ඩිජිටල් තනිකම: දහස් ගාණක් ෆේස්බුක් මිතුරො අතරෙ ඔයා තනිවෙලාද?.

මේ වෙද්දි සෝෂල් මීඩියා අපි ගොඩදෙනෙක්ගෙ ජීවිතවල එදිනදො අංගයක් බවට පත්වෙලා. උදේ නැගිට්ට ගමන් ෆේස්බුක්, ඉන්ස්ටග්‍රෑම්, ටිව්ටර්වල අලුතින් ආපු නොටි‍පිකේෂන් මොනවද කියල බලන අපි ‍නින්දට යන්නෙ ඇස් රිදෙනකල් මේවයේ උඩට පහළට ස්ක්‍රෝල් කරකර ඉඳලා. ඔය අතර තුර යනඑන ගමන්, වැඩකරන ගමන්, සමහර වෙලාවට කනබොන වෙලාවට පවා අපි මේ සෝෂල් ෆීඩ්වල ගිලිලා ඉන්නෙ. අපේ දෛනික ජීවිතේ සැලකියයුතු කොටසක් දැන් ගෙවෙන්නෙ මේ “වර්චුවල් සමාජය” ඇතුලෙ. 

දැන් මේක හරිම සාමාන්‍ය දෙයක් වගේ දැනුණට මීට අවුරුදු දහයකට කලින් අපි වැඩිදෙනෙක් සෝෂල් මීඩියා කියල ජාතියක් අහලවත්  තිබුණේ නෑ. ෆේස්බුක්, හායි‍ෆයිව් වගේ සෝෂල් මීඩියා සර්විස් ඒ වෙද්දි පටන්අරන් තිබුණත් ඉඳලහිටලා ගිහින් ෆොටෝ එකක් දානවා වගේ ඇරෙන්න වැඩි දෙනකුට මේවත් එක්ක ලොකු ගනුදෙනුවක් තිබුණෙ නෑ. එහෙම යුගයක් ගැන මතකයක් තියෙන අන්තිම පරම්පරාව අපි වෙන්න පුළුවන්. හැබැයි අපට පවා, යාන්තං අවුරුදු දහයකට විතර කලින් අපේ ජීවිත ගෙවුණු විදිය, අපි සම්බන්ධතා පවත්වපු විදිය සහ දැන් අපේ ජීවිත‍ ගෙවෙන විදිය, අපි එකිනෙකා එක්ක සම්බන්ධ වෙන විදිය අතර සිද්ධවෙලා තියෙන වෙනස හිතාගන්නත් අමාරුයි.

ෆේස්බුක් එක්ක කලින් ජීවිතේ

මේ වෙද්දි අපි එදිනෙදා ප්‍රවෘත්ති ගැන දේශපාලනය ගැන සහ අනිත් ඕපදූප වැඩිපුර කතාබහ කරන්නෙ, අපට හිත‍ට එන “දාර්ශනික සිතුවිලි,” දුක, සතුට වගේ ගොඩක් දේවල් බෙදාගන්නෙ ෆේස්බුක් එකේ හෝ ට්විටර් එකේ. අපි එදිනෙදා යනඑන, කනබ‍ොන දේවල් ගැන විස්තර, ෆොටෝ, වීඩියෝ ඉන්ස්ටග්‍රෑම් හරහා ගොඩක්වෙලාවට අපි ඇහැටවත් දැකල නැති මිනිස්සු දහස් ගාණක් එක්ක අපි බෙදාගන්නවා. අපි කැමති දේවලට කැමති, අපි වගේ හිතන. එහෙම නැත්නම් අපි හිතන විදියත් එක්ක කෙලින් ම ගැටෙන ලෝකේ හැම කොනක ම ඉන්න මිනිස්සුත් එක්ක අපි නොවනවතින “කතාබහක” යෙදිලා ඉන්නෙ. ඉතිං මේ කිසි දෙයක් නොතිබුණු කාලෙ, ඒ කියන්නෙ වැඩි ඈතක නෙවෙයි, දැන් අවුරුදු 10කට විතර කලින් කාලෙ, අපේ ජීවිත‍ කොහොම ගෙවෙන්න ඇතිද? අපේ සම්බන්ධතා මොන වගේ වෙන්න ඇතිද?

අපි දැන් විශ්ව පුරවැසියෝ

මේ දවස්වල ෆේස්බුක් එකට හෝ එකට ගියොත් දවසේ ට්‍රෙන්ඩිං ටොපික් ගැන එක එක විදියේ අදහස්, විවේචන, විහිළු, සීරියස් තර්ක, දවසට ස්ක්‍රෝල් කළත් බලලා ඉවරකන්න බැරි තරමට. අපේ අදහසුත් පෝස්ට් විදියට හෝ කමෙන්ට් විදියට එකතුවෙනවා. හැබැයි ෆේස්බුක් එන්න කලින්, මේ විදියට දේශපාලනය  හෝ වෙන මාතෘකා ගැන තමන්ගෙ අදහස් ලියලා පළකරන්න ඉඩකඩ තිබුණේ පත්තර, සඟරාවල වැඩකරන ඉතා ම සුළු පිරිසකට විතරයි. “කර්තෘට ලියුම්” වගේ එකකට ලීවොත් මිස අනිත් අයට තමන්ගේ අදහස් ඒ විදියට පළකරන්න විදියක් තිබුණේ නෑ. ඉතිං අපි අපේ ඒ වගේ අදහස් බෙදාගත්ත‍ෙ ඔෆිස් එකේ කට්ටිය, බස් එකේ කෝච්චියෝ හම්බවෙන අය, එහෙමත් නැත්නම් පාටියක දි, මගුල් ගෙදරක දි, මළගෙදරක දි හම්බවෙන යාළුවෝ නෑදෑයෝ එක්ක. 2010 වෙද්දි කැමරා ‍ෆෝන් පවා සුබල වෙලා තිබුණත් අපි කොහෙ හරි ගිය වෙලාවක එහෙමත් නැත්නම් පාර්ටියක දි ගත්ත ෆොටෝ (සෙල්ෆි කියල දෙයක් නම් අහල තිබුණෙත් නෑනෙ ඒ කාලෙ) පෙන්නුවේ අපේ ළඟම ඉන්න අයට. කැමරා ෆෝන් එන්න කලින් අපි පොඩි කාලෙ ඉඳන් ගත්ත ෆොටෝ, වෙඩින් වගේ වි‍ශේෂ අවස්ථාවල ගත්ත ෆොටෝ එහෙම ඇල්බම්වල පුරවලා තිබුණත් ඒවා පෙන්නන්න පුළුවන්කම තිබුණේ  කළාතුරකින් ගෙදරට එන යාළුවෙක්ට, නෑදෑයෙක්ට විතරයි. අද අපි හැමෝට ම වගේ සෝෂල් මීඩියාවල යාළුවෝ එහෙම නැත්නම් ෆලෝවර්ස්ලා සිය ගාණෙ ඉඳන් දසදහස් ගාණ දක්වා ඉන්නවා. අර වගේ විශේෂ අවස්ථා විතරක් නෙවෙයි; අපි එ‍දිනෙදා කනබොන, කරන කියන දේවල් පවා දිනපතා දහස් ගාණක් මිනිස්සුත් එක්ක බෙදාගන්න අපට පුළුවන් වෙලා තියෙනවා. ඒ හැමෝගෙ ම ජීවිත දිහාත් ඒ විදියට බලාගෙන ඉන්න, ඒවට කොමෙන්ට් කරන්න අපට දැන් පුළුවන්.

ඔබ නැතුව ඔබ එක්ක

ඒත් මේකත් එක්ක අපට අහිමි වෙන දේවලුත් තියෙනවා. මිනිස්සු කියන්නෙ සමාජශීලී සත්ත්ව කොට්ටාසයක්. අවුරුදු දහස් ගාණක ඉඳන් අපි  ගිනි මැලයක් වගේ ඉඳගෙන, එහෙම නැත්නම් ගඩාගෙඩි එකතුකරන ගමන්, එහෙම නැත්නිම් සහමර විට අනිකගෙ උකුණො බලන ගමන් එකිනකත් එක්ක කාලය ගතකරන්න පුරුදු වෙලා ඉන්නවා. කතාකරන වචන විතරක් නෙවෙයි, එකිනෙකාගේ ශරීර භාෂාව, මුහුණු සහ ඇස් එක්ක කරන ගනුදෙනු, ස්පර්ශය වගේ ගොඩක් දේවල් මේකට ඇතුලත්. හැබැයි අර විදියේ වර්චුවල් සම්බන්ධතා ඇතුලෙ අපට මේ දේවල් හම්බවෙන්නෙ නෑ. මේ කාලෙ නම් ගොඩක් දෙනකුට අත්දැකීම් ඇති මූණට මුණගැහෙන මීටිමකට වඩා සූම් මීටිමක දි අපේ සන්නිවේදනය කොච්චර දුරට සීමා වෙනවද කියලා.

හැබැයි කෙනෙකුට තර්කකරන්න පුළුවන් අර විදියට ඔන්ලයින් අවකාශවල කොච්චර ගනුදෙනු කළත් ඒ අතර අර පරණ විදියට භෞතිකව එකිනෙකා හම්බවෙන්නත් තහනමක් නෑනෙ කියලා (කොරෝනා වගේ වසංගත නැති කා‍ලවල). ඒක ඇත්ත. ඇත්තට ම අපේ පරම්පරාවේ ගොඩක් දෙනෙක්  තාමත් එහෙම භෞතික ව එකිනෙකා හම්බවෙලා කතාබහකරන, කනබොන පුරුද්ද අතෑරලා නෑ. ඒත් පොඩි ප්‍රශ්නයක් තියෙනවා. අපේ ඔළුවල මේ භෞතික හමුවීම්වලට තියෙන උපයෝගිතාව එන්න එන්න අඩුවෙනවා. 

උදාහරණයක් හැටියට ඉස්සර එදිනෙදා දේශපාලනය හෝ වෙන දේවල් ගැන අපේ අදහස්, අපි අලුතින් හොයාගත්ත කතා වගේ දේවල් අනිත් අයත් එක්ක බෙදාගන්න තිබුණු එකම අවකාශය තමයි මේ වගේ භෞතික හමුවීම්. අපේ ෆොටෝ ඇල්බම් එක පෙන්නන්න, ඕපදූප ටික බෙදාගන්න අවස්ථාව තිබුණෙත් ඒ වගේ අවස්ථාවල විතරයි. ඒ නිසා නිකම්ම හම්බවෙලා කනබොන එකට වඩා වැඩි උපයෝගිතාවයක් තිබුණා මේ හමුවීම්වල. හැබැයි දැන් මේ කියපු අවශ්‍යතා ටික සෝෂල් මීඩියා හරහා වඩා හොඳට කරගන්න පුළුවන් නිසා අපි එකිනෙකා හම්බවුණත් ඒ හම්බවෙලා කතාකරන්න, බෙදාගන්න තියෙන දේවල් ප්‍රමාණය අඩුවෙලා. අනිත් එක ෆේස්බුක් එකේ සංවාදවල දි  අපට හම්බවෙන ඒ ඒ විෂයන් ගැන ලොකු දැනුමක්, වෙනස් කියවීමක් තියෙන සිය ගණං මිනිස්සු තරම් ඉන්ටරෙස්ටිං අදහස් අපේ යාළු මිත්‍ර සමාගමේ අයට තියෙන්න ඉඩකඩ අඩුයි නෙ. ඒ වගේ ම සෝෂල් මීඩියාවල දි ෆොටෝවලට ෆිල්ටර් දාලා, එහෙම නැත්නම් අපි ලියන කියන දේවල් ‍දෙතුන් පාර කපලා, එඩිට් කරලා “කැත වහන්න” පුළුවන් වුණාට මූණට මූණ හමුවීම්වල දි ඒවා කරන්න බෑනෙ. එතන දි අපට හම්බවෙන්න අර එඩිට් කරලා, කපලා කොටලා ඔපමට්ටම් කරපු පරෆෙක්ට් ෆ්‍රොෆයිල් එකක් වෙනුවට හොඳ නරක, කැත ලස්සන හැම දේම කලවමේ තියෙන මනුස්සයෙක්.

'ඇත්ත ජීවිතේ' දැන් ඕල්ඩ් ෆැෂන්ද?

ජීවිතෙන් වැඩි හරියක් අර විදියේ පර්ෆෙක්ට් ප්‍රොෆයිල් එක්ක ගනුදෙනු කරන අපට‍ මේ විදියට ඇත්තට මූණට හම්බවෙන මිනිස්සුත් එක්ක ගනුදෙන කරන්න තියෙන සෝෂල් ස්කිල් එන්න එන්න අඩු වේගන යනවා. මේ අලුත් තත්ත්වයට කලින් යුගයේ ජිවත්වුණු පරම්පරාවට පරණ පුරුද්දක් හෝ තිබුණත් කෙලින් ම ඩිජිටල් යුගයට උපදින පරම්පරාවට එහෙම කිසිම අත්දැකීමක් නෑ. ලයිව්පර්සන් ආයතනයෙන් කරපු සමීක්ෂණයට අනුව මිලේනියල්ස්ලගෙන් 74%ක් ම මුහුණට මුහුණ කරන කතාබහට වඩා කැමතියි ඩිජිටල් මාධ්‍ය හරහා සන්නිවේදනය කරන්න. මේ සමීක්ෂ්‍ණය සහභාගි වුණ අයයෙන් 70.1%ක් නිදාගන්නෙ ෆෝන් එක අතේ දුරින් තියාගෙන. 64.5%ක් බාත්රූම් එකටත් ෆෝන් එක අරන් යනවා.ජෝර්ජ් වොෂින්ටන් විශ්වවිද්‍යාලයේ එරික් සෙල්සඩොර්ෆ් කරපු පර්යේෂණයකට අනුව සෝෂල් මීඩියා වැඩිපුර භාවිතා කරන පුද්ගලන්‍ට තමන්ගෙ ජීවිතය ගැන තියෙන තෘප්තිමත්භාවය ඒවා බාවිතා නොකරන අයට‍ වඩා අඩුයි. ඒ වගේ ම සමාජ මාධ්‍ය භාවිතය නිසා  මානසික ආතතිය, විශාදය වගේ දේවල් වැඩිවෙන්න පුළුවන් කියලත් මේ පර්යේෂනයෙ දි එළිදරව්වෙලා තියෙනවා. 

ස්මාර්ට් ෆෝන් එක අපේ ම කොටසක් බවට පත්වෙලා තියෙන නිසා සහ අපි පැය විසි හතර ම අපේ දහස්ගාණක් ෆලෝවර්ස්ලා එක්ක සම්බන්ධවෙලා ඉන්න නිසා ‍භෞතික හමුවීමක දි වුණත් අපේ වැඩි අවධානය තියෙන්නෙ අපේ ඉස්සරහා ඉන්න කෙනා එක්ක කරන ගනුදෙනුවට වඩා මේ මොහොත ෆ‍ොටෝ එකක්, වීඩියෝ එකක්, එහෙම නැත්නම් පෝස්ට් එකක් හරහා අපේ අතත්‍ය මිතුරනුත් එක්ක බෙදාගන්නෙ කොහොමද කියන එකට. කට්ටිය සෙට්‍වුණු වෙලාවක වුණත් එකිනෙකා එක්ක කතාබහ කාලයට වඩා තම තමන්ගේ ෆෝන් එක්ක කාලය ගතකරන එක දැන් සාමාන්‍ය දෙයක්. ලයිව්පර්සන් සමීක්ෂණයට අනුව මිලේනියල්ස්ලගෙන් 41.6%ක් ම මේ විදියට කතාබහක් අතරතුර ෆෝන් එක පාවිච්චි කරන එක අවුලක් හැටියට දකින්නෙ නෑ.

සමහර විට මේක පරණ විදියේ සමාජ සම්බන්ධතාවලට ඇබ්බැහිවෙලා හිටපු අපේ පරම්පරාවට විතරක් තියෙන ප්‍රශ්නයක් වෙන්නත් පුළුවන්. ඊළග පරම්පරාවට එහෙම විශේෂයෙන් මිස් වෙන්න දෙයක් නැති නිසා, සහ එයාලා පොඩි කාලෙ ඉඳන් අලුත් අතත්‍ය සම්බන්ධාවලට පුරුදුවෙන නිසා සමහර විට එයාලට මෙහෙම අවුලක් නොදැනෙන්නත් ඉඩ තියෙනවා. හැබැයි බ්‍රේන් ඉන්ටර්ෆේස් වගේ තාක්ෂණයන්  දියුණු වෙලා  මේ අතත්‍ය සම්බන්ධතා මීට වඩා සමීප මට්ටමට ගෙනාවොත් හෝ ජාන තාක්ෂණය වගේ දේවල් හරහා අපේ මොළය වෙනස් කළොත් ඇරෙන්න අවුරුදු ලක්ෂ ගාණක් තිස්සේ ජානගතවෙලා තියෙන පුරුදු සහ අවශ්‍යතා සම්පූර්ණයෙන් වෙනස්කරන්න පුළුවන් වෙයි කියල හිතන්න අමාරුයි. එතකල් අපට සිද්ධවෙනවා සමාජයක් විදියට අපේ මේ “පරණ” සම්බන්ධතා පවත්වාගෙන යන්න ක්‍රමයක් හොයාගන්න. 

Share on facebook
Share on twitter
Share on whatsapp

Highlights.

Latest.

KAMU.

Welcoming the Year of the Horse at Yue Chuan, The Kingsbury

Yue Chuan, the award-winning Chinese restaurant at The Kingsbury, Colombo, invites guests to usher in the

Highlights Kamu

Soho Hospitality Charts First Expansion into South Asia with Charcoal’s Colombo Debut

Bangkok-based international hospitality group selects Sri Lanka for its game- changing dining brand Charcoal Tandoor

Highlights Kamu

Brunch at ITC Ratnadipa – Review

By Ranugi Thihansa If you’re looking for a Sunday brunch that brings together incredible food,

Highlights Kamu Yamu Guide

Harpo’s Pizza and Pasta: Review

We dropped by Harpo’s Pizza and Pasta the other day, and it turns out it’s

Highlights Kamu

The Fort Café by Tasty Caterers – Review

By Linara Wimalaweera The Fort Café by Tasty Caterers offers a refreshing escape from the

Highlights Kamu Yamu Guide

Nihonbashi by Dharshan – Review

Written by Linara Wimalaweera When it comes to Japanese fine dining in Colombo, few names

Highlights Kamu

Trending.

Goodies at Cinnamon Lakeside Empowers Women with All Female Team

In a significant step towards promoting greater female representation in hospitality, Cinnamon Lakeside Colombo has

Highlights Trending

Cinnamon Colombo Hotels and Royal Colombo Golf Club Tee Off the Inaugural Cinnamon Colombo Golf Classic

Cinnamon Colombo Hotels is proud to announce the launch of the inaugural Cinnamon Colombo Golf

Highlights Trending

ITC Ratnadipa Presents Dim Sum & Co., an Exclusive Dim Sum Experience at Yi Jing

Yi Jing at ITC Ratnadipa introduces Dim Sum & Co., a first-of-its-kind curated series of

Highlights Trending


Anantara Kalutara Resort Unveils a Taste of La Dolce Vita at Acquolina Restaurant & Lounge

Kalutara, Sri Lanka – 22 June 2026 – Anantara Kalutara Resort unveiled a renewed dining

Highlights Trending

Soul Sounds Returns to the Lionel Wendt with The Pop Era!

Led by internationally acclaimed Music Director Soundarie David Rodrigo, the celebrated ensemble will revisit the

Highlights Trending

Waves of Change: Hospitality Partners Unite for a Cleaner Colombo Coastline

In celebration of World Environment Day and World Oceans Day, Amari Colombo and Granbell Hotel

Highlights Trending

Yamu Guide.

Shangri-La Colombo Unveils a New Chapter at Tiki Bar

As the sun dips into the Indian Ocean and the city begins to exhale, Tiki

Trending Yamu Guide

DINIDU: Colombo’s Premier Destination for Wedding Anniversary Gifts

Every wedding anniversary is a chapter of a love story that continues to evolve. These

Highlights Yamu Guide

Yazu Set to Make Sri Lankan Debut at Radisson Blu Resort Galle in 2026

Radisson Blu Resort Galle is set to unveil its newest culinary venture in March 2026 with the opening of Yazu by

Highlights Trending Yamu Guide

A Ramadan Feast Awaits at ITC Ratnadipa – Available Till March 19

This Ramadan, ITC Ratnadipa invites guests to celebrate the holy month with ‘A Feast for

Highlights Yamu Guide

Here are the must visit Iftar spots for 2026

Ramadan 2026 brings with it a beautiful season of reflection, gratitude, and shared meals. Across

Highlights Trending Yamu Guide