මල් ගන්න එකේ තේරුමක් තියෙනවද?.

“රතුපාට ‍කොල පාට දම් පාට කහා පාට රොස පාට සුදු පාට ලස්සන මල්”. නේද? මල් ජාති ගොඩක් තියෙනවා. ඒත් අද කතාකරන්න යන්නේ ඔය කාටහරි මලක් දෙන්න යනකොට ඕන වෙන බොකේවලට දාන මල් ගැන. බොකේ නං ලස්සන තමයි. එත් ඔයගොල්ලෝ දැනගෙන හිටියද ඔය එක එක මල්වලට තේරුම් තියෙනව කියල? මල්වලින් හැඟීම් ගැන කතාකරන එක ආවේ වික්ටෝරියානු යුගයේ බ්‍රිතාන්‍යයන් ගෙන්. ඒගොල්ලෝ  එක එක මල්වලට තේරුම් දුන්න. ඔන්න වැරදි දේ දීල කට වරද්ද ගන්න කලින් පොඩ්ඩක් අපේ මේ ලැයිස්තුව කියවල බලන්න.

රෝස

රෝස කියන්නේ ටිකක් බරපතල මලක්. පෙබරවාරි පැත්තේ ඕකට සැහෙන්න ඉල්ලුම වැඩි වෙනවා කියල ආරංචියි. රෝස මලෙත් ප්‍රභේද කිහිපයක් තියෙන හින්ද ටිකක් වැඩිපුර ඒ ගැන බලන්න වෙයි.

රතු රෝස

රතු රෝස ගැන අමුතුවෙන් කියන්න ඕනේ නැති තරම්. රෝස කියපු ගමන් ඉතින් කාගෙත් ඔලුවට වැටෙන්නේ රතු රෝස මලක රූපේ තමයි. රතු රෝස කියන්නේ ප්‍රේමය සහ ආදරයේ සංකේතයක් තමයි. තව රෝසේ රත වැඩි වෙන්න වැඩි වෙන්න ඒ ප්‍රේමයේ තරම පෙන්වනවා කියලයි කියන්නෙ.

තව දෙයක් තියෙනවා. තෑගි දෙන රතු රෝස ගාන අනුවත් තේරුමක් තියෙනවා. තනි රෝස මලකින් කියන්නෙ ඉතා බලවත් ලැදියාවක් තියෙනවා කියල. රෝස මල් දෙකක නටු එකට පටලවල දෙන එක මංගල යෝජනාවක් වගේ දෙයක් තමයි. රෝස මල් හයක් දෙන එක තමන්ව ආදරෙන් රැකබලාගන්න කියල ඉල්ලා සිටීමක්. රෝස මල් එකොළහකින් කියන්නේ ලබන්නාට අතිශයින්ම ආදරයෙන් ඉන්න බවයි. ඒත් රෝස මල් දහතුනකින් දුන්නොත් එකෙන් කියන්නේ ලබන්නාට හිතින් විතරක් රහසෙන් පෙම් කරන්නෙක් ඉන්නවා කියල.

සුදු රෝස

ඉස්සරම කාලේ නං සුදු රෝස තමයි සත්‍ය ප්‍රේමය කියන්නේ ගත්තේ. හැබැයි දැන් නම් සුදු රෝස හුඟක් වෙලාවට ගන්නෙ මංගල උත්සවවලට. ඒ නිර්මල බව සහ අහිංසක බව හඟවන්න. හැබැයි සුදු මළගෙවල්වලටත් අදාල පාටක් හින්ද මේක පාව්ච්චිය පරිස්සමින්.

කහ රෝස

කහ පාට තියෙන්නේ මිතුරුකමට. ඒක නිසා කහ රෝස සාමාන්‍යයෙන් දෙන්නේ ඔබේ මිත්‍රයෙක්ට. රතු මිශ්‍ර කහ රෝස දෙනවනං ඒ කියන්නේ ප්‍රේමයත් දළු දාගෙන එන මිත්‍ර කමක් කියල. කහපාට සන්තෝසේ කියන්නත් ගන්න හින්ද කාටහරි ඉක්මන් සුව ප්‍රාර්ථනා කරලා මල් දෙනවනං කහ රෝස හොඳ තේරීමක්.

රෝස රෝස

රෝස පාට රෝස මල් තියෙන්නෙත් ආදරය කියන්න, හැබැයි ප්‍රේමය ම නෙමෙයි. ටිකක් සැර අඩුවෙන් ආදරෙයි කියල කියන්න ඕනෙ නං මේවා තමයි පාවිච්චි කරන්නෙ. අගය කිරීමට සහ ස්තුතිය ප්‍රකාශ කිරීමටත් රෝස රෝස මල් පාවිච්චි කරනවා.

කළු රෝස

රූපය dailysabah.com වෙතින්

කළු පාට සාමාන්‍යයෙන් මරණය එක්ක සම්බන්ධයි වගේ, කළු රෝස මලකිනුත් ඒ වගේ අදහසක් තමයි ප්‍රකාශ වෙන්නෙ. හොඳ වෙලාවට මේක හොයන්න අමාරුයි. හැබැයි හම්බවුනොත් පොඩ්ඩක් මේ ගැන හිතල ගන්න.

ඩේසි මල්

ඩේසි මල්වලින් කියන්නේ අහිංසක බව. ඉතින් කාටහරි ආසාවට නිකං මලක් දෙන්න හිතෙනව නම් මෙන්න හොඳ තේරීමක්. ඩේසි මල් පාට පාට ගොඩක් තියෙන හින්ද සන්තෝස අවස්ථාවලටත් ගන්නවා.

ටියුලිප්

ටියුලිප් මල්වලටත් තේරුම් තියෙනවා. හැබැයි ඒවට තියෙන්නෙ රෝස මල්වලට තියෙන තේරුමම නෙමෙයි. ටියුලිප් මල්වලත් රතු තියෙන්නෙ ප්‍රේමයට හැබැයි  මේවයේ කහ පාට කියන්නේ ඔලුව උඩු යටිකුරු වෙන්න තරං ආදරෙයි කියල. දම් පාට ටියුලිප් මල්, දම් පාට රෝස මල් වගේම රාජකීය අදහසක් දෙන්නෙ. ඔයාට කව්රුහරි රජෙක් හරි රැජිණක් වගේ කියල කියන්න ඕනේ නං ඔන්න මල. රෝස ටියුලිප් දෙන්නේ දයාව, රැකගැනීම අඟවන්න වගේම සුදු ටියුලිප් දෙන්නෙ සමාව දෙන්න නැත්තන් සමාව ගන්න.

උඩවැඩියා

උඩවැඩියා නැතිනම් ඔර්කිඩ් මල් ඉතා සියුමැලි ලස්සන මල් ජාතියක්. ඒ වගේ කෙනෙකුට තමයි මේ මල් දෙන්නෙත්. මේ මල් සුඛෝපභෝගී බව අඟවන්නත් ගන්නවා. තව සියුමැලි වුනත් පණ ගහල ඉන්න පුළුවන් හින්ද ශක්තිමත් බව කියන්නත් උඩවැඩියා මල් ගන්නවා.

කානේෂන්

රෝමන්වරු විශ්වාස කළා කානේෂන් මල් හටගත්තේ යේසුස් වහන්සේ කුරුසියේ ඇණ ගැසීමේ දුකට මරියා මවුතුමියට ආපු කඳුළු වැටුන තැනින් කියල. ඒ වගේම කොරියාවේ කානේෂන් මල්වලින් තරුණ ගැහැණු ළමයින්ගේ අනාගතය කියන විදිහකුත් තියෙනවා. ඇමරිකාවේ නං විශේෂ උත්සවවල දී ආභරණයක් වගේ අතේ මේ මල් පැළඳගෙනත් යනවා. රෝස, ටියුලිප් වගේ මේවයෙත් පාටින් පාටට වෙනස් තේරුම් තියෙනවා. රතු කානේෂන් ආදරය කියන්න ගන්නවා. සුදු පාට සුභ පතන්නත් පරණ කාලේ මතක් වෙන්නත් දෙනවා. රෝස පාට ස්තුති කරන්න හරි අම්ම කෙනෙකුගේ ආදරය කියන්න පාවිච්චි කරනවා. හැබැයි පාට දෙකේ කානේෂන් දෙන්නෙ මොකක්හරි සම්පුර්ණයෙන් ප්‍රත්ක්ෂේප කරන්න.

කපුරු මල්

අර කලින් රතු රෝස දහතුනක් ගැන කියනකොට වගේ කපුරු මල්වලින් කියන්නේ රහසේ හිතින් විතරක් පෙම් කරන්නෙක් ඉන්නව කියල. ඕනේ නං මේකෙනුත් දහතුනක් දීල බලන්න රහස එලිවෙයිද කියල.

හයිද්‍රේන්ජියා

හයිද්‍රේන්ජියා මල්වල ප්‍රධාන දේ තමයි ඉතා දිග නටුවක් තියෙන එක. මේ නිසා ඒවා දිගු පැවැත්ම සංකේතවත් කරනවා. ඒක නිසා හුඟක් කල් එකට හිටපු පෙම් යුවල්වලට මේක සුදුසු තෑග්ගක් වෙනවා. මඟුල් ගෙවල්වලටත් මේවා ගන්නවා.

ලිලී මල්

මේ මලට දිගු ඉතිහාසයක් තියෙනව පුරාණ ග්‍රීක සංස්කෘතිය වෙනකම්ම. ඔවුන් මේ මල ශෘංගාරය, මාතෘභාවය, සහ උපත සමග සම්බන්ධ කළා. පසු කාලයේ ක්‍රිස්තියානි ආගමේ පැතිරීමත් සමග ලිලී මල මරියතුමිය සමග ආශ්‍රය වී පතිවත, නිර්මලත්වය, සිල්වත් බව වැනි දේ සංකේතවත් කළා. අද කාලයේ ඔය දෙවනියට කියපු දේවල් තමයි වැඩිහරියක් කියවෙන්නෙ. එත් මතක තියාගන්න ඕනේ ලිලී මල් අවමගුල්වලටත් ගෙනියන මලක් නිසා කාටහරි දෙනකොට පරිස්සමෙන්.

බේබීස් බ්‍රෙත් (ජිප්සොෆිලා)

මේ කුඩා සුදු පාට මල් සාමාන්‍යයෙන් පාවිච්චි කරන්නෙ බොකේ එකක් සම්පුර්ණ කරන්න විතරයි. නමුත් ඒ මලෙත් යම්කිසි අදහසක් දෙනවා. ප්‍රධානම අදහස නම් නොමැරෙන ආදරයයි. මේක ප්‍රේමය ගැනම පමණක් නෙමෙයි පවුලේ සාමාජිකයින් අතර නැත්නම් මිතුරන් අතර වුනත් එහෙම කියන්න සුදුසු මලක්.

ස්නැප් ඩ්‍රැගන්

ස්නැප් ඩ්‍රැගන්, කියන්නේ ‘හපන මකරා' කියන එකට. මලට නම් එන්නේ මලේ හැඩය මකරෙක්ගෙ ඔලුවට සමාන කරල තියෙන හින්ද. හපන කෑල්ල එන්නෙ මලේ දෙපැත්තෙන් තද කලොත් මල කටක් ඇරෙනවා වැහෙනවා වගේ හෙලවෙන නිසා.

කතාවල හැටියට මේ මලක් සඟවාගෙන කථා කලොත් කථා කරන කෙනා චිත්තාකර්ෂණීය ලෙස පේන බව විශ්වාසයක් තියෙනවා. ඒ නිසාම වෙන්නැති මේ මල් ඇස්බැන්දුම්, බොරු එක්ක සම්බන්ධකමක් තියෙනවා.

ඔන්න මල් තොගයක්‌ ගැන විස්තර දුන්න. ඔයාල මේක හොඳට කියවල, අවශ්‍ය දේ තෝරාගෙන, හරියට මලක් කඩාගන්න හොඳේ?

Share on facebook
Share on twitter
Share on whatsapp

Highlights.

Latest.

KAMU.

Welcoming the Year of the Horse at Yue Chuan, The Kingsbury

Yue Chuan, the award-winning Chinese restaurant at The Kingsbury, Colombo, invites guests to usher in the

Highlights Kamu

Soho Hospitality Charts First Expansion into South Asia with Charcoal’s Colombo Debut

Bangkok-based international hospitality group selects Sri Lanka for its game- changing dining brand Charcoal Tandoor

Highlights Kamu

Brunch at ITC Ratnadipa – Review

By Ranugi Thihansa If you’re looking for a Sunday brunch that brings together incredible food,

Highlights Kamu Yamu Guide

Harpo’s Pizza and Pasta: Review

We dropped by Harpo’s Pizza and Pasta the other day, and it turns out it’s

Highlights Kamu

The Fort Café by Tasty Caterers – Review

By Linara Wimalaweera The Fort Café by Tasty Caterers offers a refreshing escape from the

Highlights Kamu Yamu Guide

Nihonbashi by Dharshan – Review

Written by Linara Wimalaweera When it comes to Japanese fine dining in Colombo, few names

Highlights Kamu

Trending.

What is the DINIDU Lanka Pendant & Is It Sri Lanka’s Most Recognisable Modern Jewellery Icon?

Few gold pendants crafted in Sri Lanka carry the weight of identity quite like the DINIDU Lanka Pendant. Shaped after

Highlights Trending

Radisson Hotel Kandy Welcomes Global Travel Influencers to Showcase Sri Lanka’s Hill Capital and Island Experiences

Radisson Hotel Kandy recently welcomed a group of eight global travel and lifestyle influencers as

Highlights Trending

A Taste of the Swiss Alps comes to Colombo

High in the Swiss Alps, where mountain landscapes shape both life and cuisine, Chef Heinz

Highlights Trending

Sheraton Colombo Unveils a New Chapter for Ceylon Bake Shop with a Fresh Home in the Hotel Lobby

Sheraton Colombo Hotel is delighted to announce the relocation of its beloved Ceylon Bake Shop

Highlights Trending

ITC Ratnadipa Introduces Rūhāniyat, an Indian Heritage Dining Experience, Available Until 16 August

ITC Ratnadipa introduces Rūhāniyat, an Indian heritage dining experience that invites diners to discover the

Highlights Trending

Anantara Peace Haven Tangalle Resort Introduces Panoramic Ocean View Rooms, Elevating Luxury on Sri Lanka’s Southern Coast

Set along Sri Lanka’s southern shores, Anantara Peace Haven Tangalle Resort announces the introduction of

Highlights Trending

Yamu Guide.

Shangri-La Colombo Unveils a New Chapter at Tiki Bar

As the sun dips into the Indian Ocean and the city begins to exhale, Tiki

Trending Yamu Guide

DINIDU: Colombo’s Premier Destination for Wedding Anniversary Gifts

Every wedding anniversary is a chapter of a love story that continues to evolve. These

Highlights Yamu Guide

Yazu Set to Make Sri Lankan Debut at Radisson Blu Resort Galle in 2026

Radisson Blu Resort Galle is set to unveil its newest culinary venture in March 2026 with the opening of Yazu by

Highlights Trending Yamu Guide

A Ramadan Feast Awaits at ITC Ratnadipa – Available Till March 19

This Ramadan, ITC Ratnadipa invites guests to celebrate the holy month with ‘A Feast for

Highlights Yamu Guide

Here are the must visit Iftar spots for 2026

Ramadan 2026 brings with it a beautiful season of reflection, gratitude, and shared meals. Across

Highlights Trending Yamu Guide