යුද්ධය පටන්ගන්න විතරයි පුළුවන්. අවසානයක් නෑ.’ Jagame Thandhiram.. කියන තරම් නරක ද?.

*ස්පොයිලර්ස් අඩංගුයි*

‘සුරුලි’ කියන්නෙ ඉන්දියාවෙ තමිල්නාඩුවෙ මදුරායිවල ඉන්න ප්‍රාදේශීය චණ්ඩියෙක්. මෙයාට තියනවා පරාටා කඩයක්. හැබැයි මෙයා ප්‍රසිද්ධ පරාටා කඩේ නිසා නෙමේ. චණ්ඩිකම් මැරකම් නිසා. සුරුලිගෙ චණ්ඩිකම් ගැන ආරංචි වෙනවා ලන්ඩන්වල සුදු ජාතිවාදී මැර ගෝඩ්ෆාදර් කෙනෙක් වෙන පීටර්ට. පීටර් තමන්ගෙ ගෝලබාලයෙක් යවලා සුරුලිව කොහොම හරි ලන්ඩන්වලට ගෙන්නගන්නවා. ඒකට හේතුව ලන්ඩන්වල පීටර්ගෙ එදිරිවාදියා ‘සිවදෝස්’ කියන දමිළ ජාතිකයා වීම. මේ සිවදෝස්ට ලන්ඩන්වාසී හුඟක් දමිළ ජනතාව කැමතියි සහ පක්ෂයි. මේක පීටර්ට තර්ජනයක්. ඉතින් දමිළ ජාතික මැරයෙක් එක්ක ෆයිට් කරන්න දමිළ ජාතික මැරයෙක් ම නැතුව බෑ කියලා හිතලයි පීටර් සුරුලිව මේ වැඩේට යොදාගන්නෙ. මේකට පීටර් සුරුලිට හොඳට ගෙවනවා. මේ වැඩේ ඉවර වුණාම ඒකෙන් හම්බෙන සල්ලි එකතු කරලා ධනවතෙක් වෙලා, තමන්ගෙ මැරකම් අතෑරලා දාලා රෙස්ටොරන්ට් එකක් කරගෙන පාඩුවෙ ඉන්නයි සුරුලිගෙ කල්පනාව.

හැබැයි..

පාතාලෙ කියන්නෙ එක පාරක් වැටුණොත් ආපහු ලේසියෙන් ගොඩ එන්න පුළුවන් ප්‍රපාතයක් නෙමෙයි නෙ. ඉතින් දිගින් දිගට ම සුරුලි මේ මැර චණ්ඩියෝ දෙන්නා අතරේ තියන ගැටුම්වලට මැදි වෙනවා. ඒ අතරේ ඔහු ලංකාවෙන් ලන්ඩන්වලට ගිය දමිළ ජාතික තරුණියකට ආදරේ කරන්නත් පටන්ගන්නවා. ෆිල්ම් එකේ මුල් භාගේ තියෙන්නෙ ඔන්න ඔය කතාව. මේකත් අර ප්‍රේක්ෂකයෝ විසිල් ගගහ බලන, සින්දු පහයි ෆයිට් පහයි වර්ගේ සුපුරුදු දෙමළ ෆිල්ම් එකක් කියල හිත හිත ඉද්දි ඔන්න ෆිල්ම් එකේ දෙවැනි භාගේ එළඹෙනවා. සුරුලිගේ උදව්වෙන් පීටර් සිවදෝස්ව මරනවා.

Jagame Thandhiram කියන්නෙ නිකං ම නිකං ජනප්‍රිය මොඩලයේ දෙමළ ෆිල්ම් එකක් වෙනුවට මොකක් හෝ දෘෂ්ටිවාදයක් මත පිහිටලා නිර්මාණය කරපු සිනමාපටයක් කියල තේරෙන්න ගන්නෙ ෆිල්ම් එකේ දෙවැනි භාගයේදි. මොකද, අවුරුදු තිහක් තිස්සේ ලංකාවේ තිබුණු සිවිල් යුද්ධයෙන් බැට කාල අනාථ වෙලා පිටරටවලට ගිය සරණාගතයො ගැන බරපතළ දේශපාලන කියවීමක් ෆිල්ම් එකේ දෙවැනි භාගේදි, සිවදෝස්ගේ මරණයත් එක්ක එළියට එනවා. ඇත්තට ම මේ ෆිල්ම් එකේ කේන්ද්‍රීය කාරණය ප්‍රේක්ෂකයන්ට පේන්න ගන්නෙ එතැනදි. 

සිවදෝස්ව ඝාතනය කළ පලිය ගන්න, සුරුලිගෙ පෙම්වතිය සුරුලිව මරන්න උත්සාහ කරනවා. මේකට හේතුව මොකද්ද කියල අගමුල ගැටගහගන්න බැරුව ඉද්දි, ඇත්තට ම සිවදෝස් කියන්නෙ කවුද කියල අපිට ටික ටික පේන්න ගන්නවා. සිවදෝස් තමයි සරණාගතයන් විදිහට ලන්ඩනයට එන දමිළ ජාතිකයන්ව ආරක්ෂා කරපු, ඔවුන් වෙනුවෙන් පෙනී හිටපු, ඔවුන්ගේ ගැලවුම්කාරයා. සුරුලිගේ පෙම්වතියත් ලංකාවේ සිවිල් යුද්ධය නිසා සියල්ල අහිමි වෙලා ලන්ඩනයට පලා ආපු සරණාගතයෙක්. සුරුලි සිවදෝස්ව මරා දැමීම නිසා පීටර් ළඟ හිර වෙලා ඉන්න ඇගේ සහෝදරයා ඇතුළු සරණාගතයන් පිරිසට නිදහස නොලැබී යනවා.

තමන් මුදල් වෙනුවෙන් කරලා තියෙන්නෙ තමන්ගෙ ම මිනිස්සුන්ට ද්‍රෝහි වීමක් කියල සුරුලිට ක්‍රම ක්‍රමයෙන් තේරුම් යන්නෙ මේ වෙලාවෙදි. ජාතිවාදය නිසා තමන්ගෙ රටෙන් වගේ ම, තමන් සංක්‍රමණය වුණු රටෙනුත් හරිහමන් සෙවණක් නැතිව අතරමං වෙන සංක්‍රමණිකයන් ගැන බුද්ධියට වගේ ම හදවතටත් කතා කරන්න මේ චිත්‍රපටයට පුළුවන් වෙලා තියනවා. ලංකාවේ සිවිල් යුද්ධය කියන්නෙ තමන්ගෙ ම මිනිස්සුන්ට සිද්ධ වුණ ව්‍යසනයක් වුණත්, තමන්ට ඒක තවත් එක ප්‍රවෘත්තියක් විතරක් වුණ බව සුරුලි පිළිගන්නවා. ඒ ගැන ඇත්තට ම ඔහු කම්පා වෙන්නෙ ඔහුගෙ පෙම්වතියත් ඒ යුද්ධයෙන් බැට කාපු බව දැනගත්තම. තමන්ට ම සිද්ධ වෙනකන් කිසිම දේක බරපතලකම මිනිස්සුන්ට තේරුම් යන්නෙ නෑ කියල සුරුලි කියනවා. ඒක සුරුලි සහ ඔහුගෙ පෙම්වතිය මුලින් ම හඳුනගන්න අවස්ථාවෙ සිද්ධ වෙන මේ කතාබහෙන් බොහොම පහසුවෙන් වටහගන්න පුළුවන්.

“ඔයා දෙමළ ද?”
“ඔව්”
“තමිල්නාඩුවෙ ද?”
“දෙමළ නං තමිල්නාඩුවෙන් මිසක් වෙන කොහෙන්ද?”
“ඇයි දෙමළ අය ඉන්නෙ තමිල්නාඩුවෙ විතර ද?”
 

Jagame Thandhiram නෙට්ෆ්ලික්ස් මඟින් එළිදැක්වුණේ පහුගිය ජුනි 18 වෙනිදා. ලංකාවේ තිබුණ සිවිල් යුද්ධය ගැන පක්ෂග්‍රාහී නොවී කතා කරන මොකක් ම හෝ ෆිල්ම් එකක් එළියට ආපු ගමන් ලංකාවේ ප්‍රේක්ෂකයෝ ට්‍රිගර් වෙන එක දැන් පුරුද්දකට ගිහින් නෙ. ඉතින් මෙතනදිත් ඒ සන්තෑසිය ම වුණා. දෙමළ ෆිල්ම්වලට වහ වැටිලා ඉන්න ලංකාවේ සිනමා රසිකයො පවා මේ ෆිල්ම් එක ගැන කතා කරන්නෙ ඒ තරං මනාපයකින් නෙමේ. ඒ මදිවට ඉන්දියාවේ ඉන්න දෙමළ සිනමා රසිකයොත් මෙහෙ අයට දෙවැනි නෑ. මෙහෙ අය මෙහෙන් ඇවිස්සෙන අතරෙ අනෙක් පැත්තෙන් ඉන්දීය ප්‍රේක්ෂකයෝ ට්‍රිගර් වෙලා. ඒ, මේක ලංකාවට පක්ෂ ව, ඉන්දියාව විවේචනය කරමින් නිර්මාණය කරපු ෆිල්ම් එකක් කියලා. මේ දෙගොල්ලන් ම ට්‍රිගර් වීම නිසා නිරායාසයෙන් ම එළඹෙන්න පුළුවන් නිගමනේ තමයි, ඇත්තට ම මේක එක පැත්තක් ගන්නෙ නැතුව, යුද්ධයට සම්බන්ධ හැමෝට ම සම සේ ඇඟිල්ල දික් කරන නිර්මාණයක් කියන එක.

ඒ ඒ අය ඒ ඒ විදිහට ට්‍රිගර් වෙලා ෆිල්ම් එක වර්ජනය කරන අතරේ, තවත් සමහර ප්‍රේක්ෂකයෝ මේ ෆිල්ම් එක බලලා, මේක ඇත්තට ම දුර්වල නිර්මාණයක් විදිහට නම් කරනවා. මේකේ අධ්‍යක්ෂවරයා, කාර්තික් සුබ්බරාජ් කියන්නෙ පීසා, පේට්ට වගේ සුප්‍රසිද්ධ ෆිල්ම්ස් අධ්‍යක්ෂණය කරපු කෙනා. සුරුලි කියන ප්‍රධාන චරිතය නිරූපණය කරන ධනුෂ් ගැන ඉතින් අමුතුවෙන් කියන්න ඕන නෑනේ. සංගීත අධ්‍යක්ෂවරයා සන්තෝෂ් නාරායනන්. සුරුලිගෙ පෙම්වතිය විදිහට අයිශ්වර්යා ලක්ෂ්මි සහ සිවදෝස් විදිහට ජෝජු ජෝජ් රඟපානවා. පීටර්ට රඟපාන්නෙ සුප්‍රකට නළු ජේම්ස් කොස්මො. මේ වගේ නියම කට්ටියක් එක්කහු වෙලා කරන ෆිල්ම් එකක් නිසා හොඳ වැඩකිඩ ටිකක් බලාගන්න පුළුවන් වෙයි කියල හිතුවට හුඟක් අය බලාපොරොත්තු වුණ මට්ටමට ෆිල්ම් එක ළඟා වෙලා නෑ. ඒකට හේතු කීපයක් ම තියනවා.

කලින් කිව්වා වගේ ෆිල්ම් එකේ මුල් කොටස සින්දු තියන, ෆයිට් තියන තනිකර ම ගැන්ග්ස්ටර් මූවි එකක හැඩේට තමා ගලාගෙන යන්නේ. පස්සෙ මැද හරියෙදි අයිඩියොලොජිකල් කතාන්දර ටික ගේන එක අධ්‍යක්ෂවරයා විසින් බලෙන් ඔබපු අනවශ්‍ය බරපතලකමක් විදිහටයි සමහර ප්‍රේක්ෂකයෝ දකින්නේ. ඔවුන්ට අනුව ෆිල්ම් එකේ මුල හරිය සුපිරි. දෙවැනි භාගේ මෙලෝ රහක් නැති දේශපාලන කතා ගොඩක් විතරයි.

අනෙක් අතට මේ මං වගේ කට්ටියට නං ෆිල්ම් එකේ මුල කොටස සෑහෙන දියාරුයි. ගමේ ගොඩේ චණ්ඩියෙක් ජාත්‍යන්තර මට්ටමේ මැරයෙක් බවට පත් වෙන, හරි ම සාමාන්‍ය බොළඳ ස්ටෝරිලයින් එකක්. මට හිතෙන විදිහට ෆිල්ම් එකට බරක් එකතු වෙන්නෙ දෙවැනි කොටසෙදි. ඒ කියන්නෙ එතනදි ලංකාවේ දේශපාලන සරණාගතයො ගැන සීරියස් කියවීමකට යන්න පුළුවන්, ජනප්‍රිය මොඩලයේ ෆිල්ම් එකකින් බලාපොරොත්තු වෙන්න බැරි මට්ටමේ ඉඩක් විවර වෙනවා. ඒ නිසා දෙවැනි භාගේ මට නං සෑහෙන එක්සයිටිං.

මේ අන්ත දෙක ම පැත්තකින් තිබ්බත් ෆිල්ම් එක පැය දෙකයි විනාඩි තිස් අටක් දිගයි. මේකට එල්ල වෙන විවේචනවලට ඒ අනවශ්‍ය දිගත් ලොකු ම හේතුවක්. තව කොටස් අඩු කරලා ෆිල්ම් එක කෙටි කරන්න හොඳට ම ඉඩ තිබුණු බවක් පේනවා. ඊළඟ කාරණේ තමයි මීට මාස දෙක තුනකට කලින් රිලීස් වුණ ‘කර්නන්’ ෆිල්ම් එකේ ධනුෂ්ගේ රංගනය එක්ක ගත්තම, මේ ෆිල්ම් එකේ ඔහුගේ රංගනයට එතරම් පරාසයක විහිදෙන්න අවස්ථාවක් ලැබිලා නෑ වගේ දැනෙනවා. හැබැයි සුපුරුදු විදිහට ඔහු සුරුලි චරිතයට තමන්ගේ උපරිම දායකත්වය දෙන බව නම් පැහැදිලියි.

තවත් කාරණයක් මේ ෆිල්ම් එකට ඒ තරං ප්‍රබල අවසානයක් නොදීපු එක. සාමාන්‍යයෙන් පොපියුලර් කැටගරි ෆිල්ම් එකක් නං ඉවර වෙන්නෙ ගැලරියට විසිල් ගහන්න පුළුවන් වෙන විදිහේ තරු විසි වෙන අවසානයකින්. ආට් ෆිල්ම් එකක් නං ගොඩක් වෙලාවට ඉවර වෙන්නෙ හිත ගලක් වගේ බර කරන, නැත්තං කවුද දිනුම් කවුද පරාද කියල හිතාගන්න බැරි විදිහේ අවසානයකින්. මේක ඒ අන්ත දෙකට ම නොගිහින් මැදහත් අවසානයකින් නවතිනවා. ප්‍රේක්ෂකයන්ට සුපුරුදු හුරුපුරුදු එන්ඩිං එකක් නොලැබීමත් මේ ෆිල්ම් එකට තියන විවේචනවලට හේතුවක්.

කොහොම වුණත් විවේචන විචාර කියවලා ෆිල්ම් එක නොබලා ඉන්න එපා. රස කියන්නෙ එක එක අයට එක එක විදිහට දැනෙන දෙයක්. විශේෂයෙන් මේක කැමරාව හැසිරවීම අතින් සෑහෙන ඉදිරියෙන් තියන්න පුළුවන් ෆිල්ම් එකක්. ඒ වගේ ම සමහර තැන්වල පොඩි ටැරන්ටිනෝ ටච් එකකුත් ගෑවිලා තියන බව පේනවා. ඒ හැම දේට ම වඩා මේකෙන් පැළ කරන්න හදල තියන දෘෂ්ටිවාදය ගැන මට නං පැහැදීමක් ඇති වෙනවා. ජාතිය මත මිනිස්සුන්ව වෙනස් කොට සැලකීම ලෝකෙ කොහේ ගියත් සිද්ධ වෙන්න පුළුවන් දෙයක්. ඉපදුණ රටෙන් තමන්ව පිළිගන්නෙ නැති නිසා වඩා යහපත් ජීවිතයක් බලාපොරොත්තුවෙන් වෙන රටකට සංක්‍රමණය වුණාම, ඒ රටෙනුත් තමන්ව පිළිගන්නෙ නැත්තං, ඒ මිනිස්සුන්ගෙ ඊළඟ පියවර මොකක්ද?

“යුද්ධය පටන්ගන්න විතරයි පුළුවන්. අවසානයක් නෑ.”

සින්දු පහයි ෆයිට් පහයි අස්සෙ ම, Jagame Thandhiram කතා කරන්නෙ ඒ ගැන.

Share on facebook
Share on twitter
Share on whatsapp

Highlights.

Latest.

KAMU.

Welcoming the Year of the Horse at Yue Chuan, The Kingsbury

Yue Chuan, the award-winning Chinese restaurant at The Kingsbury, Colombo, invites guests to usher in the

Highlights Kamu

Soho Hospitality Charts First Expansion into South Asia with Charcoal’s Colombo Debut

Bangkok-based international hospitality group selects Sri Lanka for its game- changing dining brand Charcoal Tandoor

Highlights Kamu

Brunch at ITC Ratnadipa – Review

By Ranugi Thihansa If you’re looking for a Sunday brunch that brings together incredible food,

Highlights Kamu Yamu Guide

Harpo’s Pizza and Pasta: Review

We dropped by Harpo’s Pizza and Pasta the other day, and it turns out it’s

Highlights Kamu

The Fort Café by Tasty Caterers – Review

By Linara Wimalaweera The Fort Café by Tasty Caterers offers a refreshing escape from the

Highlights Kamu Yamu Guide

Nihonbashi by Dharshan – Review

Written by Linara Wimalaweera When it comes to Japanese fine dining in Colombo, few names

Highlights Kamu

Trending.

Yazu Set to Make Sri Lankan Debut at Radisson Blu Resort Galle in 2026

Radisson Blu Resort Galle is set to unveil its newest culinary venture in March 2026 with the opening of Yazu by

Highlights Trending Yamu Guide

Indiya Enters a New Chapter

Colombo, Sri Lanka – [9th March 2025] — Indiya, the signature Indian restaurant at Cinnamon

Highlights Trending

Here are the must visit Iftar spots for 2026

Ramadan 2026 brings with it a beautiful season of reflection, gratitude, and shared meals. Across

Highlights Trending Yamu Guide

Valentine’s Celebrations Unfolded at NH Collection Colombo

Valentine’s celebrations at NH Collection Colombo concluded on a high note, with guests enjoying an

Highlights Trending

Newburgh Ella: Where Sri Lanka’s Tea Heritage Rises Above the Clouds

A Tea Factory Reimagined High above the emerald hills of Ella, where mist drifts lazily

Highlights Trending

ITC Ratnadipa Presents ‘An Italian Affair’ in Partnership with the Italian Embassy, Sri Lanka

ITC Ratnadipa, Colombo in collaboration with the Embassy of Italy in Sri Lanka will host

Trending

Yamu Guide.

Yazu Set to Make Sri Lankan Debut at Radisson Blu Resort Galle in 2026

Radisson Blu Resort Galle is set to unveil its newest culinary venture in March 2026 with the opening of Yazu by

Highlights Trending Yamu Guide

A Ramadan Feast Awaits at ITC Ratnadipa – Available Till March 19

This Ramadan, ITC Ratnadipa invites guests to celebrate the holy month with ‘A Feast for

Highlights Yamu Guide

Here are the must visit Iftar spots for 2026

Ramadan 2026 brings with it a beautiful season of reflection, gratitude, and shared meals. Across

Highlights Trending Yamu Guide

IFTAR BUFFET LIST – 2026

With Ramadan 2026 now underway, families and friends are gathering in prayer, reflection, and devotion

Highlights Yamu Guide

Break Fast by the Lake: A Meaningful Ramadan at Cinnamon Lakeside Colombo

Colombo, Sri Lanka, 23rd February 2026 - This Ramadan, Cinnamon Lakeside Colombo invites guests to embrace the spirit

Highlights Yamu Guide

A Beautiful Beginning to Ramadan : Iftar at Cinnamon Grand Colombo

Colombo, Sri Lanka – 23rd February 2026 – This Ramadan, Cinnamon Grand Colombo welcomes guests to gather in reflection and

Highlights Yamu Guide