Domino’s, Pizza Hut විතරද? මෙන්න තවත් සුපිරි පීසා කඩ 8ක්.

පීසා කිව්වාම ගොඩදෙනෙක්ට මතක්වෙන්නෙ ගාර්ෆීල්ඩ් කාටූන් එක. ඇත්තටම වීටෝගෙ පීසා මේ පූසා කියන තරම් රසද?

ගාර්ෆීල්ඩ් පීසා කන හැටි දැක්කාම එහෙම හිතෙන එකෙත් වැරුද්දක් නෑ. කොහොම වුනත් ඒ තරම් රස පීසා කෑල්ලක් ඔයාට රස බලන්න තියෙනවනම් කියල අනිවා හිතෙනව ඇති. එහෙනම් අහගන්නකො වීටෝගෙ පීසාවලටත් වඩා රස පීසා කන්න පුළුවන් කොළඹ පැත්තෙ තැන් ටික.

1. Giovanni's

YAMU එකේ අපි දන්න කියන පීසා කඩ අතරින් රසම පීසා තියෙන කඩේ තමයි තිඹිරිගස්යායෙ ජෛාවානීස් එක. හැම්, බේකන් විතරක් නෙවෙයි තව එකඑක විදියට හදපු මස් ජාති, එළවළු, චීස් පදමට දාලා හදන මෙයාලගෙ පීසා එකේ රොටියෙ ඉඳන්ම හැදෙන්නෙ කඩේ ඇතුලෙදිමයි. මැදපු ග්‍රැනයිට් මේසෙ උඩ තුනීයට හැදෙන රොටියට අඟලක් එක හමාරක් ඝන කමට හිටින්න අඩුම කුඩුම ටික වැටිලා දර උඳුනෙ පදම් වෙද්දි එන සුවඳ නම් ඉවසන් ඉන්න බැරි තරම්. ගාණ රු. 1500ක් විතර වුනාට කාපු කෙනෙක් නම් ආයෙ නොකා මග අරිනව බොරු.

2. Il Ponte

නම අහපු ගමන් තේරෙනවනෙ: මේක ඉටෑලියන් අවන්හලක්. තියෙන්නෙ හිල්ටන් හෝටලේ එළිය පැත්තෙ. හා හා හිල්ටන් කියපු ගමන් ඉල් පොන්ටෙ අත ඇරලා දාන්න එපා. රු. 1350ක් වගේ සාධාරණ ගාණකට රස වෑහෙන 'පෝලෝ පිකාන්ටේ' පීසා එකක් රස බලන්න පුළුවන්. තද බඩගින්නක ඉන්න දෙන්නෙක්ට හොඳටම ඇති වෙන්න තියෙනව. මේ පීසා එකේ විශේෂත්වය තමයි රොටිය ගොඩක්ම තුනී වගේම තරමක් ඝනකම රෝස්ට් චිකන්, ළූණු, චීස්, තක්කාලි, ඔලිව්, රෙඩ් පෙපර් තට්ටුවක් අතුරල තියෙන එක. පීසා කෑල්ලක් කඩා ගනිද්දි මොසරැල්ල චීස් ඇදිල එන හැටි දැක්කාම කාගෙන කාගෙන යන්න හිතෙන තරම්.

3. Rocco's

හැරෙන්න, රාජගිරිය හන්දියෙන් නාවල පාරට. මීටර 200ක් නෑ රොකෝස් එකට. හැම්, බේකන්වලින් හොඳටම වැඩ දාපු පීසා එකක් කනව නම් කියාපු තැනක් තමයි. එවෙලෙ හදල දර පෝරණුවෙ බේක් කරල ගන්න මෙයාලගෙ Salmon Affumicato වගේ පීසා එකක් රු. 1500ක් විතර වෙනව. හැබැයි පදම් කරපු ලොකු සැමන් කෑලි, ළූණු, මොසරැල්ල චීස් පිරුණු මේ පීසා එකේ රස නම් ගාණට වඩා සෑහෙන්න ඉහලයි.

4. Dolce Italia

රු. 1000ක් වගේ ගාණකට ඔරිජිනල් ඉටෑලියන් පීසා එකක රස බලන්න ඕන නම් යන්න පොලිස් පාර්ක් වල ඩොල්සෙ ඉටාලියා එකට. ලංකාවෙ අපිට එච්චරටම පුරුදු නැති වුනත් අපූරු අත්දැකීමක් වේවි. ඉටෑලියන් පීසා චීස් බේරෙන්න, මස් තට්ටු ගණන් තියෙන්නෙ හදන්නෙ නෑනෙ. තුනී පීසා රොටියට උඩට වැටෙන පොඩියට කපපු මස් නැත්නම් හැම් එක්ක මොසරැල්ල චීස්, තක්කාලි සෝස් වලින් හැදෙන වෙනස් රසක් තමයි තියෙන්නෙ.

5. Harpo's Pizza

කොළඹ 07, ග්‍රෙගරි පාරෙයි නුගේගොඩ, ස්ටැන්ලි තිලකරත්න මාවතෙයි තියෙන හාර්පෝස් එක පොකට් එකට ලොකු බරක් නොදී ම රසම රස පීසා ටිකකින් අපිට සංග්‍රහ කරන අපූරු තැනක්. මෙයාලගෙ බේකන්, ස්මෝක්ඩ් චිකන්, චීස් දාලා හදන පීසා රොමන්ගා එක සෑහෙන්න නැගල යන පීසා එකක්. රු. 1060යි. දෙන්නෙක්ට ඇති වෙන්න තියෙනව වගේම අපිට හුරු පුරුදු පීසා රසෙන් එන නිසා මදි නොකිය කන්න පුළුවන්. ඒ විතරක් නෙවෙයි ඉස්සො, මී කිරි, සුදු ළූණු, තක්කාලි වගේම ඇති පදමට මොසරැල්ල චීසුත් දාලා හදන රසම රස මරියානා පීසා එකකුත් රු. 1100ක් විතර තමයි වෙන්නෙ.

6. Cafe Michelangelo

ලංකාවෙ කෑමයි බටහිර කෑමයි හරි ලස්සනට ගලපල සුපිරිම පීසා හදන තැනක් තමයි නාවල කැෆේ මයිකල්ආන්ජෙලෝ එක. නමේ හැටියටම වැඩෙත් තියෙනව. 'මයිකල්ආන්ජෙලෝ' කියන්නෙ චිත්‍ර කලා කාරයෙක්නෙ. 'කැෆේ මයිකල්ආන්ජෙලෝ' කියන්නෙ පීසා කලාගාරයක්. පොල්සම්බෝල පීසා කියන්නෙ අන්න ඒ කලාවෙන් බිහිවුනු පට්ට පීසා එකක්. රු. 900ක් විතර වුනාට පොල්සම්බෝලයි, පදමට එකතු වුනු චීස් රසයි රස නහර පිනවන්නෙ තරඟෙට වගේ. ඒ හැරුණාම ඉස්සන්ගෙන් පිරුණු ලොකු මරියානා පීසා එකුත් රු. 1600ක් වගේ වෙන්නෙ.

7. Arthur's Pizza

ඔන්න තියෙවන ලංකාවෙ අපේ රහට පීසා හදන තවත් නියම කඩයක්. ආතර්ගෙ පීසා කඩේ තියෙන්නෙ ගල්කිස්සෙ ලයන්ස් පබ් එක ලඟ. සෑහෙන් අඩු ගාණකට වෙනස්ම පීසා රසක් අත්විඳින්න මෙතනට යන ඔයාලට පුළුවන්. හිතන්නකො බිත්තර, බේකන් දාලා හදපු පීසා එකක් කොච්චර රස ඇතිද. කටට කෙල උනනව නේ. ඒ වගේද චිකන්, නයි මිරිස් පීසා එකක්. උණුඋණුවෙ මේසෙට එන මේ පීසා එකක චීස් රස මැද්දෙන් පදමට කැපෙන සැර ගතියනම් ඇත්තටම මාරයි. වැඩේ කියන්නෙ මෙච්චර රස පීසා එකක් රු. 1000කටත් අඩුයිනෙ. ඒක නෙවෙයි ආතර්ගෙ පීසා කඩේට යන ඔයාට කැමති නම් බියර් වීදුරුවක් නැත්නම් අරක්කු, විස්කි වීදුරුවක් තොල ගාන ගමන් වුනත් පීසා කෑල්ලක රස බලන්න පුළුවන්.

8. Peppers

මැජෙක්ටික් සිටි ෆුඩ් කෝට් එකේ තියෙන පෙපර්ස් පීසා කඩේ 'පොඩි බඩගින්නට සුපර්' පීසා කෑල්ලක් කන්න කියාපු තැනක්. ලොකු වෙනසක් නම් නෑ. පීසා හට් එකේ පීසා වගේ තමයි. මෙයාලගෙ ස්පයිසි චිකන්, තක්කාලි පීසා එක තමයි නැගලම යන්නෙ. ලොකු කෑල්ලක් රුපියල් තුන් හාරසීයට ගන්න පුළුවන් නිසා ගොඩ දෙනෙක් මෙතනට එන්නත් පුරුදු වෙලා ඉන්නව.

ඔන්න අපි දන්න ටික නම් කිව්වා. ඔයාල දන්න ඒවත් තියෙනව නම් කමෙන්ට් කරන්න. නැතත් අපි කියපු කඩයකින් පීසා එකක් රස බලල හොඳ නරක කියන්න නම් අමතක කරන්න එපා.

Share on facebook
Share on twitter
Share on whatsapp

Highlights.

Latest.

KAMU.

Iftar delights at The Banyan, Heritance Negombo

Iftar delights at The Banyan, Heritance Negombo Written by Fathima Rukaiya, Mad Dogs Bodega, Banyan

Highlights Kamu

Budget-friendly Iftar spots 2024

Written by Fathima Rukaiya, In our previous article, we highlighted some exquisite and upscale Iftar

Highlights Kamu

Iftar Buffet Round Up 2024

Written by Fathima Rukaiya As Ramadan arrives, a warm feeling of reflection and community fills

Highlights Kamu

Discovering Pasta Paradise: The Pasta Factory, Galle Fort

In the historic Galle Fort, The Pasta Factory brings a taste of Italy to Sri

Highlights Kamu

A Home for Desi Dreams – Bombay Nights by Radisson Colombo

As we stepped into the ‘Dine’ in Radisson Colombo, our senses were immediately tantalized by

Highlights Kamu

Steak Bar: A Grand Sunday Brunch at Kingsbury, Colombo

Written by Shamrina C Welcome to the ultimate brunch experience! Nestled in the heart of

Highlights Kamu Yamu Guide

Trending.

Experience the Elegance and Excitement of RTC Tourism Race Day in Nuwara Eliya

RTC Nuwara Eliya will hold its RTC Tourism Race Day on 30th March 2024 at

Trending

“85th Annual Mount Lavinia 2-Mile Sea Swim” by SLASU held at the Mount Lavinia Hotel Beach

The "85th Annual Mount Lavinia 2-Mile Sea Swim" organized by Sri Lanka Aquatic Sports Union

Trending

Sheraton Colombo Hotel celebrates International Women’s Day with empowering insights

Sheraton Colombo Hotel, part of Marriott Bonvoy’s portfolio of over 30 extraordinary brands, marked International

Trending

Anantara Kalutara Presents an Elevated Gastronomic Journey to Italy

Kalutara, Sri Lanka - March 14, 2024 - Anantara Kalutara Resort is delighted to announce

Trending

List of Party Venues 2024

By Fathima Rukaiya Finding the perfect place to host a party can be a hassle.

Highlights Trending

LCY Unveils Debut ‘LCY for Her’ Collection, Redefining Women’s Polo Wear with Strength, and Sophistication

Thursday, 14, March, 2024, Colombo: LCY, a brand synonymous with manufacturing high-quality men’s polos of

Trending

Yamu Guide.

Steak Bar: A Grand Sunday Brunch at Kingsbury, Colombo

Written by Shamrina C Welcome to the ultimate brunch experience! Nestled in the heart of

Highlights Kamu Yamu Guide

9 Special Valentine’s Day Gift Ideas for Him

By Fathima Rukaiya Are you trying to find the perfect way to show your special

Highlights Yamu Guide

9 Special Valentine’s Day Gift Ideas for Her

Written by Fathima Rukaiya The season of love is upon us once more, and opinions

Highlights Yamu Guide

Romantic Dinner and High Tea date spots for Valentine’s Day  2024

Written by Shamrina C 1. Via Torino Indulge in a fine dining exclusive 3-Course meal

Highlights Yamu Guide

BYOB Bliss: 16 Places to you can Bring Your Own Bottle!

Written by Shamrina C 1. Giovannis Indulge in Italian flavors, grooving music, pet friendly, and

Highlights Yamu Guide

Unveiling Ramada’s Festive Christmas High Tea Extravaganza!

Written by Shamrina C Mark your calendars for the 22nd, 23rd, and 24th of December,

Highlights Yamu Guide