MSIology: Dragonforged Dominance එළිදැක්වීමේ උලෙළේදී, MSI විසින් Norse මිථ්‍යා ප්‍රවාදය පාදක කරගත් RTX 50 ලැප්ටොප් මාලාව එළිදැක්වේ..

 

පරිගණක ක්‍රීඩාකරුවන්, නිර්මාණකරුවන් හා වෘත්තිකයන් සඳහාම වන, ක්‍රියාකාරීත්වයට නව හැඩයක් ලබාදෙන, නවතම ලැප්ටොප් මාදිලි පෙළ.

ලෝකයේ ප්‍රමුඛතම පරිගණක ක්‍රීඩාකරණ සහ නිර්මාණකරණ ලැප්ටොප් පරිගණක සන්නාමයක් වන MSI, අද MSIology: Dragonforged Dominance එළිදැක්වීමේ උලෙළේදී, එහි උසස්තම සහ අති නවීනම RTX 50 ලැප්ටොප් පරිගණක මාලාව පිළිබඳ ප්‍රකාශයට පත් කරනු ලැබුවා. මෙම නවතම ලැප්ටොප් මාදිලි පෙළ සඳහා පාදක වී ඇත්තේ Yggdrasil හී Norse පිළිබඳ මිථ්‍යා ප්‍රවාදයයි. නව්‍යකරණය හා ඔරොත්තු දීමේ හැකියාව යන තේමාවන් එක් කරගෙන නිමවා ඇති මෙම උපාංග නවෝත්පාදක තාක්ෂණය, සුඛෝපභෝගී මුහුණුවර සහ උපරිම ක්‍රියාකාරීත්වය යන මූලික ප්‍රතිපත්ති තුන ඒකාබද්ධ කරනවා.  

“අපේ ලැප්ටොප් පරිගණක නිර්මාණය කර තිබෙන්නේ, රාජධානී නවය යා කරනු ලබන මිථ්‍යා වෘක්ෂය ආභාසයට ගෙන විවිධාකාර වූ පරිශීලකයින්ගේ අවශ්‍යතා සඳහා එනම්, වඩා උසස් පරිගණක ක්‍රීඩාකරණයේ සිට මිල අධිකතම පරාසයේ වෘත්තිය කටයුතු සඳහා යෝග්‍ය වන ලෙසයි.” එසේ පැවසුවේ, MSI Notebook කලාපීය විකුණුම් සහ අලෙවිකරණ කළමණාකාරවරයා වන Steven Yang.

ටයිටන් ලැප්ටොප් පරිගණක මාලාව – අධි ප්‍රබලතාවකින් සහ ඉහළම නිරවද්‍යතාවෙන් යුක්තයි.

Norse මිථ්‍යා ප්‍රවාදය පදනම් කරගත් Titan 18 HX Dragon Edition ලැප්ටොප් පරිගණකය තුළින් කලාව හා ඉංජිනේරු ශිල්පය සංයෝජනය කෙරෙනවා. අතින් අඳින ලද මකර මෝස්තරය සුවිශේෂී අංගයක් ලෙස ඇතුළත්වන මෙම සුවිශේෂී පරිගණකය බල ගැන්වෙන්නේ නවතම NVIDIA® GeForce RTX™ 50 ග්‍රැෆික් කාඩ් මාලාවෙන්, NPU අඩංගු වන Intel® Core Ultra 200HX ප්‍රොසෙසරයෙන් හා 400W power adapter හරහායි.

මෙහි SSD slot 5ක් අන්තර්ගත වන අතර SuperRAID 5 ක්‍රියාකරවීමේ හැකියාව නිසා 18,000 MB/s ක අතිශය වේගවත් SSD කියැවුම් වේගයක් සහිතයි. එම නිසාම මෙය වෙළෙඳපොළේ ඇති ප්‍රමුඛතම ලැප්ටොප් පරිගණකයක්ද වනවා. වාෂ්ප කුටීරයක් (vapor chamber) සහිත වෙළෙඳපොළේ පවත්නා ප්‍රමුඛතම සිසිලන පද්ධතියක් මෙහි අන්තර්ගත වනවා. එමඟින්, 270W ක CPU/GPU ක්‍රියාකාරීත්වයක් ලබා දෙන්නේ, තිරසාර, ඉහළ ක්‍රියාකාරීත්වයකට MSI සමාගම දක්වන කැපවීම ප්‍රදර්ශනය කරමින්.

Raider ලැප්ටොප් පරිගණක මාලාව – විශිෂ්ටතම ගේමිං අත්දැකීමක් සඳහා

පරිගණක ක්‍රීඩා වල යෙදෙන්නන් සඳහාම සුවිශේෂයෙන් සැකසූ, Raider ලැප්ටොප් පරිගණක මාලාව නවතම ගේමිං අත්දැකීමක් ලබා දෙන්නේ RTX 50 ග්‍රැෆික් කාඩ් සමඟ සබැඳෙන AMD Ryzen™ 9000HX/9000HX3D හෝ Intel® Core Ultra 200HX processors භාවිතය සඳහා ඉඩ ලබා දෙමින්. පරිගණක ක්‍රීඩා වල යෙදෙන්නන්නට වැඩිදියුණු කරන ලද ගේමිං ක්‍රියාකාරීත්වයක් ලබාදෙන අධිවේගී DDR5 6400 CSODIMM එම ලැප්ටොප් පරිගණක තුළ භාවිත කිරීමේ හැකියාවට ඉඩ සලස්වමින් මෙම ලැප්ටොප් පරිගණක මාලාව වෙළෙඳපොළ ප්‍රමුඛතම ස්ථානය හිමි කරගන්නවා.

වැඩි දියුණු කරන ලද ද්විත්ව පංකාව (dual-fan), තාප නළ හතකින් යුත් සිසිලනය (seven-heat-pipe cooling) සහ ප්‍රමාණයෙන් කුඩා ක්‍රමාංකිත, 4K/120Hz LED තිරය (pre-calibrated 4K/120Hz Mini LED display) ආදිය මගින්, සුමට සහ සිත්ගන්නාසුළු පරිගණක ක්‍රීඩා අංග (gameplay) ලබාදීම සිදු කෙරෙනවා. මේවා “Dragonforged Dominance” යන පාඨයට සරිලන ලෙස සකසා ඇති අතර mobile gaming හී සීමාවන් තවත් පුළුල් කරනු ලබනවා.

සිහින්, තැනින් තැනට පහසුවෙන් ගෙන යා හැකි, ප්‍රබල Stealth ලැප්ටොප් පරිගණක මාලාව Series

ගුණාත්මක භාවය හා ක්‍රියාකාරීත්වය අඩු කිරීමෙන් තොරව ලැප්ටොප් පරිගණකය තැනින් තැනට ගෙන යෑමේ හැකියාව අපේක්ෂා කරන පරිශීලකයින් වෙනුවෙන් අලුත් මුහුණුවරකින් ගෙන එන අලුත්ම ලැප්ටොප් පරිගණක පාඨමාලාවයි Stealth. බරින් අඩු, සිහින් ඇලුමිනියම්-මැග්නීසියම් රාමුව (chassis), RTX 50 ග්‍රැෆික් කාඩ්, සහ AMD Ryzen™ AI 300 හෝ Intel® Core Ultra 200H ප්‍රොසෙසර සහිත මෙම ලැප්ටොප් පරිගණක MSI හරහා ගෙන එන වැඩි දියුණු කරන ලද  Cooler Boost 5 තාක්ෂණයද භාවිතා කෙරෙනවා.

A full-size RGB keyboard, versatile I/O options, and integrated high-fidelity speakers make the Stealth the perfect companion for both work and play.

සැබෑ ප්‍රමාණයේ RGB යතුරු පුවරු, බහුකාර්‍ය I/O options, ඉහළ නිරවද්‍යතාවක් (integrated high fidelity) සහිත අනුකලිත speakers හේතුවෙන් මෙම ලැප්ටොප් පරිගණක වෘත්තීය කටයුතු වලට මෙන්ම, පරිගණක ක්‍රීඩා වල යෙදීමටත් වඩා උචිතම පරිගණක බවට පත් වෙනවා.

වෘත්තිකයින් සහ  විද්‍යා-තාක්ෂණ-ඉංජිනේරු සහ ගණිත ක්ෂේත්‍ර සඳහා වඩා යෝග්‍ය ලෙස නිර්මාණය කරන ලද Vector ලැප්ටොප් පරිගණක මාලාව

විද්‍යා-තාක්ෂණ-ඉංජිනේරු සහ ගණිත අංශවල වෘත්තිකයන් හා නිර්මාණකරණයේ ප්‍රවීණයන් සඳහාම වන මෙම ලැප්ටොප් පරිගණක මාලාව සකසා ඇත්තේ කාර්‍යක්ෂම, පරිගණක වල යෙදවුම් හා පිරිවිතර වල අධි ධාරිතා අවැසි වන කාර්‍යයන් (high load tasks) ඉටු කරගැනීම සඳහාය. මෙයටම ආවේණික විශේෂාංගයක් ලෙස SSD සිසිලන මොඩියුලය හැඳින්විය හැකියි. එමඟින් පරිගණක ක්‍රීඩා වල යෙදෙන්නන්ට හා වෘත්තිකයන්ට අවැසි, ඉතා ඉහළ දත්ත කියැවීමේ හා ගබඩා කිරීමේ වේගයක් දීර්ඝ කාල පරාස වලදී සහතික කරමින් ඉහළ කාර්‍යක්ෂමතාවක් ලබාදීම සිදු කෙරෙනවා.

RTX 50 මාලාවේ GPU, Intel® Core Ultra 200HX හෝ AMD Ryzen™ 9000 මාලාවේ ප්‍රොසෙසර සහ Thunderbolt 5 වැනි වැඩි දියුණු කරන ලද සබැඳුම් විශේෂාංග (connectivity features) සහිත මෙම ලැප්ටොප් පරිගණක, ප්‍රමාණවත් සිසිලනයක් සහිතව ප්‍රබල ක්‍රියාකාරීත්වයක් ලබාදීම සිදු කරනවා.

Venture සහ VenturePro ලැප්ටොප් පරිගණක මාලාව: ඉහළ ක්‍රියාකාරීත්වයක් සහිත පරිගණක අවැසි සියලු දෙනා සඳහා

නවතම Venture සහ VenturePro ලැප්ටොප් පරිගණක මාලාව හරහා MSI සමාගම ව්‍යාපාර හා ඵලදායිතා වෙළෙඳපොළ වලටත් ව්‍යාප්ත වනවා. නවතම Intel® Core Ultra 200H හෝ AMD Ryzen™ AI 300 ප්‍රොසෙසර සමඟ NVIDIA GeForce RTX™ GPU මඟින් බල ගැන්වුණු මේවායේ විශේෂාංගයන් ලෙස OLED touchscreen තිර, ඉහළ නැංවිය හැකි මතක හා ගබඩා ධාරිතාව සහ Battery Boost තාක්ෂණය සහිත 90 Wh ක කල්පවත්නා බැටරිය දැක්විය හැකියි.

එසේම, අනුකලිත AI එන්ජිම මගින්, වැඩ කටයුතු කරගෙන යාමේ කාර්‍යක්ෂමතාව තව දුරටත් ඉහළ නැංවීම සඳහා විභව, සංදර්ශක සහ නාද සැකසුම් (power, display, and sound settings) ප්‍රශස්තකරණය කිරීම සිදු කෙරෙනවා. එසේම වෙළෙඳපොළ තරඟකරුවන් හා සැසඳීමේදී, Venture ලැප්ටොප් පරිගණක මාලාවේ ඉහළ ක්‍රියාකාරීත්වය හා අඩු ශබ්ද මට්ටම් නිසා පරිශීලකයාට ලබාදෙන්නේ කාර්‍යක්ෂම හා පහසුදායී අත්දැකීමක්. මෙයට හේතුව  වන්නේ එම පරිගණක වල අන්තර්ගත වන සිසිලන සැලසුමයි.

වෙළෙඳපොළ ප්‍රවීණයන් හා වෘත්තිකයන් විසින් අසමසම ක්‍රියාකාරීත්වයක් සඳහා නිර්දේශ කෙරෙන RTX 50 ලැප්ටොප් පරිගණක මාලාව

MSI හී නවතම RTX 50 ලැප්ටොප් පරිගණක මාලාවට AI, game development, සහ content creation යන ක්ෂේත්‍ර වල වෙළෙඳපොළ ප්‍රවීණයන්ගෙන් ඉතා උසස් ප්‍රතිචාර ලැබෙමින් පවතිනවා. ඒ, ඒවායේ අති සුවිශේෂී විභවය, ස්ථායිතාව සහ විශ්වාසනීයව කාර්‍යයන් රැසක් කරගැනීමට ඇති හැකියාව හේතුවෙන්.

 AI & Machine Learning:

“AI මොඩල පුහුණු කිරීම සඳහා විභවයත්, අඛණ්ඩ ක්‍රියාකාරීත්වයත් එක සේම වැදගත් වෙනවා. MSI Titan 18 මේවා සියල්ල ගෙන එන්නේ කැපී පෙනෙන ස්ථායිතාවක් ලබා දෙමින්. මෙම ස්ථායිතාව කොතෙක්ද යත් අධිතාපනයෙන් (overheating) තොරව විශාල පැය ගණනාවක් පුරාවට high-load train කිරීම සිදු කළ හැකියි. ඒ නිසාවෙන්ම, AI අදාළ ක්ෂේත්‍ර වල වෘත්තිකයන්ට මෙන්ම ස්ථාවර, ඉහළ ක්‍රියාකාරීත්වයෙන් යුත් පරිගණන හැකියාවක් අවැසි සමාගම් සඳහාද මෙය වඩා උචිතම තෝරා ගැනීම බවට පත් වනවා.

— ආචාර්ය Min-Chun Hu,

AI Startup NeuinX හී තාක්ෂණික උපදේශක

3D Content Creation & Design:

“Substance 3 වැනි graphically demanding software සමඟ වැඩ කිරීමේදී නවීන තාක්ෂණයෙන් යුතු දෘඪාංග අවශ්‍ය වෙනවා. MSI Vector HX AI ක්ෂණික ප්‍රතිචාර දැක්වීමේ හැකියාව පමණක් නොවේ, පරිගණකයේ දත්ත මතක තබා ගැනීම හා දත්ත ගබඩා කර ගැනීම වැඩි කර ගැනීමේ හැකියාවක් ලබාදෙන්නේ නිර්මාණකරණයේ යෙදෙන වෘත්තිකයන්ට high-end portable workstation එකක් ලබා දෙමින්.

— Vladimir Petkovic,

Adobe හී ජ්‍යේෂ්ඨ ත්‍රිමාණ නිර්මාණකරණ උපදේශක

Game Development & 3D Asset Production:

Unreal Engine 5, 3ds Max, and ZBrush හී උසස් තත්ත්වයෙන් යුත් 3D asset සඳහා කල් පවත්නා දෘඪාංග අත්‍යාවශ්‍යයි. MSI Vector 16 හරහා rendering සහ texturing සඳහා අවැසි අති සුවිශේෂී ස්ථායිතාව ලබා දෙනවා. කාර්‍යයන් රැසක් එකවර කිරීමේදී පවා මෙමඟින් ලබාදෙන්නේ අසීමිත කාර්‍යක්ෂමතාවක්.”

— Emiel Sleegers

FastTrack Studio හී සභාපති

Assassin’s Creed වැනි අති දැවැන්ත open-world ගේම් develop කිරීම සඳහා ප්‍රබල සහ විශ්වාසනීය දෘඪාංග අවශ්‍ය වනවා. MSI Stealth 18 මඟින් slim form factor හරහා desktop මට්ටමේ ප්‍රබලතාවක් ලබාදීම සිදු කෙරෙනවා. මෙමඟින් දීර්ඝ කරන ලද debugging සහ computation යන ක්‍රියාවලි අතරදී පවා ස්ථායී ක්‍රියාකාරීත්වයක් ලබාදෙනවා.”

— Evgen Skachkov,

Ubisoft හී Assassin’s Creed නිෂ්පාදක

Gaming Performance:

“260W ක් දක්වා වූ CPU/GPU ප්‍රබලතාවක් සහිත, MSI Raider 18 තරඟකාරී ගේමිං අත්දැකීමක් සඳහා ක්‍රියාකාරීත්වය වඩා ඉහළ නැංවීම සිදු කෙරෙනවා. එහි dual-fan සහ seven-heat-pipe සිසිලන පද්ධතියෙන්, සුමට සහ බාධා රහිත gameplay එකක් ලබාදීම සිදු කරනවා. ඒ නිසාමයි, MSI Raider 18 පරිගණක ක්‍රීඩාකරුවන්ට ඇති හොඳම තේරීම බවට පත් වන්නේ.”

— Mark Chen

හිටපු ප්‍රෝ ගේමර්වරයෙක් වන MSI ලැප්ටොප් නිෂ්පාදන දෙපාර්තමේන්තුවේ සහය උප සභාපති

These endorsements reinforce MSI’s commitment to delivering high-performance laptops that excel across gaming, AI, and professional applications.

මේ සියලු ප්‍රකාශ, පරිගණක ක්‍රීඩාකරණය, කෘත්‍රිම බුද්ධිය, වෘත්තීය යෙදවුම් ආදි ක්ෂේත්‍ර සියල්ල තුළ විහිද යන ඉහළ ක්‍රියාකාරීත්වයෙන් යුත් ලැප්ටොප් පරිගණක හඳුන්වාදීම සඳහා MSI සමාගමේ පවත්නා කැපවීම නැවත නැවතත් සනාථ කරනවා.

නවෝත්පාදක කෘත්‍රිම බුද්ධිය සහ අනාගතයේදී සිදු කෙරෙන නිෂ්පාදන

MSI සමාගම විසින් නවතම AI රොබෝවරයෙකු හඳුන්වා දෙනු ලබනවා. මෙම රොබෝවරයාට, ලැප්ටොප් පරිගණක වල යෙදෙන ස්වාභාවික භාෂා විධාන අනුව ක්‍රියා කිරීමට හැකි වනු ඇත. එසේම NVIDIA-MSI දීර්ඝකාලීන සහයෝගීතාව අඛණ්ඩව පවත්වාගනිමින්, MSI ලැප්ටොප් පරිගණක හරහා සිනෙරූ නිර්මාණය කිරීමට සහ ඉතා ඉහළ වේගයක් ලබාගැනීමට අවැසි full ray tracing සහ කෘත්‍රිම බුද්ධියෙන් බල ගැන්වුණු DLSS 4 ලබාදීම සිදු කෙරෙනවා.

පරිගණක ක්‍රීඩාකරණයේ යෙදෙන්නන්ට තෝරාගත හැකි පෙර ඇණවුම් ත්‍යාග සහිතව මෙම ඉහළ ක්‍රියාකාරී ලැප්ටොප් පෙබරවාරි 25 වනදා සිට පෙර ඇණවුම් කළ හැකි වනු ඇත. විස්‍තරාත්මක අලෙවි තොරතුරු දැනගැනීම සඳහා MSI හී කලාපීය සමාජ මාධ්‍ය චැනල වලට පිවිසෙන්න. නැතහොත් අපගේ බලයලත් විකුණුම් නිලධාරීන්ව අමතන්න.

MSI:                              https://www.msi.com

MSI YouTube:                 https://www.youtube.com/user/MSIGamingGlobal

MSI Facebook:               https://www.facebook.com/MSIGaming

MSI Instagram:               https://www.instagram.com/MSIGaming

MSI Twitter:                    https://twitter.com/MSITweets

Share on facebook
Share on twitter
Share on whatsapp

Highlights.

Latest.

KAMU.

Welcoming the Year of the Horse at Yue Chuan, The Kingsbury

Yue Chuan, the award-winning Chinese restaurant at The Kingsbury, Colombo, invites guests to usher in the

Highlights Kamu

Soho Hospitality Charts First Expansion into South Asia with Charcoal’s Colombo Debut

Bangkok-based international hospitality group selects Sri Lanka for its game- changing dining brand Charcoal Tandoor

Highlights Kamu

Brunch at ITC Ratnadipa – Review

By Ranugi Thihansa If you’re looking for a Sunday brunch that brings together incredible food,

Highlights Kamu Yamu Guide

Harpo’s Pizza and Pasta: Review

We dropped by Harpo’s Pizza and Pasta the other day, and it turns out it’s

Highlights Kamu

The Fort Café by Tasty Caterers – Review

By Linara Wimalaweera The Fort Café by Tasty Caterers offers a refreshing escape from the

Highlights Kamu Yamu Guide

Nihonbashi by Dharshan – Review

Written by Linara Wimalaweera When it comes to Japanese fine dining in Colombo, few names

Highlights Kamu

Trending.

Shangri-La Colombo Unveils a New Chapter at Tiki Bar

As the sun dips into the Indian Ocean and the city begins to exhale, Tiki

Trending Yamu Guide

The True Essence of Thai Cuisine at Thai Rasa

Colombo, Sri Lanka – Showcasing the refined essence of Thai cuisine, Thai Rasa at NH

Highlights Trending

Avurudu at The Kingsbury

As the Sinhala & Tamil New Year approaches, The Kingsbury, Colombo, invites guests to celebrate Aluth Avurudu with a variety ofofferings that bring together tradition, flavour and togetherness. From vibrant dining experiences and festive hampers to outdoor celebrations and athome indulgences, The Kingsbury presents a complete Avurudu offering made to suit every celebration.  At the heart of the festivities is The Kingsbury’s renowned outdoor catering and event experiences, allowing guests to host their own Avurudu celebrations with ease. Whether at home, in the office, or at the hotel’s Oval lawn, guests can enjoy delectable menus including the traditional Kevili Mesaya (LKR 3,500 +++), Lunch Buffet (LKR 5,500 +++) and Full Day Package (LKR 9,000 +++). With the option to include the ceremonial milk boiling and traditional Avurudu games, each celebration is brought to life with authenticity and seamless five-star service.  Adding to the festive experience, Churros presents the Avurudu Sweetmeat Boutique, available from 10th to 14th April 2026, where guests can explore a vibrant spread of traditional sweetmeats, including live preparations from 3:30 p.m. to 6:30 p.m.. Complementing this, The Kingsbury Indulgence offers a range of at-home dining options, including the Avurudu Yellow Rice Family Meal (from LKR 12,000 nett, serving 6) and a selection of Kevili Hampers, meticulously assembled with Sri Lanka’s most cherished New Year favourites. Available in multiple options, from the Mini Hamper at LKR 2,500 nett to the Kaema Mesaya at LKR 20,000 nett, these hampers are perfect for gifting and sharing, bringing the spirit of Avurudu into every home.  For those looking to dine out during the season, Harbour Court offers a special 30% savings on lunch and dinner from 12th to 17th April 2026, inviting guests to enjoy a generous spread of local and international favourites at one of the most celebrated all-day dining restaurants in Colombo. From gathering with family to celebrating with friends, it provides the perfect backdrop for festive dining in the heart of the city.  Blending tradition with contemporary hospitality, The Kingsbury, Colombo, creates a destination where Avurudu is celebrated in many forms; at home, at the table and within elegant spaces. With every detail created for meaningful moments, guests are invited to embrace the joy, warmth and spirit of the season in true Kingsbury style.  For reservations and more information, please contact +94 112 421 221  For outdoor catering and events, please contact +94 761 511 913 For orders via Indulgence, please contact +94 771 087 754

Avurudu Trending

Speranza to Raise Its Voices in Harmony this Easter

A youthful and vibrant choir, Speranza, comprised of a group of talented voices from Negombo,

Highlights Trending

ITC Ratnadipa Presents an Easter Brunch on 5th of April at the Indian Ocean Pavilion

This Easter, ITC Ratnadipa invites guests to celebrate the season with a special brunch at

Highlights Trending

Yamu Guide.

Shangri-La Colombo Unveils a New Chapter at Tiki Bar

As the sun dips into the Indian Ocean and the city begins to exhale, Tiki

Trending Yamu Guide

DINIDU: Colombo’s Premier Destination for Wedding Anniversary Gifts

Every wedding anniversary is a chapter of a love story that continues to evolve. These

Highlights Yamu Guide

Yazu Set to Make Sri Lankan Debut at Radisson Blu Resort Galle in 2026

Radisson Blu Resort Galle is set to unveil its newest culinary venture in March 2026 with the opening of Yazu by

Highlights Trending Yamu Guide

A Ramadan Feast Awaits at ITC Ratnadipa – Available Till March 19

This Ramadan, ITC Ratnadipa invites guests to celebrate the holy month with ‘A Feast for

Highlights Yamu Guide

Here are the must visit Iftar spots for 2026

Ramadan 2026 brings with it a beautiful season of reflection, gratitude, and shared meals. Across

Highlights Trending Yamu Guide