130 වැනි උපන්දිනය සමරන හෙළයේ මහා ප්‍රාඥයා.

මාර්ටින් වික්‍රමසිංහ ශූරීන් අපේ රටේ බිහි වුණු විශිෂ්ටතම ප්‍රාඥයෙක් සහ ප්‍රාමාණික බුද්ධිමතෙක්. ඔහු ලියූ පොතපතින් එදා තරමට ම අදත්, හෙටත් පාඨකයින් පෝෂණය වෙනවා. ඔහුගේ නම මඟ හැර සිංහල සාහිත්‍ය ක්ෂේත්‍රය ගැන කතා කරන්නට පවා නොහැකියි. හෙළයේ මහා ගත්කරු නමින් ඔහු විරුදාවලිය ලබා තියෙන්නෙත් සාහිත්‍ය ක්ෂේත්‍රය වෙනුවෙන් කළ සේවය හේතුවෙන්මයි. ඉතින් මාර්ටින් වික්‍රමසිංහ ශූරීන්ගේ 130 වැනි ජන්ම සමරුව අද, 2020 මැයි 29 දාට යෙදෙනවා. මේ ඒ වෙනුවෙන් ඔහුගේ ජීවිත ගමන ගැන අපි තබන සටහනක්.

බාල විය

මාර්ටින් වික්‍රමසිංහ ශූරීන් උපත ලැබුවේ 1890 මැයි 29 වැනිදා කොග්ගල මලලගම දී. සොයුරියන් නව දෙනෙකුගෙන් යුතු පවුලේ එක ම පිරිමි දරුවා වුණේ ඔහුයි. මුලින්ම අන්දිරිස් නම් ගුරුන්නාන්සේ කෙනෙකුගෙන් අකුරු ඉගෙනීමට ගිය ඔහු පසුව ගමේ පන්සලෙන් සහ ගාල්ලේ බොනවිස්ටා පාසලෙන් අධ්‍යාපනය ලබනවා. ඒත් පියාගේ අභාවයත් සමග ආපු ආර්ථික අගහිඟකම් නිසා වයස අවුරුදු දොළහේදී මාර්ටින් වික්‍රමසිංහයන්ගේ පාසල් ගමන නවතිනවා.

පසුව කොග්ගල ධීරානන්ද හිමියන් වෙතින් සිංහල, පාලි සහ සංස්කෘත ඉගෙනගන්නට පටන්ගන්නා ඔහු, ‘බාලෝපදේශය’ නමින් සිය ප්‍රථම පොත ලියා පළ කළා. ඒ 1903 දී. යළිත් දාහතර වැනි වියේදී අහංගම සිංහල පාසලට ඇතුළු වුණත්, නැවතත් ඔහුට පාසල් ගමන සම්පූර්ණ කරන්නට අවකාශය ලැබෙන්නේ නෑ. අවුරුදු දෙකක ඇවෑමෙන් තරුණ මාර්ටින් වික්‍රමසිංහයන් පාසලෙන් අස් වී රැකියාවක් සඳහා කොළඹට එනවා.

අධ්‍යාපනය අඩාල වුණත් තනිව පතපොත පරිහරණය කරමින් කියැවීමෙන් දැනුම රැස් කිරීම සහ බුද්ධිය අවදි කරගැනීම, මාර්ටින් වික්‍රමසිංහ චරිතයේ සුවිශේෂී ම ලක්ෂණයයි. මේ කාලය ඔහු එසේ ස්වයං අධ්‍යයනයේ නිරත වුණු කාලයයි.

තරුණ විය

1910 වසරේ වික්‍රමසිංහයන්ගේ මව මිය යනවා. ඔහුගේ ලේඛන දිවිය ඇරඹෙන්නේ මේ ආසන්න කාලයේ දී. ‘ලීලා’ නමින් ඔහු සිය ප්‍රථම නවකතාව එළිදක්වන්නේ 1914 වසරේ. මේ අතර ම දිනමිණ පුවත්පතේ සේවයට බැඳෙන ඔහු පුවත්පතට ලිපි ලිවීම ආරම්භ කරනවා. 1925 නොවැම්බර් 30 වැනිදා කතළුවේ බලගේ ප්‍රේමා ද සිල්වා මෙනවිය සමග විවාහ වන මාර්ටින් වික්‍රමසිංහයන් සිය බිරිඳ සමග පළමු වරට ගල්කිස්සේ පදිංචියට පැමිණෙනවා.

මේ යුවළට දාව දරුදැරියන් හය දෙනෙකු උපන්නා. ඒ අතරවාරයේ වික්‍රමසිංහයන් සිළුමිණ සහ දිනමිණ පුවත්පත්වල කර්තෘ ධුරයට පත් වුණා. ඔහු සෝමා, සීතා, රෝහිණී, උන්මාද චිත්‍රා වැනි පොත් රචනා කළේ මේ කාලයේ දී.

මැදි විය

1944 දී ‘ගම්පෙරළිය’ කෘතිය ලියා පළ කර අතිසාර්ථක වන මාර්ටින් වික්‍රමසිංහ ශූරීන්, 1946 දී දිනමිණ පුවත්පතින් ඉවත් වීමෙන් අනතුරුව වෘත්තිමය නවකතාකරුවෙකු බවට පත් වුණා. ඉන් පසුව ඔහු ලියූ මඩොල් දූව, යුගාන්තය, විරාගය, කලියුගය, කරුවල ගෙදර නවකතා, පාඨක විචාරක නොමඳ අවධානයට සහ පැසසුමට පාත්‍ර වුණා. ඔහු රචනා කළ ‘බවතරණය’ නවකතාව මහත් ආන්දෝලනයකටත් තුඩු දුන්නා.

මීට අමතරව ඔහු සිය ජීවිතය ඇසුරින් ලියූ අපේ ගම, කළුනික සෙවීම, උපන්දා සිට වැනි කෘතිත්, පව්කාරයාට ගල් ගැසීම, හඳ සාක්කි කීම, වහල්ලු වැනි කෙටිකතා පොතුත්, සිංහල සාහිත්‍යයේ නැඟීම, ගුත්තිල ගීතය, සිංහල විචාර මඟ, ජාතක කතා විමසුම වැනි විචාර ග්‍රන්ථත්, සිංහල ලකුණ, බුදු සමය හා සමාජ දර්ශනය, දැනුම හා දැකුම, සිංහල සකස්කඩ වැනි දාර්ශනික පතපොතත්, පරිණාමවාදය සම්බන්ධයෙන් ලියූ සත්ත්ව සන්තතිය ආදී කෘතිත්, ලේඛකයෙකු ලෙස ඔහු සතු වූ පුළුල් ජීවිත ඥානය කියාපානවා.

සම්මාන හා ගෞරව නාම

1953 වර්ෂයේදී දෙවැනි එලිසබෙත් මහ රැජින විසින් මාර්ටින් වික්‍රමසිංහ ශූරීන්ට එම්. බී. ඒ. ගෞරව නාමය පිරිනමනු ලැබුවා. 1957 දී ඔහුට ‘විරාගය’ නවකතාව සඳහා දොන් පේද්‍රික් සම්මානය හිමි වුණා. 1960 අවුරුද්දේ විද්‍යෝදය විශ්ව විද්‍යාලය වික්‍රමසිංහයන්ට ශාස්ත්‍රසූරී සම්මාන උපාධිය පිරිනැමුවා. ඒ විතරක් නෙවෙයි, 1965 දී විද්‍යාලංකාර විශ්ව විද්‍යාලය ඔහුට සාහිත්‍ය චක්‍රවර්ති සම්මාන උපාධියත් පිරිනැමුවා. යළිත් 1970 වසරේ ශ්‍රී ලංකා විශ්ව විද්‍යාලයේ කොළඹ මණ්ඩපය මඟින් තවත් සාහිත්‍ය චක්‍රවර්ති සම්මාන උපාධියක් ඔහුට පිරිනැමුණා. 1974 දී මාර්ටින් වික්‍රමසිංහ ශූරීන් ජනාධිපති සම්මාන දිනාගන්නටත් සමත් වුණා.

මීට අමතරව රට රටවල පැවැත්වුණු සාහිත්‍ය සමුළු සහ විවිධ සාහිත්‍ය සංවත්සර සැමරුම් සඳහා ලංකාව නියෝජනය කරමින් සහභාගි වන්නට වික්‍රමසිංහයන්ට ඇරයුම් ලැබුණා. වික්‍රමසිංහයන් ලියූ කෘති ගණනාවක් සිනමාවට ද නැඟුණා. ගම්පෙරළිය, කලියුගය, යුගාන්තය, විරාගය, මඩොල් දූව ඉන් කීපයක්.

මහලු විය

1957 සිට 1975 අතරතුර කාලයේදී වික්‍රමසිංහයන් ඉංග්‍රීසි භාෂාවෙන් පොත්පත් කීපයක් ලියා පළ කර තිබෙනවා. Aspects of Sinhalese Culture, Buddhism and Culture, Revolution and Evolution, Buddhism and Art ඉන් කීපයක්.

1975 දී වික්‍රමසිංහයන් සිය අවසන් ග්‍රන්ථය වූ Sinhala Language and Culture කෘතිය ප්‍රකාශයට පත් කළා. ඔහු අවසාන වරට ලියූ ‘වීරිය පාරමිතාව’ නම් ලිපිය 1976 දී බුදුසරණ පුවත්පතේ පළ වුණා. ඉන් පසුව ටික කලක් අසනීපයෙන් සිටි වික්‍රමසිංහයන් 1976 ජූලි 23 වැනිදා මෙලොවින් සමුගත්තා. ඒ නාවල කිරිමණ්ඩල මාවතේ ඔහු ජීවත් වූ නිවසේදී. අද එම නිවසේ වික්‍රමසිංහ භාරකාර මණ්ඩලය පවත්වාගෙන යනවා. එසේ ම ඔහුගේ කොග්ගල මලලගම නිවස අද මාර්ටින් වික්‍රමසිංහ ජන කෞතුකාගාරය බවට පත් කොට තිබෙනවා.

අවසන් වශයෙන්

මාර්ටින් වික්‍රමසිංහයන්ගේ ජීවිතය මහ මුහුද මෙන් විසිරුණු පැතිරුණු එකක්. අපි ඔබට මේ සටහනෙන් ඉදිරිපත් කරපු තොරතුරු, ඉන් දිය දෝතක් තරම් ස්වල්ප ප්‍රමාණයක්. පාසල් ගමන අඩාල වූ පසුත් තමන්ට තිබූ දැනුම් පිපාසය නිසා ම තනිව පතපොත සහ ජීවිතය හදාරා විසි වැනි සියවසේ ලංකාවේ බිහි වූ විශිෂ්ටතම බුද්ධිමතෙකු බවට පත් වෙන්නට ඔහු සමත් වුණේ දැඩි කැපවීම සහ උත්සාහය නිසා. ඉතින්, වුවමනාව සහ කැපවීම තියනවා නම්, තමන්ගේ ඉලක්කය හඹා යෑම වළක්වන්නට වෙනත් කිසිදු බාධකයකට නොහැකි බව කියා පාන්නට වික්‍රමසිංහ චරිතය මනා උදාහරණයක්.

Share on facebook
Share on twitter
Share on whatsapp

Highlights.

Latest.

KAMU.

Welcoming the Year of the Horse at Yue Chuan, The Kingsbury

Yue Chuan, the award-winning Chinese restaurant at The Kingsbury, Colombo, invites guests to usher in the

Highlights Kamu

Soho Hospitality Charts First Expansion into South Asia with Charcoal’s Colombo Debut

Bangkok-based international hospitality group selects Sri Lanka for its game- changing dining brand Charcoal Tandoor

Highlights Kamu

Brunch at ITC Ratnadipa – Review

By Ranugi Thihansa If you’re looking for a Sunday brunch that brings together incredible food,

Highlights Kamu Yamu Guide

Harpo’s Pizza and Pasta: Review

We dropped by Harpo’s Pizza and Pasta the other day, and it turns out it’s

Highlights Kamu

The Fort Café by Tasty Caterers – Review

By Linara Wimalaweera The Fort Café by Tasty Caterers offers a refreshing escape from the

Highlights Kamu Yamu Guide

Nihonbashi by Dharshan – Review

Written by Linara Wimalaweera When it comes to Japanese fine dining in Colombo, few names

Highlights Kamu

Trending.

Yazu Set to Make Sri Lankan Debut at Radisson Blu Resort Galle in 2026

Radisson Blu Resort Galle is set to unveil its newest culinary venture in March 2026 with the opening of Yazu by

Highlights Trending Yamu Guide

Indiya Enters a New Chapter

Colombo, Sri Lanka – [9th March 2025] — Indiya, the signature Indian restaurant at Cinnamon

Highlights Trending

Here are the must visit Iftar spots for 2026

Ramadan 2026 brings with it a beautiful season of reflection, gratitude, and shared meals. Across

Highlights Trending Yamu Guide

Valentine’s Celebrations Unfolded at NH Collection Colombo

Valentine’s celebrations at NH Collection Colombo concluded on a high note, with guests enjoying an

Highlights Trending

Newburgh Ella: Where Sri Lanka’s Tea Heritage Rises Above the Clouds

A Tea Factory Reimagined High above the emerald hills of Ella, where mist drifts lazily

Highlights Trending

ITC Ratnadipa Presents ‘An Italian Affair’ in Partnership with the Italian Embassy, Sri Lanka

ITC Ratnadipa, Colombo in collaboration with the Embassy of Italy in Sri Lanka will host

Trending

Yamu Guide.

Yazu Set to Make Sri Lankan Debut at Radisson Blu Resort Galle in 2026

Radisson Blu Resort Galle is set to unveil its newest culinary venture in March 2026 with the opening of Yazu by

Highlights Trending Yamu Guide

A Ramadan Feast Awaits at ITC Ratnadipa – Available Till March 19

This Ramadan, ITC Ratnadipa invites guests to celebrate the holy month with ‘A Feast for

Highlights Yamu Guide

Here are the must visit Iftar spots for 2026

Ramadan 2026 brings with it a beautiful season of reflection, gratitude, and shared meals. Across

Highlights Trending Yamu Guide

IFTAR BUFFET LIST – 2026

With Ramadan 2026 now underway, families and friends are gathering in prayer, reflection, and devotion

Highlights Yamu Guide

Break Fast by the Lake: A Meaningful Ramadan at Cinnamon Lakeside Colombo

Colombo, Sri Lanka, 23rd February 2026 - This Ramadan, Cinnamon Lakeside Colombo invites guests to embrace the spirit

Highlights Yamu Guide

A Beautiful Beginning to Ramadan : Iftar at Cinnamon Grand Colombo

Colombo, Sri Lanka – 23rd February 2026 – This Ramadan, Cinnamon Grand Colombo welcomes guests to gather in reflection and

Highlights Yamu Guide