Domino’s, Pizza Hut විතරද? මෙන්න තවත් සුපිරි පීසා කඩ 8ක්.

පීසා කිව්වාම ගොඩදෙනෙක්ට මතක්වෙන්නෙ ගාර්ෆීල්ඩ් කාටූන් එක. ඇත්තටම වීටෝගෙ පීසා මේ පූසා කියන තරම් රසද?

ගාර්ෆීල්ඩ් පීසා කන හැටි දැක්කාම එහෙම හිතෙන එකෙත් වැරුද්දක් නෑ. කොහොම වුනත් ඒ තරම් රස පීසා කෑල්ලක් ඔයාට රස බලන්න තියෙනවනම් කියල අනිවා හිතෙනව ඇති. එහෙනම් අහගන්නකො වීටෝගෙ පීසාවලටත් වඩා රස පීසා කන්න පුළුවන් කොළඹ පැත්තෙ තැන් ටික.

1. Giovanni's

YAMU එකේ අපි දන්න කියන පීසා කඩ අතරින් රසම පීසා තියෙන කඩේ තමයි තිඹිරිගස්යායෙ ජෛාවානීස් එක. හැම්, බේකන් විතරක් නෙවෙයි තව එකඑක විදියට හදපු මස් ජාති, එළවළු, චීස් පදමට දාලා හදන මෙයාලගෙ පීසා එකේ රොටියෙ ඉඳන්ම හැදෙන්නෙ කඩේ ඇතුලෙදිමයි. මැදපු ග්‍රැනයිට් මේසෙ උඩ තුනීයට හැදෙන රොටියට අඟලක් එක හමාරක් ඝන කමට හිටින්න අඩුම කුඩුම ටික වැටිලා දර උඳුනෙ පදම් වෙද්දි එන සුවඳ නම් ඉවසන් ඉන්න බැරි තරම්. ගාණ රු. 1500ක් විතර වුනාට කාපු කෙනෙක් නම් ආයෙ නොකා මග අරිනව බොරු.

2. Il Ponte

නම අහපු ගමන් තේරෙනවනෙ: මේක ඉටෑලියන් අවන්හලක්. තියෙන්නෙ හිල්ටන් හෝටලේ එළිය පැත්තෙ. හා හා හිල්ටන් කියපු ගමන් ඉල් පොන්ටෙ අත ඇරලා දාන්න එපා. රු. 1350ක් වගේ සාධාරණ ගාණකට රස වෑහෙන 'පෝලෝ පිකාන්ටේ' පීසා එකක් රස බලන්න පුළුවන්. තද බඩගින්නක ඉන්න දෙන්නෙක්ට හොඳටම ඇති වෙන්න තියෙනව. මේ පීසා එකේ විශේෂත්වය තමයි රොටිය ගොඩක්ම තුනී වගේම තරමක් ඝනකම රෝස්ට් චිකන්, ළූණු, චීස්, තක්කාලි, ඔලිව්, රෙඩ් පෙපර් තට්ටුවක් අතුරල තියෙන එක. පීසා කෑල්ලක් කඩා ගනිද්දි මොසරැල්ල චීස් ඇදිල එන හැටි දැක්කාම කාගෙන කාගෙන යන්න හිතෙන තරම්.

3. Rocco's

හැරෙන්න, රාජගිරිය හන්දියෙන් නාවල පාරට. මීටර 200ක් නෑ රොකෝස් එකට. හැම්, බේකන්වලින් හොඳටම වැඩ දාපු පීසා එකක් කනව නම් කියාපු තැනක් තමයි. එවෙලෙ හදල දර පෝරණුවෙ බේක් කරල ගන්න මෙයාලගෙ Salmon Affumicato වගේ පීසා එකක් රු. 1500ක් විතර වෙනව. හැබැයි පදම් කරපු ලොකු සැමන් කෑලි, ළූණු, මොසරැල්ල චීස් පිරුණු මේ පීසා එකේ රස නම් ගාණට වඩා සෑහෙන්න ඉහලයි.

4. Dolce Italia

රු. 1000ක් වගේ ගාණකට ඔරිජිනල් ඉටෑලියන් පීසා එකක රස බලන්න ඕන නම් යන්න පොලිස් පාර්ක් වල ඩොල්සෙ ඉටාලියා එකට. ලංකාවෙ අපිට එච්චරටම පුරුදු නැති වුනත් අපූරු අත්දැකීමක් වේවි. ඉටෑලියන් පීසා චීස් බේරෙන්න, මස් තට්ටු ගණන් තියෙන්නෙ හදන්නෙ නෑනෙ. තුනී පීසා රොටියට උඩට වැටෙන පොඩියට කපපු මස් නැත්නම් හැම් එක්ක මොසරැල්ල චීස්, තක්කාලි සෝස් වලින් හැදෙන වෙනස් රසක් තමයි තියෙන්නෙ.

5. Harpo's Pizza

කොළඹ 07, ග්‍රෙගරි පාරෙයි නුගේගොඩ, ස්ටැන්ලි තිලකරත්න මාවතෙයි තියෙන හාර්පෝස් එක පොකට් එකට ලොකු බරක් නොදී ම රසම රස පීසා ටිකකින් අපිට සංග්‍රහ කරන අපූරු තැනක්. මෙයාලගෙ බේකන්, ස්මෝක්ඩ් චිකන්, චීස් දාලා හදන පීසා රොමන්ගා එක සෑහෙන්න නැගල යන පීසා එකක්. රු. 1060යි. දෙන්නෙක්ට ඇති වෙන්න තියෙනව වගේම අපිට හුරු පුරුදු පීසා රසෙන් එන නිසා මදි නොකිය කන්න පුළුවන්. ඒ විතරක් නෙවෙයි ඉස්සො, මී කිරි, සුදු ළූණු, තක්කාලි වගේම ඇති පදමට මොසරැල්ල චීසුත් දාලා හදන රසම රස මරියානා පීසා එකකුත් රු. 1100ක් විතර තමයි වෙන්නෙ.

6. Cafe Michelangelo

ලංකාවෙ කෑමයි බටහිර කෑමයි හරි ලස්සනට ගලපල සුපිරිම පීසා හදන තැනක් තමයි නාවල කැෆේ මයිකල්ආන්ජෙලෝ එක. නමේ හැටියටම වැඩෙත් තියෙනව. 'මයිකල්ආන්ජෙලෝ' කියන්නෙ චිත්‍ර කලා කාරයෙක්නෙ. 'කැෆේ මයිකල්ආන්ජෙලෝ' කියන්නෙ පීසා කලාගාරයක්. පොල්සම්බෝල පීසා කියන්නෙ අන්න ඒ කලාවෙන් බිහිවුනු පට්ට පීසා එකක්. රු. 900ක් විතර වුනාට පොල්සම්බෝලයි, පදමට එකතු වුනු චීස් රසයි රස නහර පිනවන්නෙ තරඟෙට වගේ. ඒ හැරුණාම ඉස්සන්ගෙන් පිරුණු ලොකු මරියානා පීසා එකුත් රු. 1600ක් වගේ වෙන්නෙ.

7. Arthur's Pizza

ඔන්න තියෙවන ලංකාවෙ අපේ රහට පීසා හදන තවත් නියම කඩයක්. ආතර්ගෙ පීසා කඩේ තියෙන්නෙ ගල්කිස්සෙ ලයන්ස් පබ් එක ලඟ. සෑහෙන් අඩු ගාණකට වෙනස්ම පීසා රසක් අත්විඳින්න මෙතනට යන ඔයාලට පුළුවන්. හිතන්නකො බිත්තර, බේකන් දාලා හදපු පීසා එකක් කොච්චර රස ඇතිද. කටට කෙල උනනව නේ. ඒ වගේද චිකන්, නයි මිරිස් පීසා එකක්. උණුඋණුවෙ මේසෙට එන මේ පීසා එකක චීස් රස මැද්දෙන් පදමට කැපෙන සැර ගතියනම් ඇත්තටම මාරයි. වැඩේ කියන්නෙ මෙච්චර රස පීසා එකක් රු. 1000කටත් අඩුයිනෙ. ඒක නෙවෙයි ආතර්ගෙ පීසා කඩේට යන ඔයාට කැමති නම් බියර් වීදුරුවක් නැත්නම් අරක්කු, විස්කි වීදුරුවක් තොල ගාන ගමන් වුනත් පීසා කෑල්ලක රස බලන්න පුළුවන්.

8. Peppers

මැජෙක්ටික් සිටි ෆුඩ් කෝට් එකේ තියෙන පෙපර්ස් පීසා කඩේ 'පොඩි බඩගින්නට සුපර්' පීසා කෑල්ලක් කන්න කියාපු තැනක්. ලොකු වෙනසක් නම් නෑ. පීසා හට් එකේ පීසා වගේ තමයි. මෙයාලගෙ ස්පයිසි චිකන්, තක්කාලි පීසා එක තමයි නැගලම යන්නෙ. ලොකු කෑල්ලක් රුපියල් තුන් හාරසීයට ගන්න පුළුවන් නිසා ගොඩ දෙනෙක් මෙතනට එන්නත් පුරුදු වෙලා ඉන්නව.

ඔන්න අපි දන්න ටික නම් කිව්වා. ඔයාල දන්න ඒවත් තියෙනව නම් කමෙන්ට් කරන්න. නැතත් අපි කියපු කඩයකින් පීසා එකක් රස බලල හොඳ නරක කියන්න නම් අමතක කරන්න එපා.

Share on facebook
Share on twitter
Share on whatsapp

Highlights.

Latest.

KAMU.

Welcoming the Year of the Horse at Yue Chuan, The Kingsbury

Yue Chuan, the award-winning Chinese restaurant at The Kingsbury, Colombo, invites guests to usher in the

Highlights Kamu

Soho Hospitality Charts First Expansion into South Asia with Charcoal’s Colombo Debut

Bangkok-based international hospitality group selects Sri Lanka for its game- changing dining brand Charcoal Tandoor

Highlights Kamu

Brunch at ITC Ratnadipa – Review

By Ranugi Thihansa If you’re looking for a Sunday brunch that brings together incredible food,

Highlights Kamu Yamu Guide

Harpo’s Pizza and Pasta: Review

We dropped by Harpo’s Pizza and Pasta the other day, and it turns out it’s

Highlights Kamu

The Fort Café by Tasty Caterers – Review

By Linara Wimalaweera The Fort Café by Tasty Caterers offers a refreshing escape from the

Highlights Kamu Yamu Guide

Nihonbashi by Dharshan – Review

Written by Linara Wimalaweera When it comes to Japanese fine dining in Colombo, few names

Highlights Kamu

Trending.

Waves of Change: Hospitality Partners Unite for a Cleaner Colombo Coastline

In celebration of World Environment Day and World Oceans Day, Amari Colombo and Granbell Hotel

Highlights Trending

Radisson Hotel Kandy Brings Exclusive Wedding Experiences to Wedding Show 2026 at Kandy City Centre

Radisson Hotel Kandy is set to showcase its signature wedding offerings at the upcoming Wedding

Highlights Trending

The Mystique Nuwara Eliya – Timeless Luxury in the Hills.

Nestled in the heart of Sri Lanka’s picturesque hill country, The Mystique Nuwara Eliya offers

Highlights Trending

ONYX Hospitality Group Celebrates 60th Anniversary, Sets THB 10.33 Billion Revenue Target with THB 5.5 Billion Expansion Plan

ONYX Hospitality Group, a leading hospitality management company in Asia-Pacific, has unveiled its growth strategy

Highlights Trending

Is Your Diamond Actually Real? Why Savvy Sri Lankans are Choosing DINIDU for Non-Negotiable Authenticity

In the fabulous world of heirloom jewellery, the glamour of gemstones can often hide the

Highlights Trending

NH Collection Colombo strengthens leadership with Kedar Dighe as General Manager

Colombo, Sri Lanka – NH Collection Colombo welcomes Mr. Kedar Dighe as General Manager, bringing

Highlights Trending

Yamu Guide.

Shangri-La Colombo Unveils a New Chapter at Tiki Bar

As the sun dips into the Indian Ocean and the city begins to exhale, Tiki

Trending Yamu Guide

DINIDU: Colombo’s Premier Destination for Wedding Anniversary Gifts

Every wedding anniversary is a chapter of a love story that continues to evolve. These

Highlights Yamu Guide

Yazu Set to Make Sri Lankan Debut at Radisson Blu Resort Galle in 2026

Radisson Blu Resort Galle is set to unveil its newest culinary venture in March 2026 with the opening of Yazu by

Highlights Trending Yamu Guide

A Ramadan Feast Awaits at ITC Ratnadipa – Available Till March 19

This Ramadan, ITC Ratnadipa invites guests to celebrate the holy month with ‘A Feast for

Highlights Yamu Guide

Here are the must visit Iftar spots for 2026

Ramadan 2026 brings with it a beautiful season of reflection, gratitude, and shared meals. Across

Highlights Trending Yamu Guide