ලොවෙත් නැති, ඒත් හැමෝම හොඳින් දන්නා කියන ලංකාවේ ගම්මානය; “”මුවන්පැලැස්ස””.

“උඹලට මම කියන්නේ හොඳින් …..”

කෝරළේ මහත්තයා කිව්වේ බොහොම තද හඬකින්.

“මොකද ආරච්චිලා බොලා මාව හිර කරන්ඩයි මේ දඟලන්නේ ….. මේ සේරම කතාව මට  ආරංචියි ….. හොඳයි ඒකත් මම බලා ගන්නං.”

කදිරටත් කේන්ති ගිහින් වගේ.

මේ කියන්න යන්නේ කවුරුවත් ගිහින් නැති, ඒත් 90 දශකයට කලින් ඉපදුණු කොයි කවුරු වුණත් හොඳින් ම දන්නා ගමක් ගැන කතාවක්. කොටින් ම කිව්වොත් මේ ගමේ ඉන්න උදවිය ගැන, එදිනෙදා වෙන සිද්ධි ගැන වුණත් අපේ අයට සෑහෙන්න අවබෝධයක් තිබුණා. මේ ගමේ නම “මුවන්පැලැස්ස”.

මීට දශක කීපයකට උඩදී, රූපවාහිනිය අපේ ගෙවල්වල විසිත්ත කාමරයට එන්න කලින්, අපට තිබුණු එක ම “එන්ටර්ටෙන්ට්මන්ට් මෝඩ්” එක වුණේ රේඩියෝ එක. මුවන්පැලැස්ස කියන්නේ ඒ කාලේ තිබුණු ජනප්‍රිය ම ගුවන්විදුලි නාට්‍යයක්. ලංකාවේ හතර දිග් බාගේ ම ජීවත් වුණු, විවිධ පවුල් පසුබිම්වල මිනිස්සු හැමෝම එක වගේ ආදරය කරපු කතාවක් විදියට මේක හඳුන්වන්න පුළුවන්. ඒ වගේ ම, ආසියාවේ බිහිවුණු දීර්ඝත ම ගුවන්විදුලි නාට්‍යය විදියටත් මුවන්පැලැස්ස නම් දරනවා.

මුවන්පැලැස්ස නාට්‍ය පිටපත

(Image Source : madumedia.blogspot.com)

මුළු ලංකාවක් ම ආකර්ෂණය කරගත්ත මේ මුවන්පැලැස්ස කතාවේ පිටපත ලිව්වේ මුදලිනායක සෝමරත්න මහත්මයයි. ඒ වෙද්දී ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ අධ්‍යක්ෂවරයා වෙලා ඉඳපු එස්. බී. සේනානායක මහත්මයාගේ ආරාධනයක් පිට තමයි ඔහු මේ පිටපත ලියන්න අත්පොත් තිබ්බේ. මේ කතාන්දරය ගෙතීමේ මූලික පරමාර්ථය වුණේ ලංකාවේ හද්දා පිටසර ගම්දනව්වල ජීවිතය පෙන්නුම් කිරීමයි.

මුවන්පැලැස්ස පිටපත ලියන්න කලින්, මුදලිනායක සෝමරත්න මහත්මයා ලංකාවේ ගම්මාන ගණනාවකට ගියා. මිනිපේ, ලග්ගල, කයිකාවල, මීමුරේ සහ මහියංගනය ඒ අතරින් ප්‍රධානයි. ඒ ගම් පළාත්වල මිනිස්සු ජීවත් වෙන විදිය, ඔවුන්ට ඇති වෙන ගැටලු, ඔවුන්ගේ ශ්‍රමය සූරාගෙන කන වලව් පන්තිය, සහ එදිනෙදා ජීවිතයේදී ඔවුන්ට මුහුණ දෙන්න වෙන අභියෝග ජයගන්නා විදිය ගැන බොහොම සමීප අධ්‍යනයක් කරන්න ඔහුට පුළුවන් වුණා. මුවන්පැලැස්ස කතා පිටපතේ තියෙන තාත්ත්වික ගතිය වැඩිවෙන්නේ ඔන්න ඔය හේතුව නිසයි.

“මුවන්පැලැස්ස” කියන නම මුදලිනායක සෝමරත්න මහත්මයාගේ ඔළුවට ආපු විදියත් හරි අපූරුයි. අර කියපු ගම්මානයක ඇවිදින අතරතුරේදී ඔහුට ඒ ගමේ ඉන්න වැඩිහිටියෙක් ව කතාවට අල්ලගන්න ලැබුණා. ඒ ගැමියා “ගම” කියන වචනය වෙනුවට පාවිච්චි කළේ “පැලැස්ස” කියන පදයයි. ඒ අතරතුර ම ලස්සන මුව රංචුවක් ගමන් කළේ ඔවුන්ට පේන මානයෙන්මයි. කතා පිටපතේ එන ගමේ නම “මුවන්පැලැස්ස” බවට පත්වුණේ ඔන්න ඔය විදියට.

මුවන්පැලැස්ස කතාන්දරය

මුවන්පැලැස්ස කතාන්දරය අපිව බ්‍රිතාන්‍ය යටත් විජිත සමයට එක්කරගෙන යනවා. ලංකාවේ වැද්දෝ ගැන කරන පර්යේෂණයක් කරන ඉංග්‍රීසි දිසාපති, මුවන්පැලැස්ස ගම්මානය මුණගැහෙන්නේ අහම්බෙන් වගේ. මේ ගම තියෙන්නේ කැලෑවක් අසබඩයි. දුගී දුප්පත්කම් නිසා, කැලයේ තියෙන දේවල්වලින් යැපෙන මේ ගමේ බොහොම අපූරු චරිත තොගයක්ම ඉන්නවා. ආරච්චිලා, වෙද මාමා, වෙඩික්කාරයා, බිනරමලී, පිනා, මැණිකේ ඔය චරිත අතරින් කීපයක්.

කතාවේ පසු කාලයේදී ආරච්චිලාගේ චරිතය “කෝරළේ මහත්මයා” බවටත්, වෙඩික්කාරයා “කදිරා” බවටත් වෙනස් වුණා. ඒ කොහොම වෙතත්, මේ කතාන්දරයේ ඉඳපු හැම චරිතයක් ම නිර්මාණය වුණේ, සෝමරත්න මහත්මයාට අර ගම්මානවලදී මුණගැහුණු සත්‍ය චරිත පදනම් කරගෙනයි. මේකේ පළමුවෙනි කතාංගය විකාශනය වුණේ 1964දී.

මුවන්පැලැස්ස අවසන් වෙයි?

(Image Credits : Videendra Miguel)

අවාසනාවකට වගේ 1971 අවුරුද්දේදී මුවන්පැලැස්ස ගුවන්විදුලි නාට්‍යය හදිසියේ ම නවත්වන්න ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාව තීරණය කරනවා. ඒකට හේතුව මුදලිනායක සෝමරත්න මහත්මයා තමන්ගේ ස්ථීර පදිංචිය සඳහා ඇමරිකාවේ කැලිෆෝර්නියා ප්‍රාන්තය වෙත පිටත් වීම නිසා තවදුරටත් මේ නාට්‍ය පිටපත ලියන්නට කෙනෙක් නැති වීමයි.

ඒත් මුවන්පැලැස්සට ආදරය කරපු ප්‍රේක්ෂක ප්‍රේක්ෂිකාවන් මේ තීරණයෙන් සෑහෙන්න කණගාටුවට පත්වුණා. ආයෙත් මුවන්පැලැස්ස ආරම්භ කරන ලෙස ඉල්ලලා ලංකාවේ හතර දිග් බාගයෙන් ගුවන්විදුලි සංස්ථාවට එන්න ගත්තේ දිගට හරහට. මේ හේතුව නිසා ම ඒ වෙනකොට ගුවන්විදුලි සංස්ථාවේ සභාපතිවරයා වුණු තේවිස් ගුරුගේ මහත්මයා මුවන්පැලැස්සේ චරිතවලට හඬ කවපු සියලුම ශිල්පීන් ව කැඳවලා, ඇති වී තියෙන තත්ත්වය ගැන විස්තරයක් කළා.

මුවන්පැලැස්ස නාට්‍යය අලුත් පිටපතක් යටතේ පටන්ගන්න කියලා යෝජනාවක් ආවේ ඔය මුණගැහීම අතරතුරයි. තේවිස් ගුරුගේ මහත්මයාගේ අවසරය යටතේ ධර්ම ශ‍්‍රී මුණසිංහ, පි. වැලිකල, වික්ටර් මිගෙල්, ගැමුණු විජේසුරිය යන ශිල්පීන් අලුත් මුවන්පැලැස්ස වෙනුවෙන් පිටපත් රචනා කළා. ඔය අතරින් තෝරා ගැනුණේ වික්ටර් මිගෙල් මහත්මයා ලියපු පිටපතයි. මාස දෙකක් තිස්සේ ඇණ හිටපු මුවන්පැලැස්ස නාටකය,ආයෙත් පටන්ගැනුණේ ඔය විදියට.

Image Source : srinimalp.blogspot.com

කදිරාගේ චරිතයට හඬ දුන්නු වික්ටර් මිගෙල් මහත්මයා අවුරුදු 25ක් තිස්සේ මුවන්පැලැස්ස පිටපත ලිව්වා. 1995 වසරේ ඔහුගේ අභාවයෙන් පස්සේ මේ පිටපත ලිවීමට ඉදිරිපත් වුණේ ශ්‍රී නිමල් පද්ම කුමාර මහත්මයයි. ඔහුත් අවුරුදු 15ක් තිස්සේ මුවන්පැලැස්ස නාට්‍යය කරගෙන යාමට උරදුන්නේ, වික්ටර් මිගෙල් මහත්මයාගෙන් නිහඬ වුණු කදිරාගේ චරිතයට ආයෙත් පණ දෙමිනුයි.

ඊටත්පස්සේ මුවන්පැලැස්ස නාට්‍ය පිටපත ලිවීම භාර වුණේ එහි පළමු රචකයා වුණු මුදලිනායක සෝමරත්න මහත්මයාටයි. කැලිෆෝර්නියා සිට මේ පිටපත ලියලා ලංකාවට එන්න ඔහු කටයුතු කළා.

අද මුවන්පැලැස්ස

මීට සති කීපයකට පෙර අභාවයට පත්වුණු රත්නාවලී කැකුණවෙල මහත්මිය, මුවන්පැලැස්සට ආදරය කරපු හැමදෙනාට ම ශෝකය ඇති කරවන කාරණයක් වුණා. මොකද දශක ගණනාවක් තිස්සේ කෝරළේ මහත්මයාගේ ආදරණීය බිරින්දෑ හෙවත් “මැණිකේ”ගේ චරිතයට හඬ දුන්නේ එතුමියයි.  

21 වැනි සියවසේ ජීවත් වෙන අපට, ගුවන්විදුලි, රූපවාහිනී ඇතුළු වින්දනය ලබාදෙන මාධ්‍ය බොහොමයක් තියෙනවා. ඒත් හැම සඳුදාවක ම රෑ 8.30ට වෙළඳ සේවය (FM 94.3 , 94.5) ඔස්සේ මුවන්පැලැස්ස අහන්න ලෑස්ති කාණ්ඩයක් අපි අතර තවමත් ඉන්න බව නොරහසක්. ඒකට හේතු වෙලා තියෙන්නේ මෙහි චරිතවල තියෙන සමීප බව හෝ අනර්ඝ කතා සාරය ම නෙවෙයි. එය මීට දශක කීපයකට කලින් අපට තිබුණු සරල ජීවිතය ගැන කරන සිහිපත් කිරීමක්.

Share on facebook
Share on twitter
Share on whatsapp

Highlights.

Latest.

KAMU.

Welcoming the Year of the Horse at Yue Chuan, The Kingsbury

Yue Chuan, the award-winning Chinese restaurant at The Kingsbury, Colombo, invites guests to usher in the

Highlights Kamu

Soho Hospitality Charts First Expansion into South Asia with Charcoal’s Colombo Debut

Bangkok-based international hospitality group selects Sri Lanka for its game- changing dining brand Charcoal Tandoor

Highlights Kamu

Brunch at ITC Ratnadipa – Review

By Ranugi Thihansa If you’re looking for a Sunday brunch that brings together incredible food,

Highlights Kamu Yamu Guide

Harpo’s Pizza and Pasta: Review

We dropped by Harpo’s Pizza and Pasta the other day, and it turns out it’s

Highlights Kamu

The Fort Café by Tasty Caterers – Review

By Linara Wimalaweera The Fort Café by Tasty Caterers offers a refreshing escape from the

Highlights Kamu Yamu Guide

Nihonbashi by Dharshan – Review

Written by Linara Wimalaweera When it comes to Japanese fine dining in Colombo, few names

Highlights Kamu

Trending.

Yazu Set to Make Sri Lankan Debut at Radisson Blu Resort Galle in 2026

Radisson Blu Resort Galle is set to unveil its newest culinary venture in March 2026 with the opening of Yazu by

Highlights Trending Yamu Guide

Indiya Enters a New Chapter

Colombo, Sri Lanka – [9th March 2025] — Indiya, the signature Indian restaurant at Cinnamon

Highlights Trending

Here are the must visit Iftar spots for 2026

Ramadan 2026 brings with it a beautiful season of reflection, gratitude, and shared meals. Across

Highlights Trending Yamu Guide

Valentine’s Celebrations Unfolded at NH Collection Colombo

Valentine’s celebrations at NH Collection Colombo concluded on a high note, with guests enjoying an

Highlights Trending

Newburgh Ella: Where Sri Lanka’s Tea Heritage Rises Above the Clouds

A Tea Factory Reimagined High above the emerald hills of Ella, where mist drifts lazily

Highlights Trending

ITC Ratnadipa Presents ‘An Italian Affair’ in Partnership with the Italian Embassy, Sri Lanka

ITC Ratnadipa, Colombo in collaboration with the Embassy of Italy in Sri Lanka will host

Trending

Yamu Guide.

Yazu Set to Make Sri Lankan Debut at Radisson Blu Resort Galle in 2026

Radisson Blu Resort Galle is set to unveil its newest culinary venture in March 2026 with the opening of Yazu by

Highlights Trending Yamu Guide

A Ramadan Feast Awaits at ITC Ratnadipa – Available Till March 19

This Ramadan, ITC Ratnadipa invites guests to celebrate the holy month with ‘A Feast for

Highlights Yamu Guide

Here are the must visit Iftar spots for 2026

Ramadan 2026 brings with it a beautiful season of reflection, gratitude, and shared meals. Across

Highlights Trending Yamu Guide

IFTAR BUFFET LIST – 2026

With Ramadan 2026 now underway, families and friends are gathering in prayer, reflection, and devotion

Highlights Yamu Guide

Break Fast by the Lake: A Meaningful Ramadan at Cinnamon Lakeside Colombo

Colombo, Sri Lanka, 23rd February 2026 - This Ramadan, Cinnamon Lakeside Colombo invites guests to embrace the spirit

Highlights Yamu Guide

A Beautiful Beginning to Ramadan : Iftar at Cinnamon Grand Colombo

Colombo, Sri Lanka – 23rd February 2026 – This Ramadan, Cinnamon Grand Colombo welcomes guests to gather in reflection and

Highlights Yamu Guide