පිට්සා පිස්සන්ට.. මෙන්න කොළඹ වටේ තියන හොඳම පිට්සා කඩ!.

මොනවා! ඔයා පිට්සා කන්න කැමති නෑ? එහෙනං අපේ යාළුකං මෙතනින් ඉවරයි!

පිට්සා කන්න කැමති නැති අය හොයන්නත් නැති තරං. ඒ නිසා කවුරු හරි පිට්සා කන්න කැමති නෑ කිව්වොත් කට්ටිය එයාව මරන්න හදනව ඕගොල්ලො දැකල ඇති. ඉතිං ඔන්න සකල ලංකාවාසී පිට්සා පෙරේතයන්ගේ හිතසුව පිණිස අපි මේ හදන්නෙ පිට්සා කන්න නියම තැන් ටිකක් ගැන ඕගොල්ලන්ට කියන්න. ටිකක් කිව්වට මෙතන තියනව දිග ලිස්ට් එකක්. කියවලම බලන්නකො…

Giovanni's

පිට්සාවලට කැමති අය මිස් කරගන්න හොඳ නැති තැනක් තමයි මේ. ස්ටෆ් කරපු පිට්සා නොවෙන, ඔතෙන්ටික් පිට්සා කන්න මෙතන මරු තැනක්. ඒ වගේ ම කොළඹ තියන පිට්සා කඩ ගොඩ අතරින් ඉදිරියෙන් ම තියන තැනක් කිව්වට වැරදි නෑ.

Caffe Michelangelo

තින් ක්‍රස්ට් පෝරණු පිට්සාවලට කැමති අයට සුපිරි තැනක්. ලංකාවෙ ක්‍රමයට හදපු ටොපින්ග්ස් ගොඩකුත් මෙයාල ඔෆර් කරනවා. ලේසියෙන් ම ඩිලිවර් කරගන්නත් පුළුවන්.

Dolce Italia

නිතර කාර්යබහුල හැව්ලොක් රෝඩ් එකේ තියන මේ පිට්සා කඩේ හරි ම සරල තැනක්. ඉතාලි අය කීප දෙනෙක් තමයි මේක කරන්නේ. ගණනුත් අඩුයි. ගිහින් ම බලන්නකො.

Rocco’s

නාවල පාරේ රාජගිරිය පැත්තට වෙන්නයි මෙයාලගේ රෙස්ටොරන්ට් එක තියෙන්නෙ. පෝරණු පිට්සා, රැවියෝලි, ලෑම්බ් චොප්ස්, ටිරාමිසු, එහෙම සර්ව් කරන මේ කඩේ මෙනු එක ලොකු ම ලොකුයි. කොච්චර ද කියනව නං, තෝරගන්න ටොපින්ග්ස් ජාති ම 30කට වඩා මෙයාල ළඟ තියනවා. සර්විස් එකත් ඉක්මන් වගේ ම සුහද නිසා මෙතන අපිට මතක හිටින තැනක්.

Il Ponte (Hilton)

හිල්ටන් එකේ තියන මේ රෙස්ටොරන්ට් එක කොළඹ තියන පරණ ම ඉතාලි කඩවලින් එකක්. ඉස්සර තරම් ම දැන් මේක ප්‍රසිද්ධ නැතත්, තාමත් මෙයාලගෙ කෑම නං සෑහෙන හොඳ තත්ත්වෙක තියනව.

BreadTalk (Park Street)

පාක් ස්ට්‍රීට් එකේ තියන බ්‍රෙඩ්ටෝක් එක අනික් බ්‍රෙඩ්ටෝක් බ්‍රාන්චස්වලට වඩා ටිකක් වෙනස්. බේක් කරපු, ෆ්‍රයි කරපු කෑමවලට අමතරව මෙයාල ළඟ සැලඩ්, සැන්ඩ්විච්, පිට්සා සහ පැස්ටා එහෙමත් තියනවා.

Pranzo (Waters Edge)

ලස්සන වීව් එකක් තියන තැනක ඉඳන් වටපිට බල බල පිට්සා කන්න ආස නං මෙන්න තැන. වෝටර්ස් එජ් එකේ තියන රෙස්ටොරන්ට් එකක් වෙන මේක, තින් ක්‍රස්ට් පිට්සා ඇරුණම පැස්ටා, ලසඥ්ඥා, ග්‍රිල්ඩ් මීට් වගේ කෑමත් අලෙවි කරනවා.

Honey Beach Club (The Kingsbury Hotel)

පිට්සාවලට අලුත්, ඉහළ ම කොලිටියේ ටොපින්ග්ස් පාවිච්චි කරන හනී බීච් ක්ලබ් එක තියෙන්නේ කිංග්ස්බරි හෝටලේ. එච්චර ම ලාබ නැතත්, ගන්න පුළුවන් ගාණට මෙතන පිට්සා තියනව. මෙනු එකත් ලොකු නිසා තෝරගන්න ඔප්ෂනුත් ගොඩයි.

3Brothers Italian Bistro

ඉස්සර ‘ඕෆ් ද හුක්’ තිබුණ තැන තමයි මේක දාල තියෙන්නෙ. ඉම්පෝටඩ්, ඉහළ තත්ත්වයේ ද්‍රව්‍ය පාවිච්චි කරලා නැපොලිටන් ටයිප් එකේ පිට්සා, පැස්ටා වගේ ම, ඉතාලි ක්‍රමයට ස්ටාටර්ස් සහ ඩෙසට් වර්ගත් මෙයාල හදනවා. තව ඉස්සරහට අලුත් අලුත් ජාති කීපයක් ම මෙනු එකට එකතු කරන්න මේගොල්ලො ලෑස්තියි කියලයි අපිට ආරංචි. මේගොල්ලො අපිට පේන්න ම දර පෝරණුවක පිට්සා හදනව විතරක් නෙමෙයි, සාමාන්‍යයෙන් හොයාගන්න නැති ඉම්පෝටඩ් රසකැවිලි ජාතිත් විකුණන්න තියල තියනවා.

Caterina Pizzeria

මේගොල්ලන්ගෙ ළඟත් ලොකු මෙනු එකක් තියනවා. ඒ විතරක් යැ, දාන්න තියන ටොපින්ග්ස් වර්ග පවා මීට්/ නන් මීට් විදිහට පිළිවෙළට බෙදලයි තියෙන්නෙ. Pollo (චිකන්), Manzo (බීෆ්), Acqua Fresca (සීෆුඩ්) සහ Garden Fresh (වෙජි) ආදී වශයෙන්. ශ්‍රී ලංකන් ටයිප් ටොපින්ග්ස් ‘අපේ ගම’ කියල වෙන ම නම් කරල තියනවා. මේ ටොපින්ග්ස් නං කියල වැඩක් නෑ පංකාදුයි! කඩෙත් හරි ම ප්‍රසන්නයි කියල කියතහැකි.

Mama Louie's

චිකන්, බීෆ්, ලෑම්බ් කියන මස් වර්ග පාවිච්චි කරලා හදන පිට්සාවලට මෙයාල ගාව ටොපින්ග්ස් ජාති 15ක් විතර තියනවා. ලසඥ්ඥා සහ කැල්සෝන් වගේ දේවලුත් මෙතනින් ගතහැකි. මිල ගණන් ගැන කිව්වොත් මෙහෙමයි, මිල වැඩිම පිට්සා එක රු. 1980ක් වෙන අතරෙ මිල අඩුම පිට්සා එක වෙන්නෙ රු. 1200යි. කලබල නගරයක් මැද්දෙ නිදහසේ පිට්සා කන්න තැනක් නං ඕගොල්ලො හොයන්නෙ, මෙතන තමයි හරි යන තැන. එක එක ජාතියෙ ඩ්‍රින්ක්ස් එහෙමත් මෙයාල ළඟින් ගන්න පුළුවන්.

Pastamania

ඉතාලි කෑම ලංකාවට සමීප කරන පැස්ටාමේනියා අලුත් ම අවුට්ලට් එක තියෙන්නේ වන් ගෝල් ෆේස් එකේ. මිත්‍රශීලී සර්විස් එකක් වගේ ම ප්‍රසන්න වටපිටාවක්, මේ තැන් දෙකේදි ම අපිට විඳින්න හම්බුණා. කොහොම වුණත් චීස් ගොඩකුයි මස් ගොඩකුයි පාවිච්චියෙන් හදල තිබුණු මෙයාලගේ පිට්සාවල එක එක රස වෙන වෙන ම හොයාගන්න තරං රස ස්ට්‍රෝන්ග් නෑ කියලත් කාටහරි හිතෙන්න පුළුවන්.

Ignite Pizzeria & Lounge

මෙතන තියන තින් ක්‍රස්ට් පිට්සා එක නං කතා දෙකක් නෑ මරේ මරු! වත්තල තියන නොම්මර එකේ කෑම කඩයක් මේ. පිට්සා ඇරුණම මෙයාල ළඟ සැලඩ් සහ සුප් වගේ ස්ටාටර්ස් කීපෙකුත් තියනවා.

S39 Pizzeria

අඩු ගාණට රහ පිට්සා කන්න පුළුවන් තවත් තැනක්. පිට්සා ඇතුළු තවත් ඉතාලි කෑම කීපයක් ම මෙතන තියනවා. මරීන් ඩ්‍රයිව් එක පැත්තෙ යනකොට නවතින්න පුළුවන් නියම පිට්සා ස්පොට් එකක්.

Fire & Ice Pizzeria

1995 අවුරුද්දෙ කත්මණ්ඩුවලින් ඇරඹුණ මේ කඩේ අලුත් ම බ්‍රාන්චස් දාල තියෙන්නෙ කොළඹ සහ ඉන්දියාවෙ කල්කටා නගරෙ! කොළඹ තියන හොඳම තින් ක්‍රස්ට් පිට්සා සර්ව් කරන තැනක් විදිහට වගේ ම, BYOB පහසුකමත් තියන නිසා දෙපාරක් නොහිතා මෙතන රෙකමන්ඩ් කරන්න පුළුවන්.

Pizza Napolitana

ගඩොල් පෝරණුවක හදන තින් ක්‍රස්ට් පිට්සාවලටම වෙන් වුණ මේ කඩේ සාධාරණ මිලකට හොඳ පිට්සා කන්න පුළුවන් තවත් තැනක්. පවුලෙ අය, යාළුවො එක්ක බෙදාගෙන කන අයටත්, තඩි පිට්සා එකක් පිටින් ම බදාගෙන කන අයටත් මෙතන අල්ලලා යනවා.

Grand Slam By Mitsi

හෝම් බේස්ඩ් කේටරිං බිස්නස් එකක් විදිහට පටන්ගත්ත Mitsi’s එක දැන් එතන ඉඳන් ගොඩක් දුර ඇවිත්. මෙයාලගේ අලුත් ම රෙස්ටොරන්ට් එක තමයි මේ. ප්‍රධාන වශයෙන් පිට්සා සහ පැස්ටා හැදුවත් මෙතන බර්ගර්ස් සහ සැන්ඩ්විච් ජාති කීපෙකුත් තියනවා. බියර්, කෝපි, පලතුරු බීම, මොහීටෝ වගේ බීම ජාතිත් ඕනේ නං ගතහැකි. ඔක්කොට ම වඩා මෙයාලගෙ පිට්සා මරු. ඉතිං අපි මෙතන බය නැතුව නිර්දේශ කරනවා.

Brio – The Italian Kitchen

ලස්සන තැනක ඉඳන් පිට්සා කන්න ආසාවක් ආපු වෙලාවක ගිහින් බලන්න හොඳ තැනක් මේ. මිල ගණනින් ටිකක් ඉහළ වුණත් පාඩු නෑ. තෝරගන්න ජාතිත් තියනව ඇති තරං.

Next Innings (Dutch Hospital)

මහේල ජයවර්ධන, කුමාර් සංගක්කාර – අපේ ක්‍රිකට් තරු දෙක, චෙෆ් දර්ශන් මුනිදාස එක්ක එකතු වෙලා ආරම්භ කරපු ඊළඟ ඉනිම තමයි මේ. කොළඹ ටිකක් අඩුවෙන් තියන ස්පෝට්ස් ලෝන්ජ්වලට පිළිතුරක් විදිහට පටන්ගත්ත මේක තියන්නේ සුප්‍රසිද්ධ ඩච් හොස්පිටල් අවන්හල් පරිශ්‍රයේ. නැපොලිටන් පිට්සා මාලාවක් හදන මේගොල්ලො, කැපූතො පිටි (ඉතාලියෙන්) වගේ ඉම්පෝටඩ් ද්‍රව්‍ය පාවිච්චි කරලා මේ පිට්සා පුළුවන් තරං ඔතෙන්ටික් කරන්න උත්සාහ කරනවා. ඊටත් වඩා මෙතන තියන ලොකු ම විශේෂත්වය තමයි ලෙදර් බෝල් මොසැයික් ටයිල්වලින් කරපු ලෝකෙ තියන එක ම පිට්සා පෝරණුව පාවිච්චියෙන් පිට්සා හැදීම. සර්විස් එක වගේ ම කෑමත් තරු පහයි නිසා ආයෙ කුමන කතා ද!

The Kings (The Kingsbury)

කිංග්ස්බරි එකේ ලොබි බාර් එක තමයි ද කිංග්ස්. මෙතන මෙනු එකේ පිට්සා, සැන්ඩ්විච්, ග්‍රිල් කරපු ජාති, කොක්ටේල්ස්, කෝපි, මොක්ටේල්ස් වගේ දේවල් තියනවා. තින් ක්‍රස්ට් පිට්සා ස්මෝල් සහ ලාජ් කියන ප්‍රමාණ දෙකෙන් ම ගන්න පුළුවන්.

Harpo's Pizza

ඉහළ තත්ත්වයේ අමුද්‍රව්‍ය පාවිච්චි කරලා හදන පිට්සා ගොඩක් මෙයාල ළඟත් තියනවා. ලාබ නං නෑ, හැබැයි ගෙවන ගාණට හරි යන්න ප්‍රමාණයෙන් ලොකු ඔතෙන්ටික් පිට්සා මෙතනින් ලැබෙනවා.

The Pizza Bakery (One Galle Face)

පිට්සා බේකරි කියන්නෙ අපේ අසල්වැසි රටෙන් ලංකාවෙ පිට්සා පෙරේතයන්ට ලැබුණ තෑග්ගක් කිව්වොත් හරි! ඉන්දිරානගර්වල තියන ජනප්‍රිය ම පිට්සා කඩේ බ්‍රාන්ච් එකක් වෙන මේක, නැපොලිටන් ස්ටයිල් පිට්සාවලට වගේ ම හෝම් මේඩ් සවර්ඩෝ පාන්වලටත් විශේෂයි.

ඔතෙන්ටික් පිට්සා කන්න කොළඹ වටේ දාල තියන හොඳ ම රෙස්ටොරන්ට්ස් ලිස්ට් එක ඔන්න ඔය විදිහයි. ඉතිං අපි කිව්ව දේවල්වල ඇත්ත නැත්ත ඕගොල්ලො ගිහිල්ලම බලන්නකෝ…

Share on facebook
Share on twitter
Share on whatsapp

Highlights.

Latest.

KAMU.

Welcoming the Year of the Horse at Yue Chuan, The Kingsbury

Yue Chuan, the award-winning Chinese restaurant at The Kingsbury, Colombo, invites guests to usher in the

Highlights Kamu

Soho Hospitality Charts First Expansion into South Asia with Charcoal’s Colombo Debut

Bangkok-based international hospitality group selects Sri Lanka for its game- changing dining brand Charcoal Tandoor

Highlights Kamu

Brunch at ITC Ratnadipa – Review

By Ranugi Thihansa If you’re looking for a Sunday brunch that brings together incredible food,

Highlights Kamu Yamu Guide

Harpo’s Pizza and Pasta: Review

We dropped by Harpo’s Pizza and Pasta the other day, and it turns out it’s

Highlights Kamu

The Fort Café by Tasty Caterers – Review

By Linara Wimalaweera The Fort Café by Tasty Caterers offers a refreshing escape from the

Highlights Kamu Yamu Guide

Nihonbashi by Dharshan – Review

Written by Linara Wimalaweera When it comes to Japanese fine dining in Colombo, few names

Highlights Kamu

Trending.

Are Men Moving With The Jewellery Trends in Sri Lanka? ‘Yes,’ says DINIDU Colombo

Fine jewellery in Sri Lanka is no longer bound by gender. Accessorising has become an

Highlights Trending

Indian Destination Weddings Shift Towards Experience-Led Celebrations, Positioning Sri Lanka as a Rising Luxury Destination

New industry insights reveal Indian couples are spending more, inviting fewer guests and prioritising experiences over extravagance,

Highlights Trending

25% Off Lunch at Harbour Court This September

Make lunch plans worth looking forward to this September at The Kingsbury’s Harbour Court, with

Highlights Trending

Barista Reaches 100 Outlets, Bringing World-Class Coffee Experience Closer Across Sri Lanka

Barista Coffee Lanka marked a significant milestone in its journey on 31 August 2026 with

Highlights Trending

L’Incontro: An Italian Table by the Bentota Coast

There’s something particularly appealing about an Italian restaurant at the beach. Perhaps it’s the shared

Highlights Trending

Yamu Guide.

Shangri-La Colombo Unveils a New Chapter at Tiki Bar

As the sun dips into the Indian Ocean and the city begins to exhale, Tiki

Trending Yamu Guide

DINIDU: Colombo’s Premier Destination for Wedding Anniversary Gifts

Every wedding anniversary is a chapter of a love story that continues to evolve. These

Highlights Yamu Guide

Yazu Set to Make Sri Lankan Debut at Radisson Blu Resort Galle in 2026

Radisson Blu Resort Galle is set to unveil its newest culinary venture in March 2026 with the opening of Yazu by

Highlights Trending Yamu Guide

A Ramadan Feast Awaits at ITC Ratnadipa – Available Till March 19

This Ramadan, ITC Ratnadipa invites guests to celebrate the holy month with ‘A Feast for

Highlights Yamu Guide

Here are the must visit Iftar spots for 2026

Ramadan 2026 brings with it a beautiful season of reflection, gratitude, and shared meals. Across

Highlights Trending Yamu Guide