ෆේක් හදාගෙන බුකියේ සෙල්ලම් දාපු කාලේ ඉවරයි මල්ලී.

ලෝකේ සෝෂල් මීඩියා නෙට්වර්ක් ගොඩක් තිබුණට ලංකාවේ නැගලම ගිහිල්ලා තියෙන සෝෂල් නෙට්වර්ක් එක ෆේස්බුක්. මේ වෙද්දී ලංකාව ඇතුළේ ඇක්ටිව් ෆේස්බුක් එකවුන්ට් මිලියන 4.5ත් 5ත් අතරේ ප්‍රමාණයක් තියෙනවා. ඒ කියන්නේ මේකේ ඉන්න ගොඩක් අපේ අයියලාට තමුන්ගේ ෆේස්බුක් එක හැරුණාම ෆේක් එකවුන්ට් එකකුත් තියෙනවා. ගොඩක් වෙලාවට මේවා පාවිච්චි වෙන්නේ තමුන්ට කෙලින් කියාගන්න කරගන්න බැරි වැඩ කරන්න. ගොඩක් වෙලාවට කාටහරි බනින්න, මඩ ගහන්න, එහෙමත් නැත්නම් වංචාවක් කරන්න. මේ වගේ වැඩවලට මේවා පාවිච්චි කරපු වාර අනන්තයි. තමුන්ගේ කෙල්ල තරහවුණෙත්, නැත්නම් තමුන් කැමති කෙල්ල බෑ කිව්වොත් වගේ සිඟිති කාරණාවලට වගේම දේශපාලන අවශ්‍යතා, ව්‍යාපාරික අවශ්‍යතා, පුද්ගලික කෝන්තර වගේ සංවිධානාත්මක හේතු නිසාත් අනිත් පුද්ගලයන්ගේ, ආයතනවල කීර්තියට හානිකරන්න ෆේස්බුක් යොදාගන්න එක මේ වෙද්දී බොහොම සාමාන්‍ය දෙයක් බවට පත්වෙලා.

www.alejagajan.blogspot.com

මොනවද ඕක ඇතුලේ තියෙන්නේ

අපේ ෆේස්බුක් එක ඇතුළේ අපේ පුද්ගලික කරුණු කාරණා වගේම තොරතුරු බොහෙමයක් අඩංගුවෙනවා. කොහොම වුණත් ෆේස්බුක් එකවුන්ට් එකක් හදන්න අපි අනිවාර්යයෙන් ලබාදිය යුතු තොරතුරු තියෙනවා. ඒ වගේම අපේ IP ඇඩ්රස් එක, අපි ෆේස්බුක් එක හරහා කරන පේමන්ට් ගැන තොරතුරු, භාවිතා කරන ඩිවයිස් (කම්පියුටර්, ෆෝන්), GPS ලොකේෂන් වගේ අපි කෙලින්ම ලබා නොදුන් අපි සම්බන්ධ තොරතුරුත් ෆේස්බුක් ඇතුළේ ගබඩා වෙලා තියෙනවා. මේ කියන තමුන්ගේ පෞද්ගලික තොරතුරු ආරක්ෂාකරගන්න ෆේස්බුක් එක අපිට පහසුකම් ගොඩක් දීලා තියෙනවා.

via GIPHY

එහෙම හිතුවට ඒ කතා බොරු

මේ කාරණාත් ෆේස්බුක් එක ඇතුළේ තියෙන තොරතුරු කාටවත් දෙන්නේ නැහැ කියල හිතාගෙන තමයි මේ අය මේ දේවල් කරන්නේ. හැබැයි ඉතින් කට්ටිය එහෙම හිතාගෙන හිටියට ඇත්ත තත්ත්වය එහෙමම නෙමෙයි. අපේ අය නොදැන හිටියට අධිකරණ නියෝගයක් උඩ හරි එහෙම නැත්නම් නීතිය බලාත්මක කරන නියෝජිතයෙකුගේ ඉල්ලීමක් පිට ෆේස්බුක් ආයතනය තමුන් ගාව තියෙන තොරතුරු ලබාදෙන්න කටයුතු කරනවා කියන එක මේ අය දන්නේ නැහැ.  ෆේසුබුක් හරහා සිදුවන අපරාධ සහ අපචාර ප්‍රමාණය සීග්‍ර ලෙස ඉහළයාම සහ ෆේස්බුක් වඩා ආරක්ෂිත තැනක් බවට පත්කිරීමේ අරමුණින් තමයි මේ කියන පහසුකම සකස්වෙලා තියෙන්නේ.

www.essaytigers.com

මේ තියෙන්නේ ඒ ලිංක් එක හැබැයි ඉතින් පොලීසියේ ඊමේල් එකක් නැතිව මේකේ ඇතුලට යනවා නම් බොරු. https://www.facebook.com/records/x/login

හිතනවට වැඩිය ලේසියි මචං

හැබැයි ඉතින් මෙහෙම කිව්වට ගොඩක් දෙනෙක් හිතන්න පුළුවනි මේ විදියට තමුන්ගේ තොරතුරු ලබාගන්න එක එච්චර ලේසි නැහැ ඒක දවස් ගාණක් යන වැඩක් කියලා. හැබැයි කල්පනා කරලා බැලුවද දවසකට ලෝකේ පුරා පෝස්ට් වෙන මිලියන ගණනක් කන්ටෙන්ට්වලින් අපි කැමති දේවල් විතරක් තෝරලා අපිට පෙන්නන ෆේස්බුක් එක හදිසි අවස්ථාවකදී, ඒ කියන්නේ මිනීමැරුමක්, ස්ත්‍රී දූෂණයක්, මංකොල්ලයක්, ළමා අපචාරයක් සිදුවෙන එක නවත්තන්න කඩිනමින් තොරතුරු ලබාගන්න ක්‍රමයක් මේ කියන සිස්ටම් එක ඇතුළේ නැතිව ඇති කියලා?

ඇත්තටම සකර්බර්ග් අයියා අපේ අයයලට වැඩිය ඉස්සරහින් ඉන්නේ. ඕනෑම නීතිය බලාත්මක කරන නියෝජිතයෙකුට තමුන්ගේ ඔෆීෂල් ඊමේල් එක යොදාගෙන මේ තොරතුරු ලබාගන්න පුළුවන්. ඔෆීෂල් ඊමේල් එකට අමතරව ඔහුගේ හැඳුනුම්පත් අංකය, දුරකථන අංකය, සහ ඔහුගේ පුද්ගලික ෆේස්බුක් ගිණුමේ තොරතුරුත් මේ නියෝජිතයා මේත් එක්ක ලබාදියයුතු වෙනවා.

එහෙම කල් යන්නේ නෑ

www.profitf.com

අපෝ එහෙම දැම්මට ඕක කියවලා බලලා අපිට උත්තරයක් දෙන්න මාස ගණනක් යාවි. නෑ එහෙම වෙන්නේ නෑ ෆේස්බුක් එකේ කස්ටමර් සර්විස් එක අපි හිතනවට වැඩිය බොහොම ඉක්මන්. සාමාන්‍යයෙන් දාන කම්ප්ලේන් එකකට වැඩකරන දිනයක් දෙකක් ඇතුළත ප්‍රතිචාර දක්වනවා. යම්කිසි හදිසි අවශ්‍යතාවයකදී ඊට කලින් ප්‍රතිචාර දක්වන්න පුළුවන් හැකියාව ඔවුන්ට තියෙනවා.

නෑ නෑ ඕන රටකට වලංගුයි

ඔය කිව්වට ඕක වැඩ කරන්නේ ඇමෙරිකාව ඇතුළේ අයට විතරයි කියලා හිතන අයත් ඇති. ඒ අය තේරුම් ගත්තේ නැති දෙයක් තියෙනවා. ඒ තමයි ෆේස්බුක් එක එක්තරා විදියකට රටක් තම පුරවැසියන්ට සළකනවා වගේ පුළුවන් හැම වෙලාවකදීම හැමෝටම එකම විදියේ පොලිසි එකක් යටතේ තමුන්ගේ යූසර්ලාට සළකන්න උත්සාහ කරන බව. ඒක නිසා ඇමෙරිකාවේ නොවන වෙනත් රටක ඉන්න නීතිය බලාත්මක කරන නියෝජිතයෙකුට වුනත් අවශ්‍ය තොරුතුරු ඉදිරිපත් කිරීම හරහා කිසිම ගැටළුවකින් තොරව මේ සේවාව ලබාගන්න හැකියාව ඔවුන් සලසලා දීලා තියෙනවා.  

මේ ආකාරයේ රික්වෙස්ට් එකකදී අදාළ නීතිය ක්‍රියාත්මක කිරීමේ නියෝජිතයාට පැයක කාලයක් අදාළ සැකකරුගේ තොරතුරු සම්බන්ධයෙන් පරික්ෂා කිරීමට අවස්ථාව හිමිවෙනවා.

සාමාන්‍යයෙන් ෆේස්බුක් එකවුන්ට් එකක ක්‍රියාකාරීත්වය සම්බන්ධ බොහොමයක් තොරතුරු ඔවුන් තියාගන්නේ සති දෙකක කාලයක් වගේ වුණත් මේ සේවාව හරහා කරන ඉල්ලීමක් මඟින් සැකකටයුතු ගිණුමක ක්‍රියාකාරකම් දින 90ක කාලයක් දක්වා ආරක්ෂා කර තබාගන්න ඔවුන් කටයුතු කරනවා. ඒ වගේම යම්කිසි හේතුවක් නිසා ෆේස්බුක් එක බ්ලොක් කරපු එකවුන්ට් එකක තොරතුරු අවුරුද්දක පමණ කාලයත් ඔවුන් ගාව තබාගන්න කටයුතු කරනවා. ඒක නිසා එකවුන්ට වැහුවට බ්ලොක් වුණාට මේ සිස්ටම් එකෙන් පැනලා යනවා බොරු.

සාමාන්‍යයෙන් මේ තොරතුරු ලබාදෙන්න කලින් ෆේස්බුක් එක අදාල පුද්ගලයාට ඒ  බව දැනුම් දෙනවා. ඒක ඒ අයගේ සාමාන්‍ය පොලිසි එක. එහෙම වුණත් හදිසි අවශ්‍යතාවයකදී එහෙම නැත්නම් පරීක්ෂණ කටයුතුවලට බාධාවියහැකි අවස්ථාවලදී එහෙම දැනුම් දීමක් සිදුකරන්නේ නැහැ.

via GIPHY

වැරදියට පාවිච්චි කරන්න බැරි කමකුත් නැහැ

කොහොම වුණත් මේ කියන දෙ දෙපැත්තක් තියෙනවා. මේ හරහා ෆේස්බුක් හරහා සිදුවෙන අපරාධවලට සීමා වැටෙනවා වගේම රටක රජයකට හැකියාව ලැබෙනවා මේ පහසුකම යොදාගෙන තමුන්ට අවශ්‍ය පුද්ගලයන් සම්බන්ධ තොරතුරු මේ හරහා ලබා ගැනීමට. කොහොම වුණත් මේ ලැබෙන රික්වෙස්ට් එක්කොම මැනුවලි පරීක්ෂා කෙරෙන නිසා ඒවාගේ අරමුණු සම්බන්ධයෙන් යම්කිසි සැකයක් ඇති වුණොත් ඒ රික්වෙස් ලබාදෙන ගිණුම්වලට පළමුව වෝනින් එකකුත් පසුව ඒවායෙන් ලැබෙන රික්වෙස් නොසලකාහරින්නත් ෆේස්බුක් කටයුතු කරනවා.

via GIPHY

Share on facebook
Share on twitter
Share on whatsapp

Highlights.

Latest.

KAMU.

Welcoming the Year of the Horse at Yue Chuan, The Kingsbury

Yue Chuan, the award-winning Chinese restaurant at The Kingsbury, Colombo, invites guests to usher in the

Highlights Kamu

Soho Hospitality Charts First Expansion into South Asia with Charcoal’s Colombo Debut

Bangkok-based international hospitality group selects Sri Lanka for its game- changing dining brand Charcoal Tandoor

Highlights Kamu

Brunch at ITC Ratnadipa – Review

By Ranugi Thihansa If you’re looking for a Sunday brunch that brings together incredible food,

Highlights Kamu Yamu Guide

Harpo’s Pizza and Pasta: Review

We dropped by Harpo’s Pizza and Pasta the other day, and it turns out it’s

Highlights Kamu

The Fort Café by Tasty Caterers – Review

By Linara Wimalaweera The Fort Café by Tasty Caterers offers a refreshing escape from the

Highlights Kamu Yamu Guide

Nihonbashi by Dharshan – Review

Written by Linara Wimalaweera When it comes to Japanese fine dining in Colombo, few names

Highlights Kamu

Trending.

Yazu Set to Make Sri Lankan Debut at Radisson Blu Resort Galle in 2026

Radisson Blu Resort Galle is set to unveil its newest culinary venture in March 2026 with the opening of Yazu by

Highlights Trending Yamu Guide

Indiya Enters a New Chapter

Colombo, Sri Lanka – [9th March 2025] — Indiya, the signature Indian restaurant at Cinnamon

Highlights Trending

Here are the must visit Iftar spots for 2026

Ramadan 2026 brings with it a beautiful season of reflection, gratitude, and shared meals. Across

Highlights Trending Yamu Guide

Valentine’s Celebrations Unfolded at NH Collection Colombo

Valentine’s celebrations at NH Collection Colombo concluded on a high note, with guests enjoying an

Highlights Trending

Newburgh Ella: Where Sri Lanka’s Tea Heritage Rises Above the Clouds

A Tea Factory Reimagined High above the emerald hills of Ella, where mist drifts lazily

Highlights Trending

ITC Ratnadipa Presents ‘An Italian Affair’ in Partnership with the Italian Embassy, Sri Lanka

ITC Ratnadipa, Colombo in collaboration with the Embassy of Italy in Sri Lanka will host

Trending

Yamu Guide.

Yazu Set to Make Sri Lankan Debut at Radisson Blu Resort Galle in 2026

Radisson Blu Resort Galle is set to unveil its newest culinary venture in March 2026 with the opening of Yazu by

Highlights Trending Yamu Guide

A Ramadan Feast Awaits at ITC Ratnadipa – Available Till March 19

This Ramadan, ITC Ratnadipa invites guests to celebrate the holy month with ‘A Feast for

Highlights Yamu Guide

Here are the must visit Iftar spots for 2026

Ramadan 2026 brings with it a beautiful season of reflection, gratitude, and shared meals. Across

Highlights Trending Yamu Guide

IFTAR BUFFET LIST – 2026

With Ramadan 2026 now underway, families and friends are gathering in prayer, reflection, and devotion

Highlights Yamu Guide

Break Fast by the Lake: A Meaningful Ramadan at Cinnamon Lakeside Colombo

Colombo, Sri Lanka, 23rd February 2026 - This Ramadan, Cinnamon Lakeside Colombo invites guests to embrace the spirit

Highlights Yamu Guide

A Beautiful Beginning to Ramadan : Iftar at Cinnamon Grand Colombo

Colombo, Sri Lanka – 23rd February 2026 – This Ramadan, Cinnamon Grand Colombo welcomes guests to gather in reflection and

Highlights Yamu Guide