Koththu රොටිය.

ගෑස් ලිපේ යකඩ තැටිය රත්වුනා

බාස් ඇවිත් වැඩේ දෙන්න සෙට් වුනා

ළූණු මිරිස් බිත්තර මස් කපාපු රොටි කෑලි

තකට තකට රිදම් එකට ගාණට හැදුනා…

නිහාල් නෙල්සන් මහත්තයගෙ සිංදුව ඇහෙද්දි මට මතක් වෙන්නෙ හන්දියෙ නයිට් කඩේ රෑට කොත්තු දාන සද්දෙ. කොත්තු කියන්නෙ අපි කවුරුත් හොඳට දන්න කෑමක්. සමහරු නම් කොත්තු කන්න ටිකක් බයයි. මොකද සමහර වෙලාවට පහුවෙනිදා උදේට බඩ කුරු කුරු ගාන සද්දයක් ඇහෙන්න පුළුවන් නිසා.

ඉන්දියානු ආභාෂයෙන් ලංකාවෙ හැදුණු කොත්තු ගැන අමුතුවෙන් කියන්න ඕන නෑනෙ ඉතින්. ගෝදම්බ රොටි, කැරට්, ලීක්ස්, මාළු මිරිස්, රම්පෙ, කරපිංච, සුදු ළූණු පදමට දාලා හැදෙන නෝමල් කොත්තුවට මස්, මාළු, බිත්තර වැටුණාම තමයි කොත්තු වලට නමක් එන්නෙ. එළවළු කොත්තු, බිත්තර කොත්තු, මාළු කොත්තු, මස් කොත්තු කියල ප්‍රධාන වශයෙන් බෙදෙන කොත්තු අතරට අද වෙන කොට නම් තව තව කොත්තු වර්ග ගොඩක් එකතු වෙලා තියෙනව. චීස් කොත්තු කියන්නෙත් මෑත කාලෙදි නැගලම ගියපු කොත්තුවක්.

මේ විදියට අපේම කෑම ජාතියක වර්ගීකරණය වැඩි වෙලා අනන්‍යතාවය වැඩි වෙන අතරෙ අපේ රටට එන විදේශිකයිනුත් කොත්තු රස බලන්න ලොකු උනන්දුවක් දක්වනවා. ඒ විතරක් නම් බැරියැ. හවස් ජාමෙට ෂොට් එකක් දාන අය අතරෙත්, පඩි දවසෙ හවසට කඩෙන් කන්න සෙට් වෙන යාළුවො අතරෙත් කොත්තු කියන්නෙ හරිම ප්‍රසිද්ධ කෑමක්. ඉතින් YAMU එකේ අපි හිතුවා කොළඹ වටේ ටිකක් ඇවිදල කරල මේ විදියට එක එක රසවල් වලින් මේසෙට එන කොත්තු ගැන ටිකක් හොයල බලන්න.

එළවළු කොත්තු

සාමාන්‍යයෙන් ඕනම කොත්තු කඩයක ගන්න තියෙන ගාණ අඩුම කොත්තු ජාතිය තමයි එළවළු කොත්තු කියන්නෙ. මේකට විශේෂයෙන් කියල වැටෙන්නෙ එක එළවළුවයි. ගොඩක් වෙලාවට ඒ මාළු මිරිස් වෙන්න පුළුවන්. අනිත් කාරණේ තමයි එළවළු කොත්තු කිව්වට මේකෙ රස පදම ගන්න මාළු හොදි හරි මස් හොදි හරි දානව. හැබැයි ඉතින් සම්පූර්ණයෙන්ම එළවළු වෙන්න ඕන නම් කොත්තු බාස්ට කියල අල හොදි වගේ දාලා කොත්තුව හදාගන්න පුළුවන්. ඒත් කොත්තු වලට ආවේණික රස නම් අල හොදි වලින් එන්නෙ නෑ.

බිත්තර කොත්තු

බිත්තර කොත්තුවයි එළවළු කොත්තුවෙයි අතරෙ තියෙන එකම වෙනස තමයි එළවළු කොත්තුවට දාන අර අමතර එළවළු ජාතිය වෙනුවට බිත්තර දෙකක් දාන එක.

මාළු කොත්තු

සාමාන්‍ය බිත්තර කොත්තුවට දාන බිත්තර දෙකෙන් එකක් අඩු වෙලා ඒ වෙනුවට කෑලි මාළු කරි දීසියක් එකතු වෙලා තමයි මාළු කොත්තුව හැදෙන්නෙ. කටට සැරට කන්න නම් කියාපු කොත්තුවක්. ඒ වුනාට පොඩ්ඩක් හරි මාළු කරිය අවුල් වෙලා තිබුණොත් පහු වෙනිදා උදේට සොරි තමයි.

මුහුදු ආහාර කොත්තු

තම්බපු අමු ඉස්සසො, දැල්ලො, කකුළුවො දාලා හදන මුහුදු ආහාර කොත්තු වලත් හොඳ රසක් තියෙනව. ඒත් කොත්තු වලට අනන්‍ය සැර ගතිය නම් නෑ. අනික කකුළු කොත්තුව කියන්නෙ කකුළුවගෙ මස් දාලා ගහන කොත්තුවක් නෙවෙයිනෙ. බිත්තර කොත්තුව උඩින් කකුළුවෙක් තියපු කොත්තුව. කොළඹ 07, හෝර්ටන් ප්ලේස් වල චොප් චොප් කොත්තු එකේ නම් කකුළු කොත්තු තියෙනවා. ගෙදර යන එන ගමන් එකක් අරන් කාලා බලල යන්න.

මස් කොත්තු

කුකුල් මස්, ඌරු මස්, එළු මස්, හරක් මස් කරි දීසියක් දාලා හදන කොත්තු තමයි සාමාන්‍යයෙන් මස් කොත්තු කියන්නෙ. පොදුවෙ ගත්තාම හොඳ මිරිස්, තුන පහ රසක් තියෙන අපේ දිවට හරියන කොත්තු ජාතියක් තමයි මස් කොත්තු. ඒ ඒ මස් වල රස ඉස්මතු වෙන විදියට හදන මේ කොත්තු අතරින් හැම කඩේකම වගේ තියෙන්නෙ නම් කුකුල් මස් කොත්තු විතරයි. ඌරු මස් කොත්තුයි හරක් මස් කොත්තුයිත් කොළඹ පැත්තෙ කඩවල් වල නම් තියෙනවා. ඒත් එළු මස් කොත්තු නම් නෑ. ඒ වුණාට යාපනේ පැත්තෙ ගිහින් බැලුවොත් සුපිරිම එළු මස් කොත්තුවක රස බලන්න පුළුවන්.

බැදපු මස් කොත්තු

බැදපු මස් කොත්තු වලට එන්නෙ බැදපු කුකුල් මස් හරි බැදපු හරක් මස් හරි තමයි. රසම රස බැදපු මස් කොත්තුවක් කන්න නම් පිලාවූස් එක හොඳ තැනක්.

ඩෙවිල්ඩ් මස් කොත්තු

මස් කොත්තු වලින් රසම කොත්තු ජාතිය වගේම හොයා ගන්නත් හරිම අමාරු කොත්තු ජාතියක් තමයි ඩෙවිල්ඩ් කොත්තු. සැර ගතිය පදමට තියෙන ඩෙවිල්ඩ් කොත්තුවට චීස් දාලා ගැහුවාම නම් රෑ කෑමකට මරේ මරු. හැබැයි බයිට් එකකට ගන්නව නම් චීස් නොදා තමයි ගන්න ඕන.

ඉඳි ආප්ප කොත්තු

වෙනසකට කියල තියෙන්නෙ ගෝදම්බ රොටි වෙනුවට ඉඳි ආප්ප දාන එක තමයි. ඉඳි ආප්ප කොත්තුත් එළවළු, බිත්තර, මාළු, මස් කියන ඕන ජාතියකින් ගන්න පුළුවන්. ගොඩක් කොත්තු කඩවල් වල ඉඳි ආප්ප කොත්තු තිබුණට වැඩිය ඇණවුම් ලැබෙන්නෙ නැත්තෙ ඒවට සමහර අය එච්චර ආස නැති නිසා. මොකද ටිකක් වේලිච්ච ගතියක්නෙ ඉඳි ආප්ප කොත්තු වල තියෙන්නෙ.

චීස් කොත්තු

ලඟකදි ප්‍රසිද්ධ වුන පට්ටම පට්ට කොත්තු ජාතියක් තමයි චීස් කොත්තු කියන්නෙ. බැදපු මස් කොත්තුව ගහල ඉවර වෙන්න ඔන්න මෙන්න තියල දාන චීස් කෑලි ටිකෙනුයි කිරි පොඩ්ඩෙනුයි තමයි චීස් කොත්තුව හැදෙන්නෙ. කොත්තුව හැදිල ඉවර වෙද්දි චීස් ටික මෙලෙක් වෙලා බැදුණු මස් කෑලි වල ගෑවිලා එන විදිය දැක්කාම කටට කෙල උණනව. හැබැයි ඉතින් සාමාන්‍ය කොත්තුවෙ තියෙන මිරිස්, තුන පහ රස නම් චීස් කොත්තු වලින් බලා පොරොත්තු වෙන්න එපා. චීස් කොත්තු කිව්වාම අමුතුවෙන් කියන්න ඕන නෑනෙ. පුරුදු නමක් තියෙනව පිලාවූස් කියල. මතකයි නේ.

ඩොල්ෆින් කොත්තු

ඩොල්ෆින් කොත්තුවෙත් තියෙන්නෙ රොටියෙ වෙනසක් තමයි. ගෝදම්බ රොටි වෙනුවට පරාටා දානවා. ගොඩක්ම ලඟකදි තමයි ඩොල්ෆින් කොත්තුව කොත්තු තැටියට ආවෙ. දෙහිවල ස්ටාර් හෝටලෙයි කොල්ලුපිටියෙ ප්ලාසා හෝටලෙයි තමයි ඩොල්ෆින් කොත්තු වලට ලොකු ප්‍රසිද්ධියක් දරන්නෙ.

පලාන්දි කොත්තු

හරිම වෙනස් රසකින් මේසෙට එන කොත්තු ජාතියක්. පලාන්දි කොත්තුව හදන්නෙ මුදවපු කිරි දාලා. ඒ විතරක් නෙවෙයි සූදුරු, මහදුරු ටිකක්, කරදමුංගු, කරාබුනැටි ටිකකුත් එකතු කරනව. පලාන්දි කොත්තු වල රස පදම ගැලපෙන්නෙ බැදපු මස් එක්ක තමයි. කොල්ලුපිටියෙ ප්ලාසා හෝටලේ පලාන්දි කොත්තුව නම් අපේ YAMU එකේ යාළුවො අතරෙත් ටිකක් ප්‍රසිද්ධයි.

මසාලා කොත්තු

ඔන්න තියෙනව ෂොට් එකක් දාන කට්ටියට කියාපු කොත්තුවක්. සැර නම් සැර. මිරිස්, තුන පහ මදි නොකියන්න දාලා හදන මසාලා කොත්තුව පදමට එන්නෙ බැදපු මස් කෑල්ලක් දාලා ගත්තාම. පිලාවූස් එකේ මසාලා කොත්තුවට නම් හරි හරියට ඇණවුම් එනවලු. ඒ විතරක් නෙවෙයි පිලාවූස් එකේ චීස් මසාලා කොත්තුවත් හරිම රසයි කියලත් අපිට දැනගන්න ලැබුණා.

බාබත් කොත්තු

මේක ඇවිල්ල හරිම දුර්ලභ වගේම සෑහෙනෙ අඩුවෙන් ඇණවුම් එන කොත්තු ජාතියක්. බාබත් කරි දීසියක් දාලා හදන මේ කොත්තුවෙ විශේෂත්වයක් හැටියට ගන්න තියෙන්නෙ බාබත් වලින් එන රසයි සුවඳයි තමයි. ඇත්තෙන්ම බාබත් කොත්තු වලට කැමති කෙනෙක් නම් මට මෙච්චර කාලෙකට හමු වෙලා නෑ.

වොක් කොත්තු

තැටියෙ ගහන කොත්තුවට වඩා හාත්පසින්ම වෙනස් රසක් තමයි තාච්චියෙ දාන කොත්තුවෙ තියෙන්නෙ. මොකද ඒකෙදි හැම දෙයක්ම කලින් පොඩියට කපල තියාගන්න ඕනනෙ. තැටියෙ ගහන කොත්තුවෙ තියෙන ඇලෙන ගතිය වොක් කොත්තුවෙ නම් නෑ. තරමක් වේලුණු ගතියක් එක්ක බැදුණු ගතියකුත් කලවම් වෙලා මේසෙට එන වොක් කොත්තුවක් රස බලන්න ඕන නම් ඉතින් එකම තැනයි. 'මචං' අවන්හල.

ආප්ප කොත්තු

ඇහුවාම බොරුයි කියල හිතෙනවත් ඇති. කියනවට ගිහින් බලන්නකො පිටකෝට්ටෙ Mr.කොත්තු එකට. ප්ලේන් ආප්ප 8ක් දාලා හදන ආප්ප කොත්තුව නැගලම යන්නෙ බැදපු මසුයි චීස් ටිකකුයිත් දාලා ගත්තාම. හැබැයි ඉතින් සැර ගතිය නම් ටිකක් අඩුයි. ඒ වුනාට රස මරු.

හොට් බටර් කට්ල් ෆිෂ් කොත්තු

මේක ඇවිල්ල ගෙදර හදාගන්න ඕන කොත්තුවක්. හරිම ලේසියි. එළවළු හරි බිත්තර හරි කොත්තුවක් කඩෙන් ගෙනාවා. හොට් බටර් කට්ල් ෆිෂ් එකකුත් කඩෙන් ගෙනාවා. ලොකු භාජනයකට දෙකම දාලා සැර පදම ගාණට එන්න චිලී පේස්ට් ටිකකුත් දාලා ලිපේ තියල රත් කරන ගමන් විනාඩි 2ක් විතර හොඳට කලවම් කර ගත්තා. ඔය තියෙන්නෙ රස, සුවඳ වෑහෙන උණු බටර් දැල්ලො කොත්තුව.

කොස් කොත්තු

හිතා ගන්නවත් බෑනේ. තම්බපු කොසුයි දාලා රොටියි දාලා කුකුල් මස් කරියක් එක්ක තැටියෙ ගැහෙන කොස් කොත්තුව දෙන්නනෙක්ට බඩ පිරෙන්න කන්න පුළුවන් තරම් ලොකුයි. වැඩි ගාණකුත් නෑ. රුපියල් 150ක් විතර වෙන්නෙ. හැබැයි කොස් කොත්තුවෙ රස වැඩිවෙන්නෙ නම් ටිකක් සැරට ගත්තොත් තමයි. දැනට පන්නිපිටියෙ කඩේකයි තලවතුගොඩ ගෝල්ඩන් හාර්ට් එකෙයි තමයි අපි නම් දන්න විදියට කොස් කොත්තු ගන්න තියෙන්නෙ.

පාන් කොත්තු

පාන් කොත්තු මතක් වෙද්දි නම් ඇස් වලට කඳුළු එනව, අපේ පුංචි කාලෙ මතක් වෙලා. අද කාලෙ මැටි හැලි වළං නෑනෙ. ඉතින් රසම රස පාන් කොත්තුවක් හදා ගන්න ටිකක් අමාරුයි. ඔයාලට මතක ඇති නේ අපේ අම්මල මැටි වළඳෙ කරවල ටිකක් තෙල් දැම්මාම හට්ටියෙ කරවල ඉවර වේගෙන එනකොට මොකද කරන්නෙ කියල. අන්තිම කරවල කෑලි දෙක තුන පොඩි කරල හට්ටියටම දාලා පෝරණු පාන් ගෙඩි භාගයක් අඟලෙ විතර කෑලි වලට කපල ඒකත් ඒ හට්ටියටම දාලා හොඳට අත ගාලා හදා ගන්න කොත්තුව!

මේ හැරුණාම කොළඹ පැත්ත පාලාතකවත් හොයා ගන්න නැති රසම රස කුරක්කන් රොටි කොත්තු වගේ ඒවත් අපේ රටේ තියෙනව. තිස්ස, කතරගම පැත්තෙ ගියොත් නම් හොයා ගන්න බැරි වෙන එකක් නෑ.

ඉතින් අපේ රටේ අපේ කෝකියො හොයා ගත්තු අපේම කෑම ජාතියක රස ජාති ගොඩාක් අපේ රටේදිම රස බලන්න ලැබෙන එක ගැන නම් සෑහෙන්න සතුටුයි. මේ වගේ තවත් අපේම කෑම ජාතියක් ගැන ලඟදිම ඔයාලට කියන්නයි YAMU අපේ බලාපොරොත්තුව.

Share on facebook
Share on twitter
Share on whatsapp

Highlights.

Latest.

KAMU.

Welcoming the Year of the Horse at Yue Chuan, The Kingsbury

Yue Chuan, the award-winning Chinese restaurant at The Kingsbury, Colombo, invites guests to usher in the

Highlights Kamu

Soho Hospitality Charts First Expansion into South Asia with Charcoal’s Colombo Debut

Bangkok-based international hospitality group selects Sri Lanka for its game- changing dining brand Charcoal Tandoor

Highlights Kamu

Brunch at ITC Ratnadipa – Review

By Ranugi Thihansa If you’re looking for a Sunday brunch that brings together incredible food,

Highlights Kamu Yamu Guide

Harpo’s Pizza and Pasta: Review

We dropped by Harpo’s Pizza and Pasta the other day, and it turns out it’s

Highlights Kamu

The Fort Café by Tasty Caterers – Review

By Linara Wimalaweera The Fort Café by Tasty Caterers offers a refreshing escape from the

Highlights Kamu Yamu Guide

Nihonbashi by Dharshan – Review

Written by Linara Wimalaweera When it comes to Japanese fine dining in Colombo, few names

Highlights Kamu

Trending.

Soul Sounds Returns to the Lionel Wendt with The Pop Era!

Led by internationally acclaimed Music Director Soundarie David Rodrigo, the celebrated ensemble will revisit the

Highlights Trending

Waves of Change: Hospitality Partners Unite for a Cleaner Colombo Coastline

In celebration of World Environment Day and World Oceans Day, Amari Colombo and Granbell Hotel

Highlights Trending

Radisson Hotel Kandy Brings Exclusive Wedding Experiences to Wedding Show 2026 at Kandy City Centre

Radisson Hotel Kandy is set to showcase its signature wedding offerings at the upcoming Wedding

Highlights Trending

The Mystique Nuwara Eliya – Timeless Luxury in the Hills.

Nestled in the heart of Sri Lanka’s picturesque hill country, The Mystique Nuwara Eliya offers

Highlights Trending

ONYX Hospitality Group Celebrates 60th Anniversary, Sets THB 10.33 Billion Revenue Target with THB 5.5 Billion Expansion Plan

ONYX Hospitality Group, a leading hospitality management company in Asia-Pacific, has unveiled its growth strategy

Highlights Trending

Is Your Diamond Actually Real? Why Savvy Sri Lankans are Choosing DINIDU for Non-Negotiable Authenticity

In the fabulous world of heirloom jewellery, the glamour of gemstones can often hide the

Highlights Trending

Yamu Guide.

Shangri-La Colombo Unveils a New Chapter at Tiki Bar

As the sun dips into the Indian Ocean and the city begins to exhale, Tiki

Trending Yamu Guide

DINIDU: Colombo’s Premier Destination for Wedding Anniversary Gifts

Every wedding anniversary is a chapter of a love story that continues to evolve. These

Highlights Yamu Guide

Yazu Set to Make Sri Lankan Debut at Radisson Blu Resort Galle in 2026

Radisson Blu Resort Galle is set to unveil its newest culinary venture in March 2026 with the opening of Yazu by

Highlights Trending Yamu Guide

A Ramadan Feast Awaits at ITC Ratnadipa – Available Till March 19

This Ramadan, ITC Ratnadipa invites guests to celebrate the holy month with ‘A Feast for

Highlights Yamu Guide

Here are the must visit Iftar spots for 2026

Ramadan 2026 brings with it a beautiful season of reflection, gratitude, and shared meals. Across

Highlights Trending Yamu Guide