සිංහයන්ගෙ රටෙන් එන කාපිරි ලේ තියෙන මිනිස්සු.

හෙඩිමෙ තියෙන “සිංහයන්ගේ රට" දැක්ක ගමන් මේ ලිපියට ආව අය පොඩ්ඩක් සමාවෙන්න ඕනේ. මොකද මේකේ “සිංහයන්ගේ රට” කියලා තියෙන්නේ අප්‍රිකාව මිසක් ලංකාව නෙවෙයි  (සිංහයෝ ඇත්තට ම ඉන්නේ අප්‍රිකාවෙ නේ).

බොකුටු හිසකෙස්, එළියට නෙරපුණු තොල්, තද කළු පාට සමක් ඇති “මිනී කන මිනිස්සු"; ලංකාවේ කාපිරි ගැන මතක් වෙද්දී අපට ඔළුවට එන්නේ ඔය වගේ අදහසක්. එකදාස් හයසිය බර ගණන්වල ලංකාවට ආව කාපිරි අයගෙන් පැවතගෙන එන අය අදටත් ලංකාවේ ඉන්නවා කිව්වොත්? අපේ සමහර උදවිය පුදුම ත් වෙයි. අන්න ඒ නිසයි අපි හිතුවේ අද ඒ අය ගැන කතා කරන්න.

කාපිරින්ගේ උපන් බිම

Source : wikipedia.org

අපේ වචනයෙන් “කාපිරි" විදියට හැඳින්වූවත්, මානව විද්‍යාඥයින් මෙයාලව නම් කරන්නේ “කෝකසොයිඩ්”, “නීග්‍රෝ”, සහ “නිග්‍රොයිඩ්” විදියට. අප්‍රිකාවේ සහරා කාන්තාරේ උතුරු පැත්තෙන් ජීවත්වෙන පිරිස කෝකසොයිඩ් විදියටත්, දකුණු පැත්තේ වසන අය නීග්‍රෝ, නිග්‍රොයිඩ් විදියටත් බෙදා දක්වන්න පුළුවන්.

එතකොට ලංකාවට ආවේ?

1630 වගේ කාලෙදී, මොසැම්බික්, මැඩගස්කර් වගේ රටවල් වලින් එකතු කරගත්ත කාපිරි කාණ්ඩයක් රැගත් නැවක් ලංකාවට ළඟාවුණා. පෘතුග්‍රීසීන් ඔවුන් ව ගෙන්නුවේ ලංකාවේ වහල් සේවයට යොදවන්නයි. ඒ හැරුණා ම පෘතුග්‍රීසි බල ඇණිවලත් කාපිරි ජනතාව ඉඳලා තියෙනවා. 1651 අවුරුද්ද වෙද්දී ලංකාවේ 300ක විතර කාපිරි ජනතාවක් හිටියලු.

Source : divaina.com

රොබට් නොක්ස්ගේ වාර්තාවල සඳහන් වෙන විදියට, තමන්ගේ ශ්‍රී විභූතිය පෙන්වන අරමුණින් කාපිරි යුධ සේනාංකයක් පාවිච්චි කරන්න දෙවන රාජසිංහ රජතුමා කටයුතු කරලා තියෙනවා. “ඩේව් දුටු ලංකාව” පොතට අනූව ගැටඹේ දී තමන් දිහාට තුවක්කුව එල්ල කරපු කාපිරියාට වෙඩි තියන්නත් රාජසිංහ රජතුමා පෙළඹිලා තියෙනවා.

Source : lankadeepa.lk

1796දී ලංකාව ලන්දේසි ග්‍රහණයට පත්වුණා. ඉතුරු වෙලා ඉඳපු කාපිරි කණ්ඩායම ඔවුන් කරගෙන ඉඳපු කාර්යන්වල ම නිරත වුණා. ඒ විතරක් නෙවෙයි, ලන්දේසි අනුමැතිය යටතේ සිරකරුවන් බලාගන්න, තැපැල් මලු අරගෙන යන්න, රාජ්‍ය සේවයේ නියුතු සුද්දන්ට පවන්ගසන්න, පාරවල් කපන්න, මුර සේවා සහ සනීපාරක්ෂක සේවා වගේ කටයුතුවලත් නිරත වෙන්නත් ඔවුන් ව යොදා ගැනුණා.

මේ කාලේදී තමයි කොළඹ කොටුව හැදෙන්න පටන්ගත්තේ. ඒකෙ වැඩ කරපු කාපිරි ඈයෝ ජීවත්වුණේ “කාපිටි තැන්න" හෙවත් කාපිරි මුඩුක්කුවේයි. අද ඒ හරිය හැඳින්වෙන්නේ පිටකොටුවේ කෝසල මාවතේ තියෙන රෝහිණී පටුමග විදියටයි.

Source : lankadeepa.lk

ඉංග්‍රීසි ජාතිකයන් ආවට පස්සෙත් කාපිරින්ගේ වැඩවල වැඩි වෙනසක් වුණේ නැහැ. ඒ කාලෙදී වර්තමාන කොම්පඤ්ඤවීදිය නමින් හැඳින්වෙන ප්‍රදේශය ප්‍රසිද්ධ වෙලා තිබුණේ “වහල් දූපත” නමින්. මේක කාපිරි ජනතාව රැඳවුණු තැනක්. කොම්පඤ්ඤවීදිය ඉංග්‍රීසි වහරට එන්නේ “ස්ලෙව් අයිලන්ඩ්” කියලනේ. මේ නම ලැබිලා තියෙන්නෙත් ඒ කාලේ කොම්පඤ්ඤවීදිය “වහල් දූපත” විදියට හැඳින්වුණු නිසාලු.

හැබැයි 1816 අවුරුද්දේදී ඔවුන් ව වහල්කමෙන් මුදාහැරුණා. කාණ්ඩයක් තමන්ගේ රටට ගිය අතරේ, ඉතිරි අය ලංකාවේ ජනාවාස හදාගත්තා. කාපිරි මුඩුක්‌කුව, කොම්පඤ්ඤවීදිය, කාපිරිකඩවල, කඩිසිගමුව, කඩිගමුව වගේ නගර හැදුණේ කාපිරි පදිංචිය නිසා කියලයි පොත පතේ කියැවෙන්නේ.

Source : indiewire.com

1940 වගේ වෙද්දී දෙවැනි ලෝක යුද්ධයේ රස්නේ ලංකාවටත් දැනෙන්න ගත්තා. ඔය කාලෙදී ආයෙත් කාපිරි කට්ටිය ලංකාවට ගෙන්නන්න ඉංග්‍රීසින් කටයුතු කළා. ඔය මයිනා කෑම්ප්වල ඉන්න මිනී කන කාපිරි ගැන අපේ වැඩිහිටියෝ කියන්න ගත්තේ මීට පස්සෙයි. මේ ආව කාපිරි කාණ්ඩය වැඩිමනක් ම වාසය කළේ ත්‍රිකුණාමලය, මඩකලපුව, මුර්දු පල්ලිය, රාජගිරිය, ආඬිමුණේ කලාඔය, මිහින්තලේ, රිටිගල අවට, මහියංගනය, බෙලිඅත්ත, පුත්තලමේ සිරම්බිඅඩිය වගේ පැතිවල.

මොකක්ද මේ මයිනා කෑම්ප්?

ඒ කාලේ  කැළණියේ කටුවා කැලේ හරියේ යුධ අභ්‍යාස කෑම්ප් එකක් තිබුණා. මේක හැඳින්වුණේ මයිනා කෑම්ප් නමින්. මේ හරියට මිනිස්සු නොගියේ කැලේ ඉඳපු සත්තු සර්පයි නිසා ම නෙවෙයි. කෑම්ප් එකේ ඉඳපු කාපිරි නිසා. මේ කාපිරින්ගේ කටට ඉබ්බෝ දාලයි තිබුණේ. ඒකට හේතුව උන් මිනී මස් කන්න පුරුදු වෙලා ඉඳීම.

කටුවා කැලේ අයිනේ ගෙදරක කන් නෑහෙන අත්තම්මා කෙනෙකුත්, ඇගේ මුණුබුරාත් ජීවත් වුණා. වෙනදා වගේ සෙල්ලමට ගිය මේ මුණුබුරා, දවසක් හවස ගෙදර ආවේ නැහැ. ලන්තෑරුමකුත් අතින් ගත්ත අත්තම්ම්මා ගොම්මන් වැටෙන වෙලේ ගෙදරින් පිටවුණේ ඔහුව හොයන්නයි.

ටිකෙන් ටික ඇය කටුවා කැලේ මයිනා කෑම්ප් එකට ලඟා වුණා. තුවක්කුවක් අතින් ගත්ත කෑම්ප් එකේ මුරට ඉඳපු කාපිරියා “හෝල්ට්" කියද්දීත් ඇය ඉදිරියට ගියා. මොකද ඇගේ කන් අහන්නේ නැහැනේ. දෙවැනි සැරේටත් “හෝල්ට්” කියලා කෑගහද්දීත් අත්තම්මා තමන්ගේ ගමන නැවැත්තුවේ නැති නිසා, ඉස්සරට පැන්න කාපිරියා ඇයට වෙඩි තිබ්බා. අත්තම්මා එතැනම මැරී වැටුණා. මිනී කන මේ කාපිරින්ට තියෙන බය නිසා ඇගේ සිරුර මුදාගන්නවත් ගම්මු ඉදිරිපත් වුණේ නැහැ.

මේ කතාව ගැන අපි ඇහුවේ ජිනදාස ජයවර්ධන මහත්මයා ලියපු “මා දුටු සුන්දර ගම තෙලඟපාත" පොතෙන්. ඒ කාලේ මයිනා කෑම්ප් එක තිබුණු බිමේ අද තියෙන්නේ කැළණිය සරසවියයි.

ලංකාවේ කාපිරින්ට ගිය කල

Source : originalpeople.org

මේ විදියට ලංකාවට පය තියපු කාපිරින්ගේ බහුල කොටසක් අද වෙද්දීත් පුත්තලමේ සිරම්බිඅඩිය පැත්තේ ජීවත්වෙනවා. මෙයාලව බැලූ බැල්මට නම් පේන්නේ ලංකාවේ අය වගේ. ඒත් තොල්, හිසකේවලින් ඔවුන්ගේ අනන්‍යතාවය තාමත් ලාවට දකින්න පුළුවන්. අලුත ඉපදෙන පොඩ්ඩන්ගේ නම් මේ වෙනස්කම් ඇත්තෙම නැති තරම්. පුත්තලමේ “කැෆිර්” ජනතාව විදියටයි මෙයාලව දැන් හැඳින්වෙන්නේ.

සාමාන්‍යයෙන් කාපිරි ජනතාව කරගන්නේ බහු භාර්යා විවාහ. ගවයන් අටදෙනෙක්ට හුවමාරුවක් විදියට භාර්යාවක් ගන්න ඔවුන් පුරුදු වෙලා හිටියා. හැබැයි සිරම්බිඅඩියේ ඉන්න කැෆිර් ජනතාව මේ ක්‍රමයට අකමැතියි. මුලදී තමන්ගේ මව් රටින් ආව කාන්තාවන්, පුරුෂයන් විවාහ කරගත්තත්, පස්සේ කාලෙදී සිංහල, ද්‍රවිඩ උදවිය සමඟ දීග යන්න මෙයාලා පෙළඹිලා තියෙනවා. මේවා දැනටත් හරි ජයට සිද්ධවෙනවා. විවාහ උත්සව ගන්නේ පල්ලියක් මුල් කරගෙනයි. ඒවායේදී ඔවුන්ගේ බසින් ගැයෙන (පෘතුග්‍රීසි ක්‍රියෝල්) මංගල ගීතත් අහන්න පුළුවන්.

Image Credits : Indi Samarjiva

සිරම්බිඅඩියේ කැෆිර් ජනතාවගෙන් බොහොමයක් දෙනා මේ වෙද්දී පුත්තලමේ ලුණු ලේවායේ, බැංකුවල, රෝහල්වල, මේසන් වැඩ ආදියේ නිරත වෙනවා. ඉතිරි අය පොල් කැඩීම, පොල් අතු විවීම, කුලී වැඩ වගේ දේවල් තමයි කරන්නේ.

අද වෙද්දී මොවුන් වැඩිපුර ම කතා කරන්නේ සිංහල සහ දමිළ භාෂාවන්. අතරින් පතර තමන්ගේ මව්බස කතා කරන අයත් ඉන්නවා. ඒ කොහොම වුණත් ලිවීම් කටයුතුවලට පාවිච්චි වෙන්නේ සිංහල භාෂාවයි.

මොවුන් සංගීතය නිපදවාගන්නේ පොල්කටු, ලී වගේ දේවල්වලින්. ඔය කපිරිඤ්ඤා තාල එහෙම අපට ලැබුණේ මෙයාලගෙන් තමයි. ග්‍රැන්විල් රොඩ්රිගෝ මහත්මයා ගයන “මායාවෝ අකල් මකෝ” ගීතයත් මේ වෙලාවේ අපට මතක්වෙනවා.

සිරම්බිඅඩියේ ඉන්න කැෆිර් ජනතාව කල් ගෙවන්නේ පෘතුගීසි, ලන්දේසි, ඉංග්‍රීසි, සිංහල සංස්කෘති හතර ම එකතු කරගෙන හදාගත්ත මිශ්‍ර සංස්කෘතියකයි. සැහැල්ලු ජීවිතය, විනෝදය ඔවුන්ගේ ජීවිතවල නොඅඩුව තියෙනවා. හරි අපූරු ගීත, නර්තනත් මෙයාලගෙන් දැකගන්න පුළුවන්. ඉතින් ලංකාවේ අලුත් ම ජන කාණ්ඩයක් විදියට මේ කට්ටියත් ඉස්සරහට යාවි.

Share on facebook
Share on twitter
Share on whatsapp

Highlights.

Latest.

KAMU.

Welcoming the Year of the Horse at Yue Chuan, The Kingsbury

Yue Chuan, the award-winning Chinese restaurant at The Kingsbury, Colombo, invites guests to usher in the

Highlights Kamu

Soho Hospitality Charts First Expansion into South Asia with Charcoal’s Colombo Debut

Bangkok-based international hospitality group selects Sri Lanka for its game- changing dining brand Charcoal Tandoor

Highlights Kamu

Brunch at ITC Ratnadipa – Review

By Ranugi Thihansa If you’re looking for a Sunday brunch that brings together incredible food,

Highlights Kamu Yamu Guide

Harpo’s Pizza and Pasta: Review

We dropped by Harpo’s Pizza and Pasta the other day, and it turns out it’s

Highlights Kamu

The Fort Café by Tasty Caterers – Review

By Linara Wimalaweera The Fort Café by Tasty Caterers offers a refreshing escape from the

Highlights Kamu Yamu Guide

Nihonbashi by Dharshan – Review

Written by Linara Wimalaweera When it comes to Japanese fine dining in Colombo, few names

Highlights Kamu

Trending.

Heritance Hotels & Resorts and Sara Ali Khan Spotlight Sri Lanka’s Diverse Landscapes, Heritage and Hospitality

The collaboration brings together celebrity-led storytelling and Heritance’s distinctive hospitality to showcase Sri Lanka’s cultural

Highlights Trending

ITC Ratnadipa Welcomes Chef Prakhar Srivastava to Lead the Next Chapter of Avartana in Colombo

ITC Ratnadipa, Colombo welcomes Chef Prakhar Srivastava as Sous Chef to Avartana, marking a new

Highlights Trending

Are Men Moving With The Jewellery Trends in Sri Lanka? ‘Yes,’ says DINIDU Colombo

Fine jewellery in Sri Lanka is no longer bound by gender. Accessorising has become an

Highlights Trending

Indian Destination Weddings Shift Towards Experience-Led Celebrations, Positioning Sri Lanka as a Rising Luxury Destination

New industry insights reveal Indian couples are spending more, inviting fewer guests and prioritising experiences over extravagance,

Highlights Trending

25% Off Lunch at Harbour Court This September

Make lunch plans worth looking forward to this September at The Kingsbury’s Harbour Court, with

Highlights Trending

Yamu Guide.

Shangri-La Colombo Unveils a New Chapter at Tiki Bar

As the sun dips into the Indian Ocean and the city begins to exhale, Tiki

Trending Yamu Guide

DINIDU: Colombo’s Premier Destination for Wedding Anniversary Gifts

Every wedding anniversary is a chapter of a love story that continues to evolve. These

Highlights Yamu Guide

Yazu Set to Make Sri Lankan Debut at Radisson Blu Resort Galle in 2026

Radisson Blu Resort Galle is set to unveil its newest culinary venture in March 2026 with the opening of Yazu by

Highlights Trending Yamu Guide

A Ramadan Feast Awaits at ITC Ratnadipa – Available Till March 19

This Ramadan, ITC Ratnadipa invites guests to celebrate the holy month with ‘A Feast for

Highlights Yamu Guide

Here are the must visit Iftar spots for 2026

Ramadan 2026 brings with it a beautiful season of reflection, gratitude, and shared meals. Across

Highlights Trending Yamu Guide