හයිෆයි පන්සල්? නෑ.. මේ පෝයට වැඳ පුදා ගන්න අපූරු ලෙන් විහාර 9ක්.

කජු, අඹ, කොස්, දෙල්, පොල්, තැඹිලි, දං, ඇඹුල් පේර… ඒ දවස් වල අපේ ගමේ පන්සල් වත්තෙත් තිබුනා. ඒ නිසාම ඉස්සර අපි මාසෙ පෝය එනකම් ඇඟිලි ගැන ගැන හිටියෙ පුදුම ආසාවකින්. වෙන දේකට නෙවෙයි, තෙල්, මල් අරගෙන කැළෑ පාරෙන් අම්මලත් එක්ක පන්සල් යනකොට ඇඹුල් පේර ගෙඩියක්, දං ඉත්තක් රස බලන්න හම්බවෙන නිසා. කට දම් පාට වෙනකම් දං කකා බුදුන් වැන්දට මොකද පිරිත් නූල් බැඳ ගන්න හාමුදුරුවො ලඟට ගියාම නම් හ්ම් සද්ද නෑ. ඇයි ඉතින් අහු වුනොත් දහම් පාසල දවසට මට්ටුව හම්බවෙනවනෙ.

පිරිත් නූල් බැඳ ගත්ත අනික් පැත්තට අම්මගෙ අතේ එල්ලිලා කෙලින්ම දුවන්නෙ දේවාලෙට, කපු මහත්තයගෙ මොණර පිල් අවානෙන් මූණෙ, ඔළුව පිහද ගන්නකම් ඉවසිල්ලක් නෑනෙ . නොතේරෙන වචන පේළියක් මැද්දෙ කටත් ඇරන් දේව රූප දිහා බලාගෙන අපි හිතපු දේවල්…

මැටි කළයකට වතුර පුරවල බෝධිය නාවද්දි හිතට දැනුණු සැනසීම්…

හඳුන් කූරු, මල්, පහන් වල සුවඳින් ගතට ගෙනාපු ප්‍රබෝධමත් හැඟීම්…

අද කොහේ ගිහින්ද නෑ යාළුවනේ.

අපිත් එක්ක එකට උස් මහත් වුනු පන්සල් වත්ත අද මහ විශාල කොන්ක්‍රීට් වනාන්තරයක් වෙලා. කුරුළු කොබෙයියයෙක් තියා පින් හරකෙක් වත් අද පන්සලේ නෑ. මැටි පහන් වලි එළියෙන් හැඩ වුනු පන්සල අද එහෙම පිටින්ම පාට පාට බල්බ් වල සාදයක් වෙලා.

අනේ මන්දා… වෙලාවකට හිතට එන්නෙ බුදු හාමුදුරුවො අන්තිමටම කියපු දේ, ‘සියළු දේ අනිත්‍යයි’

එහෙමයි කියල ඉතින් ගමේ පන්සල අත ඇරල දාන්න බෑනෙ අපෙ යාළුවනේ. ඒත් මාසෙ පෝය දවසටවත් හිත නිවාගන්න ඕන නිසයි කොළඹින් පොඩ්ඩක් දුර බැහැර, හැබැයි උදේ ගිහින් හවස එන්න පුළුවන් ලස්සන, චාම් පන්සල් ටිකක් හොයා ගන්න හිතුවෙ. ගැමි සුවඳ, චාරිත්‍ර වාරිත්‍ර අතරේ හිතේ හැටියට වැඳල කරල සොබාදම් ආශිර්වාදය මැද්දෙ බණ පදයක් ඇහුවාම වත් හිත නිවෙන්නෙ නැතැයි.

එහෙනම් කට්ටියත් එක්ක ලෑස්ති වෙන්නකො, මල්, තෙල්, පහන් එහෙම අරගෙන පිටත් වෙන්න. ලොකු විශ්වාසයක් තියෙනව, මේ ඓතිහාසික ලෙන් විහාරයකට ගොඩ වැදුනාම නම් ඔයාලා ගොඩ කාලයක් තිස්සෙ හොය හොය ඉඳපු ඒ නිවීම ටික වෙලාවනට හරි ලැබේවි කියල.

1. Bambaragala Buddhist Monastry

 ඡායාරූපය: ලක් රූ

නුවර, තෙල් දෙණිය දුම්බර මිටියාවතේ පිහිටල තියෙන බඹරගල පන්සල ඉදි කෙරුණාය කියල කියන්නෙ ක්‍රි. පූ. 2වෙනි, 3වෙනි සියවස් වල. මොකද ඒ කාලෙට අදාල බ්‍රාහ්මීය සෙල් ලිපි වගයක් පන්සලේ, ගල් ලෙන් කීපයකම දකින්න තියෙනව. ඒත් කීර්ති ශ්‍රී රාජසිංහ රජතුමාගෙ කාලෙදි මේ බඹරගල රජ මහා විහාරය ප්‍රතිසංස්කරණය කෙරෙන නිසා වර්තමානයෙදි වැඩි හරියක්ම පේන්න තියෙන්නෙ නුවර යුගයට අයිති චිත්‍ර. ඒ කොහොම වුනත් පන්සල් බිමේ තියෙන ගල් ලෙන්, පන්සලට හෙවණ ගේන විශාල ගල් කුල, ඈතට දිස්වෙන පුළුල් දර්ශණ පථය නම් පෝය දවසට වන්දනාවෙ යන ඔයාගෙ හිත ගොඩ වෙලාවකට ඇදල බැඳල තියා ගනියි කියල ලොකු විශ්වාසයක් තියෙනව.

2. Diva Guhava

 ඡායාරූපය: උදය ශාන්ත

බුදුරජාණන් වහන්සේ ශ්‍රී පාදය පිහිටුවන්න සමනළ කන්දට වඩින ගමනට ලොකු නෑ කමක් තියෙන දිවා ගුහාවත් හරිම ලස්සන ලෙන් විහාරයක්. පිහිටල තියෙන්නෙ කුරුවිට, අඩවිකන්ද පැත්තෙන් සමනළ කන්දට යන පාරෙ. කොළ පාටින් දිදුළන ඝන කැළේ මැද්දෙ පිහිටල තියෙන මේ වනගත අාරණ්‍යය හිත නිවා ගන්න විතරක් නෙවෙයි හිතේ හැටියට සොබාදහම, සතා සීපාවා, කුරුළු කොබෙයියන්ගෙ සුන්දරත්වය අත් විඳින්නත් කියාපු තැනක්.

3. Hindagala Raja Maha Viharaya

 ඡායාරූපය: දේව් විජේවර්ධන

ක්‍රි. ව. 7වෙනි සියවසේ ඉදිවුනු, නුවර යුගයට අයිති සුවිශේෂී චිත්‍ර තොගයකින් පිරුනු ගොඩක් වටින කියන පන්සලක්. ඒ විතරක් නෙවෙයි පන්සල පිටිපස්සෙ තියෙන උස ගල් තලාවට නැග්ගාම ගතට හිතට දැනෙන සැහැල්ලුවත් ඒ තරම්ම වගේ වටිනව. පන්සල් වත්තත් කුරුළු කෙබෙයියන්ගෙ පිරිලා ඉතිරිලා ගිහින්. ඈතින් එන හුලං පාර ලෙන් බිත්ති වල වැදිලා දෙසවනට ගේන හඬ හිතේ මවන්නෙ අමුතුම හුදකලා නිවිහැනහිල්ලක්. ඉතින්, නුවර වන්දනාවට කැමති අයටයි මේ කියන්නෙ, හිඳගල පන්සල පිහිටල තියෙන්නෙ පේරාදෙණිය, ගලහ පාරෙ පේරා කැම්පස් එකට ගොඩක් කිට්ටු, පුංචි කඳු මුදුනක. කිට්ටුවට ගිහින් කාගෙන් හරි ඇහුවත් පෙන්නාවි.

4. Kuragala Buddhist Monastry

 ඡායාරූපය: අශාන් ගීගනගේ

කූරගල මුස්ලිම්කරණයෙන් බේරගන්න කියල ඕන තරම් එෆ්. බී. පෝස්ට් ඔයාලත් ෂෙයා කරන්න ඇතිනෙ. ඒත් නිකමට වත් හිතුවද ඒ පැත්තෙ ගිහින් ඇත්තටම මොකද වෙලා තියෙන්නෙ කියල බලන්න ඕන කියල. කමක් නෑ, එහෙනම් අහගන්නකො. ක්‍රි. පූ. 2වෙනි සියවසට අයිති කූරගල ඓතිහාසික පුරාණ රජ මහා විහාරය පිහිටල තියෙන්නෙ බළංගොඩ, කල්තොට පාරෙ, සෑහෙන්න ඇතුලට වෙන්න. ගල් ලෙන් වගේම සෙල්ලිපිත් ගොඩක් තියෙනව. කඳු මුදුනක පිහිටල තියෙන නිසා මෙතනට පේන පුළුල් දර්ශණ පථය හරිම මනස්කාන්තයි. හීත හුළං වලින් පිරුණු පරිසරය ගතට හිතට ගේන්නෙ පුදුම සුවදායක බවක්. ඇත්තෙන්ම හිත නිවා ගන්න වගේම දිග භාවනාවක යෙදෙන්නත් කූරගල පන්සල නම් කියාපු තැනක්.

5. Maligathanna Raja Maha Viharaya

 ඡායාරූපය: Travel Advisor

ගම්පහ, යක්කලයි නිට්ටඹුවයි අතරෙ තියෙන තිහාරිය කිට්ටුව තමයි මේ මාලිගාතැන්න පන්සල පිහිටල තියෙන්නෙ. පුංචි ගල් කන්දක් මුදුනෙ පිහිටල තියෙන ලස්සන පන්සලක්. වැඩි හරියක්ම පන්සල පිටිපස්සෙ තියෙන ලොකු ගල් කුලට ගොඩවුනාම දෙනෙත පිනවන පුළුල් දර්ශන පථය තමයි හිත් ඇද බැඳ ගන්නෙ. ඒ හැරුනාම මාලිගාතැන්න පන්සලේ ලොකු ඓතිහාසික වටිනාකමකුත් තියෙනව. කොහොම වුනත් ඔය හැම එකක්ම දැක බලා ගන්න යන්නෙ පැයක් දෙකක් වගේ නිසා දුර යන්න අකමැති අයට නම් කියාපුම තැනක් තමයි.

6.  Pahiyangala

 ඡායාරූපය: Wijaya Holiday Resort

බුදුන් වැඳ ගන්න විතරක් නෙවෙයි ලාංකීය ප්‍රාග් ඉතිහාසය ගැන හොඳ අවබෝධයක් ලබා ගන්න, සොඳුරු වන අරණක පහස විඳින්න, උස ගල් තලාවක මුදුනට නැගල නිල් පාට අහස දිහා බලාගෙන භාවනා කරන්නත් සොබාදහමෙන් ලැබුනු අපූරු දායාදයක් තමයි පාහියන් ලෙන. ඒ හැරුණාම කවුරුත් ඒ හැටි කතා බහ නොකරන සුවිශාල වවුල් ගුහාවකුත් මෙි පන්සලේ හැංගිලා තියෙනව. දැක බලා ගන්න ඕනම නම් යන්න, බුලත්සිංහල, යටගම්පිටියට.

7. Pilikuththuwa Raja Maha Viharaya

 ඡායාරූපය: SriLanka 360

අක්කර 200ක විහිදුනු ලෙන් 99ක්. නුවර යුගයට අයිති ලස්සන බිතු සිතුවම් තොගයක්. පැයක් දෙක්ක ඇතුලත ලඟා වෙන්න පුලුවන් ප්‍රදේශ මායිමක්. පිළිකුත්තුව පන්සල පිහිටල තියෙන්නෙ ගම්පහ, මහර. හරියටම වතුරුගම පාරෙ මිරිස්වත්තට කිට්ටුව. හීන් සැරේ ඇවිද ඇවිද, බුදු ගුණ මෙනෙහි කර කර, විඩාවක් දැනුනාම ලෙනකට ගොඩ වෙලා විඩා හැරවාගෙන හිතේ හැටියට හිත නිවා ගන්න කොළඹට කිට්ටුව තියෙන හොඳම පන්සල පිළිකුත්තුව වෙන්න ඕන. ඒ විතරක් නෙවෙයි උස ගල් තලාවල් උඩට නැගල බැහැගෙන යන ඉරෙයි නැගගෙන එන හඳෙයි කිරණ පහස ලබන්නත් මේ තරම් තැනක් නැතුව ඇති.

8. Ridi Viharaya

කුරුණෑගල, රිදී ගම පැත්තට යන්න බස් එකේ ගියත් පැය දෙකක් යාවි. හැබැයි මේ ගමන ඒ පැය දෙකට වඩා වටිනව. මොකද ක්‍රි. පූ. දෙවනි සියවසට අයිති මේ රිදී විහාරයෙ පාදක කතාව මුලු මනින්ම වගේ ගෙතිලා තියෙන්නෙ දුටු ගැමුණු රජතුමා වටා. මොකද රුවන්වැලි සෑයෙ වැඩ කටයුතු වලට රිදී කැණීම් කරල තියෙන්නෙ මේ රිදී විහාර භූමියෙන්ලු. ලෙන් විහාර කීපයකින්ම සමන්විත රිදී විහාරයෙ එකිනෙකට වෙනස් වුනු චිත්‍ර කලා වගේම ඇඹීම් කලාත් සෑහෙන්න දැක ගන්න පුලුවන්. ඒ හැරුනාම රිදී විහාරය අවට පරිසරයත් අපූරු සුන්දරත්වයකින් හෙබි නිසා නිසකලංක බවෙනුත් උපරිමයි.

9. Varana Raja Maha Viharaya

 ඡායාරූපය: Amazing Lanka

වාරණ පන්සල තියෙන්නෙත් යක්කල, නිට්ටඹුව අතර තිහාරිය කිට්ටුව. විශාල ගල් තලාවක මැද්දට වෙන්න පිහිටල තිබුනට මොකද එතනින් එහාට පිහිටල තියෙන උස් ගිරි කුලකුත් වාරණ පන්සලේ තියෙනව. ඒ හැරුනාම ගලින්ම තැනුනු ලස්සන පොකුණු, භාවනා කරන්න සුදුසු ගල් තලා එහෙමත් එමටයි. ගල මුදුනට නැග්ගාම පේන අපූරු දර්ශන පථය හිත් වසඟ කරගන්නෙ හිතට වත් හිතා ගන්න බැරි වෙන්න. පරණ චිත්‍ර වගේම එක එක ඇඹීමුත් සෑහෙන්න තියෙන මේ පන්සලේ අපූර්වත්වය කියනවට වැඩිය හොඳ ගිහින්ම විඳ ගන්න ඉඩ දෙන එක තමයි.

හිතනව, මම මගේ යුතුකම මට හැඟෙන තේරෙන විදියට ඉටු කලා කියල. ඒත් මේ කියපු කාරණාවෙ වැරදි, අඩු ලුහුඬු කම් තියෙන්න පුලුවන්. ඉතින් ඒ දේවල් කියල දෙන එක ඔයාලගෙ යුතුකම. ඒ විතරක් නෙවෙයි මේ අතරට ඔයාල දන්න කියන පන්සල්, ආරණ්‍ය සේනාසන එහෙමත් එකතු කරන්න පුලුවන් නම් තමයි තවත් වටින්නෙ.

Share on facebook
Share on twitter
Share on whatsapp

Highlights.

Latest.

KAMU.

Welcoming the Year of the Horse at Yue Chuan, The Kingsbury

Yue Chuan, the award-winning Chinese restaurant at The Kingsbury, Colombo, invites guests to usher in the

Highlights Kamu

Soho Hospitality Charts First Expansion into South Asia with Charcoal’s Colombo Debut

Bangkok-based international hospitality group selects Sri Lanka for its game- changing dining brand Charcoal Tandoor

Highlights Kamu

Brunch at ITC Ratnadipa – Review

By Ranugi Thihansa If you’re looking for a Sunday brunch that brings together incredible food,

Highlights Kamu Yamu Guide

Harpo’s Pizza and Pasta: Review

We dropped by Harpo’s Pizza and Pasta the other day, and it turns out it’s

Highlights Kamu

The Fort Café by Tasty Caterers – Review

By Linara Wimalaweera The Fort Café by Tasty Caterers offers a refreshing escape from the

Highlights Kamu Yamu Guide

Nihonbashi by Dharshan – Review

Written by Linara Wimalaweera When it comes to Japanese fine dining in Colombo, few names

Highlights Kamu

Trending.

Yazu Set to Make Sri Lankan Debut at Radisson Blu Resort Galle in 2026

Radisson Blu Resort Galle is set to unveil its newest culinary venture in March 2026 with the opening of Yazu by

Highlights Trending Yamu Guide

Indiya Enters a New Chapter

Colombo, Sri Lanka – [9th March 2025] — Indiya, the signature Indian restaurant at Cinnamon

Highlights Trending

Here are the must visit Iftar spots for 2026

Ramadan 2026 brings with it a beautiful season of reflection, gratitude, and shared meals. Across

Highlights Trending Yamu Guide

Valentine’s Celebrations Unfolded at NH Collection Colombo

Valentine’s celebrations at NH Collection Colombo concluded on a high note, with guests enjoying an

Highlights Trending

Newburgh Ella: Where Sri Lanka’s Tea Heritage Rises Above the Clouds

A Tea Factory Reimagined High above the emerald hills of Ella, where mist drifts lazily

Highlights Trending

ITC Ratnadipa Presents ‘An Italian Affair’ in Partnership with the Italian Embassy, Sri Lanka

ITC Ratnadipa, Colombo in collaboration with the Embassy of Italy in Sri Lanka will host

Trending

Yamu Guide.

Yazu Set to Make Sri Lankan Debut at Radisson Blu Resort Galle in 2026

Radisson Blu Resort Galle is set to unveil its newest culinary venture in March 2026 with the opening of Yazu by

Highlights Trending Yamu Guide

A Ramadan Feast Awaits at ITC Ratnadipa – Available Till March 19

This Ramadan, ITC Ratnadipa invites guests to celebrate the holy month with ‘A Feast for

Highlights Yamu Guide

Here are the must visit Iftar spots for 2026

Ramadan 2026 brings with it a beautiful season of reflection, gratitude, and shared meals. Across

Highlights Trending Yamu Guide

IFTAR BUFFET LIST – 2026

With Ramadan 2026 now underway, families and friends are gathering in prayer, reflection, and devotion

Highlights Yamu Guide

Break Fast by the Lake: A Meaningful Ramadan at Cinnamon Lakeside Colombo

Colombo, Sri Lanka, 23rd February 2026 - This Ramadan, Cinnamon Lakeside Colombo invites guests to embrace the spirit

Highlights Yamu Guide

A Beautiful Beginning to Ramadan : Iftar at Cinnamon Grand Colombo

Colombo, Sri Lanka – 23rd February 2026 – This Ramadan, Cinnamon Grand Colombo welcomes guests to gather in reflection and

Highlights Yamu Guide