියල. සම්පුරණ ගෙඩියම එක වගේ හයියට තියෙන්න ඕනේ. හොඳ සුවඳක් එන්න ඕනේ. පාට ඒකාකාරී වෙන්න ඕනෙ. අපි උදාහරණ ටිකක් බලමු.

 

කෙසෙල්

අපේ ආදරණීය කෙසෙල් ගෙඩිය. ගමරාලගේ වංගෙඩිය වගේ හැම තැනකටම ඉස්සරහට දාන පළතුර. ගමරාල වගේ අපිත් කෙසෙල් වවාගෙන කෑවා නං තමයි ගුණ. එහෙම බැරි හින්ද කඩෙන් ගන්න වෙනව නං මේවා ගැන සැලකිලිමත් වෙන්න.

ඕනෙම පලතුරක වගේ කෙසෙල් ඉදෙනකොට මෘදු ගතියක් ගන්නවා. ඉතින් අතට අරගෙන බලන්න කන්න පුළුවන් තරමකට තියෙනවද කියල. හරි ගාණට ඉදිලා නං පලතුරේ මස යන්තං තද කලාම ආපහු නියම හැඩේට එන්න ඕනේ. එදාටම නොකා ටිකක් කල් තියාගන්න බලනව නං පොඩ්ඩක් හයියට තිබුණත් කමක් නෑ ගෙදරදී ඉදෙන්න. කෙසෙල් වර්ගය අනුව පාට වෙනස් වුනත් ඕන අමු කෙසෙල් ගෙඩියක් කොළ පාටයි. ඔය ආනමාලු වගේ කෙසෙල් වුනත් කන්න පුලුවන් වෙනකොට වෙනත් කොළ පාටක් ගන්නවා. ගන්නකොට පාට ක්‍රමක් ක්‍රමයෙන් ඉදුණු පාටට හැරෙන බව පැහැදිලිව පෙනෙන කෙසෙල් ගන්නවනං හොඳයි. සම්පුර්ණ ගෙඩියම තනි ඉදුණු පාට නං හුඟක් විට කාබයිට් ගහල කෘත්‍රිමව ඉදවපු එකක් වෙන්න පුළුවන්. විශේෂයෙන් අල්ලලා බලපුවාම තාම කන්න අමාරු තරං හයියයි නං අනිවාර්යයෙන් කාබයිට් ගහල. එහෙම නැහැයි කියල මුදලාලි පොරොන්දු වුනත් ඕව වැඩිකල් තියාගන්න බැරි හින්ද ගෙදර ගෙනිහිල්ල වැඩක් වෙන්නෙත් නෑ.

 

ගස්ලබු

ගස්ලබුවලටත් හුඟක් දුරට කෙසෙල්වලට සමාන ක්‍රමයක් තමයි තියෙන්නෙ. අතින් අල්ලලා බලනකොට මස එබෙනවද/එබෙන්නේ නැද්ද කියල හරියටම කියන්න බැරි ගාණට තියෙන්න ඕනෙ. ඒ වගේම ගෙඩිය ඉස්සුවම හිතුවට වඩා බරයි කියල හිතෙනව නං ගෙඩිය ඉදිලා. ලෙල්ලේ පාට සම්පුර්ණයෙන් කහ වෙච්ච ගෙඩි ගන්න එපා. කහ අතර කොළ පාටත් මිශ්‍ර ගෙඩි ගන්න. ඒ වගේම හොඳ ගෙඩියක් නං නැට්ට ලඟින් නියම ගස්ලබු ගෙඩියක ලා පැණිරස සුවඳ එන්න ඕනෙ.

 

කොමඩු

කොමඩු ගෙඩිත් අතට ගත්තම හිතුවට වඩා ගෙඩිය බර වැඩියි කියල හිතෙනවා නං හොඳට ඉදිච්ච ගෙඩියක් වෙන්නැති. කොමඩු ගෙඩි නං සද්දෙන් අඳුර ගන්නත් පුළුවන්. ගෙඩියට තට්ටු කරලා බැලුවම බඩට තට්ටු කළා වගේ සද්දයක් එනව නං ඉදිලා වැඩියි, ඔලුවට තට්ටු කළා වගේ නං ඉදිල මදි. හැබැයි පපුවට තට්ටු කළා වගේ නං ගාණට හරි. අනිත් එක සම්පුර්ණයෙන් කොළ පාට ගෙඩියෙ ලොකු කහ පාට හරියක් තියෙනවා නං බයවෙන්න එපා. ඒ කොමඩු ගෙඩිය බිම ගෑවුණ තැන. ඒ කියන්නෙ ඒක ස්වාභාවික විදියටම ඇතිකරල කියන එක.

 

දෙහි සහ අනිත් දොඩම් කුලයේ පලතුරු


මේවා ඉදුණම පෙන්නන පොදු ලක්ෂණ කිහිපයක් තියෙනවා. අතට බරට දැනෙනවා නං ගෙඩිය ඉදිලා හුඟක් යුෂ ගන්නත් පුළුවන්. අනික පොත්ත යන්තං සිරුවොත් හොඳ දෙහි, දොඩම් සුවඳක් එන්න ඕනෙ. ගෙඩිය යන්තං තද කලාම ලාවට තෙල් ගතියක් ඇඟිල්ලට දැනෙන්නත් ඕනේ. ලෙල්ල හුඟක් ඝනකම් කියල තේරෙනවා නං එත් අමු ගෙඩියක්.

 

අලිගැටපේර


අලිගැටපේර අල්ලලා බලල ඉදිලද නැද්ද කියල කියන්න පුළුවන්, පාටෙන් කියන්නන් පුළුවන්, හැබැයි ගෙඩියට වැඩිය හානියක් නොකර බලන්න විදිහකුත් තියෙනවා. නැට්ට ගෙඩියට සවිවෙලා තියෙන තැනින් ගලවල බලන්න. ඊට යටින් ලෙල්ල කොළ පාට නං ගෙඩිය හොඳයි. දුඹුරු වෙලා නං ඉදිලා වැඩියි.

 

අන්නාසි


හොඳ අන්නාසි හොයන්න එච්චර අමාරු නෑ. අන්නාසි ගෙඩියෙ මුදුනෙන් පොඩ්ඩක් ඉඹල බලන්න. හොඳ අන්නාසි සුවඳක් එනවනං ගෙඩිය හොඳයි. පරිස්සමෙන් හැබැයි. අන්නාසි කොළවලට මුණ තුවාල කරගන්න එපා ඔන්න.

අඹ


අඹත් නැට්ට ගාවින් හොඳ සුවඳක් එනවද කියලයි බලන්න ඕනේ. අතට ගත්තම එච්චර හයියට තියෙන්න බෑ. පාටින් විතරක් කියන්න අමාරුයි මොකද කෘත්‍රිමව ඉදවලද දන්නේ නැති හින්ද. හැබයි ගහේ ඉදවල නං කොළ පාටින් කහ පාටට හැරෙන බව පැහැදිලිව පේන්න ඕනෙ.

 

ස්ට්‍රෝබෙරි


ස්ට්‍රෝබෙරි දැන් ලඟදි ඉඳල නැගල යන හින්ද අපි පොඩ්ඩක් ඒවා ගැනත් බලමු. හොඳ ස්ට්‍රෝබෙරිවලින් හොඳ සුවඳක් එන්න ඕනේ. ඒ වගේම සම්පුර්ණ ගෙඩියම රතු පාට වෙනවා. ගෙඩියේ උඩ කොළ තාම තියෙනව නං වැඩිය හොඳයි.

 

එළවලු

එළවලුවලටත් මේ හුඟක් ඒවා තමයි බලන්න තියෙන්නෙ. අතට ගත්තම ගෙඩිය ඒකාකාරී විදියට අතට දැනෙන්න ඕනේ. පාටත් එහෙමයි. හැබැයි පලතුරු වගේ නෙමයි එළවළු හුඟක් වෙලාවට පුළුවන් තරං හයියට තියෙන්න ඕනේ. එළවළුවල සම්පුර්ණ ගෙඩියම තියෙනවනං වැඩිය හොඳයි. අපි උදාහරණ ටිකක් බලමු.

 

බීට්


බීට්වල කොලත් එක්ක තියෙන බීට් වැඩිය අලුත් වෙනවා. පරණ වෙනකොට කොළ මැලවෙන නිසා ඒවා අයින්කරනවා. අලේ හොඳට හයියට තියෙන්න ඕනෙ. හුඟක් දිග බීට් අල ගන්න එපා. ඒවායින් අමුතු රසක් එන්න පුළුවන්.

 

කැරට්


කැරට්වලත් කොළ තාම තියෙන ඒවා හම්බවුනොත් නියමයි. එහෙම නැත්තං අල දීප්තිමත් තැඹිලි පාටක් වෙන්න ඕනේ. අල අතට සාපේක්ෂව සුමුදුව දැනෙන්න ඕනේ. මුල් ඇදල තියෙන්න බැහැ.

 

බෝංචි


බෝංචි අතට හයියට දැනෙන්න ඕනේ. කොහේවත් එබෙන ගතියක් තියෙනවනං ගන්න එපා. පැල්ලම් වගේ තියෙනවනං එත් හොඳ නැහැ. කැඩුවම හොඳ සද්දයක් එක්ක කැඩෙන්න ඕනේ. හැබැයි කඩේ ඔක්කොම බෝංචි කඩල මුදලාලිගෙන් බැණුම් අහගන්න එපා. එකක් දෙකක් බලල තෝරන්න.

 

ලූනු


ගෙඩියෙන් කිසිම ගඳක් එන්න බැහැ හොඳ ලූනු නං. අතට බරට දැනෙන්න ඕනේ. උඩම පොත්ත විතරක් කඩදාසි වගේ තියෙන්න ඕනේ. තිත්, පැල්ලම් වැටිලා තියෙනවනං තැලිලා වෙන්න ඕනේ.

 

වම්බටු


වම්බටු හොඳනම් ලෙල්ලෙ දිලිසෙන ගතියක් තියෙන්න ඕනේ. දිලිසෙන ගතිය අඩුවෙන්න අඩුවෙන්න ගෙඩිය තිත්ත වෙන්න බලනවා. මස එබුවම පොඩ්ඩක් එබිලා ආපහු උඩට එන්න ඕනේ. තට්ටු කරලා බැලුවම බොල් සද්දයක් එනවා නං ගන්න එපා.

 

මාළු


මාළු තොරගන්නකොට බලන්න ඕන දේවල් කිහිපයක් තියෙනවා. ඉස්සෙල්ලම බලන්න ඕනෙ මාළුවාගේ මස. මස් එබුවම ආපහු උඩට එන්න ඕනෙ. හැබැයි රබර් වගේ වුණාට රබර් වගේ හයියට තියෙන්න බැහැ. මාළුවාගේ ඇස් පැහැදිලි වෙන්න ඕන. රතු ගතියක් හරි වලාකුළු හරි ඇහේ තියෙනවනං ඒ අලුත් මාළු නෙමයි. හැබැයි කරමල් හොඳට රතු පාට වෙන්න ඕනේ. කරමල් උස්සලා බැලුවොත් අලුත් මාළු නං රතු තද රතු පාටයි, ඇලෙන ගතියක් දැනෙන්නෙත් නැහැ. ඒ වගේම අපි අර මාළු ගඳයි කියන්නෙ? එහෙම වෙන්නෙ පරණ වෙච්ච මාළුවල. අලුත්ම මාළුවල එහෙම අප්‍රසන්න ගඳක් එන්නෙ නෑ.

 

මස් වර්ග

ඇල්වතුරත් නිවල බොන උපාසක ඇත්තෝ තරහ වෙන්න එපා. අපි මාංශ භක්ෂක ඇත්තෝ ගැනත් හිතන්න එපැයි. මෙන්න මස් මාළු අලුත්ද කියල බලන හැටි.

 

කුකුල් මස්


කුකුල් මස් අලුත් නම් හොඳ රෝස පාටක් මසේ තියෙන්න ඕනෙ. ඒ වගේම ටිකක් තද ගතියක් තියෙන්න අවශ්‍යයි. එබුවොත් එබිලම තියෙනවනං පරණ වෙලා. ඒ වගේම නහයට කිට්ටු කරලා බැලුවම ගඳයි නං ඒක තමයි පරණ වෙච්ච බවට හොඳම සාධකය.

 

හරක් මස්

හරක් මස් වයස අනුව පාටවල් තුනකින් පේනවා. අලුත්ම හරක් මස් නම් හොඳ දීප්තිමත් තද රතක් ගන්නවා. ඊට ටිකක් පරණ වෙලා නම් රතට හුරු තද දම් පාටක් ගන්නවා. අවසානයේ දුඹුරු පැහැයක් ගන්නවා. මේ එකක්වත් කන්න බැරුව නෙමයි. හැබැයි එකෙන් කියන්න පුළුවන් කොච්චර කල් ඒ මස කඩේ තිබිල තියෙනවද කියල. පුළුවන් තරම් අලුතෙන් ගන්නවා නං තමයි හොඳ.

 

ඌරු මස්

ඌරු මස් ගැන බලනකොටත් මීට හුඟක් සමානයි. අපි හොයන්නෙ රෝස පාට මසක්. පිරිසිදුව තියෙන්න ඕන. අනිත් එක බලපු ගමන් කුකුල් මස් කියල මාරු වෙනව නං ඒ හොඳ ඌරු මස් නෙමෙයි.

 

බිත්තර


බිත්තර ගන්නකොට හොඳින් බලන්න පිපිරීම් කටුවෙ තියෙනවද කියල. මොකද ඒවායින් විෂබීජ ඇතුල්වෙලා බිත්තරේ නරක් කරන්න පුළුවන්. ලොකු බිත්තර මිලට වැඩිය වටිනවා කියල හිතුනට ඒවායේ කටුව හුඟක් වෙලාවට සිහින් වෙන්න පුළුවන්. මධ්‍යම ප්‍රමාණයේ බිත්තර තමයි වඩාත් ආරක්‍ෂිත. පුළුවන් තරම් ශීතකරණය කරපු බිත්තර ගන්න මොකද සාමාන්‍ය උෂ්ණත්වවල විෂබීජ වැඩෙන්න තියෙන්න හැකියාව වැඩි නිසා.

දැන් ඉතින් මේවත් දැනගෙන තමන්ගේ සෞඛ්‍යයට සහ සාක්කුවට හිතකර විදියට මිලදී ගමු. නිකං ලෙඩ වෙන්න ඕනේ නෑ නේ.

Share on facebook
Share on twitter
Share on whatsapp

Highlights.

Latest.

KAMU.

Welcoming the Year of the Horse at Yue Chuan, The Kingsbury

Yue Chuan, the award-winning Chinese restaurant at The Kingsbury, Colombo, invites guests to usher in the

Highlights Kamu

Soho Hospitality Charts First Expansion into South Asia with Charcoal’s Colombo Debut

Bangkok-based international hospitality group selects Sri Lanka for its game- changing dining brand Charcoal Tandoor

Highlights Kamu

Brunch at ITC Ratnadipa – Review

By Ranugi Thihansa If you’re looking for a Sunday brunch that brings together incredible food,

Highlights Kamu Yamu Guide

Harpo’s Pizza and Pasta: Review

We dropped by Harpo’s Pizza and Pasta the other day, and it turns out it’s

Highlights Kamu

The Fort Café by Tasty Caterers – Review

By Linara Wimalaweera The Fort Café by Tasty Caterers offers a refreshing escape from the

Highlights Kamu Yamu Guide

Nihonbashi by Dharshan – Review

Written by Linara Wimalaweera When it comes to Japanese fine dining in Colombo, few names

Highlights Kamu

Trending.

What is the DINIDU Lanka Pendant & Is It Sri Lanka’s Most Recognisable Modern Jewellery Icon?

Few gold pendants crafted in Sri Lanka carry the weight of identity quite like the DINIDU Lanka Pendant. Shaped after

Highlights Trending

Radisson Hotel Kandy Welcomes Global Travel Influencers to Showcase Sri Lanka’s Hill Capital and Island Experiences

Radisson Hotel Kandy recently welcomed a group of eight global travel and lifestyle influencers as

Highlights Trending

A Taste of the Swiss Alps comes to Colombo

High in the Swiss Alps, where mountain landscapes shape both life and cuisine, Chef Heinz

Highlights Trending

Sheraton Colombo Unveils a New Chapter for Ceylon Bake Shop with a Fresh Home in the Hotel Lobby

Sheraton Colombo Hotel is delighted to announce the relocation of its beloved Ceylon Bake Shop

Highlights Trending

ITC Ratnadipa Introduces Rūhāniyat, an Indian Heritage Dining Experience, Available Until 16 August

ITC Ratnadipa introduces Rūhāniyat, an Indian heritage dining experience that invites diners to discover the

Highlights Trending

Anantara Peace Haven Tangalle Resort Introduces Panoramic Ocean View Rooms, Elevating Luxury on Sri Lanka’s Southern Coast

Set along Sri Lanka’s southern shores, Anantara Peace Haven Tangalle Resort announces the introduction of

Highlights Trending

Yamu Guide.

Shangri-La Colombo Unveils a New Chapter at Tiki Bar

As the sun dips into the Indian Ocean and the city begins to exhale, Tiki

Trending Yamu Guide

DINIDU: Colombo’s Premier Destination for Wedding Anniversary Gifts

Every wedding anniversary is a chapter of a love story that continues to evolve. These

Highlights Yamu Guide

Yazu Set to Make Sri Lankan Debut at Radisson Blu Resort Galle in 2026

Radisson Blu Resort Galle is set to unveil its newest culinary venture in March 2026 with the opening of Yazu by

Highlights Trending Yamu Guide

A Ramadan Feast Awaits at ITC Ratnadipa – Available Till March 19

This Ramadan, ITC Ratnadipa invites guests to celebrate the holy month with ‘A Feast for

Highlights Yamu Guide

Here are the must visit Iftar spots for 2026

Ramadan 2026 brings with it a beautiful season of reflection, gratitude, and shared meals. Across

Highlights Trending Yamu Guide