අලුත් බද්දෙන් වාසි කාටද?.

අලුත් බදු සංශෝධනය ගැන මේ දවස්වල හැමෝම වගේ කතාවෙනවා. අප්‍රේල් 01 වන දා ඉඳන් මේක ක්‍රියාත්මක වුණත් ගොඩක් අයට තාමත් මේක ගැන පැහැදිලි අදහසක් තියෙන බවක් පේන්න නෑ. ඒ වගේ ම ෆේස්බුක් එකේ එහෙම මේ බදු ගැන බොරු කතා ගොඩක් පැතිරෙනවා.

Cartoon by @awanthaartigala #lka #SriLanka pic.twitter.com/DfQgNcLa7N

— Political CartoonLKA (@cartoonlka) April 2, 2018

ඇත්තට ම මේ අලුත් බදු ක්‍රමයේ තියෙන වෙනස මොකක්ද? කාටද මේකනේ වාසි? කාටද අවාසි?

මේ තමයි මේ අලුත් ක්‍රමය යටතේ ඇත්තට ම අපට බදු ගෙවන්න වෙන විදිය.

ඇයි බදු?

අමාරුවෙන් හම්බකරන ගාණෙන් ආපහු කීයක් හරි බදු කියලා අඩු වෙනවට අපි කවුරුත් කැමති නෑ. හැබැයි පාරවල් හදන එකේ ඉඳන් නොමිලේ අධ්‍යාපනය, නොමිලේ සෞඛ්‍ය, හයි වේ, එයාර් පෝට්, වරාය, ආණ්ඩුවේ පරිපාලන වියදම්, රජයේ සේවකයන්ගෙ පඩිනඩි, මැති ඇමතිවරුවන්ගේ වාහනවලට යන වියදම්, ඉහළ ඉඳන් පහළට ම ආණ්ඩුවේ දේශපාලකයන් සහ නිලධාරින් හොරකම් කරන, කොමිස් ගහන සල්ලි, මේ වගේ හැම වියදමක් ම පියවන්න වෙන්නෙ මේ විදියට එකතු කරන බදු මුදලින් තමයි.

2018 අයවැයෙන් ඇස්තමේන්තු කරන මුළු රාජ්‍ය වියදම රුපියල් බිලියන 3,982යි. හැබැයි මෙච්චර බදු ගහලත් ලැබෙන මුළු රාජ්‍ය ආදායම රුපියල් බිලියන 2,175යි. පරතරය රුපියල් බිලියන 1,800කට වැඩියි.

ඉතින් මේ පරතරය අඩුකරන්න නම් එක පැත්තකින් වියදම අඩුකරගන්න ට්‍රයි කරන අතරේ අනිත් පැත්තෙන් ආදායම වැඩිකරගන්න ඕන. ඒ කියන්නෙ බදු වැඩිකරන්න ඕන.

අපිට වැඩි ගාණක් නැති වුණාට දැනටත් අපි අම්බානක බදු ගෙවනවා. අපි කඩෙන් ගන්න සීනි එකේ ඉඳන් හැම දේකටම වගේ බද්දක් එකතුකරලා තියෙන්නෙ. මේකට කියන්නේ වක්‍ර බදු කියලා. වක්‍ර බදුවල තියෙන අවුල තමයි දුප්පත් ම කෙනාගෙ ඉඳන් පොහොසත් ම කෙනා දක්වා හැමෝටම එකම බද්දක් ගෙවන්න සිද්ධවෙන එක. ඒ කියන්නෙ දුප්පත් මිනිහෙක් සීනි කිලෝ එකක් ගත්තත් කෝටිපතියෙක් සීනි කිලෝ එකක් ගත්තත් ගෙවන්නෙ එකම මිලක්; රජයට යන්නෙ එකම බදු මුදලක්.

Here's how the new tax revision works. In case if you also were confused.
It's not as bad as you would think imo. #lka https://t.co/bXyeEMtkDS

— LAHIRU ABEYSINGHE (@lahiruABsinghe) April 2, 2018

මේ නිසා වක්‍ර බදු අඩු කරලා වෙනුවට එ් ඒ කෙනාගෙ ආදායම අනුව ගෙවන්න වෙන බදු මුදල තීරණය වෙන ඍජු බදු වැඩිකරන්න උත්සාහ කරනව කියල තමයි ආණ්ඩුව කියන්නෙ. එයාලා කියන විදියට දැනට අපි ගෙවන බදුවලින් 80%ක් විතර වක්‍ර බදු. 20%ක් වගේ තමයි ඍජු බදුවලින් රජයට ආදායම එන්නෙ. මේක 60%: 40% මට්ටමටවත් ගේන්න තමයි ප්ලෑන් එක. ඒ කියන්නෙ වැඩිපුර සල්ලි තියෙන අය ගෙවන බදු මුදල වැඩිකරලා අඩු ආදායම් ලබන අයගෙන් අයකරන බදු මුදල අඩුකරන එක.

අලුත් බද්ද ඔයාට කොහොමද?

මේ චාට් එකේ තියෙන්නෙ කලින් තිබුණු ආදායම් බද්ද සහ අලුත් එකේ වෙනස. කලින් එකේ වගේ ම මේ පාරත් මාසික ආදායම රුපියල් ලක්ෂයට අඩු අය බදු ගෙවන්න ඕන ම නෑ. ඒ වගේ ම ලක්ෂයත් ලක්ෂ 4ත් අතර ගාණක් උපයන කට්ටියගෙ බදු මුදල කලින්ට වඩා අඩුවෙලා. ඒ කියන්නෙ අලුත් බදු ක්‍රමය එයාලට වාසියි!

හැබැයි මාසෙට ලක්ෂ 4ට වඩා, හරියටම කීවොත් රු. 425,000කට වඩා හොයන කට්ටියට මේ අලුත් ක්‍රමය නිසා කලින්ට වඩා වැඩිපුර බදු ගෙවන්න වෙනවා. ඒ කියන්නෙ මූලික වැටුප, අතිකාල, දීමනා ඔක්කොම එකතුවෙලා එද්දි මාසෙට රුපියල් මිලියනයක් හම්බවෙන කෙනකුට ඒකෙන් රු 186,000ක් විතර බදු ගෙවන්න වෙනවා. ඒ කියන්නෙ කලින්ට වඩා රු. 46,000ක් විතර වැඩිපුර!

මේකට අමතර ව බැංකුවල ඉතුරුම් ගිණුම්වලට හම්බවෙන පොලියට ගහන බද්ද 2.5% ඉඳන් 5% දක්වා වැඩිකරලා තියෙනවා. අලුත් නීතියෙ හැටියට පිටරට වැඩකරන කෙනෙක් ලංකාවේ ගිණුමක තැම්පත් කරල තියෙන මුදලටත් මේ 5% බද්ද අදාළයි. ගොඩක් අය මේක පටලගෙන තිබුණට ඇත්තටම පිටරට වැඩකරන අය ලංකාවට සල්ලි එවද්දි ඒකෙන් බද්දක් අයකරන්නෙ නෑ. ඒ සල්ලි එකවුන්ට් එකක දාලා පොලී කරනව නම් ඒ පොලියට විතරයි බදු ගෙවන්න වෙන්නෙ.

දැන් මොකද කරන්නෙ?

කරන්න දෙයක් නෑ. ආණ්ඩුවෙන් ගහන බදුනේ; ඉතිං ගෙවන්න ම වෙනවා. හැබැයි අපි මේ ගෙවන බදු මුදල අඩු වැඩි වෙන එක තීරණය වෙන්නෙ අපි ආණ්ඩුවෙන් බලාපොරොත්තු වෙන දේවල් එක්ක තියෙන එක තේරුම්ගන්න එක වැදගත්.

උදාහරණයක් හැටියට ලංකාව කියන්නෙ සෑහෙන සුබසාධන වැඩසටහන් තියෙන රටක්. ඉස්කෝල පොත්, නිල ඇඳුම්වල ඉඳලා විශ්වවිද්‍යාල දක්වා අධ්‍යාපනය, සෞඛ්‍ය වගේ හැම දේම නොමිලේ. ඒ වගේ ම පාඩු ලබන ගොවීන්ට පොහොර, වතුර වගේ දේවලුත් හම්බවෙන්නෙ නොමිලේ; නැත්නම් ගොඩක් අඩු මුදලට. දුප්පත් මිනිස්සුන්ට හම්බවෙන සමෘද්ධි වගේ සහනාධාර මදිවට ආණ්ඩුවේ සිපෙට්කෝ එක ඉන්ධන විකුණන්නෙත් අතින් කයිට් කරගෙන. සිපෙට්කෝ විතරක් නෙවෙයි, ගොඩක් රජයේ ආයතන මාසෙකට ලබන පාඩුව රුපියල් මිලියන ගාණක්. මැති ඇමතිවරුන්ගෙ වාහන සහ එයාලට කරන අනිත් වියදම් අඩු කරන එක ගොඩක් දෙනෙක් යෝජනා කරන ජනප්‍රිය විසඳුමක් වුණාට ඒ සම්පූර්ණ “බොරු” වියදම් ටික ගත්තත් ඒක මේ සහනාධාරවලට යන වියදමෙන් දශම ගාණක් විතරයි.

දේශපාලකයන්ගේ අනවශ්‍ය වියදම් සහ වංචා දූෂණ අඩු කරන එක ගොඩක් වැදගත් දෙයක් වුණත් ඒකෙන් මේ බදු අඩුකරන්න ලොකු උදව්වක් ලැබෙන්නෙ නෑ. අනිත් අතට අධ්‍යාපනය, සෞඛ්‍ය වගේ දේවල්වලට රජය වියදම් කරන එක සම්පූර්ණයෙන් නවත්තන එකත් ප්‍රායෝගික නෑ. කොහොම කළත්, අපි අතින් සල්ලි වියදම් කරල දේවල් ගත්තත්, රජයට බදු ගෙවල ඒකෙන් නොමිලේ දේවල් ගත්තත් අන්තිමේ මේ හැම දේකටම ගෙවන්නෙ අපි ම තමයි. ඒ කියන්නෙ කොහොම කළත් මේක තමයි අපේ වියදම. ඒ වියදම කොයි විදියට කළමනාකරණය කරගන්නවද කියන එක තමයි අපි රටක් හැටියට තීරණයට කරගන්න වෙන්නෙ.

Share on facebook
Share on twitter
Share on whatsapp

Highlights.

Latest.

KAMU.

Welcoming the Year of the Horse at Yue Chuan, The Kingsbury

Yue Chuan, the award-winning Chinese restaurant at The Kingsbury, Colombo, invites guests to usher in the

Highlights Kamu

Soho Hospitality Charts First Expansion into South Asia with Charcoal’s Colombo Debut

Bangkok-based international hospitality group selects Sri Lanka for its game- changing dining brand Charcoal Tandoor

Highlights Kamu

Brunch at ITC Ratnadipa – Review

By Ranugi Thihansa If you’re looking for a Sunday brunch that brings together incredible food,

Highlights Kamu Yamu Guide

Harpo’s Pizza and Pasta: Review

We dropped by Harpo’s Pizza and Pasta the other day, and it turns out it’s

Highlights Kamu

The Fort Café by Tasty Caterers – Review

By Linara Wimalaweera The Fort Café by Tasty Caterers offers a refreshing escape from the

Highlights Kamu Yamu Guide

Nihonbashi by Dharshan – Review

Written by Linara Wimalaweera When it comes to Japanese fine dining in Colombo, few names

Highlights Kamu

Trending.

Yazu Set to Make Sri Lankan Debut at Radisson Blu Resort Galle in 2026

Radisson Blu Resort Galle is set to unveil its newest culinary venture in March 2026 with the opening of Yazu by

Highlights Trending Yamu Guide

Indiya Enters a New Chapter

Colombo, Sri Lanka – [9th March 2025] — Indiya, the signature Indian restaurant at Cinnamon

Highlights Trending

Here are the must visit Iftar spots for 2026

Ramadan 2026 brings with it a beautiful season of reflection, gratitude, and shared meals. Across

Highlights Trending Yamu Guide

Valentine’s Celebrations Unfolded at NH Collection Colombo

Valentine’s celebrations at NH Collection Colombo concluded on a high note, with guests enjoying an

Highlights Trending

Newburgh Ella: Where Sri Lanka’s Tea Heritage Rises Above the Clouds

A Tea Factory Reimagined High above the emerald hills of Ella, where mist drifts lazily

Highlights Trending

ITC Ratnadipa Presents ‘An Italian Affair’ in Partnership with the Italian Embassy, Sri Lanka

ITC Ratnadipa, Colombo in collaboration with the Embassy of Italy in Sri Lanka will host

Trending

Yamu Guide.

Yazu Set to Make Sri Lankan Debut at Radisson Blu Resort Galle in 2026

Radisson Blu Resort Galle is set to unveil its newest culinary venture in March 2026 with the opening of Yazu by

Highlights Trending Yamu Guide

A Ramadan Feast Awaits at ITC Ratnadipa – Available Till March 19

This Ramadan, ITC Ratnadipa invites guests to celebrate the holy month with ‘A Feast for

Highlights Yamu Guide

Here are the must visit Iftar spots for 2026

Ramadan 2026 brings with it a beautiful season of reflection, gratitude, and shared meals. Across

Highlights Trending Yamu Guide

IFTAR BUFFET LIST – 2026

With Ramadan 2026 now underway, families and friends are gathering in prayer, reflection, and devotion

Highlights Yamu Guide

Break Fast by the Lake: A Meaningful Ramadan at Cinnamon Lakeside Colombo

Colombo, Sri Lanka, 23rd February 2026 - This Ramadan, Cinnamon Lakeside Colombo invites guests to embrace the spirit

Highlights Yamu Guide

A Beautiful Beginning to Ramadan : Iftar at Cinnamon Grand Colombo

Colombo, Sri Lanka – 23rd February 2026 – This Ramadan, Cinnamon Grand Colombo welcomes guests to gather in reflection and

Highlights Yamu Guide