වැල්ලවත්තේ ජීවත් වුණු නොබෙල් ත්‍යාගලාභී කවි නෙරූදාගේ කතාව.

1920 දශකයේ අග භාගයේ වැල්ලවත්තේ මුහුදුබඩ නිවසක රාජ්‍ය තාන්ත්‍රික විදේශිකයෙක් තනියම ජීවත් වුණා. මේ නිවසේ වැසිකිළිය තිබුණේ නිවසින් ටිකක් එහාට වෙන්න. එහි වැසිකිළි පෝච්චියක් වෙනුවට තිබුණේ මැද සිදුරක් සහිත ලී පෙට්ටියක්. ලී පෙට්ටියට යටින් වළක් වෙනුවට තිබුණේ යකඩ බාල්දියක්. ශරීර කෘත්‍යය කරන කෙනාගෙ මළ අපද්‍රව්‍ය වැටෙන්නෙ බාල්දියට. මේ බාල්දිය පිරුණම එතනින් එහාට වැසිකිළි යන්නෙ කොහොම ද කියල මේ විදේශිකයා කල්පනා කළා. කොහොම වුණත් හැම දා ම උදේට ඔහු වැසිකිළි යද්දි බාල්දිය හිස් වෙලා තිබුණා. තමන්ට නොපෙනෙන්න බාල්දිය හිස් වෙන්නෙ කොහොම ද කියල ඔහුට හිතාගන්න බැරි වුණා.

දවසක් වෙනදට වඩා පාන්දරින් අවදි වෙලා ඉද්දි ඔහු දකිනවා රතු සහ රන් පැහැ බාල සාරියක් ඇඳගත්, පාදවල පා සළඹ පැළඳගත් අඳුරු පැහැ තරුණියක් තමන්ගේ නිවසේ වැසිකිළිය පැත්තට යන ආකාරය. ඇගේ රූපශ්‍රීය දකින ඔහු විස්මයෙන් ඒ දිහා බලන් ඉන්නවා. ඇය වැසිකිළියෙන් පිටතට එන්නේ අර බාල්දිය අරන්. මේ දර්ශනයෙන් විදේශිකයා ගල් ගැහෙනවා. හැම දා ම උදේට තමන්ගේ මළ අපද්‍රව්‍ය අස් කරන්නෙ මේ කාන්තාව බව ඔහුට තේරෙන්නෙ එතකොට. ඇය විදේශිකයා එතැන ඉන්නා බව නොදැක්කා වගේ අපද්‍රව්‍ය බාල්දිය රැගෙන පිටත් ව යනවා.

වැසිකිළි අපද්‍රව්‍ය අස් කිරීම සිය රැකියාව කරගත් මේ කුලහීන දමිළ තරුණිය විදේශිකයාට පේන්නේ දෙවඟනක් වගේ. ඔහු වරින් වර විවිධ තෑගි දී ඇයට ලං වෙන්නට උත්සාහ කළත් ඇය ඒ සියල්ල ම නොදැක්කා සේ නොසලකා හරිනවා. දිනක් අතින් අල්ලා ඇයව නවත්වා ගන්න ඔහු ඇයව තම නිවස තුළට රැගෙන ගොස් ඇය සමග යහන්ගත වෙනවා. ඇය මේකට කිසි ම අනුබලයක් දෙන්නෙ නෑ. විරෝධයක් පාන්නෙත් නෑ. ඇය තමන්ට කිසිදු ප්‍රතිචාරයක් නොදැක්වූ බවත්, ඒ අත්දැකීම ප්‍රතිමාවක් සමග යහන්ගත වීමට සමාන වූ බවත්, ඉන්පසු කවදාවත් එය නැවත සිදු වුණේ නැති බවත්, ලංකාවේදී තමන් බොහෝ ගැහැනුන් ඇසුරු කළත් තමන් දුටු ලස්සන ම තරුණිය ඇය බවත් ඔහු සිය මතක පොතේ ලියා තබනවා.

මේ විදේශිකයා පැබ්ලෝ නෙරූදා.

1904 ජූලි 12 වැනිදා ‘රිකාදෝ එලීසර් නෙෆ්ටාලි රෙයස් බැසල්ටෝ’ගේ උපතින් මාස දෙකකට පසුව, ගුරුවරියක් වුණු ඔහුගේ මව මිය යනවා. මේ හිස්තැන තමයි රිකාදෝව මුලින් ම නිර්මාණකරණයට පොළඹවන්නේ. පියාගේ විරෝධය මැද අවුරුදු දහයේදී පමණ කවි ලියන්න පටන්ගත් ඔහු, පිළිගත් කවියෙක් බවට පත් වෙන්නේ අවුරුදු දහ තුනේදී. එක ම පියෙකුට සහ විවිධ මව්වරුන්ට දාව උපන් දරුවන් දහ තුන් දෙනෙකු අතර වැඩිමලා ඔහු. මේ පියා දුම්රිය සේවකයෙක්. උපතින් ලැබුණු නම රිකාදෝ වුණත් වයස අවුරුදු දහසයක් දහ අටක් පමණ වෙද්දි ඔහු පැබ්ලෝ නෙරූදා නමින් කාව්‍යකරණයේ යෙදෙන්න පටන්ගන්නේ ‘ජෑන් නෙරූදා’ නම් චෙකොස්ලෝවැකියානු කවියාට තිබුණු දැඩි කැමැත්ත නිසා සහ පියාගේ සාහිත්‍ය විරෝධය නිසා. 

ප්‍රංශ සාහිත්‍යය හදාරා උපාධිය සමත් වුණු නෙරූදා 1923 දී සිය ප්‍රථම කාව්‍ය සංග්‍රහය ප්‍රකාශයට පත් කළා. ඊට ලැබුණු ඉහළ පාඨක ප්‍රතිචාර සමග ඔහු ඊළඟ වසරේදිත් නැවත කාව්‍ය සංග්‍රහයක් පළ කළා. මේ පොත් දෙක ම විචාරක අවධානයට පාත්‍ර වුණා විතරක් නෙවෙයි, භාෂා ගණනාවකට පරිවර්තනය වුණා. වයස අවුරුදු විස්ස වන විට ජාත්‍යන්තර අවධානයට ලක් වුණු කවියෙක් වෙන්න පුළුවන් වුණත් නෙරූදා අතේ ඒ කාලේ ඒ තරම් මුදල් හදල් ගැවසුණේ නෑ.

ඔහු තානාපති සේවයට එක් වෙන්නේ ඒ අනුව. රාජ්‍ය තාන්ත්‍රිකයෙක් වශයෙන් ඔහුගේ පළමු පත් වීම ලැබුණේ බුරුමයට. ඉන් පසුව ලංකාව, ජාවා සහ සිංගප්පූරුව ඇතුළු රටවල කොන්සල්වරයා වශයෙන් ඔහු සේවය කළා. නෙරූදා ලංකාවේ චිලී කොන්සල්වරයා වෙලා හිටියේ 1929 – 30 කාලයේ. තෙවරක් විවාහ වුණු නෙරූදාට එක් දියණියක් සිටියා. ඒත් වැඩි කලක් අසනීපයෙන් සිටි ඇය නව හැවිරිදි වියේ දී මිය ගියා.

කවිකමටත් තානාපති සේවයටත් අමතරව නෙරූදා චිලී කොමියුනිස්ට් පක්ෂයේ සෙනෙට් සභිකයෙකු ව සිටියා. 1948 දී චිලී ජනාධිපති ගාබ්‍රියෙල් ගොන්සාලෙස් කොමියුනිස්ට් පක්ෂ තහනම් කර දැමීමත් සමග නෙරූදාව අත්අඩංගුවට ගන්නට වරෙන්තුවක් නිකුත් කෙරුණා. කවිය අවියක් කරගෙන පුරවැසියන්ගේ බුද්ධිය අවදි කරමින් හිටි නෙරූදා, ගොන්සාලෙස්ගේ රජයට ලොකු තර්ජනයක් වීමයි ඊට හේතුව. ඒ අනුව මාස ගණනක් තිස්සේ සිය මිතුරන්ගේ උදව්වෙන් සැඟවී සිටි නෙරූදා පසුව ආජන්ටිනාවට පලා ආවා. චිලී රටෙන් විප්‍රවාසී වීමත් එක්ක නෙරූදා නැවත 1950 ගණන්වල ලංකාවට එනවා. ලෝකයේ ලස්සන ම දූපත ලංකාව විය යුතු බව ඔහු සිය මතක සටහන්වල ලියනවා.

1950 දී ජාත්‍යන්තර සාම ත්‍යාගය සහ 1953 දී ලෙනින් සාම ත්‍යාගය නෙරූදාට පිරිනැමුණා. ‘චිලී ජාතික මහා කවියා’ යනුවෙන් අදත් ගෞරවයට පාත්‍ර වෙන ඔහු, 1971 දි නොබෙල් සාහිත්‍ය ත්‍යාගය දිනාගත්තා. ඒ විතරක් නෙවෙයි, විසි වැනි සියවසේ ලෝකයේ විශිෂ්ටතම කවියා නෙරූදා බව, වරක් කොලොම්බියානු ලේඛක ගාබ්‍රියෙල් ගාර්ෂියා මාකේස් පැවසුවා.

1973 දි සැල්වදෝර් අයියන්දේගේ සමාජවාදී රජය චිලී රටේ ප්‍රජාතාන්ත්‍රික ව බලයට පත් වුණා. ඒත් අයියන්දේව බලයෙන් පහ කරලා එරට හමුදාපති ඔගස්තෝ පිනෝචේ සැප්තැම්බර් මාසයේ දී බලය අත්පත් කරගත්තේ එරට හමුදා බුද්ධි අංශවල මැදිහත් වීමෙන් සිදු කෙරුණු කුමන්ත්‍රණයකින්. පිනෝචේ ඒකාධිපතියෙක්. මේ කුමන්ත්‍රණයෙන් පස්සේ අයියන්දේ වෙඩි තබාගෙන සිය දිවි නසාගත්තා. ඉන් දින කීපයකට පස්සේ, ඒ කියන්නේ සැප්තැම්බර් 23 වැනිදා අයියන්දේගේ මිතුරෙකු වුණු නෙරූදා මරණය වැළඳගත්තා.

නෙරූදා රෝහල්ගත කර තිබුණේ පිළිකාවක් නිසා. ඒත් වෛද්‍යවරයෙකු තමන්ට සැකසහිත යමක් එන්නත් කළ බවට සැක හිතුණු නිසා ඔහු රෝහලේ සිට නැවත නිවසට පැමිණ තිබෙනවා. ඒත් මරණය ඔහු සොයාගෙන එන එක නැවතුණේ නෑ. පිනෝචේගේ දේශපාලන ගමන කඩාකප්පල් කරන්නට නෙරූදාට තිබූ ජාත්‍යන්තර සබඳතා ප්‍රමාණවත් බව පිනෝචේ දැනගෙන හිටියා. මේ නිසයි නෙරූදා මිය ගියේ ස්වාභාවික හේතුවලින් ද නැත්තං විෂ ශරීරගත කිරීමකින් ද කියල ලෝකය ම සැක කළේ. මේ බව පරීක්ෂා කරන්න වසර 40කට පස්සේ 2013 දී නැවත මළ සිරුර ගොඩ ගෙන පරීක්ෂණවලට භාජනය කරලා තියෙනවා. ඒත් මරණයෙන් බොහෝ කාලයකට පසුව මේ පරීක්ෂණ සිදු කෙරුණු නිසා සාක්ෂි සොයාගැනීමේ අපහසුව මත තවමත් මේ සැකය නොවිසඳුණු අබිරහසක් විතරයි.

පිනෝචේ බලයට පත් වීමෙන් පස්සේ ඔහුට තර්ජනයක් විය හැකි සියල්ලන් මරා දැම්මා. ඔහු වාමාංශිකයන්, සමාජවාදීන්, දේශපාලන විචාරකයන් ඇතුළු පුරවැසියන් 3000ක් පමණ ඝාතනය කළා. තවත් විශාල පිරිසක් අතුරුදන් කළා. 80000ක් පමණ දේශපාලන සිරකරුවන් බවට පත් වී දරුණු හිංසනයන්ට ගොදුරු වුණා. ජනතාවගේ මුදල් සහ සියලු සම්පත් කොල්ල කෑ පිනෝචේ චිලී රටේ ආර්ථිකය, ජන ජීවිතය ඇතුළු සියල්ල විනාශ කළා.

ලංකාවේ සිටි කාලයේ නෙරූදා බොහොම හුදෙකලාවකින් පෙළුණු බව කියැවෙනවා. ඔහු ‘කිරියා’ නමින් මුගටියෙක් හුරතලේට ඇති කළා. ඒ වගේ ම ලංකාවේ නිවසේ ඔහුගේ සේවකයා වුණු ‘බ්‍රම්පි’ නම් තරුණයා ගැනත් ඔහුගේ ස්වයං චරිතාපදානයේ බොහොම ආදරයෙන් සටහන් කරලා තියනවා. නෙරූදා ලංකාවේ සිට ජාවා වෙත යන විට මේ දෙන්නාවත් එක්කගෙන ගියා. ලයනල් වෙන්ඩ්ට්, ඩී. එච්. ලෝරන්ස්, ජෝජ් කීට් වැන්නන් ඔහු අපේ රටේ දි ළඟින් ආශ්‍රය කරලා තියනවා. ලෙනාඩ් වුල්ෆ් එහෙමත් ලංකාවෙදි වරක් මුණගැසුණු බව ඔහු ලියා තියනවා.

2018 වසරේදී චිලී රටේ සන්තියාගෝ ගුවන් තොටුපළ පැබ්ලෝ නෙරූදා නමින් නම් කරන්නට සැරසෙන විට එරට ස්ත්‍රීවාදී සහ මානව හිමිකම් සංවිධාන ඊට දැඩි විරෝධයක් පළ කළා. ඒ ලංකාවෙදි ඔහු ස්ත්‍රියකගේ කැමැත්තෙන් තොර ව බලහත්කාරයෙන් ඇය සමග යහන්ගත වූ බවත්, එය ස්ත්‍රී දූෂණයක් නිසා එවැනි ගෞරවයක් පිදීමට ඔහු නුසුදුසු පුද්ගලයෙක් බවත් කියමින්. මේ සිදු වීම මහත් ආන්දෝලනයකට තුඩු දුන්නා. කොහොම වුණත් තමන් සහ ඒ තරුණිය අතර සිදු වීම ලෝකයට හෙළි කළේ නෙරූදාමයි. ඒ ඔහුගේ ‘මතක සටහන්’ (Memoirs) පොතෙන්.

මේ සටහන අවසන් කරන්නට මත්තෙන් නෙරූදා ලියූ ප්‍රකට කවියක් මෙතැන අමුණනවා. මේ කවි, ඔහුගේ සුවිසල් හදවත පිළිබිඹු කරන කැඩපතක් කිව්වොත් නිවැරදියි.

Tonight I can write the saddest lines.
Write, for example, “The night is starry
and the blue stars shiver in the distance.”
The night wind revolves in the sky and sings.
Tonight I can write the saddest lines.
I loved her, and sometimes she loved me too.
Through nights like this one I held her in my arms.
I kissed her again and again under the endless sky.
She loved me sometimes, and I loved her too.
How could one not have loved her great still eyes.
Tonight I can write the saddest lines.
To think that I do not have her. To feel that I have lost her.
To hear the immense night, still more immense without her.
And the verse falls to the soul like dew to the pasture.
What does it matter that my love could not keep her.
The night is starry and she is not with me.
This is all. In the distance someone is singing. In the distance.
My soul is not satisfied that it has lost her.
My sight tries to find her as though to bring her closer.
My heart looks for her, and she is not with me.
The same night whitening the same trees.
We, of that time, are no longer the same.
I no longer love her, that’s certain, but how I loved her.
My voice tried to find the wind to touch her hearing.
Another’s. She will be another’s. As she was before my kisses.
Her voice, her bright body. Her infinite eyes.
I no longer love her, that’s certain, but maybe I love her.
Love is so short, forgetting is so long.
Because through nights like this one I held her in my arms
my soul is not satisfied that it has lost her.
Though this be the last pain that she makes me suffer
and these are the last verses that I write for her.
Share on facebook
Share on twitter
Share on whatsapp

Highlights.

Latest.

KAMU.

Welcoming the Year of the Horse at Yue Chuan, The Kingsbury

Yue Chuan, the award-winning Chinese restaurant at The Kingsbury, Colombo, invites guests to usher in the

Highlights Kamu

Soho Hospitality Charts First Expansion into South Asia with Charcoal’s Colombo Debut

Bangkok-based international hospitality group selects Sri Lanka for its game- changing dining brand Charcoal Tandoor

Highlights Kamu

Brunch at ITC Ratnadipa – Review

By Ranugi Thihansa If you’re looking for a Sunday brunch that brings together incredible food,

Highlights Kamu Yamu Guide

Harpo’s Pizza and Pasta: Review

We dropped by Harpo’s Pizza and Pasta the other day, and it turns out it’s

Highlights Kamu

The Fort Café by Tasty Caterers – Review

By Linara Wimalaweera The Fort Café by Tasty Caterers offers a refreshing escape from the

Highlights Kamu Yamu Guide

Nihonbashi by Dharshan – Review

Written by Linara Wimalaweera When it comes to Japanese fine dining in Colombo, few names

Highlights Kamu

Trending.

What is the DINIDU Lanka Pendant & Is It Sri Lanka’s Most Recognisable Modern Jewellery Icon?

Few gold pendants crafted in Sri Lanka carry the weight of identity quite like the DINIDU Lanka Pendant. Shaped after

Highlights Trending

Radisson Hotel Kandy Welcomes Global Travel Influencers to Showcase Sri Lanka’s Hill Capital and Island Experiences

Radisson Hotel Kandy recently welcomed a group of eight global travel and lifestyle influencers as

Highlights Trending

A Taste of the Swiss Alps comes to Colombo

High in the Swiss Alps, where mountain landscapes shape both life and cuisine, Chef Heinz

Highlights Trending

Sheraton Colombo Unveils a New Chapter for Ceylon Bake Shop with a Fresh Home in the Hotel Lobby

Sheraton Colombo Hotel is delighted to announce the relocation of its beloved Ceylon Bake Shop

Highlights Trending

ITC Ratnadipa Introduces Rūhāniyat, an Indian Heritage Dining Experience, Available Until 16 August

ITC Ratnadipa introduces Rūhāniyat, an Indian heritage dining experience that invites diners to discover the

Highlights Trending

Anantara Peace Haven Tangalle Resort Introduces Panoramic Ocean View Rooms, Elevating Luxury on Sri Lanka’s Southern Coast

Set along Sri Lanka’s southern shores, Anantara Peace Haven Tangalle Resort announces the introduction of

Highlights Trending

Yamu Guide.

Shangri-La Colombo Unveils a New Chapter at Tiki Bar

As the sun dips into the Indian Ocean and the city begins to exhale, Tiki

Trending Yamu Guide

DINIDU: Colombo’s Premier Destination for Wedding Anniversary Gifts

Every wedding anniversary is a chapter of a love story that continues to evolve. These

Highlights Yamu Guide

Yazu Set to Make Sri Lankan Debut at Radisson Blu Resort Galle in 2026

Radisson Blu Resort Galle is set to unveil its newest culinary venture in March 2026 with the opening of Yazu by

Highlights Trending Yamu Guide

A Ramadan Feast Awaits at ITC Ratnadipa – Available Till March 19

This Ramadan, ITC Ratnadipa invites guests to celebrate the holy month with ‘A Feast for

Highlights Yamu Guide

Here are the must visit Iftar spots for 2026

Ramadan 2026 brings with it a beautiful season of reflection, gratitude, and shared meals. Across

Highlights Trending Yamu Guide