හෙළ ගී මිහිර අපට ගෙනදුන් අයිවෝ ඩෙනිස් ජීවන ගමනෙන් සමු ගනියි.

“ඕලු පිපීලා විල ලෙළ දෙනවා – සුදට සුදේ නංගෝ

ඕලු නෙළාලා මාල ගොතාලා – පළඳිමු අපි නංගෝ”

බොහොම ගැඹුරු, ඒත් ලයාන්විත හඬකින් ගැයෙන මේ ගීතයේ මුල් ගායකයා වෙන්නේ සුනිල් ශාන්ත මහත්මයායි. භාරතීය සංගීතය ලංකාවේ මුල් බැසගෙන ඉඳපු කාලෙක, අපේ ම කියලා සංගීත කලාවක් නිර්මාණය කරන්න ඇපකැප වුණු ඔහු 1981 අවුරුද්දේ දවසක අපෙන් සමු ගත්තා. ඒ වියෝව ගැන රසිකයක් කම්පා වෙච්ච සමයක තමයි අයිවෝ ඩෙනිස් මහත්මයාගේ හඬින් ගැයෙන ඒ ගීත අපට ආයෙත් අහන්න ලැබුණේ. නැසී ගිය සුනිල් ශාන්ත මහත්මයාගේ මතකය ආයෙත් අලුත් කරන ගමන්, ආයෙත් ඒ ගීතවලට ප්‍රාණය දෙන්න අයිවෝ ඩෙනිස් මහත්මයාට පුළුවන්කම ලැබුණා.

1932 මැයි 28වෙනිදා සීදුවේදී උපන්න පැස්‌කුවල් දොන් ඔගස්‌ටින් අයිවෝ මහත්මයාගේ හඬ ප්‍රසිද්ධ මාධ්‍යයකින් මුලින් ම අපට අහන්න ලැබුණේ ගුවන්විදුලියේ වෙළෙඳ සේවයේ පැවැත්වූ ‘ආධුනික පැය’ වැඩසටහනේදී. එතකොට ඔහුට යන්තමින් අවුරුදු 20ක් සපිරුණා විතරයි. ඔහු එතැනදී ගායනා කළේ ‘වරෙන් හීන් සැරේ’ කියන ගීතයයි.

අයිවෝගේ ගුරු ජීවිතය

වැඩිහිටි වයසට එළඹුණු අයිවෝ, තමන්ගේ රැකියාව විදියට තෝරාගත්තේ ගුරු වෘත්තියයි. රත්නපුරය, මීගමුව ප්‍රදේශවල පාසල් කීපයක ම ගුරුහරුකම් දුන්නා. ඉන්පස්සේ රජයේ සංගීත විද්‍යාලයේ ජන සංගීත උපදේශකවරයා විදියට කටයුතු කරන්නත් ඔහුට පුළුවන් වුණා.

හෙළ මිහිරේ මියුරු සමය

සංගීත උපදේශකවරයෙක් විදියට වැඩ කරන සමයේ ම ‘හෙළ මිහිර’ නම් වාදය වෘන්දයට එකතු වෙන්න අයිවෝ මහත්මයාට අවස්ථාව ලැබුණා. ඔහුගේ කටහඬත්, සුනිල් ශාන්ත මහත්මයාගේ ගායන සේයාවත් අතර තියෙන සමීප බව වැඩිපුර ම දැකගන්න ලැබුණේ මෙන්න මේ කාලය ඇතුළතයි.

හෙළ මිහිර වාද්‍ය වෘන්දය තුළ ඉඳපු කාලයේදී ඔහුගේ සමකාලීනයන් වුණේ ලයනල් රංවල, රෝහණ බැද්දගේ වගේ කලාකරුවෝයි. ඒ කාලය ඇතුළත සුනිල් ශාන්ත මහත්මයාගේ ගීත වැඩි වශයෙන් ගායනා කරන්න අයිවෝ ට හැකි වුණා විතරක් නෙවෙයි, ඒ වෙනුවෙන් උපරිම සාධාරණයක් කරන්නත් ඔහු වග බලා ගත්තා. ඒ වකවානුවේ සිංහල සංගීතය නව මගකට යොමු කරපු සුනිල් ශාන්තයන් ව මුණගැහෙන්න ඔහුට අවස්ථාව ලැබෙන්නෙත් එහි ප්‍රතිඵලයක් විදියටයි.

සංගීත දිවිය ආරම්භය

සුනිල් ශාන්ත මහත්මයාගේ මුණගැහීම අයිවෝගේ සංගීත ජීවිතය එකතු කළේ අලුත් පිටුවක්. සුනිල් ශාන්තයන්ගේ ගායන තක්සලාවේ සිසුවෙක් වෙන ගමන්, ඔහුගේ ‘රන්වලාව’ වැඩසටහනට සම්බන්ධ වෙන්න අයිවෝට පුළුවන්කම ලැබුණා. ඒ 1975 අවුරුද්දේදී.

රන්වලාවට සම්බන්ධ වෙලා ඔහු මුලින් ම ගායනා කළේ තිලක සුධර්මන් ද සිල්වා පද රචනය කර, සුනිල් ශාන්තයන් සංගීතවත් කරපු ‘කුරුලු පරාදීසයේ’ ගීතයයි. පළමුවෙනි ගීතයෙන් ම අතිශය ජනාදරයට පත් වුණු ගායකයෙක් වෙන්න තරම් අයිවෝ වාසනාවන්ත වුණා. තමන්ගේ හඬට සමාන හඬකින් ගී ගයන මේ ආධුනික ගායකයා ගැන සුනිල් ශාන්තයන්ට තිබුණෙත් හරි ම ආඩම්බරයක්.

අයිවෝගේ ගායන හැකියාව ගැන ලංකාව පුරා ප්‍රසිද්ධ වෙද්දී, ලෙස්ටර් ජේම්ස් පීරිස් මහත්මයා හිටියේ ඔහුගේ ‘රේඛාව’ චිත්‍රපටයේ වැඩකටයුතු වල නිරත වෙමිනුයි. මේ නව ගායකයාගේ වග තුග දැනගත් ඔහු, රේඛාව සිනමාපටයේ ගීතයක් ගායනා කරන්න අයිවෝ ට ආරාධනා කළා.

සිනමාපට ගීත ගායනයට පිවිසුණු අයිවෝ ‘සංදේශය’, ‘හිම කතර’ වගේ චිත්‍රපට පසුබිම් ගායනයන් ඉදිරිපත් කළා. ඒ විතරක් නෙවෙයි, ‘දෙපානෝ’ චිත්‍රපටය, ‘තහංචි’ ගීත නාටක ඔස්සේ ඔහු තමන්ගේ රංගන කුසලතාවය විදහා දැක්වුවේ ‘ලොවෙන් එකෙක් එක දෙයකට වෙයි සමත’ යන කියමන අසත්‍යයක් කරමින්.

ලංකාවේ ඉඳපු දක්ෂත ම ගාන්ධර්යවරයෙක් වුණු ප්‍රේමසිරි කේමදාසයන් එක්ක සමීපව කටයුතු කළ අයිවෝ ට, ඔහුගේ පිරිනිවන් මංගල්‍යය, මානස විල වැනි ඔපෙරා නිර්මාණවලට දායක වෙන්නත් අවස්ථාව ලැබුණා.

බඹරු ඇවිත්, හිම කතර, පාරදිගේ, දෙවැනි ගමන වගේ චිත්‍රපට බොහොමයක පසුබිම් ගායනාවන් තමන්ගේ භාවපූර්ණ කටහඬින් ගයන්නට ඔහුට පුළුවන් වුණා. ඔහු ඒ දක්වපු දක්ෂතාවයන්ගේ ප්‍රතිඵලයක් විදියට, 1985 ජනාධිපති සම්මාන උලෙළේ හොඳම චිත්‍රපට ගායනය වෙනුවෙන් ලැබෙන සම්මානය ලබාගන්න පුළුවන් වුණෙත් ඔහුටමයි. ඒ ‘හිමාකාතර සිනමාපටයට ඔහු ගයපු ගීයකින්.

තමන්ගේ ජීවිතයෙන් අවුරුදු 50ක වගේ කාලයක් ඔහු කැප කළේ සංගීතය වෙනුවෙන්. 1995 දී ඔහු උණ්‌ඩා සම්මානයෙන් පිදුම් ලැබුවේ ඒ මෙහෙවර වෙනුවෙන් ඔහුට කෙරෙන ගෞරවයක් විදියටයි. ඒ විතරක් නෙවෙයි, බීබීසී ගුවන් විදුලියේ “”ලංකා උදානය”” වැඩසටහනින් වගේ ම ලක්‌හඬ ගුවන් විදුලියෙන් ලද සම්මානවලින් පවා ඒ මෙහෙය අගය කෙරුණා. සුනිල් ශාන්ත ශූරීන්ගේ සුභාවිත ගීත කලාව තවත් පරම්පරාවකට දැක බලාගන්නට, ඉදිරියට ගෙන එන්නට කාලය කැප කළ ඔහුගෙන් සංගීත ක්ෂේත්‍රයට වෙන අඩුපාඩුව සුළුපටු එකක් නම් නොවෙයි.

ඉදින්, තම ‘කෝකිල නාදයෙන්’, ‘මිහිකත නලවා’ අවසන් ගමන් ගිය අයිවෝ ඩෙනිස් මහතාණනි, ඔබට සුබ ගමන්! 

Share on facebook
Share on twitter
Share on whatsapp

Highlights.

Latest.

KAMU.

Welcoming the Year of the Horse at Yue Chuan, The Kingsbury

Yue Chuan, the award-winning Chinese restaurant at The Kingsbury, Colombo, invites guests to usher in the

Highlights Kamu

Soho Hospitality Charts First Expansion into South Asia with Charcoal’s Colombo Debut

Bangkok-based international hospitality group selects Sri Lanka for its game- changing dining brand Charcoal Tandoor

Highlights Kamu

Brunch at ITC Ratnadipa – Review

By Ranugi Thihansa If you’re looking for a Sunday brunch that brings together incredible food,

Highlights Kamu Yamu Guide

Harpo’s Pizza and Pasta: Review

We dropped by Harpo’s Pizza and Pasta the other day, and it turns out it’s

Highlights Kamu

The Fort Café by Tasty Caterers – Review

By Linara Wimalaweera The Fort Café by Tasty Caterers offers a refreshing escape from the

Highlights Kamu Yamu Guide

Nihonbashi by Dharshan – Review

Written by Linara Wimalaweera When it comes to Japanese fine dining in Colombo, few names

Highlights Kamu

Trending.

Yazu Set to Make Sri Lankan Debut at Radisson Blu Resort Galle in 2026

Radisson Blu Resort Galle is set to unveil its newest culinary venture in March 2026 with the opening of Yazu by

Highlights Trending Yamu Guide

Indiya Enters a New Chapter

Colombo, Sri Lanka – [9th March 2025] — Indiya, the signature Indian restaurant at Cinnamon

Highlights Trending

Here are the must visit Iftar spots for 2026

Ramadan 2026 brings with it a beautiful season of reflection, gratitude, and shared meals. Across

Highlights Trending Yamu Guide

Valentine’s Celebrations Unfolded at NH Collection Colombo

Valentine’s celebrations at NH Collection Colombo concluded on a high note, with guests enjoying an

Highlights Trending

Newburgh Ella: Where Sri Lanka’s Tea Heritage Rises Above the Clouds

A Tea Factory Reimagined High above the emerald hills of Ella, where mist drifts lazily

Highlights Trending

ITC Ratnadipa Presents ‘An Italian Affair’ in Partnership with the Italian Embassy, Sri Lanka

ITC Ratnadipa, Colombo in collaboration with the Embassy of Italy in Sri Lanka will host

Trending

Yamu Guide.

Yazu Set to Make Sri Lankan Debut at Radisson Blu Resort Galle in 2026

Radisson Blu Resort Galle is set to unveil its newest culinary venture in March 2026 with the opening of Yazu by

Highlights Trending Yamu Guide

A Ramadan Feast Awaits at ITC Ratnadipa – Available Till March 19

This Ramadan, ITC Ratnadipa invites guests to celebrate the holy month with ‘A Feast for

Highlights Yamu Guide

Here are the must visit Iftar spots for 2026

Ramadan 2026 brings with it a beautiful season of reflection, gratitude, and shared meals. Across

Highlights Trending Yamu Guide

IFTAR BUFFET LIST – 2026

With Ramadan 2026 now underway, families and friends are gathering in prayer, reflection, and devotion

Highlights Yamu Guide

Break Fast by the Lake: A Meaningful Ramadan at Cinnamon Lakeside Colombo

Colombo, Sri Lanka, 23rd February 2026 - This Ramadan, Cinnamon Lakeside Colombo invites guests to embrace the spirit

Highlights Yamu Guide

A Beautiful Beginning to Ramadan : Iftar at Cinnamon Grand Colombo

Colombo, Sri Lanka – 23rd February 2026 – This Ramadan, Cinnamon Grand Colombo welcomes guests to gather in reflection and

Highlights Yamu Guide