කොළඹ අවට තියන බෙහෙත් ඩිලිවරි සේවා – 2021.

දැනට පනවලා තියන සංචරණ සීමා ඉවත් කරන්න තව සතියක් තියනවා. ඉතින් මේ වෙලාවේ ඔබට බෙහෙත්වල අවශ්‍යතාවක් තියනවා නම්, එළියට නොයා අවශ්‍ය බෙහෙත් ටික ගෙදරට ම ගෙන්නගන්න පුළුවන් ක්‍රම කීපයක් ගැනයි මේ කියන්න යන්නෙ.

Quickmed.lk

ඔබේ සෞඛ්‍ය සහ සනීපාරක්ෂක අවශ්‍යතා සියල්ල ම එක ම වහලක් යටින් ඉටු කරගන්න පුළුවන් තැනක් Quickmed.lk. ඖෂධ, ශල්‍ය උපකරණ ආදී සෞඛ්‍ය නිෂ්පාදන වගේ ම, වෛද්‍ය උපකරණ, රූපලාවන්‍ය නිෂ්පාදන ආදී විවිධ දේවල් රැසක් මෙතන තියනවා. ඔවුන්ගේ වෙබ් අඩවියට ඔබේ ප්‍රෙස්ක්‍රිප්ෂන් එකේ ෆොටෝ එකක් අප්ලෝඩ් කළාම බෙහෙත් ටික ඔබ ඉන්න තැනට ම ගෙන්නගන්න පුළුවන්.

දිවයින පුරා පැතිරුණු ඔවුන්ගේ සේවාව ඔස්සේ දිනකට ලංකාව පුරා ම ඩිලිවරි 600ක් පමණ ආවරණය කරන්නට ඔවුන් කටයුතු කරනවා.

කෑෂ් ඔන් ඩිලිවරි, කාඩ් ඔන් ඩිලිවරි වගේ ම ඔන්ලයින් කාඩ් ගෙවීම් පහසුකම් ලබා දෙනවා.

වැඩි විස්තර සඳහා අමතන්න: 0774909909

Healthguard

ලංකාවේ ප්‍රසිද්ධ ම ෆාමසි චේන් එකක් හෙල්ත්ගාඩ්. ඔවුන්ගේ www.healthguard.lk වෙබ් අඩවියට ගියොත්, දිනපතා උදේ 9 – හවස 5 අතර කාලය තුළ ඔබට අවශ්‍ය ඖෂධ ඇණවුම් කරන්න පුළුවන්. ප්‍රෙස්ක්‍රිප්ෂන් එකේ ෆොටෝ එකක් අප්ලෝඩ් කරල හරි, වෙබ්සයිට් එකේ තියන බෙහෙත් (හදවත් රෝග, උගුර කන නාසය ආශ්‍රිත රෝග, අක්ෂි රෝග, දියවැඩියාව, විවිධ ආසාදන ආදිය සඳහා), වෛද්‍ය උපකරණ, සනීපාරක්ෂක ද්‍රව්‍ය ආදී විවිධ නිෂ්පාදන තෝරලා හරි ඇණවුම ලබා දෙන්න පුළුවන්.

එහෙමත් නැත්නම් පික්මී මාකට්ප්ලේස් හරහාත් හෙල්ත්ගාඩ් එකෙන් ඔබට අවශ්‍ය දේවල් ළඟට ම ගෙන්නගන්න පුළුවන්. ඔබ ඉන්නෙ හෙල්ත්ගාඩ් ෆාමසියක් ආශ්‍රිත පික්මී ඩිලිවරි ප්‍රදේශයක නම්, පික්මී ඇප් එකට ම ප්‍රෙස්ක්‍රිප්ෂන් එකේ ෆොටෝ එකක් අප්ලෝඩ් කරන්න ඔබට හැකියි. 

කෑෂ් ඔන් ඩිලිවරි වගේ ම ඔන්ලයින් ගෙවීම් පහසුකම් ලබා දෙනවා.

වැඩි විස්තර සඳහා අමතන්න: 0764477888/999

PickMe Marketplace

පික්මී මාකට්ප්ලේස් එකත් එක්ක ප්‍රසිද්ධ සහ පිළිගත් ෆාමසි රාශියක් එකතු වෙලා ඉන්නවා. ඔබට තියෙන්නෙ පික්මී ඇප් එකට ලොග් වෙලා Marketplace අයිකනය ටච් කරලා, Pharmaceutical කොටස සිලෙක්ට් කරන්න. එතකොට ඔබ ඉන්න ප්‍රදේශයට බෙහෙත් ඩිලිවර් කරගන්න පුළුවන් ෆාමසි මොනවද කියල ඔබට පෙන්නනවා.

කෑෂ් ඔන් ඩිලිවරි වගේ ම ඔන්ලයින් ගෙවීම් පහසුකම් ලබා දෙනවා.

Healthnet

iOS සහ ඇන්ඩ්‍රොයිඩ් දෙකේ ම අවේලබල් හෙල්ත්නෙට් ඇප් එකෙන් බෙහෙත් ඕඩර් කරන්න හරි ම ලේසියි. එක්කො ප්‍රෙස්ක්‍රිප්ෂන් එකේ ෆොටෝ එකක් අප්ලෝඩ් කරන්න පුළුවන්. නැත්නම් ඇප් එක හරහා ඒ අය එක්ක චැට් කරලා ඇණවුම ලබා දෙන්න පුළුවන්. කොළඹ 1 – 15 ඇතුළත සහ කොළඹ 5 ඉඳන් කිලෝමීටර 20ක් ඇතුළත ප්‍රදේශවලට මේ අය ඩිලිවරි සේවාව සපයනවා. ඇණවුමේ මිල රු. 1000ට වැඩි නම් ඩිලිවරි ගාස්තුවක් අය කරගන්නෙ නෑ.

ඖෂධවලට අමතරව ළදරු නිෂ්පාදන, ළමා සනීපාරක්ෂක ද්‍රව්‍ය, වැඩිහිටි සහ ළමා විටමින් සහ පෝෂක වගේ ම, උෂ්ණත්ව මාපක, රුධිර ග්ලූකෝස් මීටර, මුඛ ආවරණ, සැනිටයිසර් වැනි වෛද්‍ය උපකරණත් www.healthnetstore.lk වෙත පිවිසුණොත් ලබාගන්න පුළුවන්. තවත් තොරතුරු දැනගන්න මෙතන ක්ලික් කරන්න.

කෑෂ් ඔන් ඩිලිවරි, කාඩ්පත් ගෙවීම්, ඔන්ලයින් ගෙවීම් (Visa/ Master, Mcash, Amex, Sampath Vishwa, Dialog Gene, Ezy Cash, Frimi, Diners Club International and Discover) පහසුකම් ලබා දෙනවා.

වැඩි විස්තර සඳහා අමතන්න: 0112795795

Union Chemists

යුනියන් කෙමිස්ට් ඔන්ලයින් ෆාමසි එක තමයි www.unionchemistspharmacy.lk. එතනින් ඔබට අවශ්‍ය ඖෂධ තෝරගන්න වගේ ම, www.unionchemistspharmacy.lk/order-your-prescription ලින්ක් එකට ගිහින් ප්‍රෙස්ක්‍රිප්ෂන් එකේ ෆොටෝ එකක් අප්ලෝඩ් කරලත් ඖෂධ ඇණවුම් කරන්න පුළුවන්.

මේ අය වට්ස්ඇප් මඟින් ඖෂධ ඩිලිවර් කරගත හැකි සේවාවකුත් ක්‍රියාත්මක කරල තියනවා. පහත ලැයිස්තුවෙන් ඔබට සමීප ප්‍රදේශය තෝරාගෙන අදාළ අංකයට වට්ස්ඇප් පණිවිඩයක් යවන්න.

යුනියන් පෙදෙස (ප්‍රධාන ශාඛාව) – 0763 592 765

කාසල් වීදිය – 0772 215 015

ඩීන්ස් පාර කොළඹ 10 – 0763 592 766

නාරාහේන්පිට – 0763 592 767

ඇල්ෆ්‍රඩ් පෙදෙස කොළඹ 3 – 0763 592 768

වත්තල – 0763 592 769

කළුබෝවිල – 0763 592 770

යුනියන් කෙමිස්ට් වෙත පික්මී මාක්ට්ප්ලේස් ඔස්සේත් ඇණවුම් ලබාදෙන්න පුළුවන්. 

ඔන්ලයින් ගෙවීම් සහ සෘජු බැංකු තැන්පතු මඟින්  ගෙවීම් භාරගන්නවා.

වැඩි විස්තර සඳහා අමතන්න: 0777373820

Mymed

මයිමෙඩ් කියන්නෙ දිවයින පුරා පැතිරුණු පහසු ඖෂධ ඩිලිවරි සේවාවක්. ඕඩර් කරන්න www.mymed.lk වෙත පිවිසෙන්න.

කෑෂ් ඔන් ඩිලිවරි, කාඩ්පත් ගෙවීම්, ඔන්ලයින් ගෙවීම් භාරගන්නවා.

වැඩි විස්තර සඳහා අමතන්න: 0117774774

MyDoctor

ඔබට ළඟ ම ෆාමසියෙන් බෙහෙත් ගෙන්නගන්න ඉඩ සලසන ඇප් එකක් මයි ඩොක්ටර්. ඇප් එක ඩවුන්ලෝඩ් කරන්න මෙතන ක්ලික් කරන්න.

ඩෙබිට් / ක්‍රෙඩිට් කාඩ්පත් ගෙවීම් සහ ෆ්‍රීමී ගෙවීම් භාරගන්නවා.

වැඩි විස්තර සඳහා අමතන්න: 0117247000

Medihelp Hospitals

පිළියන්දල, හොරණ, මොරටුව, හෝමාගම හෝ මතුගම අවට ඉන්න අයට මෙඩිහෙල්ප් හොස්පිට්ල්ස් මඟින් ඖෂධ ගෙන්වාගන්න පුළුවනි. ඉහත පින්තූරයේ තියන විදිහට ඒ ඒ ප්‍රදේශයට අදාළ දුරකතන අංකයට වට්ස්ඇප් පණිවිඩයක් යවන්න. 

කෑෂ් ඔන් ඩිලිවරි, කාඩ් ඔන් ඩිලිවරි පහසුකම් ලබා දෙනවා.

වැඩි විස්තර සඳහා අමතන්න: 0342261999

Nawaloka Hospitals

නවලෝක රෝහලේ ෆාමසි සේවාවත් වට්ස්ඇප් හරහා ඖෂධ ඇණවුම් භාරගන්නවා. 0770021338 අංකයට ප්‍රෙස්ක්‍රිප්ෂන් එකේ ෆොටෝ එකක් යවන්න. 

වැඩි විස්තර සඳහා අමතන්න: 0770021338

Share on facebook
Share on twitter
Share on whatsapp

Highlights.

Latest.

KAMU.

Welcoming the Year of the Horse at Yue Chuan, The Kingsbury

Yue Chuan, the award-winning Chinese restaurant at The Kingsbury, Colombo, invites guests to usher in the

Highlights Kamu

Soho Hospitality Charts First Expansion into South Asia with Charcoal’s Colombo Debut

Bangkok-based international hospitality group selects Sri Lanka for its game- changing dining brand Charcoal Tandoor

Highlights Kamu

Brunch at ITC Ratnadipa – Review

By Ranugi Thihansa If you’re looking for a Sunday brunch that brings together incredible food,

Highlights Kamu Yamu Guide

Harpo’s Pizza and Pasta: Review

We dropped by Harpo’s Pizza and Pasta the other day, and it turns out it’s

Highlights Kamu

The Fort Café by Tasty Caterers – Review

By Linara Wimalaweera The Fort Café by Tasty Caterers offers a refreshing escape from the

Highlights Kamu Yamu Guide

Nihonbashi by Dharshan – Review

Written by Linara Wimalaweera When it comes to Japanese fine dining in Colombo, few names

Highlights Kamu

Trending.

Waves of Change: Hospitality Partners Unite for a Cleaner Colombo Coastline

In celebration of World Environment Day and World Oceans Day, Amari Colombo and Granbell Hotel

Highlights Trending

Radisson Hotel Kandy Brings Exclusive Wedding Experiences to Wedding Show 2026 at Kandy City Centre

Radisson Hotel Kandy is set to showcase its signature wedding offerings at the upcoming Wedding

Highlights Trending

The Mystique Nuwara Eliya – Timeless Luxury in the Hills.

Nestled in the heart of Sri Lanka’s picturesque hill country, The Mystique Nuwara Eliya offers

Highlights Trending

ONYX Hospitality Group Celebrates 60th Anniversary, Sets THB 10.33 Billion Revenue Target with THB 5.5 Billion Expansion Plan

ONYX Hospitality Group, a leading hospitality management company in Asia-Pacific, has unveiled its growth strategy

Highlights Trending

Is Your Diamond Actually Real? Why Savvy Sri Lankans are Choosing DINIDU for Non-Negotiable Authenticity

In the fabulous world of heirloom jewellery, the glamour of gemstones can often hide the

Highlights Trending

NH Collection Colombo strengthens leadership with Kedar Dighe as General Manager

Colombo, Sri Lanka – NH Collection Colombo welcomes Mr. Kedar Dighe as General Manager, bringing

Highlights Trending

Yamu Guide.

Shangri-La Colombo Unveils a New Chapter at Tiki Bar

As the sun dips into the Indian Ocean and the city begins to exhale, Tiki

Trending Yamu Guide

DINIDU: Colombo’s Premier Destination for Wedding Anniversary Gifts

Every wedding anniversary is a chapter of a love story that continues to evolve. These

Highlights Yamu Guide

Yazu Set to Make Sri Lankan Debut at Radisson Blu Resort Galle in 2026

Radisson Blu Resort Galle is set to unveil its newest culinary venture in March 2026 with the opening of Yazu by

Highlights Trending Yamu Guide

A Ramadan Feast Awaits at ITC Ratnadipa – Available Till March 19

This Ramadan, ITC Ratnadipa invites guests to celebrate the holy month with ‘A Feast for

Highlights Yamu Guide

Here are the must visit Iftar spots for 2026

Ramadan 2026 brings with it a beautiful season of reflection, gratitude, and shared meals. Across

Highlights Trending Yamu Guide