ගූගල්, ඇපල්, ඇමසන් ටෙක් ලොක්කන්ට පෑගෙන සෝෂල් මීඩියා‍ පොඩ්ඩා.

පහුගිය  අවුරුදු 5-10 ඇතුළට ෆේස්බුක්, ට්විටර් වගේ සමාජ ජාලා ලෝකෙ පුරා පැතිරුණු විදියට, මේ වෙද්දි මේවා ලෝකෙ බලවත් ම ආයතන බවට පත්වෙලා. අපි වගේ පොඩි පොඩි රටවල් නෙවෙයි, කෙළින් ම ඇමරිකාවේ ජනාධිපතිත් එක්ක ගේම ඉල්ලන මට්ටමට පහුගිය සතිය වෙද්දි මේ සමාජ ජාල බලවත් වෙලා තිබුණා. මේ වෙද්දි ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගෙ ට්ව්ටර් ගිණුම සම්පූර්ණයෙන් ම අයින්කරලා. ෆේස්බුක්, ඉන්ස්ටග්‍රෑම්, ස්නැප්චැට් වගේ ගොඩක් ප්ලැට්ෆෝම්වල තිබුණු ට‍්‍රම්ප්ගේ නිල ප්‍රොෆයිල් ඔක්කොම වගේ  ට්‍රම්ප් ජනාධිපතිධුරය අතෑරලා ගෙදර යන්න නියමිත ජනවාරි 20 වෙනිදා දක්වා (හෝ සමහර විට ඊට පස්සෙත්) කිසි දෙයක් පෝස්ට් කරන්න බැරිවෙන්න බ්ලොක් කරලා තියෙන්නෙ. 

‍ට්විටර්, ෆේස්බුක්වලින් ට්‍රම්ප් දොට්ට

ට්විටර්, ෆේස්බුක් වගේ ටෙක් ලොක්කන්ට අනුව මේ තහනමට හේතුවෙලා තියෙන්නෙ පහුගිය සතියේ ට්‍රම්ප්ගේ ආධාරකාරයො පිරිසක් ඇමරිකන් කොංග්‍රස් මණ්ඩලය රැස්වෙන කැපිටල් බිල්ඩිමට බලෙන් කඩාපැනලා ප්‍රචණ්ඩ විදියට හැසිරුණු එක. ට්‍රම්ප් සෝෂල් මීඩියා හරහා කරන ප්‍රකාශවලින් මේ ප්‍රචණ්ඩක්‍රියාවලට අනුබල දුන්නා කියන චෝදනාව උඩ තමයි මේ විදියට ට්‍රම්ප් ව බෑන් කරලා තියෙන්නෙ.

කතාකිරීමේ නිදහස වෙනුවෙන්…

හැබැයි නිදහස කියන සංකල්පය උඩ ගොඩනැගුණු රටක් වුණු ඇමරිකාවේ මේ විදියට අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස සීමාකිරීම බලපතල තත්ත්වයක් හැටියට දකින විශාල පිරිසක් ඉන්නවා.

ට්‍රම්ප් සම්බන්ධ ව විතරක් නෙවෙයි, වෙන ගොඩක් දේවල් සම්බන්ධ ව ෆේස්බුක් ට්විටර් වගේ සමාජජාලවල සිද්ධවුූණ වාරණයන්ට විරුද්ධ ව හඬක් දැන් ටික කාලෙක ඉඳන් ඇමරිකන් සමාජයේ නැගෙමින් තියෙනවා.‍ මේකේ ප්‍රතිඵලයක් විදියට තමයි පාලර් කියන විකල්ප සෝෂල් මීඩියා ප්ලැට්‍ෆෝම් එක හැදෙන්නෙ. වාරණයකින් තොරව අදහස් ප්‍රකාශ කරන්න ඉඩදෙන පොරොන්දුව උඩ මෑතක දි පටන්ගත්ත එකම ප්ලැට්ෆෝම් එක පාලර් ‍නොවුණත් පාලර් තමයි පහුගිය කාලෙ ඇමරිකාවේ වේගෙන් ම ජනප්‍රිය වුණු ෆ්ලැට්ෆෝම් එක. මේ ජනප්‍රියත්වය නිසා පහුගිය සතිය වගේ වෙද්දි ඇපල් ඇප් ස්ටෝර් එකේ නොමිලේ දෙන අංක එකේ ඇප් එක බවට පත්වෙන්නත් පාලර් ඇප් එකට පුළුවන් වෙලා තිබුණා. අර ප්‍රධාන ධාරාවේ සමාජජාලවලට තරගයක් දෙන්න පුුළුවන් මට්ටමකට මේ ඇප් එක පත්වෙමින් තිබුණා, විශේෂයෙන් ට්‍රම්ප්ට සපෝට් කරන රිපබ්ලිකන් පාක්ෂිකයන් අතර.

හැබැයි පැය 24ක් වගේ කාලයක් ඇතුළත මේ හැම දේ ම වෙනස් වුණා. ට්‍රම්ප්ගේ සෝෂල් මීඩියා ටික බෑන් කරලා පැය ගාණක් ඇතුළත ගූගල් ඇන්ඩ්‍රොයිඩ් ප්ලේ ස්ටෝර් සහ ඇපල් ස්ටොර් එකෙන් පාරල් ඇප් එකත් අයින් කරනවා. සාමාන්‍යයෙන් ඇප් ස්ටෝර් එකෙන් ඇප් එකත් අයින් කළත් ඒ වෙනකොට ඇප් එක දාගෙන ඉන්න අයට ඒක පාවිච්චි කරන්න පුළුවන් නෙ. ඒත් මේ ඉරිදා වෙද්දිත් ඒකත් ඉවරවෙන්නෙ පාරල් ආයතනය තමන්ගේ වෙබ් සර්වර් එක හැටියට පාවිච්චි කරපු ඇමසන් වෙබ් සර්වර් සමාගමත් පැය 24ක් ඇතුළත දොට්ට බහින්න කියලා පාලර් සමාගමට කීමත් එක්ක. ඒ අනුව මේ වෙනකොට පාලර් ඇප් එක හෝ වෙබ්සයිට් එක  වැඩකරන්නෙ නෑ.

මේ විදියට හදිසියේ ඇමසන් සර්වර්වලින් එළියට වැටුණට පස්සෙ ආයෙ අලුතින් ම සර්වර් එකක් හොයාගෙන යථා තත්ත්වයට පත්වෙන්න සතියක්වත් යයි කියලයි  පාලර් ප්‍රධාන විධායක නිලධාරි ජෝන් මට්සෙ කියන්නෙ. හැබැයි මට්සේ ෆොක්ස් නිවුස්වලට කියල තිබුණු විදියට දැන් ප්‍රශ්නෙ තියෙන්නෙ කිසිම ආයතනයක් පාලර් සමාගම තමන්ගේ සර්වර් එකට වැද්දගන්න අකැමති වීම. “ඇපලුයි ගූගලුයි දෙන්නම ඔයගොල්ලොත් එක්ක වැඩකරන්නෙ නැති නම් අපි වැඩකරන්නෙත් නෑ,” කියන උත්තරේ තමයි මේ දක්වා හැම සමාගමකින් ම මට්සෙ ට ලැබිලා තියෙන්නෙ. 

ට්විටර් සමාගමත් එක්ක ඇමසන් වෙබ් සර්වර් ආයතනයට තියෙන ව්‍යාපාරික සම්බන්ධතා නිසා, ට්විටර්ට තර්ජනයක් වුණු  පාලර් සේවාව කඩාකප්පල්කරන්න ඇමසන් ආයතනය කටයුතු කළා කියන චෝදනාව උඩ මේ වෙනකොට පාලර් ආයතනය ඇමසන්ට එහෙරහි ව නඩුවකුත් ගොනුකරලයි තියෙන්නෙ. 
 

මේ සියවසේ සටන්බිම සයිබර් අවකාශයද?

අප‍‍ි ගොඩදෙනකුට ලොකුවට තේරුණේ නැති වුණාට පහුගිය අවුරුදු 5-10 ඇතුළත ලෝකේ ලොකු වෙනස්කම් ඇතිවෙලා තියෙනවා. අවුරුදු දහයකට කලින් අපි නිකමට වගේ එකවුන්ට් එකක් හදලා ෆොටෝ දෙකතුනක් දාලා ආයෙ මාස ගාණකින් ඒ පැත්ත පලාතෙවත් යන්නෙ නැතුව තිබුණු ‍ෆේස්බුක් වගේ සමාජ මාධ්‍ය අද අපේ පුද්ගලික ජීවිත විතරක් නෙවෙයි, ලෝකේ බලවත් දේශපාලන නායකයන්ටත් වඩා බලයක් තියෙන ආයතන බවට පත්වෙලා. තමන්ගෙ අයිතීන් වෙනුවෙන් හෝ තමන්ට සිද්ධ වුණු අසාධාරණ වෙනුවෙන් ආණ්ඩුවලට විරුද්ධ ව කැරළිගහපු, ව්‍යවස්ථා නීතිරීති වෙනස් කරන්න ආණ්ඩුවලට විරුද්ධ ව සටන්කරපු කාලෙ ඉවරවෙලා; දැන් ඒ සටන කරන්න වෙලා තියෙන්නෙ ඡන්දෙන් පත්වුණු ජනතා පරමාධිපත්‍යයට (අඩු තරමේ පොතේ හැටියටවත්) යටත් ආණ්ඩුවලට විරුද්ධ ව නෙවෙයි. ඒ කිසි දේකට යටත් නැති සමාගම් කීපයකට විරුද්ධ ව. ඉතිහාසය පුරා සටන්, කැරළි, විප්ලව ගැන කියවල තියෙන අපට මේ අලුත් විප්ලවය සමහර විට ඊළඟ අවුරුදු කීප ඇතුළත අපේ ඇස් ඉස්සරහ ම බලාගන්න පුළුවන් වේවි. 

Share on facebook
Share on twitter
Share on whatsapp

Highlights.

Latest.

KAMU.

Brunch at ITC Ratnadipa – Review

By Ranugi Thihansa If you’re looking for a Sunday brunch that brings together incredible food,

Highlights Kamu Yamu Guide

Harpo’s Pizza and Pasta: Review

We dropped by Harpo’s Pizza and Pasta the other day, and it turns out it’s

Highlights Kamu

The Fort Café by Tasty Caterers – Review

By Linara Wimalaweera The Fort Café by Tasty Caterers offers a refreshing escape from the

Highlights Kamu Yamu Guide

Nihonbashi by Dharshan – Review

Written by Linara Wimalaweera When it comes to Japanese fine dining in Colombo, few names

Highlights Kamu

Yoroko at Cinnamon Life: An Unforgettable Sky-High Japanese Experience

Our visit to Yoroko was one for the books — and your bucket list. It’s

Highlights Kamu

The Chinwag- Review

By Sharon Nonis Chinwag has always been a crowd favorite, and now with their new

Highlights Kamu

Trending.

ITC Ratnadipa Presents ‘An Italian Affair’ in Partnership with the Italian Embassy, Sri Lanka

ITC Ratnadipa, Colombo in collaboration with the Embassy of Italy in Sri Lanka will host

Trending

Browns Hotels & Resorts Unwraps the Festive Season with Joyful Cake Mixing Celebrations

Browns Hotels & Resorts officially unwrapped the festive story for 2025 with grand cake mixing

Trending

The Best Cities for Food in the World — Readers’ Choice Awards 2025

By Fathima Rukaiya, As travel and dining experiences evolve, food-savvy travelers are looking beyond just

Trending Yamu Guide

ITC Ratnadipa Celebrates the Spirit of the Season with its 2nd Annual Cake Mixing Ceremony

ITC Ratnadipa, the jewel in Colombo’s skyline, heralded the start of the festive season with

Trending

The Kingsbury, Colombo, Crowned Sri Lanka’s Leading Hotel 2025 at World Travel Awards

The Kingsbury, Colombo, is honoured to have been awarded Sri Lanka’s Leading Hotel 2025 at

Trending

8 Thai Restaurants to try in Sri Lanka

You can ask around – but it’s rare to find someone who doesn’t love Thai

Highlights Trending Yamu Guide

Yamu Guide.

Sip, Slurp and Savour : 9 Ramen Spots to try in Colombo

If you’re food curious and always looking for your next Instagram-worthy bite, this ramen route

Highlights Yamu Guide

Brunch at ITC Ratnadipa – Review

By Ranugi Thihansa If you’re looking for a Sunday brunch that brings together incredible food,

Highlights Kamu Yamu Guide

Top Affordable Countries in Asia : Budget Destinations 

Sitting at your office desk wishing you’d have a little getaway for yourself - but

Highlights Yamu Guide

Baked with Love – Meet 9 of Sri Lanka’s sweetest home bakers

There’s something undeniably magical about home-bakes that café and bakery chains just cannot get right.

Highlights Yamu Guide

The Best Cities for Food in the World — Readers’ Choice Awards 2025

By Fathima Rukaiya, As travel and dining experiences evolve, food-savvy travelers are looking beyond just

Trending Yamu Guide

The Fort Café by Tasty Caterers – Review

By Linara Wimalaweera The Fort Café by Tasty Caterers offers a refreshing escape from the

Highlights Kamu Yamu Guide